හායි ශනූ කොහොමද කෙල්ලෙ දැන්?තුවාලෙ දැන් අඩුයිද?………………..”
දේවිකා ඇන්ටි උදෙන්ම ගෙදරට ආවා මාව බලන්න.දින කිහිපයකින් මාව බලන්නට නොපැමිණියද ඇය මට දුරකථන ඇමතුමක් පවා දී මගේ දුක සැප සොයා බලයි.
“දැන් නම් වෙනදාට වඩා තුවාලෙ හොඳයි ඇන්ටි……………….”
“ගොඩ දවසකින්නෙ මං මේ ඔයාව බලන්න ආවෙ.මං ඔයාට වැලිතලප වගයක් හදාගෙන ආවා.තේ බොනකොට කන්න…………………”
“ෂා මරුනෙ.මං දන්නවනෙ ඉතින් දේවිකා ඇන්ටි මෙහාට එනකොට හිස් අතින් එන්නෑනෙ.කන්න මොනවමහරි දෙයක් අරන්නෙ එන්නෙ………………..”
සිනහ මුවකින් එලෙස පවසා මම ඇය දුන් වැලිතලප පාර්සලය අතට ගත්තෙමි.එයින් කෑල්ලක් කටේ දමා ගන්නා අතරතුරම ඇය හා කතා බස් කලෙමි.
“මං ආන්ටිගෙන් අහන්නමයි හිටියෙ අප්පච්චි අර කේසර රන්දිව් එක්ක බිස්නස් එකක් කරන්න හැදුවයි කිව්වෙ.ඒකට මොකද වුනේ?……………..”
“ඒ ගැන බය වෙන්න දෙයක් නෑ ශනූ.මං හිතන්නෙ ඒ බිස්නස් එක කැන්සල් කරලා ඒ මනුස්සයා…………………”
“ආන්ටි ලන්ච් එකටත් ඉඳලනෙ යන්නෙ?මං අයිරා ඇන්ටිට කියන්නම් කෑම ලෑස්ති කරන්න කියලා……………….”
“අනේ එපා ශනූ.ලන්ච් ගන්නත් එක්කම මං වෙනින් දවසක එන්නම්.මට හදිස්සියෙන්ම වත්තලට යන්න වෙලා තියනවා.මං ගිහින් එන්නම්…………………”
“ඔව් ඉතින් ඔයා මාව බලන්න මෙහාට එන්නෙ දුවන්න බලාගෙනනෙ………………..”
මම නෝක්කාඩු ස්වරයකින් එලෙස පැවසුවෙමි.එවිට ඇය මාගේ කම්මුලක් මිරිකුවාය.
“පිස්සු කෙල්ල.මං ආයෙ දවසක ගොඩාක් වෙලාම ඉඳලා යන්න එන්නම්කො………………..”
ඇය එසේ පවසා නික්මී ගියාය.අද කාලගුණය එතරම් හොඳ නැත.හවස් වරුවේ ධාරානිපාත වර්ෂාවක් ඇද හැලීමේ සේයාවක් අහසෙහි ඇත. කාමරේට ගොස් ඔෆිස් එකේ මගේ යාලුවෙකුට දුරකථන ඇමතුමක් ගෙන නිවාඩුව අවසන් වූ වහාම මා රැකියාවට පැමිණෙන බව පැවසුවාය. දැන් ආයතනයේ නව අධ්‍යක්ෂක මඩුල්ලක් පත්ව ඇති බව ඇය ප්‍රකාෂ කරාය.තවද දැන් එම ආයතනයේ හිමිකාරීත්වය දරන්නේ කලින් හිමිකරු වූ ප්‍රතාපසිංහ මහතාගේ පුතා බවත් ඔහු පියා මෙන් නොව දුෂ්ඨ ගති පැවතුම් ඇති නපුරු අයෙකු බව ඇය ප්‍රකාශ කරාය.
“බේබි……………..”
“ඇයි අයිරා ඇන්ටි?ඔයා ටව්න් ගියෙ නැද්ද තාම?……………….”
“බේබි මේ……………….”
“ඇයි ඇන්ටි?මොකද වුනේ?ඔයා ලොකු කලබලේකින් වගේ?………………..”
“මේ…….අපේ නංගිට ටිකක් අමාරුයිලු බේබි.මට මේ දැන් නංගිගෙ ලොකු දුව කෝල් කරලා කිව්වෙ.මං ගිහින් හෙට උදෙන්ම එන්නම් බේබි.බේබිට තනියම ඉන්න බෑනෙ.දේවිකා නෝනට කෝල් එකක් දීලා බේබි එහෙ යන්න……………….”
“කමක් නෑ ඇන්ටි.මට තනියම ඉන්න පුලුවන්.ඇන්ටි ගිහින් හිමීට එන්නකො. මං සල්ලි දෙන්නම්…………………”
දහවල් දෙකයි හතළිහට පමණ අයිරා ඇන්ටි පිටත්ව ගියා.ඇය ගොස් ඇත්තේ මට රාත්‍රියටද කෑම පිළියෙල කර තබාය.බත් උයා කරවල බැදුමකුත්,බටු මෝජුවකුත් චිලිපේට්ස් සාදා ඇත.එම ආහාර වේලට මම ඉතාමත් ප්‍රිය බව ඇය දනී.සවස් යාමයේ මම නවකතා පොතක් කියවමින් උන්නෙමි. දුරකථනය නාද වූ නිසා පොත පැත්තකින් තබා එය ආන්සර් කරෙමි.
“හෙලෝ……………..”📲
“මොකද කරන්නෙ?…………….”📲
කතා කරන්නෙ කේසර ය.අල්ලපු නිවසේ සිටම ඔහු මට දුරකථන ඇමතුම ලබා දේ.අපරාදෙ ෆෝන් එකේ සල්ලි.
“පොතක් බලනවා…………………”📲
“මාව බලන්න එන්නෙ නැද්ද?………………”📲
“මේ…..මං………………”📲
“ඔව් ඔයා තමයි.ගිය සතියෙ මාව බලන්න ආවා.ඊට පස්සෙ තාම දැක්කෙ නෑ……………….”📲
“මම නම් හැමදාම හිටියෙ ගෙදර.ඔයා හිටියෙ නෑනෙ මේ දවස් ටිකේ………………”📲
“ඔව් ශනායා.බිස්නස් වැඩ වගේකට ගිහින් හිටියනෙ.පිස්සු හැදිලා වගේ හිටියෙ ඔයාව දකින්නැතුව……………”📲
කේසර මට පිස්සුවෙන් වගේ ආදරය කරයි.මාව නොදැක මගේ කටහඬ නොඅසා ඔහු මේ දින කිහිපයේ පාලුවෙන් සිට ඇත.
“මට එච්චරටම ආදරෙයිද කේසර?……………..”📲
“හ්ම්ම්.ඔයා නිසා මගේ ජීවිතේ වෙනස් වුනා ශනායා.මං හිතුවෙ නෑ මට මෙහෙම ආදරයක් ඇති වෙයි කියලා……………..”📲
“මට කිව්වා………………”📲
“කව්ද?මොනවද කිව්වෙ?………………”📲
“වික්‍රමුයි රොනාලුයි කිව්වා ඔයාට කලින් ගෑණු පේන්න බැරිලු.එයාලටත් පුදුමයි ඔයා මට මෙහෙම ලං වුනු එක……………..”📲
“මගේ ඉරණමේ ඔයා තමයි ජීවන සහකාරිය විදියට ලියවිලා ඇත්තෙ. ඒකයි අවුරුදු තිහක් තිස්සෙ අගුලු දාලා තිබුනු හිත ඔයා නිසා වෙනස් වුනේ……………..”📲
“දැනුත් බීලද ඉන්නෙ?………………..”📲
“නෑ එදායින් පස්සෙ මං වැඩිය බිව්වෙ නෑ………………”📲
“හ්ම්ම්.ඒක හොඳයි………………”📲
“මං ඔයාව බලන්න එන්නද?අවුලක් වෙයිද අර ගෑණු කෙනාගෙන්?………………”📲
“අයිරා ඇන්ටි අද දවල් ගමේ ගියා කේසර.ආයෙ එන්නෙ හෙට………………..”📲
“ඔයා ඉන්නෙ තනියෙන්ද?……………..”📲
“හ්ම්ම්.මං බය නෑ තනියෙන් ඉන්න. අල්ලපු ගෙදර මනුස්සයා ඉන්නවනෙ ප්‍රශ්නයක් වුනොත්……………..”😃📲
“මං තව ටිකකින් එන්නම් මගෙ මැණිකව බලන්න………………”📲
“හ්ම්ම්.හා එන්නකො……………….”📲
රාත්‍රී කෑම ටික බෙදා මං කුස්සියට ගොස් වතුර වීදුරු දෙකක්ද මේසෙන් තැබුවෙමි.මද වේලාවකින් කේසරද පැමිණියේය.මම ඔහුත් සමඟ කෑම මේසෙන් වාඩි වුනෙමි.
“පලවෙනි පාරටයි වලලු දාපු අතකින් උයපු කෑම කන්නෙ……………..”
මම මගේ අත් දෙකෙන්ම කේසර වෙනුවෙන් කෑම පිළියෙල කරා.ඔහු ඉතාම ආශාවෙම් මම පිළියෙල කරපු කෑම කෑවා.
“කෑම රසයිද කේසර?…………….”
“හ්ම්ම්.ගොඩාක් රසයි.අපේ ගෙදර නම් සවන්ට්ලා ඉන්නවා කෑම උයන්න. ඔයාට උයන්න ඕනි වෙන්නෙ නෑ…………….”
“ඔයා හිතලා තියන දුර………………”
“ඇයි ඔයා කැමති නැද්ද ඉක්මනට මගෙ වයිෆ් වෙන්න?……………”
“ඔයාලත් එක්ක බලද්දි අපි පොඩි මින්ස්සු කේසර……………”
“කොහෙද පොඩි.මට නම් පේන්නෑ……………”😁😄
“දෙනවා එකක්.කෑනුගහ කෑම ටික කනවා…………….”
කාල ඉවර වෙලා මං මේසෙ අස් කරලා දාලා කුස්සියත් අස් කරලා දැම්මා. කේසර මං ගාවටම වෙලා හිටියා.
“මං ඔයාගෙන් දෙයක් අහන්නද කේසර?…………….”
“අහන්න…………….”
“ඔයා ඔයාගෙ අප්පච්චිගෙන් පස්සෙ දේශපාලනේට එනවද?……………..”
“අප්පෝ නෑ.මං දේශපාලනේට කොහෙත්ම කැමති නෑ.තාත්තට ඕනි විදියට මං වැඩ කරන්නෙ නෑ.එයා එයාගෙ පාඩුවෙ වැඩ කරනවා.මං මගේ පාඩුවෙ වැඩ කරගෙන ඉන්නවා.අනික ශනායා තාත්තා මට දේශපාලනේට එන්න කියලා කවදාවත් කියන්නෙ නෑ……………..”
“ඒ ඇයි?…………….”
“දවසක් තාත්තා මගෙන් ඇහුවා එයාගෙන් පස්සෙ දේශපාලනේට එන්න කැමතියිද කියලා.මං කෙලින්ම කිව්වා මං ඒ ෆීල්ඩ් එකට කැමති නෑ කියලා. ඉතින් තාත්තා කිව්වා පුතා ඔයාට ගැලපෙන්නෙ බිස්නස් ෆීල්ඩ් එක මිසක් දේශපාලනේ නෙවෙයි කියලා……………..”
“ඒක හොඳයි කේසර.මං පොඩ්ඩක්වත් ආස නෑ ඔය දේශපාලනේට……………..”
“මාත් එහෙම තමයි ශනූ.ඔයාගෙයි මගෙයි අදහස් එක සමාන වෙච්චි එක නම් ගොඩක් හොඳයි……………..”
“ඔයා දැන් යනවද කේසර?………………..”
මං එහෙම ඇහුවෙ දැන් වෙලාව නවයත් පහු වෙලා නිසා.කේසරට නම් ගෙදර යන්න උවමනාවක් නෑ වගේ. එලියෙ වහිනවත් එක්ක.හිතට බියක් නොදැනුනත් කේසර එක්ක මෙහෙම තනිවෙලා ඉන්න වෙනවා කියලා දැනුනම අමුතු චකිතයක් දැනුනා.
“මොකෝ මාව යවාගන්න හදන්නෙ ආ? මං යන්නෑ අද තමුසෙ ගාව ඉන්නෙ. කමක් නැද්ද?……………….”
“මෙ…….මේ……..මෙ………………..”
“මොකෝ මේ ගොලු වුනාද එකපාරටම? මං ඔයාව කන්නෙ නෑ.මං ඔයාගෙ අනාගත හස්බන්ඩ් වෙන්න ඉන්න කෙනා.ඔහොම බය වෙලා බෑ මැඩම්…………………”
“මං බය නෑ…………………”
“එහෙනම් යමු………………..”
“කොහෙද?………………..”
මං එහෙම ඇහුවා විතරයි කේසර මව හරහට ඔසව ගත්තා.මට බයත් හිතුණා මේ යකා මාව අතාරියිද බිමට.
“අනේ මාව බිමින් තියන්න කේසර. වැටෙයි අනේ මාව.ඔයා මොකද මේ කරන්න හදන්නෙ?………………”
“මොකුත් කරන්නෑ තමුසෙව වඩාගෙන ඉන්නවා.කට නම් තියනවා කෝච්චිය වගේ.බර නෑ හාල් මැස්සෙක් තරම්වත්……………….”
මාව වඩාගෙන කාමරේට අරන් ආපු කේසර මාව ඇඳෙන් තියලා දොර ලොක් කරා.හිතට නොවැටවෙන බියක් ඇතුලු වෙද්දී මට බයකුත් නොදැනුනාම නෙවෙයි.කට කොනකින් හිනා වෙලා මනමාල බැල්මක් මුව තවරා ගත්තු කේසර කේසර ඇඳෙන් වාඩි වෙලා මගෙ ඔඩොක්කුවෙන් ඔලුව තියා ගත්තා.
“දන්නවද ශනූ පුංචි කාලෙදි අම්මගෙ ඔඩොක්කුව උඩවත් මට මෙහෙම ඉන්න ලැබිලා නෑ…………….”
මට දුක හිතුණා කේසරගේ පුංචි කාලෙ ගැන කියද්දී.දෙමව්පියන්ගෙ වැරදි වලින් දරුවො මොන තරම් දුක් විඳිනවද?සුද්ද සිංහලෙන් කියනවා නම් එදා වික්‍රමුයි රොනාලුයි කියපු විදියට කේසරගෙ අම්මා වේ## ගෑණියෙක්. අම්මා නිසා ගෑණු පාර්ශවය ගැන අන්තෙටම කලකිරිලා හිටපු කේසර මං නිසා වෙනස් වුනා කියලා දැන ගත්තම මට ඇති වුනේ කියලා නිම කරගන්න බැරි තරම් සතුටක්.මං කේසරග්ව් හිතට සහනයක් වුනා.
“පහුගිය කාලෙ සිද්ද වුනු දේවල් ගැන ආයෙමත් මතක් කරන්න එපා කේසර. ඒවා මතක් කරොත් දුක ඇරෙන්න වෙන මොකුත් ලැබෙන්නෙ නෑ…………….”
“අම්මා මාව දාලා ගියා වගේ ඔයත් මාව තනි කරලා යනද ශනූ?…………….”
“කවදාවත්ම නෑ කේසර.මට ඔයා නැතුව ඉන්න බෑ………………”
“තුවාලෙ ගොඩාක් රිදෙනවද?……………..”
“ටිකක් රිදෙනවා.වෙනදා තරම් නෑ.ඒත් තව සතියක් විතර බෙහෙත් දාන්න වෙයි කියලා ඩොක්ටර් කිව්වා………………”
“මං නිසා ඔයාට ලොකු වේදනාවක් නේද දැනුනෙ?……………….”
තුවාලෙට අලවපු ප්ලාස්ටර් මත ඇඟිලි තුඩු යවමින් කේසර එහෙම කිව්වා. මාව තුවාල කරපු එකට කේසර තාම පසු තැවෙනවා.පපුව මත රැඳුනු එයාගෙ දෑතක් අරන් මං මුවට තියලා සිප ගත්තා.එයා නිහඬවම මං දිහා බලාගෙන හිටියා.ටික වෙලාවකින් මගේ ගෙලත් මුහුණත් අතර ඒ තොල් පෙති දිව යන්නට වුනා.මං ඇඳන් හිටපු බ්ලව්ස් එක ගලවලා පැත්තකට දාපු කේසර මගේ තුවාලෙට නොරිදෙන්න මගේ කුසට මදක් උඩින් හිස තබා ගත්තා.එයට මගේ විරුද්ධත්වයක් නොතිබුනත් මගෙ හිතට ලැජ්ජාවක් දැනුනා.මං අත දෙකෙන්ම නිරුවත් වෙච්චි ළමැද වසා ගත්තා.
“මට පෙනෙයි කියලද වහ ගත්තෙ?…………….”
මං තොලත් හපාගෙන අහක බලා ගත්තා.කේසර මගෙ අත් දෙක දෙපසට කරන්න හැදුවා.ඒත් මං ඒකට ඉඩ දුන්නෙ නෑ.කේසරගේ මත් වෙච්චි සරාගී දෑස් දිහා තව දුරටත් බලාගෙන ඉන්න මට බැරුව ගියා.මටත් නොදැනිම මගේ අත් ළමැදෙන් ගිලිහුනා.කේසරගේ දෙතොල් වල උණුසුම මගේ ළමැද පුරාවටම දැනුනා.
එලියෙ හයියෙන් වස්ස වහිනවා.අකුණු ගහනවා විදුලි කොටනවා.ජීවිතේ පළමු වතාවට පිරිමියෙකුගෙ උණුසුම මැද තනිවෙලා.ගෙවෙන හැම තප්පරයක් තප්පරයක් ගානෙම ඒ සුසුම් හඬ මට සිරුර පුරාවටම දැනෙනවා.කේසරගේ සරාගී ඇස් දිලිසෙනවා.
“අනේ…..එපා……..කේසර………………..”
එහෙත් ඔහුට මගේ කෙඳිරිලි හඬ ඇසුනෙ නෑ.ඒ තරමටම රාගයෙන් මත් වෙලා උමතු වෙලයි හිටියෙ.මහ වරුසාව නිසා ඇති වූ සීතල අපේ සිරුරු වෙලාගෙනයි තිබුනෙ.මගේ තුවාලෙ නොරිදෙන්න මට අපහසුවක් නොදැනෙන්නට ඔහු මාව නීතීයෙන් බැඳීමක් ඇති නොකරගෙනම කායිකවම ඔහුගේ පතිනිය කර ගත්තා.
“ශනූ අද ජීවිතේ පළවෙනි පාරට මං ගොඩාක් සතුටින් ඉන්නෙ.ඔයාට ගොඩාක් තෑන්ක්ස් මැණික මගෙ ජීවිතේට මෙහෙම සතුටක් ගෙනාවට. මට දැනෙනවා මම දැන් තනිවෙලා නෑ කියලා……………….”
කේසර හිටියෙ ගොඩාක් සතුටින්.ඒත් මගෙ හිතට එහෙම සතුටක් දැනුනෙ නෑ.ඒ ඇයි කියලා මට තේරුනේ නෑ.
“ඇයි ශනූ ඔයා කතා නොකරන්නෙ?ඔයා බයෙන් නේද ඉන්නෙ මං ඔයාව දාලා පැනලා යයි කියලා?………………..”
“අනේ නෑ කේසර.මං ඔයාට ආදරෙයි. මට ඔයාව විශ්වාසයි.ඒත් මට තේරෙන්නෙ නෑ ඇයි මගෙ හිතට මෙහෙම අමුත්තක් දැනෙන්නෙ ඇයි කියලා………………….”
“අපි ඉක්මනටම කසාද බඳිමු.මට දැන් ඔයාව කොහොමත් තනි කරන්න බෑ………………….”
“මේක අපි දෙන්නගෙම කැමැත්තෙන් සිද්ද වුනේ කේසර.ඔයා මාව ඉක්මනට කසාද බඳින්න හදන්නෙ ඔයා මට වරදක් කරා කියලා හිතලද?……………..”
“නෑ ශනූ.අපි දෙන්නගෙ කැමැත්තෙන් මේවා මෙහෙම සිද්ද වුනත් මට බෑ ඔයාව තනි කරන්න.ලඟම දිනයක් දාගෙන අපි මැරි කරමු.මං ඔයාගෙ තාත්තත් එක්ක කතා කරන්නම් මේ ගැන…………….”
“හා කේසර.දැන් නිදා ගම්මු………………”
නැවත හමුවෙමු