එහාට යනවා.මට නිදා ගන්න දීලා……………”
“ඉතින් නිදා ගන්න.මං එපා කිව්වයැ…………..”😆
මං ඇඟිලි තුඩු වලින් ගිම්හාන්ගේ පපුව පිරිමැද්දා.එයා මගෙ දිහා හැරිලාවත් බැලුවෙ නෑ.අනික් පැත්තම හැරිලා හිටියා.මාව ගනං ගත්තෙම නෑ. වෙනදා වගේ මාව තුරුල් කරගෙන නිදා ගනියි කියලා හිතුවත් එයා අද එහෙම කරේ නෑ.තාම ඇත්තෙ මං ගැන තරහින් වෙන්න ඇති.මං අනික් පැත්ත හැරිලා නිදා ගත්තා.
හිසේ වේදනාව නිසා මට පාන්දර හරියකට නින්ද ගියේ නෑ.උදේ අටට විතර නැගිටිද්දී ඔලුව ගොඩාක් රිදෙන්න ගත්තා.ඔලුවත් අල්ලගෙන අමාරුවෙන් වගේ නැගිටලා බාතෲම් එකට ගිහින් දත්මැදලා මුහුණ කට හෝදගෙන කාමරේට ආවා.ගිම්හාන් ඔෆිස් යන්න ඇති කියලා හිතුවත් එයා ඔෆිස් ගිහිල්ලා නෑ.තේ කෝප්ප දෙකත් අරගෙන කාමරේට ආවා.මං ඔලුවත් අල්ලගෙන ඇඳෙන් වාඩි වුනා.
“මොකෝ කලන්තෙයිද?…………..”
“අනේ ඔලුව රිදෙනවා අප්පා.තුවාලෙ ගොඩාක් කැක්කුමයි අනේ…………..”
“එපා කියපු දේවල් නොකර හිටියා නම් ඔහොම වෙන්නෑනෙ.ගොඩාක් රිදෙනවද?…………..”
“ඔව් අනේ.මීට වඩා හොඳයි මැරුනා නම්…………..”😥
“අනේ මගෙ යකා අවුස්සන්නෙ නැතුව හිටපන්.කෝ ඔහොම ඉන්නවා………….”😠😠
එයා ඇඳ උඩින් වාඩි වෙලා මගෙ ඔලුව එයාගෙ ඔඩොක්කුව උඩින් තියාගෙන හෙමින් හෙමින් මගෙ ඔලුව පිරිමැද්දා. ටිකක් වෙලා යද්දී හරිම සනීපයක් දැනුනෙ.මුගෙ හිතේ මං ගැන අනුකම්පාවකුත් තියනවා එහෙනම්.
“ඔෆිස් යන්නැද්ද මහත්තයා?…………”
“අද යන්නෑ………….”
අපරාදෙ ගිම්හාන් මහත්තයා එපා කියද්දී මං ෆේස්බුක් හදලා දැන් මට ෆෝන් එකත් නෑනෙ.මූ ඒක පොලවෙම ගැහුවනෙ කැඩෙන්නම.ශික්…මාත් එපා කියන දේම කරලා දැන් සිංදු අහන්නත් නෑ.ගේම් ගහන්නත් නෑ.ආයෙ ෆෝන් එකක් ඉල්ලන්නත් හිතයි ෆේස්බුක් යන්නෑ කියලා පොරොන්දුම වෙලා.
“මහත්තයා?…………”
“ඇයි?………….”
“දවල්‍ට කම්මැලියි අනේ.හරිම පාළුයි…………..”
“ඉතින්?………….”
“මං මහත්තයට පොරොන්දු වෙනවා ෆේස්බුක් යන්නෙ නෑ.මට ෆෝන් එක් අරන් දෙන්නකෝ සිංදු අහන්නයි ගේම් ගහන්නයි විතරක්…………..”
“අනෙ අම්මපා තමුසෙට ලැජ්ජාවක් නැද්ද ඕයි?ඊයෙ මෙච්චර ගුටි කාලා කාලා අද ආයෙත් පාරක් ෆෝන් එකක් ඉල්ලනවා.ෆෝන් එකක් ඉල්ලලා තිබ්බොත් කඩනවා උඹේ අඬු.එච්චරයි උඹට අඩු වුනේ…………..”😡😡
“අනේ බනින්න එපා මහත්තයා.තවත් ඔලුව රිදෙනවා.මං කිව්වෙ මට කම්මැලියි පාලුයි කියලා………….”
“තමුසෙ පොත් කියවන්න එහෙම කැමතිද?නවල් එහෙම?…………”
“ම්ම්ම් ඔව්.මං ආසයි නවකතා කියවන්න……………”
“මං තමුසෙට පොත් ටිකක් ගෙනත් දෙන්නම්.කම්මැලි වෙලාවට කියෝනවා.සිංදු අහන්න ඕන්නම් සීඩී එකක් දාලා අහනවා.ෆිල්ම් එකක් දාගෙන බලනවා.ඔය එක එක කෑම ජාති එහෙම හදනවා කේක් පුඩිං එහෙම……………”
“අනේ ඒක නම් හොඳයි.මාත් කැමතියි කෑම හදන්න.තුවාලෙ හොඳ වුනාම මොනවහරි හදන්න ඕනි…………..”
“හදනවකො මාත් කන්නම්.බඩවත් යන්නතෑ…………..”😂🤣😁😉
“අනේ මේ මං හදන කෑම කාලා බඩ යන්නෑ…………..”😠😆😁
කමක් නෑ ෆෝන් එකක් අරන් නොදුන්නට.ෆෝන් එකක් නෑ වගේ නෙමෙයිනෙ මූ තරහ වුනාම.ඔයින් ගියා මදෑ.මං හිතුවෙ ගිම්හාන් මහත්තයට තරහ ගිය විදියට මාව ඩිවෝස් කරලා දායි කියලා.තරහ ගියාම යකෙක් වගේ.හරිම නපුරුයි. කිසිම අනුකම්පාවක් නෑ මං ගැන.
“මාත් එක්ක තරහ නෑ නේද මහත්තයා?………….”
“තරහයි.තමුසෙ මං කියන දෙයක් අහන්නෑනෙ.එපා කියන දේමයි කරන්නෙ.එතකොට මට කේන්ති යනවා………….”
“තරහ වෙන්න එපා මහත්තයා.දැන් ඒක අමතක කරලා දාන්නකො.ආයෙ මං මහත්තයා එපා කියන දේවල් කරන්නෑ………….”😥😥
“ඒ වුනාට මගෙ හිත සෑහෙන්න රිදුනා තමුසෙ හින්දා……………”
“සමාවක් දෙන්නම බැරිද මහත්තයා?……………”
“පලවෙනි පාර හින්දා සමාව දෙන්නම්. ආයෙ මං එපා කියපු දෙයක් කරලා මාව කේන්ති ගස්සලා තිබ්බොත් එහෙම කකුල් දෙකම කඩලා දානවා………….”
යකෝ කකුල් කඩන්න මූ හිතුවද දන්නෑ පතෝල,වැටකොළු කියලා.කමක් නෑ ඉතින් මොනවා කිව්වත් සමාව දුන්නනෙ.මං ගිම්හාන් මහත්තයගෙ අතක් අරගෙන මගේ මුවට තියලා සිප ගත්තා.
“ඉඹගන්න පුලුවන් පස්සෙ.දැන් කිරි එක බීලා ඉන්නවා නිවිලාත් ඇති. ඔහොම ඉඳගෙන ඉන්නවා…………..”
ගිම්හාන් මහත්තයා මට නවකතා පොත් ගොඩාරියක් ගෙනල්ලා දුන්නා. මං කම්මැලි වෙලාවට ඒ පොත් කියෙව්වා.පොත් බලාගෙන එක එක ජාතියෙ කෑම හැදුවා.ඒවා හරිම රසට තිබුනා.රෝල්ස්,පැටිස්,කේක් ජාති එහෙම ගොඩාක් හැදුවා.
දැන් නම් මගෙ නලලෙ තුවාලෙ ගොඩාක් හොඳයි.මුල් දවස් වල ගිම්හාන් මහත්තයා මාව නෑව්වෙ.මං හිතුවෙ එදා යකෙක් වගේ ආරූඨ වෙලා මට තලපු විදියට මේකා කවදාවත් මගෙ මූණවත් බලනෙකක් නෑ කියලා.
ගිම්හාන් මහත්තයා මගෙ බෙල්ල වටේට අත්දෙක යවලා කම්මුලක් සිප ගත්තා.
“මේ මොකෝ මෙයා මේ හුරතල් වෙන්න හදන්නෙ?………….”
“නිකන් ඉතින්.මං කොහොමත් හුරතලානෙ………….”😃😃
“හොඳ හුරතලා.මේ වයසටද හුරතල් වෙන්න මතක් වුනේ?…………..”
“එහෙනම් හුරතල් වෙන්න එක්කෙනෙක් ගේමුද මෙහෙට………….”
මගේ කුස අතගාමින් ගිම්හාන් මහත්තයා එහෙම කිව්වා.
“හ්ම්ම් හා………….”😚😚
මං එයාගෙ කම්මුලක් පිරි මැද්දා. ගිම්හාන් මහත්තයා මාත් එක්කම ඇදේ සැතපුනා.එයා මං ඇඳන් හිටපු බ්ලව්ස් එකේ බට්න් එක ගැලෙව්වා.
“පහු ගිය දවස් ටිකේම මොකුත් කරගන්නවත් බැරි වුනා ඔලුව පලාගෙන හිටපු නිසා.අද නම් මගෙන් බේරෙනවා බොරු මැණිකේ.කෝ මෙහාට වරෙන්…………..”
ගිම්හාන් මහත්තයා මං ඇඳන් හිටපු බ්ලව්ස් එක ගලෝලා පැත්තකට දාලා මාව ඇඳට පෙරල ගත්තා.මට ලැජ්ජයිත් එක්ක මුගෙ දඟ වැඩ වලට.
“මොකෝ ලැජ්ජයිද මැණිකෙට ආ?…………..”
“ඔයා මාව ලැජ්ජ කරනවා මහත්තයා. අනේ…………..”
“ගොඩාක් රිද්දනවා අද නම් තමුසෙට. පහුගිය කාලෙ කරපුවට…………..”
“අනේ ඉතින් මං මොකුත් කරේ නෑනෙ. ඒකට හරියන්න මහත්තයා මගෙ ඔලුව පැලුවෙ……………”
“බෑ බෑ.කෝ මෙහාට හැරෙනවා පිස්සි…………..”
“ඌයි අම්මේ…………..”
මගේ ළමැදේ එක් පැත්තක් ගිම්හාන් මහත්තයාගෙ දත් වලට ග්‍රහණය කර ගත්තා.මට ඌයි අම්මේ කියලා කෑ ගැහුනා එකපාරටම.
“කෑ ගහන්න එපා ගෑණියෙ.අම්මට ඇහුනොත් එහෙම වස ලැජ්ජාව. බෙරිහන් දෙන්නෙ හරියට මීට කලින් මොකුත් නොකරපු ගානටනෙ…………”
“අනේ සොරි මහත්තයා මට එකපාරටම කෑ ගැස්සුනා.ඔයා හරිම නපුරු වෙලා…………….”
මං එහෙම කිව්වේ එයාග කම්මුලේ හාදු තවරන ගමන්.
“එහෙම තමයි ඉන්න ඕනි.නැතනම් මේ ගෑණුන්ව හදන්න බෑ.සැරට තදට ඉන්න ඕනි……………”
“මං ඉතින් මහත්තයා කියන දේ අහනවනෙ…………….”
“හ්ම්ම්……………”
මගේ සිරුරේ සෑම අංශු මාත්‍රයක්ම එයාගෙ දෑගිලි වල පහසට ලක් වුනා.ඒ දෙතොල් මගේ ළමැද පුරා දඟකාරකම් කරද්දී මගේ මුවින් නැගුනු කෙඳිරිලි හඬවල් හමුවේ කෙමින් කෙමින් එයාගේ ග්‍රහණය රළු වුනා.වේදනාබර පහසවල් හමුවේ අනුරාගී හෝරාවක් ගෙවී ගියා.එයා තාමත් මගේ සිරුර උඩ හති අරිනවා.
“මහත්තයා අනේ චුට්ටක් එහාට යන්නකො…………..”
මගේ නලලට හාදුවක් දීලා එයා මගේ සිරුරින් මෑත් වුනා.
“මොකෝ මේ මහන්සිද ආ?………….”
“ඔයා අද ගොඩාක් රිද්දුවා මහත්තයා…………..”
“ඉතින් තමුසෙ තරහයිද ම්?ආදරෙයිනෙ තමුසෙට…………..”
“තරහ නෑ මහත්තයාත් එක්ක.මං බාතෲම් එකට ගිහින් එන්නම්……………”
එහෙම කියලා මං ටවල් එකත් ගත පටලවගෙන බාතෲම් එකට ගියා. පපුව පුරායි ගෙල පුරායි දත් පාරවල්. හොඳටම රතු වෙලා.එයාගෙ දඟ වැඩ තමා ඉතින්.දාඩියයි හින්දා මං ඇඟ හෝද ගත්තා.ටික වෙලාවකින් ගිම්හාන් මහත්තයත් බාතෲම් එකට ඇවිත් ඇඟ හෝදගත්තා.
“යමු මහත්තයා දැන් හොඳටම නිදිමතයි මට…………..”
“ඔව් ඕයි මටත් නිදිමතයි.තමුසෙත් ඔට්ටු අල්ලලා වෙලාව යනවා දැනුනෙ නෑ……………”
“ඉතින් නිකන් ඉන්න තිබ්බනෙ…………..”
“එහෙම කොහොමද නිකන් ඉන්නෙ මේවා දිහා බල බල…………..”
මගෙ පිටුපසින් සිට කණ්ණාඩියෙන් පෙනෙන මගේ රුව දෙස බලමින් ගිම්හාන් මහත්තයා එහෙම කිව්වෙ මා ඇඳ උන් ටවල් එක ටිකක් පහතට අදිමින්.මං ටවල් එක ඔහුගෙන් මුදවාගෙන අනික් පැත්ත හැරිලා එයාගෙ මුහුණට හැරුනා.
“මොකෝ මේ මදි වෙලාද?අනේ නිදි මතයී…………..”
“යමු නිදා ගම්මු…………..”
ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ගිම්හාන්ට කෙතරම් හතුරන් සිටියත් ඔහුගේ ප්‍රධානතම හතුරා වූයේ ලොයිඩ් වර්ණසූරියයි.ඔහු ගිම්හාන්ගේ කලින් පෙම්වතිය වූ ඉරේෂාගේ පියා ය. ලොයිඩ්ගේ බිස්නස් කඩන් වැටීමට මූලික හේතුව වූයේ ගිම්හාන්ගේ ව්‍යාපාරයි.කිහිප වරක්ම ලොයිඩ්, ගිම්හාන්ව මරා දැමීමට උත්සහ කරත් කුමක් හෝ දෙයකින් ඔහුට එය කරගන්නට බැරි විය.ඒ ගිම්හාන් වටා සිටින ඔහුගේ ආරක්ෂක භටයින් නිසාය.
ගිම්හාන් කොළඹ පිහිටි තමාට අයත් හෝටලයකට ගොස් එමින් සිටින අතරතුරදී ලොයිඩ්ගේ මැරයින් කිහිප දෙනෙක් පාර හරස් කරමින් සිටියේ ලොයිඩ්ගේ කන්ට්‍රැක් එකකට ගිම්හාන්ට පහර දීමටය.නමුත් ගිම්හාන්ගේ වෑන් රථයේ පිටුපස සිටි ආරක්ෂක භටයින් නිසා ඔවුන්ගේ වැඩේ වැරදුනි.වෑන් රියෙන් එලියට බැස ගත් ගිම්හාන් ලොයිඩ්ගේ මැරයෙකු වන රොස්කා වෙත ගොස් ඔහුගේ ටී ෂර්ට් එකේ කොලර් එකෙන් ඇද ඔහුගේ හිසට පිස්තෝලය දිගු කරේය.
“අනේ බුදු සර් මාව මරන්න එපා.අපි ආවෙ ලොයිඩ් සර්ගෙ කීමට.අනේ අපිට යන්න දෙන්න.අනේ මාව මරන්න එපා සර්……………”🙏🙏
“මං උඹට යන්න දෙන්නම්.හැබැයි තෝ මේක ගිහින් ලොයිඩ් කාරයට කියපන්. ඌට බෑ මාව වට්ටන්න.මාව මරන්න ඇවිත් ඌම උගෙ විනාශය ලං කර ගන්නෙ.ආයෙ මෙ වගේ දෙයක් කරන්න උත්සහ කරොත් මගෙන් සමාවක් නම් නෑ…………..”😡😡
ගිම්හාන්ගේ ගෙල පිටුපස වීදුරු කටුවලට සීරිලා තිබුනා.ඔහුට ඒක එතරම් ගානක් නෑ.නමුත් ඔහු නිවසට පැමිණි වෙලේ ඔහුගේ කමිසයේ ලේ තැවරී තිබෙනවා දුටු සමනලී බිය වුනා.
නැවත හමුවෙන තුරු විරාමයක්