වසර තිස් දෙකකට පෙර👇

රේණුකාත් ඇගේ සැමියා වන හැරිසුත් සිය පුත්‍රයා වූ ගිම්හාන්ව රැගෙන කතරගම ගියේ බාරයක් වීමටය.ඒ වන ගිම්හාන් මාස හතරක ළදරුවෙකි.සිය මෝටර් රථයේම ඔවුන් තිදෙනා වැසි වසිනා ඒ උදෑසනින්ම කතරගම බලා පිටත්ව ගියේය.ඔවුන් තිදෙනා පැමිණියේ උදෑසන නිසා කතරගම පූජා භූමියේ එතරම් සෙනඟක් නොවීය. ඉක්මනින් පලතුරු වට්ටිය සූදානම් කරපු රේණුකා එයත් රැගෙන සිය සැමියා අසලට පැමිණියාය.

“පුතා අඬනවා රේණු.බඩගින්නෙද කොහෙද?තාම එච්චර සෙනඟක් නැති නිසා ඔයා කාරෙකට ගිහින් පුතාට කිරි දෙන්න.අපි කොහොමත් ටිකක් වෙලා මෙහෙ ඉන්නවනෙ……………”

කුඩා ගිම්හාන්ව සිය දෝතට ගෙන රේණුකා මෝටර් රථයට ගොස් කිරි පෙව්වාය.පුතා කිරි බී ඉවර වූවාට පසුව රේණුකා ඔහුවත් දෝතට ගෙන මල් වට්ටියකුත් ගෙන හැරිස් අසලට ගියා.

පුතාට බාරයක් වී පලතුරු වටියක්ද පූජා කර ඔවුන් දෙදෙනා ඒ පූජා භූමියේම ගත කරා.එම දේවාල භූමියේම සිය අලුත් උපන් පුත්‍රයා සමඟ ගත කර රේණුකාත් හැරිසුත් ආපසු නිවස කරා ඒමට ප්‍රථමයෙන් සාත්තරයක් බැලීමට ගියා.ඒ සාත්තරකරුවා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වලට ප්‍රසිද්ධ අයෙකි.හැරිස් ඔහු වෙත ගියේ රේණුකාගේ බල කිරිල්ලට මිස කැමැත්තකින් නම් නොවේ.හැරිස් සාත්තර හදි හූනියම් විශ්වාස කරන අයෙක් නොවේ.නමුත් ඔහු බුදු දහම තදින්ම විශ්වාස කරයි.රේණුකා සිය පුත්‍රයා දෝතට ගෙන එම සාත්තරකරුවා වෙත ගියාය.

සාත්තරකරුවා කුඩා ගිම්හාන් දෙස ඇස් ලොකු කරමින් බැලුවේය.ඔහු ප්‍රගුණ කල ශාත්‍රය අනුව නම් මේ දරුවාගේ අමුත්තක් ඇත.

“ඔබතුමාට කියන්න පුලුවන්ද මගේ දරුවාගේ අනාගතේ ගැන?මේ අපේ පලවෙනි දරුවා.මෙයාව හොඳ යහපත් පුරවැසියෙක් කරන එකයි අපේ බලාපොරොත්තුව.අපේ පුතා වෙනුවෙන් අපි ගොඩාක් බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ…………..”

සාත්තරකරුවා කුඩා ගිම්හාන්ගේ හිස මත සිය අත තබා ඔහුගේ දෑත දෙස බැලුවේය.නලල රැලි කරගෙන යමක් කීමට සැරසුනේය.

“මේ දරුවා වාසනාවන්ත ගොඩාක් දක්ෂ දරුවෙක්.අනාගතේ කවදා හරි දවසක ගොඩාක් දියුණුවෙන් දියුණුවටම පත් වෙනවා.ඒත් කියන්න කණගාටුයි.මේ දරුවට ලොකු මාරක අපලයක් තියනවා.ඒකෙන් ගැලවෙන එක කරන්න බොහෝම අමාරු වැඩක්…………”

ශාස්ත්‍රකරුවා එය කියූ අන්දමට රේණුකා සේම හැරිසුත් බිය වූවා.තම කුලුඳුල් පුත්‍රයාට ඇති මාරක අපලය කුමක්ද?ඇය ශාස්ත්‍රකරුවා ඉදිරිපිට හඬා වැටුනා තම පුත්‍රයාගේ අනාගතය ආරක්ෂා කර දෙන මෙන්.

“මේ දරුවාගේ අපලෙ තියෙන්නෙ මතු යම් දිනෙක ඔහුගේ විවාහයේ.ඒක බොහොම දරුණු මාරක අපලයක්.මේ දරුවගෙ ජීවිතේ වුනත් නැති වෙන්න පුලුවන්………….”

“අනේ ඔබතුමා කොහොමහරි මගෙ දරුවව ආරක්ෂා කරලා දෙන්න.අනේ මගෙ පුතාගෙ ජීවිතේට මොකුත් වෙන්න දෙන්න එපා…………..”😭😭

“මට එක දෙයක් කියන්න පුලුවන් මේ දරුවා ගැන.මේ දරුවාගේ අපලය නිසා අනාගතේ දවසක දුක් විඳින්න සිද්ද වෙන්නේ එයාගෙ බිරිඳට.මෙයා කවුරු කසාද බැන්ඳත් නොබැන්දත් හිත ගිය ගෑණු ළමයාට මෙයාගෙන් ගොඩාක් අපල සිද්ද වෙනවා.ඒක තමයි දෛවය. ඒක වෙනස් කරන්න අපිට බෑ.යම් යම් අපල දුරු වෙන්න බෝධි පූජා තියන්න. දෙවියන්ට පිං දෙන්න…………….”

“තමුසෙට ඒ සාත්තරකාරයා කියපු දේවල් විශ්වාසයිද?මට නම් පේන්නෙ ඌ බොරු කාරයෙක් වගේ……………”

ආපහු නිවස බලා යන විටදී හැරිස් රේණුකා හට එලෙස පැවසුවේය. හැරිස්ට නම් මේ දේවල් කිසිසේත්ම විශ්වාසයක් නැත.

“මට අපේ පුතා ගැන බයයි හැරිස්.අනේ මේ දරුවගෙ අනාගතේ කොහොම වෙයිද?…………..”😭😭

“මගෙ යකා අවුස්සන්නෙ නැතුව ඉන්නවා රේණු.තමුසෙගෙ මොලේ හොඳ නැද්ද?මාස හතරක පොඩි ළමේක් දිහා බලලා ඒ ලමයගේ කසාදෙ ගැන සාත්තර කියන්න පුලුවන්ද?තමුසෙත් ඒ විකාර විස්වාස කරනවද?……………”😡😡

හැරිස් කොපමණ බැන්නත් රේණුකා එදා පටන් දිවි ගෙව්වේ සිය පුත්‍රයාගේ අනාගතය ගැන බියෙනි.කාලය දින සති මාස අවුරුදු ගනන් ගෙවී ගියා.

තමාට දෙවන වරටත් මව් පදවිය උරුම කර උපන් සිය දියණිය මව්කිරි හිරවීමෙන් මිය ගියා.තම සැමියා වූ හැරිස් රිය අනතුරකින් මෙලොව හැර යද්දී ඉතුරු වූයේ ඇයත් සිය පුත්‍රයාත් පමණි. ගිම්හාන්ට වයසින් වැඩෙද්දී ඇයට අර සාත්තරකරුවා කියූ දේ සිහිපත් වුනා. විවාහ ජීවිතය ඔහුට සිහිනයක් පමණක්ම වේවිද?

බෑ මොන දේ වුනත් මං මේ රහස පුතාට කියන්නෙ නෑ.එයාත් එයාගෙ තාත්තා වගේමයි මේ දේවල් විශ්වාස කරන්නෙම නෑ.මගෙ පුතාගෙ අනාගතේ ගැන මට ලොකු බයක් දැනෙන්නෙ.

තරුණ වයසේ පසු වූ ගිම්හාන් මහන්සි වී තම පියාගේ ව්‍යාපාර දියුණුවෙන් දියුණුවටම පත් කර ගත්තේය.ව්‍යාපාර ලොවෙහි අති දක්ෂයෙකු වූ ඔහුට අනික් ව්‍යාපාරිකයන් සමඟ තරඟයක් නැත.

තම ව්‍යාපාර නිසා ඔහු ඉතාම කාර්‍යබහුල දිවියක් ගත කලේය.රිය අනතුරින් පසුව තමාගේ ජීවිතය ඇඳට සීමා වුනත් පුත්‍රයා ඇය ගැන නිතරම සොයා බැලුවේය.ඔහු ලද අතිශය කාර්‍යබහුලත්වය නිසාම ඔහු වසර තිස් එකක් වන තෙක්ම විවාහයක් ගැන එතරම් බරපතල ලෙස සිතුවේ නැත. ඔහුගේ ලඟම මිතුරියක් වූ ඉරේෂා සමඟ ඔහුට ප්‍රේම සම්බන්දයක් තිබුනි. නමුත් ඔවුන් දෙදෙනා අතර නිතරම අඩ දබර ඇති විනි.ඔවුන්ගේ කේන්දරද ගැළපුනේ නැත.එතරම් දුර දිග නොගිය ප්‍රේම සම්බන්දයට තිත තැබුවේ ඔවුන් දෙදෙනාමය.

රේණුකා තමාව රැක බලා ගැනීමට මෙහි පැමිණි සමනලීට සිය පුත්‍රයාව විවාහ කර දීමට සිතුවේය.ඒ සමනලී ඉතාමත් අවංක ගුණ යහපත් අහිංසක තරුණියක් නිසාවෙනි.ඇයට කාත් කවුරුවත් නැත.ඇය හැදී වැඩී ඇත්තේ ළමා නිවාසයකය.තම පුත්‍රයාගේ හිත මේ තරුණිය වෙත බැඳී ඇති බව ඇය තේරුම් ගත්තාය.

එය තමා තේරුම් ගත් බව පුත්‍රයාගෙන් වසන් කොට ඔවුන් දෙදෙනා විවාහ කර දීමට ඇය සැලසුවේ පුත්‍රයා කෙසේත් ඇය නම් අත් හරින්නට සූදානම් නැති නිසාය.ඔහුගේ සිත ඇය කෙරෙහි තදින්ම බැඳී ඇත්නම් ඇය ඔහුගෙන් වෙන්ව ගියත් ඔහුගේ ඒ මාරක අපලය ඇගේ ජීවිතය අඳුරු කර දමනු නිසැකය.

“අම්මේ……………”

රේණුකා සිය අතීතාවර්ජනයෙන් මිදුනේ සමනලීගේ කටහඬටය.

“ආ…..ඇයි දුවේ?……………”

“අම්මෙ මං හෙට පන්සලේ බෝධි පූජාවක් තියන්න ලෑස්ති කරා.අම්මත් මාත් එක්ක යමු හවසට……………”

“ආ බෝධි පූජාවක් තියන එක නම් ගොඩාක් හොඳයි දුවේ.මාත් මේ දුවට කියන්නමයි හැදුවෙ බෝධි පූජාවක් තියමුයි කියලා…………….”

“අම්මා එක්තැන් වෙලා ඉන්න කාලෙත් මං ප්‍රේමා නැන්දත් එක්ක පන්සලට ගිහින් බෝධි පූජාවල් තිබ්බා……………”

අම්මාගෙන් සමුගෙන මං කාමරේට ආවා.එවලෙම තමයි ගිම්හාන් මහත්තයාත් ගෙදර ආවෙ.ගිම්හාන් මහත්තයගෙ අතේ මොකක්ද මන්දා පාර්සලයක් තිබ්බා.

“ආ මේක මගෙන් තමුසෙට පොඩි ප්‍රසන්ට් එකක්.බලනවා හොඳද කියලා……………”

මං ඒ තෑග්ග අරන් ලෙහලා බැලුවා. අම්මෝ ලොකු ෆෝන් එකක්.ගඩොල් බාගයක් විතර ලොකු ටච් ෆෝන් එකක්.ගිම්හාන් මහත්තයා මට මේ වගේ තෑග්ගක් දුන්නත් මං දන්නෑනෙ මේ වගේ ෆෝන් පාවිච්චි කරන්න.

“අනේ මහත්තයා මං දන්නෙ නෑනෙ මේ ජාතියෙ ෆෝන් පාවිච්චි කරන්න………….”

“මේක පාවිච්චි කරන්න එච්චර අමාරු නෑ ඕයි.ඔහොම ඉන්නවකො මං තමුසෙට කියලා දෙන්නම්…………..”

ගිම්හාන් මහත්තයා මට ඒ ෆෝන් එක පාවිච්චි කරන හැටි කියලා දුන්නා. ගොඩාක් දේවල් කරන්න පුලුවන් ඒ ෆෝන් එකෙන්.ටීවි බලන්නත් පුලුවන්. එක එක වීඩියෝත් බලන්න පුලුවන්. දැන් මට දවල්ට කම්මැලි වෙලාවට මේකෙන් සිංදු අහන්න පුලුවන්.

“හැබැයි මං තමුසෙට මේ ෆෝන් එක දෙන්නෙ පොරොන්දු කීපයක් උඩ.එකක් එෆ් බී හදන්න බෑ.වට්ස්ඇප් ඉමෝ ඒ කිසිම දෙයක් හදන්න බෑ.තමුසෙ කම්මැලි වෙලාවට මේ හෑන්ඩ්ෆ්‍රී එක ගහගෙන සිංදු අහනවා.යූටියුබ් එකේ වීඩියෝ බලනවා.ගේම් ගහනවා……………..”

“හරි මහත්තයා මං ඒ විදියටම වැඩ කරන්නම්……………”

ගිම්හාන් මහත්තයා අරන් දීපු ටච් ෆෝන් එක මගේ පාලුව කම්මැලිකම මකා ගන්න ලොකු පිටුවහලක් වුනා.මං යූ ටියුබ් එකේ සිංදු ඇහුවා.ගේම් ගැහුවා.දැන් නම් පාලු නෑ කම්මැලි නෑ. අම්මයි මායි දෙන්නම ඒ ෆෝන් එකෙන් සෙල්ෆි ගැහුවා.පිස්සු විකාර ගොඩායි ඉතින්.කිහිප දවසක්ම ගිම්හාන් මහත්තයා මගෙ ෆෝන් එක අරන් බැලුවා මං එයා එපා කියපු දේවල් කරලද කියලා.එයා එපා කියපු දේවල් නොකරපු හින්දා ඊට පස්සෙ ෆෝන් එක බැලුවෙ නෑ.

මට හිතුණා එෆ්බී එකවුන්ට් එකක් හදන්න.ගිම්හාන් මහත්තයා දැන් මගෙ ෆෝන් එක බලන්නෙත් නෑනෙ.එයාට හොරෙන් ශේප් එකේ හදනවා.😉😉 ඇහුවොත් කියනවා හැදුවට මං ගියෙ නෑ කියලා.

ඒ හින්දා මං මගෙ නමින් එෆ්බී එකවුන්ට් එකක් හැදුවා.මගෙ ලස්ස්න ෆොටෝ එකක් ප්‍රොෆයිල් එකටයි කවර් එකටයි දැම්මා.ඒක හදලා පැයක් ගියේ නෑ.රික්වෙස්ට් ගොඩායි.එක එක අයගෙන් රික්වෙස්ට් එනවා.මාත් වැඩිය නොහිතා ඒ හැම රික්වෙස්ට් එකක්ම කන්ෆෝම් කරා.ඊට පස්සෙ ඉන්බොක්ස් එකේ මැසේජ් ගොඩායි.Hay,Hi,Hi mk,gm කියලා එක එක අය මැසේජ් එවනවා.මාත් ඒවට රිපලයි කරා.

මට එෆ්බී පාවිච්චි කරන්න වැඩිය තේරුමක් නෑ.ඒ නිසා ලොකුවට ෆොටෝ දාන්න ගියේ නෑ.එවලෙම මැස්න්ජර් එකට වීඩියෝ කෝල් එකක් ආවා.මං ඒක ආන්සර් කරේ නෑ.කට් කරා.ඒ පාට මැසේජ් එවනවා.කව්ද මේ?🤔🤔

“Hii oya mokada karannee”

කව්ද මේ?මං අඳුරන්නෙ නෑනෙ.නම නම් තියෙන්නෙ පසිඳු කියලා.

“Man nikan inne?oya kavdha man adhuranne nane oyava”

මාත් එහෙම රිප්ලයි කරා.ඒ පාර ඒ මනුස්සයා ආයෙත් මැසේජ් එවනවා.

“Man oyage friend kenekne.oya harima lassanayi.bf kenk innavada?”

මං කසාද බැඳලා කියලා එයාට රිප්ලයි එකක් දැම්මා.මං ලස්සනයි කියලා කිව්වම මට මාර සතුටක් දැනුනෙ.ඒ පාර ආයෙත් මැසේජ් එකක් ආවා.

“Ko husband?”👨

“Eya vadata giya”👩

“Oya thaniyamada inne?”👨

“Ov”👩

“Maat inne thaniyama.kammaliyi ane. oyage foto ekak evannko”👨

මගෙ ෆ්‍රෙන්ඩ් කෙනෙක් කියපු නිසා මං ඒ කෙනාට මගෙ ෆොටෝ එකක් යැව්වා.එයත් ෆොටෝ එකක් එව්වා. එයා අවුරුදු විසිහතරක කොල්ලෙක්. හරිම ලස්සනයි.එයා දිගටමට මට මැසේජ් කරනවා.මාත් ඒවට රිපලයි කරා.

දින කිහිපයකට පසු මට ඒ කොල්ලා ෆොටෝ වගයක් එව්වා.මාත් ඩේටා ඔන් කරලා ඒ ෆොටෝ ටික බැලුවා.ඒ ෆොටෝ ටික බලපු මට මහා කේන්තියක් ආවා.ඌ එවලා තිබ්බේ උගෙ මහා ජරා ෆොටෝ වගයක්.ඊට පස්සෙ මං ඌට මැසේජ් කරේ නෑ.ඒත් ඒ කොල්ලා මට දිගටම මැසේජ් කරා.

“Oyageth mehema inna fotos tikak evannako.man vitharayi balanne.baya venna epa”👨

මට හොඳටම බය හිතුණා.මං ෆෝන් එක කට් කරලා තිබ්බා.මං ඒ කොල්ලට ඊට පස්සෙ මැසේජ් කරේ නෑ.එක දවසක් මං බාතෲම් එකේ නානකොට මගෙ ෆෝන් එකට කෝල් එකක් එන සද්දෙ ඇහුනා.ගිම්හාන් මහත්තයා කාමරේ ඉන්නවනෙ එයා ආන්සර් කරන්නතෑ කියලා හිතලා මං නා ගත්තා.

ෆෝන් එක අරන් දීලා සති දෙකයි ගියේ. කව්ද දන්නෑ මේ පිස්සිට කෝල් කරන්නෙ බලමු.එහෙම හිතපු ගිම්හාන් කෝල් එක ආන්සර් කරා.

“හෙලෝ කව්ද මේ…………..”📲

ගිම්හාන් එහෙම අහනවත් එක්කම එහා පැත්තෙ ලයින් එකේ හිටපු කෙනා කෝල් එක කට් කරා.ගිම්හාන් ආපහු ඒ නම්බර් එකට ගත්තත් ඒ නම්බරේ වැඩ කරේ නෑ.

මොකාද මේ කතා කරලා සද්දෙ නැතුව කෝල් එක කට් කරේ.එහෙම හිතපු ගිම්හාන් ෆෝන් එකේ ස්ක්‍රීන් එක දිහා බලන් යද්දී දැක්කා තමන් එපා කියද්දී සමනලී එෆ් බී හදලා තියනවා.ඔහුට යකා නැග්ගා.පුදුම කේන්තියක් ආවෙ සමනලී ගැන.

මේ හු## ති මං එපා කියද්දිම එපා කියපු දේම කරලා.මේ දවස් ටිකේ මං ෆෝන් එක බැලුවෙ නෑනෙ.දිගටම බලනෙකක් නෑ කියලා වෙන්න ඇති මට හොරෙන් හදලා තියෙන්නෙ.

එහෙම හිතපු ගිම්හාන් ඇගේ ප්‍රොෆයිල් එක චෙක් කරලා බැලුවා.එය දුටු ඔහුට දැනුනේ ඇය ගැන විශාල කේන්තියක්. ප්‍රොෆයිල් එක පුරාවටම ඇගේ පින්තූර. මේ දවස් කිහිපයට ෆ්‍රෙන්ස්ලා එක්දාස් අටසීයක් ඉන්නවා.ගිම්හාන් ඉක්මනින් ඇගේ පින්තූර සියල්ලම ඩිලිට් කර දැමුවා.

මං මේවා ඩිලිට් කරාට තව ජරා හැත්ත කී දෙනෙක්ගෙ ෆෝන් වල මේකිගෙ ෆොටෝ සේව් වෙලා තියනවද දන්නෑ.

එවලෙම වගේ මැසෙන්ජර් එකට මිස් කෝල් එකක් ආවා සමනලීට මැසේජ් කරපු කොල්ලගෙන්.සැකයකින්ම ගිම්හාන් මැසෙන්ජර් වලට ගිහින් බැලුවා මොනවද තියෙන්නෙ කියලා. එය දුටු ඔහුට දෙයියො සිහි වුනා. සමනලී ගැන දැනුනේ ඔහුට විශාල කේන්තියක්.ෆේස්බුක් ගැන කිසිම දෙයක් නොදන්න ඇය මේ මිනිහාට තමන්ගෙ චායාරූපත් යවලා.ඔහු එවා තිබූ ඔහුගේ නිරුවත් ජායාරූපත් ගිම්හාන් දුටුවා.ඇය යැවූ මැසේජ් සියල්ලම ඔහු බැලුවා.

පට්ට බැල්ලි තෝ වරකො බාතෲම් එකෙන් එලියට.මං තෝව හම ගහනවා පට්ට වේ##