සමනලී දෙයියනේ මගෙ කෙල්ල………….”
ගිම්හාන්ට සිය දෙනෙත් අදහගත නොහැකි විය.සමනලී කාමරේ මැද බාල්කයේ එල්ලී උන්නාය.ගිම්හාන්ගේ ඇඟම සීතල විය.ඔහුගේ පපුව පැලී යන තරමට වේදනාවක් හට ගත්තේය. නිවසම දෙවනත් වන්න යටිගිරියෙන් කෑ ගැසූ ගිම්හාන් වහා පැන ස්ටූල් එකට නැග ඇයව ලෙහා සයනය මතින් තැබුවේය.
“සමනලී කතා කරපන් රත්තරං.උඹ මොනවද මේ කර ගත්තෙ?අනේ මගෙ වස්තුවේ කතා කරපන්.සමනලී…….. අනේ මාව දාලා යන්න එපා මැණික…………..”😭😭
ගිම්හාන්ගේ විලාපය ඇසුණු නිවසේ මෙහෙකාරියත් ගිම්හාන්ගේ අම්මාත් රෝද පුටුව තල්ලු කරගෙන කාමරේට පැමිණියාය.බාල්කයේ එල්ලෙන ශල්වාර් රෙද්ද දුටු ගිම්හාන්ගේ අම්මාට කෑ ගැසුනි.
“අනේ අම්මෙ මගෙ කෙල්ල කතා කරන්නෙ නෑ අම්මෙ.අනේ එයාට මාව දාලා යන්න එපා කියන්න අම්මෙ.අනේ මගෙ රත්තරං නැගිටින්න වස්තුවේ.
උඹට මොනවහරි වුනොත් මං ඉඳලා වැඩක් නෑ.සමනලී…..කෝ කතා කරපං මැණික…………..”😭😭😭
පිස්සෙකු මෙන් කෑ ගසමින් ඇයගේ මුහුණට වතුර ඉස ඔහු ඇයව සොලවා කතා කරේය.ගිම්හාන්ගේ මවත් මෙහෙකාරියත් සමනලීට කතා කරාය. මද වේලාවකින් ඇයගේ මුවින් කෙඳිරියක් ශබ්දයල් නැගුනි.
ඇය අමාරුවෙන් මෙන් අපහසුවෙන් මෙන් හුස්ම ගත්තාය.වහා ක්‍රියාත්මක වූ ඔහු ඇයට කෘතිම ශ්වසනය ලබා දී ඇයව දෝතින් වඩාගෙන කාරෙකට දාගෙන රෝහලට පැමිණියාය.
ඇයට හරි හැටි සිහියක් නොතිබිණි.වරින් වර කෙඳිරි ගාමින් අමාරුවෙන් මෙන් ඇය හුස්ම ගත්තාය.කාරෙක එලවන ගමන් ඔහු සියලු දෙවියන්ගෙන් බුදුන්ගෙන් ඉල්ලුවේ ඇයගේ ජීවිතය බේරා දෙන ලෙසය.රෝහලට පැමිණි පසු ඇයව ප්‍රථිකාර සඳහා දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කෙරුණි.
රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දොරටුව අසල ඒ මේ අත ඇවිදපු ඔහු සිදු වූ දේ පිළිඹඳ කල්පනා කරන්නට විය.සිය දිවි හානි කරගන්නට ඇයට ප්‍රශ්නයක් තිබුනේ නැත.සමනලී ඇයි මෙහෙම දෙයක් කර ගත්තෙ?
මොකක්ද එයාට තිබුනු ප්‍රශ්නෙ?ඔහු කල්පනා කරමින් සිටියදී එක්වරම ඔහුට මතක් වූයේ තමා මව සමඟ ඇය පිළිඹඳ කතා කරමින් සිටි අයුරුය.
එහෙනම් සමනලී ඒක අහගෙන ඉඳලද?ඒත් අම්මා අපිට කැමැත්ත දුන්නනෙ.ඒත්……අම්මා මට විහිළුවට වගේ මුලින්ම මට බැන්නනෙ.එවලෙ තමයි සමනලී කාමරේට දුවලා මේ දේ කරගන්න ඇත්තෙ.එකපාරටම මට කාමරේ පැත්තෙන් ස්ටූල් එක පෙරලෙන සද්දෙ තමයි ඉස්සෙල්ලා එහෙනම් ඇහෙන්න ඇත්තෙ.
උඹට මොනවහරි වුනොත් මං ජීවත් වෙලා වැඩක් නෑ සමනලී.අනේ දෙයියනේ මගෙ අහිංසකීව බේරලා දෙන්න.මට උඹව නැතුව ඉන්න බෑ මගෙ රත්තරං.ඇයි උඹ මෙහෙම කර ගන්න හිතුවෙ.
රෝහලේ බිත්තියට හේත්තු හිස තබාගෙන ඔහු ඉකි බින්දා.විනාඩි කිහිපයක් ගත වන විට ගිම්හාන්ගේ අම්මාව රෝද පුටුවේ තබාගෙන මෙහෙකාරියත් රෝහලට පැමිණියාය.
“අනේ පුතේ සමනලී දුවට මොකද වුනේ?අනේ එයාට කොහොමද පුතේ?……………”😥😥
ඇයගේ හඬත් දුක්බරය.ඇයත් හඬමින් සිටියාය.
“එයා මේ හැම දෙයක්ම හිතාගෙන හිටියෙ වැරදියට අම්මෙ.සමනලී හිතුවෙ මේ දේවල් ඔයා දැනගත්තම ඔයා එයාට හොඳටම දොස් කියලා බැනලා ගෙදරින් එලව ගනියි කියලා. ඔයාට මුහුණ දෙන්න බැරුවයි එයා මෙහෙම දෙයක් කර ගන්න ඇත්තෙ. අනේ අම්මෙ මගෙ අහිංසකීට මොනවා හරි වුනොත් මං ඉඳලා වැඩක් නෑ……………”😭😭
රේණුකාට සිය පුත්‍රයා ගැනත් දරා ගත නොහැකි තරමේ දුකක් ඇති වුනි.ඔහු සමනලීට සිය ප්‍රාණය දෙවෙනි කොට ආදරය කරයි.ඇයට කුමක් හෝ අනතුරක් වුවහොත් ඔහුගේ ජීවිතය පිළිඹඳව අවදානමක් හට ගනී.සිය පුත්‍රයා අහිංසක හාවෙකු බඳු තැනැත්තෙකු නොවේ.ඔහු දරදඬු ගති පැවතුම් ඇති මුරණ්ඩු පුද්ගලයෙකි. කිසිඳු දිනෙක ඔහු මෙලෙස අඬා දොඩා නැත.මේ අන්දමින් ඔහු කිසිම දෙයක් ගැන දුක් වී ශෝක වී නැත.දුෂ්ඨ මැරයෙකු සේ දිවි ගෙවූ තම පුත්‍රයාගේ හදවත මේ සමනලිය විසින් ආදරයෙන් පුරවා ඇත.
හෝරාවක් පමණ ගත විය.දැඩි සත්කාර ඒකකයේ දොර ඇරගෙන වෛද්‍යවරයෙකු පිටතට පැමිණියේය. ඔහුගේ මුහුණ දෙස බලන්නට පවා ඔහුට බියක් දැනුනි.
“ඩෝන්ට් වොරි.බය වෙන්න එපා මිස්ටර් ගිම්හාන්.අපි එයාට අවශ්‍ය ප්‍රථිකාර දීලා තියෙන්නෙ.තව ටිකකින් සිහිය එයි…………..”
ගිම්හාන්ගේ හිතට සැහැල්ලුවක් ඇති වූයේ එවිටයි.මගෙ රත්තරංට මොකුත් වෙන්නෑ.ඔහු පපුවට අතක් තබා ගනිමින් හුස්මක් ගත්තේය.
“ඩොක්ටර් අපිට එයාව බලන්න පුලුවන් නේද?…………”
“ගිහින් බලන්න.හැබැයි තාම සිහිය ඇවිත් නෑ.එයත් එක්ක කතා කරන්න උත්සහ කරන්න එහෙම එපා…………”
“තැන්ක්‍යූ.තැන්ක්‍යූ වෙරි මච් ඩොක්ටර්………….”🤝
වෛද්‍යවරයාගේ අත් දෙක බදාගෙන ස්තූති කර ගිම්හාන් මව සහ මෙහෙකාරියත් සමඟ දැඩි සත්කාර ඒකකයේ දොරත් ඇරගෙන සමනලී සිටි ඇඳ අසලට පිවිසියාය.ඇගේ අතට සේලයින් සම්බන්ද කර ඇයට ඔක්සිජන් ලබා දී ඇත.ඇස් දෙකේ කඳුලු පුරවාගෙන ඇය අසලට ගිය ගිම්හාන් ඇගේ හිස අත ගෑවේය.
“දැන් අඬන්න එපා පුතේ.දුවට ඉක්මනට සිහිය එයි.දෙයියන්ගෙ පිහිටෙන් සමනලී දුවගෙ ජීවිතේ බේරුනානෙ…………..”
“හොඳ වෙලාවට අම්මෙ මං සමනලීගෙ කාමරේට ගියේ.මං තව ටිකක් හරි පරක්කු වුනා නම් එහෙම……….”
දිනකට පසුව👇👇
“අම්මාට හොස්පිටල් එකට යන්න අමාරුයිනෙ.මං ගිහින් එන්නම්. සමනලීගෙ ටිකක් කපයිනෙ ලොකු අමාරුවක් නැත්නම්………….”
ගිම්හාන් රෝහලට යන විට සමනලීට සිහිය ඇවිත් තිබුනි.ඇයට සම්බන්ද කර තිබුනු ඔක්සිජන් ගලවා ඇත.ඔහු ඇගේ ඇඳ අසලට ගියේය.ඇය කඳුලු පිරි දෑසින් ඔහු දෙස බලා සිටියාය.
දැන් ගිම්හාන් මහත්තයා මට හොඳටම බනියි.රේණුකා නෝනත් ගිම්හාන් මහත්තයට බනින්න ඇති මං වගේ අම්මා අප්පා නැති අනාථ කෙල්ලෙකුට ආදරේ කරාට.අනේ මහත්තයා මාව අමතක කරන්න.මට බෑ ඔයාලා අතර ප්‍රශ්න ඇති කරන්න.
මගේ ඇඳ අසල තිබුනු පුටුවෙන් වාඩි වුනු ගිම්හාන් මහත්තයා නපුරු බැල්මෙන් මං දිහා බලාගෙන හිටියා.
“හරිම අපූරු චණ්ඩි වැඩක් තමයි තමුසෙ කරේ.පොඩ්ඩක් ඉවසන්න බැරි වුනානෙ.කිසිම දෙයක් හොයලා බලන්නෙ නැතුව මැරෙන්න හැදුවා…………”😡😡
“අ…..අනේ මට බනින්න එපා මහත්තයා.මට ඇහුණා රේණුකා නෝනා මහත්තයාට කියපු දේවල්.එයා මහත්තයට බැන්නා කියලා මං දන්නවා.මට දරුවෙකුට වගේ ආදරේ කරපු නෝනගෙ හිත රිද්දන්න මට බෑ නෝනාට මාව ගොඩාක් විශ්වාසයි.මට එයාගෙ මූණ බලන්න බෑ මහත්තයා. ඒකයි මං මෙහෙම දෙයක් කර ගන්න හිතුවෙ…………”😭🙏
“එතකොට ඔක්කොම ප්‍රශ්න ඉවරයි කියලද හිතුවෙ ආ?තමුසෙ පොඩ්ඩක්වත් කල්පනා කරාද තමුසෙගෙ ජීවිතේට මොනවහරි වුනොත් මට මොකද වෙන්නෙ කියලා. උඹ බාල්කෙ එල්ලිලා ඉන්නවා හිටපු හැටි දැකලා මගෙ පපුව හෝස් ගාලා ගියා.මං තව චුට්ටක් හරි පරක්කු වුනා නම් උඹ යන තැනටම මාත් එනවා………….”😡😡
අනේ මේ හිඟන කෙල්ලට මෙච්චර ආදරයක්.මට දරා ගන්න බෑ දෙයියනේ. ඒත් මං කොහොමද රේණුකා නෝනගෙ හිත රිද්දලා ගිම්හාන් මහත්තයගෙ බිරිඳ වෙන්නෙ.
“තමුසෙ මොනවද කල්පනා කරන්නෙ? එනවකො සනීප වෙලා ගෙදර.මේ කරගන්න හදපු දේට තමුසෙට මතක හිටින්න දඬුවමක් දෙනවා…………”😠😠
“නෝනා කෝ මහත්තයා?අනේ එයාගෙ හිත රිද්දන්න මට බෑ.අඩුම තරමෙ නෝනගෙ කකුල් දෙකම සනීප වෙනකල් මහත්තයට ඉවසන්න තිබුනා.මං කොහොමද දැන් නෝනව බලා ගන්නෙ?එයා මට බනියි මහත්තයා……………”😭😭
“තමුසෙ මටද ඉවසන්න කියන්නෙ?මම නෙවෙයි ඊරියෙ තමුසෙ ටිකක් ඉවසුවා නම් මෙහෙම වෙන්නෙ නෑ.තව එක විනාඩියක් අම්මා කියපු දේ අහගෙන හිටියා නම් තමුසෙව කලන්තෙ දාලා වැටෙයි.ඔහොම ඉන්නවකො පොඩ්ඩක්…………..”
එහෙම කියපු ගිම්හාන් මහත්තයා මට කෝල් එකක් අරන් දුන්නා රේණුකා නෝනත් එක්ක කතා කරන්න.බයෙන් ගැහි ගැහී මං කෝල් එක කනේ තියා ගත්තා.
“හෙලෝ…………”📲
“නෝනා…..මං සමනලී………….”📲
“අනේ දරුවො මොනවද ඔයා මේ කර ගත්තෙ?ඇයි පුතේ ඔයා ඉක්මන් තීරණ ගන්නෙ?ඔයා හරිම මුරණ්ඩුයි…………”📲
“අනේ මට සමාවෙන්න නෝනා.මට නෝනට මුහුණ දෙන්න බැරුව ගියා………….”😭📲
“ඒ දේවල් දැන් අමතක කරන්න දරුවො ඔයා වරදක් කරේ නෑ.පුතා මට හැම දෙයක්ම කිව්වා.මං ඔයාලා දෙන්නට ආශිර්වාද කරනවා.සනීප වෙලා ඉක්මනට ගෙදර එන්න දුවේ…………..”📲
සමනලීට සිය දෙසවන් අදහගත නොහැකි විය.දුරකථනය කනේ තබාගෙන ඇය ගිම්හාන් දෙස විසල් වූ දෑසින් බලා සිටියාය.දෙයියනේ රේණුකා නෝනමද ඒ කතා කරේ?අනේ දෙයියනේ මට නම් මේ මොකුත්ම හිතා ගන්න බෑ.මගෙ කන් දෙකට ඇහුනු දේවල්මද රේණුකා නෝනා කිව්වෙ?😱😮😲😳
“වැඩිය කල්පනා කරන්න එපා.අම්මා තමුසෙව ලේලි කරගන්න කැමත්තෙන් ඉඳලා තියෙන්නෙ මීට කලින් ඉඳලයි. මට ඒ ගැන අම්මා ඊයෙ කිව්වා.තමුසෙ බය නැතුව ඉන්නවා………….”
“මට මේ දේවල් අදහගන්න බෑ මහත්තයා.රේණුකා නෝනා මං වගේ කාත් කවුරුවත් නැති අනාථ අසරණ කෙල්ලෙක්ව එයාගෙ ලේලි කරගන්න කැමති වුනා කිව්වම මට ලොකු පුදුමයක් දැනුනා……………”
“අම්මව කැමති කරගන්න ලොකු සටනක් දෙන්න වෙයි කියලයි මං හිතුවෙ.අම්මගෙ සිතුම් පැතුම් ගොඩාක් වෙනස් සමනලී.අවුරුදු තිස් එකක් ගෙවිලා ගිහිල්ලත් මට අම්මව තේරුම් ගන්න බැරි වෙලා…………..”
දින තුනකට පසුව සමනලීව නිවසට රැගෙන එනු ලැබුවා.දුර දිග නොබලා හිතුවක්කාර විදියට තීරණ අරන් ජීවිතේ නැති කරගන්න හදපු එක ගැන ඇය ගොඩාක් පසුතැවිලි වුනා.ඇය කරගන්නට හැදූ වරද ගැන ඇයට රේණුකා ගොඩාක් අවවාද කරා.ජීවිතේ ගැන ඇය ගොඩාක් දේවල් සමනලීට කියලා දුන්නා.අම්මා කෙනෙක් තමන්ගෙ දුවට දෙන්න ඕනි අවවාද ඇය සමනලීට දුන්නා.
“දැන් නෝනගෙ කකුල් දෙකට වෙනදාට සනීපයක් දැනෙනවා නේද?……………”
“නෝනා නෙවෙයි දැන් මට අම්මා කියන්න ඕනි කෙල්ල තේරුනාද?………….”
“ඔ…..ඔව් අම්මෙ.මට තේරුණා. අම්මගෙ කකුල් දෙකට කොහොමද දැන්?……………”
“දැන් නම් ගොඩාක් දුරට සනීපයි දුවේ. තනියම අල්ලගෙන නැගිටින්න එහෙම පුලුවන්.ඔයාට පින් සිද්ද වෙන්න ඕනි දුවේ.ඔයානෙ මට වෙද මහත්තයා අඳුන්වලා දුන්නෙ.මේ හැම දෙයක්ම ඔයා නිසායි.ඇවිදින්න බැරුව මං අවුරුදු ගානක්ම එක්තැන් වෙලයි හිටියෙ.මගෙ දුව තමයි මාව ඇවිද්දෙව්වෙ…………….”
ඇය අපරිමිත දරු සෙනෙහසකින් සමනලීගෙ හිස අතගෑවා.සමනලී පෙර ආත්මෙක තමන්ගෙ දුව වෙලා ඉන්න ඇති කියලා රේණුකා හිතුවා.
“ඉක්මනට ඔයාලා දෙන්නගෙ කසාදෙ කරන්න ඕනි.පුතා මෙච්චර කාලයක් තනිකඩව හිටියා ඇති.එයාට හරියන ගෑණු ළමේක් දෙවියන්ට අමුතුවෙන් මවන්න වෙයි කියලයි මං හිතුවෙ. අන්තිමට මේ පුංචි කෙල්ල මගෙ දඩබ්බර කොල්ලගෙ හිත වෙනස් කෙරුවා…………”😃😀
“ඉස්සෙල්ලා අම්මා සනීප වෙලා ඉම්මුකෝ.ඊට පස්සෙ පුලුවන් කසාද බඳින්න.අම්මා රෝද පුටුවෙන් නැගිටලා දෙපයින් හිට ගත්තු දවසට තමයි අපි කසාද බඳින්න ඕනි……………”
සුපුරුදු විදියට වෙනදා පරිදි මං රේණුකා නෝනට……නෑ…නෑ දැන් එයා මගෙත් අම්මනෙ.අම්මව නාවලා ඉවර වෙලා රෙදි ටිකත් හේදුවා.කාමරේ අස් කරලා අම්මගෙ කසාය එකත් හදලා දීලා මං නාගන්න යනකොට හවස හය විතර වුනා.නාලා ඉවර වෙලා සිතුවිල්ලේම ටවල් එකත් පටලවගෙන බාතෲම් එකෙන් එලියට ආවා.
බාගෙට බුරුල් වෙලා තිබ්බ ටවල් ගැටේ තද කරලා ඇඳ ගන්න හදද්දී මං දැක්කේ කාමරේ ඇඳ උඩ වාඩි වෙලා හිටපු ගිම්හාන් මහත්තයව.මං ටක්ගාලා අනික් පැත්ත හැරිලා ටවල් ගැටේ තද කර ගත්තා.පෙරේදා මාව හොස්පිටල් එකේ ඉඳන් ගෙදර එක්කන් ආවට පස්සෙ අදයි මං ගිම්හාන් මහත්තයව දැක්කෙ.බිස්නස් වැඩකට කොහෙදෝ මන්දා ගියා කියලා අම්මා කිව්වා.
“වහ ගත්තට වැඩක් නෑ මං දැක්කා……………”😁😉
“අනේ…..අනේ මහත්තයා කාමරෙන් එලියට යන්නකො මට ඇඳගන්න…………..”
“ඉතින් අඳිනවා මං හිටියම මොකෝ.මං තමුසෙගෙ මිනිහනෙ…………..”
“ඉතිං අපි තාම කසාද බැන්දෙ නෑනෙ මහත්තයා…………….”
පැත්තකට හැරිලා මං එහෙම කියද්දී ගිම්හාන් මහත්තයා ඇඳෙන් නැගිටලා මං ගාවට ආවා.මට බයත් හිතුණා.පිටි පස්සෙන් පිටි පස්සට ගිහින් මාව බිත්තියෙ හේත්තු වෙලා නතර වුනා.මං අනික් පැත්ත හැරිලා ටවල් ගැටේ තද කරලා අල්ල ගත්තා.මූ හෙන වල් නෙ. බැරි වෙලාවත් ටවල් එක කැඩුවොත් එහෙම විලි ලැජ්ජාවෙ බෑ.😁මාව මැදි වෙන්න ගිම්හාන් මහත්තයා බිත්තියට අත් දෙක තියා ගත්තා.මගෙ පපුව නම් දැන් අසූහාරදාහට ගැහෙනවා.මගෙ පපුවෙ ගැස්ම පිටට ඇහෙන තරමට වේගවත් වෙලා.
“ඉතිං බඳිමුකො…………….”
ගිම්හාන් මහත්තයා ඒක කිව්වෙ මගෙ කනට ලං වෙලා.ගොඩාක් ලං වෙලා. එයා ඒක කියද්දී ඒ හුස්ම මගේ දෙකන් වලට වැදුනා.සත්තයි මගේ මුලු ආත්මයම හිරි වැටීලා ගියා වගේ දැනුනා.
“මෙ…..අපි අම්මා සනීප වෙනකල් ඉම්මු මහත්තයා.එයා රෝද පුටුවකට වෙලා ඉන්නකොට අපි කොහොමද පෝරුවකට නගින්නෙ?……………”
ගිම්හාන්ට ඇය ගැන දැනුනේ අසීමිත සෙනෙහසකි.තමාටත් වඩා තම මව ගැන වෙහෙසෙන්නේ ඇයයි.ඇය වෙත ලං වූ ඔහු ඒ ගෙල පිටුපසට ඔහුගේ කම්මුල් තැබුවා.ඉන් පසු ඇයගේ ඉන වටේට අත් දෙක යවලා ඇයව තුරුල් කර ගත්තා.
“පොඩ්ඩක් මෙහාට හැරෙනවකො ඕයි…………….”
මං හිමිහිට ගිම්හාන් මහත්තයා පැත්තට හැරුනා.මගේ හිත ලැජ්ජාවක් වැනි නුහුරු හැඟීමකින් පිරිලා ගියා. මගේ දෙතොල් වෙත නැඹුරු වූ ගිම්හාන් මහත්තයා මගෙ දෙතොල් සිප ගත්තා.හිතට නුහුරු නුපුරුදු ලැජ්ජාවක් ඇති වුනා.තප්පර කිහිපයක් ඒ දෙතොල් වෙතින් මගේ දෙතොල් ග්‍රහණය කර ගත් ගිම්හාන් මහත්තයා මගේ මුහුණ පුරාම සිප ගත්තා.මටත් නොදැනීම මගෙ දෑත් ඔහුගේ පිට වටා එතුනා.මගේ උරහිස් සිප ගත් ඔහු ඊටත් පල්ලෙහාට ඒ දෙතොල් රැගෙන ගියා.
“අ…..නේ දැන් ඇති මහත්තයා……………”
“මොකෝ බය වුනාද තමුසෙ ආ?ඔහොම තව ටික කාලයක් ඉවසලා ඉන්නවකො අම්මා සනීප වෙනකල්……………”
“මට ලැජ්ජයී…………….”😜🙈
“ආ තමුසෙට එහෙම එකකුත් තියනවද?හිල් වෙන්න අනින්න හිතෙනවා ටොක්කක්.එදා තමුසෙට මොනවා හරි වුනා නම් මට මොනවා වෙයිද කියලා හිතුවද තමුසෙ?………….”😠😠
“අනේ මට සමාවෙන්න මහත්තයා.මං ආයෙ ඒ වගේ මෝඩ වැඩ කරන්නෙ නෑ…………..”
“හ්ම්ම්.පලවෙනි පාර හින්දා සමාව දෙනවා.නැත්නම් මට හිතෙනවා තමුසෙගෙ අණ්ඩක් කඩලා දාන්න. හිතුවක්කාරී…………….”
හා පුලුවන් නම් කඩපන්කො කියන්න තරම් මට හිතුණා😁😉😜මොකටද නිකන් බොරුවට අවදානමක් ගන්නෙ. මෙහෙමම ශේප් වෙනවා ඉතින්.
“මොනවද කුටු කුටු ගාන්නෙ?…………..”
“මොකුත් නෑ මහත්තයා……………”
මං එහෙම කිව්වෙ බුරුක් වෙච්චි ටවල් ගැටේ අහකට හැරිලා ගැට ගහගන්න ගමන්.
“ඔය යන්තං පේන බෝල ගෙඩි දෙක මට පෙනෙයි කියලද වහ ගත්තෙ?……………”😁😁
“ඊඊඊ……මහත්තයා කියන කතා…………..”🤭🤪
“පිස්සු කෙල්ල.මං යන්නම්.ඇඳගෙන අම්මත් එක්ක එනවා කන්න…………..”
සිය පුත්‍රයාගේත් සමනලීගේත් විවාහයට කැමැත්ත දුන්නත් රේණුකා සිටියේ ගිණි ගොඩකය.තම පුත්‍රයාගේ විවාහයට ඇති මාරක අපලය නිසා සමනලීගේ ජීවිතයට හානියක් වේවිද?
නැවත හමුවෙන තුරු විරාමයක්