ඔයා තව කොච්චර දවසක් මෙහෙ ඉන්නවද කේසර?……………..”

“මොකෝ කෙල්ල මාව පන්න ගන්න හදන්නෙ?………………”

කේසරගේ උරහිසට තුරුල් වෙලා බෙඩ් ශීට් එක අපි දෙන්නටම පොරවන් මං එහෙම ඇහුවා.

“අනේ එහෙම නෙවෙයි කේසර.මං කැමතියි හැමදාම ඔයා ගාවටම වෙලා උනත් ඉන්න.ඒත් ඔයා මේ ගේ ගත්තෙ මාස දෙකකට විතරයි කිව්වනෙ.ඊට පස්සෙ ඔයා මෙහෙන් යනවනෙ.ඔයාව නැතුව මං කොහොමද ඉන්නෙ?……………..”

“මං ඔයාගෙන් සදහටම ඈත් වෙලා ඉන්නවා නෙවෙයිනෙ ශනූ.මං ගිහින් ඉක්මනටම ආපහු එනවා.ඒත් මේ බිස්නස් වැඩ හින්දා මට වෙලාවක් නෑ නිදහසේවත් ඉන්න……………..”

“ඔයාගෙ තාත්තා මාව ලේලි කරගන්න කැමති වෙයිද කේසර?එයා අකමැති වෙයි කියලා මට බයකුත් දැනෙනවා…………….”

යම් කිසි හෙයකින් කේසරගේ තාත්තා මාව කේසරට බන්දලා දෙන්න අකමැති වුවහොත් මට සිද්ද වෙන්නේ හූල්ලමින් අඬමින් පැත්තකට වෙන්නය.ඔවුන්ගේ සමාජ මට්ටම ඔවුන්ට සමාජයේ ඇති පිළිගැන්ම අතින් බලනා විට අපි ඉන්නේ ගොඩාක් පහලින්.ඒත් කේසරගෙන් ඈත් වෙන්න මට කොහොමටවත් බෑ.නීත්‍යානුකූලව බැඳීමක් ඇති නොවුනද මා දැන් කේසරගේ පතිනිය වී හමාරය. ඔහුගෙන් තොරව වෙනත් අයෙකු හා බැඳෙන්න මට දැන් කොහෙත්ම බැහැ.

“ඔයා බය නැතුව ඉන්න ශනූ.තාත්තා මගේ දේවල් වලට ඇඟිලි ගහන්න එන්නෙ නෑ.මං ජීවත් වෙන්නෙ මට ඕනි විදියට.කාටවත්ම බෑ මාව පාලනය කරන්න………………”

“මං ඔයාට තේ එකක් හදලා දෙන්නම්. බාතෲම් එකට ගිහින් මූණ කට හෝදගෙන එන්නකො……………….”

“ඔහොම ඉන්න පොඩ්ඩක්.ඔය තුවාලෙ ප්ලාස්ටරේ ගැලවිලා……………….”

තුවාලෙ අලවලා තිබුනු ප්ලාස්ටරේ බාගෙට ගැලවිලා තිබුනා.ඒක ආයෙත් අලවලපු කේසර මගෙ නලලට හාදුවකුත් දීලා ඇඳෙන් නැගිට්ටා.

“ඒයි…….මොකද අනේ ඔය?ලැජ්ජ නැද්ද?මේ ටවල් එකවත් ඇඳන් යන්නකො……………..”

මං අහක බලාගෙන එහෙම කියලා ටවල් එක අරන් කේසරගේ ඇඟට විසික් කරා.

“ලැජ්ජ වෙන්නෙ මොකටද?තමුසෙ දැක්කනෙ ඔක්කොම ඊයෙ රෑ…………….”

“ඒ වුනාට කමක් නෑ.ටවල් එක ඇඳගන්න.නැත්නම් ඔයා ඔය විදියට අමතක වෙලා ගෙදර යයි………………”

කේසර බාතෲම් එකට ගියාට පස්සෙ මං ඇඳුමක් ඇඳගෙන කුස්සියට ගිහින් තේ හදාගෙන ආවා.තව සතියකින් මං ආපහු වැඩට යන්න ඕනි.දැන් තුවාලෙ ගොඩාක් දුරට සනීපයින්.බාතෲම් එකට ගිහින් මාත් දැත් මැදලා මූණ කට හෝදගෙන ඇවිත් කේසරත් එක්කම තේ බිව්වා.

“ඔයාලගෙ සවන්ට් අද එන්නෙත් නැද්ද ගෙදර?……………..”

“එනවා කියලා නම් කිව්වා කේසර.ඒත් ශුවර් නෑ.කෝල් එකක් දීලා බලන්න ඕනි……………….”

“ඔයාගෙ අප්පච්චි ඔය මැරි කරලා ඉන්න කෙනා ඔයාගෙ අම්මා නෙවෙයිනෙ?…………….”

“නෑ කේසර.ඒ අප්පච්චිගෙ දෙවනි කසාදෙ.මගෙ අම්මා ඉන්නෙ එයාලගෙ ගමේ………………”

“මගෙ නම් අම්මා නෑ.ඔයා දන්නවනෙ ඒ ගැන.අම්මා හින්දා මං සෑහෙන කාලයක් මානසික පීඩාවක හිටියෙ. ඉස්කෝලෙ ළමයි මගෙ මූණටම කියලා තියනවා මගෙ අම්මා ගණිකාවක් කියලා.මං වේ## ගෑණියෙක්ගෙ පුතෙක්ලු.ඒ හින්දාම මට ගෑණු පේන්න බැරි වුනා.හැම ගෑණියෙක්ටම මං වෛර කරා.ඒත් ඔයාව හම්බුනාට පස්සෙ මං තේරුම් ගත්තා හැමෝම මගෙ අම්මා වගේ නරක නෑ කියලා……………….”

ඔහු එසේ පැවසුවේ ඇගේ ඇයව තමන් වෙත ඇදගන්නා ගමන්.ජීවිතයේ ප්‍රථම වතාවටයි ඔහු ගැහැණු ඇඟක පහසක් ලැබුවේ.ශනායාගේ උණුසුම් සිරුරේ පහසින් ඔහු හිටියේ මත් වෙලා වගෙයි. ඇය නිසා ඔහු හිටියේ අපමණ වූ සතුටකින්.

“හැමෝම එක වගේ නෑ කියලා වෙන ගෑණු ළඟට නම් යන්න බෑ ඔන්න. එහෙම වුනොත් එහෙම එදාට මේ ශනායා මැරුනා කියලා හිතා ගත්තොත් හොඳයි………………..”

කෝකටත් හොඳයි කියලා මං දැන්ම තියලා අනතුරු ඇඟවීමක් කරා. කේසරට නම් හොඳටම හිනා.

“පිස්සියෙ මට වෙන ගෑනු ඕන්නෑ. තමුසෙව හොඳටම ඇති.කොච්චර ගෑණි හිටියත් මේ හිත හොල්ලන්න පුලුවන් වුනේ ඔයාට විතරයි ශනූ.ඔයා වෙනුවෙන් මං මේ ලෝකෙ ඕනම දෙයක් අතාරින්න ලෑස්තියි………………”

කේසර ඒ ටික කිව්වෙ හදවතින්මයි කියලා මට දැනුනා.හිස් තේ කෝප්පෙ ස්ටූල් එක උඩ තියලා කේසර නිවසට යන්න ලෑස්ති වුනා.

“මං දැන් යනවා ශනූ.ඔයා පරිස්සමින් ඉන්න.දවල් වෙලා ඔෆිස් එක පැත්තෙ යන්න ඕනි.ඒ ගමන්ම ඔයාගෙ අප්පච්චිවත් හම්බෙන්න යනවා………………”

“ඔයා අදම අප්පච්චි හම්බෙන්න යනවද?අනේ මට නම් බයයි කේසර…………….”

“බය වෙන්නෙ මොකටද?මට තමුසෙව තනි කරන්න බෑ ශනූ.මාව විශ්වාස කරලා ඔයා හැම දෙයක්ම මට දුන්නා. මේ දේවල් ඉක්මනට පිළිවෙලක් වෙන්න ඕනි……………….”

ඔහු කෙතටම් භක්තිවන්ත පිරිමියෙකු දැයි ශනායාට සිතුණි.අපමණ සෙනෙහසකින් ඔහු දෙස බලා සිටි ශනායා ඔහුගේ කම්මුලක් මත සියුම් හාදුවක් තවරා ඔහුට සමු දුන්නා.

දවල් වෙනකල් මං ඇඟිලි ගැන ගැන බලාගෙන හිටියෙ.කේසර ඔෆිස් එකට ගිහින් අප්පච්චිව හම්බෙන්න යනවා කියලා මට දුරකථන ඇමතුමකුත් දීලා කිව්වා.බාතෲම් එකට ගිහින් නාගෙන ඉවර වෙලා මං කාමරේට එද්දී ෆෝන් එකට කෝල් එකක් ආවා දේවිකා ආන්ටිගෙන්.අනිවාර්යෙන්ම දේවිකා ඇන්ටි කෝල් කරන්නෙ කේසර ගැන කියන්න වෙන්න ඇති.

“හෙලෝ ආන්ටි?……………….”📲

“ඔයා දන්නවද දැන් මෙහාට ආවෙ කව්ද කියලා?ඔයා තාම කිසිම දෙයක් දන්නෙ නෑ වගේ…………………”📲

“මෙ…..මේ මං මෙහෙ ඉඳන් කොහොමද ඔහේට කව්ද ආවෙ කියලා දන්නෙ?මට දිවැස් නෑනෙ ආන්ටි………………….”📲

“ඔයාලගෙ ෆ්ලැට් එකේ නේද අර කේසර රන්දිව් ඉන්නෙ?…………………”📲

“ඔ….ඔව් ආන්ටි.ඇයි මොකද වුනේ?…………………..”📲

“ඒ මනුස්සයා දැන් මෙහෙ ආවා.ඇවිත් ඔයාව මැරි කරන්න කැමතියි කියලා අප්පච්චිට කිව්වා.ඒ මනුස්සයා ඔයාගෙන් මොනවහරි ඔහෙදි ඇහුවද?……………………”📲

“අ…..අප්පච්චි මොනවද කිව්වෙ ආන්ටි ඒ ගැන?……………………”📲

“මොනවා කියන්නද එයා නම් එක පයින්ම කැමතියි කේසරව බෑනා කරගන්න.ඔයාගෙ කැමැත්ත එයාට වැඩක් නෑ ශනූ………………….”📲

මා සිතුවා නිවැරදියි.අප්පච්චී කේසරව බෑනා කරගන්න කැමති වෙලා එහෙනම්.දේවිකා ඇන්ටි හිතාගෙන ඉන්නෙ මං කේසරට කැමති නෑ කියලා.

“මං කැමතියි ආන්ටි කේසරව මැරි කරන්න……………….”📲

“මොකක්??මට හිතා ගන්න බෑ ශනූ මේ ඔයාමද කතා කරන්නෙ කියලා.ඒ මිනිහා ඔයාව බය කරගෙනද ඉන්නෙ?ඔයා එකපාරටම කොහොමද කැමති වුනේ?………………….”📲

“මං ඔයාට හැම දෙයක්ම හිමීට කියන්නම් ආන්ටි.අප්පච්චිට දැන්ම මොකුත් කියන්න එපා.කේසර මාව බය කරේ නෑ.මං තියන්නම් ඇන්ටි………………..”📲

රෑ හතට විතර කේසර ගෙදර ආවා. එයාගෙ මුහුණෙ තිබ්බෙ සතුටු දායක පෙනුමක්.අප්පච්චි කැමැත්ත දීපු නිසා වෙන්න ඇති.දොර ඇරපු ගමන්ම කේසර මාව වඩාගෙන වටයක් කැරකුණා.

“අනේ මාව බිමින් තියන්න කේසර. වැටෙයි මාව අනේ………………”

“ඔන්න ඔයාගෙ අප්පච්චි කැමති වුනා මාව එයාගෙ බෑණා කරගන්න.ලබන මාසෙ නෙවෙයි ඊලඟ මාසෙ අන්තිමට අපි කසාද බඳිමු………………”

“එච්චර ඉක්මනට?……………….”😱😱

“ඉතින් මොකෝ.පුලුවන් නම් හෙට හරි කමක් නෑ මං තමුසෙව කසාද බඳිනවා……………..”

“මට නම් මේක හීනයක් වගේ කේසර. ඔයාගෙ අප්පච්චි මොනවා කියයිද?………………..”

“මං තාත්තා එක්කත් කතා කරා………………..”

“ඉතින් එයා මොකද කිව්වෙ?……………….”

මං එහෙම ඇහුවම කේසර අහක බලාගෙන ලොකූ කල්පනාවක වැටුනා. මට හිතා ගන්න බැරි වුනා ඒ ඇයි කියලා.අනිවාර්යෙන්ම කේසරගේ තාත්තා මේකට කැමති නෑ කියන්න ඇති.

“ඇයි කේසර ඔයා සද්දෙ නැතුව ඉන්නෙ?……………….”

“අපේ තාත්තා කැමති නෑ මං ඔයාව මැරි කරනවට.එයාගෙ යාලුවෙකුගෙ දුවෙක් ඉන්නවලු මට ඒ ගර්ල්ව මැරි කරන්නලු.එහෙම නොකරොත් එයා තාත්තා කියලා අමතක කරන්නලු………………….”

ශනායාට දැනුනේ ඇගේ මුලු ලෝකයම දෙපා මුල කඩා වැටෙනවා සේය.හිස වටා අකුණු දහසක් කොටනවා ලෙස ඇයට දැනුනි.තාත්තා නිසා කේසරගේ හිතත් වෙනස් වේවිද?ඇගේ පපුවෙන් වෙදනාවක් දැනුනි.ඇය පපුවත් අල්ලාගෙන එහෙම්මම සෙටියෙන් වාඩි විය.

“ආහ්…..අනේ…..මගෙ පපුව අනේ කේසර……………..”

“ඇයි……ඇයි ශනූ ඔයාට මොකද වුනේ?අනේ කතා කරන්න මැණික………………..”

“මගෙ පපුව රිදෙනවා කේසර. අනේ……………….”😥😥

“අනේ මැණික ගොඩාක් අමාරුද?යමු අපි හොස්පිටල්…………………..”

ඇයව හරහට ඔසවා ගත් කේසර නිවසින් පිටතට විත් වික්‍රම්ට සහ රොනාල්ට කතා කර වාහනය තුලට දමාගෙන රෝහල වෙත රැගෙන ගියා.

“බය වෙන්න එපා මැණික.මං ඔයාට මොකුත්ම වෙන්න දෙන්නෙ නෑ.වික්‍රම් ඉක්මන් කරපන් බන්.ශනායාට හොඳටම අමාරුයි බන්……………………”

“හරි බොස් බය වෙන්න එපා. විනාඩියෙන් අපි හොස්පිටල් එකේ…………………”

ඉක්මන් ගමනින් වාහනය පැදවූ වික්‍රම් සහ ඔවුන් තිදෙනා රෝහලට පැමිණෙන විට රාත්‍රී නවයයි තිහ පසුවී තිබුනි.දැඩි සත්කාර ඒකකය වෙත ශනායා යැවූ ඩොක්ටර් පිටතට එන තෙක් කේසර බලා සිටියා.

“බොස් බය වෙන්න එපා.ශනායා මිස්ට මොකුත් වෙන්නෑ………………..”

වික්‍රම් සහ රොනාල් ඔවුන්ට හැකි උපරිමයෙන් කේසරගේ හිත හදන්නට උත්සහ කරා.නමුත් කේසර සිටියේ ශනායාගේ දිවිය ගැන බියෙනි.තම පියා ඇයව ලේලිය කරගන්නට අකමැති වූ නිසා ඇයගේ සිතට දුකක් දැනෙන්නට ඇත.ඒ දුක ඇයට දරා ගන්නට නොහැකි විය.පියා මොනවා පැවසුවත් තමා ශනායාව අත් හැරීමට සූදානම් නැත.ඇගේ ජීවිතය ඇත්තේ අනතුරේය.

නැවත හමුවෙමු