දින දෙකක් රෝහලේ ප්‍රථිකාර ලැබූ ශනායාව කේසර නිවසට එක්කන් එනු ලැබුවා.ශනායා හිටියේ මදක් අසනීප තත්වයෙන්.කේසර ඇය අසළටම වී ඇගේ තනියට හෙවනැල්ලක් මෙන් පසුපසින් හිටියා.ඔහුගේ ආරක්ෂාව ඇයට මහමෙරක් තරම් වුවත් ඔවුන් දෙදෙනාගේ ආදරයට කේසරගේ පියාගේ විරුද්ධත්වය නිසා ඇය සිටියේ බියකිනි.

“ඔයා මාව අමතක කරනවද කේසර?……………….”

“පිස්සුද ශනායා?ඔයාට මාව විශ්වාස නැද්ද?මෙච්චර මැරීගෙන ආදරේ කරේ අතාරින්න නෙවෙයි………………”😠

ඔහු සිටින්නේ කේන්තියෙනි.එහෙත් ඇයගේ සිතේ ඇත්තේ දුක් ගිනි කන්දරාවකි.යම් කිසි හෙයකින් කේසරගේ පියා කේසරව අත් හරින්න යැයි කියා තමාට තර්ජනේ කරොත්.

“ඔයාගෙ තාත්තා කැමති නෑනෙ කේසර මං ඔයාව කසාද බඳිනවට.මට බයයි ඔයාගෙ තාත්තා මොනවා කරයිද කියලා.මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ කේසර………………”😭😭

කේසාරගේ ඔඩොක්කුව මත හිස තබාගෙන මං කඳුලු වගුරවමින් හඬා වැටුනා.මං කොහොමද දෙයියනේ කේසර නැතුව ජීවත් වෙන්නෙ?නීතියෙන් විවාහ නොවුනට අපි දෙන්නා හදවතින් එක් වෙලා ඉවරයි. කේසරගෙන් ඈත් වෙලා මට ජීවත් වෙලා වැඩක් නෑ.මට එහෙම ජීවත් වෙන්නත් බෑ.

“මේ අහනවා ශනූ.මං කසාද බඳින්නෙ තමුසෙව විතරයි.තාත්තාට බෑ මගේ වැඩ වලට ඇඟිලි ගහන්න.මං තමුසෙව කසාද බඳිනවා කියලා තාත්තට කිව්වෙ නොකියා බැරි කමට යුතුකමක් විදියට විතරයි.එයා මගෙ තාත්තා නිසා කිව්වෙ.එයා අකමැති වුනා කියලා මං තමුසෙව අත් හරින්නෙ නෑ……………….”

“ඒත් මට බයයි කේසර………………”😭😭

“ශනූ……😡මං තමුසෙට එක පාරකුත් කිව්වා.නවත්ත ගන්නවා ඔය ඇඬිල්ල. බලනවා මූණ පුරාම කඳුලු…………….”

“අනේ මට බනින්න එපා කේසර.මං හරිම අසරණයි මේ වෙලාවෙ.මට බය තියෙන්නෙ ඔයාගෙ තාත්තා මට තර්ජනේ කරොත් ඔයාගෙන් ඈත් වෙන්න කියලා……………..”😭😭

“ඔයා කිසි දේකට බය වෙන්න එපා ශනූ. තාත්තට ඕනි විදියට මං වැඩ කරන්නෙ නෑ.කොටින්ම කියනවා නම් තාත්තට බෑ මගෙ ජීවිතේට ඇඟිලි ගහන්න.මං කරන්නෙ මට ඕනි දේ විතරයි. තාත්තගෙ පදේට නටනවා නම් අද මට ඔයත් එක්ක මෙහෙම ඉන්න වෙන්නෑ. මට අවුරුදු විසිහයේදි තාත්තා එයාගෙ යාලුවෙකුගෙ දුවෙක්ව ප්‍රපෝස් කරා. බල කරා මට ඒ කෙල්ලව මැරි කරන්න කියලා.මං බෑ කියලා වෙනම ගෙයක් අරන් ජීවත් වුනා.මේ බිස්නස් ටිකයි,ඒ ගෙදරයි ඔක්කොම තියෙන්නෙ මගෙ නමට.තාත්තා මාව දරුකමෙන් අයින් කරා කියලා මාව වැටෙන්නෙ නෑ ශනූ. එයාට බෑ ඔයාව බය කරන්න.එයා දන්නවා මං මොන වගේ කෙනෙක්ද කියලා………………….”

“මං හින්දා ඔයාට පුලුවන්ද ඔයාගෙ තාත්තව අමතක කරන්න කේසර?අනේ මං මහ පව්කාරියක් නේද කේසර තාත්තා කෙනෙකුගෙන් පුතෙක්ව වෙන් කරන්න තරම්?………………..”😭😭

“ඔයා වෙන් කරන්න දෙයක් නෑ ශනූ. කොහොමත් තාත්තයි මායි ජීවත් වුනේ වෙන් වෙලා තමයි.ආයෙ අමුතුවෙන් වෙන් වෙන්න දෙයක් නෑ.එයා ජීවත් වෙන්නෙ පුතෙක් නැති ගානට.මට වුනත් ඒක කොහොමටත් ගානක් නෑ ශනූ…………………..”

“ඔයා මට වෛර කරනවද කේසර?…………………”

“ඒ මොකටද?……………….”

“තාත්තව තරහ කරගන්න සිද්ද වුනාට?……………….”

“අනෙ අම්මපා ශනූ.මගෙ යකා අවුස්සන්න තමයි තමුසෙ ඔය හදන්නෙ.තාත්තගෙයි මගෙයි කිසිම බැඳීමක් නෑ.අපි ජීවත් වෙන්නෙ හරියට පිටස්තරයො වගේ.මම උන්නද මළාද කියලාවත් තාත්තා හොයන්නෑ.එයාට පුතෙක් ඉන්නවද කියලාවත් සමහර වෙලාවට එයා දන්නෙ නෑ.තමුසෙ බය නැතුව ඉන්නවා…………………”😠

ශනායා අපමණ වූ ආදර සෙනෙහසකින් කේසරගේ අත තම මුවට තියලා සිපගත්තා.ශනායාගේ ඇස් වල කඳුලු පිස දැමූ කේසර ඇගේ නලල මත හාදුවක් සනිටුවහන් කර කාමරෙන් එලියට ආවා.වික්‍රම් සහ රොනාල් සාලෙට වී සිටියා.

“වික්‍රම්…..රොනාල්……………….”

“ඇයි බොස්?…………………”

දෙදෙනාම කේසර වෙත දුවගෙන ආවා.

“හෙට උදේ හතයි දහතුන වෙද්දි උඹලා දෙන්නා ලෑස්ති වෙලා හිටපන්.මමයි ශනායායි හෙට මැරි කරනවා.උඹලා දෙන්නා තමයි සාක්කියට අත්සන් කරන්න ඕනි……………….”

“මේ හෙටම.ඇයි බොස් හදිස්සියෙන්ම? බොස්ගෙ තාත්තගෙන් ප්‍රශ්නයක්වත් ආවද?…………………”

“තාත්තගෙන් ප්‍රශ්නයක් නෙවෙයි වික්‍රම්.ශනායා ඉන්නෙ ගොඩාක් අවුලින්.බැරි වෙලාවත් තාත්තා මොකක් හරි කරලා මාව ශනායගෙන් ඈත් කරයි කියලා ඒකි බයෙන් ඉන්නෙ. ඩොක්ටරුත් කිව්වෙ ශනායගෙ හිත හැම වෙලේම සතුටින් තියන්න කියලයි.දුක එයාට දරා ගන්න අමාරුයි. ඒ හින්දා මං හෙට ශනායාව මැරි කරනවා.මං රෙජිස්ටාර්ට කතා කරා. උඹ උදේ හත වෙද්දි රෙජිටාර්ව එක්කන් මෙහාට වරෙන්…………………”

“ඕකේ බොස්.අපි වැඩේ කරන්නම් ගානට………………”

“එතකොට පාර්ටි එකක් එහෙම ඇරේන්ජ් කරන්න ඕනිද බොස්?………………”

“උඹලටත් බොන්න තියනවනම් වෙන මොකුත් ඕන්නෑ………………”😆😆

“අනේ ඉතින් අපේ බොස් හෙට කසාද බඳිනවනෙ.ඉතින් අපි ඒ සතුට සමරන්න එපායැ……………….”

“එහෙම පාටි දාන්න ඕන්නෑ.හවසට සෙට් වෙමු.මේ දේවල් කෙරෙන්න ඕනි සද්දෙ නැතුව.මට හැම දේකටම වැඩිය ශනායාව වටිනවා.ඒකිට දුකක් දෙන්න මට බෑ……………..”


මොන ප්‍රශ්නෙ සිද්ද වුනත් කේසර මාත් එක්කම ඉන්න නිසා මට බයක් දැනුනෙ නෑ.කේසරගෙ තාත්තා හින්දා මං හිටියෙ ගොඩාක් බයෙන්.කිසිම වෙලාවක කේසර මාව තනි නොකරපු හින්දා මගෙ හිතට සහනයක් දැනුනා. මේ වගේ ආදරයක් ලබන්න මං ගොඩාක් වාසනාවන්තයි කියලා මට හිතුණා.

“මොකෝ මේ නිදිමත නැද්ද?නැත්නම් මාව නැතුව නින්ද ගියෙ නැද්ද?……………..”

මාව තුරුල් කර ගන්න ගමන් කේසර එහෙම ඇහුවා.

“නිදිමත නෑ කේසර.ඔයා කොහෙද ගියේ?……………….”

“මං දෙයක් කිව්වොත් ඔයා ඒක අහනවද ශනූ?……………….”

“ඔයා කියන ඕනම දෙයක් මං අහනවා කේසර………………..”

“අපි හෙට කසාද බඳිනවා.හෙට උදේ හතයි දහතුනට නැකත තියෙන්නෙ……………….”

“හෙට?ඇයි කේසර ඔයා මෙච්චර ඉක්මනින් මේ දේවල්……………..”

“දැන් තමුසෙ කිව්වා නේද මං කියන ඕනම දෙයක් කරනවා කියලා ආ?…………….”😠

“ඔ…..ඔව් කේසර………………”

“එහෙනම් ලෑස්ති වෙනවා හෙට උදෙන්ම කසාද බඳින්න.ලබන මාසෙ වෙනකල් ඉන්න බෑ.මට තමුසෙව තනි කරන්න බෑ ශනූ………………”

“අපි දෙන්නා හෙට මැරි කරාට පස්සෙ කොහෙද යන්නෙ?………………”

“හනිමූන් යමු………………..”😁

“විහිලු නෙවෙයි කේසර.මං ඇහුවෙ ඔයා මාව ඔයාලගෙ ගෙදර එක්කන් යනවද කියලා?……………..”

“හෙට නෙවෙයි ශනූ.ටික දවසක් ඉඳලා අපි අපේ ගෙදරට යමු……………”

“ඒ ගෙදර කව්ද ඉන්නෙ?…………….”

“වැඩට ඉන්න ගෑනු කට්ටියයි.මුරට ඉන්නවා දෙතුන් දෙනෙක්……………..”

“එතකොට ඔයාගෙ තාත්තා?…………….”

“අනේ ගොං ගෑණියෙ මං තමුසෙව එක්කන් යන්නෙ මගේ ගෙදරට මිසක් අප්පච්චි ඉන්න ගෙදරට නෙවෙයි.අපි ඔයාගෙ අම්මවත් එක්කන් එමු එහාට…………….”

“අනේ ඔය ඇත්තමද කේසර?……………”

“ඔව්.එතකොට ඔයාටත් පාලුවක් නෑනෙ…………….”

මතු සම්බන්දයි