දවල් දෙකට විතර අපි කේසරගේ තාත්තගෙ ගෙදරට ආවා.මම නම් හිටියෙ ටිකක් විතර බයෙන් වගේ.අපිට කේසරගෙ තාත්තා ආශිර්වාද කරත් මගෙ හිතට අමුතු බියක් ඇතුළු වුනා. ඒත් කේසරගෙ නම් හිටියෙ ෆුල් හැපි එකේ.එයාට නම් ඉතින් මොකද?ලෝකෙ පෙරලුනත් කේසරට නම් ගානක්වත් නෑ.නැව ගිලුනත් බෑන් චූන් සයිස් එකට කේසර ඉන්නෙ.
“මොකෝ තමුසෙ බය වෙලාද ඉන්නෙ? බය වෙන්න එපා අපේ තාත්තා තමුසෙව ලේලි විදියට පිළිඅරගෙන ඉවරයි.යමු ඇතුළට……………….”
මගෙ අතිනුත් අල්ලගෙන කේසර ගේ ඇතුළට ගියා.සාලෙ කැබිනට් එක උඩ කේසරගෙ තාත්තා සුදු පාට ජාතික ඇඳුම ඇඳලා ඉන්න ලොකු රාමු කරපු ෆොටෝ එකක් තිබුනා.
“වාඩි වෙනවා ඕයි.බය වෙලා වගේ ඉන්නෙ…………………”
එහෙම කියපු කේසර මාව සෙටියට තල්ලු කරලා එයත් මං ගාවින්ම වාඩි වුනා.මගේ කරට අත දාගෙන මගෙ නහය මිරිකුවා.එතකොටයි මං දැක්කෙ පඩිපෙල බැහැලා එන කේසරගෙ තාත්තව.රතු පාට කොටු කොටු සරමකුයි නිල් පාට කමිසෙකුයි කේසරගෙ තාත්තා ඇඳලා හිටියෙ.
“ඒයි පිස්සුද ඔයාට?අන්න තාත්තා එනවා…………………”
එහෙම කියලා මං කේසරව පැත්තකට තල්ලු කරලා මං පුටුවෙන් නැගිට්ටා. කේසරත් පුටුවෙන් නැගිට්ටා.
“වාඩි වෙන්නකො………………..”
“තාත්තෙ මේ ශනායා.ශනායා මේ මගෙ තාත්තා…………………”
මමයි කේසරයි තාත්තට දණ ගහලා වැන්දා.එයා අපි දෙන්නට ආශිර්වාද කරා.
“ඔය ළමයගෙ ඔතන මොකද තුවාල වෙලාද?……………….”
මගෙ පපුවෙ තියන තුවාල කැලල හොඳට පේනවා.මං කේසර දිහා බලලා බිම බලා ගත්තා.කොහොම කියන්නද මූ මාව තුවාල කරා කියලා.
“ඔව් තාත්තෙ තුවාල වෙලා………………”
“ඔච්චර ලොකුවට තුවාලයක්?මට හිතා ගන්න පුලුවන් මොකද වෙලා තියෙන්නෙ කියලා?…………………”
“ඒ කිව්වෙ ඩැඩී?………………..”
මට කලින් කේසර එහෙම ඇහුවා. කේසරගෙ තාත්තා මට මේ තුවාලෙ වෙච්චි විදිය දන්නවදත් කියලා සැක හිතුණා.
“මට ඒ දවසෙම ආරංචි වුනා තමුං බීච් එකේ නටපු නාඩගම.ඒත් මං හිතුවෙ නෑ ඒ මේ ළමයාමයි කියලා.පුදුමයි මෙච්චර දෙයක් කරලත් මේ කෙල්ල තමුසෙට කැමති වුනා කිව්වම…………………”
“අප්පච්චි අපි දැන් වෙඩින් එකක් ගන්නම ඕනිද?……………….”
කතා බහින් පිට පැනලා කේසර තාත්තගෙන් එහෙම ඇහුවා.මට නම් හිනා ඉතින්.එකපාරම මට මතක් වුනේ උදේ කේසරගෙ තාත්තා කෝල් කරපු වෙලාවෙ කේසරට කියපු නම “පුත්තලම් බූරුවා”😁😆🤣
“නැතුව ලබන මාසෙම වෙඩින් එකක් ගන්න ඕනි.අගමැතිතුමාටත් ඉනවයිට් කරලා හිල්ටන් එකේ ගම්මු.අද උදෙත් මං අගමැතිතුමාට කෝල් කරා……………….”
“එක දවසින් අරන් ඉවරයක් කරමු ඩැඩී.ලබන මාසෙ මැද හරියෙ දිනයක් දා ගම්මු………………..”
“එතකොට මේ ළමයගෙ අම්මා එහෙම කොහෙද ඉන්නෙ?……………….”
කේසරගෙ තාත්තා මගෙන් එහෙම ඇහුවා.
“තාත්තෙ මේ…..අම්මා ඉන්නෙ එයාලගෙ ගමේ.එයා ගොඩාක් අසනීපෙන් ඉන්නෙ.මෙහෙ ඉන්නෙ අප්පච්චියි ආන්ටියි විතරයි………………”
“හරි එහෙනම්.ඔයාලා දෙන්නා ලන්ච් එකත් අරන් යන්නකො.මට දැන් ගමනක් යන්න තියනවා………………”
එහෙම කියලා කේසරගෙ තාත්තා ගියා. මමයි කේසරයි දවල්ට කෑමත් කෑවා. සිහිනෙකින්වත් නොසිතුව විදියට කේසරගෙ තාත්තා අපේ ආදරේට ආශිර්වාද කරපු එක ගැන මං හිටියෙ ගොඩාක් සන්තෝශෙන්.ජීවිතේ හැම ප්‍රශ්නයක්ම අවසානයි මේ එන්නෙ සතුටින් ඉන්න කාලෙ කියලා මට හිතුණා.
“සතුටුයිද?………………”
පිටු පසින් ඇවිත් මාව තුරුල් කරගන්න ගමන් කේසර එහෙම ඇහුවා.මං එයාගෙ පැත්තට හැරිලා ඔලුව වනලා ඔව් කිව්වා.කේසර මගෙ මුහුණට වැටුනු කෙස් රොදක් අහකට කරලා මගෙ තොල්පෙති සිප ගත්තා.
“ඒ මේ මොකෝ?කවුරුහරි දකියි. මෙයාට නම් කිසිම ලැජ්ජාවක් නෑනෙ අම්මපා……………….”
මං ලැජ්ජාවෙන් එහෙම කියලා කේසර ළඟින් අහක් වුනා.
“ලැජ්ජ වෙන්නෙ මොකටද තමුසෙ මගෙ ගෑනිනෙ.මට පුලුවන් තමුසෙව ඕන තැනක කිස් කරන්න.කවුරු දැක්කත් මට මොකෝ……………….”
මං කේසර දිහා බලලා රවලා අහක බලා ගත්තා.
“රවන්නෙ මොකෝ ආ?මිරිකනවා තමුසෙගෙ……………”
“මිරිකයි……………..”
“ඇයි බැරිද?………………”
“ඔයා නම් හොඳ නෑ කේසර.හැම වෙලේම මාව අවුස්සනවා………………”
“තමුසෙ කුණු ගොඩක් නෙවෙයිනෙ අවුස්සන්න.යමු දැන් හවස් වෙන්නත් ළඟයි………………”
මමයි කේසරයි තුනහමාරට විතර ගෙදර යන්න පිටත් වුනා.
“කේසර අපෙ අම්මව බලන්න ගිහිල්ලා මේ ගැන කියමු.කවදටද අපි යන්නෙ?………………….”
“මේ දවස් ටිකේ නම් බෑ ශනූ.අපි වෙඩින් එකෙන් පස්සෙම යමුද?………………..”
“හ්ම්ම්.හා…………………”
එන ගමන් අපි දෙන්නා කොළඹටත් ගිහිල්ලා බීච් එකෙ ටිකක් වෙලා හිටියා. රෑ වෙන්න කිට්ටු වෙනකොට මුහුදු රැල්ල පාගන්න හරිම ආසයි.ඉර බැසගෙන යනවා හරිම ලස්සනයි. කේසර මගෙ අතින් අල්ලගෙන එයාගෙ ඇඟට තුරුල් කරගෙනමයි හිටියෙ. කාටවත් නොපෙන්නෙ කේසර මගෙ නලල සිප ගත්තා.
“අනේ කවුරු හරි දකියි කේසර……………….”
“ඉතින්?……………….”
“නපුරා……………….”
“දැන් යමු ගෙදර.ඊට පස්සෙ මං බලා ගන්නම්කො තමුසෙව.ආපු වෙලාවෙ ඉඳන් මට රවනවා පුප්පනවාමයි වැඩේ…………………”
“මං බය නෑ………………..”
“හරි බලමුකො මැඩම්……………….”
කේසරයි මගෙ අතින් අල්ලලා ඇදගෙනම මුහුදු වෙරලෙන් ගොඩට ආවා.මුහුදු වතුරට මාව හොඳටම තෙමිලා.මේ හුළං හින්දා සීතලයිත් එක්ක.
“අපි ඉක්මනට යමු කේසර.සීතලයි අනේ මාව හොඳටම තෙමිලා……………….”
“ආ මේ ජැකට් එක දාගන්නවා.නැත්නම් සීතලට තමුසෙව වෙව්ලයි……………….”
කේසර එයාගෙ ජැකට් එක මට ඇන්දෙව්වා මාව තෙමිලා සීතල අල්ලපු නිසා.
මුහුදු වැල්ලේ ඈතින් නවතා ඇති උකුසු ඇස් දෙකක් මේ ආදරණීය යුවල වෙත එල්ලව තිබුනා.ආරෂක භටයින් කිහිප දෙනෙකු පිරිවරා කළු පැහැති ඩිෆෙන්ඩර් වර්ගයට අයත් ජීප් රථයක පිටු පස අසුනේ සිටිනා ඇය විසි පස් හැවිරිදි තරුණියකි.ඇය නමින් මිෂෙල්.
වත්මන් ආන්ඩුවේ ප්‍රබල කැබිනට් අමාත්‍යවරයෙකු වන එඩ්වඩ් සමරක්කොඩිගේ බාල දියණියයි.ටික වෙලාවක් ශනායා සහ කේසර දෙස බලා සිටි ඇය දුරකථන ඇමතුමක් ලබා ගත්තා.
“හෙලෝ ඩගී මං ෂනායා……………….”📲
“ආ ඔව් කියන්න මැඩම්……………….”📲
“මං දැන් තමුසෙට පින්තූරයක් එවනවා. ඒකෙ ඉන්න කෙල්ලව ඉක්මනට මං ගාවට අරන් එනවා……………….”📲
“ඕකේ මැඩම්……………..”📲
දුරකථන ඇමතුම විසන්ධි කරපු මිෂෙල් ඩගීගේ ජංගම දුරකථනයට ශනායාගේ පින්තූරයක් යැව්වා.මද වේලාවකින් ඩගී ඇයට නැවතත් දුරකථන ඇමතුමක් ගත්තා.
“ඇයි ඩගී.මං එවපු ෆොටෝ එක තමුන් බැලුවනෙ හොඳට?………………”📲
“ඔ…..ඔව් මැඩම්.මේ අර කේසර රන්දිව්ගෙ වයිෆ්නෙ…………………”📲
“ඔව්.මෙයාව තමයි තමුන් කිඩ්නැප් කරන්න ඕනි.පුලුවන් තරම් ඉක්මනට වැඩේ වෙන්න ඕනි…………………”📲
“ඒත් මැඩම් හොඳට දන්නවනෙ කේසර බොස් ගැන.බැරි වෙලාවත් මේක කරේ අපි කියලා දැන ගත්තොත් එහෙම කේසර බොස් අපේ පව්ල් පිටින් ඉවරයක් කරලා දායි මැඩම්.අනේ අපිට නම් බෑ මේක කරන්න………………..”📲
“ඩගී……………….”😡😡📲
මිෂෙල් කෑ ගැසූ ආකාරයට ඩගී බිය වුනා.ඇය කෙසේ හෝ තමා ලව්වා මේ වැඩේ කරගන්නවා යැයි ඔහුට සිතුණි. නමුත් මෙය සිංහයාගේ කටට අත දමනවා වගේ වැඩකි.යම්කිසි හෙයකින් මෙය කේසරගේ කනට ගියොත් එය තමාගේ අවසානය බව ඩගීට සිහි විය
“මැඩම්………………”📲
“මේ අහනවා ඩගී.තමුසෙලාට මේවා අලුත් වැඩ නෙවෙයිනෙ.මීට කලින් තමුසෙලා මේ විදියට ගෑණු කී දෙනෙක්ව කිඩ්නැප් කරලා තියනවද කියලා මං මතක් කරලා දෙන්න ඕන්නෑනෙ.ඒවා පින්තූරත් එක්කම මං ගාව තියනවා.ඒවා පොලීසියෙ අතට ගියොත් තමුන්ටයි අනික් උන්ටයි එල්ලුම් ගස් යන්න වෙයි.ඒ හින්දා පුලුවන් තරම් ඉක්මනට මගේ වැඩේ කරනවා.ගාන කීයක් වුනත් කමක් නෑ………………”📲
“හ…..හරි මැඩම්.අපි වැඩේ බාර ගන්නම්………………..”📲
“වෙරි ගුඩ්.මුලින්ම සතියක් දෙකක් කෙල්ල ගැන සර්ච් එකේ ඉන්නවා.ඊට පස්සෙ හොඳට ප්ලෑන් කරලා ඒකිව උස්සනවා.ඊට පස්සෙ වෙන්න ඕනි ටික මං තමුසෙට පස්සෙ කියන්නම්……………….”📲
“ඕකේ මැඩම්………………….”📲
ඇමතුම විසන්ධි කෙරූ මිෂෙල් කේසර හා ශනායා සිටි වාහනේ දෙස බැලුවා.ඒ වන විටත් එම වාහනය එතනින් ගොස් හමාරය.ඇයගේ නෙත් කෝපයෙන් දිලිසුනි.ශනායා ගැන ඇගේ සිතේ තදබල වෛරයක් හට ගැනුනි.තමාගේ පියා තමා කේසර සමඟ විවාහ වන්නට කැමතියිදැයි ඇසූ මොහොතේ පටන් තමාගේ සිතේ කේසර ගැන ඇති වූයේ පුදුමාකාර ආදරයකි.ඊටත් වඩා ඇය කේසරගේ දේපළ වලට හා සමාජ තත්වයටත් බිස්නස් වලටත් ආදරය කරාය.කෙසේ හෝ කේසරව ශනායාගෙන් ඈත් කොට තමා වෙතට ලං කර ගත යුතුය.ඇය එසේ අධිෂ්ඨාන කර ගත්තාය.
“හිතුවටත් වඩා වෙනස් විදියට හැම දෙයක්ම වෙනස් වුනා නේද කේසර?………………”
“ඔව් ශනූ.පුලුවන් තරම් ඉක්මනට වෙඩින් එක ගම්මු……………….”
“ඇයි ඒ පුලුවන් තරම් ඉක්මනට කිව්වෙ?………………..”
“නෑ නිකන්.ඊට පස්සෙ අපි දෙන්නා අලුත් ගෙදරට යමු………………”
“හ්ම්ම්.ඔයා හින්දා හිතුවටත් වැඩිය ලස්සන ජීවිතයක් මට ලැබුනා කේසර…………………”
“මටත් මැණික.තමුසෙ හින්දා මගෙ මුලු ජීවිතේම වෙනස් වුනා………………..”
කතාවෙන් කතාවෙන්ම අපි දෙන්නා ගෙදරට ආවා.ලුණු වතුරට මගෙ කොණ්ඩෙත් හොඳටම තෙමිලා. ඉක්මනට බාතෲම් එකට ගිහිල්ලා නා ගන්න ඕනි.
“බලනවා ශනූ තමුසෙ වැල්ලෙ නටලා මගෙ ඇඟෙත් වැලි.ගස් හිවලි…………….”😁😉
“පුත්තලම් බූරුවා………………”😂😉
“මොකද්ද කිව්වෙ?…………….”
“පුත්තලම් බූරුවා කියලා කිව්වෙ.ඇයි ඇහුනෙ නැද්ද?…………….”😂😉
විරිත්තලා එහෙම කියපු මං ටක්ගාලා ටවල් එකත් අරන් බාතෲම් එකට පැනගෙන දොර ලොක් කරන්න හැදුවත් කේසරත් බාතෲම් එකට පැන්නා.
“ඌයි මෝඩයො තව පොඩ්ඩෙන් මගෙ අතත් අහු වෙනවා දොරට………………..”
“තමුසෙ මටද කිව්වෙ පුත්තලං බූරුවා කියලා?ආ කියපන්…………………”
එහෙම කියපු කේසර මගෙ කට දෙපැත්තෙන් හයියෙන් අල්ලගෙන තද කරලා සිප ගත්තා.තප්පර කිහිපයක් ගත වූ තැන මගේ යටි තොලේ එක පැත්තක් හැපුවා.මට ඌයි ගාලා කෑ ගැස්සුනා.
“ආව්…..ඒක නම් රිදුනා කේසර.බලන්න ලේ එනවද දන්නෑ මගෙ කටෙන්. කොටියෙක්ම තමා ඔයා නම්…………………”
තොල අල්ලගෙන එහෙම කියපු මන් කේසර දිහා බලලා රැව්වා.එයා මගෙ අතින් ඇදගෙන ශවර් එක යටට ගියා.
මං ඇඳන් හිටපු ගව්මෙ කර අතින් පන්නලා දාපු කේසර මගෙ උරහිස් මත දෙතොල් තැබුවා.ඊට පස්සෙ මගෙ ගෙල දෙපස උමතුවකින් වගේ සිපගත්තා. කරෙන් පැන්නූ ගව්ම බිමට පතිත වුනා. ශවර් එක ඇරපු කේසර අපි දෙදෙනාවම මැද්දට හිටින සේ ශවර් එක යටට ආවා.
“දිය කිඳුරියක් වගේ………………..”
මගේ කනට කරලා රහසින් වගේ කේසර එහෙම කිව්වා.මට ලැජ්ජ හිතුණා.මගේ පිට වටා දෑත් යවපු කේසරගේ දෑඟිලි වල පහසින් මගේ සිරුර මත් වුනා.නාලා ඉවර වුනාට පස්සෙ මගෙ ඔලුව පිහ දාපු කේසර මට ටවල් එක මගෙ ඇඟට දැම්මා.මං ඒ ටවල් එක ඇඳගෙන කාමරේට ගියා.
“කේසර………………”
“මොකද ඕයි බෙරිහන් දෙන්නෙ?………………”
“කෝ මෙතන තිබුනු මගෙ ස්කිනි එක………………..”
“ඒක මං ඇඳ ගත්තා…………………”🤣😂
මටත් පිස්සුනෙ දැන් තිබ්බ ඇඳුම කොහෙද තිබ්බෙ කියලා මතක නෑ. මෙලෝ සිහියක් නෑනෙ ඉතින් මටත්.මේ යකා හින්දා මගෙ මොලේත් හොඳටම අවුල් වෙලා.සිහි කල්පනාවත් මදි වගේ දැන් නම්.
ශනායා බැන බැනම ඇගේ ස්කිනි එක හොයනවා.අල්මාරිය ඇරලා බලනකොට ඒක පැත්තක තිබුනා.
“හම්බුනාද තමුසෙගෙ ඔය මොකක්ද එක?……………….”
“හම්බුනා.අල්මාරියෙ තිබුනෙ මට අමතක වෙලා……………….”
“සිහි කල්පනාව මදි තමුසෙගෙ………………”
එයා එහෙම කියලා මගෙ කොණ්ඩෙ අවුල් කරා.කණ්ණාඩිය ඉස්සරහට ගිහින් මගෙ උරහිසෙන් නිකට තියා ගත්තා.දැන් අපි දෙන්නවම කණ්ණාඩියෙන් පේනවා.එයාගෙ තෙත සහිත කොණ්ඩෙන් තාමත් දිය බිඳු මුහුණ පුරා බේරෙනවා.පිස්සු යකා බාගෙට කොණ්ඩෙ පිහදාගෙන තියෙන්නෙ.
“ඔයා බාගෙටනෙ කොණ්ඩෙ පිහදාලා තියෙන්නෙ කේසර.කෝ එන්න මෙහාට ඔලුව පිහදාන්න………………..”
මං ටවල් එක අරන් කේසරගෙ ඔලුව පිහදැම්මා.ටිකක් වෙලා යද්දී මගෙ පපුව මතින් මුහුණ තියා ගත්තු කේසර මාව එයාගෙ ඔඩොක්කුවෙන් වාඩි කරවගත්තා.වෙලාවකට කේසර හරියකට පුංචි දරුවෙක් වගේ.
“ඇයි මහත්තයෝ?………………….”
“ආදරේ හිතෙනවා.මැණික ගාව සුවඳයි………………..”
එයා එහෙම කියලා කැලැල් සහිත මගෙ පපුව ඇඟිලි තුඩු වලින් පිරි මැද්දා.මුවින් නොකිව්වට මං දන්නවා මේ තුවාල කැලල දකිද්දී කේසරගෙ හිත නොසෑහෙන්න දුක් වෙනවා.මං කේසරගෙ අත් අල්ලගෙන මුවට තියලා සිප ගත්තා.
“ඔයාට කෝපි එකක් හදාගෙන එන්නද කේසර?……………….”
“හ්ම්ම්……………….”
නැවත හමුවෙමු