දවල් වෙද්දී නම් උණ අඩු වුනා.ඒත් තාම කට තිත්තයි ඇඟත් ටිකක් රිදෙනවා.තාම ඇඟ ඇතුලෙ උණ ඇති. දවල්ට බත් ටිකක් කාලා බෙහෙත් ටික බිව්වා.ඉක්මනට සනීප වෙන්න ඕනි. තව දවස් හතරකින් රේණුකා නෝනව වෙද ගෙදරින් එක්කන් එනවා.මං අසනීප වෙලා හිටියම කොහොමද නෝනගෙ වැඩ ටික කරන්නෙ.

“තමුසෙට උණ හොඳයිද දැන්?………….”

“උණ නම් අඩුයි වගේ මහත්තයා.ඒත් තාම කට එහෙම තිත්තයි.ඇඟත් රිදෙනවා…………..”

“ඇඟ ඇතුලෙ තාම උණ ඇති.කට තිත්තයි කියලා නොකා එහෙම බෙහෙත් බොන්න එපා.ෆ්‍රිජ් එකේ ඇති යෝගට්,බීම වර්ග,බිස්කට්,අයිස්ක්‍රීම් එහෙම අරගෙන ඇති තරම් කනවා.මං ඔෆිස් එකට ගිහින් එන්න යනවා.මේ දවස් ටිකේ එහෙ වැඩ ටික බලන්නත් බැරි වුනා.නාන්න එහෙම එපා උණ අඩු වෙලා යනකල්ම.මං ගිහින් එන්නම්…………….”

එහෙම කියලා ගිම්හාන් මහත්තයා දොරත් වහගෙන ගියා.මට ගිම්හාන් මහත්තයා ගැන දුකත් හිතුණා. වචනයෙන් නොකිව්වට ගිම්හාන් මහත්තයා මට මහ සාගරයක් තරමට ආදරේ කරනවා.

ඒත්…..මතු යම් දිනෙක බිඳී යන බව දැන දැනත් මේ වගේ ආදරයක් ඒ සිත තුළ වැඩෙන්නෙ ඇයි දෙයියනේ.කවදාහරි දවසක රේණුකා නෝනා මේ දේවල් දැන ගත්තම ගිම්හාන් මහත්තයා සිත තුළ සඟවාගෙන ඉන්න ඒ හීන මාලිගා හැම එකක්ම ඒ දෑස් ඉදිරිපිටට කැඩිලා බිඳිලා යයි.

ඒ හිතට දරා ගන්න බැරි තරම් දුකක් දැනෙයි.එදාට මං හින්දා ඒ අම්මයි පුතායි අතර ගොඩක් ප්‍රශ්ණ ඇති වෙයි.ඒක මට ලොකු පාපයක් වෙයි.රේණුකා නෝනගෙ කකුල් දෙක සනීප කර ගන්න මං ගොඩාක් කැපකිරීම් කරලා මහන්සි වෙලා අන්තිමට ඒ දේවල් වලට හිලව් වෙන්න ගිම්හාන් මහත්තයගෙ කරේ එල්ලුනා කියලා කියයි.වෙලාවකට මට හිතෙනවා මේ හැම දෙයක්ම ගිම්හාන් මහත්තයට තේරුම් කරලා කියලා දෙන්න.

ඒත් ගිම්හාන් මහත්තයා මට තවම ‘ආදරෙයි’ කියන වචනෙ කියලා නෑනෙ.බැරි වෙලාවත් මාව අවුස්සන්න හරි මේකා කිව්වොත් ‘කව්ද ඕයි තමුසෙට ආදරෙයි’ කිව්වෙ කියලා.ඒ හින්දා මොකුත් කියලත් බෑ.ඒත් මොනවා දෙයක් කරලා ගිම්හාන් මහත්තයගෙ හිතේ මේ පොදි ගැහෙන මේ පැතුම් කන්ද කඩලා දාන්න ඕනි. නැත්නම් මට සිද්ද වෙන්නෙ හූල්ල හූල්ල අඬන්නයි.

ගිම්හාන් මහත්තයා මට නාන්න එපා කියලා කිව්වත් ඊයෙත් නාන්න බැරි වුනු හින්දා නාන්නමයි හිතෙන්නෙ.ඒත් නාලා උණ වැඩි වුනොත් ආයෙමත්.ඒ හින්දා හවස් වෙලා උණු වතුරෙන්වත් ඇඟ හෝදගන්න ඕනි.

“දුවේ…..ලොකු නෝනගෙන් කෝල් එකක්……………”

“හා ප්‍රේමා නැන්දෙ මං එන්නම්…………..”

මං ටක්ගාලා දුවලා ගිහින් කෝල් එක අන්සර් කරා.මොකක් හරි හදිස්සියක්ද දන්නෑ.

“හෙලෝ……නෝනා…………….”📞

“සමනලී කොහොමද දරුවො?මං මේ නිකන් කෝල් එකක් ගත්තෙ?පුතා කොහෙද ගියේ?…………..”📞

“ගිම්හාන් මහත්තයා ඔෆිස් එකට යනවා කියලා ගියා නෝනා.දැන් නෝනගෙ කකුල් දෙකට කොහොමද? බෙහෙත් බැඳලද තියෙන්නෙ?…………..”📞

“ඔව් දරුවො.අද උදේ බෙහෙත් බැන්දා. තව දවස් හතරකින් ගෙදර එනවනෙ. හරිම පාලුයි මෙහෙ නම්.සමනලී මොකද කරන්නෙ?…………..”📞

“දැන් මොකුත් කරන්නෑ නෝනා.මේ නිකන් ඉන්නෙ…………..”📞

“ආ ඒක නෙවෙයි.ඇයි සමනලීට එකපාරටම අසනීප වුනා කිව්වෙ?මට පුතා ඊයෙ රෑ කතා කරපු වෙලාවෙ කිව්වෙ උණ හැදුනා කියලා…………..”📞

“එච්චර ලොකුවට උණ හැදුනෙ නෑ නෝනා.මේ සාමාන්‍ය උණක්.දැන් නම් හොඳයි.ගිම්හාන් මහත්තයා බෙහෙත් අරන් දුන්නා……………”📞

“අනේ පරිස්සම් වෙන්න දරුවො.ඔයාට උණ හැදිලා කිව්වම මට බයත් හිතුණා. විවේකයෙන් ඉන්න ගෙදර වැඩ කරන්න යන්න එපා.මට පුතා කිව්වා ඔයා කියන දේ අහන්නැතුව ගෙදර වැඩ කරනවා කියලා…………..”📞

“බය වෙන්න එපා නෝනා.මට දැන් උණ හොඳයි………….”📞

“හරි දරුවො එහෙනම්.පරිස්සමින් ඉන්න.බුදු සරණයි!………….”📞

රේණුකා නෝනා මට එයාගෙම දුවෙකුට වගේ සළකන්නෙ.ඒ වගේ ආදරයක් ලබන්න මගෙ අම්මා ජීවතුන් අතර හිටියා නම් කියලා හිතුණු වාර අනන්තයි.මගේ දෑසට් කඳුලු උනද්දී ඒ කඳුලු මං පිටි අත්ලෙන් පිස දමාගත්තා.

හවස හතරාමාරට විතර මං බාතෲම් එකට ගිහින් උණු වතුරෙන් ඇඟ හෝදගත්තා.ඇඟට පුදුම සනීපයක් දැනුනෙ.ඇඟ හෝදගෙන කාමරේට ඇවිත් සායකුයි බ්ලව්ස් එකකුයි ඇඳ ගත්තා.කරන්නත් වැඩක් නැති හින්දා මං ටිකක් නිදා ගත්තා.

ගිම්හාන් ඔෆිස් එකේ ඉඳන් ගෙදර එද්දී හවස හයට විතර ඇති.බාතෲම් එකට වොශ් එකක් දාගෙන ඇවිත් ඔහු හෙව්වේ සමනලීව.කාමරේට ඔලුව දාලා බලද්දියි දැක්කෙ ඇය නිදාගෙන ඉන්න බව.රස්නෙට ඇය සීට් එක්ක පොරවන්නෙ නැතුවම නිදාගෙන ඉන්න නිසා ඇය ඇඳගෙන ඉන්න සාය ඉස්සිලා දෙපා ඕනවටත් වඩා එලියට නිරාවරණය වෙලා.යට ඇඳුම් ඔක්කොම එලියෙ.

අනේ අම්මපා මේ පිස්සිට මෙලෝ සිහියක් නෑනෙ.සාය තියෙන්නෙ කරේ. දාගෙන ඔක්කොම දාගෙන නිදි.හරියට පොඩි එකෙක් වගේ.රෑට බෙහෙත් ටික බොන්න තියන හින්දා ඇහැරවන්න ඕනි.නැත්නම් මේ පිස්සි කන්නෙ නැතුවම බෙහෙත් ටික බොයි.

එහෙම හිතපු ගිම්හාන් ඇය ලඟට ගිහින් සාය පහතට කරලා ඇයට කතා කරා.ඇසුත් පොඩි කර කර ඇය පුදුමයෙන් වගේ ගිම්හාන් දිහා බලලා ඔරලෝසුව දිහා බැලුවා.

“නැගිටිනවා දැන්වත්.මෙලෝ සිහියක් නැතුව සේරම එළියෙ දාගෙන බුදි. අනිනවා හිල් වෙන්න ටොක්කක්…………”

“අනේ මහත්තයා මට නිදිමතයි.මං තව ටිකක් නිදා ගන්නවා.තාම හතට දහයයිනෙ වෙලාව…………..”

“නෑ…..නෑ දැන් නැගිටලා කාලා බෙහෙත් ටික බීලා ඉවර වෙලා නිදා ගම්මු………….”

නිදා ගම්මු😱🤔අදත් මේ යකා මං ගාවද නිදා ගන්න හදන්නෙ?අනේ දෙයියනේ.ඒක නම් හොඳ දෙයක් නෙවෙයි.කවුරු හරි දැක්කොත් එහෙම. රේණුකා නෝනට කිව්වොත් එහෙම මං ඉවරයි.

“මොකෝ තමුසෙ බය වුනේ?…………..”

“මොකුත් නෑ මහත්තයා දැන් යන්න.මං කාලා ඉවර වෙලා බෙහෙත් ටික බොන්නම්…………..”

ගිම්හාන් ඇයගේ කර වටේට අත යවලා ඇයව තම උරහිසට වාරු කරගත්තා. ඊට පසසෙ ඒ හිස මත තම දෑඟිලි යැව්වා.

“තමුසෙ ඔහොම ඉන්නවකො තව ටික කාලයක් අම්මට සනීප වෙනකල්.ඊට පස්සෙ ගොඩාක් දේවල් වෙනස් වෙයි. තමුසෙට හිතා ගන්නවත් බැරි විදියට හැම දෙයක්ම වෙනස් වෙයි……………”😚

එසේ පැවසූ ඔහු දෝතින්ම ඇගේ කම්මුල් අල්ලාගෙන නලල සිප ගත්තා. ඇගේ ඇස් වල කඳුලු.ඒ ඇයි කියලා ඇයටවත් හිතා ගන්න බෑ.ගිම්හාන් තමන්ගේ ඇඟිලි තුඩු වලින් ඒ කඳුලු පිස දැම්මා.ඔහු ඇගේ කාමරයෙන් පිට වන්නට හැදුවත්,ඇය ඔහුට යන්නට නොදී ඔහුගේ අතින් අල්ල ගත්තා.

“ඇයි?…………..”

ඔහුගේ හඬ තරවටුවක් මෙනි.

“එපා මහත්තයා.පිච්චෙන බව දැන දැනත් ගින්දරට ලං වෙන්න උත්සහ කරන්න එපා.රත්තරං කෑල්ලක් කවදාවත් යකඩ කෑල්ලක් එක්ක පෑහෙන්නෙ නෑ.අහසට පොළව කවදාවත් එකතු වෙන්නෙ නෑ මහත්තයා……………”😭😭

එහෙම කියපු මං බිම බලාගෙන ඇති තරම් කඳුලු හැලුවා.ගිම්හාන් මහත්තයා ආපහු මං ගාවින් වාඩි වෙලා
මගෙ ඇස් වල කඳුලු පිහදාලා මගේ මුහුණ එයාගෙ මුහුණ පැත්තට හරවගත්තා.ඒ මුහුණේ හැඟීම් තේරුම් ගන්න මට පුලුවන් කමක් තිබ්බෙ නෑ.

“මං දන්නවා සමනලී.ඒත් මට තමුසෙට මේ දේවල් නොකියා ඉන්න බෑ.මං හිතුවෙ අම්මව සනීප වුනාට පස්සෙම තමුසෙට මේ දේවල් කියනවා කියලා. මට තවත් මේ දේවල් හිතේ හංගගෙන ඉන්න පුලුවන් කමක් නෑ.මං තමුසෙට ආදරෙයි සමනලී…………”

ඔහු එසේ පවසනවාත් සමඟම ඇය ඔහුගේ පපුවට තුරුල් වූයේ අඬාගෙනමයි.ඇයට ඇයව පාලනය කර ගන්න බෑ.වචනයෙන් නොකිව්වත් බලෙන්ම සිය හදවතට දොරගුලු දමාගෙන සිටියත් ඇයත් ඔහුට ආදරෙයි.මතු යම් දිනෙක ඔහුගේ බිරිඳ වන්නට පෙරුම් පිරුවෝතින් ඇයට සිදු වන්නේ කඳුලු වගුරවමින් අන්‍යන්ගෙන් බැනුම් අසා පැත්තකට වන්නය.

“අනේ මට ආදරේ කරන්න එපා මහත්තයා.මං කාත් කවුරුවත් නැති අනාථයෙක්.මට අම්මෙක් අප්පෙක් නෑ. නෑදෑයෙක් නෑ.සහෝදරයෙක් සහෝදරියක් නෑ.ඒත් මහත්තයට එහෙම නෙවෙයි.මහත්තයට අම්මා ඉන්නවා.සල්ලි බාගෙ යාන වාහන තත්වෙ නම්බුව මේ හැම දෙයක්ම තියනවා.මං වගේ හිඟන්නියක් මහත්තයගෙ බිරිඳ වෙන්න සුදුසු නෑ.

රේණුකා නෝනා මේ දේවල් දැන ගත්තොත් මාව මේ ගෙදරින් ගහලා පන්නයි.මට මෙහෙන් යන්න පුලුවන් මහත්තයා.නෝනව සනීප වුනාම මං යනවා.එතකල් මට ඉන්න දෙන්න. නෝනා මේවා දැන ගත්තම මට බනියි එයාව සනීප කරන්න උත්සහ කරලා ඒවට හිලව් වෙන්න මං මහත්තයගෙ කරේ එල්ලුනා කියලා.කන්න දීපු අත හපා කනවා වගේ වැඩක් කරන්න මට බෑ.අනේ මගෙන් ඈත් වෙන්න මහත්තයා………….”😭🙏

ඇගේ හිස අතගෑ ඔහු තම කාමරයට ගොස් දොර වසා ගත්තා.අද ඔහුගේ ඇස් වලත් කඳුලු.තම මව සමනලීව සිය ලේලිය කර ගන්නට අකමැති වේවිද?කෙසේ වුවත් තමාට ඇයව තමන්ට හිමි කර ගන්න නම් ලොකු සටනක් කරන්නට සිදු වෙයි.මොන දේ මොන විදියට සිද්ද වූවත් ඔහු ඇයව අත් හරින්නට නම් සූදානම් නැත.

වචනයෙන් නොකිව්වත්,තමාව අමතක කර දමන්නයි කියා ඇය හැඬූ කඳුලින් පැවසුවත් ඇය තාමට ආදරේ බව ඔහු දන්නවා.ඒ බව ඇය පවසා නොසිටින්නේ තම මවට ඇති බිය නිසාය.දැන් නම් මව සනීප වන තෙක් නොසිට ඉකමනින් මේ ගැන ඇයට පැවසිය යුතුය.තම මව දරදඬු සැර පරුෂ නපුරු ආඩම්බර ගැහැණියක නොවෙයි. ඇය ඉතාමත් නිවුනු ගති පැවතුම් ඇති තැනැත්තියකි.ඇය කෙසේ හෝ කැමති කර ගත යුතුය.

මාස කිහිපයකට පසුව👇👇👇

රේණුකා නෝනට දැන් ගොඩාක් දුරට සනීපයි.වෙද මහත්තයගෙ බෙහෙත් සාත්තුව නිසා ඇයගේ කකුල් වලට දැන් ප්‍රාණවත් ගතියක් ලැබිලා.දිවා රෑ නොබලා ඇය ලඟටම වී ඇගේ කැත කුණු අතගාමින් ඇයට කවා පොවා නාවමින් දරුවෙකු සේ රැක බලා ගන්නේ සමනලී යි.ඇයගේ සිත තුල සමනලී ගැන ඇති ආදරය භක්තිය විශාල වෘක්ෂයක් සේ දළු ලා වැඩී ඇත. මේ මාස කිහිපයට ඇයගේ සිත තුළ එක් අදහසක් පහල වුනා.එය තම එකම පුත්‍රයාවත් දැන උන්නේ නෑ.

“නෝනා මේ කසාය වීදුරුව බීලා ඉන්න. ගිම්හාන් මහත්තයා ඉතුරු බෙහෙත් ටික ඊයෙ ගෙනාවා වෙද ගෙදරට ගිහිල්ලා…………..”

මං කසාය වීදුරුව රේණුකා නෝනා අතට දීලා කුස්සියට ගියේ ඇයගේ කෑම පිළියෙල කිරීමටය.වෙනදා වගේ සාමාන්‍ය විදියට දවස් ගෙවිලා ගියා.

ගිම්හාන් මහත්තයා එයාගෙ හිතේ මං ගැන තිබුනු අදහස වෙනස් කරේම නෑ. එයාගෙ හිත වෙනස් කරන්න මං මොන දේ කරත්,කිව්වත් එයා වෙනස් වුනේම නෑ.කරන්න දෙයක් නැති කොට ඕන දෙයක් වුනාවෙ කියලා මං මගෙ පාඩුවෙ නෝනට සාත්තු සප්පායම් කරගෙන හිටියා.

මේ අතර තුර සමනලී මුලුතැන් ගෙයි ආහාර පිසින වෙලේ ගිම්හාන් සිය මව වෙතට ගියේ තම හිතේ සමනලී ගැන ඇති වී ඇති ආදරය ගැන පැවසීමටය.

“ඇයි පුතේ?……………”

“මට අම්මත් එක්ක වැදගත් දෙයක් කතා කරන්න තියනවා.දැන් කිව්වට කමක් නැද්ද?……………”

“කමක් නෑ කියන්න පුතේ.මටත් පුතාට කියන්න බොහොම වැදගත් දෙයක් තියනවා……………”

“ඒ මොකක්ද අම්මා?…………….”

“නෑ ඉස්සෙල්ලා පුතා කියන්න ආපු දේ කියලා ඉන්නකෝ…………….”

“මට තේරෙන්නෙ නෑ අම්මට මේක කොහොම කියන්නද කියලා.අම්මෙ මං…..මං එයාට ගොඩාක් ආදරෙයි අම්මෙ.මට එයාව ඕනි අම්මෙ.මට එයාව නැතුව ඉන්න බෑ අම්මෙ.අනේ අම්මා අපි දෙන්නට ආශිර්වාද කරනවා නේද?අනේ කියන්න අම්මෙ…………..”😭

රෝද පුටුවේ සිටිනා සිය මවගේ දෙපා අල්ලා ඉකි බිඳිමින් ගිම්හාන් එසේ පැවසුවා.ඔහුගේ වදන් කාමරේ දොර ළඟට වී අසා උන් සමනලීගේ දෙපා පණ නැති වීගෙන වගේ ආවා.

අනේ දෙයියනේ දැන් මොනවා සිද්ද වෙයිද?අනිවාර්යෙන්ම රේණුකා නෝනා මට අඬගහලා හොඳටම බැනලා මේ ගෙදරින් පන්නලා දායි.😭😭අනේ මට නම් බෑ දෙයියනේ නෝනට මුහුණ දෙන්න.😭😭

“කා ගැනද පුතා මේ කියන්නෙ?කව්ද ඒ ගෑණු ළමයා?…………..”

“ස…..ස…..සමනලී…………..”

“මොකක් මේ සමනලී.පුතාට පිස්සුද?…………..”

ඇය එසේ අසද්දී සමනලීට තම හැඬුම් වළක්වා ගත නොහැකි වුනා.තම කාමරේට දුව ගිය ඇය එක් තීරණයක් ගත්තා.ඇයට රේණුකාට මුහුණ දීමට බැහැ.අල්මාරිය හැර සිය ශල්වාර් එකේ වේල් එක රැගෙන එය මුදුන් ලීයේ ගැට ගැසුවා.

“අනේ අම්මෙ මට එයාව කසාද බඳින්න ඕනි.නැත්නම් මං මුලු ජීවිත කාලෙම මෙහෙමම ඉන්නවා.මට වෙන ගෑණුන්ව හොයන්න එපා……………”

“පිස්සු කොල්ලා.දැන් ඔය කඳුලු පිහදාගන්න.මං විහිලුවක් කරේ පුතේ. මං සමනලී දූට අකමැති නෑ.මගේ ලේලි වෙන්න ඕනි සමනලී දූ කියලා පුතා මගෙන් අහන්නත් කලින් ඉඳලයි මං තීරණේ කරේ……………”

“මොනවා…..ඔය ඇත්තමද අම්මා?…………..”😱😮😯

ගිම්හාන්ට සිය දෑස් අදහගත නොහැකි විය.ඔහු ඉක්මනින් දුව ගියේ සමනලීගේ කාමරේටය.ඒ යන විටත් ඇය බාල්කයේ එල්ලී සිටියාය.

“සමනලී……………….”😭😭😭😭

Advertisment