කේසර ගෙදර ඉන්නවද?………………….”

කේසරගෙ ගෝලයා වූ වික්‍රම්ගෙන් මම එලෙස විමසුවෙමි.

“බොස් ඉන්නවා.එන්න මිස් ගේ ඇතුළට.ඇවිත් වාඩි වෙන්න………………”

“එයා දැනුත් බීලද ඉන්නෙ?……………….”

“නෑ මිස්.දැනුයි බොන්න ගෙන්න ගත්තෙ.මිස් පොඩ්ඩක් කතා කරලා තේරුම් කරලා දෙන්න.මේ දවස් ටිකේම උදේ ඉඳන් රෑ වෙනකල් බොන එකමයි වැඩේ.මෙහෙම බොන්න ගියොත් එහෙම බොස්ට හොස්පිටල් තමයි යන්න වෙන්නෙ…………………”

කේසරට ඒ තරම්ම බීලා බීලා නැහෙන්න නම් ඇයි එයා මට තුවාල කරේ?මට ඒ ගැන හිතා ගන්න බැරි වුනා.කේසරගේ කාමරේ ළඟට ගිහිල්ලා බැලුවා.එයා හිටියෙ කණ්ණාඩිය ඉස්සරහ ස්ටූල් එකට ගාව පුටුවක වාඩි වෙලා අත් දෙකෙන්ම ඔලුව අල්ලගෙනයි.මත් පැන් පුරවපු වීදුරුවකුත් කේසර ළඟ තිබුනා.එයා ඒ වීදුරුව අතට ගත්තා බොන්න.මං ඒත් ඒකට ඉඩ දුන්නෙ නෑ.

තමා පානය කිරීමට මුවට ලං කර මත්පැන් වීදුරුව මතට දෑත තබා එය වැලැක්වූයේ කව්දැයි කියා කේසර පිටුපස හැරී බැලුවා.ඔහුට ඔහුගේ නෙත් අදහගන්න පවා බැරි වුනා.

කුලුඳුලේ තම හිතෙහි ලැගුම් ගත් යුවතිය තමන් ඉදිරිපිටට ඇවිත්. තමාගේ මුහුණ පවා දැකීමට අකමැතිව තමන්ව පයේ පෑගෙන දුහුවිල්ලක් තරමටවත් සීමා නොකල ඇය අද තමන් අබියසට ඇවිත්.

“ශ….නා….යා ඔයා……ඔයා ආවද?……………….”

එක්වරම කේසර ශනායාව වැලඳ ගැනීමට උත්සහ කරා.ඒත් ඔහුට ඇයව වැලඳ ගැනීමට ඉඩක් ලැබුනෙ නෑ. ඇයගේ පපුව හරහා දමාගෙන උන් රෙද්ද බිමට වැටුනා.ඇය පහත් වී එය ගැනීමට හදද්දී කේසර එය අහුලා ගත්තා.ඔහුගේ දෑස් රැඳී තිබුනේ ඇයගේ තුවාලය මත.ඔහුගේ නෙතට කඳුලු උනන්නට ඒ හැටි වෙලාවක් ගියේ නෑ.

“මට…..සමාවෙන්න ශනායා………………”😭🙏

දෑත් එකතු කරමින් ඔහු ඇයගෙන් සමාව ඉල්ලුවා.ඇය දුටුවා ඔහුගේ දෑසෙහි රැඳී තිබුනු කඳුලු.ඇයගේ හිතට මොකක්දෝ මන්දා අමුත්තක් දැනුනා ඔහුගේ මේ හැසිරීම ගැන.

“ඔයා…..ඇයි මෙහෙම බොන්නෙ කේසර?මේ විදියට බොන්න ගියොත් ඔයා ලෙඩ වෙයි……………..”

එහෙම කියලා ඒ වීදුරුවෙයි බෝතලෙයි තිබුනු මත්පැන් සියල්ලම අසල තිබුනු මල් පෝච්චියකට හැලුවා. ඒකට මොකුත්ම නොකියා කේසර නිහඬවම මං දිහා බලාගෙන හිටියා.

හිස් වුනු මත්පැන් බෝතලේ ස්ටූල් එක උඩ තියලා මං කේසර ළඟට ගියා.ඔහු අත් දෙක බැඳගෙන මං දිහා බලාගෙන හිටියා.

“ඔයා මෙහෙම කරන්නෙ ඇයි කේසර? ඔයාට මාත් එක්ක තියන වෛරය මොකක්ද?මං ඔයාට කිසිම වරදක් කරලා නෑ………………..”

මං එහෙම අහද්දී කේසර මං ගාවට ඇවිත් මං ඇඳන් හිටපු බ්ලව්ස් එකේ බට්න් දෙකක් ගලවලා තුවාල අලවලා තිබුනු ප්ලාස්ටර් මත දෑත තිබ්බා. වියත් එකහමාරක් පමණ දිගට තුවාලෙට ප්ලාස්ටර් අලවලා තිබුනා.

“ගොඩාක් රිදෙනවද ශනායා?…………….”

මං හිස වනලා ඔව් කිව්වා.ඒ ඇසිල්ලෙම මදක් පාත් වුනු කේසර ප්ලාස්ටරේට වැහී නොතිබුනු උරහිසෙන් එක පැත්තකට දෙතොල් තියලා සිප ගත්තා.

“හැමදාම මට මේ උණුසුමේ ඉන්න ඉඩ දෙනවද ශනායා?…………………”

මගේ උරහිසට හිස තියාගෙන කේසර මගෙන් එහෙම ඇහුවා.මට මොකුත්ම හිතාගන්න බැරුව ගියා.කේසර මේ කියන්න හදන්නෙ??????

“කේසර ඔයා මොනවද මේ කියන්නෙ?…………….”

“මට ඔයා නැතුව ඉන්න බෑ ශනායා. ඔයාව මෙහෙම තුවාල කරලා මං සතුටින් හිටියෙ නෑ.හොස්පිටල් එකට ඇවිත් ඔයාට නොපෙනෙන්නෙ මං ඔයා දිහා බලාගෙන හිටියා.ඔයාට මේ තරම් අමාරු ඇති කියලා මං හිතුවෙ නෑ.මට සමාවෙන්න………………..”

“මට දැනුනු වේදනාව ඔයාට තේරෙන්නෙ නෑ කේසර.ඔයා මොන හිතකින්ද ඒ බෝතල් කට්ටෙන් මාව තුවාල කරේ?😭ලේ වලින්ම පෙඟිච්ච ටීෂර්ට් එකත් අල්ලගෙන මං කෑ ගහලා වැල්ල දිගේ දිව්වා.හොස්පිටල් එකට යනකොට මට සිහියක් තිබුනෙත් නෑ. මැහුම් දහතුනක් දාලා ඒ තරමටම😭 තුවාලෙ ලොකුයි.මට ඉවසගන්න බැරි තරම් වේදනාවක් දැනුනෙ.හරියකට ඇඳුමක් ඇඳ ගන්නත් බෑ……………”😭😭

ඇගේ වේදනාත්මක හඬ හමුවේ කේසරගේ පපුව සත් කඩකට පැලිලා ගියා වගේ ඔහුට දැනුනා.ඔහුට දැනුනේ උහුලගන්න නොහැකි තරම් වේදනාවක්.ඇය වෙත ලං වූ ඔහු ඇගේ ඇස් දෙකෙහි ඇති කඳුලු ඔහුගේ ඇඟිලි තුඩු වලින් පිස දමා ඇයව සිය නිරුවත් පපුවට තුරුල් කර ගත්තා.

“අඬන්න එපා ශනායා.මට ඔයාගෙ ඇස් වල කඳුලු දරා ගන්න බෑ.ඔයාට වෙච්චි වේදනාවට මට කැමති දඬුවමක් දෙන්න.ඔහොම අඬන්න එපා රත්තරං………………..”

“ම…..මං දැන් යන්නම් කේසර……………..”

කේසරගේ පපුවෙන් ඈත් වුනු මං එහෙම කියද්දී කේසර මගෙ නිකටෙන් උස්සලා මගේ ඇස් දෙක දිහා බලාගෙන හිටියා.ඊට පස්සෙ බ්ලව්ස් එකේ ගලවපු බට්න් දෙක දාලා රෙද්ද තුවාලෙ වැහෙන්න පපුව උඩින් දැම්මා.

“මාත් එක්ක තරහයිද තාමත්?………………”

මං හිස වනලා නෑ කියලා කිව්වා.ඒත් මොකක්දෝ නොවැටහෙන හේතුවක් හින්දා මට කේසර ගැන මහ අමුත්තක් දැනුනා.

“මං තව මාස එකහමාරක් විතර මෙහෙ ඉන්නවා………………..”

“ඒත් ඇයි ඔයා මෙහාට ආවෙ කේසර?………………..”

“ඔයාව බලන්න.ඔයාව නොදැක ඉන්න මට බැරුව ගියා.ඒ හින්දා ඔයාව හොයාගෙන මං මෙහාට ආවා………………..”

“මාව හොයාගෙන?……………….”

“ඔව්.ඔයාව හොයාගෙන ආවෙ…………………”

“ඇයි ඒ?ඇයි ඔයාට මාව නොදැක ඉන්න බැරි?………………….”

“ඔයා කොහෙද යන්නෙ මාත් හෙවනැල්ල වගේ පස්සෙන් එනවා.මට ඔය ඇස් නොදැක ඉන්න බෑ ශනායා. මං ඔයාව බලන්න ගෙදරට ආපු දවසෙදි ඔයා මාව තඹ සතේකට මායිම් නොකර මාව ප්‍රතික්ෂේප කරද්දී මට සෑහෙන්න දුක හිතුණා.ඒත් මං ගොඩාක් වැරදියි. ඔයා එදා සමාව ඉල්ලද්දිත් මං ඔයාගෙ ඇඟට බියර් හලලා බෝලෙත් පොඩි කරලා ඔයාට තුවාල කරා……………….”

“දැන් ඔය කතාව නවත්තන්න කේසර. මං ඔයාට සමාව දීලා ඉවරයිනෙ.මං දැන් යන්නම්…………………”

“පොඩ්ඩක් ඉන්නකො…………………”

“ඇයි?…………………” ඔයාගෙ අම්මයි තාත්තයි නැද්ද?………………..”

“ඉන්නවා.මගෙ අම්මා ඉන්නෙ එයාගෙ ගමේ.එයා අසනීපෙන් ඉන්නෙ.අප්පච්චි මෙහෙ කොළඹ ඉන්නෙ.ඔයා මගෙ අප්පච්චිව දන්නවා කේසර………………..”

“කව්ද ඔයාගෙ අප්පච්චි?……………….”

රාජිත සමරසිංහ…………………”

“අහ්…..ඒ ඔයාගෙ තාත්තද?මං දන්නෑනෙ.එයා දන්නවද ඔයාට තුවාල කරේ මං කියලා?……………….”

“මං අප්පච්චිට මොකුත්ම කිව්වෙ නෑ කේසර.ඔයා එයාට මේ ගැන මොකුත්ම කියන්න එපා…………………”

“හ්ම්ම්.දැන් ඔයා ගෙදර යන්න.හෙට මං එන්නද ඔයාව බලන්න ගෙදර………………..”

මගෙ නලල සිපගෙන කේසර එහෙම ඇහුවා.මං ඔලුව වනලා හා කිව්වා.

ශනායා ගියාට පස්සෙ කේසර හිටියෙ ගොඩාක් සතුටින්.ඇඳට වැටිලා කේසර සතුටින් අත පය හොලව හොලව නැටුවා.ඔහුගේ මේ විලාශයන් දෙස වික්‍රම් සහ රොනාල් බලා සිටියේ ඉතාමත් පුදුමයෙන්.

“අර කෙල්ල බොස්ට මොනවහරි කරලද ගිහින් තියෙන්නෙ?යකෝ උදේ හිටියෙ කොහොමද දැන් ඉන්නෙ කොහොමද?බෝතලේත් හිස්.බොස්ට අන්දකයිප්පු කැවිලද?………………”

“මොකද උඹලා දෙන්නා ඔතන කරන්නෙ?……………….”

“හුටා බොස් දැක්කා අපි ඉන්නවා. වරෙන් යමු.නැත්නම් ලොරියකට බැනුම් අහන්න වෙයි…………………”

ඔවුන් දෙදෙනාම කේසර අසලට ගියා. කේසර හිටියෙ ගොඩාක් සතුටින්.ඒක ඔහුගෙ මුහුණෙන් පෙනුනා.

“බොස් අද ගොඩාක් සතුටින් වගේ………………..”

“ඔව් බන්.මං හිතුවෙ ශනායා මෙතන ඇවිල්ලා යකා නටයි කියලා.ඒත් ඒකි මාව තේරුම් ගත්තා……………….”

“ඉතින් එහෙනම් දැන් බොස්ට දෙයියන්ගෙම පිහිටයි……………..”

“ඒ ඇයි උඹ එහෙම කියන්නෙ?……………..”

“නෑ මේ අවුරුදු තිහක් තිස්සෙ කිසිම කෙල්ලෙකුට හොල්ලන්න බැරි වුනු බොස්ගෙ හිත ශනායා මිස් දිනා ගත්තා………………….”

වික්‍රම් කීවේ දැඩි සන්තෝශයකිනි.දැන් තම ප්‍රධානියා සිටින්නේ දැඩි සන්තෝෂයකිනි.ඒ අහිංසකාවිය ඉඩෝරයට අහු වුනු පොලවක් සේ තිබූ ඔහුගේ සිත වර්ෂාවක් සේ පැමිණ ඇත. තම මව නිසා ගැහැණුන් අප්‍රිය තත්වයක සිටි ඔහුගේ සිත ශනායා නිසා වෙනස්ව ඇත.

“මට් ඒකිව දාල මෙහෙන් යන්නවත් හිතෙන්නෑ බං………………..”

“ඉතින් බොස් ශනායා මිස්ව ඉක්මනට මැරි කරන්න.එතකොට ඔක්කොම හරිනෙ……………….”

ඇය හා විවාහ වෙන්න?එය ඔහුගේ සිතේ ඔහුටවත් නොදැනීම දලු ලා තිබූ සිහිනයකි.ඒත් ශනායා හට තාම ඔහුගේ සිතේ ඇති ආදරය වචනයෙන් ප්‍රකාශ කරේ නැත.එසේ ප්‍රකාශ නොකරද ඇය තමාට ආදරය කරන ඔහුට දැනුනි.නමුත් ඇය හා විවාහය මොවුන් පවසනා ලෙසට ලේසි නැත.


දෙයියනේ ඇයි මං ඉස්සෙල්ලා කේසර ගාව එහෙම හැසිරුනේ?එයා මාව එයාගෙ පපුවට තුරුල් කරගද්දි මාව සිප ගනිද්දි ඇයි මං ඒකට විරුද්ධ නොවුනෙ?කේසර මට වචනයෙන් නොකිව්වට එයා මට ආදරෙයි කියලා එයාගෙ හැසිරීමෙන්ම මට තේරුනා. ඒත් ඔය වගේ සල්ලි කාරයින්ගෙ ආදරේ කොහොමද විශ්වාස කරන්නෙ.


කේසරගෙ දෙතොල් වල පහස ලැබුනු මගේ උරහිස මත දෑගිලි තුඩු යවමින් මං කල්පනා කරා.අපි පෝසත් මිනිස්සු වුනත් කේසරලාගෙ සමාජ තත්වෙත් එක්ක බලද්දි අපි දෙගොල්ලො අහසට පොලව වගේ.මං කේසරට ලං වුනොත් එහෙම එයාගෙ තාත්තාගෙන් මට මරණ තර්ජන පවා එල්ල වෙයි.මට තිබුනෙ කේසරට තුරුල් නොවී ඉන්න. ඒත් එයාගෙ ඒ මත් වෙච්චි ඇස් ඒ ආදරණීය හිනාව දැක්කම මගෙ හිතත් පිස්සු වැටුනා වගේ වුනා.

නැවත හමුවෙන තුරු විරාමයකට