කේසරගෙයි මගෙයි වෙඩින් එක කොළඹ හිල්ටන් හොටෙල් එකේදි අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුනා.එයට අග්‍රාමාත්‍යතුමා ඇතුළු කේසරගෙ තාත්තගෙ හිතවත් මැති ඇමතිවරුන් රැසක්ම සහභාගී වුනා.
අප්පච්චී දේවිකා ඇන්ටි සමඟ විවාහයට සහභාගී වෙද්දී මගේ අම්මා ඇගේ නැන්දා කෙනෙකු සමඟ අපගේ විවාහයට සහභාගී වුනා.එක් දවසකින් වෙඩින් එකේ සේරම වැඩ ඉවර වුනා.
වෙඩින් එකෙන් පස්සෙ මමයි කේසරයි පදිංචි වුනේ කේසරගෙ අලුත් ගෙදර. අපි දෙන්නා කතා වුනේ අපේ අම්මාවත් ගෙදරට ගෙන්න ගන්න.ඒත් අම්මා අපිත් එක්ක කොළඹ නවතින්න කැමති වුනේ නෑ.එයා ගම දාලා එන්න කැමැත්තක් තිබුනෙ නෑ.
“අපරාදෙ කේසර මං හිතුවෙ අම්මා අපිත් එක්ක මෙහෙ නවතින්න කැමති වෙයි කියලා………………..”
“කමක් නෑ අපි ගමට ගිහින් අම්මව බලලා එමුකො………………..”
“හ්ම්ම්.මේ හැම දෙයක්ම මට නම් හීනයක් වගේ කේසර.මං හිතුවෙ නෑ ඔයා වගේ කෙනෙක්ව ලැබෙයි කියලා………………”
“මාත් හිතුවෙ නෑ තමුසෙ වගේ රට එළදෙනක්ව මැරි කරන්න වෙයි කියලා………………”😁😉
“මොකක්😡මටද කිව්වෙ එළදෙන කියලා පුත්තලම් බූරුවා…………….”
ඒ පාර නම් කේසරට කේන්ති ගියා.මං දිහා රවලා බලලා මගෙ කට මිරිකලා අල්ල ගත්තා.
“ආව්…..අතාරින්න කේසර.මගෙ කට රිදෙනවා………………..”😥
“තමන්ගෙ මිනිහට පුත්තලම් බූරුවා කියලද කතා කරන්නෙ ආ?………………..”
“එතකොට තමන්ගෙ ගෑණිට එළදෙන කියලද කතා කරන්නෙ?……………….”
“සොරි………………..”
“සොරි………………..”
මාත් සොරි කියලා කේසරට රවාගෙන කාමරෙන් ගියා.එයාගෙ වැඩේම මොකක් හරි කරලා මාව තරහා ගස්සන එක.වෙලාවකට මටත් ඉතින් කේන්ති එනවා කේසර කරන වැඩ වලට.කොච්චර කේන්ති ආවත් කේසර ගැන හිතේ තියන ආදරේ නම් කිසිම වෙනසක් සිද්ද වුනේ නෑ.
මේ අතරතුර ශනායාව පැහැර ගැනීමට සඳහා ඩගීට උපදෙස් දුන් මිෂෙල් ඩගීට දුරකථන ඇමතුමක් ලබා ගත්තා.ඒ වන විට ඩගී සිටියේ කේසරගේ නිවසට මීටර් දෙසීයක් පමණ දුරින්.
“ඩගී……..කොහොමද දැන් අපේ වැඩේ? කවද්ද කෙල්ලව උස්සන්නෙ?……………….”📲
“මේකයි මැඩම් මේක දැලි පිහියෙන් කිරි කනවටත් වැඩිය අමාරු වැඩක්.මේ දවස් ටිකේම අපි සර්ච් එකේ හිටියෙ. ශනායා මැඩම් කිසිම වෙලාවක තනියම ගෙදරින් එළියට යන්නෙම නෑනෙ……………….”📲
“ඒ කියන්නෙ අපිට ඒකිව කොහොම හරි ගෙදරින් එළියට ගන්න වෙනවා. හැබැයි මේ සතිය ඇතුළත කොහොම හරි ඕකිව උඹලා උස්සන්නම ඕනි……………….”📲
“අපි කොහොම හරි උත්සහ කරන්නම් මැඩම්…………………..”📲
“උත්සහ කිරිල්ලක් නෙවෙයි මට ඕනි. කොහොම හරි වැඩේ වෙන්නයි ඕනි එච්චරයි.මොන ප්ලෑන් එකක් හරි ගහලා ඉක්මනට ශනායව උස්සනවා……………….”📲
“හරි මැඩම් අපි කොහොම හරි මැඩම්ගෙ වැඩේ කරන්නම්………………”📲
“හරි.තමුසෙලාට අනිද්දා ඔය වැඩේට ලේසි දවසක් වෙයි.එදා උදේ නවයට කේසරට කිංස්බරි එකේ මීටින් එකක් තියනවා.ඊට පස්සෙ ආයෙ දොළහයි විස්සට ගලධාරි එකේ මීටින් එකක් තියනවා.ඉතින් කේසර ගෙදර යනකොට රෑ වෙයි.ඒ කියන්නෙ උදේ ඉඳන් රෑ වෙනකල්ම කේසර ගෙදර නෑ. ඒ වෙලාව බලලා තමුසෙලා කොහොම හරි ඒකිව උස්සනවා………………”📲
“හරි මැඩම්.අපි එදාට වැඩේ දෙන්නම්……………..”📲
“ඕකේ…………….”📲
ශනායා…….තමුසෙගෙ කේසර සිංහ පැටියාව මං ඉක්මනට මගෙ තුරුළට ගන්නවා.බලාගෙන ඉන්නවා තව දවස් දෙකයි උඹට උගෙ තුරුලෙ සැනසෙන්න පුලුවන්.මගෙ හිත ගිය කිසීම දෙයක් මං අනුන්ට ලබා ගන්න ඉඩ තියන්නෙ නෑ.තව රැයවල් දෙකයි තියෙන්නෙ. ඊලඟ රැයේ ඉඳන් තමුන්ට ගොඩාක් කරදර සිද්ධ වෙයි.😡😡😡
කේන්තියෙන්ම එසේ මිමිණූ මිෂෙල් බියර් වීදුරුව තොල ගෑවා.
“ශනූ……එනවකෝ ඕයි………………..”
“පොඩ්ඩක් ඉන්න කේසර.මං තාම නානවා අනේ.දැනුයි සබන් ගෑවෙ……………….”
“තමුසෙ දිය වෙයි ඔච්චර වෙලා නාලා. ඉක්මනට එනවා ඕක ඇතුලෙ පැල වෙන්නැතුව………………….”😠
අනෙ අම්මපා මේ යකාට පුදුම හදිස්සියක්නෙ තියෙන්නෙ.මට හරියට නා ගන්නවත්නෑ.හිටපන්කො හොඳ වැඩක් කරන්න.එන්නෙ නෑ පැයකටවත් බාතෲම් එකෙන් එළියට. එහෙම හිතපු මන් ගොඩාක් වෙලා අරන් නෑවා.කේසර කාමරේ ඉඳන් පුපුරු දම දමා ඇති දැන්.මට තනියම හිනා.😆😁😉මගෙ නපුරු කුමාරයාට දැන් මළ පැනලා ඇති.ටිකක් අවුස්සලා බලන්න ඕනි නපුරාව.එහෙම හිතනකොටම කේසර බාතෲම් එකේ දොරට තඩි බාන්න පටන් ගත්තා.මට නම් හොඳටම හිනා.😂😆😁
“ශනූ තමුසෙ මොනවද ඕයි ඔච්චර වෙලා කරන්නෙ?දැන් පැයකටත් වැඩියි බාතෲම් එකට ගිහිල්ලා………………..”
“විනාඩි පහක් ඉන්න අනේ.ඇයි ඔච්චර හදිස්සි?………………..”
“තමුසෙ ඉක්මනට ආවෙ නැත්නම් මම යනවා…………………”
“කොහෙද?…………………”
“වෙන ගෑණියෙක් ගාවට……………”😁😉
“ආ ඇත්තද මහත්තයො.එහෙනම් යනවකො බලන්න.කඩනවා අඬු එහෙනම්.එදාට තමයි ඔය කේසර රන්දිව් ගජධීර සල්ලං වෙන්නෙ…………………”
“ආ ඇත්තද මැඩම්.කඩනවකො බලන්න එහෙනම් මගෙ අඬු……………….”
“ඉන්නවකො මං එන්නම්…………………”
එහෙම කියපු මං ඉක්මනට ඔලුව පිහදාගෙන ටවල් එක ගත දවටගෙන බාතෲම් එකෙන් එලියට එන්න දොර ඇරියා.මං හිතුවෙ කේසර කාමරෙන් එලියට ගිහින් ඇති කියලා.බිත්තියට හේත්තු වෙලා අත් දෙකත් බැඳගෙන කේසර මං දිහා බලාගෙන හිටපු විදියට මට බයත් හිතුණා.මූණෙ හිනා පොදක් නෑ.ඇසි පිය නොහෙලා මගේ දිහාම බලාගෙන ඉන්නෙ හරියට මාත් එක්ක තරහක් පිරිමහගන්න වගෙයි.මං හිමිහිට බාතෲම් එකේ දොර වහලා කේසර දිහා බැලුවා.ඉස්සෙල්ලා මං අඬු කඩනවා කියපු එකට මේකාට හොඳටම කේන්ති ගිහින් වගේ.දැන් නම් මට හොඳ කම්මුල් පාරක් කන්න වෙන සීන් එකක් තියෙන්නෙ.මං අඩියක් පිටි පස්සට ගියා.
“අනේ ඇ…..…ඇයි කේසර ඔහොම බලන්
ඉන්නෙ?මටබයත් හිතෙනවා……………..”
“ආ තමුසෙට බයකුත් දැනෙනවද?එහෙනම් ඉස්සෙල්ලා චණ්ඩියා වගේ කිව්වෙ මගෙ අඬු කඩනවා කියලා……………….”
“කඩනවා තමයි………………”
“පුලුවන්ද?……………..”
එයා ඒක ඇහුවෙ මගෙ මුහුණට එබිලා. සත්තයි දැන් නම් මගෙ පපුවත් ගැහෙනවා.ඒත් මං බය වෙච්චි පාරක් නම් පෙන්නුවෙ නෑ.එහෙම වුනොත් මූ ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා.
“ඇයි ඔයා කිව්වෙ වෙන ගෑණියෙක් ගාවට යනවා කියලා.පුලුවන් නම් යනවකො බලන්න.එහෙම ගිහින් තිබ්බොත් තමයි අඬු කඩනවා කිව්වෙ…………………”
මං බිම බලාගෙන එහෙම කියලා කේසරගෙ මුහුණ දිහා බැලුවා.මූ අහක බලාගෙන කටත් වහගෙන හිනා වෙනවා.දැනුයි මගෙ ඇඟට ලේ ටිකක් ඉනුවෙ.මං හිතුවෙ අර අඬු කඩනවා කියපු කතාවට මූ මගෙ අණ්ඩක් කඩයි කියලා.
“පිස්සුද ශනූ වෙන ගෑණියෙක් ගාවට යන්නෙ මොකටද මේ වගේ ලස්සන ස්වීට් වයිෆ් කෙනෙක් ඉන්නැද්දි……………….”
මගෙ කම්මුකලක් මත දඹර ඇඟිල්ලෙන් එහාට මෙහාට අඳිමින් කේසර එහෙම කිව්වා.මගෙ මුවට සිනහවක් නැගුනේ එවිටයි.මගේ ඉන වටා අත් දෙක යැවූ කේසර මාව බිත්තියට හේත්තු කරගෙන මැදි වෙන්න අත් දෙක තියා ගත්තා.
“කල්පයක් වුනත් බලන් ඉන්න පුලුවන් මෙහෙම තමුසෙ දිහා……………….”
මගේ සීතල කම්මුලක් මත උණුසුම් හාදුවක් තැවරූ කේසර දිය බිඳු වෑහුණු මගෙ කෙස් වැටිය පසෙකට කර මගේ ගෙල මත කම්මුලක් තියාගෙන හිටියා. එයාගෙ සුසුම් හඬ පවා මට දැනෙනවා. මටත් නොදැනීම මගේ දෑත් කේසරගේ නිරුවත් පිට පුරා රැගෙන ගියේ මුවින් සිහින් කෙඳිරිලි හඬකුත් පිටවෙන ගමන්.ඒ දෑත් වලින් මගේ මගේ ටවල් ගැටේ බුරුල් එය වී බිම පතිත වෙද්දී සීතලෙන් ගැහුණු මම ඔහුගේ සිරුරේ උණුසුමට ගුලි වුනා.අද නම් ඔහුගේ හැඟීම් උමතු වෙලා වගෙයි.උමතුවකින් වගේ මගේ ලමැද සිප ගත් ඔහු දෝතින්ම මගෙ කම්මුල දෝතින්ම අල්ලා උස්සමින් මගේ දෙතොල් තද කරලා සිපගත්තා.ඒ රළු සිප ගැනීම් හමුවේ මාවත් තුරුල් කරන් සයනය මතට වැටුනු ඔහු ටේබල් ලෑම්ප් එකේ එලිය මදක් අඩු කර ඇඳ උන් කෙටි ශෝටද ගලවා පැත්තකට දැමුවා.අද වෙනදාට වඩා ඔහුගේ සිප ගැනුම් මට වේදනාවක් ගෙන දුන්නා.නමුත් ඔහුට ඇති ඒ ආදරය නිසා මම එය අමාරුවෙන් වුවත් දරා ගත්තා.අනුරාගී හෝරාවකට පසු ඔහු මගේ සිරුරෙන් ඈත් වුනේ වෙනදා මෙන්ම මගේ නලලට හාදුවකුත් දීලයි.
“කේසර තරහින්ද ඉන්නෙ ඔයා මාත් එක්ක?………………..”
“නෑ මැණික.ඇයි එහෙම ඇහුවෙ?………………..”
“ඔයා අද ගොඩාක් වෙනස්.ඒකයි එහෙම ඇහුවෙ……………….”
“බිස්නස් වල ප්‍රශ්නයක් ඒකයි මැණික. ටිකක් ඔලුව අවුල් ඒකයි…………………”
නැවත හමුවෙමු💐💐