බොස්,කෙල්ල පොලීසියට ඇත්ත කියයිද?……………..”

“ඇයි උඹ බය වෙලා.ඒකි කොහොම යන්නද පොලීසි?………………”

තමා මේ රටේ බලවත් ව්‍යාපාරිකයෙකි. මේ රටේ පමණක් නොව පිටරටවලද තමාට ව්‍යාපාර ඇත.පියා වත්මන් ආණ්ඩුවේ ප්‍රභල අමාත්‍යවරයෙකි. නීතිය ඇත්තේද තමන් අතේය.ඇය පොලීසි ගියත් තමාව කූඩුවට දැමිය නොහැකිය.

“වික්‍රම්,මට ඒ කෙල්ල ගැන විස්තර ටිකක් හොයලා දීපන්.ඉන්නෙ කොහෙද?ගෙදර ඉන්නෙ කවුරු කවුරුද?……………..”

“හරි බොස්.මං පුලුවන් තරම් ඉක්මනට හොයලා දෙන්නම්……………..”

“ආ තව එකක්,ඒකි තාම ඇත්තෙ හොස්පිටල් එකේ.උඹ පොඩ්ඩක් ඒකිට නොපෙනෙන්න සර්ච් පාරක් දාලා බලලා වරෙන්………………”


“අයිරා නැන්දෙ ඔයා දැන් ගෙදර යන්න. හෙට උදෙන්ම එනකොට මගෙ ඇඳුම් ටිකක් අරන් එන්න.මට තව කී දවසක් මෙහෙ ඉන්න වෙයිද දන්නෑ.තුවාලෙ ගොඩාක් රිදෙනවා……………….”

“බේබි එහෙනම් පරිස්සමින් ඉන්න.මං ගෙදර ගිහින් හෙට උදෙන්ම එන්නම්. බේබිගෙ තාත්තටයි දේවිකා නෝනටයි කියන්න වෙයි නේද බේබි හොස්පිටල් එකේ කියලා……………….”

“මං දේවිකා ආන්‍ටිට කෝල් එකක් දීලා හිමිහිට විස්තරේ කියන්නම්.අයිරා ඇන්ටි දැන් ගෙදර යන්න………………”

අයිරා ඇන්ටි ගිය පසු මම ඒ රෝහල් කාමරයේ තනි වුනෙමි.පපුවේ තුවාලෙන් දැනෙන වේදනාව නම් ඉවසා ගත නොහැකිය.තුවාලය මදක් ගැඹුරටම කැපී ඇති බව වෛද්‍යවරයා පැවසුවේය.එයට මැහුම් දහතුනක් දමා ඇත.පපුවේ පියයුරු වලින් උඩු කොටස සම්පූර්ණයෙන්ම බැන්ඩේජ් වලින් ආවරණය කර ඇත.

මට කේසර ගැන දැනුනේ තරහවකි වෛරයකි. කොහොමද දෙයියනේ මේ වගේ තිරිසන් වැඩක් කරේ.මනුස්සයෙකුට පුලුවන්ද තවත් මනුස්සයෙක්ව මේ වගේ තිරිසන් විදියට තුවාල කරන්න. උගෙ සල්ලි බලපුලුවන්කාරකම් නිසා මේ වගේ අපරාධ තව කීයක් නම් කරලා ඇත්ද?සම්පූර්ණයෙන්ම වැරැද්ද කරේ මම නම් මට මේ තරම් දුකක් දැනෙන එකකුත් නෑ.

පෙරේදා මාව වාහනේට හප්පලා ඒ මදිවට මට හොඳටම බැන්නා.අද බෝලෙ හුලං ඇරලා මගෙ ඇඟට බියර් හැලුවා. බෝලෙ ඇඟේ වැදුනු වෙලාවෙ මං සමාවත් ඉල්ලුවා.මනුස්ස හිතක් තියන කෙනෙක් නම් කවදාවත් මෙහෙම දෙයක් කරන්නෙ නෑ.

ඌ මහ තිරිසනෙක්.කේසරලා වගේ සල්ලි කාරයින්ට කවදාවත් අනික් මිනිස්සුන්ගෙ වේදනාව දැනෙන්නෙ නෑ. වෙන කෙනෙක් එහෙම නම් මං අනිවාර්යෙන්ම පොලීසියට ඇත්ත කියනවා.ඒත් කේසර ගැන පොලීසියට කියලා වැඩක් නෑ.මට තුවාල කරපු එකට ඌව කවදාවත් කූඩුවට දාන්නෙ නෑ.ඌට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නෑ.නීතිය බලය ඔක්කොම තියෙන්නෙ උන්ගෙ අතේ.

ඒ නිසා මං කේසර ගැන පොලීසියට කිව්වොත් ඊගාව ඌ මාව මරන්න වුනත් බැරි කමක් නෑ.ඒත් අනිවාර්යෙන්ම ඌට මේකට දඬුවම් ලැබෙන්නම ඕනි.

අප්පච්චිට කෝල කරලා කියන්නත් හිතයි.එහෙම කිව්වා කියලා අප්පච්චි දැන් එන එකක් නෑ.දේවිකා ඇන්ටිට කතා කරන්න ඕනි.

“හෙලෝ ශනූ……………….”📲

“ආන්ටි…..ඔයා ගෙදරද ඉන්නෙ?………………..”📲

“ඔ…..ඔව් ශනූ.ඔයා අමාරුවෙන් වගේ කතා කරන්නෙ ඇයි?අසනීපෙන්ද ඉන්නෙ?…………………”📲

“මං ඉන්නෙ හොස්පිටල් එකේ ඇන්ටි. පොඩි තුවාලයක් වුනා.අනේ ඔයාට පුලුවන් නම් ටිකක් ඇවිත් යන්න එනවද?අප්පච්චි ගෙදරද?………………”📲

“අප්පච්චි බිස්නස් වැඩකට ගිහිල්ලා.මං දැන්මම එන්නම් ඔයාව බලන්න………………..”📲

දේවිකා ඇන්ටි හිටියේ ගොඩාක් බය වෙලා.ඇය මගේ අම්මා වගේ මං ගැන හොයලා බලනවා.මගේ අම්මා ඉන්නෙ අසනීපෙන් නිසා මට මේ ගැන අම්මාට කියන්න බෑ.දේවිකා ආන්ටි ඉන්න නිසා මට බයක් දැනුනෙ නෑ.පැය බාගයක් විතර යද්දී දේවිකා ආන්ටි බෑග් එකකුත් අරන් රෝහල් කාමරේට ආවා.

“අනේ ශනූ ඔයාට මොකද මේ වුනේ?කොහෙද තුවාල වුනේ?………………..”

ලේ වලින් පෙඟුනු සුදු පාට ටී ෂර්ට් එක ගලවලා සීට් එක පපුව ගාවටම පෙරවගෙනයි මං හිටියෙ.ඒ සීට් එක ටිකක් පාත් කරලා මං දේවිකා ඇන්ටිට තුවාලෙ පෙන්නුවා.

“අපොයි දෙයියනේ මෙච්චර ලොකු තුවාලයක් උනේ කොහොමද ශනූ?අනේ මට කියන්න දරුවො එකපාරටම ඔයාට මොකද වුනේ?……………..”

දේවිකා ඇන්ටි ගොඩාක් කලබල වෙලා බය වෙලයි හිටියෙ.පපුව වටේට තියන බැන්ඩේජ් එක දැකලා දේවිකා ඇන්ටි ඇස් ලොකු කරන් නලලෙ අත ගහ ගත්තා.

“එකපාරටම හිතා ගන්න බෑ ආන්ටි මොකක්ද උනේ කියලා.පොඩි උන් කට්ටියත් එක්ක බීච් එකේ වොලිබෝල් ගගහා හිටියෙ………………..”

සිදු වුනු සියල්ලක්ම මං දේවිකා ආන්ටිට කිව්වා.මට තුවාල කරපු කෙනා කේසර කියලා කිව්වෙ නෑ.

“ඔයා ඒ මිනිහව අඳුරන්නෙම නැද්ද ශනූ?පොඩි හරි මතකයක් නැද්ද?දැක්කොත් අඳුරගන්න පුලුවන්ද?මං රාජිතට කියන්නම්කො.මොකා වුනත් කමක් නෑ.අනිවාර්යෙන්ම ඌව හොයාගෙන මේකට පලිය ගන්නම ඕනි……………….”😡😡

“එපා ඇන්ටි.මංවත් දන්නෙ නැතිකොට ඔයාලා ඌව කොහොම හොයන්නද?වැරැද්ද මගෙනෙ.ඒ මනුස්සයා බෝලෙ හිල් කරලා හුලං ඇරපු හින්දා මං උගෙ වාහෙනෙ සයිට් කණ්ණාඩියත් කුඩු කරා…………….”

“ඔයාටත් එක විදියක ඉන්න බෑනෙ. පණ්ඩිතකම් කරන්න යනවා.ඒත් මේ වෙච්චි දේට නිකන්ම ඉන්න බෑ ශනූ. මූව හොයාගෙන රිටන් එක දෙන්නම ඕනි.කිසිම බයක් සැකක් නැතුව මේ වගේ තුවාලයක් කරන්න තරම් ඒ මිනිහා කව්ද?මේක හොයාගන්නම ඕනි…………….”😡😡

කේසර ගැන දේවිකා ආන්ටිට මොකුත්ම කියන්න බෑ.එහෙම වුනොත් දේවිකා ආන්ටි ඒ ගැන අප්පච්චිටත් කියයි.ඊට පස්සෙ ලොකු ප්‍රශ්නයක් වෙයි.කේසරගෙ සල්ලියි බලයයි හින්දා ඌ මගෙ ජීවිතේ වුනත් නැති කරයි.

“මැහුම් කීයක් දැම්මද තුවාලෙට?……………..”

“දහ තුනක් දැම්මා.ඉන්න බෑ අප්පා රිදෙනවා අනේ.හරිම අමාරුයි.දවස් කීයක් හොස්පිටල් එකේ ඉන්න වෙයිද දන්නෑ………………”

“ඔයා මොකුත් කෑවෙ නැද්ද තාම?………………..”

“ඉඳි ආප්ප වගයක් කෑවා හවස.දැන් නම් බඩගිනියි අප්පා……………….”

දේවිකා ඇන්ටි බෑග් එක ඇරලා ඒකෙ තිබුනු පාර්සලයක් එළියට ගත්තා. ඒකෙ තිබුනෙ රයිස්.ඒකටම සෝස් දාලා දේවිකා ඇන්ටි මට කැව්වා.තිබුනු බඩගින්න නිසා මං ඒ සේරම ටික කෑවා.

“ඔයා දැන් යන්න ඇන්ටි.දැන් දහයටත් කිට්ටුයිනෙ.අප්පච්චිට හිමීට මේ ගැන කියන්න.ගොඩාක් ලොකුවට කියන්නත් එපා……………….”

“හ්ම්ම්.මං කියන්නම්.ඔෆිස් එකට කෝල් කරාද?…………………”

“එයාලා ට්‍රිප් එකක් ගිහිල්ලනෙ.හෙට උදේට කෝල් කරලා මෙඩිකල් එකක් යවනවා………………..”

“මාසයක්වත් යනකල් ඔෆිස් යන්න එපා.ඔයාට ගොඩාක් අමාරුයිනෙ……………….”

“ඒක තමයි කොච්චර කාලයක් ගෙදර ඉන්න වෙයිද දන්නෑ………………..”

දේවිකා ආන්ටි ගියාට පස්සෙ මට නින්ද ගියා.වේදනාවයි කැක්කුමයි නිසා මට නින්ද යද්දී රෑ දොළහත් පහු වෙලා තිබුනා.


දින දෙකතුනක් ගෙවිලා ගියා.තාම මගෙ ටිකට් කැපුවෙ නෑ.දවස් දෙකෙකට සැරයක් තුවාලෙට බෙහෙත් දානවා.බෙහෙත් දාන වෙලාවට නම් ඒ දැනෙන වේදනාව කොහෙත්ම දරා ගන්න බෑ.නර්ස්ලා තුන් දෙනෙක් ඇවිත් මගෙ අත් දෙකයි කකුල් දෙකයි තද කරලා අල්ල ගන්නවා.බෙහෙත් දාන්න බැන්ඩේජ් එක ගලවද්දී නම් කැක්කුමක් දැනෙන්නෙ නෑ.අලෝලා තියන ප්ලාස්ටර් ගලවද්දී නම් දෙයියො බුදුන් සිහි වෙනවා.ඒ වෙලාවට හොස්පිටල් එක දෙවනත් වෙන්න තරම් හයියෙන් කෑ ගහනවා.හරියකට ඇඳුමක්වත් ඇඳ ගන්න බෑ.ටී ෂර්ට් එකක් ඇඳ ගන්න අත් දෙක උස්සද්දී පාත් කරද්දීත් තුවාලෙ කැක්කුමක් දැනෙනවා.ගොඩාක් වෙලාවට මං උඩට ඇඳුමක් අඳින්නෙ නෑ.සීට් එක බෙල්ල ගාවටම පොරවන් ඉන්නවා.අප්පච්චී ඇවිත් දෙතුන් වතාවක් මාව බැලුවා. ඔෆිස් එකේ යාලුවො සෙට් එකත් මාව බලන්න ආවා.මාසයක නිවාඩුවක් දාලා ඔෆිස් එකට මෙඩිකල් එකක් යැව්වා.

කේසරගේ ප්‍රධානම ගෝලයා වන වික්‍රම් ශනායා ගැන සියලුම තොරතුරු සොයාගෙන තිබුනා.ඔහු දවල් දෙකට පමණ කේසරගේ නිවසට පැමිණියේ එම තොරතුරු තම ප්‍රධානියා හට පැවසීමටයි.

“බොස් මං කෙල්ල ගැන හැම විස්තරයක්ම හොයා ගත්තා……………..”

“ශා…..වෙරි ගුඩ් වික්‍රම්.මොනවද හොයා ගත්තු විස්තර?………………”

“කෙල්ලගෙ නම ශනායා.ඒකි ඉන්නෙ බෝ ගහ හංදියෙ නිවාස සංකීර්ණෙ………………”

“ගෙදර කවුරු කවුරුද ඉන්නෙ?………………”

“අම්මා තාත්තා නම් නෑ.වැඩකාරි විතරයි ගෙදර ඉන්නෙ.දැන් කෙල්ල ඉන්නෙ හොස්පිටල් එකේ……………….”

“යකෝ ඒකි තාම හොස්පිටල් එකේද?……………….”

“ඔව් බොස්.මං ගිහින් හොරෙන් වගේ සර්ච් පාරක් දැම්මා.තුවාලෙට මැහුම් දහතුනක් දාලා.ඒකිට ඇඳුමක්වත් හරියකට ඇඳ ගන්න බෑ.අපි හිතුවට වැඩිය ඒකිට අමාරුයි වගේ.සමහර විට හෙට ටිකට් කපයි………………”

කේසරගේ හිසට අකුණක් වැදුනා සේ දැනුනි.ඇයට එතරම් අමාරුද?මැහුම් දහතුනක් දමන්නට තරම් තුවාලෙ ලොකුද?තමා සිතුවාටත් වඩා තත්වය බරපතළය.ඔහුට මතක් වූයේ තමා එම බෝතල් කට්ටෙන් ඇගේ පපුව හරහා පාරක් ඇද්ද විට ගැලූ රුධිරයෙන් ඇය ඇඳ සිටි සුදු පැහැති ටීෂර්ට් එක ලෙයින් පෙඟුනු හැටියි.ඇයට කෙතරම් වේදනාවක් දැනෙනවා ඇත්ද?දවස තිස්සෙම ඔහුගේ හිතට එම කාරණය වද දුන්නේය.පසුදා උදෙන්ම වික්‍රම් සමඟ රෝහලට පිටත් වූ කේසර ඇය සිටිනා වාට්ටුව දෙසට පියමං කරේය.ඒ වන විට ඇය නිවසට යාමට සූදානම්ව සිටියාය.

“කෝ බේබි මේක ඇඳ ගන්නකො……………..”

“එපා වෙනවා අයිරා නැන්දෙ.ටී ෂර්ට් නම් අඳින්න බෑ.මේ බ්ලව්ස් එක අඳින්නම්………………”

ඒ බල්ව්ස් එක ඇඳලා බට්න් ටික දාගෙන මං අමාරුවෙන් ඇඳෙන් නැගිට්ටා.‍රෙදි ටික බෑග් එකකට දාගත්තු අයිරා ඇන්ටි ඉස්සර වුනා. දේවිකා ආන්ටි මාවත් අල්ලගෙන කාමරෙන් එලියට ආවා.

“ශනූ,මේ ටවල් එකෙන් තුවාලෙ වහගන්න.නැත්නම් හුළං වැදිලා විශබීජ යයි.මං හොස්පිටල් එකේ බිල ගෙවලා එන්නම්.ඔයා එතකල් මේ පුටුවෙන් වාඩි වෙලා ඉන්න……………..”

දේවිකා ආන්ටි රෝස පාට අලුත්ම ටවල් එකක් මගෙ අතට දුනා.මං ළඟ තිබුන් පුටුවෙන් වාඩි වෙලා ඒ ටවල් එක දිගෑරියා.

මේ සියල්ලම දෙස කේසර බලාගෙන හිටියා.බැන්ඩේජ් කර ඇති ශනායාගේ පපුවේ තුවාලෙ දුටු කේසරගේ දෑස් උඩ ගියා.මෙතරම් ලොකුවට තුවාලය සිදු වෙයි කියලා කේසර හිතුවෙ නෑ.ඔහු ශනායා දෙස බලා සිටියත් ශනායා ඔහුව දැක්කෙ නෑ.කළු පැහැති සන්ග්ලාස් පැළඳ සිටි නිසා ශනායාට ඔහුව අඳුර ගන්න පුලුවන් කමක් තිබුනෙ නෑ.

අත රැඳි තුවායෙන් තම පපුව ආවරණය කර ගත් ශනායා හිමින් සීරුවෙ පුටුවෙන් නැගිට්ටා.

“හරිද ඇන්ටි?…………….”

“මාර වැඩේනෙ ශනායා.හොස්පිටල් එකේ බිල කවුරුහරි ගෙවලනෙ.මං දැන් එතෙන්ට ගිහින් බිල ගෙවන්න අහනකොට ඒ මනුස්සයා කිව්වා කව්ද මහත්තයෙක් දැන් විනාඩි විස්සකට විතර කලින් ඇවිල්ලා බිල ගෙව්වලු…………….”

“එහෙනම් අප්පච්චි ගෙවන්න ඇත්තෙ ආන්ටි…………….”.

“අප්පච්චි වෙන්න බෑ ශනූ.එයා කටුනායක ගියා උදේ පාන්දරින්ම……………”

“එහෙනම් මොකක් හරි වැරදීමක් වෙලා ඇති හොස්පිටල් එකට…………….”

“වැරදීමක් නෙවෙයි ශනූ.මට බිලත් පෙන්නුවා.දැන් විනාඩි විස්සකට කලින් බිල ගෙවලා තියෙන්නෙ……………..”

“දෙයියනේ අනුන්ගෙ ලක්ෂ ගානක හොස්පිටල් බිලක් ගෙව්වෙ කව්ද?මට නම් හිතා ගන්න බෑ……………..”

“දැන් කමක් නෑ.ඒත් අපිට මේ ගැන නොහිතාත් බෑ.රුපියල් දෙතුන් දාහක් නෙවෙයිනෙ.ලක්ෂ ගානක් අනුන් වෙනුවෙන් දෙන්නෙ කව්ද?අනිවාර්යෙන්ම මිනිහා කෝටිපතියෙක් වෙන්න ඇති…………….”

“අපි පස්සෙ හොයා ගම්මු ඇන්ටි කව්ද බිල ගෙව්වෙ කියලා.දැන් ගෙදර යමු. මට නම් ඇති වෙලා තියෙන්නෙ මේ දවස් ටිකේම හොස්පිටල් එකේ ඉඳලා…………….”

ශනායාට හොරෙන් හොස්පිටල් එකේ බිල ගෙව්වේ කේසර බව ඇය නොදනී. සතියකට පමණ පෙර මේ සිද්ද වුන් සිදු වීම කේසරගේ සිතට වදයක් විය.ඔහු නිවසට පැමිණත් කල්පනා කරේ ශනායා ගැනය.

ඇයි මට මේකම මතක් වෙන්නෙ?මට රිද්දපු මට පාඩුවක් කරපු කිසිම කෙනෙක්ව මං ලේසියෙන් අතෑරලා නෑ. මගේ පලිය මං කොහොම හරි ගත්තා. ඒත් කෙල්ලෙකුට මෙහෙම දෙයක් වෙච්චි පළවෙනි පාර.


“බේබි දවල් වෙලා උණු වතුරෙන් නාමු. කාලා ඉවර වෙලා මේ බේත් ටික බොන්න.ඇඳටම වෙලා ඉන්න බේබි. ඇවිදින්න එහෙම එපා තුවාලෙ පෑරෙයි……………..”

“ඇඳටම වෙලා ඉන්න ගියාමත් එපා වෙනවා අයිරා ඇන්ටි.අනේ කොහොම දුවලා පැනලාද මං හිටියෙ……………..”

“දුක් වෙන්න එපා බේබි.මාසයක් විතර යද්දි බේබිට හොඳටම සනීප වෙයි……………..”

හොස්පිටල් එකේ හිටපු දින කිහිපය මගේ මතකයට නැගුනා.අප්පච්චිට කෝල් කරලා ඇහුවත් එයා නෙවෙයි කිව්වා බිල ගෙව්වෙ.දේවිකා ආන්ටිත් නෙවෙයි නම් අප්පච්චිත් නෙවෙයි නම් කව්ද බිල ගෙව්වෙ?ඒ ගැන සිතද්දී එක්වරම මගේ මතකයට නැගුනේ කේසරව.නෑ නෑ ඌ වෙන්න බෑ හොස්පිටල් එකේ බිල ගෙව්වෙ. තරහෙන් පුපුර පුපුර ඉඳලා මාව මෙහෙම තුවාල කරලා ඌ ගෙවයිද බිල?මටත් පිස්සුනෙ මේ විකාර හිතන්නෙ.ආ……සමහර විට ඔෆිස් එකෙන් ගෙව්වද දන්නෑ බිල🤔🤔ඒත් පනස්දාහක පඩියක් ගන්න මං වෙනුවෙන් ලක්ෂ ගානක බිලක් ගෙවයිද?මං එතන වැඩට ගිහින් තාම මාස දහයයිනෙ.

ශනායා සිටි මහල් නිවාස සංකීර්ණයේ එක් සුබෝපබෝගී නිවසක් කේසර විසින් කුලියට ගනු ලැබීය.ඒ මාස දෙකක කාල සීමාවක් සඳහාය.එම නිවස ඇත්තේ ශනායා සිටින සිටින නිවස අබියසමය.එහෙත් කේසර එම නිවස කුලියට ගත් බව ශනායා නොදනී.

“අයිරා ඇන්ටී ඔයා වැඩක්ද?…………….”

“නෑ බේබි.මං මේ සාලෙ අතු ගගා හිටියෙ.බේබිට මොනවහරි ඕනිද?……………..”

“ඇන්ටි දවල්ට ටව්න් ගියාම යෝගට් පානය බෝතල් දෙකතුනක් අරන් එන්නකො.බිස්කට් මොනවහරිත් එක්ක………………..”

“හා බේබි.ටව්න් යන්න ඕනි දෙකට විතර.එළවළු එහෙම අරන් එන්න. ගෙදර සේරම ඉවරයිනෙ……………..”

නිවාස සංකීර්ණයේ තමා මිලදී ගත් නිවසට පැමිණි කේසර කාමරේ තුලට ගොස් ඇඳෙන් වාඩි වී විවේකයෙන් උන්නාය.ඔහු මේ නිවස කුලියට ගත්තේ ශනායා බැලීමටය.මාස දෙකකට ගත් නිසා අදම ශනායා සිටින නිවස කුමක්දැයි සොයා ගත යුතුය. කේසර මෙම නිවසට පැමිණියේ වික්‍රම් සහ රොනාල් සමඟය.

“බොස් කෙල්ල ඉන්නෙ අර ඉස්සරහ ගෙදර.බොස් දැන්මම යනවද?………………”

“දවල් වෙලා යන්න ඕනි.දැන්මම බෑ.උඹ ටව්න් එකට ගිහින් ඔය මොනවා හරි අරන් වරෙන් ඒකිට ගෙනියන්න…………………”

“මොනවගේ දේවල්ද බොස්?විස්කිද?………………”

“උඹට පිස්සුද යකෝ?ඒකි විස්කි බොනවද?කන බොන ජාති මොනවා හරි අරන් වරෙන්.අපිට හවසට සෙට් වෙන්න බෝතල් දෙක තුනකුත් අරන් වරෙන්……………….”

“ඕකේ බොස්.මං දැන්මම අරන් එන්නම්…………………”

වික්‍රම් පැමිණි පසු ඔහු රැගෙන ආ බඩු කිහිපයක් බෑගයකට දමා ගත් කේසර දොරත් ඇරගෙන එලියට ආවා. කොරිඩෝව දිගේ මදක් ඉස්සරහට ගොස් ශනායා සිටින නිවසට ඔහු ඇතුල් වී දොරට තට්ටු කරා.

“මහත්තයා කව්ද?……………….”

අයිරා කේසර ගැන දැනගෙන සිටියත් ඇය කේසරව අඳුරන්නේ නැත. අඳුරනවා නම් ඇය පුදුමයෙන් පුදුමයට පත් වෙයි.

“ආන්ටී,ශනායා ගෙදර ඉන්නවද?……………..”

“ආ මේ අපේ ශනූ බේබිගෙ යාලුවෙක්ද? බේබි වැඩ කරන ඔෆිස් එකේ කෙනෙක් වෙන්න ඇති………………”

“ඔව් ආන්ටි……………….”

“එන්න මහත්තයා ගේ ඇතුළට.බේබිට තාම සනීපයක් නෑ.ඇඳෙන් බහින්නවත් එපා කියලා ඩොක්ටර් කිව්වෙ.බේබි උඩ කාමරෙ ඉන්නවා.මහත්තයා යන්නකො.මං බොන්න මොනවහරි හදාගෙන එන්නම්…………………”

එසේ පවසා ඇය මුළුතැන්ගෙට ගිය අතර පඩිපෙළ නැගි කේසර ශනායාගේ කාමරය අසළට ගියා.දොර රෙද්ද මදක් මෑත් කෙරූ කේසර ශනායා දෙස බැලුවා.ඇඳ වියලට හේත්තු වී සිටි ඇය සිටියේ පොතක් කියවමින්.පොරෝනය පපුව දෙසටම ඇදගෙන සිටි ඇයගේ උඩුකය නිරුවත්.

තුවාලෙ නිසා ඇඳුමක් අඳින්නත් අමාරු ඇති.පව් ශනායා.මට මීට වඩා ටිකක් හිතන්න තිබුනා.

තම මව නිසා ගැහැණුන් පෙනෙන්නට බැරි වූ කේසරට මේ සිදු වී ඇති දෙය කුමක්ද?කව්දාවත් ඔහුට මෙවැනි දෙයක් සිදු වී නෑ.තමා කාට රිද්දුවත් ඔහු ඒ කිසිම කෙනෙක් පසුපස මෙලෙස ගොස් නෑ.ඒත් ශනායා ගැන ඔහුගේ සිතට ඇති වූ හැඟීම ඔහුවත් සිතා ගැනීමට නොහැකි වුනා.එය ප්‍රේමයක්ද?එසේත් නැතිනම් අනුකම්පාවක්ද?

දොරට තට්ටු කල කේසර ශනායාට කතා කරා.

“කව්ද?……………….”

“මං එන්නද ඇතුලට?………………..”

“එන්න……………….”

ඔෆිස් එකේ යාලුවෙක් වෙන්න ඇති කියලා හිතලා මං ඒ ආපු කෙනාට කාමරේ ඇතුලට එන්න කිව්වා.පොත පැත්තකින් තියලා සීට් එක බෙල්ල ගාවටම පොරව ගත්තා.ඔලුව උස්සලා ආපු කෙනා කව්ද කියලා බලද්දී මට දෙයියො සිහි වුනා.

දෙයියනේ කේසර😱😱මෙයා ඇයි මෙහෙ ආවෙ?අනේ දෙයියනේ😭😭

“මෙ…..මේ…..තමුන් මොකටද මෙහෙ ආවෙ?………………”

“ප්ලීස් මිස් ශනායා.අයැම් වෙරි සොරි. වෙච්චි දේට මට සමාවෙන්න.ඔයාට සොරි කියන්නයි මං ආවෙ…………………”

“සමාව?ආ තමුන් එහෙම වචනෙකුත් දන්නවද?තමුසෙලා වගේ බලපුලුවන්කාර මිනිස්සුන්ට කවදාවත් නීතියක් ක්‍රියාත්මක වෙන්නෑ.ඒ හින්දයි නං මං තමුන් ගැන පොලීසියට නොගියෙ.නැත්නම් තමුසෙට බය වෙලා නෙවෙයි මිස්ටර් කේසර.තමුසෙ මනුස්සයෙක් නෙවෙයි තිරිසනෙක්. කිසිම මනුස්සයෙකුට බෑ තවත් මනුස්සයෙකුගෙ ඇඟේ ලේ හොල්ලන්න මේ විදියට.කරුණාකරලා යනවා යන්න මෙතනින්…………….”😠😠

ශනායාගේ වදන් හමුවේ කේසරගේ සිතට ඇය ගැන කෝපයක් දැනුනත් එම කෝපය සඟවාගෙන ඔහු ඇගේ නිවසෙන් ඔහුගේ නිවසට පැමිණියා.මද වේලාවකින් අයිරා බීම බන්දේසියකුත් රැගෙන ශනායා සිටි කාමරේට ආවා.

“අර මහත්තයා කෝ බේබි?……………..”

“ඌ ගියා අයිරා ඇන්ටි………………”

“ඌ??ඒ බේබිගෙ යාලුවෙක් නෙවෙයිද?…………….”

“මාව තුවාල කරේ ඒ මිනිහා තමයි. අයිරා ඇන්ටිට ඌව අඳුරගන්න බැරි වුනානෙ.ඌ තමයි කේසර රන්දිව් කියන්නෙ……………..”

“හත් දෙයියනේ😱😱අර ඇමතිගෙ පුතා නේද?ඒ මිනිහාද බේබිව තුවාල කරේ? ඇයි බේබි පොලීසියට කිව්වෙ නැත්තෙ? බේබි ඇයි බොරු කිව්වෙ ඒ මිනිහව අඳුරන්නෙ නෑ කියලා?……………..”

“පොලීසියට කිව්වා කියලා මොනවා කරන්නද අයිරා ඇන්ටි?ඌව කූඩුවට දායිද?ඌට දඬුවම් ලැබෙයිද?අන්තිමට සිද්ද වෙන්නෙ අපේ ජීවිත අනතුරේ වැටෙන එක විතරයි.මේ ගැන කාටවත්ම කියන්න එපා……………..”

“හා බේබි.ඒත් බේබි පරිස්සමින් ඉන්න. ඒ මනුස්සයා ඉන්නෙ ඉස්සරහ ගෙදර……………”

මතු සම්බන්දයි