දවසින් දවස සතියෙන් සතිය ගෙවිලා ගියා.දැන් අම්මාට හොඳට ඇවිදින්න පුලුවන්.අවුරුදු දහයකට ආසන්න කාලයක් රෝද පුටුවකට සිය ජීවිතය බාර දීලා හිටපු අම්මා දැන් කඩිසරව දුවලා පැනලා වැඩ කරනවා.උදෙන්ම මල් කඩලා බුදුන් වඳිනවා.වත්තෙ තියන මල් ගස් වලට වතුර දානවා. ප්‍රේමා නැන්දත් එක්ක එකතු වෙලා කෑම උයනවා.

අම්මා ඒ හැම වැඩක්ම ගොඩාක් ආසාවෙන් උනන්දුවෙන් කරනවා.අම්මට හොඳටම ඇවිදින්න පුලුවන් වුනාම අපි තුන්දෙනාම වෙද මහත්තයා බලන්නත් ගියා.

වෙද මහත්තයා කියපු විදියට අපිට අවුරුද්දක් ඇතුලතම අම්මාව හොඳටම සනීප කරගන්න පුලුවන් වුනා.අම්මා හිතුවේ එයාට කවමදාකවත් ඇවිදගන්න බැරි වෙයි කියලා.

එයා එදා අනුරාධපුරයෙ වෙද බණ්ඩාර මහත්තයා ගාවට ගියේ මගේ කීමටමලු.කකුල් දෙක සනීප වෙයි කියලා අම්මාට කිසිම විශ්වාසයක් තිබිලා නෑ.ඒ හැම දෙයක් ගැනම අම්මගෙ හිතේ මං විශ්වාසයක් ඇති කරා.

අම්මා අසනීප වෙලා ලෙඩ ඇඳේ ඉන්න කාලෙ ගිම්හාන් මහත්තයා මාස දෙකකට වතාවක් විතර අම්මව ට්‍රිප් එකක් එක්කන් යනවලු.

අම්මට සිංහල බෙහෙත් කරන්න පටන් ගත්තු නිසා දැන් අවුරුද්දක විතර ඉඳලා අම්මව කොහේවත් එක්කන් ගියෙත් නෑනෙ. ගිම්හාන් මහත්තයයි මමයි කතා වුනේ අම්මව එක්කරගෙන නුවර යමු කියලා. අපි ඒ ගැන අම්මට කිව්වම අම්මට යන්න බෑ කියලා අපි දෙන්නට විතරක් යන්න කිව්වා.

අපි කොච්චර උත්සහ අම්මා කිව්වෙ අපි දෙන්නට විතරක් යන්න කියලා.නුවර ගිහින් දවස් දෙකක් විතර ඉඳලනෙ එන්නෙ.නුවර යන්න කලින් වෙඩින් එක ගම්මු කියලා අම්මා ගිම්හාන් මහත්තයත් කිව්වා.ඒකට එයත් කැමති නෑ.

“නුවර යන්න කලින් වෙඩින් එක ගම්මුයි කියලා අම්මා කිව්වෙ අම්මට හිතුනද දන්නෑ වෙඩින් එකට කලින් ලේලිව හනිමූන් එක්කන් යන්න හදනවා කියලා……………”😆😄

මගෙ කනට කරලා රහසින් වගේ ගිම්හාන් මහත්තයා එහෙම කිව්වා.මට ලැජ්ජාවෙ බෑ මුගෙ කතා වලට.මුගෙ කට නම් බෝක්කුවක් වගේ.කොයි වෙලේ බැලුවත් කියන්නෙම මහ වල් කතාවක්මයි.බ්‍රේක් නෑ කටට.

දින කිහිපයකට පසුව👇👇

අද ගිම්හාන් මහත්තයගෙයි මගෙයි වෙඩින් එක.වෙඩින් එක එක දවසකට විතරක් සීමා කරමු කියලා මමමයි ගිම්හාන් මහත්තයට කිව්වෙ.එයයි අම්මයි දෙන්නම ඒකට කැමති වුනා. මහා ලොකු නෑදෑ පිරිසකට අපි ආරාධනා කරේ නෑ.සුළු පිරිසකට විතරයි ආරාධනා කරේ.ඉරේෂා නෝනට වෙඩින් එක කිව්වෙ නෑ.ගිම්හාන් මහත්තයගෙ යාලුවන්ටයි තවත් නෑදෑයින් කිහිප දෙනෙක්ට විතරයි කිව්වෙ.චාම් විදියටයි අපි වෙඩින් එක ගත්තෙ.

ගිම්හාන් මහත්තයා සුදු නැෂනල් එක ඇඳලා මං සුදු ඔසරිය ඇන්දා.මට හිතා ගන්නවත් බැරි තරමට මාව ලස්සනට හැඩ කෙරුවේ සැලූන් එකේ අක්කා. ගිම්හාන් මහත්තයා නම් මටත් වඩා ලස්සනයි.අවුරුදු තිස්දෙකක් කියලා කියන්නවත් බෑ.හරියට පේන්නෙ අවුරුදු විසිපහක් විසිහයක් වගෙයි. වෙඩින් එක චාමෙට අරන් අපි දෙන්නා මං හිටපු අනුත්තරා ළමා නිවාසෙට උදව් කරන්නත් කතා කර ගත්තා.

උදේ අටයි දොළහට යෙදුනු සුභ මොහොතින් පෝරුවේ චාරිත්‍ර සිදු කෙරුනා.හැමෝගෙම ආශිර්වාදය සුබ පැතුම් අපි දෙන්නට ලැබුනා.

“තමුසෙට සිංදු කියන්න බැරිද?…………..”

“මං සිංදු කියන්න දන්නෑනෙ මහත්තයා………….”

“ඔහොම ඉන්නවකො පොඩ්ඩක්…………….”

එහෙම කියපු ගිම්හාන් මහත්තයා ස්ට්‍රේජ් එකට නැග්ගෙ මයික් එකත් අරන්.🎤අපොයි අම්මේ….🤦😮🙄😲මූ මොනවා කියයිද දැන්.මාත් කට තද කරගෙන බලාගෙන හිටියා.

හිතුවක්කාරී නුඹ නම් සොඳුර……….
හිතුවක්කාරයි නුඹ නම් තාමත් මහ වැස්සක් වාගේ………..
මුතු කැට වැස්සක් වාගේ වේ නම් සොඳුරී මේ දීගේ………..🎵🎵

හිතුවක්කාරී මෙතුවක් ඒ ගැන හිතලා නෑ වාගේ……………
බලහත්කාරෙන් ඉන්නට බෑ මට වාවාගෙන වේගේ………….🎵🎵

බොරු අරුමෝසම් පමණට වැඩියෙන් ගෝචර නෑ නිතර…………….
මෝසම් සුළඟක් ආවොත් නුඹ නම් ගහගෙන යයි සොඳුර……………..
තාවකාලිකයි අහංකාරකම් කොන් වී යන අතර……………
සදා කාලිකයි දැහැමි චාම්කම ඉගන ගනිං සොඳුර………….🎵🎵

හිතුවක්කාරී නුඹ නම්…………..//

සරුංගලේ ලස්සන දිස්වෙන්නේ උඩු ගුවනේ විතරයි…………..
නූල ගැස්සුනොත් හදිස්සියෙන් හරි ඒ ලස්සන ඉවරයි…………..
ලස්සන කන්නද හිත ලස්සන නැති ගැහැණිය ගිණි කෙලියයි…………..
හදවත ලස්සන ගැහැණිය ඇති තැන ලෝකෙම සැනකෙලියයි……………🎵🎵

හිතුවක්කාරී නුඹ නම්……………//

👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

හෝල් එක දෙදරන්න තරම් අත්පුඩි සද්දෙ.අපොයි අම්මේ මූට මෙච්චර ලස්සනට සිංදු කියන්න පුලුවන්ද?😀😃😚😙මෙච්චර කාලයක් ළඟ ඉඳලා මං අදයි දන්නෙ.ඒ සිංදුව කියලා ඉවර මං දිහා බලලා දාපු පැණි හිනාව.

“කොහොමද කොල්ලා ලස්සනට සිංදුව කිව්වා නේද?………….”

මං ගාවින් ඉඳගෙන එයා ඒක ඇහුවෙ රහසින් වගේ.මරු කොල්ලා😁😆

“ගොඩාක් ලස්සනට කිව්වා මහත්තයා. හිතුවක්කාරී කිව්වෙ මටද?………….”

“ඔව් තමුසෙ හිතුවක්කාරයි තමයි…………..”

“නපුරා.මහත්තයා හරිම නපුරුයි. කොටියෙක් වගේ…………….”

“තාම දන්නෑ මේ කොටියගෙ හැටි……………”😉😉

වෙඩින් එකෙන් පස්සෙ පිටත් වීමේදී මාව බදාගෙන තුරුල් කරන් ඇඬුවේ ගිම්හාන් මහත්තයගෙ අම්මා.මට අම්මා වුනේ ඒ අම්මා.මං ගිම්හාන් මහත්තයගෙ අම්මට දණ ගහලා වැන්දා.අනේ අද මගෙ මගෙ අම්මයි තාත්තයි හිටියා නම්.😥😥

❤️👰🤵❤️

“තමුසෙ මොනවද ඔතෙන්ට වෙලා කරන්නෙ?…………..”

“අහසෙ තරු ගනං කරනවා……….”😁😆

ගිම්හාන් මහත්තයා වොශ් එකක් දාන්න බාතෲම් එකට ගිය වෙලාවෙ මං නිකමට වගේ බැල්කනියට ඇවිත් පල්ලෙහා බලාගෙන හිටියා.හරිම ලස්සනයි පහල.ස්විම් පූල් එකකුත් තියනවා.තැනින් එක එක පාටට ලයිට් පත්තු කරලා.මේ වගේ හොටෙල් එකක් මං කවදාවත් දැකලා.

කාත් කවුරුවත් අනාථ කෙල්ලෙක් වෙච්චි මට අද මගේම කියලා පව්ලක් ලැබිලා.අම්මා කෙනෙක් වගේ හොඳ ආදරණීය නැන්දම්මෙක්.නපුරු,දුෂ්ඨ ඒත් ආදරණීය ස්වාමියෙක්.

“කොච්චර තියනවද තරු…………..”

එයා එහෙම ඇහුවේ පිටි පස්සෙන් ඇවිත් මගේ බඳ වටේට අත් දෙක යවලා තද කරලා මාව තුරුල් කර ගන්න ගමන්.

“අනේ මහත්තයා මාව චප්ප වෙයි ඔහොම මිරිකුවොත්……………”

ග්‍රහණය මදක් ලිහිල් කරමින් ඔහු මගේ උරහිසට නිකට තබාගෙන හිටියා.ටික වෙලාවක් යද්දී මගෙ කන් පෙත්තක් යාන්තමට හැපුවා.මටත් හිනා මේ පිස්සාගෙ වැඩ වලට.

“යමු ඇතුලට.දැන් මදෑ තරු ගනං කරා……………”

එයා මගෙ අතින් අල්ලගෙන මාවත් තුරුල් කරගෙන කාමරේට ඇවිත් දොර වහලා ජනේලුත් වැහුවා.කාමරේ ලයිට් එකත් ඕෆ් කරලා ටේබල් ලෑම්ප් එක විතරක් ඔන් කරලා මං ගාවට ආවා. මගෙ හිත මහා අමුතු නුහුරු නුපුරුදු ලැජ්ජාවකින් පිරීලා ගියා.එයා මගෙ නිකටෙන් ඉස්සුවා.

“මොකෝ මේ ලැජ්ජයිද?නැත්නම් බය වෙලාද ආ?……………”

“දෙකම……………”

මං බිම බලාගෙන එහෙම කිව්වා.එයා මගෙ උරහිසට අත් දෙක තියලා පාත් වෙලා මගේ ගෙල වටේට හාදු තැවරුවා.මාත් ඉතිං නිකන් හිටියෙ නෑ. ඒ තොල්පෙති සිපගෙන සිපගෙන එයාව අවුස්සන්න කියලා හිතාගෙන ඒ තොල චුට්ටක් හැපුවා.

“ඌයි ගෑණියෙ ඒක නම් රිදුනා.හිටපිය තොට මං අද…………….”😆😁😂

මට හිනා ගිම්හාන් මහත්තයා කටත් අල්ලගෙන කෑ ගහපු විදියට.මාව ඇදලා අරන් හරහට ඔසවාගෙන ඇඳෙන් තියපු ගිම්හාන් මහත්තයා මට ඇහැක් ගහලා මගෙ ඇඟට බර වුනා. මගේ මුව පුරා ඔහු ඒ දෙතොල් වල පහස රැන්දූවා.මගේ මුවින් සිහින් කෙඳිරියක් පිටවෙද්දී ඔහුගේ ග්‍රහණය තවත් වැඩි වුනා.

මා සහ ඔහු ඇඳ උන් සළුපිළි ගතින් ගිලිහුනා.ඔහුගේත් මගේත් හැඟීම් දලු ලා වැඩෙද්දී ඔහුගේ ශක්තිමත් දෑත් වලට මිරිකී පොඩි වුනු මගේ ළමැදෙන් වේදනාවක් දැනුනා. මගේ ඇස් වලට කඳුලු පිරුනත් දැනුනෙ නෑ කිසි විටෙකත් ඔහු ගැන තරහවක් නම්.දැනුනේම මහා සයුරක් මෙන් විශාල ආදරයකි.අනුරාගී හෝරාවන් කිහිපයක් ගෙවී ගියේ මා ඔහුගේම වෙමින්.ඒත් ඔහු මගේ සිරුරෙන් ඈත් උනේ නෑ.ඉවසගන්න බැරි තරම් වේදනවක් දැනෙද්දී මං උපරිමයෙන් දරාගෙන හිටියා.

“මොකෝ මේ මං ගොඩක් රිද්දුවද තමුසෙට?…………..”

වේදනාව දරාගෙන මං හිනා වුනා විතරයි.ඔහුට දැනෙන්න ඇති මගේ වේදනාව.මගෙ සිරුරෙන් ඈත් වෙලා මට සීට් එක පෙරෙව්වා.

“තරහයිද මැණික මං උඹට ගොඩක් රිද්දපු හින්දා?……………”

එයා එහෙම ඇහුවේ මගේ මුහුණට එබිලා අවුල් වුනු හිසකෙස් අතින් හදන ගමන්.මං නෑ කියලා හිස දෙපැත්තට වනලා එයාගෙ ඇඟට තුරුල් වෙලා එක අතක් එයාගෙ බඩ මැද්දෙන් දා ගත්තා.එයත් මාව තුරුල් කරගත්තේ මට දැනුනු වේදනාව වටහාගෙන වගේ.

කෙල්ලට හුඟක් රිදිලා වගේ.ඒකයි ඇස් වලින් කඳුලුත් ඇවිත් තියෙන්නෙ. එහෙම හිතපු ගිම්හාන් ඇගේ නලල සිපගෙන නිදාගත්තා.


සමනලීට කලින් පාන්දරම ඇහැරුනේ ගිම්හාන්ට.විසිරිලා තියන සීට් එක ඇයට පොරවලා ඔහු බාතෲම් එකට ගිහින් ඇඟ හෝදලා එහෙම ආවා.

අනේ අම්මපා මේකිට මෙලෝ සිහියක් නෑනෙ.ඔක්කොම එළියෙ දාගෙන නිදාගෙන හැටි.අනින්න හිතෙනවා හිල් වෙන්න ටොක්කක්.උදේ පාන්දරම මේකි මාව අවුස්සගන්න හදන්නෙ මෙහෙම ඉඳලා.

සමනලීට හිතෙන් බැන බැනම ගිම්හාන් ඇයව අවදි කෙරෙව්වා.ඇසුත් පොඩි කරම ඇය නැගිට්ටා.කටට අතත් තියාගෙන ඇය දෙස හිනා වෙමින්ම ගිම්හාන් අහක බලන් හිටියා.ටක්ගාලා සීට් එක අරන් පපුව ගාවටම පොරව ගත්තු ඇය ලැජ්ජාවෙන් අහක බලා ගත්තා.

“මෙලෝ සිහියක් නැතුව ඔක්කොම එලියෙ දාගෙන නිදි නේද?ලැජ්ජ නැද්ද මන්දා තමුසෙට නම්……………”😁😆😉

“ලැජ්ජ වෙන්නෙ මොකටද.පිට මිනිහෙක් නෙවෙයිනෙ දැක්කෙ. මහත්තයනෙ……………”

ඇය එහෙම කිව්වෙ බිම බලාගෙන ලැජ්ජාවෙන් වගේ.

“දැන් ඉක්මනට ලෑස්ති වෙනවා.අද නුවර ගිහින් හෙට යමු ගෙදර……………”

නුවර ගිහින් දළදා මාලිගාවත් වැඳලා අපි දෙන්නා ඊට පහුවදා ගෙදර ආවා. ගිම්හාන්ගෙ අම්මා අපිව ආදරයෙන් පිළිගත්තා.වෙනදා මං හිටපු කාමරේ වෙනුවට අද ඉඳන් මට වෙන් කරලා තිබුනේ ගිම්හාන් මහත්තයගෙ කාමරේ.

“මොකෝ තමුසෙ නිකන් බය වෙලා වගේ ඉන්නෙ ආ?දැන් ඔහොම බෑ මැණිකේ.තමුසෙ මගෙනෙ දැන්………….”


සිය පුත්‍රයා දැන් නම් සිටින්නේ ඉතාම සන්තෝශයෙනි.සමනලී ඔහුගේ ජීවිතයට පැමිණි දා පටන්ම ඔහු ඉතා ආදරණීය සෙනෙහෙවන්ත අයෙක් වූවාය.ඔවුන් දෙදෙනා ගොඩාක් සතුටින් දිවි ගෙවයි.රේණුකා සිය පුත්‍රයාගේත් සමනලීගේත් ජීවිතය දෙස බලා සතුටු වූවාය.එසේ සතුටු වූවත් ඇය යටි සිතින් ඔවුන්ගේ අනාගතය සිහිකර බිය වූවාය.

සිය පුත්‍රයාත් සමනලීත් නොදන්නා ලොකු රහසක් ඇත.ඒ රහස දෙදෙනාගෙන්ම හංගා මේ විවාහය සිදු කර තමා සමනලීගේ ජීවිතය අනාගතය අඳුරට ඇද දැමුවා නොවේද?


තමා කලේ බලවත් වරදක් බව ඇයට සිහිපත් වුවද දැන් ඇය ප්‍රමාද ය.ඇය අතීතය සිහිපත් කලාය.

නැවත හමුවෙන තුරු විරාමයක්