උමතු වූ හැඟුමන්

“මොකක්ද කේසර බිස්නස් වල තියන ප්‍රශ්නෙ?…………………”

“ඔයාට තේරෙන්නෙ නෑ ශනූ මේ බිස්නස් ෆීල්ඩ් එක ගැන……………….”

“ඔව් ඉතින් හැම දෙයක්ම තේරෙන්නෙ මෙයාටනෙ……………….”

අමනාපයෙන් වගේ මං එහෙම කියලා පොරෝනය පපුව දක්වාම පොරවාගෙන අහක බලා ගත්තා. කේසර මං ඉන්න පැත්තට හැරිලා මගෙ මුහුණ දිහා බැලුවා.

“දැන් ඒ පාර තමුසෙ ඒකටත් මූණ එල්ල ගත්තද?ශනූ මෙහෙ බලනවා………………..”😠

කේසර මගෙ කට දෙපැත්තෙන් අල්ලලා මගෙ මුහුණ බලෙන්ම එයාගෙ පැත්තට හරව ගත්තා.

“ඇයි මොකද?………………….”😠

“මොකද තමුසෙට මේ තරහ ගිහින්?…………………”

“තරහ ගියෙ නෑ.තරහ ආවා.ඔයා දුකින් ප්‍රශ්නෙකින් ඉන්නැද්දී මං ඒක දැනගත්තම මොකද වෙන්නෙ?මටත් පුලුවන්නෙ ඔයාගෙ ප්‍රශ්නෙ විසඳගන්න මොකක් හරි උදව්වක් කරන්න………………..”

“බිස්නස් වල ප්‍රශ්න ඔයාට තේරෙන්නෙ නෑ බබා.මගෙ ඔලුව ටිකක් අවුල් වෙලා කේන්තියෙන් හිටියා තමයි.අනික මේ ප්‍රශ්නෙ එච්චර ලොකුවට හිතන්න ඕන්නෑ.කන්ට්‍රැක් එකක් මිස් වුනා කියලා මගෙ බිස්නස් කඩන් වැටෙන්නෙ නෑනෙ.ඒක එච්චර හිතන්න දෙයක් නෙවෙයි.අනිද්දාට කිංග්ස්බරි එකෙයි ගලධාරි එකෙයි මීටින්ස් දෙකක් තියනවා පිටරට කට්ටියක් එක්ක.ඒකෙන් අපේ බිස්නස් වලට ලොකූ ලාබයක් එනවා…………………”

“එහෙනම් හිනා වෙලා ඉන්න දුක් වෙන්න එපා.මට හිතුනෙ ගොඩාක් ලොකු ප්‍රශ්නයක් කියලා………………..”

කේසර මගෙ ඔලුව ගාවින් අත තියාගෙන මගෙ කොණ්ඩෙ අවුල් කරන්න පටන් ගත්තා.මං තව ටිකක් එයා ලඟට ලං වෙලා ඒ බඩ උඩින් කකුලක් දාගෙන ඇඟිලි තුඩු වලින් පපුව පිරි මැද්දා.

“මොකෝ මේ අද මදි වෙලා වගේද?……………….”

“අනේ නෑ හොඳටම ඇති.ඔයා අද ගොඩාක් රිද්දුවා කේසර.වෙනදා වගේ නෙවෙයි.මං හිතුවා ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් ඇති කියලා…………………”

“එනවා ඇඟ හෝදගෙන නිදා ගම්මු………………..”


මේ දින කිහිපයේම කේසරගේ නිවස අසළ කිහිප විටක්ම සැරි සැරූ ඩගී සහ ඔහුගේ මිත්‍රයා වූ රෙජී ශනායා පිළිඹඳව විමසිල්ලෙන් සිටියා.ඔවුන් කිහිප විටක්ම ශනායා නිවසේ උඩු මහලේ බැල්කනියේ සිටිනවා දුටුවා.

“අනේ මන්දා රෙජී මේ වැඩේ කරලත් බෑ නොකරත් බෑ.ජයරත්න එකෙන් උඹටයි මටයි පෙට්ටි දෙකක් ගෙදරට ගෙනත් තියාගෙන තමයි මේ වැඩේ කරන්න ඕනි.බැරි වෙලාවත් අපේ කරුමෙට මේක කේසරයා දැන ගත්තොත් එහෙම අපේ පව්ල් පිටින් මරලා දායි………………”

“ඒ කතාව නම් සහතික ඇත්ත බන්.ඒත් මොනවා කරන්නද අපිත් කර මුලටම හිර වෙලානෙ ඉන්නෙ.අපේත් දරු පව්ල් ඉන්නවා.අපි එල්ලුම් ගස් ගියොත් උන් අනාථයි.මිෂෙල් මැඩම් අපේ පරණ කේස් ගැන මතක් කර කරා අපෙන් වැඩ ගන්නවා………………”

“කේසරගෙ ගෑණිව උස්සලා ඊට පස්සෙ මොනවා කරන්න කියයිද දන්නෑ. කොහොමත් අපිට මේ වැඩේ කරන්නම වෙනවා……………….”

කේසරගේ නිවස අසලින් බයික් රථයෙන් ගමන් ගත් ඩගී සහ රෙජී ඒ ගියේ මිෂෙල් හමුවීමටය.ඔවුන් සූදානම්ව සිටිනේ ශනායව හෙට රාත්‍රියේ පැහැර ගැනීමටය.දහවල් කාලයේදී ඇයව පැහැර ගැනීම අසීරු කාර්යකි.ඒ පාරේ නිතරම එහාට මෙහාට වාහන යන බැවිනි.කේසරට රාත්‍රී අටයි තිහට පමණ ශ්‍රැන්ග්‍රිලා හෝටලයේ පාර්ටියක් ඇත.එම නිසා ඔහු නිවසට පැමිනෙද්දී අඩුම තරමේ රාත්‍රී එකොලහ පමණ වේ.ඊට කලින් ශනායාව කෙසේ හෝ ගේට්ටුව අසළට ගෙන්වා ගත යුතුය.

“මැඩම් අපි ආවා……………….”

ඩගී සහ රෙජී මිෂෙල් අසලට ගියා.ඒ වන විට ඇය සිටියේ කූල් ඩ්‍රින්ක් එකක් රස විඳිමින් ය.

“වැඩේ හරියට දෙන්න ඕනි.තේරුනාද? හෙට උදෙන්ම මං ගාල්ලෙ යනවා.ආයෙ එන්නෙ රෑ වෙලා.ඒ හින්දා මං කියපු විදියටම තමුසෙලා වැඩේ කරනවා. රෙජීගෙ වෑන් එකේ ඒකිව දාගෙන මගට ඇවිත් අනික් වෑන් එකට මාරු කරනවා.ජා ඇල මගේ ගෙදෙට්ට ඒකිව අරන් ගිහිල්ලා මට කෝල් එකක් දෙනවා……………….”

“හරි මැඩම්.අපි ගානට තිතට වැඩේ දෙන්නම්……………….”

“හරි.මෙතන පනස්දාහක් තියනවා.වැඩේ වුනාට පස්සෙ ඉතුරු ගාන දෙන්නම්……………….”

සල්ලි මිටියක් ඇය ඩගීගේ අතට දුන්නාය.ඒ සල්ලිත් රැගෙන ඩගී සහ රෙජී ගේට්ටුවෙන් පිටතට පැමිණ වෑන් රියට ගොඩ වුනා.

“අරුන් කට්ටිය මොකද බන් කියන්නෙ මේ වැඩේට?…………………”

“උන් කියන්නෙත් අපි කියන ඒවාම තමයි බන්.කෝටියක් දෙනවා කිව්වත් මට නම් කේසරයගෙ ගෑණිව උස්සන්න හිතෙන්නෑ බන්.කේසරයා මොන වගේ කෙනෙක්ද කියලා අපි හොඳටම දන්නවනෙ………………….”

“ඔන්න ඔහේ මේ වැඩේ කරලා දාමු බන්.අපිට ඔක්කොටම වඩා අපේ දරු පව්ල් වටිනවනෙ.උඹ දැන් කොහෙද යන්නෙ?අපේ පොට් එකටද නැත්නම් ගෙදරටද?…………………”

විකී ඩගීගෙන් එලෙස විමසා වෑන් රිය ඉදිරියට පැදෙව්වා.

“හොස්පිටල් එකට යන්න ඕනි බන්. ගෑණි ක්ලිනික් එකේ ඉන්නෙ.ඒකිවත් අරන් ගෙදරට යනවා…………………”


“කේසර නැගිටින්නෙ නැද්ද අනේ.ඔයාට පරක්කු වෙයි මීටින් එකට යන්න. නැගිටිනවා මනුස්සයෝ………………….”

කොච්චර කතා කරත් මේ මනුස්සයා නැගිටින්නෙ නෑ.නවයට මීටින් එක තියෙන්නෙ.දැන් හතයි වෙලාව.යකෝ අදවත් නැගිටපන් ටිකක් වේලාසනින්. පස්සට එලිය වැටෙනකල් නිදි පුත්තලම් බූරුවා වගේ.😁😊කල්පනා
කරලා බලලා මං කේසරගෙ මූණට අයිස් වතුර ටිකක් දැම්මා.එතකොට නම් නපුරා කලබලෙන් වගේ නැගිටලා යකෙක් වගේ මං දිහා මං දිහා බැලුවා.

“කන ඇහුනෙ නැද්ද කේසර?බලන්න දැන් හතත් පහු වෙලා.මීටින් එක තියෙන්නෙ නවයට නේද?……………..”😡

“නපුරු ගෑණි.හිටපිය තොට මං………………..”

මගෙ පස්සෙන් පන්නගෙන ඇවිත් කේසර මාව බදාගෙන මූණ අල්ලලා තද කරගෙන මගෙ කට හැපුවා.නපුරා උදේ පාන්දරම මාව අවුස්සගන්න තමයි මේ හදන්නෙ.බොහොම අමාරුවෙන් ටවල් එක දීලා බාතෲම් එකට යවලා කිරි එකක් හදාගෙන සැන්වීච් එක්ක කාමරේට අරන් ආවා.මං එද්දී කේසර ලෑස්ති වෙනවා.

“මොනවද බලන්නෙ?………………..”

“ලස්සන බැලුවෙ.මගෙ හබියා ලස්සනයිනෙ හරියට කුමාරයෙක් වගේ…………………”

කේසරගෙ කම්මුල මිරිකලා මං එහෙම කිව්වා.මහෙ නහයට තට්ටුවක් දාලා කිරි වීදුරුව අතට අරන් ඒකෙ බාගයක් බීලා ඒක මගෙ අතට දුන්නා.

“මට ඇති.මේ ටික තමුසෙ බොනවා………………..”

“මේ සැන්වීච් ටිකවත් කන්න කේසර. බඩගින්නෙ යන්න එපා………………..”

ඉතුරු කිරි බාගෙ මං බීලා ඉවර වෙද්දී කේසර සැන්වීච් ටික කාලත් ඉවරයි.

“තව ටිකක් අරන් එන්නද කේසර?……………….”

“එපා.මේ ඇති.මං එන්න අද ගොඩාක් රෑ වෙයි.පරිස්සමින් ඉන්නවා.මොනවා හරි ඕනි වුනොත් ගුණපාල අංකල් එක්ක වාහනේ ගිහිල්ලා ගන්නවා. තනියම යන්න එපා.කාලා බීලා රෑට නිදා ගන්නවා………………….”

“මං ඔයා එනකල් ඇහැරිලා ඉන්නම් කේසර…………………..”

“ඇයි මං නැතුව නින්ද යන්නැද්ද?………………..”

මං නෑ කියලා ඔලුව වැනුවා.එයා හිනා වෙලා මගෙ නලල සිප ගත්තා.

“පිස්සු කෙල්ල මං එද්දී දහයත් පහු වෙයි.නිදා ගන්නවා.මං ගිහින් එන්නම්…………………”

කේසර ගියාට පස්සෙ දැනුනෙ පුදුම පාලුවක්.වැඩිය බඩගින්නක් නොදැනුන
නිසා මං සැන්වීච් පාන් පෙති දෙක තුනක් කාලා කාමරේට ඇවිත් නෙට් එක අකුලලා ඇඳ හරි ගස්සලා කාමරේ අස් කරලා දැම්මා.තාම උදේ අටයි විස්ස වුනාට පරිසරය තාම මදක් සීතලයි. උදෙන්ම මහන්සි වෙලා කාමරේ අස් කරපු නිසාද මන්දා මගෙ ඇඟට දැනුනේ මහන්සියක්.ඇඟට පන නැතිවීගෙන කලන්තෙට වගේ ආවා.මං ඇඳ වියලත් අල්ලගෙම එහෙම්මම බිමට පාත් වුනා.ස්ටූල් එක උඩ තිබුනු වතුර වීදුරුවෙන් ටිකක් මූණට හලා ගත්තා.බඩ නිකන් පෙරලනවා පෙරලනවා වගේ දැනුනා.සීතලත් එක්කම එක්වරම බඩ කලතගෙන ඔක්කාරෙට වගේ ආවා.මං කට අල්ලගෙන බාතෲම් එකට දුවලා ගියා. කාපුවා සේරන වමනෙ ගියා.මුලු ඇඟම පන නෑ වගේ අත පය වෙව්ලනවා.කට සෙවලයි වගේ.පුදුම අප්පිරියාවක් දැනුනෙ.මුහුණ කට හෝදගෙන මං කාමරේට ඇවිත් ඇඳේ ටිකක් හාන්සි වුනා.

“ශනූ බේබී………………..”

“එන්න අයිරා ඇන්ටී………………..”

දොර ඇරගෙන අයිරා ඇන්ටි කාමරේට ආවා.

“අනේ ඇයි බේබි මේ අසනීපෙන් වගේ. මුහුණත් නිකන් සුදු මැලි වෙලා ගිහිල්ලා.මේ දැන් ටිකකට කලිනුත් බේබි හොඳට හිටියනෙ………………….”

“හරි අමාරුයි ඇන්ටි.කාපුවා සේරම වමනෙ ගියා.කටත් නිකන් සෙවලයි වගේ.අප්පිරියාවෙ බෑ අප්පා.මොකක් වුනාද මන්දා එකපාරටම………………….”

එහෙම කියලා මං නැගිටලා ඇඳ වියලට හේත්තු වෙලා වාඩි වුනා.අයිරා ඇන්ටි හිනා වෙවීම මගෙ ඔලුව අත ගෑවා.

“දෙයියන්ගෙ පිහිටෙන් සුබ ආරංචියක් වගේ මයෙ හිතේ…………………..”

“ඒ කිව්වෙ ඇන්ටි?………………….”

“අනේ බේබි මං කිව්වෙ බේබි අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා. රත්නත්තරේ පිහිටයි බේබිට.නැගිටලා ලෑස්ති වෙන්න.අපි ඉස්පිරිතාලෙට ගිහිල්ලා බලමු……………….”

එහෙම කියලා අයිරා ඇන්ටි කාමරෙන් ගියා.මගේ හිත පුරාම ඇති වුනේ උතුරා ගලා යන තරම් වූ ලොකූ සතුටක්.මං අත් දෙකම කුස මත තබා ගත්තා.අපේ බලාපොරොත්තුව ඉක්මනටම අපි ගාවට ඇවිත්.කේසර මේක දැන ගත්තම ගොඩාක් සන්තෝශ වෙයි. දවල් වෙලා කෝල් එකක් දෙන්න ඕනි. නෑ එක්කො ඕන්නෑ.එයා ගෙදර ආවමම කියනවා.මගෙ දුෂ්ඨ නපුරු කුමාරයා දැන් තාත්තියෙක් වෙන්නනෙ යන්නෙ.

අයිරා ඇන්ටියි මමයි හොස්පිටල් එකට ගිහින් ගෙදර ආවා.මට මගදි ක්ෂණික ආසාවක් ඇති වුනා චොක්ලට් දාපු වැනිලායි අයිස්ක්‍රීම් කන්න.කඩෙන් අයිස්ක්‍රීම් කප් දෙකකුත් අරන් ගෙදර ආවා.

“බේබි කාමරේට ගිහින් විවේක ගන්න. මං කන්න මොනවා හරි හදාගෙන එන්නම්කො…………………..”

“ටිකක සැරට ලුණු මිරිසක් හදලා දෙන්නකො ඇන්ටි…………………”

“හ්ම්ම්.හා බේබි.මං හදාගෙන එන්නම්කො…………………”

අම්මටයි දේවිකා ඇන්ටිටයි අප්පච්චිටයි හෙට කියනවා මේ ගැන. ඔක්කොටම කලින් කේසරට කියලා ඉන්න එපැයි ඉතින්.එයා එද්දී ගොඩාක් රෑ වෙයි.ඒ ආවත් ඉතින් බිලා වෙරිමර ගාතෙනෙ එන්නෙ.ඒ වෙලාවට කියලා බෑ.හෙට උදේට තමයි කියන්න වෙන්නෙ.

දවල් වෙලා නාලා සැහැල්ලු ගව්මක් ඇඳගෙන අයිරා ඇන්ටි හදලා දීපු පැණි රොටි කෑවා.ඒක නම් හරිම රසයි.රොටී දෙකක්ම කාලා මං බැල්කනියට වෙලා පොතක් කියව කියව හිටියා.

රෑ හතට විතර මගෙ ෆොඉන් එකට කෝල් එකක් ආවා.නම්බර් එක නම් මං අඳුරන්නෙ නෑ.ඒත් ආන්සර් කරලා බැලුවා.

“හෙලෝ කව්ද මේ?…………………”📲

“හෙලෝ මේ මිසිස් ශනායා ගජධීර නේද?………………….”📲

“ඔ…..ඔව්.ඔයා කව්ද?……………………”📲

“මං කේසර සර්ගෙ ඔෆිස් එකේ වැඩ කරන කාවින්ද.සර් ශ්‍රැන්ග්‍රිලා එකේ පාර්ටියක ඉන්නෙ කියලා මං දැන් දන්නෙ.සර්ට දෙන්න වැදගත් ෆයිල් එකක් තියනවා.මං ඒක මිස්ට දෙන්නම්.මිස් සර් ආවම දෙන්න පුලුවන්ද?…………………..”📲

“ආ හරි මිස්ටර් කාවින්ද.මං දෙන්නම්………………….”📲

“ආ හරි මැඩම්.එහෙනම් ගේට් එක ගාවට එන්න පුලුවන්ද මැඩම්?මේක සිකිරියුටිට දෙන්නත් බෑ.මට මේක දෙන්න ඕනි මැඩම්ගෙ අතටමයි………………….”📲

“හරි මිස්ටර්.මක් එන්නම් ගේට් එක ගාවට…………………”📲

දුරකථනය විසන්ධි කෙරූ ශනායා කාමරේ දොර ඇරගෙන පඩිපෙළ බැස පහලට ගියා.වේලාව රෑ හත පසු වී ඇතත් විදුලි පහන් කණු වල ආලෝකය ඒ ඒ අඳුර එතරම් නොදැනේ.

“ඩගී…………ඔන්න කෙල්ල එනවා. බලාගෙන ඒකිව වෑන් එකට දා ගත්තු ගමන් ඇදලා පලයන්…………………”

විවෘත කරන ලද ගේට්ටුවෙන් පිටතට පැමිණ මදක් ඉදිරියට පැමිණි ශනායා වෙත රෙජී ගියේ ෆයිල් එකක්ද අතැතිවයි.වටපිට බැලුවද නිවසේ කිසිඳු ආරක්ෂක භටයෙකුගේ දෑස් ඔවුන් වෙත යොමුව තිබුනේ නැහැ.

“මේ මිස්ටර් කාවින්ද නේද?මං ශනායා…………………”

“ඔව් මැඩම්.කේසර සර්ට මේ ෆයිල් එක දෙන්න මං දුන්නා කියලා………………..”

රෙජී දුන් ෆයිල් එකත් රැගෙන ඔහුට ස්තූති කෙරූ ශනායා නිවස වෙත යෑමට සැරසුනා.වහා කලිසම් සාක්කුවට අත දැමූ රෙජී ලේන්සුව රැගෙන ශනායාගේ මුවට තබා තද කරා.සිහිසුන්ව ඇද වැටුනු ඇයගේ අතේ තිබී වැටුනු ෆයිල් එක අහුලා ගත් එක් මැරයෙක් අහුලා ගත්තා.ශනායාව වාහනේට දමා ගත් ඔවුන් වේගයෙන් ගියා.

පැයකට පසුව👇👇👇

“මැඩම් අපි කෙල්ලව ගෙනවා.මැඩම් දැන් එන ගමන්ද ඉන්නෙ?………………”📲

“ඔව් ඩගී.මං ළඟම එන ගමන් ඉන්නෙ. විනාඩි පහෙන් මං ඔතන.ඒකිට කොහොමද දැන්?………………..”📲

“තාම සිහිය නෑ මැඩම්……………………”📲

“එහෙනම් වතුර ටිකක් ගහලා හරි සිහිය ගන්නවා.මං ඉක්මනට එනවා……………………”📲

“හරි මැඩම්……………………”📲

ස්ටූල් එක උඩ තිබුනු වතුර වීදුරුවෙන් මදක් අතට ගෙන ඩගී එය ශනායාගේ මුහුණට ඉස්සා.තප්පර කිහිපයක් ගිය විටදී ශනායා දෑස් පොඩිකරමින් කෙඳිරි ගාමින් ඇස් ඇර ඔවුන් දෙස බැලුවා. ඔවුන්ව දුටු ශනායා බිය වී කෑ ගැසුවා.

“අනේ මෙ….මේ ඔ….ඔයාලා කව්ද?මෙ…….මේ මං මේ කොහෙද ඉන්නෙ?කව්ද මාව මෙහාට අරන් ආවෙ?තමුන් මට බොරුද කිව්වෙ කේසරගෙ ඔෆිස් එකේ වැඩ කරන කෙනෙක් කියලා?………………..”

බිය වූ ශනායා උදව් ඉල්ලා කෑ ගැසුවා. මැරයින් දෙදෙනා ඇයව බිය කරමින් කෑ ගසන්නට එපා යැයි කියා තර්ජනේ කරා.ඇය ඉන් බිය වී නිහඬ වුනත් ඇගෙහි සිතෙහි හට ගත් බිය නම් පහව ගියේ නෑ.මුලු සිරුරම දහඩියෙන් පෙඟිලයි තිබුනෙ.එක්වරම අත්පුඩි ශබ්දය නිසා ශනායා ඔලුව උස්සා බැලුවා.ඇය ඉදිරිපිට සිටියේ අවුරුදු විසිපහක විතර පෙනුමැති බටහිර පන්නයට හැඳ පැළඳ සිටි තරුණියක්. ශනායා මින් පෙර ඇයව දැක තිබුනේ නෑ.

කව්ද මේ ගෑණු කෙනා මං මීට කලින් කවදාවත් මෙයාව දැකලා නෑ.ඒ කියන්නෙ මෙයාද මාව මෙහාට ගෙනාවෙ.කව්ද මේ ගෑණි.මගේ දෑත් ගියේ මගේ කුසට.සියලු දෙවියන් සිහි කරමින් මං ප්‍රාර්ථනා කරේ දරු පැටියාට කිසිඳු විපතක් නම් සිදු නොවේවා කියලයි.ඇයි මේ ගෑණි මාව පැහැර ගත්තෙ?මං දැනුවත්ව කිසිම කෙනෙකුට වරදක් කරලා නෑ.මගේ තුන් හිත පුරාම පැතිර ගියේ විශාල බියක්.මං ගාවට ආපු ඒ ගෑණි දත් මිටි කාගෙන මදක් වෙලා මගෙ මුහුණ දිහා බලාගෙන හිටියා.ඇසි පිය ගසන ඇසිල්ලේ ඒ ගෑණු කෙනා අත දිගෑරලා මගෙ කම්මුලට ගැහුවා.රත් වූ යකඩ තැටියක් ඇතිල්ලුවාක් මෙන් කම්මුල වේදනා දුන්නා.

“අනේ ඇයි මට මෙහෙම කරන්නෙ?මං ඔයාලට කිසිම වරදක් කරලා නෑ.ඇයි මාව මෙහාට ගෙනාවෙ?කව්ද ඔයාලා?……………….”😭😭

මං ඒ ගෑනු කෙනාගෙන් එහෙම ඇහුවත් මට ඒකට උත්තරයක් ලැබුනෙ නෑ.ඒ වෙනුවට දරා ගත නොහැකි තරමේ කම්මුල් පාරවල්.අනේ දෙයියනේ මෙහෙම තිරිසන් විදියට සලකන්න මං මොකක්ද කරපු වරද?

“පට්ට වේ## උඹ කරපු වැරැද්ද තමයි කේසරව කසාද බැඳපු එක.කේසරව අයිති මට.මේ මට විතරමයි.මගෙ තාත්තා කේසරව මට ප්‍රපෝස් කරපු වෙලාවෙ කේසර ඒකට අකමැති වුනේ උඹ නිසා…………………..”

දෙයියනේ එතකොට මෙයා ගැනද දවසක් කේසර මට කිව්වෙ?ඒ කියන්නෙ මෙයාද අර එඩ්වඩ් කියන ඇමතිගෙ දුව.එහෙනම් මෙයා මාව පැහැර ගන්න ඇත්තෙ මං කේසරව මැරි කරපු එකට පලි ගන්න වෙන්න ඇති.අනේ දෙයියනේ මේ ගෑණි මාව මරයිද?😭😭

“ඒ හින්දද ඔයා මාව පැහැර ගත්තෙ?කේසර කියන්නෙ මගෙ මහත්තයා.එයා ආදරේ කරන්නෙ මට විතරමයි.ඇයි ඔයා අනුන්ගෙ ආදරයක් බලෙන් උදුර ගන්න හදන්නෙ?…………………”

“කට වහපන් ශනායා.කේසර උඹට ආදරේ කරාට එයාව අයිති මට.උඹ ජීවතුන් අතර හිටියොත් මට කවදාවත් කේසරව ලබා ගන්න බැරි වෙනවා.ඒ හින්දා මං උඹව මරලා දානවා…………………”😡😡

“අනේ මාව මරන්න එපා දෙයියනේ. අනේ මට කේසර නැතුව ජීවත් වෙන්න බෑ.මගෙ කේසරව මගෙන් උදුරගන්න එපා…………………..”

“උඹ කේසරට ඔච්චරටම ආදරෙයි නම් එයාගෙන් ඈත් වෙලා හිටපන්.එහෙම නොවුනොත් මං කේසරව මරලා දානවා.කේසරගෙ දේපළ බිස්නස් වලට මං එයාටත් වැඩිය ආදරෙයි………………..”

ඒ ගෑණි ඒ ටික කිව්වෙ මගෙ මුහුණට ලං වෙලා අමුතු බිය ගන්වන සුළු හඬකින්.මෙයා එහෙනම් කේසරට නෙවෙයි ආදරේ එයාගෙ සල්ලි වලට. අනේ මේ ගෑණි මගෙ කේසරගෙ ජීවිතේට අනතුරක් කරයිද?

“අනේ පින් සිද්ද වෙයි කේසරට මොකුත් කරන්න එපා.අනේ මගෙ කේසරව මරන්න එපා…………………….”😭😭

කේසර උඹේ නෙවෙයි මගේ.කේසර ජීවත් වෙලා ඉන්නවා දකින්න ඕනි නම් උඹ කේසරගෙන් ඈත් වෙලා හිටපන්. එහෙම නැත්නම් මං කේසරව ඉවරයක් කරලා දානවා…………………….”😡😡

“මං ඔයා කියන ඕනිම දෙයක් කරන්නම්.අනේ කේසරට මොකුත් කරන්න එපා.අනේ මට යන්න දෙන්න…………………….”😭🙏

“මං උඹට මෙහාට අරන් ආවට තාම තීරණේ කරේ නෑ උඹව මරනවද නැද්ද කියලා.හැබැයි උඹට ජීවත් වෙන්න වාසනාවක් තිබුනොත් කේසර දිහා ඇහැක් ඇරලා හරි බලලා තිබ්බොත් ඒක දෙන්නගෙම අවසානෙ තමයි………………….”😡😡

මේක නම් මං කරපු ලොකු පාපයක පල දීමක් කියලා මට හිතුණා.අනේ මං කොහොමද දෙයියනේ කේසර නැතුව ජීවත් වෙන්නෙ?

“ඩගී……රෙජී……මේකිව හොඳට බලා ගනින්.මේකි මෙතනින් පැනලා යන්න බලයි.හොඳ සෝදිස්සියෙන් ඉන්නවා.ආ තව එකක්………………………”

එහෙම කියලා ඒ ගෑණු කෙනා කන කොනකින් හිනා වෙලා අර මැරයො දෙන්නා දිහා බැලුවා.

“මෙයා ගැන හොඳට බලා ගන්නවලා. අද රෑ තමුසෙලා දෙන්නා මෙයාත් එක්ක කැමති දෙයක් කර ගන්නවා.ඒකට තහංචියක් නෑ……………………”

ඒ ගෑණි අපි ගාවින් ගියා.මං කෑ ගහලා ඇඬුවා.අනේ මේ මොන අපරාධයක්ද දෙවියනේ😭😭🙏🙏මාව බේරගන්න කවුරුවත් නැද්ද?එතන හිටපු මැරයො දෙන්නා මං ගාවට කිට්ටු වුනා.මං බියෙන් වෙව්ල වෙව්ල පිටි පස්සට ගියා.

“අනේ මං වඳින්නම් මං මොකුත් කරන්න එපා.අනේ මට අනුකම්පා කරන්න.මට දරුවෙක් ලැබෙන්න ඉන්නෙ………………………”

නැවත හමුවෙමු