අනේ මහත්තයා ඔයාට මොකද උනේ?ඇයි මේ බෙල්ලෙන් ලේ එන්නෙ?…………..”

ගිම්හාන් මහත්තයගේ බෙල්ල ගාව තුවාල වෙලා කමුසෙ කොලර් එකේ ලේ ගෑවිලා තිබ්බා.ඒක දැකලා මං හොඳටම බය වුනා.

“ආ……මේක මේ පොඩි ඇක්සිඩන්ට් එකක්.වාහනේ වීදුරුව පැත්ත ලයිට් කණුවක වැදුනා.බැහැලා බලද්දී පොඩ්ඩක් බෙල්ල හරියෙ හීරුණා…………..”

ගිම්හාන් සමනලීට ඒ විදියෙ බොරුවක් කිව්වෙ ඇත්ත දැන ගත්තා නම් ඇය ගොඩාක් බය වෙලා කලබල වෙනවා.

“හොඳ පොඩ්ඩ.මහත්තයගෙ බෙල්ලෙන් හොඳටම ලේ එනවා.අනේ අපි හොස්පිට්ල් යමු බෙහෙත් දාන්න…………..”

“පිස්සු කෙල්ල.හොස්පිට්ල් යන්න ඕන්නෑ.මං වොශ් එකක් දාගෙන එන්නම්.ෆ්ස්ට් ඒඩ්ස් බොක්ස් එක ඇති. තමුසෙ බෙහෙත් ටිකක් දානවා තුවාලෙට……………”

එහෙම කියලා ගිම්හාන් මහත්තයා බාතෲම් එකට ගියා.මේකා බොරුද කොහෙද මට කිව්වෙ වාහනේ ඇක්සිඩන්ට් වුනා කියලා.එහෙම ඇක්සිඩන්ට් වෙලා කොහොමද බෙල්ල විතරක් හීරෙන්නෙ.අතේ පයේ වෙන කොහෙවත් තුවාල වෙලා නෑනෙ.😡😡 හොඳයි මං කටින්ම අල්ල ගන්නම්කො ඇත්ත මොකක්ද කියලා.මොකක් හරු චණ්ඩි වැඩක් කරලා ගෝරියක් දා ගන්න ඇති.සාලෙ තිබිච්ච ප්‍රථමාධාර පෙට්ටිය අරන් මං කාමරේට ආවා. ටිකක් වෙලා යද්දී ගිම්හාන් මහත්තයා ඇවිත් මං ගාවින් වාඩි වුනා.

“දැවිල්ලයි ඕයි බෙල්ල වතුර වැටෙද්දී………….”

“දැවිල්ල නැතුවයැ මෙහෙම තුවාලයක් වෙලා තියෙද්දි.ගුටි කෑවෙ මොකටද ඔයා මෙච්චර චණ්ඩියෙක් වෙලා. දෙන්නනෙ තිබ්බෙ උන්ගෙ අඬු කැඩෙන්න………….”

“දෙන්න තමයි හිටියෙ.පව් කියලා අතෑරියෙ මේ………….”😁😮😯

ඔය පැන්නෙ බලලා මල්ලෙන් එළියට. මං හිතුවා හරි.මූ කාත් එක්ක හරි වලියකට ගිහිල්ලා මේ තුවාල කරගෙන තියෙන්නෙ.

“මොකද මහත්තයා වුනේ?පැන්නා නේද බලලා මල්ලෙන් එලියට.මං දැන ගත්තා ඇක්සිඩන්ට් එකක් කියලා කිව්වෙ බොරුවක් කියලා.කාත් එක්කද රණ්ඩු වුනේ?………….”😠😠

මං ටිකක් සැරින් අහනකොට ගිම්හාන් මහත්තයා මං දිහා නපුරු විදියට රවලා බැලුවා.මං බය උනේ නෑ ඒ බැලිල්ලට. මාත් රවාගෙනම හිටියා.

“තමුසෙ මටද ඔහොම සැර දාන්නෙ?……………”

“ඔව්.ඔයාට තමයි.මෙතන වෙන කෙනෙක් නෑනෙ.මං අහපු දේට උත්තර දෙන්න.මොකා එක්කද රණ්ඩු වුනේ?…………….”😠😠

“ලොයිඩ්ගෙ ගෝලයොත් එක්ක…………..”

“කව්ද ලොයිඩ් කියන්නෙ?…………..”

“ලොයිඩ් කියන්නෙ ඉරේෂාගෙ තාත්තා. ඌට ඕනි මාව මේ ෆීල්ඩ් එකෙන් අයින් කරන්න.උගෙ බිස්නස් ගොඩාක් පාඩු වුනානෙ මගෙ බිස්නස් හින්දා.ඒකයි උගෙ මැරයො දාලා මට ගහන්න හැදුවෙ.උගේ එකෙක් වෑන් එකේ වීදුරුවට පොල්ලකින් ගැහුවා.ඒකෙ කටු වලට බෙල්ල සීරුනේ……………”

වෙච්චි දේවල් ගිම්හාන් ගිරවෙක් වගේ කියාගෙන කියාගෙන ගියා සමනලීට. ශික්……මේකිගෙන් මේක හංගගෙන ඉන්න කියලා හිතුවත් ඔක්කොම වමාරන්න වුනානෙ.😯🙂😀

“ගොඩාක් ගැඹුරට කැපිලා නම් නෑ. ඔහොම දඟලන්නෙ නැතුව ඉන්නකො…………..”

සර්ජිකල් දාලා තුවාලෙ පිහදාද්දී දැවිල්ල වැඩි කමට ගිම්හාන් මහත්තයට කෑ ගැස්සුනා.ඇස් වලට කඳුලුත් පිරිලා.

“ඌයි දැවිල්ලයි ගෑණියේ.ඇති යකෝ. බෙහෙත් ටික දාපන් දැන්.රිදෙනවා බන්……………”

“දැනෙනවද තුවාලයක් වුනාම ඒකෙ වේදනාව ආ?මට රිදුනෙ ඔහොම නෙවෙයි……………”

“ඒකද තමුසෙ සර්ජිකල් බෝතලේම මගෙ බෙල්ලට හැලුවෙ?තමුසෙ මහ දුෂ්ඨයි ඕයි.කිසිම අනුකම්පාවක් නෑ මං ගැන……………”

මූ කියන ඒවට මට නම් හිනා ඉතින්.පව් මගෙ දුෂ්ඨයා.😀😃

“මං දුෂ්ඨ නෑ මහත්තයා.ඔයා තමයි දුෂ්ඨයා.කොයි වෙලේ බැලුවත් මට බනින එකමයි වැඩේ.අහිංසක මං පව් නැද්ද ඔහොම බනින්නෙ?…………..”

“නෑ තමුසෙ පව් නෑ.දැන් ඔය බෙහෙත් ටික දානවා.නැත්නම් තුවාලෙ තව වැඩි වෙයි තමුසෙ කියන ඒවට………….”

තුවාලෙට බෙහෙත් දාලා ඉවර වෙලා ප්‍රථමාධාර බොක්ස් එක සාලෙන් තියලා මං කුස්සියට ගිහින් ගිම්හාන් මහත්තයට බොන්න දොඩම් වීදුරුවක් හදාගෙන කාමරේට ආවා.

“මහත්තයා?………….”

“ඇයි?…………..”

“අනේ ඔය වැඩ නවත්තන්න මහත්තයා…………..”

“මොන වැඩද?……………”

“ඔය එක එක්කෙනා එක්ක රණ්ඩු කරන එක.මහත්තයා මහත්තයගෙ පාඩුවෙ ඔය බිස්නස් වැඩ කරගෙන ඉන්න………….”

“තමුසෙ දැන් මට කියන්නෙ උන්ගෙ කටවල් වලට බයේ ඉන්න කියලද?…………..”😡😡

අනේ දෙයියනේ මෙච්චර කේන්ති ගන්න දෙයක්ද මං කිව්වෙ?එයා ඒක අහපු විදියට මාව ගැස්සුනත් එක්ක. පුදුම නපුරු දුෂ්ඨකමක් තියෙන්නෙ මෙයාට.

“එහෙම නෙවෙයි මහත්තයා මං කියන්නෙ.ඒ මිනිස්සු මහත්තයගෙ ජීවිතේට අනතුරක් කරොත්.මට බයයි මහත්තයා ගැන……………”😥😥

“ඔහොම බය වෙලා බෑ සමනලී බිස්නස් කරන්න.ව්‍යාපාර වලින් දියුණු වෙද්දී අපිට හතුරො වැඩියි.අපි උන්ට බය වෙලා හිටියොත් අපිට මේ බිස්නස් ෆීල්ඩ් එකේ ඉන්න බෑ.තමුසෙට මේවා තේරෙන්නෙ නෑ……………”

ඔව් ඉතින් හැම දෙයක්ම තේරෙන්නෙ මෙයාටනෙ.ඔය හැටි සල්ලි හම්බකරන්නෙ මොකටද?සල්ලි හින්දා මෙයාට හතුරො වැඩියි.එයා නම් කියයි මගෙනෙ පපුව පිච්චෙන්නෙ.

තොල් මතුර මතුර සමනලී එහෙම කියද්දී ගිම්හාන් සමනලී දිහා බැලුවා. අනිවාර්යෙන්ම මේකි මට බනිනවා ඇති.පව් මේ පිස්සි මට ගොඩාක් ආදරෙයි.මට කරදරයක් වෙයි කියලා බයෙන් ඉන්නෙ.

ගිම්හාන් එහෙම හිතුවා.

නිදා ගන්න හැදුවත් බෙල්ලෙ තුවාලෙ හින්දා ගිම්හාන්ට හරියකට නිදා ගන්න බැරි වුනා.

“ඇයි මහත්තයා නින්ද යන්නෙ නැද්ද?………….”

“එක පැත්තකට හැරිලා ඉන්න බෑ ඕයි. ඔලුව රිදෙනවා.තුවාලෙ ගෑවෙනකොට දැවිල්ලයි රිදෙනවා……………”

එහෙම කියපු ගිම්හාන් මගෙ පපුව උඩින් ඔලුව තියා ගත්තා.

“අයියෝ මගුල මේක ගලෝනවා ඕයි මගෙ මූණෙ ඇනෙනවා මේකෙ බට්න් ටික……………”

එහෙම කියලා ගිම්හාන් මහත්තයා ඔලුව ඉස්සුවා.මං එයා දිහා රවලා බැලුවා.🤨

“මොකෝ රවන්නෙ ආ?මට කියලා ඔය සුදු මූණ රතු කර ගන්න ආසයිද?………….”

මං තොලත් හපාගෙන අහක බලා ගත්තා.මට නම් ලැජ්ජයි මේකා කියන කතාවල් වලට.බ්ලව්ස් එක ගලවලා දාලා හීනි පටි තියන ස්කිනි එකක් ඇඳ ගත්තා.ඊට පස්සෙ ගිම්හාන් මහත්තයා මගෙ පපුව උඩින් පැත්තකට හරවලා ඔලුව තියා ගත්තා.

“ඔලුව ටිකක් මසාජ් කරනවකෝ ඕයි………….”

මං එයාගෙ හිසකෙස් මත මගේ දෑඟිලි යවමින් සිටියා.

“සනීපයිද මහත්තයෝ?…………….”

“හ්ම්ම්.ආදරෙයි තමුසෙට ගොඩාක්…………….”

“මාත් ආදරෙයි මහත්තයට……………”

එහෙම කියලා මං එයාගෙ කම්මුලක් සිප ගත්තා.එයා මං ඇඳන් හිටපු ස්කිනි එකේ පටියක් පාත් කරලා ඒ මත සිපගෙන කම්මුලක් තියා ගත්තා.ටික වෙලාවක් යද්දි එයාට නින්ද ගියා.මං අපි දෙන්නටම සීට් එක පෙරෙව්වා.


“මහත්තයා අද ඔෆිස් යන්න එපා. බෙල්ලෙ තුවාලෙ සනීප වුනාම යන්න………….”

“අයියෝ මේක ගානක් නෑ ඕයි.දැන් අඩුයි.තමුසෙ බය නැතුව ඉන්නවා……………”

“පුදුම මුරණ්ඩුකමක් තියෙන්නෙ මේකගෙ…………..”

“මොකක්ද කිව්වෙ?………….”😠

“මොකුත් නෑ පරිස්සමින් ගිහින් එන්න කියලා කිව්වෙ…………..”

“මං පරිස්සම් වෙලා එන්නම් මැණික…………..”

උදේ කෑමත් කාලා ගිම්හාන් මහත්තයා ඔෆිස් ගියා.මට කන්න බෑ කියලා හිතුණු නිසා දොඩම් බීම වීදුරුවක් බීලා කාමරේට ආවා.නවකතා පොත අරගෙන බැල්කනියට ඇවිත් ඊයෙ නවත්තපු පිටුවෙ ඉඳන් කියවන්න පටන් ගත්තා.පිටු හතරක් පහක් විතර කියෙව්වා.ටිකක් වෙලා යද්දී ඇඟම සීතල වෙලා ඇවිත් බඩත් කලතගෙන ඔක්කාරෙට වගේ ආවා.පොතත් පුටුව උඩින් තියලා මං බාතෲම් එකට දිව්වා. වමනෙ ගියා කටත් සෙවලයි වගේ අප්පිරියාවකුත් දැනුනා.මූණ හෝදගෙන කාමරේට ඇවිත් ඇඳේ ඇල වුනා.මොකද දන්නෑ එකපාරටම වමනෙ ගියේ.උදේට නොකා හිටපු හින්දද?ටිකක් වෙලා ඇඳේ හිටපු මං ආපහු බැල්කනියට ගිහින් පොත කියෙව්වා.කටට සෙවල ගතියක් දැනුනු හින්දා පොත කාමරෙන් තියලා කුස්සියට ගිහින් අඹ ගෙඩියක් හෝදලා ලුණුත් එක්ක කෑවා.

“ඇයි නෝනෙ මේ?…………..”

“කට සෙවලයි නැන්දෙ.වමනෙත් ගියා. මං මේ අඹ ගෙඩියක් කන්න ගත්තෙ ලුණුත් එක්ක…………….”

“අනේ දෙයියන්ගෙ පිහිටෙන් සුභ ආරංචියක් වගේ මයෙ හිතේ.ඉන්න මං නෝනට කතා කරන්නම්……………”😀😀

එහෙම කියලා ප්‍රේමා නැන්දා කුස්සියෙන් ගියා.සුභ ආරංචියක්🤔🤔ඒ කියන්නෙ මං……🤰මගේ අත ගියේ මගෙ කුස මතට.එයා ඇවිත්ද?මගෙයි ගිම්හාන් මහත්තයගෙයි වස්තුව මං ගාවට ඇවිත්ද?😀😀😚මට දැනුනේ පුදුමාකාර සතුටක්.

“දුවේ?…………..”

“අම්මෙ?…………..”

අම්මගෙ මුහුණෙ තිබුනෙත් ලොකු සතුටක සේයාවක්.එයා මගෙ ඔලුව අත ගෑවා.

“ඕක කාලා ලෑස්ති වෙන්න දුවේ.අපි හොස්පිටල් එකට ගිහින් බලමු…………..”

මායි ගිම්හාන් මහත්තයගෙ අම්මයි හොස්පිට්ල් එකට ආවා.මාව පරීක්ෂා කරපු වෛද්‍යවරා කිව්වෙ මගෙ කුසට දැන් මාස දෙකකුත් සම්පූර්ණයි කියලා. අම්මයි මායි ගොඩාක් සතුටින් ආපහු ගෙදර ආවා.

“දෙයියන්ගෙ පිහිටයි දුවේ.මට ගොඩාක් සන්තෝශයි මෙච්චර ඉක්මනට මාව ආච්චියෙක් කරාට…………..”

“අම්මෙ ගිම්හාන් මහත්තයට කියන්නකො……………”

“දැන්ම කියන්න එපා.පුතා ගෙදර ආවම හිමීට කියන්න.එයා ගොඩාක් සන්තෝශ වෙයි……………”

මගෙ දුෂ්ඨ හබියා ගොඩාක් සන්තෝශ වෙයි එයා තාත්තියෙක් වෙන්න යනවා කියලා දැන ගත්තම.මං එයා ගෙදර එනකල් ඇඟිලි ගනිමින් බලාගෙන හිටියා.හවස පහට විතර ගිම්හාන් මහත්තයා ගෙදර ආවා.වොශ් එකක් දාගෙන රෑට කෑමත් කාලා කාමරේට ආවා.

“මහත්තයා තුවාලෙ හොඳයිද දැන්?……………”

“දැන් නම් අඩුයි.හෙටත් තමුසෙම බෙහෙත් දානවා.තමුසෙගෙ අත් ගුණේ හොඳයි……………”

ලයිට් එක ඕෆ් කරලා ටේබල් ලෑම්ප් එක ඔන් කරලා එයා ඇඳෙන් වාඩි වුනා. මාත් අනික් පැත්තෙන් එයා ගාවින්ම ඇල වුනා.

“තමුසෙ අද හරිම අමුතුයි.මොකෝ වුනේ?…………….”

එයා එහෙම ඇහුවේ කකුලක් මගේ බඩ උඩින් දා ගන්න හදමින්.මට බය හිතුණා.මං ටක්ගාලා එයාගෙ කකුල අහකට කලා.

“අනේ එපා මහත්තයා?……………”

“මොකද තමුසෙට වෙලා තියෙන්නෙ?පොඩ්ඩක් මෙහාට එනවකො…………..”

එහෙම කියපු ගිම්හාන් මහත්තයා මාව තුරුල් කර ගත්තෙ මට හිතන්නවත් වෙලාවක් නොදී.

“අනේ මහත්තයා පොඩ්ඩක් එහාට යන්නකො.ඔහොම මාව තද කරන්න එපා හොඳ නෑ…………….”

“ඒ ඇයි හොඳ නැත්තෙ?සංචරණ සීමා පනවලාද?…………….”😁😆🤣

මං එයාගෙ අතක් අරන් මගෙ බඩ උඩින් තියා ගත්තා.ප්‍රශ්නාර්ථ දෑසකින් මගෙ දිහා බලන් හිටපු ගිම්හාන් මහත්තයා මගේ ඉඟිය තේරුම් ගත්තා.

“මේ ඇත්තමද මගෙ රත්තරං.අනේ කියපන් වස්තුව.මට මේක අදහගන්න බෑ…………….”😀😀

සතුට වැඩි කමට ගිම්හාන් මහත්තයගෙ ඇස් වල කඳුලු.දැඩි භක්තියකින් මගෙ කුස සිපගත්තු ගිම්හාන් මහත්තයා මගෙ නලල සිප ගත්තා.

“මට ගොඩාක් සන්තෝශයි.මැණිකට ගොඩාක් පිං මාව තාත්තියෙක් කරාට…………….”

නැවත හමුවෙන තුරු විරාමයක්