මේ දවස් වල සමනලීට තියන ලොකුම අමාරුව තමයි කෑම අප්පිරියාව.මෙලෝ සසරක් කන්න බෑ.හරියට වමනෙ යනවා.ගිම්හාන්ගෙ අම්මා එක එක ජාතියෙ කෑම හදලා දුන්නත් සමනලීට ඒ කිසිම දෙයක් කාගන්න බෑ.ගිම්හාන් ගෙදර ඉන්න වෙලාවට නම් දෙපාරයි කියන්නෙ කෑම ටික සේරම සමනලීගෙ බඩේ.ඒත් අප්පිරියාවෙන් කන නිසා වමනෙ යනවා.ගිම්හාන්ට වෙනම යුද්දයක් කරන්න වෙනවා සමනලීට කවාගන්න.

“තමුසෙ හරිම මුරණ්ඩුයි ඕයි.කන්න කිව්වම කන්නෙ නෑනෙ.ඔක්කොම ඕන්නෑ.පොඩ්ඩක් හරි කනවා බඩගින්නෙ ඉන්න හොඳ නෑනෙ මේ කාලෙදි…………….”

“අනේ මට කන්න බෑ මහත්තයා. අප්පිරියයි අනේ……………”

“කන්න පුලුවන් දෙයක් තියනවා නම් කියනවා මං ගෙනත් දෙන්නම්. බඩගින්නෙ ඉඳලා මගෙන් ගුටි කන්න ලෑස්ති වෙන්න එපා……………”

දුෂ්ඨයගෙ තියන දුෂ්ඨකම.දෙන්න හිතෙනවා දත් ටික බඩට යන්න.😁😉 දරුවෙක් ලැබෙන්න ඉන්නැද්දී අම්මා කෙනෙක් විඳින වේදනාව කොහොමද මෙයා දන්නෙ.මෙයා ඉතින් දන්නෙම මට බනින්න විතරයිනෙ.ගස් ගෙම්බා.

“තමුසෙ මොනවද මතුර මතුර කියවන්නෙ?කියන දෙයක් ඇහෙන්න කියනවා……………”

“අපි කසාද බැඳලා අදට මාස පහයිනෙ. ඉතින් මොකද කරන්නෙ?…………….”

“මොනවා කරන්නද?විනාඩි පහක නිශ්ෂබ්දතාවයක් පවත්වමු ශෝකය වෙනුවෙන්…………..”😁😂🤣

“ශෝකයක් වුනේ කොහොමද මහත්තයා ඔයාට මාව කසාද බැන්දම? ඔයා හරිම දුෂ්ඨයි………….”

“පිස්සු කෙල්ල ඩිනර් එකට එලියට යමුද?මොනවද කන්නෙ?…………….”

“කොත්තු කමු සෝස් දාලා………….”😋😋

“කොත්තු කන්න ආසයිද මැණික?…………….”

“හ්ම්ම්……………”

“ඉතින් මැට්ටියෙ කියන්න තිබ්බනෙ මට.එහෙනම් මං තමුසෙට හැමදාම ගෙනත් දෙනවනෙ කොත්තු……………”

ගිම්හාන් මහත්තයා එහෙම කිව්වෙ මගෙ ඔඩොක්කුව උඩින් එයාගෙ ඔලුව තියාගෙන ඇඳේ දිගෑරෙන ගමන්.මගෙ කුසට එයාගෙ කම්මුලක් හේත්තු කරගෙන ඉන වටේට අත යවලා බදා ගත්තා.

හවස හතරට විතර මූණ හෝදගෙන කාමරේට ඇවිත් හෝදලා වේලුනු රෙදි ටික නවලා අල්මාරියට දාන්න හදද්දී බැල්කනියෙන් සිංදුවක් කියන සද්දයක් ඇහුනා.ගිම්හාන් මහත්තයා බැල්කනියෙ ඉන්නවා මං දැක්කා.එයාට ලස්සනට සිංදු කියන්න පුලුවන්.මං හිමිහිට දොර ගාවට ගිහින් බලගෙන හිටියා.

කියන්න මට දෙනවද ඔබ රත්තරං සඳක්…………🎵🎵
ඔබේ වගේ මූණ තියන දූ කුමාරියක්………….🎵🎵
හිනැහෙනකොට වළ ගැහෙනා රෝස කම්මුලක්………….🎵🎵
ඈට ඕනි ඔබේ වගේ බෝල ඇස් දෙකක්………… 🎵🎵

මං හිමිහිට ගිහින් එයාගෙ බෙල්ල වටේට අත් දෙක යවලා එයාගෙ කම්මුලට හාදුවක් දුන්නා.මට තේරුණා ගිම්හාන් මහත්තයා කැමති දුවෙකුට කියලා.

“මොකෝ මැණික මේ හුරතල් වෙන්න හදන්නෙ?……………”

“මහත්තයා ආස දුවෙකුට නේද?…………..”

“හ්ම්ම්.මං ගොඩාක් ආසයි දුවෙකුට. තමුසෙ වගේ පණ්ඩිත ලස්සන කොණ්ඩෙ දිගට තියන කෙලි පැටික්කියෙකුට මං ආසයි……………”

“එතකොට පුතෙක් හම්බුනොත් එහෙම?……………”

“පුතෙක් ලැබුනොත් තාත්තා වගේම හැඩකාර දඟකාර කොල්ලෙක් වෙයි……………”

“තාත්ති වගේ චණ්ඩියෙක් වෙයිද දන්නෑ කොල්ලෙක් වුනොත්…………..”

“එහෙම තමයි කොල්ලො වුනාම. කෙල්ලො වගේ ගෙවල් අස්සටම වෙලා මල් වගේ ඉන්න පුලුවනෑ කොල්ලෙකුට……………”

එයා එහෙම කිව්වෙ ගිටාර් එක පැත්තකින් තියලා මාව එයාගෙ ඔඩොක්කුවෙ වාඩි කරවගන්න ගමන්.

“තමුසෙ දැන් ඉස්සරහට වඩා බරයි ගොඩාක්.ඉස්සරහට තව කල් යද්දි බඩ ලොකු වෙන කාලෙට එහෙම මහත් වෙලා ඉඳියි බෝලයක් වගේ………….”

“මං එච්චරටම බරයිද මහත්තයා?තාම මාස තුනයිනෙ බඩට………….”

“පැටියා හින්දා නෙවෙයි ඕයි බරයි කිව්වෙ.ඉස්සරට වඩා තමුසෙ බරයි. මෙහාට එද්දි හිටියට වඩා තමුසෙ දැන් මහත් වෙලා.හැඩ වෙලා ලස්සනයි……………”

එයා එහෙම කිව්වෙ මගෙ කම්මුලක් සියුම්ව මිරිකන ගමන්.මං එයාගෙ කම්මුල් දෙකම අල්ලලා හිමිහිට මිරිකුවා.මෙහෙම ආදරණීය ලස්සන ජීවිතයක් ලැබෙයි කියලා මං හිතුවෙම නෑ.කොහොම හිටපු කෙනෙක්ද?අම්මෙක් අප්පෙක් නැති මේ අනාථ කෙල්ලට තමන්ගෙම කියලා පව්ලක් ලැබුනා.ආදරණීය නැන්දම්මෙකුයි ආදරණීය සැමියෙකුයි.ගිය ආත්මෙ මං ගොඩාක් පිං කරලා ඇති.ඒකනෙ මට මේ ආත්මෙදි මෙහෙම ජීවිතයක් ලැබුනෙ.

“කෝ දැන් නැගිටින්නකො මැණික…………..”

“අනේ බෑ…….මට මෙහෙම ඉන්න දෙන්නකො………….”

හුරතල් හඬකින් මං එහෙම කිව්වේ තවත් එයාට තුරුල් වෙමින් එයාගෙ මුහුණ පුරා ඇඟිලි තුඩු යවමින්.

“නැගිටිනවා ඕයි.තමුසෙ බරයි.මට මෙහෙම ඉන්න බෑ………….”

“මට බෑ මං නැගිටින්නෙ නෑ.පොඩ්ඩක් වෙලා ඉන්න බැරිද?එච්චරටම මං බර නෑනෙ…………….”

“බරක් නෙවෙයි ගෑණියෙ මං කිව්වෙ. තමුසෙ ඔය ඉඳන් ඉන්නෙ කොහෙද කියලා බලනවා……………”

“ඔයාගෙ ඔඩොක්කුව උඩනෙ ඉන්නෙ. නැතුව කරේ නෙවෙයිනෙ……………”

මං එහෙම කිව්වෙ ටිකක් එහාට මෙහාට හැරෙන ගමන්.ඒ පාර එයා මං දිහා රවලා බැලුවා.හැබැයි ඒ නපුරු විදියට නම් නෙවෙයි.හරිම ආදරණීය විදියට.මං අහිංසක මූණක් පෙන්නගෙන හිටියා.

“නැගිටපන් ගෑණියෙ.ඔඩොක්කුව උඩ ඉඳගෙන ඉන්නවා මදිවට එහාට මෙහාට දඟලලා උඹ මගෙ අහවල් එකත් තලන්නද හදන්නෙ?…………….”😁🤭😜

“අනේ සොරි මහත්තයෝ…………..”

මං එහෙම කියලා එයාගෙ ඔඩොක්කුවෙන් නැගිට්ටේ කම්මුලට කිස් එකකුත් දීලා.පිස්සාට හිනා ඉතින් මගෙ වැඩ වලට.කුස්සියට ගිහින් කූල් වතුර එකකුත් බීලා කාමරේට ඇවිත් රෝස පාට ගව්මක් ඇඳගෙන ලෑස්ති වුනා.

“දැන්මම ලෑස්ති වුනාද?තාම හයටවත් නෑනෙ……………..”

“අනේ ඉතින් අපි පොඩ්ඩක් ඇවිදලා එහෙම එමුකෝ.බැඳලා මාස පහකුත් වුනා.මහත්තයා මාව කොහෙවත් එක්කන් ගියෙත් නෑනෙ.කම්මැලියි ගේ අස්සටම වෙලා ඉන්න ගියාම…………….”

“හ්ම්ම්.එහෙනම් ලෑස්ති වෙනවකො.මං වොශ් එකක් දාගෙන එන්නම්……………”

කොණ්ඩෙ පීරලා ගුලියකට වෙන්න කොණ්ඩෙ බැඳගෙන කට්ටක් ගහ ගත්තා.මූණට බේබි පව්ඩර් ටිකක් ගාගෙන සෙන්ට් එකකුත් ගහගෙන වොච් එක බැඳ ගත්තා.

“පාර්ටියකට නෙවෙයි බන් යන්නෙ. ඔච්චර හැඩ වෙන්නෙ මොකටද?…………..”

“කෙල්ලො කැමතියි මහත්තයා ලස්සනට හැඩට ඉන්න…………..”

“ඉතින් තමුසෙ කෙල්ලෙක් නෙවෙයිනෙ. බැඳලා ලමේක් හම්බෙන්න ඉන්න ගෑණියෙක්නෙ……………”😆😜

ගිම්හාන් මහත්තයා එහෙම කියද්දී මං එයාට විරිත්තලා අහක බලා ගත්තා. එයා මං ගාවට ඇවිත් මාව තුරුල් කරගෙන කණ්ණාඩියෙන් අපි දෙන්නා දිහා බැලුවා.

“බලනවා තමුසෙට වැඩිය මං සුදුයි. තාම දහ අටේ කොල්ලා වගේ……………”😃😉

“හොඳ කොල්ලා මෙයා.හෙට අනිද්දා තාත්තෙක් වෙන්න ඉන්නෙ තේරුනාද?…………….”

“ය(ර්)ස් මැඩම්.හොඳට තේරුණා. ඉන්නවා මං ලෑස්ති වෙන්නම්………….”

එයා නිල් පාට ටීෂර්ට් එකයි ඩෙනිමකුයි ඇන්දා.වාව්……මාර හැන්ඩ්සම් ලුක් එකක් තියෙන්නෙ මෙයාට.ඔක්කොටම කලින් මෙයාව කෙල්ලන්ගෙන් පරිස්සම් කරගන්න වෙයි වගේ මට.

අපි දෙන්නා සොනාරා හොටෙල් එකට ආවා කොත්තු කන්න.ගිම්හාන් මහත්තයා බිත්තර කොත්තුයි කොකා කෝලයි ක්‍රීම් සෝඩායි ඕඩර් කරා.

“ඇයි මහත්තයා බීම ජාති දෙකක් ඕඩර් කරේ?මටත් පුලුවන්නෙ කොකා කෝලාම බොන්න……………”

“කොකා කෝලා තමුසෙට සැර වැඩියි. පණ්ඩිතයා වෙන්නැතුව ක්‍රීම් සෝඩා බොනවා.ඉස්සෙල්ලා කොත්තු ටික කාලා ඉන්නවා තේරුනාද?……………”

“තේරුණා ස්වාමීණී……………”😆😉

ඔලුව පාත් කරලා පපුවට අතකුත් තියාගෙන මං එහෙම කියද්දී ගිම්හාන් මහත්තයා මට රැව්වා විහිලුවට වගේ. ටික වෙලාවකින් සේවකයෙක් ඇවිත් කොත්තුයි කොකා කෝලයි ක්‍රීම් සෝඩායි ගෙනත් දුන්නා.

“මේ ඔක්කොම කන්න ඕනි තේරුණාද?……………”

එහෙම කියලා ගිම්හාන් මහත්තයා මගෙ පිඟානට කොත්තු හැඳි කීපයක්ම බෙදලා සෝසුත් දැම්මා.යන්තං විතර අප්පිරියාවක් දැනුනත් පිඟානට බෙදපු කොත්තු ටික සේරම කාලා ක්‍රීම් සෝඩා බිව්වා.

“මේ ටිකත් කනවා.දවල්ටත් හරියට කෑවෙ නෑනෙ තමුසෙ…………..”

“අනේ ඇති මහත්තයා.වෙන නම් කන්න බෑ.මට නම් දැන් ඉස්මුරුත්තාවට වගේ……………..”

බිල ගෙවලා ඉවර වුනාට පස්සෙ ගිම්හාන් මහත්තයා මගෙ අතිනුත් අල්ලගෙන එලියට ආවා.කාරෙක ගාවටම එනකොට කව්දෝ මන්දා ගෑණු කෙනෙක් අපි ගාවට ආවා.පෙනුමෙන් නම් අවුරුදු හතලිස් පහක් පනහක් විතර ඇති ඒ ගෑණු කෙනාට.

“ආ මිස්ටර් ගිම්හාන් කොහොමද?මේ වයිෆ්ද?………….”

“ආ ඔව් මිසිස් වර්ණසූරිය………….”

ගිම්හාන් මහත්තයා නම් ඒ ගෑණු කෙනාත් එක්ක කතා කරේ ඕනවට එපාවට වගෙයි කියලා මට හිතුණා.

“කාත් කවුරුවත් නෑලු නේද මෙයාට?හැදුනෙත් අනාථ නිවාසෙක කියලා අපිට ආරංචියි……………”

කට කොනකින් හිනා වෙලා ඒ ගෑණු කෙනා උපහාසෙට වගේ එහෙම කියද්දී ගිම්හාන් මහත්තයට නම් හොඳටම කේන්ති ගියා.එයා ඒ ගෑණු කෙනා දිහා බැලුවේ උතුරා යන තරමෙ කේන්තියකින්.මට බයකුත් දැනුනා. ගෑණියෙක් නිසා ඉවසන්න ඇති. පිරිමියෙක් එහෙම නම් මෙතන ලොකු රණ්ඩුවක් වෙන්නෙ.මං ගිම්හාන් මහත්තයගෙ අතින් අල්ලගෙන එයාට ලං වෙලා හිටියත් මං ඇස් තිබුනෙ ඒ ගෑනු කෙනාගෙ මුහුණ දිහාමයි.මීට කලින් දැකලා නොතිබුනත් සංසාරෙ කොහේදෝ මන්දා දැකලා තිබුනු හුරු පුරුදු ගතියක් ඒ මුහුණෙන් මට පෙනුනා.

“මගේ ගෑණි ගැන මටත් නැති අමාරුවක්නෙ තමුන්ට තියෙන්නෙ?අනුන් ගැන හොයන්න කලින් තමන්ගෙ මිනිහා රෑට රෑට හෝටල් ගානෙ අනුන්ගෙ ගෑණු එක්ක යන්නෙ.අන්න ඒ ගැන හොයලා බලනවා……………..”😡😡

“අනේ අපි යමු මහත්තයා………….”

කාරෙකේ එන ගමන් මං ගිම්හාන් මහත්තයගෙන් ඇහුවා ඒ ගෑණු කෙනා කව්ද කියලා.

“ඒ ඉරේෂාගෙ අම්මා.ලොයිඩ් වර්ණසූරියගෙ කසාද ගෑණි.තව ඌට හොර ගෑණුත් ඉන්නවා ඉහේ කෙස් ගානට…………….”

“මහ ජරා මිනිහෙක්නෙ ඒ මනුස්සයා……………”

“මිනිහා වගේම ගෑණුත් වැරදියි.උගෙ සල්ලි වලට තණ්හාවට ගෑණු ඌත් එක්ක ඉන්නවා…………..”

“සල්ලි තියන හැම බිස්නස්කාරයොම එහෙමද මහත්තයා?………….”

“හැමෝම එහෙම නෑ.දැන් බලනවා රේණුකා එදිරිසිංහගෙ පුතා.ඌත් බිස්නස් කාරයෙක්.හොඳට සල්ලි තියනවා.ඒත් කොල්ලා ඉස්තරං රත්තරං.උපාසකයෙක් වගේ.හරිම අහිංසකයි……………”😆😂🤣😁😉

“අනේ මං නොදන්න මෙයාගෙ උපාසකකම.හොඳ අහිංසකයා.මමනෙ දන්නෙ මෙයාගෙ හැටි.හරිම දුෂ්ඨයි……………”😆😁😉

“හරි ඉතින් තමුසෙට වැඩිය අහිංසකයිනෙ……………”

“ඔව් ඔව්………..