“බේබිට මං තේ එකක් හදාගෙන එන්නද? නැත්නම් කූල් මොනවහරි බොනවද?………………”
“තේ එපා ඇන්ටි.කූල් මොනවා හරි හදාගෙන එන්නකො.තිබහයි ගොඩාක්. හෙට ආපහු වැඩට යන්නත් ඕනිනෙ. කම්මැලියි වගේ……………..”
“දවස් තුනක්ම ගෙදර හිටියනෙ.ඒකයි ඔය කම්මැලි කමක් දැනෙන්නෙ……………”
“ඒක තමා අප්පා……………”
අයිරා ආන්ටි සාදා කොමඩු ජූස් එක බොන අතරේ බැල්කනියට වී පහල බලා සිටියෙමි.නිවාස සංකීර්ණය ඉදිරිපිට පාරෙන් එහා පැත්තෙ ඇති විශාලා පිට්ටනියේ ඊයේ දේශපාලකයෙකුගේ රැස්වීමක් තිබුනි. පිට්ටනියේ තැනින් තැන ඇති රොඩු කුණු නගර සභාවේ සේවකයින් විසින් අතු ගා දමයි.
කම්මැලිකමක් දැනුනු නිසාවෙන් මා සාලෙට ගොස් රූපවාහිනී යන්ත්‍රය දමාගෙන එහි විකාශනය වන සිංහල චිත්‍රපටයක් නැරඹුවෙමි.එහි සිටින්නේ ටෙනිසන් කුරේය.විහිළු තහළු වලින් පිරී ඇති එය මා නැරඹුවේ සිනහවෙනි.මද වේලාවකින් අයිරා ආන්ටිත් පැමිණ චිත්‍රපටිය බැලුවා.
“අනේ මරු චිත්‍රපටිය බේබි……………….”
“ඒක තමයි අයිරා ඇන්ටි.අපි ඩීවිඩී ප්ලේයර් එකක් ගත්තා නම් නිකන් ඉන්න වෙලාවට අපිට චිත්‍රපටි බලන්න පුලුවන්………………”
“බේබිගෙ අත සීරිලා ඇයි?………………”
“ආ මේ මං එදා අප්පච්චි බලලා එද්දී වාහනේක හැප්පුනා……………..”
කිසිම ගානක් නැතුව වගේ මං එහෙම කියද්දී අයිරා ඇන්ටි බය වුනා.
“අනේ දෙයියනේ බේබි වාහනේක හැප්පුනාද?………………”😳
“බය වෙන්න එපා අයිරා ඇන්ටි.මට මොකුත් වුනේ නෑ.අත පොඩ්ඩක් සීරුනා විතරයි.වැරැද්ද ඒ ඩ්‍රයිවර්ගෙ වුනත් උනත් ඌ බැන්නෙ මට.මං උගෙ වාහනේ සයිට් කණ්ණාඩිය කුඩු වෙන්න දුන්නා හොඳ ගල් පාරක්.ඊට පස්සෙ හොඳවයින් දෙකක් කියලයි මං එතනින් ආවෙ………………”
“අම්මේ……..මං හොඳටම බය වුනා බේබිව වාහනේකට හැප්පුනා කිව්වම……………..”
“ශනූ අක්කී……වොලිබෝල් ගහන්න යමුද බීච් එකට…………….”
උඩහ තුන් වෙනි තට්ටුවෙ ඉන්න පොඩි ළමයි කට්ටියක් ඇවිත් මට බීච් එකේ වොලි බෝල් ගහන්න යන්න කතා කරා. මීට කලිනුත් සතියකට සැරයක් විතර අපි යනවා බීච් එකේ වොලි බෝල් ගහලා සෙල්ලම් කරන්න.
“ඔහොම ඉන්නකෝ මං ලෑස්ති වෙලා එන්නම්…………….”
“අපි පහළට යන්නම්.අක්කි ලෑස්ති වෙලා එන්න……………..”
නිල් පාට බොටමකට සුදු පාට ටී ෂර්ට් එකක් ඇන්දා.කොන්ඩයක් මුදුනට වෙන්න බැඳලා බෑන්ඩ් එකක් දැම්මා. ෆෝන් එකයි පර්ස් එකයි සාක්කුවට දාගෙන මං අයිරා ආන්ටිටත් කියලා පල්ලෙහාට ආවා.
“හරි යමු……………”
මාත් එක්ක වොලි බෝල් ගහන්ම හය දෙනෙක් හිටියා.අපේ නිවාස සංකීර්ණයේ ඉඳන් මුහුදු වෙරළට පයින් යන්න ගත වෙන්නෙ විනාඩි පහලවක් වගේ පොඩි කාලයක්.සතියෙ දවසක් නිසා මුහුදු වෙරලෙ එච්චර සෙනඟ හිටියෙත් නෑ.අපි ටිකක් එහාට ගිහිල්ලා සෙල්ලම් කරා.නිවාස සංකීර්ණයෙ ඉන්න ළමයි නිවාඩු දවස් වල මේ මුහුදු වෙරළට ඇවිත් සෙල්ලම් කරන සාමාන්‍ය දෙයක්.අපි වොලිබෝල් ගහලා දුවලා පැනලා සෙල්ලම් කරා.
වැල්ලෙ වැටි වැටි දුවමින් නැටුවා.අපිට ටිකක් එහා පැත්තට වෙන්න ජීප් එකක් නතර කරලා තිබ්බා.ඒ හරියෙ තවත් වාහන දෙක තුනක්ම නතර කරලා තිබුනා.අර ජීප් එක මට හොඳට දැකලා පුරුදු ගතියක් දැනුනා.ටිකක් කල්පනා කරද්දියි මට මතක් වුනේ එදා මාව හැප්පිලා සයිට් කණ්ණාඩිය කුඩු වෙන්න ගල් පාරක් දුන්නෙ මේ ජීප් එකට නේද කියලා.
මං ඒ දෙස නොබලා වොලි බෝලයත් රැගෙන සෙල්ලම් කරා.
එම ජීප් රථයේ ඉදිරිපස අසුනේ වාඩි වී සිටින කේසරගේ උකුසු ඇස් ශනායා වෙතට යොමුව තිබුනා.ඉනෙන් මදක් පහලට ඇති කොණ්ඩයත් මනා රූ සපුවකින් යුතු ඇගේ රුව දුටු ඔහුගේ සිත මොහොතකට ගැස්සුනා කිව්වොත් හරියටම හරි.කුඩා ළමුන් පිරිවරාගෙන වොලි බෝලයක් රැගෙන ඇය දුවමින් පනිමින් සෙල්ලම් සෙල්ලම් කරන අයුරු ඔහු බලා සිටියා.වාහනයේ දොර ඇරගෙන බියර් වීදුරුවත් රැගෙන ඔහු එලියට පැමිණ ජීප් රථයට දකුණත තබාගෙන එම බියර් වීදුරුව තොල ගෑවා.කොට කලිසමක් හා අත් රහිත බැනියමක් ඇඳ සිටි කේසර ඉතාම කඩවසම් සොඳුරු දේහධාරී පුද්ගලයෙකි.ඔහුගේ නෙත් ශනායාගේ රුවින් මදක්වත් ඉවතට ගත්තේ නැත.
“අනේ ශනූ අක්කී මෙහාට එවන්න බෝලෙ.අක්කී මෙහාට එවන්න……………..”
එසේ පවසමින් ළමයින් පිරිස උඩ පනිමින් කෑ ගැසුවා.බෝලය උඩ දැමූ ශනායා දෑත් මිට මොලවා එයට පහරක් එල්ල කරා.උඩින් විසි වී ගිය බෝලය කේසරගේ උරහිසෙහි වැදුනා.ඔහු පානය කරමින් උන් බියර් වීදුරුව ඔහුගේ ඇඟටම හැලුනා.කෑ ගසමින් උන් ළමයි සියල්ලම මීයට පිම්බාක් මෙන් නිහඬ වුනා.
“දෙයියනේ මේ අර කේසර රන්දිව් නේද?……………….”
“අනේ අක්කෙ ඔයා ගිහින් බෝලෙ අරන් එන්නකො.ඒ අංකල් අපිට බනීද දන්නෑ………………”
“ඔයාලා බය වෙන්න එපා.මං බෝලෙ අරන් එන්නම්……………..”
සසිඳු මල්ලිගේ ඔලුව අතගාලා මං හිමිහිට ඒ බෝලෙ ගන්න ජීප් එක ළඟට ගියා.කේසර හිටියෙ කේන්තියෙන්.ඇඟට වැටුනු බියර් ටික පිහදාගත්තු කේසර ජීප් එක ගාවට වැටුනු වොලිබෝලෙ අතට ගත්තා.
“අයැම් වෙරි සොරි.වැරදීමක් වුනේ මිස්ටර්.අපේ බෝලෙ දෙනවද?………………”
මං වැරැද්දට සමාව අරගෙන බෝලෙ ඉල්ලුවා.මං දිහා ටිකක් වෙලා බලාගෙන හිටපු කේසර බියර් බෝතලෙන් ටිකක් වීදුරුවකට දැම්මා. මේ මනුස්සයට පිස්සුද මන්දා.බෝලෙ අතේ තියාගෙන නොදී ඉන්නෙ.මං සමාවත් ඉල්ලුවනෙ දැන්.
“ප්ලීස්,අපේ බෝලෙ දෙනවද?…………….”
මං ආයෙමත් ඒ මනුස්සයගෙන් බෝලෙ ඉල්ලුවා.ඒත් දුන්නෙ නෑ.මට නම් දැන් කේන්තියිත් එක්ක.
“බොස්……එදා මේ ජීප් එකේ කණ්ණාඩියට ගලකින් ගැහුවෙ මේ කෙල්ල තමයි………………”
කේසර ළඟට ආපු අර මනුස්සයා එහෙම කිව්වා.මට බයකුත් දැනුනා. මාත් එක්ක සෙල්ලම් කරපු ළමයි පස් දෙනා නිශ්ශබ්දව අපි දිහා බලාගෙන ඉන්නවා.අතට ගත්තු බියර් වීදුරුව කේසර මගේ ඇඟට හැලුවා.මට දැනුනේ පුදුම කේන්තියක්.අතේ තිබුනු බෝලෙ හිල් කරලා හුලං ඇරපු කේසර ඒකෙන් මගෙ මූණට දමලා ගැහුවා.
“අනේ අක්කෙ අපි යමු…………….”
ළමයි ටික බය වෙලා මගෙ අතින් ඇද්දා. ඒත් මං බය වුනේ නෑ.මේ කරපු දේට මූට පාඩමක් උගන්නන්නම ඕනි.කේසර ළඟටම ගිහින් බියර් බෝතලේ අරන් උගෙ ඔලුවෙ හලලා ඒ බෝතලෙන්ම ජීප් එකේ සයිට් කණ්ණාඩිය කුඩු වෙන්නම දමලා ගැහුවා.කේසරට පුදුම වෙන්න ඇති මං ඒ වගේ වැඩක් කරාට.මං ගාව හිටපු ළමයි සෙට් එක බය වෙලා දුවගෙන ගියා.
“තොට කොහෙන්ද යකෝ මෙච්චර හයියක්?මගේ වාහනේ කුඩු කරන්න.උඹ දන්නවද මං කව්ද කියලා. මේ කරපු දේට මං උඹට හොඳ පාඩමක් උගන්නනවා බලා ගනින්…………..”😡😡
කේසර එහෙම කියද්දී උගෙ ආරක්ෂක භටයො තුන් හතර දෙනෙක් මාව වට කර ගත්තා.මගෙ බිය දෙගුණ තෙගුණ වුනා.පපුවත් ගැහෙන්න අරන් දාඩියත් දැම්මා.මං කුඩු කරපු බියර් බෝතලේ අරන් කේසර මං ගාවට කිට්ටු වුනා. අනේ දෙයියනේ මූ මට මේකෙන් ඇනලා මරයිද?
මං කෑ ගහගෙන දුවන්න හදනකොටම කේසරගේ ආරක්ෂක භටයන් මාව අල්ල ගත්තා.මට මොකුත්ම කර ගන්න බැරි වුනා.උන් දෙන්නෙක් මගෙ අත් දෙකෙන් තද කරලා අල්ල ගත්තා.මරනාසන්න බියක් මගෙ හිතට ඇතුල් වුනා.මගේ කම්මුල් පුරා කඳුලු ගලාගෙන ගියා.කේසර අඩියෙන් අඩිය මට ලං වුනා.
“අනේ මට මොකුත් කරන්න එපා.ප්ලීස් මට යන්න දෙන්න.මගෙන් වෙච්චි වරදට මට සමාව දෙන්න.කණ්ණාඩියෙ අලාභෙ මං ගෙවන්නම්.අනේ මාව මරන්න එපා…………………”😭😭
වරද කේසරගෙ අතේ වුනත් මං සමාව ඉල්ලුවා.මං ගාවට කිට්ටු වුනු කේසර මගෙ ටී ෂර්ට් එක පල්ලෙහාට ඇදලා ඒ කුඩු වෙච්චි බෝතල් කටුවෙන් මගෙ පපුව හරහා තද කරලා ඇද්දා.මට තරු විසික් වුනා.සුදු පාට ටී ෂර්ට් එක රතු පාට ලෙයින් පෙඟෙද්දී මං ඒ වේදනාවට යටි ගිරියෙන් කෑ ගහලා ඇඬුවා. ආරක්ෂක භටයො දෙන්නා මාව අතෑරියා.
කේසර උන් කට්ටියත් එක්ක වාහනේට නැගලා ගියා.පපුවත් අල්ලගෙන මං කෑ ගහගෙන වැල්ලෙ දිගේ දුවලා ගියා.මාව දැකපු මිනිස්සු බය වුනා.ඒ අය හිතුවෙ කවුරුහරි කෙනෙක් මට පිහියකින් ඇනලා කියලා.ඉවසගන්න බැරි තරම් වේදනාවක් පපුවෙන් දැනුනෙ.වේදනාව වැඩි කමට මාව එහෙම්මම වැල්ලෙ ඇදගෙන වැටුනා.මාත් එක්ක සෙල්ලම් කරපු ළමයි කිහිප දෙනාගෙ දෙමව්පියොයි අයිරා නැන්දයි වැල්ල දිගේ දුවගෙන එනවා මං ඈතට දැක්කා.මං කෑ ගහද්දී වටේපිටේ හිටපු දෙතුන් දෙනෙක් මාව අල්ලලා නැගිට්ටවලා හොස්පිටල් එකට එක්කන් යන්න ලෑස්ති වුනා.
“අනේ පුංචි බේබි,ඔයාට මොකද වුනේ?අනේ දෙයියනේ මොකක්ද මේ වෙච්චි අපරාධෙ?…………..”😥😥
අයිරා ඇන්ටි විලාප තිය තියා ඇඬුවා. මාව පාරෙ ගිය ත්‍රීවිලර් එකකට ගොඩ කරගෙන අයිරා ඇන්ටියි තවත් ගෑණු කෙනෙකුයි හොස්පිටල් එකට ආවා.
හොස්පිටල් එකට එන අතරතුර මට සිහිය නැති වෙලා තිබුනා.ආපහු මට සිහිය එද්දී මගෙ තුවාලෙ වීදුරු කටු අයින් කරලා මැහුම් දාලා බෙහෙත් දාලාත් තිබුනා.තුවාලෙන් දැනුනු වේදනාව මං දරා ගත්තෙ බොහොම අමාරුවෙන්.මගෙ ටී ෂර්ට් එක ලෙයින්ම නෑවිලා තිබුනා.
“අපිට කියන්න කව්ද ඔයාට මේ වගේ ලොකු තුවාලයක් කරේ?…………….”
රෝහල් පොලීසියෙන් මගෙන් එහෙම විමසුවා.මං කේසර ගැන ඇත්ත කිව්වා කියලා ඌව හිරේ යවන්නෑනෙ.රජයේ ප්‍රබල ඇමති කෙනෙක්ගෙ පුතෙක්.ඒ විතරක් නෙවෙයි රටේ නම ගිය ප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරිකයෙක්.කේසරව පොලීසිට අල්ලලා දුන්නොත් ඌ මාව මරයි.දැනටමත් ඌ මං ඉන්න තැන හොයාගෙන ඇති.ඒ හින්දා මං පොලීසියට කිව්වෙ ඒ මිනිහාව අඳුරන්නෙ නෑ කියලයි.පොලීසිය මං කියපුවා විශ්වාස කරා.
“අයිරා ඇන්ටි,අප්පච්චිටවත් අම්මටවත් දේවිකා ආන්ටිටවත් මොකුත්ම කියන්න එපා……………”
“හා බේබි.බේබිට මේක කරපු එකාගෙ කකුල් දෙකම කැඩෙන්න ඕනි…………..”😡😡
ඊලඟ කොටසින් හමුවෙන තුරු විරාමයක්