සමනලීගේ ජංගම දුරකථනයත් රැගෙන සාලෙට ගොස් එහි සෙටප් එකට සීටී තැටියක් දමා එහි ශබ්දය වැඩි කොට කාමරේට පැමිණ දොර ලොක් කර දැමුවා.එවලෙ සමනලී කාමරේට විත් අල්මාරියේ ඇඳුමක් හොයමින් සිටියා.ඇයව දුටු විට ගිම්හාන්ගේ සිතෙහි ඇති වූයේ දරා ගත නොහැකි තරම් වූ විශාල කෝපයක්.😡
“සමනලී,පොඩ්ඩක් මෙහාට එනවා…………..”
“පොඩ්ඩක් ඉන්න මං ඇඳුමක් ඇඳගෙන එන්නම්…………..”
“මගෙ යකා අවුස්සන්නෙ නැතුව මෙහාට වරෙන්…………..”😡
ඈ…..මූට මේ මොනවා වෙලාද මෙහෙම කේන්ති ගන්නෙ.දැන් ටිකකට කලින්🤔 හොඳට හිටියනෙ.කේන්ති ගන්න තරම් දෙයක් වුනේ නෑනෙ.එහෙම හිතපු මං ටවල් ගැටේත් තද කරගෙන ගිම්හාත් මහත්තයා ගාවට ගියා.
“ඇයි මහත්තයා?…………..”
කෝපයෙන් දිලිසෙන දෙනෙතින් සමනලී දෙස බැලූ ගිම්හාන් අත දිග හැර ඇගේ කම්මුලට පහරක් ගැසුවා. ඇය බලාපොරොත්තු නොවූ නොසිතූ එම අතුල් පහරට ඇයව සයනය මතටම වැටුනා.තොල පැලිලා ලේත් එනවා.ඒත් ගිම්හාන්ගේ හිත නම් උණු වුනේ නෑ.
“අනේ…..ඇ…..ඇයි මහත්තයා මේ?ඔයාට මොකද මේ වෙලා තියෙන්නෙ?ඇයි මට මේ ගහන්නෙ?…………….”😭😭
“පට්ට වේ## ගහන්න නෙවෙයි තෝව මරන්න තරම් කේන්තියි මට.වර මෙහාට පරට්ට බැල්ලි.මං හිතුවෙ නෑ තෝ මෙහෙම එකියක් කියලා……………”😡😡
ඇගේ දිගු කෙස් වැටියෙන් අල්ලා ඇඳගෙන ඇගේ කම්මුලට පහරවල් කිහිපයක් එල්ල කරපු ගිම්හාන් සහනය මතට වැටී සිටි ඇයව ඔසවා ඇගේ කට දෙපැත්තෙන් මිරිකලා අල්ල ගත්තා.ගිම්හාන්ගේ කම්මුල් පහවල් නිසා වේදනාවට පත් ඇගේ කම්මුල් වලට ඔහු එසේ මිරිකා අල්ලගෙන සිටින විට දැනුනේ මාරාන්තික වේදනාවක්.
“අ….අනේ….මහත්තයා…..අතාරින්න මාව.අනේ රිදෙ……නවා දෙයියනේ……………”😭😭
“බලපිය වේ##.මං තොට මේ ෆෝන් එක අරන් දෙනකොට මොනවද කිව්වෙ?හොඳට මතක් කරලා බලපිය. ඇයි තෝ මං එපා කියපු දේවල්ම කරේ?ඒ මදිවට එක එක වේ## බල්ලොත් එක්ක මැසේජ් කරලා.මං ගෙදර නැති වෙලාවට මේවද හු### යෙ උඹ කරන්නෙ?……………”😡😡
“අනේ…..අනේ මට සමාවෙන්න මහත්තයා…………….”😭🙏
අත් දෙක එකතු කරලා ඇය ඔහුට වැඳගෙන එසේ කිව්වත් ගිම්හාන්ගෙ හිතට නම් ඇය ගැන කිසිම අනුකම්පාවක් දැනුනෙ නෑ.
“අද උඹට මගෙන් කිසිම සමාවක් නෑ පරට්ට බැල්ලි මං උඹට සුද්ද සිංහලෙන් කිව්වා මේවා කරන්න එපා කියලා.ඇයි තෝ තොගෙ පින්තූර යැව්වෙ මූට? කියපිය උඹ මූට උඹේ ##&@% ෆොටෝත් යැව්වද?…………..”😡😡
“අ…..අනේ නෑ මහත්තයා මං එහෙම ෆොටෝ යැව්වෙ නෑ…………….”😭😭
“පට්ට බැල්ලි උඹ මූත් පැය ගනං මැසේජ් මැසේජ් කරලා.ඒ මදිවට ඌ එවලා තියන උගෙ ##$-#% ෆොටෝත් බලලා.ඈ කියපිය හු### යෙ තොට මගෙ එක මදි වුනාද මුගෙත් බැලුවෙ?…………….”😡😡
“අනෙ ගහන්න එපා මහත්තයා රිදෙනවා දෙයියනේ.මං කියන දේ පොඩ්ඩක් අහන්නකො……………..”😭😭
ඇයට පහර දී ඇයව පසෙකට තල්ලු කරපු ගිම්හාන් එම ජංගම දුරකථනය කෑලි කෑලි වලට කුඩු වෙලා යන්න පොලවෙ ගැහුවා.ඔහුගේ සිතෙහි හට ගත් කෝපය නම් මෙහෙකැයි කිව නොහැක.ගිම්හාන් ඇයව තල්ලු කරපු ආකාරයට ඇගේ නලල බිත්තියේ වැදී තුවාල වුනා.
“ආ…..ව්…………….”😭😭
එම පහරට ඇගේ නලලෙන් රුධිරය වෑහෙන්නට වුනා.එම දෙස බැලූ ගිම්හාන් ඇය ළඟට කිට්ටු වුනා.
දෙයියනේ මේකිගෙ නලලෙන් ලේ ගලනවා නේද?යකෝ මෙච්චර තුවාල වුනාද මං තල්ලු කරපු පාරට.ඇගේ මුහුණ පුරා ලේ බිංදු.
“පුතා……පුතා……………”
ගිම්හාන්ගෙ අම්මා දොරට තට්ටු කරන්නට වුනා.කර කියාගන්නට දෙයක් නොමැති වූ ගිම්හාන් දොර ඇරියා.තුවායත් ගත පටලාගෙන බිත්තියට හේත්තු වී බිම වැතිරී සිටින සමනලීගේ නලලෙන් ගලා යන රුධිරය දුටු රේණුකාට කෑ ගැස්සුනා.ඇය ඉක්මනින් සමනලී ලඟට දුවගෙන ගියා.
“දෙයියනේ මේ මොකද වුනේ?අනේ කතා කරන්න දුවේ මෙච්චර ලේ?අනේ පුතේ දුවට මොකද වුනේ?අනේ ඉක්මනටම හොස්පිටල් එකට යමු…………….”😢
“අම්මෙ ඔයා සමනලීව හොස්පිටල් එක්කන් ගිහින් බෙහෙත් දාගෙන එන්න……………”
ගිම්හාන් මහත්තයගෙ අම්මා මාව ප්‍රයිවට් හොස්පිටල් එකකට එක්කන් ආවා.ගිම්හාන් මහත්තයා ගහපු පාරවල් නිසා මගෙ කම්මුල් ඉදිමිලා තිබුනා.ඒ දුටු වෛද්‍යවරයා පුදුම වී මගෙන් එක එක ප්‍රශ්ණ ඇහුවත් මං ඒවට හරියට උත්තර දුන්නෙ නෑ. තුවාලෙට බෙහෙත් දැම්මා මැහුම් පහකුත් එක්ක.ආපහු ගෙදර එන අතරේ සිද්ද වෙච්චි හැම දෙයක්ම මං අම්මට කිව්වා.
“මගෙයි වැරැද්ද අම්මෙ.මහත්තයා එපා කියපු දේ කරපු නිසානෙ මේ ඔක්කොම වුනේ.මං හිතුවෙ නෑ අම්මෙ මෙහෙම දෙයක් වෙයි කියලා.ඒ මිනිහා ඒ ජරා ෆොටෝස් එව්වට පස්සෙ මං ඌට මැසේජ් දැම්මෙ නෑ…………..”😭😭
රේණුකාට තේරුණා සිය ලේලිය අහිංසක බව.ඇයට ෆේස්බුක් වැනි සමාජ ජාල මාධ්‍ය පරිහරණය කිරීමට තරම් තේරුමක් දැනුමක් නෑ. විවිධාකාර නානාප්‍රකාර පුද්ගලයින් මෙහි සිටිනවා.අහිංසක අසරණ ගෑණු ළමයින්ව රවටා ඔවුන්ගේ ජීවිත විනාශ කරනවා.මුදල් මංකොල්ල කනවා. සමනලී එවැනි තත්වයකට පත් වන්නට කලින් මෙය දැන ගත් එක නම් හොඳයි.
“මට තේරෙනවා දුවේ.ඔයාගෙ අතේ වැරැද්දක් නෑ.මං පුතා එක්ක කතා කරන්නම්.ඔයා කාලා ඉවර වෙලා බෙහෙත් බීලා නිදා ගන්න…………….”
මං කාමරේට ගිහින් ඇඳෙන් ඇල වුනා. ටිකක් වෙලා යද්දී මට නින්ද ගියා.
මේ අතර රේණුකා සිය පුත්‍රයා හට කරුණු තේරුම් කර දුන්නා සමනලීගෙ වරදක් නොමැති බව.ගිම්හාන් එය වටහා ගත්තත් ඔහුගේ සිතේ ඇය ගැන ඇති තරහව නම් නිවුනේ නෑ.තමන් එපා කියූ දේ ඇය ඇහුවා නම් අද මෙලෙස ගුටි කන්නෙ නෑ.රේණුකාගේ සිතේ ඇති බිය නම් මේ සිද්ද වූ දේ සිදු වූයේ පුතාගෙ අපලය නිසාද?ඇය ඉන් ඉමහත් බියට පත් විය. ඉක්මනින් ඔවුන්ගේ ජීවිත වලට සැනසුම උදා කර දෙන්නැයි කියා බෝධි පූජාවක් පැවැත්විය යුතු යැයි ඇය සිතා ගත්තාය.
ගිම්හාන් කාමරේට එන විටදී සමනලී පසු වූයේ තද නින්දකිනි.ඇයගේ නලල වටේට බැන්ඩේජ් ඔතා ඇත.දෙකම්මුල් රත් පැහැයට හැරී තඩිස්සි වී ඇත.ඇය මෙසේ සිටිනා විටදී ඔහුගේ සිතට දුකක් නොදැනුනාම නම් නොවේ.වරද මුලින්ම කලේ තමාය.ඇයට ස්මාට් ජංගම දුරකථනයක් රැගෙන දීමෙන් තමා කලේ වරදකි.කුඩා නෝමල් දුරකථයක් අරන් දෙන්න තිබුනෙ.
වඳුරට දැලි පිහිය අහු වුනා වගේ මේකිට ෆෝන් එක හම්බුනාම.ආයෙ නම් තොට මගෙන් කිසිම සමාවක් නෑ. එපා කියන දේවල් නම් කරලා පුරුදුයි.
හිසේ වේදනාව නිසා සමනලීට වැඩි වෙලාවක් නින්ද ගියේ නැත.ඇය දෑස් ඇර බලන විට තමා අසළ ඉඳගෙනම තමා දෙසම බලා සිටින ගිම්හාන්ව දුටු විට ඇයට බියක් දැනුනි.ඔහු මේ සූදානම් වන්නේ තමාට ආපහු පහර දීමටද?ඇගේ නෙතින් කඳුලු වැල් ගලා වැටුනි.ෆේස්බුක් පාවිච්චි කිරීමට පුරුද්දක් නොමැති ඇය නොදන්නා කමට එම පුද්ගලයා සමඟ කෙටි පණිවිඩ හුවමාරු කර ගත්තත් ඇය ගැන ඔහුගේ සිතේ තරහව නිවුනේ නැත.
“මට සමාවෙන්න මහත්තයා.මං ආයෙ කවදාවත් මහත්තයා එපා කියන දෙයක් කරන්නෑ……………..”😭🙏
“තුවාලෙ ගොඩාක් රිදෙනවද?………….”
“ඔ…ඔව්……………”
“හොඳම වැඩේ තමුසෙට.මං එපා කියපු දේ නොකර හිටියා නම් ඔහොම ගුටි කන්නෙ නෑනෙ.මං ෆෝන් එක බලනෙකක් නෑ කියලා හිතලා ෆේස්බුක් හදා ගත්තා.ඒ මදිවට තමුසෙගෙ ෆොටෝත් දැම්මා.ගොං ඊරියෙ ඔය ෆේස්බුක් එකේ ගෑණු නම් වලින් එක එක අසහනකාරයො ඇඩ් වෙලා ඉන්නවා.ලස්සන කෙල්ලගෙ ෆොටෝස් අරගෙන උන් ඒවා දාලා ජරා ෆොටෝස් හදනවා එඩිට් කරලා.එහෙම ජරා මිනිහෙක්ට තමයි තෝ මැසේජ් කරලා තියෙන්නෙ………………”😡😡
තව ගොඩාක් දේවල් කියලා ගිම්හාන් මහත්තයා මට බැන්නා.මගෙයි වැරැද්ද නොදන්න මඟුල් කරන්න ගියාට. කම්මැලි වෙලාවට යූටියුබ් එකේ සිංදු
ඇහුවා ගේම් ගැහුවා.අපරාදෙ දැන් ඒකත් නෑ.මූට කියලා ආයෙ ෆෝන් එකක් ගෙන්න ගන්නවද?🤔🤔නෑ නෑ ඕන්නෑ.මට මැරුං කන්න වෙයි.
“මහත්තයා…………..”
“මොකෝ?…………..”😠
“අනේ තරහද?……………”
“හ්ම්ම්…………….”😠
“අනේ තරහ වෙන්න එපා.මං සමාවත් ගත්තනෙ……………”
“තමුසෙ මගෙ හිත කැඩුවා.ඒක ලේසියෙන් හදන්න බෑ……………”
“ඒ කියන්නෙ මහත්තයට මාව එපා වීගෙන එනවද?……………”😥😥
“එහෙම නෑ…………..”
“එහෙනම් ඇයි තාමත් මාත් එක්ක තරහ?අනේ තරහ වෙන්න එපා දුෂ්ඨයෝ…………..”😁😆😂
“මොකක්ද තමුසෙ කිව්වෙ?………….”😠
“දුෂ්ඨයා කියලා කිව්වෙ.දුෂ්ඨයාට දුෂ්ඨයා නොකියා මොනවා කියන්නද?……………”😆🤣😁
“ආයෙ සැරයක් කන්නද හදන්නෙ මගෙන් ඕන්නැති නම් කියලා මට…………..”😠
“එහෙනම් මහත්තයත් මට එහෙම නම් කිව්වෙ.මට හු## කිව්වා.වේ## කිව්වා……………”
“ඉතිං තමුසෙ කරපු දේවල් වලට එහෙම තමයි කියන්න ඕනි…………..”😠
“ඔච්චර දුෂ්ඨ වෙන්න එපා මහත්තයා. තමන්ගෙ ගෑණි වුනත් නොදැනුවත්ව කරපු වරදකට සමාව දෙන්න බැරිද?………….”
“නොදැනුවත්ව වැරදි කරන්න තමුසෙ බබෙක් නෙවෙයිනෙ.තමුසෙට දැන් අවුරුදු දහනවයක්.හොඳ නරක මොකක්ද කියලා තමුසෙට තේරෙන්න ඕනි……………”😠
“මිනිස්සුන්ගෙ අතින් නොදැනුවත්ව වැරදි වෙන්න වයස බලපාන්නෙ නෑනෙ මහත්තයා.අවුරුදු තිස්දෙකක් වෙච්චි මහත්තයගෙ අතින් නොදැනුවත්ව වැරදි වෙන්නෙ නැද්ද?……………”
“නෑ මගෙ අතින් වැරදි වෙලා නෑ………….”😆🤣😁😉
ගිම්හාන් මේ කරන්නෙ නම් සමනලීව අවුස්සන එකද කොහෙද.
“නැත්තෙ මොකද?අම්මව වෙද මහත්තයා ගාවට එක්කන් ගිය පලවෙනි දවසෙ වෙද මහත්තයා කකුලෙ ගාන්න කියලා දීපු තෙල් ටික මහත්තයා අම්මගෙ ඔලුවෙ ගාන්න හැදුවෙ.තව ඒ වගේ වැරදි කොච්චර තියනවද?වැරදි කිරීම මනුෂ්‍ය ගතියක්. සමාව දීම දේව ගතියක් කියලා තියනවා මහත්තයා අහලා නැද්ද?………….”
“නෑනෙ.මං අහලා නෑ…………..”😀😆😁
“පිස්සු………….”😠
“කාටද?………….”😁
“මටනෙ…………..”😠
මූත් එක්ක කතා කරන්න ගියොත් මට සිද්ද වෙන්නෙ මුගෙ ඔලුව පලන්න.ඒ හින්දා මං සද්දෙ නැතුව නිදා ගන්න හැදුවා.වෙනදාට නම් මගේ පැත්තට හැරිලා මාවත් තුරුල් කරගෙනම නිදා ගන්න ගිම්හාන් මහත්තයා අද එහෙම කරේ නෑ.එයා අනික් පැත්තට හැරිලා නිදා ගත්තා.ඔලුවෙ තුවාලෙ හින්දා මට එහාට මෙහාට හැරෙන්නත් බෑ.ඒත් මං ගිම්හාන් මහත්තයා ගාවට ලං වෙලා එක කකුලක් එයාගෙ බඩ මැද්දෙන් දාගෙන අනික් අතින් එයාගෙ පපුව පිරිමැද්දා.
මතු සම්බන්දයි