ආ….ඒ කියන්නෙ මැඩම් මං තමුන්ව බදාගෙන නිදාගෙන ඉන්නැද්දී තමුසෙ ඇහැරිලා හිටියෙ.ඉතින් තමුසෙට තිබ්බනෙ මාව ටිකක් අහකට තල්ලු කරන්න.චී……තමුසෙගෙ තියන කැත හිත.කොල්ලෙක්ව බදාගෙන නිදාගෙන ඉන්න………….”😆😁😉

ගිම්හාන් මේ දේවල් කියන්නෙ සමනලීගෙ මුහුණ ලැජ්ජාවෙන් රතු වෙන හැටි බලන්න.ඇය තොලත් හපාගෙන මොන මොනවදෝ මන්දා කුටු කුටු ගානවා.’අනිවාර්යෙන්ම මේකි මට බනිනවා ඇති’ගල් ඉබ්බි.😊

“කියන දෙයක් ඇහෙන්න කියනවා ඕයි. කුටු කුටු ගාන්නැතුව………….”

“මහත්තයා හරි නරකයි.මගෙ එහෙම කැත හිතක් නෑ.මං කොහොමද මෙච්චර චූටි අත් දෙකකින් මහත්තයා වගේ සද්දන්තයෙක්ව අහකට තල්ලු කරන්නෙ?………….”

“කොල්ලා ටිකක් වල්.හැබැයි නරක නෑ…………..”😚😉

ගිම්හාන් මහත්තයා ඒක කිව්වෙ මගෙ කනට ලං වෙලා රහසින් වගේ.ටිකක් නෙවෙයි මූ නම් හොඳටම වල් වෙලා. මූණෙ තියන මනමාලකම.අර අහිංසක ඉරේෂා මිස්ව අඬවලා මූ මෙතන හිනා වෙවී ඉන්නවා.මං ටිකක් කල්පනා කරා. මුගෙ මූඩ් එකත් හොඳයි.දැන් තමයි හොඳම මූත් එක්ක ඉරේෂා මිස් ගැන කතා කරන්න.

“මහත්තයා………….”

“ඇයි නෝනා?………….”😉😃

“අනේ මහත්තයා විහිළු නෙවෙයි.මං මහත්තයගෙන් දෙයක් අහන්නද?………….”

“හ්ම්ම්.අහනවකො බලන්න………….”

“මහත්තයා…..ඇයි ඉරේෂා මිස්ව කසාද බඳින්නැත්තෙ?එයා මහත්තයට ගොඩාක් ආදරෙයි.එදා මාත් එක්ක ඒ ගැන කියලා ඉරේෂා මිස් ඇඬුවත් එක්ක.එයා පව් අනේ…………..”

මං එහෙම අහද්දී ගිම්හාන් මහත්තයා නපුරු මූණකින් මං දිහා බැලුවෙ.මූ මට බනීද දන්නෑ.තරහ ගිහින් වගේ දැන් නම් හොඳටම මූට.

“තමුසෙට මේවා තේරෙන්නෙ නෑ සමනලී.මේ දේවල් ගැන තේරුම් ගන්න තමුසෙ තාම පොඩියි.කෙනෙකුගෙ ඇස් වල කඳුලු දැක්ක පලියට එයා අහිංසකයි කියලා හිතන්න එපා.ඉරේෂා ඒ පෙන්නන තරම් අහිංසක කෙනෙක් නෙවෙයි.හැබැයි එයා නපුරු කෙනෙකුත් නෙවෙයි.අපි අතරෙ ගොඩාක් ප්‍රශ්න තියනවා සමනලී……………”

“මට මහත්තයගෙයි ඉරේෂා මිස්ගෙයි ප්‍රශ්න වලට ඇඟිලි ගහන්න අයිතියක් නෑ.ඉරේෂා මිස් මං ලඟ අඬපු විදියට මට දුක හිතුණ නිසයි මං මෙහෙම අහන්නෙ.ඒ ප්‍රශ්න විසඳගන්නම බැරිද?………….”

“අපේ හඳහන් ගැළපෙන්නෙත් නෑ.ඒක නම් මට ප්‍රශ්නයක් නෙවෙයි.මේ බිස්නස් ෆීල්ඩ් එකේ මට ඉන්න එක තරඟකරයෙක් තමයි ඉරේෂාගෙ තාත්තා මිස්ටර් ලොයිඩ් වර්ණසූරිය. එයා මාව වට්ටන්න සෑහෙන්න උත්සහ කරා.මිනිස්සු දම්මලා මං ගැන ඔත්තු හෙව්වා.මාව කිඩ්නැප් කරන්න හැදුවා. මගෙ අම්මට තර්ජනේ කරා.ඒ වගේ මිනිහෙක්ගෙ දුවක්ව බඳින්නෙ කොහොමද මං.ඒ පව්ලෙ එකම දරුවා තමයි ඉරේෂා.එයාලා කියන්නෙ ඉරේෂා මැරි කරන කෙනා එයාලත් එක්ක ඒ ගෙදරම පදිංචි වෙන්න ඕනිලු.පිට කොන්දක් තියන මිනිහෙක් කැමතිද එහෙම කරන්න?…………….”

දැන් මට හිතෙනවා ගිම්හාන් මහත්තයගෙ කේන්තිය සාධාරණයි කියලා.කසාද බඳින්නත් කලින් මෙහෙම ප්‍රශ්ණ ඇති වෙනවා නම් බඳින්නැතුව වෙන් වෙන එක තමයි හොඳ.ඊට පස්සෙ අපි දෙන්නා අතර වැඩිය කතා බහක් වුනේ නෑ.පැය කිහිපයකට පසුව අපි වෙද ගෙදරට ආවා.අපි දෙන්නා කෙලින්ම ගියේ වෙද මහත්තයා ගාවට.

“වෙද මහත්තයා අම්මව අපිට අද ගෙදර එක්කන් යන්න පුලුවන් නේද?……………”

“පුලුවන් මහත්තයා.හැබැයි බෙහෙත් ටික හරියටම තිතටම කරන්න ඕනි. පොඩ්ඩක්වත් වරද්දන්න නම් එපා.ඒ වගේම තව සති දෙකකින් ආපහු මෙහාට ගෙනල්ලා දවස් පහක් විතර නවත්තන්න.හරියට මහන්සි වෙලා වැඩ කරොත් අවුරුදදක් ගත වෙන්නත් කලින් නෝනව ඇවිද්දගන්න පුලුවන්……………”

බැරෑරුම් මුහුණකින් වෙද මහත්තයා එහෙම කිව්වා.ඊට පස්සෙ අපි දෙන්නා රේණුකා නෝනා ඉන්න තැනට ගියා. වෙද මහත්තයා දීපු බෙහෙත් පොට්ටනි ටිකයි,බඩු ලැයිස්තුවයි අරගෙන බෙහෙත් කරන හැටිත් අහගෙන අපි ගෙදර එන්න පිටත් වුනා.


“නෝනට ගෙදර ඉන්නැද්දි පාලු එහෙම දැනුනෙ නැද්ද?…………..”

බෙහෙත් වතුරෙන් නෝනගෙ කකුල් දෙක තවද්දී මං ඇහුවා.

“අනේ හරිම පාලුවක් දැනුනා දරුවො. සමහර වෙලාවට අපේ පාලුව නැති කරන්න වෙද මහත්තයයි නෝනයි කවි එහෙම කියනවා…………..”

“නෝනා බය නැතුව ඉන්නකෝ.තව අවුරුද්දක් යද්දී නෝනට හොඳට ඇවිදින්න පුලුවන් වෙයි………….”

නෝනගෙ කකුල් දෙක තවන අතරේ ගිම්හාන් මහත්තයත් කාමරේට ආවා.

“කයිවාරුව පැත්තක තියලා අම්මගෙ කකුල් දෙක තවනවා හරියට.කොයි වෙලේ බැලුවත් කතාව විතරයි තමුසෙගෙ…………..”😁😆😉

එහෙම කියලා ගිම්හාන් මහත්තයා නෝනගෙ ඇඳෙන් වාඩි වුනා.

“පුතා ඔයාට පිස්සුද මේ දරුවට නිකන් බොරුවට කෑ ගහන්නෙ?ඔහොම කෑ ගහන්න ගත්තොත් මේ දරුවා බය වෙලා යයි යන්න මෙහෙන්.ලෑ ගහලා ඇඟිල්ලෙන් ඇන ඇන කියන්න දෙයක් නෑ.මේ ළමයා හරිම අපූරුවට හැම වැඩක්ම කරනවා…………..”😠😠

රේණුකා නෝනා සැර කරා ගිම්හාන් මහත්තයට.හොඳ වැඩේ ගල් මූසලයට. හැම දේකටම ඕන්නැති විදියට කට ගහගෙන එනවට.

තෙල් ටික ගාලා ඉවර වෙලා මං බිම ඉඳගෙනම බෙහෙත් ටික පොඩි වංගෙඩියට දාලා කොටන්න පටන් ගත්තා.ටිකක් වෙලා යනකොට පුදුම මහන්සියක් දැනුනේ.රේණුකා නෝනා වීල් චෙයාර් එක උඩ වාඩි වෙලා හිටියෙ.

හයියෙන් වගේ හුස්ම අරගෙන සමනලී පාත් වෙලා බෙහෙත් කොටද්දී ගිම්හාන් එක් විශේෂයක් දෙයක් දැක්කා.ඔහු හිනා වෙවීම අම්මාට නොපෙන්නෙන්න ඇය දෙසම බලාගෙන හිටියා.

වංගෙඩියට පාත් වෙලා බෙහෙත් කොටද්දී ඇය ඇඳන් ඉන්න බ්ලව්ස් එක පපුව ගාවින් හොඳටම පාත් වෙලා පේනවා.ඇය දැක්කා ගිම්හාන් තමන් දෙස හිනා වෙවීම බලාගෙන ඉන්නවා. ඒත් ඇයට ඔහු හිනාවෙන්නෙ කුමටද කියලා තේරුනේ නෑ.ඇගේ මුහුණ ලැජ්ජාවෙන් රතු කරන්න හිතාගෙන ඔහු තවමත් තොලත් හපාගෙන ඒ දෙසම බලාගෙන ඉන්නවා.😜😆

ගිම්හාන් මහත්තයා මොකද මං දිහා බලාගෙන මෙහෙම හිනා වෙන්නෙ🤔හිනා වෙන්න දෙයක් සිද්ද වුනේ නෑනෙ මෙතන.මූට මොංගල්ද මෙහෙම හිනා වෙන්නෙ.මනමාලකම උතුරනවා මූණ පුරාම.එහෙම හිතපු මං මූණ පුරාම තියන දාඩිය පිහදාන්න ගව්මෙ කර උස්සද්දී තමයි තරු පෙනුනෙ.

චී………මුගෙ තියන වලත්තකම කම. ඒක තමයි මූ මෙච්චර වෙලා හිනා වුනේ.ශික්…… මට ඒක කල්පනා වුනේම නෑනෙ.දාඩිය වැඩි හින්දා මාත් එච්චර දෙයක් නොහිතා බ්ලව්ස් එක විතරනෙ ඇන්ඳෙ.අහකට හැරිලා බෙහෙත් ටික කොටලා ඉවර වෙලා මං ඒ ටික සේරම අරන් කුස්සියට ගිහින් වංගෙඩිය හෝදලා තියලා මූණ අත පය හෝදගෙන බෙහෙත් ටික පැත්තකින් තියලා මගෙ කාමරේට ආවා.

රේණුකා නෝනගෙ කකුල් දෙකට බෙහෙත් බඳින්න තියෙන්නෙ රෑට හින්දා මං නාගෙන ඉවර වෙලා කාමරේට ඇවිත් සායකුයි බෙල්ල ගාවටම කර තියන බ්ලව්ස් එකකුයි ඇඳ ගත්තා.දැන් වරෙන්කො උඩින් බලන්න.😜😆කොණ්ඩෙ පිහදදා ඉන්නකොට ගිම්හාන් මහත්තයා කාමරේට ආවා.මූට ලැජ්ජ නැද්ද මන්දා ගෑණු ළමේක් තනියම ඉන්න කාමරේට මෙහෙම කඩාගෙන බිඳගෙන එන්න. කතා කරගෙන ආවම හෙන ගහනවද?

“නෑවද?………….”

“ඔව් මහත්තයා…………..”

“මොකද ඔය බ්ලව්ස් එකම ඇන්දෙ?මං බලයි ලැජ්ජ හිතුනද?………….”😉

“අනේ ඔයා නම් හරිම නරකයි මහත්තයා………….”

“ඒ මොකෝ බෙහෙත් කොටද්දී හෙල්ලෙන පැද්දෙන ඒවා දිහා බලන් හිටපු නිසාද?……………”😊☺️

ගිම්හාන් එහෙම අහද්දී කෙල්ලගෙ නහය රතු වුනා.ඇය ලැජ්ජාවෙන් අහක බලා ගත්තා.

“අනේ මහත්තයා ඔහොම කතා කියන්න එපා……………”☺️☺️

“හම්ම්.හා හා ඉතිං.කෙල්ලට ලැජ්ජ හිතිලා වගේ.මේ ඒක නෙවෙයි……… තමුසෙට ගොඩාක් පිං මගෙ අම්මව බලා ගන්නවට.එයාට මෙහෙම උනන්දුවෙන් බෙහෙත් කරනවට.අම්මා තමුසෙට දැන් මටත් වඩා ආදරෙයි.මට එක දෙයක් පොරොන්දු වෙනවද?……………”

“ඒ මොකක්ද මහත්තයා?…………….”

“අම්මා සනීප වුනා කියලා අපිව දාලා යන්නෙ නැතුව හැමදාම අපිත් එක්ක ඉන්නවා කියලා පොරොන්දු වෙන්න. තමුසෙ මෙහෙන් ගියොත් මට ඒක දරා ගන්න් බැරි වෙයි…………….”

ගිම්හාන් මහත්තයා ඒ ටික කිව්වෙ මගෙ ඇස් වලට එබිලා.මට මහා මොකක්දෝ මන්දා අමුත්තක් මගෙ හදවතට දැනුනා.මගෙ ඇස් දිහාම බලන් හිටපු ගිම්හාන් මහත්තයා මගෙ නලල සිපගත්තා.මගෙ ඔලුව අතගාලා කාමරෙන් ගියපු ගිම්හාන් මහත්තයා දිහා බලන් හිටියා.

දෙයියනේ මොකක්ද ඒ සිද්ද වුනේ?ඇයි ගිම්හාන් මහත්තයා එහෙම දෙයක් කිව්වෙ?මං මේ ගෙදරින් ගියොත් ඒක ගිම්හාන් මහත්තයට දරා ගන්න බෑ කියලා.එයා මට ආදරේ කරනවද🤔අනේ දෙයියනේ මට නම් බෑ එහෙම දෙයකට ඉඩ දෙන්න.ගිම්හාන් මහත්තයයි මමයි අහසයි පොළවයි වගේ.මං කාත් කවුරුවත් නැති අනාථ කෙල්ලෙක්.අපි ආදරේ කරොත් ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ද වෙයි. රේණුකා නෝනා මට දුවෙකුට වගේ ආදරෙයි තමයි.ඒත් එයා කවදාවත් මාව එයාගෙ ලේලි කරගන්න කැමති වෙන්නෑ.මට බෑ රේණුකා නෝනගෙ හිතේ මං ගැන තියන විශ්වාසෙ බිඳින්න.ඒ වගේ ආදරයක් සෙනෙහසක් නැති කරගන්න මට බෑ.

අනේ මන්දා මං මොනවද මේ හිතන්නෙ.ගිම්හාන් මහත්තයා මට ආදරෙයි කියලා කිව්වෙ නෑනෙ. අරෙහෙම දෙයක් කිව්වා විතරයි මං හිතපු දුර.මටත් පිස්සුනෙ අප්පා.

රෑට රේණුකා නෝනගෙ කකුලෙ බෙහෙත් බැඳලා ඉවර වෙලා මං මගේ කාමරේට ඇවිත් නිදා ගත්තා.

සුපුරුදු විදියට වෙනදා වගේම හැමදාම රේණුකා නෝනගෙ හැම සාත්තු සප්පායමක්ම කරා.තෙල් ගාලා කකුලෙ බෙහෙත් තියලා බැන්දා.සති දෙකකට පස්සෙ නෝනව ආපහු වෙද ගෙදර නවත්තන්න ගෙනියන්න සූදානම් වුනා.
වෙනදා වගේ හිතේ උද්‍යෝගිමත් බවක් තිබුනෙ නෑ.ඊයෙ රෑ ඉඳන් ඇඟට හරිම අමාරුයි.උණ හැදෙන්න වගේ.ඇඟත් රස්නෙයි වගේ.නෝනව වෙද ගෙදර නවත්තලා ආපහු එන අතරෙ මට සැරෙන් සැරේට නින්දත් ගියා.

“මොකෝ තමුසෙ නිකන් අසනීපෙන් වගේ?……………”

“ඔලුව කැක්කුමයි වගේ මහත්තයා. උණ හැදෙන්නද මන්දා.හරිම අමාරුයි වගේ ඇඟට……………”🤒🤕😰

ගිම්හාන් මහත්තයා වාහනේ රෑ කලුවරේම පාර අයිනෙ නවත්තලා මගෙ බෙල්ලටයි නලලටයි අත් තියලා බැලුවා.

“තමුසෙට උණ හැදෙන්න වගේ.ඇඟත් රස්නෙයි.යමු බෙහෙත් ටිකක් ගන්න……………”

“බෙහෙත් ගන්න ඕන්නෑ මහත්තයා. පෙනඩෝල් දෙකක් විතරක් දෙන්නකො ඒ ඇති……………..”

මං බොහොම අමාරුවෙන් එහෙම කිව්වා.එත් ගිම්හාන් මහත්තයා ඒක ඇහුවෙ නෑ.එයා මාව කොහෙදෝ මන්දා ප්‍රයිවට් හොස්පිටල් එකකට එක්කන් ගියා.මට කෙලින් යන්නත් බෑ.හොඳටම ඇඟ රිදෙනවා.ගිම්හාන් මහත්තයා මාව එයාගෙ ඇඟට වාරු කරගෙන ඩොක්ටර් ගාවට එක්කන් ගියේ.මගේ ලෙඩ ටික ගිම්හාන් මහත්තයමයි ඩොක්ටර්ට කිව්වෙත්.

“කෑම අරුචිය වමනය එහෙම තියනවද?……………”

ඩොක්ටර් මගෙන් එහෙම ඇහුවා.අද උදේ නම් උණ හින්දා කන්න බැරි වෙලා අප්පිරිය ගතියක් දැනුනා.ඒත් ඒ ගැන නොහිතා මං බලෙන්ම කාපු නිසා වමනෙත් ගියා.මං ඒකට ඔව් කියලා කිව්වා.

“මිස්ටර්……මේ බේත් ටික අතනින් අරගෙන මේ ටෙස්ට් එක කරලා බලන්න.මං හිතන්නෙ ඔයාගෙ වයිෆ් ප්‍රෙග්නන්ට් වගේ.කෝකටත් මේ ටෙස්‍ට් එක කරලම බලන්න…………..”

එහෙම කියලා ඩොක්ටර් ඒ බෙහෙත් තුණ්ඩුව ගිම්හාන්ට දුන්නා.ඩොක්ටර් කියපු දේ සමනලීට ඇහුනෙ නෑ.ඇහුනා නම් එහෙම කෙල්ලට තවත් ලැජ්ජ හිතෙයි.ටිකක් අවුස්සලා බලන්න ඕනි.😆😄 එහෙම හිතපු ගිම්හාන් බෙහෙත් ටික අරන් සමනලී ගාවට ගියා.

“ගොඩාක් අමාරුයිද තමුසෙට?කෝ බලන්න…………….”

ගිම්හාන් මගෙ නලලටයි බෙල්ලටයි අත තියලා බැලුවා.

“එච්චරම අමාරුවක් නෑ මහත්තයා. බෙහෙත් ටික ගත්තද?මේ මොකක්ද?……………”

“මේ ටෙස්ට් එක කරලා කරලා බලන්න කිව්වා.ඩොක්ටර් කිව්වා තමුසෙ ප්‍රෙග්නන්ට් ඇති කියලා.කෝකටත් අපි මේක බලලා ඉම්මු……………”😆😉😉

🤭🤭කට ඇරලා පුදුමයෙන් වගේ සමනලී ගිම්හාන් දිහා බැලුවා.මූට නම් හොඳටම පිස්සු වගේ.අද ඇඳේ වැරදි පැත්තෙන්ද කොහෙද නැගිටලා තියෙන්නෙ.මට මේ උණ හැදිලා වෙව්ලනවා.මූට නම් ඔක්කොම විහිලු.

“අනේ මහත්තයා විහිලු කරන්න එපා. මගෙ ඇඟත් රස්නෙයි දැන්.අනේ අපි ගෙදර යමුකො…………….”🤕😰🤒

ඊට පස්සෙ මායි ගිම්හාන් මහත්තයයි ගෙදර ආවා.රෑ දහය විතර වුනා ගෙදර එද්දී.මගදී කාපු නිසා ගිම්හාන් මහත්තයා මට බෙහෙත් ටික තෝරලා දුන්නා බොන්න.

“දැන් නිදා ගන්නවා.උදේ වෙනකොට අඩු වෙලා තියෙයි.තාමත් වෙව්ලනවා වගේද?…………..”

“ටිකක් විතර වෙව්ලනවා වගේ මහත්තයා.උදේ වෙනකොට අඩු වෙයි…………..”

ගිම්හාන් සමනලීට නින්ද යනකල් ඔලුව අත ගෑවා.ඇයට නින්ද ගියාට පස්සෙ සීට් එකත් පෙරෙව්වා.කාමරේ ලයිට් එකත් ඕෆ් කරලා ටේබල් ලෑම්ප් විතරක් ඔන් කරලා ඔහු කාමරෙන් යන්න හැදුවා.ඇය නිදාගෙන ඉන්නෙ ගොඩාක් අමාරුවෙන් වගේ.රෑට මෙයාගෙ උණ වැඩි වෙලා අමාරුවක් එහෙම වුනොත්.එහෙම හිතපු ඔහු කාමරේ දොර ලොක් කරලා ඇය අසලින්ම නිදා ගත්තා.

ඇඟේ අමාරුව නිසා ඇය ඇඳේ ඒ මේ අත පෙරලුනා.ගිම්හාන් නැගිටලා ඇගේ උණ බැලුවා.දැන් නම් උණ බැහැලා යනවා වගේ.කුඩා රෙදි කෑල්ලකට ඕඩිකොලෝන් පොඟෝලා ඇගේ නලලෙන් තිබ්බා.ඊට පස්සෙ ඇයවත් තුරුල් කරගෙන නිදා ගත්තා.

❤️

පහුවදා උදේ මුලින්ම ඇහැරුනේ ගිම්හාන්ට.සමනලී නම් තාම නිදි.දැන් නම් ඇයගෙ උණ හොඳයි වගේ.ඇයට සීට් එක පොරෝලා නලල සිපගෙන ඔහු ඇගේ කාමරෙන් ගියා.

ඇති යාන්තං.දැන් නම් උණ හොඳයි වගේ.දාඩියත් දාලා.හැබැයි කට නම් තාම තිත්තයි වගේ.කොණ්ඩෙත් ගුලියකට බැඳගෙන ඇඳෙන් නැගිටින්න ලෑස්ති වුනා.මගෙ ඔලුවෙන් කොහොමද ඕඩිකොලෝන් සුවඳක් එන්නෙ?ආ……සමහර විට ගිම්හාන් මහත්තයා ඕඩිකොලොන් දාන්න ඇති මගෙ ඔලුවට.ඒත් මට අමුත්තක් දැනෙනවනෙ මේ ඇඳේ.සීට් එකත් අකුලලා මං ඇඳෙන් නැගිට්ටෙ බාතෲම් එකට යන්න.දෙයියනේ😱මේ ටීෂර්ට් එක ගිම්හාන් මහත්තයා ඊයෙ ඇඳන් හිටපු එක නේද?ඒ කියන්නෙ…ගිම්හාන් මහත්තයා ඊයෙ රෑ නිදා ගත්තෙ මං ගාවද?ඒත් ඇයි එයා එහෙම………?

“ආ…..ගුඩ් මෝනිං මැඩම්.මෙන්න මං ඔයාට කිරි එකක් හදාගෙන ආවා.මූණ කට හෝදගෙන ඇවිත් බොන්න……………”

ගිම්හාන් මහත්තයා කිරි එක ස්ටූල් එක උඩ තිබ්බා.ඇඳ උඩ තිබුනු එයාගෙ ටී ෂර්ට් එක අතට අරන් මං එයාට පෙන්නුවා.

“මේ මොකක්ද?…………..”😉

“ආ…..ඕක මගෙ ටී ෂර්ට් එක.මට උදේ අමතක වුනා ඕක ගන්න.මොකෝ මේ බය වෙලා ආ?මං ටී ෂර්ට් එක විතරයි ගැලෙව්වෙ.කලිසම ඇඳගෙන නිදා ගත්තෙ.බය වෙන්න එපා…………..”😁😉

“ඇයි මහත්තයා මං ගාවින් නිදා ගත්තෙ?……………”

“තමුසෙට රෑට උණ වැඩි වෙලා අමාරු වුනොත් එහෙම……………”

“ඉතින් මහත්තයටත් දැන් උණ හැදෙයිනෙ මගෙන් බෝ වෙලා…………..”

“කමක් නෑ.තමුසෙ අම්මව වගේ මාවත් බලා ගන්නවා.මට කවලා මාව නාවලා මගෙ රෙදි ටික හෝදලා දෙනවා.මට නින්ද යනකල් මගෙ ඔලුව අතගාලා මං ගාවින්ම ඉන්නවා…………..”

මට දැන් එක දෙයක් හොඳින්ම පැහැදිලියි.ගිම්හාන් මහත්තයා මට ආදරේ කරනවා.ඒත් මට කවදාවත් බෑ ගිම්හාන් මහත්තයට ආදරේ කරන්න. මට සමාවෙන්න මහත්තයා නෝනට සනීප වුනාම මං මෙහෙන් යනවා.

නැවත හමුවෙන තුරු විරාමයක්