මැඩම් ලෑස්තියිද දැන් වත්?අනේ අම්මපා මේ ගෑණුන්ට නම් සාරියක්වත් ඇඳ ගන්න බෑනෙ ටක්ගාලා.වරුවක් විතර යනවා ඒක අඳින්නත්……………….”😠

කේසර කාමරේ ළඟට ඇවිල්ලා දැන් දෙතුන් වතාවක්ම බලලා ගියා ශනායා ලෑස්ති වෙලා ඉවරද කියලා.ඒත් කේසර එන හැම වෙලාවක්ස්ම ශනායා ලෑස්ති වෙලා ඉවර නෑ.දැන් කේසරට මළ පැනලා ඉන්නෙ ශනායා නිසා.

“අනේ බනින්න එපා කේසර.පොඩ්ඩක් එන්නකෝ අනේ……………….”

කේසර කාමරේ ඇතුළට ගියා ශනායා මොකද පරක්කු කියලා බලන්න. නහයෙන් ඇඬුවට මොකෝ ශනයා ලස්සනට රෝස පාට ඉන්දියන් සාරිය ඇඳලා හිටියෙ.ලස්සනට මේකප් එක දාලා කොණ්ඩෙ කඩා දාලා හරියට හින්දි නිළියක් වගේ ඇය ලස්සනයි.

“ඇයි මොකෝ වුනේ?ඔය ගානට ඇඳලා තියෙන්නෙ සාරිය.නිකන් බොරුවට චුරු චුරු ගාන්නෙ………………..”😠

“අනේ මේ බලන්නකො කේසර.මේ තුවාල කැලල පේනවනෙ.සාරි ජැකට් එකට මේක වැහෙන්නෙ නෑනෙ……………….”😫

ශනායාගේ පපුවෙ තිබුනු තුවාලෙ දැන් සනීපයි.ඒත් සාරිය ඇන්දාම ජැකට් එකට තුවාලෙ තියන හරිය වැහෙන්නෙ නැති නිසා ඒ තුවාල කැලල පිටට පේනවා.සාරියෙ පොටෙන් ඇය තුවාල කැලල වහගන්න අසාර්ථක උත්සහයක යෙදෙමින් සිටියා.ඒ ගැන කේසරගෙ හිතෙහි දුකක් ඇති වුනා. තමා නිසානෙ ඇයට මෙහෙම වුනේ. ඔහු ඇය අසළට ගොස් ඇගේ සාරි පොට තව ටිකක් උඩට කරා.

“මේ සාරිය ගලවලා මං ඊයෙ අරන් දීපු ගව්ම ඇඳ ගන්න.ඒකට මේ හරිය වැහෙනවනෙ……………….”

කේසර එහෙම කිව්වත් ශනායට හිතුනෙ නෑ සාරිය ගලවලා ගව්ම අඳින්න.කේසර තමන්ට මේ සාරිය අරන් දුන්නෙ ගොඩාක් ආසාවෙන්. ඉතින් ඇයට හිතුනෙ නෑ කේසරගෙ සතුට නැති කරන්න.

“කමක් නෑ කේසර තුවාලෙ බාගයයිනෙ පේන්නෙ.මෙහෙම හොඳයි………………”

“තරහයිද?………………”

“නෑ………………..”

“එහෙනම් යමු පල්ලෙහාට.නැකත හරි දැන්………………..”

කේසරයි මමයි දෙන්නම සාලෙට ආවා. රෙජිස්ටාරුත් ඇවිල්ලයි හිටියෙ.සුභ මොහොතින් අපේ විවාහය ලියා පදිංචි කෙරුනා.සාක්කියට අත්සන් කරේ වික්‍රම් සහ රොනාල්.මේ අවස්ථාවට එක් වුනේ ඔවුන් දෙන්නයි අයිරා ඇන්ටියි විතරයි.

“බොස් එහෙනම් මං දැන් ගිහින් අපිට හවසට සෙට් වෙන්න බඩු අරන් එන්නද?…………………”

රහසින් වගේ වික්‍රම් කේසරගෙන් අහපු එක මටත් හොඳටම ඇහුනා.තුන් දෙනාම එකතු වෙලා හවසට බොන්න වගේ හදන්නෙ.මං දැක්කා කේසරත් අයිනකට ගිහින් වික්‍රම්ට මොන මොනවදෝ කියනවා.මං බලලා රවලා අහක බලා ගත්තා.මං දැක්කා ඊට පස්සෙ කේසර මං ගාවට එනවා.

“මොකද මේ රවන්නෙ ආ?බැඳලා පැයක් ගියේ නෑ දැන් මට රවන්නත් ගත්තා………………..”

කේසර මගෙ අතේ බාහුවෙන් අල්ලගෙන එහෙම ඇහුවා.

“මොනවද වික්‍රම් එක්ක කුටු කුටු ගෑවෙ?තුන් දෙනාත් එක්ක බොන්න නේද හදන්නෙ?…………………”

“අද ඉතින් අපි දෙන්නට කොච්චර වැදගත් දවසක්ද?ඒ සතුටට පොඩ්ඩක් ගත්තට කමක් නෑනෙ ආ?………………….”

කේසර හදන්නෙ මාව හිනහ ගස්සන්න.මගෙ ඉන කොනිත්තලා එයා එහෙම ඇහුවා.

“හා ඉතින්.හැබැයි වැඩිය බෑ පොඩ්ඩයි ඔන්න………………..”

“හ්ම්ම්.දැන් ඉතින් බැඳ ගත්තු බෙරේ ගහන්නම වෙනවනෙ……………….”

“මොකක්ද කිව්වෙ?…………………”

“මොකුත් නෑ………………..”

රෑට කෑමත් කාලා ඉවර වෙලා මං කාමරේට ගිහිල්ලා දේවිකා ඇන්ටිට කෝල් එකක් ගත්තා.මේ ගැන ශේප් එකේ එයාට කියන්න ඕනි කියලා හිතුණා.

“හෙලෝ ශනූ?………………..”📲

“හෙලෝ ආන්ටි ඔයා වැඩක්ද?ගෙදර නේද ඉන්නෙ?………………….”📲

“ඔව් ශනූ.ගෙදර තමයි ඉන්නෙ.වැඩක් නම් නෑ.ඇයි හදිස්සියක්ද?……………..”📲

“හදිස්සියක් නෙවෙයි ආන්ටි.මං මේ ගත්තෙ ආන්ටිට වැදගත් දෙයක් කියන්න.මේ ගැන ඔයා හිමීට අප්පච්චිටට තේරුම් කරලා කියන්නකො……………….”📲

“ඇයි ශනූ ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද?කේසරත් එක්ක මොකක් හරි රණ්ඩුවක්වත් වුනාද?……………..”📲

“රණ්ඩුවක් නෙවෙයි ආන්ටි.මමයි කේසරයි අද මැරි කරා………………..”📲

“මොකක්😱මේ හදිස්සියෙ?ඇයි ඔයාලා මෙහෙම තීරණයක් ගත්තෙ?ඔයාගෙ අප්පච්චිටවත් නොකියා……………….”📲

“මාත් මේ කිසිම දෙයක් දැනගෙන හිටියෙ නෑ ආන්ටි.මේක කේසරගෙ තීරණයක්.එයාගෙ තාත්තා මේ සම්බන්දෙට කැමති නෑ.මට බයයි කේසරව මට නැති වෙයි කියලා.මං ඊයෙ කේසර ළඟ ගොඩාක් වෙලා ඇඬුවා.මට එයාව නැතුව ඉන්න බෑ ආන්ටි…………………”😥📲

“ඒ හින්දද කේසර මෙහෙම හදිසි තීරණයක් ගත්තෙ?…………………”📲

“ඔව් ආන්ටි.දැන් එයාව මගෙන් උදුර ගන්න කාටවත්ම බෑනෙ.ප්ලීස් ආන්ටි ඔයා අප්පච්චිට මේ ගැන හිමීට කියන්න.ඒත් මේ දේවල් කේසරගෙ තාත්තා මේ දේවල් තාම දන්නෙ නෑ. එයාට දැන්මම මොකුත් දැන ගන්න ඉඩ තියන්න එපා……………….”📲

“ඔයා බය නැතුව ඉන්න ශනූ.මං ඔයාගෙ අප්පච්චිට මේ ගැන කියන්නම්. අනික එයා මොකුත් කියන්නෑ ඔයාලා හොරෙන්ම මැරි කරා කියලා.ඔයාලා දෙන්නගෙ සම්බන්දෙට එයා කැමැත්ත දීලනෙ තිබුනෙ……………….”📲

“ඒක නම් ඇත්ත තමයි…………………”📲

“කෝ මහත්තයා?ළඟ ඉන්නවද?………………..”📲

“නෑ එයා.බොඩි ගාඩ්ලා දෙන්නා එක්ක පොඩි පාර්ටියක්………………..”📲

“හ්ම්ම්.වැඩිය බොන්න දෙන්න එපා. නැත්නම් මිනිහා අද රෑට ගොරව ගොරව නිදා ගනියි සිහි නැතුව…………………”📲

අපි දෙන්නා අද මැරිකරා කියලා අද රෑ එහෙම විශේෂයක් අමුත්තක් නෑනෙ. 😚☺️😜අද වෙන්න ඕනි දේවල් කලින්ම වෙලානෙ තියෙන්නෙ.ඒත් ඉතින් මට ඒක දේවිකා ආන්ටිට කියන්න බෑනෙ.

“අයියෝ නෑ ආන්ටි.මං කලින්ම කිව්ව වැඩිය බොන්න එපා කියලා………………..”📲

“ඔයා අම්මට මේ ගැන කිව්වද ශනූ?……………….”📲

“නෑ ආන්ටි.අම්මා ඉන්නෙත් අසනීපෙන් නිසා එයාට කෝල් කරලා කියලා බෑ.අපි දෙන්නා ගෙදරට ගිහිල්ලාම කියනවා……………..”📲

“හ්ම්ම්.ඒක හොඳයි එහෙම අසනීප වෙන කෙනෙක්ට එකපාරටම කියන්න යන්න එපා.ගිහිල්ලා හිමීට විස්තරේ කියන්න………………”📲

“ඔව් ආන්ටි.එහෙනම් මං තියන්නම්.බුදු සරණයි…………….”📲

“බුදු සරණයි……………..”📲

“බොස් දැන් බොස්ට ඇති.ශනායා මිස් බලාගෙන ඇති බොස් එනකල්.බොස් දැන් යන්න.නැත්නම් මිස්ගෙන් බැනුම් අහන්න වෙයි මෙච්චර බීලා………………”

වීදුරුවකට මත්පැන් අඩක් පුරවා ගත් කේසර දෙස බලමින් රොනාල් එහෙම කිව්වා.

“ඇයි…..හු##% තො තෝ…..හිතුවෙ….. මං…….ගෑණිට බයයි කියලද?……………..”

“නෑ….නෑ බොස් බය නෑ.ඒ වුනාට අපිට බයයි බොස් ගුටි කනකොට අපිට බේරන්න එන්න වෙයිද කියලා…………….”😁😆

රොනාල් ඒ කියපු එක කේසරට ඇහුනෙ නෑ.ඇහුනා නම් එහෙම රොනාල් ඉවරයි අද.ඒ වීදුරුවෙ තිබුනු මත් පැන් ටිකත් කටට හලා ගත්තු කේසර පුටුවෙන් නැගිටලා වැනි වැනීම ගියා.

“ශ…..නා…..යා……………….”

“කේසර මං එපා කියද්දිම හුඟක් බිව්වා නේද?………………..”

“න්…..නෑ මැණික.මං…..හොඳ සිහියෙන් ඉන්නෙ.මේ මං කෙලින් ඉන්නෙ………………….”

කෙලින් හිට ගන්නවත් පණ නෑ. දෙපැත්තට වැනෙනවා.හොඳ සිහියෙන්ලු ඉන්නෙ.😠😠

“ගිහින් වොශ් එකක් දාගෙන එන්න………………”

“අනේ බෑ අප්පා……සීතලයි……………..”

“ඒ වුනාට කමක් නෑ නාන්නෙ නැතුව නම් ඇඳට එන්න එපා.අරක්කු ගඳයි ළඟ.යන්න ගිහින් වොශ් එකක් දාගෙන එන්න………………”

“අනේ බෑ ඕයි……..සීතලයිනෙ.හෙට උදෙන්ම……..වොශ් එකක්…….දා ගන්නවා………………”

“තියන කම්මැලිකම.උදේට මීට වඩා සීතලයි.එනවා යන්න මං නාවන්නම්. නාන්න බැරි නම් මීට පස්සෙ බොන්න එපා………………”😠😠

කේසරව බාතෲම් එකට ඇදන් ගිහිල්ලා බාත් ටබ් එකට දැම්මා.මේ යකාව නාවන්න ගිහින් මාවත් තෙමෙනවා.

“මොකෝ රවන්නෙ?එනවා……තමුසෙත් නා ගන්නවා………………”

“විකාර කරන්න එපා කේසර.මං නාලා ඉන්නෙ.ඔහොම ඉන්නවා දඟලන්නෙ නැතුව මාවත් තෙමෙනවා………………”

කේසර ඇඳන් හිටපු ටී ෂර්ට් එක ගලවලා පැත්තකින් දැම්මා.බෙල්ට් එකත් ගලෝලා බොහොම අමාරුවෙන් කලිසමත් ගැලෙව්වා. ශෝටත් ගලවලා දාලා අරගෙන හොඳට නාවලා පිහදාලා ටවල් එක ඇන්දෙව්වා.මගෙ කොන්දත් රිදෙනවා මේ යකාව නාවලා.

“සීතලයි ඕයි……………..”

“මේ කෝපි එක බොනවා එහෙනම්……………..”

කොපි එක බීලා ඉවර වෙලා එයාට සරමකුයි කමිසෙකුයි අන්දවලා ඇඳේ හාන්සි කරවලා සීට් එක පොරවලා මාත් සීට් එක පොරවගෙන නිදා ගත්තා.

කේසරට කලින් උදෙන්ම මං නැගිට්ටා. එයා නම් දැන්ම නැගිටින පාටක් නෑ.මං කුස්සියට ගිහින් අපි දෙන්නගෙම කෝප්ප දෙකට කිරි හදාගෙන ආවා. කාමරේට ඇවිත් කේසරව ඇහෙරෙව්වා.

“කේසර…..කේසර…..නැගිටින්නකො අනේ………………..”

“මොකද ඕයි මෙච්චර උදේ පාන්දර නැගිට්ටෙව්වෙ මාව?…………………”

“පාන්දර නෙවෙයි.දැන් හතයි හතළිහයි වෙලාව.මූණ කට හෝදගෙන ඇවිත් මේ කිරි එක බොන්න………………….”

කේසර බාතෲම් එකට ගිහින් ඇවිල්ලා කිරි එක බොන්න අතට ගන්නකොටම එයාගෙ ෆෝන් එකට කෝල් එකක් ආවා.

“ශනූ…..මාමණ්ඩි කතා කරන්නෙ……………….”

“මගෙද?ඔයාගෙද?………………..”

“ඔයාගෙ………………..”

“අනේ මට නම් බයයි වගේ කේසර.ඔයා ආන්සර් කරලා බලන්නකො……………….”

අනේ මන්දා මට නම් හරිම බයයි. කේසරගෙ තාත්තා එයාට මොනවා කියයිද දන්නෑ.අනිවාර්යෙන්ම කේසරගෙ තාත්තා දැන ගන්න ඇති අපි දෙන්නා මැරි කරපු බව.කේසර කෝල් එක ආසර් කරලා ෆෝන් එක කනේ තියාගෙන නැගිටලා යන්නයි හැදුවෙ.ඒත් මං එයාගෙ අතින් අල්ලලා නතර කරගෙන ෆෝන් එකේ ස්පීකර් ඔන් කරා.

“හෙලෝ ඩැඩී……………….”📲

“ආ කේසර……තමුන් එහෙනම් ඒ කෙල්ලව කසාද බැන්දා………………”📲

මං හිතුවා හරි එහෙනම්.කේසරගෙ තාත්තා හැම දෙයක්ම දැනගෙන.දැන් අනිවාර්යෙන්ම කේසරට හොඳටම බනියි.

“ඔව් ඩැඩී.මං කිව්වනෙ මං ගත්තු කිසිම තීරණයක් ඩැඩී නෙවෙයි කවුරු හින්දාවත් වෙනස් කරන්නෑ කියලා.මං ශනායාට ආදරෙයි.මට බෑ මං හින්දා එයාගෙ ජීවිතේ අඳුරු වෙනවා දකින්න………………”📲

“කෝ දැන් ඒ ළමයා?……………….”📲

“මෙතන ඉන්නවා ඩැඩී………………”📲

“මේ අහනවා කේසර.මං කොහොමද අනික් මගේ යාලුවන්ට මුහුණ දෙන්නෙ. තමුං හිතුවක්කාරකමට හොර රහසෙම කසාදයක් බැඳ ගත්තා.වෙඩින් එකක්වත් ගත්තෙ නෑ.මං තමුන්ට එඩ්වඩ්ගෙ දුවව ප්‍රපෝස් කරා.ඒත් තමුං එයාට කැමති වුනේ නෑ මේ කෙල්ල හින්දා.දැන් කොහොමද මං ඒ මිනිස්සුන්ට මුහුණ දෙන්නෙ?………………”📲

“ඩැඩී මොන දේ කිව්වත් මං ශනායාව අතාරින්න ලෑස්ති නෑ.අනික ඩැඩීට ඔය එඩ්වඩ් කාරයගෙ දුව ශනායාව ලේලි කරගන්න අකමැති වෙන්න හේතුවක් නෑ.එඩ්වඩ් කාරයට වැඩිය ශනායගෙ ඩැඩීට සල්ලි තියනවා.එක වෙනසක් තියනවා ශනායා ඒ සක්කරවට්ටම වගේ නෙවෙයි.හොඳ හැදිච්චි ගුණ යහපත් අවංක බිරිඳක්………………….”📲

“එහෙනම් ඉතින් දැන් මොනවා කරන්නද?ලබන මාසෙ දිහාවට හොඳ දවසක් බලලා හිල්ටන් එකේ ග්‍රෑන්ඩ් පාටියක් ගම්මු මගෙ යාලුවන්ටයි අගමැතිතුමාට එහෙම ඉන්වයිට් කරලා…………………”📲

දෙයියනේ කේසරගෙ තාත්තා මොනවද මේ කියන්නෙ?ඒ කියන්නෙ එයා මටයි කේසරටයි සමාව දුන්නද?මං නොඉවසිල්ලෙන් කෝල් එකට ඇහුම්කන් දීගෙන හිටියා.

“ඩැඩී එතකොට අපි දෙන්නට ආශිර්වාද කරනවද?එහෙම නැත්නම් මේක ඩැඩීගෙ මොකක් හරි ප්ලෑන් එකක්ද?……………….”📲

“අපිට ගැළපෙන තැනක ගෑණු ළමේක් නම් මගෙ විරුද්ධත්වයක් නෑ.ඒත් කේසර තමුං මට මුලදි ඇයි ඔය ළමයා ගැන ඔච්චර විස්තරයක් නොකිව්වෙ?කසාදෙ රෙජිස්ටර් කරපු කෙනා අද මට කියද්දි මං විස්තර හොයලා බැලුවෙ ඔය ළමයා රාජිත සමරසිංහගෙ දුව නේද?……………….”📲

“ඔව් ඩැඩී……………….”📲

“එහෙනම් ඇයි පුත්තලං බූරුවො උඹ ඕක මට කලින් නොකිව්වෙ?කිව්වා නම් හොඳ ග්‍රෑන්ඩ් වෙඩින් එකක් ගන්නවා හැමෝටම කියලා………………”📲

“ඉතින් ඩැඩීට ශනායා ගැන විස්තර කියන්නත් කලින් ඩැඩී මේකට කැමති නෑ කිව්වනෙ.ඒකයි මං මොකුත් නොකිව්වෙ………………”📲

“ඒකෙන් කමක් නෑ.අද දවල්ට දෙන්නත් එක්ක අපේ ගෙදර එනවා……………..”📲

“හා ඩැඩී………………”📲

පුත්තලං බූරුවා😜😁😂ඒ නම නම් කේසරට නියමෙට ගැළපෙනවා.මේ යකාට තිබ්බෙ බැන්නත් කමක් නෑ කියලා තාත්තට සේරම විස්තර ටික කියන්න.එහෙම වුනා නම් මෙහෙම හොරෙන් බඳින්න වෙන්නෑනෙ.

“මොකෝ තමුසෙ හිනා වෙන්නෙ?………………”😆😆

“පුත්තලං බූරුවා.ඒක නම් මරු නම් කේසර………………”😁🤣

“මොකක්ද කිව්වෙ ඔහොම හිටපිට ගස් හිවලි……………….”😁

කාමරෙන් එළියට දුවලා යන්න හදද්දී කේසර මාව ඒයා ගාවට ඇදලා ගත්තා. මට හෙලවෙන්නවත් නොදි ඇඳට පෙරලගෙම අත් දෙක තද කරලා අල්ල ගත්තා.මගේ මුහුණට පාත් වෙලා මගේ දෙතොල් උමතුවෙන් වගේ සිප ගත්තා. එන්න එන්නම එයාගෙ තොල් වල පහස රළු වුනා.මුහුණ හැම තැනකම ඒ තොල්පෙති වලින් හාදු තැවරූ කේසර මගේ ගෙල මත කම්මුලක් තියාගෙන හිටියා.සීතල උදෑසන මේ උණුසුමෙන් මිදෙන්න නම් මට කොහෙත්ම බෑ.

මගේ දෑඟිලි කේසරගෙ හිස කෙස් අතර දිව යද්දී ගෙලෙන් මදක් පාත් වෙලා ස්කින් එකේ පටි දෙක දෙපැත්තට ඇද්දා.සීතල සුළං රැල්ලක් ගත වෙලා ගනිද්දී මං තවත් ඒ විසල් සිරුරේ උණුසුමට ගුලි වුනා.සිහින් කෙඳිරිලි හඬක් මගේ මුවින් පිටවෙද්දී අපටත් නොදැනීම අපේ සළු පිළි ගතින් ගිලිහෙලා ඉවරයි.අනුරාගී හෝරාවක් ගෙවුනු පසු මගේ නලලට හාදුවක් දුන් කේසර මගේ සිරුරෙන් ඈත් වුනා.

“බඩගිනියි කේසර.කන්න යමු පල්ලෙහාට.අයිරා ඇන්ටි කෑම ලෑස්ති කරලා ඇත්තෙ දැන්………………….”

අපි දෙන්නම බාතෲම් එකට ගිහින් චේන්ජ් වෙලා ඇවිත් උදේ කෑම ගත්තා.
කේසර නම් කිව්වෙ දවල් දෙකට විතර එයාලගෙ තාත්තගෙ ගෙදරට යමු කියලයි