මොනවා කේසර මොකටද ඉස්සරහා ගෙදර ඉන්නෙ?එයාට ගෙයක් තියනවනෙ………………..”

“ඒ ගැන නම් මං දන්නෑ බේබි.කේසර කියන ඒ මනුස්සයා තව මිනිස්සු දෙන්නෙක් එක්ක ඒ ගෙදර ඉන්නෙ. බේබි පරිස්සමින් ඉන්න.ඒ මිනිහා මොකට මෙහාට ආවද දන්නෑනෙ…………………”

“මං බය නෑ අයිරා ඇන්ටි.උගෙ සල්ලි බලයට බෑ මාව යටත් කරගන්න………………..”

කේසර මේ නිවාස සංකීර්ණයෙ ගෙයක් කුලියට ගත්තෙ මොකටද?මගෙන් සමාව ඉල්ලගෙන ආවෙ හොඳකට නම් වෙන්න බෑ.ඉස්සරහට කේසරව මට ලොකු ප්‍රශ්නයක් වෙයිද?අයිරා ඇන්ටි කිව්වා වගේ මං පරිස්සම් වෙලා ඉන්න ඕනි.කේසරලා වගේ බලපුලුවන්කාර සල්ලිකාර මිනිස්සුන්ට ගෑණු ළමයින්ගෙ ජීවිත සෙල්ලම් බඩු වගේ.

උන්ට ඕනි වෙලාවට පාවිච්චි කරලා ඇති වුනාට පස්සෙ කුණු ගොඩවල් වගේ අතෑරලා දානවා.උන්ට කවදාවත් මිනිස් ජීවිතේක වටිනාකමක් දැනෙන්නෙ නෑ.කේසර මෙහාට ඇවිත් ඉන්නෙ මට කරදරයක් කරන්නද?මට බයක් දැනුනා කේසරව මතක් වෙද්දීත්.


කේසර ගැන මීට කලින් දැනගෙන හිටියත් කේසර කියන්නෙ මේ තරම්ම හිතක් පපුවක් නැති නරුමයෙක් කියලා මං දැන ගත්තෙ එදා බීච් එකේදි. මොන මනුස්සයෙකුටද පුලුවන් තවත් මනුස්සයෙකුට මේ වගේ දරුණු තුවාලයක් කරන්න.මේ වගේ වේදනාවක් තවත් කෙනෙක්ට දෙන්න පුලුවන්ද මනුස්සයෙකුට.

මං සීට් එක පාත් කරලා තුවාලෙට අත තියලා බැලුවා.තව ගොඩාක් දවස් යනකල් බෙහෙත් දාන්න වෙයි.මේ විදියට දරාගෙන හිටියත් ප්ලාසර් ගලෝලා බෙහෙත් දාද්දි නම් දැනෙන්නෙ මරනාසන්න වේදනාවක්.හතුරෙකුට වුනත් මෙහෙම කරන්න පුලුවන්ද දෙයියනේ?


මේ දින කිහිපයේම කේසර ශනායාගෙ හිත දිනා ගන්න ඇය හා කතා බහ කිරීමට උත්සහ කරා.ඒත් ශනායා කේසරව පයට පෑගෙන දූවිල්ලක් තරමටවත් මායිම් කරේ නෑ.ඒ ගැන කේසරගේ හිතට දුකක් වගේම කේන්තියකුත් තිබුනා.ඔහුට කෙතරම් මිල මුදල් තිබුනත් ඇය ඒ මිල මුදල් නිසාවත් ඔහුට අවනත වූයේ නෑ.

ඔහු ඒ දුක අමතක කරන්නට උත්සහ කරන්නෙ මත් පැන් ආධාරයෙනි.සෑම සවස් වරුවකම ඔහු මත්පැන් පානය කරන්නේ සීමාවටත් එහාය.කේසරගේ මේ වෙනස් වීම දෙස ඔහුගේ ප්‍රධානතම ගෝලයා වන වික්‍රම් සහ රොනාල් බලා සිටියා.කේසරට නොඇසෙන්න ඔවුන් දෙදෙනා කතා බහ කරා.

“මොකක්ද බන් බොස්ට මේ වෙන්නෙ? මීට කලින් බොස්ට කවදාවත් මෙහෙම වෙලා නෑනෙ.කෙල්ලෙක් නිසා මෙහෙම හැසිරෙන්නෙ?මේ කෙල්ල නම් හිතා ගන්නවත් බැරි විදියට බොස්ගෙ හිත පිස්සු වට්ටලා…………………”

“ගෑණු පේන්න බැරුවනෙ හිටියෙ.ඒත් එකපාරටම මේ කෙල්ලෙක් හින්දා බොස් වෙනස් වුනා.මට නම් පුදුමයි මේ විදියට ගෑණියෙක් නිසා මෙහෙම වුනාම……………….”

“ඔහොම කල්පනා කරන්න ගියොත් අන්තිමට බොස්ට යන්න වෙන්නෙ අංගොඩ තමයි…………….”

වික්‍රම් සහ රොනාල් කේසර අසලට ගියා.කිසිම දාක කේසර මෙලෙස දුකින් සිටිනවා ඔවුන් දැක නෑ.ඉතින් කේසරගේ හැසිරීම් විලාශය ඔවුන් දෙදෙනාට වේදනාවක් වුනා.තම ප්‍රධානියාගේ හිතේ ඇති දුක වේදනාව නැති කිරීමට ඔවුන් දෙදනා වෙහෙස වුනා.

“බොස් ඔහොම දුක් වෙන්න එපා.අපි ලෑස්තියි බොස් අවසරේ දෙනවා නම් අදම වුනත් ඒ කෙල්ලව බොස් ගාවට ගෙනත් දෙන්න………………”

“නෑ වික්‍රම් එහෙම කරන්න ඕන්නෑ. සල්ලි වලට හැම දෙයක්ම කරන්න බෑ බං.උඹලා එහෙම කිව්වට හැම කෙල්ලම සල්ලි පස්සෙ යන්නෑ බං.එක අතකින් ශනායගෙ හිතේ තියන කේන්තිය වෛරය සාදාරණයි.මොන කෙල්ලටද පුලුවන් ඒ වගේ ලොකු තුවාලයක් කරපු කෙනෙකුට සමාවක් දෙන්න………………”

උපන් දා සිටම සල්ලි ගොඩවල් දැක දැක හැදී වැඩුනු කේසර සිතුවේ සල්ලි වලට ඕනෑම දෙයක් කරන්නට පුලුවන් කියාය.ව්‍යාපාර ලොවේ තම මිතුරා වන ඩිහේන්ට අනියම් පෙම්වතියන් කිහිප දෙනෙක්ම සිටියාය.අද එක්කෙනෙක්. හෙට තවත් එක්කෙනෙක්ය.දවස ගානෙම පෙම්වතියන් සමඟ නයිට් ක්ලබ් ගානේ ඔහු විනෝද වෙයි. කේසරද නයිය් ක්ලබ් යයි.නමුත් ඔහු කිසිම ගැහැණියක් ආශ්‍රය කරේ නැත.

ඩිහේන් කිහිප වතාවක්ම කේසාරට පෙම්වතියක් ලං කිරීමට උත්සහ කරා. නමුත් ඔහුට ගැහැණුන්ව පෙනෙන්නට බැරිය.ඒ තම මව කෙරූ නොමනා ක්‍රියාව නිසාය.ඩිහේන්ගේ සල්ලි නිසා කෙල්ලන් ඔහු පසුපස කෙල්ලන් ඇදී ආවේ කාන්දම් ලෙසය.ඒ නිසා කේසර වුවද සිතුවේ තමාට ඇති මුදල් නිසා ශනායාව ඉක්මනින් තමා වෙතට යොමු කර ගත හැකියි කියාය.නමුත් ඔහුගේ සිතුවිල්ල වැරදි බව ඔහුට ඉක්මනින් වැටහුනි.

සල්ලි වලට හැම දෙයක්ම කරන්නට බැරි බව කේසරට දැන් වැටහේ.නමුත් ශනායා දුටු මොහොතේ පටන් කේසරගේ හිත නොසන්සුන්ය. මෙතුවක් කල් කිසිම තරුණියකට සොලවන්නට නොහැකි වූ තම සිත ශනායා නිසා සෙලවෙන්නට පටන් ගෙන ඇත.වසර තිහක් ගෙව්නද මේ වන තෙක් කේසරට පෙම්වතියක් නොසිටියේය.

“ඒත් බොස් ඔහොම දුකින් ඉන්න එපා. බොස් කියනවා නම් අපි ඒ කෙල්ල එක්ක මේ ගැන කතා කරන්නම්…………………”

“වැඩක් නෑ බං.ශනායා මාත් එක්ක කතා කරන්නවත් කැමති නෑ.උඹලාත් එක්ක කතා කරන්නෙත් නෑ……………….”

නමුත් වික්‍රම් සහ රොනාල් කතා වූයේ ශනායා හමු වී කේසර ගැන කතා කරන්නටය.ඇය නිසා කේසර මේ අන්දමින් මත් පැන් පානය කරන්නට ගියොත් ලොකු විනාශයක් වුවද සිදු වෙයි.වෙරි නිසා පුටුව උඩම කේසරට නින්ද ගොස් ඇත.වික්‍රම් සහ රොනාල් ශනායාගේ නිවසට පැමිණියා.ඔවුන් ඉදිරියට ආවේ මෙහෙකාරිය වූ අයිරා ය.

“අනේ මහත්තයා ශනූ බේබි දැන ගත්තොත් මහත්තයලා මෙහාට ආවා මටත් එක්ක බනියි.බේබි කැමති නෑ මහත්තයව දකින්න……………….”

“මේකයි ඇන්ටි.ශනායා මිස්ගෙ හිතේ අපේ බොස් ගැන තියන කේන්තිය තරහව සාදාරණයි කියලා අපි දන්නවා. ඒත් අපේ බොස් දැන් ඉන්නෙ මේ ප්‍රශ්නෙ නිසා මානසිකව වැටිලා.බොස් කරපු දේ ගැන දැන් ගොඩාක් පසු තැවෙනවා………………..”

වික්‍රම් සියල්ලම අයිරා හමුවේ පැවසුවා. වික්‍රම්ගේ ජංගම දුරකථනයේ තිබුනු කේසරගේ වීඩියෝවක්ද ඇයට පෙන්නුවා.නමුත් අයිරා සිටියේ බියෙනි. කේසර නිසා ශනායාගේ ජීවිතේට යම් අනතුරක් වුවහොත් කියා ඇය සිටියේ බියෙනි.

“මහත්තයා වාඩි වෙලා ඉන්නකො.මං ශනූ බේබිට එන්න කියන්නම්…………….”

අයිරා පඩිපෙළ නැග ගොස් ශනායාගේ කාමරේට ගියා.ඇය සිටියේ පුවත් පතක් බලමිනි.

“බේබි………………”

“ඇයි ඇන්ටි?මං මේ කම්මැලිකමට පත්තරයක් බැලුවා………………..”

“බේබිව හම්බවෙන්න අර මහත්තයලා දෙන්නා ඇවිල්ලා………………”

“ඒ කව්ද?………………”

“අර මේ……කේසර මහත්තයා ගාව ඉන්න මිනිස්සු දෙන්නා………………”

“එයාලා මොකටද මෙහෙ ආවෙ?…………….”

ශනායා සිටියේ දැඩි නොරිස්සුමකිනි.ඒ පාර කේසර එයාගෙ ගෝලයො දෙන්නා දාලා එයා මොකාටද එන්න හදන්නෙ?ඇයගේ සිතට දැඩි තරහක් ඉපදිනි.

“එයාලට බේබිව හම්බවෙන්න ඕනිමලු. මං කිව්වා බේබි කැමති නෑ එයාලත් එක්ක කතා කරන්න කියලා.ඒ වුනත් ඒ මිනිස්සු දෙන්නා යන්නෙ නෑ.බේබි ඇවිත් මොනවහරි කියන්නකො.ප්‍රශ්න ඇති කරගන්නෙ නැතුව.අනික් ගෙවල් වල මිනිස්සුන්ට ඇහුනොත් අපිට තවත් ප්‍රශ්න ඇති වෙයි…………………”

මං ඇඳෙන් නැගිටලා ටවල් එකක් පපුව හරහා දාගෙන හෙමින් හෙමින් පඩිපෙළ බැහැලා පල්ලෙහාට ගියා.මං දැක්කා ඒ මිනිස්සු දෙන්නා සෙටියෙ වාඩි වෙලා ඉන්නවා.මං අනික් සෙටියෙන් වාඩි වුනා.

“මිස්ට කරදර කරාට අපිට සමාවෙන්න.ඒත් අපි මිස්ව හම්බවෙන්න ආවෙ වෙන කරන්න දෙයක් නැති කමට.බොස් එපා කියද්දියි අපි මේ මිස්ව හම්බෙන්න ආවෙ………………….”

“ඒ ඇයි ඔයාලා මාව හම්බෙන්න ආවෙ? එයා කරපු දේට සමාව දෙන්න කියලා කියන්නද?………………”😠

“ඉස්සෙල්ලා මිස් මේ වීඩියෝ එක බලලා ඉන්නකො.මිස්ව තුවාල කරපු එකට කේසර බොස් තාමත් පසුතැවෙනවා.බොස් ගේත් අතෑරලා දාලා මේ ෆ්ලැට් එකේ ගේ ගත්තෙත් මිස් හින්දාමයි…………………..”

“මං හින්දා??……………….”

ඒ ෆෝන් එකේ තිබුනු වීඩියෝ එක බැලුවා.කේසර හිටියේ ගොඩාක් බීමතිනුයි.ඒ වෙලාවෙ තමයි මේ මනුස්සයා වීඩියෝ කරලා තියෙන්නෙ. වෙරි මර ගාතෙ ඉන්නැද්දී කේසර කියන දේවල් පැහැදිලිව තේරෙන්නෙත් නෑ.ඒත් එක දෙයක් තේරුනා”මට ශනායාව…..ඕනි…….මට……ඒකිගෙන් සමාව…….ගන්න………..ඕනි..මගෙ…….ශනායා මට……..ගෙනත්……….දීපියව් යකෝ” එහෙම කිය කිය කේසර වීදුරුවට මත් පැන් පුරව පුරව බොන්න පටන් ගත්තා.මට එක දෙයක් පැහැදිලි නෑ ඇයි කේසර මගෙන් සමාව ගන්න ඕනි කිය කියා මාව ඕනි කිය කියා මෙහෙම බොන්නෙ?

“මිස් වැරදියට හිතන්න එපා.බොස්ට ඕනි මිස්ගෙන් සමාව ගන්න.මිස් හිතනවා වගේ නරක මිනිහෙක් නෙවෙයි බොස්.මේ වීඩියෝ එක දැක්කම මිස්ට බොස් ගැන තේරෙනවනෙ.මේ අවුරුදු තිහට ගෑණු කෙනෙකුට බොස්ගෙ හිත ගියා නම් ඒ මිස්ගෙ විතරයි.කේසර බොස්ගෙ අම්මා මැරෙද්දි එයාට අවුරුදු දාහතයි.

ඒ ගෑණි මහ ජරා ගෑනියෙක්.හොර මිනිස්සු දෙතුන් දෙනා එක්ක ඒ ගෑණි යාලු වෙලා හිටියා.ඒ ගෑණි හින්දා ගෑණු පේන්න බැරි තත්වෙකයි බොස් හිටියෙ.අපිට හිතා ගන්නවත් බෑ මිස් හින්දා බොස්ගෙ හිත පිස්සු වැටුනා කිව්වම………………..”

“දැන් එතකොට ඔයාලා මට කියන්නෙ කේසරව බලන්න කියලද ඇවිත්?……………..”

“පුලුවන් නම් ඇවිත් බොස් එක්ක කතා කරන්න මිස්.නැත්නම් මිස් ගැන හිතලා එයා පිස්සෙක් වෙයි………………”

“මට කේසරගෙ කකුල් දෙක ගාවට එන්න උවමනාවක් නෑ.ඒත් මට තුවාල කරපු එක ගැන එයා පසු තැවෙනවා නම් මං එන්නම්………………..”

“අපි එහෙනම් යන්නම් මිස්……………..”

“හා………………”

මේකත් කේසරගේ උගුලක්ද?එයා හදන්නෙ මාව කොටු කරගන්නද?ඇත්තටම කේසර මෙහාට ආවෙ මං හින්දද?මොනවා කරන්නද කියලා මට හිතා ගන්න බැරි වුනා.තාමත් තුවාලෙන් ගොඩාක් වේදනාව දැනෙනවා.හෙට තමයි බෙහෙත් දාන්න යන්න තියෙන්නෙ.

“බේබි ඒ මනුස්සයව හම්බෙන්න යනවද?………………”

“මට බයක් නම් දැනෙන්නෙ නෑ.ඒත් මට කේසරව විශ්වාස නෑ.මං නොගියොත් ඒ මිනිස්සු ආයෙමත් දිගටම මෙහාට එයි.ඒ හින්දා මං ගිහින් බලනවා………………”

“අනේ බේබිට තාම සනීප නෑනෙ………………”

“මං රණ්ඩු කරගන්න නෙවෙයි ඇන්ටි යන්නෙ.මං නොගියොත් ඒ මිනිස්සුගෙන් බේරුමක් වෙන්නෙ නෑ. කේසර දිගටම බීලා බීලා උගෙ ජීවිතේට අනතුරක් එහෙම වුනොත් ඒ මිනිස්සු දෙන්නා අර ඇමතිට කියයි මං හින්දයි කේසරට ඔහොම වුනේ කියලා. ඊට පස්සෙ මගෙ ජීවිතේට ලොකු අනතුරක් වෙයි…………….”

“බේබි යන්න එහෙනම්.මාත් එන්නම්. මට බයයි බේබිව තනියම යවන්න……………..”

මතු සම්බන්දයි