ඊයෙ රෑ ගෙදර එන්න හැදුවෙ.මග ලොකු ට්‍රැෆික් එකක් තිබුනා.ගහක් කඩන් වැටිලා.වැස්සත් වැස්සා ලොකුවටම.යාලුවෙකුගෙ ගෙදර ඉඳලා අද ආවෙ………….”
ගිම්හාන් මහත්තයා ඉරේෂා නෝනට වෙච්චි දේ කෙටියෙන් කිව්වා.
“එතකොට ඔයාලා දෙන්නා තනියෙමද යාලුව ගෙදර හිටියෙ?………….”
“නෑ අප්පා.ඌයි උගෙ ගෑණියි ළමයයිත් හිටියා…………”
අනේ දෙයියනේ ඉරේෂා නෝනා මායි ගිම්හාන් මහත්තයයි ගැන වැරදියට හිතයිද?එයාලා දෙන්නා මං හින්දා රණ්ඩු වෙයිද?මට ඒ ගැන බයකුත් දැනුනා.එයාලා දෙන්නා කතා කර කර ඉන්න අතරේ මං කාමරේට ආවා.ඇඳුම් මාරු කරගෙන ඔලුව පීරලා කොණ්ඩෙ ගුලියකට ගැට ගහ ගත්තා.විනාඩි දහයක් විතර යනකොට ඉරේෂා නෝනා මගේ කාමරේට ආවා.
“නෝනා ඇයි?එන්න…………..”
ඉරේෂා නෝනට තිබුනේ මං හිතුවාටත් වඩා වෙනස්ම ගතිගුණ.එයා හරිම අහිංසකයි.ගිම්හාන් මහත්තා ඉරේෂා නෝනගෙ හිත රිද්දනවා.පව් ඉරේෂා නෝනා.
“සමනලී මං ඔයාගෙන් දෙයක් අහන්න ඔයා මට ඇත්තම කියනවද?………….”
“ඕන දෙයක් අහන්න නෝනා.මං කියන්නම්………….”
“ඔයයි ගිම්හාන්ගෙයි අතර මොකක් හරි සම්බන්දයක් තියනවද?එයා ඔයාගෙන් එහෙම දෙයක් ගැන මොනවාරි ඇහුවද?………….”
“අනේ දෙයියනේ නෝනා මොනවද මේ කියන්නෙ?අපි අතරෙ එහෙම කිසිම සම්බන්දයක් නෑ නෝනා.මං කාත් කවුරුවත් නැති අනාථයෙක්.මගේ තරම දැනගෙනයි මං වැඩ කරන්නෙ. නෝනා ගිම්හාන් මහත්තයව කසාද බඳින්නනෙ ඉන්නෙ………….”
“හැමදාම අපි අතරෙ රණ්ඩු ප්‍රශ්න ඉවරයක් නෑ සමනලී.අපේ ගෙදරින් මට ප්‍රපෝසල් එකක් ගෙනල්ලා…………”
ඉරේෂා නෝනා එයාගෙ ප්‍රශ්න මාත් එක්ක කිව්වා.මට පව් කියලා හිතුණා ඉරේෂා නෝනා ගැන.මේ දේවල් මාත් එක්ක කියන්නෙ මාව එයාට ගොඩාක් විශ්වාස ඇති.
“ඉතින් නෝනා ගිම්හාන් මහත්තයා ගැන නෝනගෙ දෙමව්පියො දන්නැද්ද?…………..”
“දන්නවා සමනලී.අපේ තාත්තා ගිම්හාන් එක්ක වැඩිය හිත හොඳ නෑ. අපේ ගෙදරින් ගිම්හාන්ට වැඩි කැමැත්තක් නෑ.මං කීප වතාවක්ම ගිම්හාන්ට කිව්වා අපි ගෙවල් වලට හොරෙන් මැරි කරමු කියලා.අපේ හඳහන් ගැළපෙන්නෙත් නෑ……….”😭😭
අනේ පව් දෙයියනේ ඉරේෂා නෝනගෙ ඇස් වලට කඳුලුත් පිරුනා.හඳහන් ගැළපෙන්නෙත් නැත්නම් කසාද බඳින්න කලින්ම මෙහෙම ප්‍රශ්න ඇති වෙනවා නම් දෙන්නා කතා බහ කරලා වෙන එකයි හොඳ.ඒත් මට ඒක ඉරේෂා නෝනට කියන්න බෑ.ඒ හිතට මොන තරම් දුකක් දැනෙයිද.ඉරේෂා නෝනගෙ හිත හැදෙන්න එයාට උපදෙස් දෙන්න මට ආදරේ ගැන අත්දැකීම් නෑ.
“ඉතින් නෝනා මොකක්ද ගන්න තීරණේ?ගිම්හාන් මහත්තයත් එක්ක කතා බහ කරලා මොකක් හරි තීරණයක් ගන්න.ඇඬුවා කියලා ප්‍රශ්න විසඳෙන්නෙ නෑනෙ නෝනා………….”
“ප්‍රශ්න විසඳන්න කතා බහ කරත් ඒ කතා බහ අවසන් වෙන්නෙ රණ්ඩුවකින් සමනලී.මං අද ආවෙ එයාගෙ අවසන් තීරණේ දැනගෙන යන්න…………..”😭😭
“ඉතින් ගිම්හාන් මහත්තයා මොකද කියන්නෙ?…………”
“එයා කියනවා මට ගෙදරින් ගෙනාපු ප්‍රපෝසල් එකට කැමති වෙන්නලු.මට කොහොම හරි හිත හදා ගන්නලු………….”😭😭
මට හිතුණා ගිම්හාන් මහත්තයත් එක්ක ඉරේෂා නෝනා ගැන කතා කරන්නත්.ගිම්හාන් මහත්තයට කේන්ති යන හැටියට මට ගුටි කන්න වෙයි එයාලගෙ ප්‍රශ්න වලට ඇඟිලි ගහනවට.
“මට නෝනා හැන හරිම දුකයි.මට පුලුවන් නම් මං නෝනට උදව් කරනවා ගිම්හාන් මහත්තයව කසාද බඳින්න……………”
“ඔයාගෙ ඒ වචනෙටත් ගොඩාක් ස්තූතියි සමනලී.මං කොහොම හරි හිත හදාගන්නවා.එයාට මාව එපා හින්දනෙ එහෙම කිව්වෙ……………”
කඳුලු පිහදාගෙන ඉරේෂා නෝනා එහෙම කිව්වා.එයාගෙ හිත ගොඩාක් ශක්තිමත්.ටිකක් වෙලා මං ගාව ඉඳලා ඉරේෂා නෝනා යන්නම් කියලා ගියා.
රේණුකා නෝනත් ගෙදර නැති නිසා කරන්න කියලා වැඩකුත් නෑ.නෝනා ඉන්න වෙලාවට නම් පාලුවක් නෑ. නෝනා ළඟට මොනවහරි කියෝ කියෝ ඉන්නවා.ඔහේ එක එක දේවල් කියනවා.සමහර වෙලාවල් වල එක දිගට පැය ගනන් රේණුකා නෝනයි මායි එක එක දේවල කතා කරනවා.
කම්මැලි හිතුණ නිසා මං කුස්සියට ගිහින් ප්‍රේමා නැන්දාට රෑට කෑම උයන්න උදව් වුනා.උයලා ඉවර වෙලා ඇවිත් නාගෙන කාමරේට ඇවිත් පත්තරක් කියෙව්වා.ගිම්හාම් මහත්තයා නම් ගෙදර නෑ.රේණුකා නෝනට කෝල් එකක් දීලා බලන්න ආස හිතුනත් මට ෆෝන් එකක් නෑනෙ කෝල් කරන්න.ගෙදර තියන ලෑන්ඩ් ෆෝන් එකෙන් කෝල් එකක් ගන්න හිතුනත් බෑ කියලා හිතුණා.කරන්න වැඩකුත් නැති නිසා මං ටිකක් ඇඳේ ඇලවුනා.
ගිම්හාන් ගෙදර එද්දී හවස හයාමාරට විතර ඇති.සමනලී පේන්න හිටපු නැති නිසා ඔහු ඇගේ කාමරේට ඔලුව දාලා බැලුවා.ඇයට හොඳටම නින්ද ගිහින්. හිමිහිට දොර ඇරලා කාමරේ ඇතුලට ගිහින් ඇගේ මුහුණ දෙසම බලාගෙන හිටියා.ඔහුට අමුතුම ආකාරයේ හැඟීමක් ඇය ගැන ඇති වුනා.ඇයට නොදැනෙන්න ඇගේ නලල මත සිප ගැන්මක් සටහන් කල ඔහු දොර විවෘත කරගෙන එලියට ඇවිත් ඔහුගේ කාමරේට ගියා.
🕣
අපොයි දෙයියනේ මට මෙච්චර වෙලා නින්ද ගිහිල්ලද?රෑ අටහමාරත් වෙලා. නැගිටලා මුහුණ කට හෝදගෙන කුස්සියට ගියා.
“නින්ද ගියා නේද ගොඩාක් වෙලා?…………….”
“අනේ ඔව් නැන්දෙ.දන්නෙම නැතුව ගොඩාක් වෙලා නින්ද ගිහිල්ලා.නැන්දා කෑවද?…………”
“තාම නෑ දුවේ.එන්න දැන් කමු. මහත්තයා නම් කෑවා…………”
රෑට කාලා ඉවර වෙලා කාමරේට ආවත් මට නින්ද ගියේ නෑ.හවස ගොඩාක් වෙලා නින්ද ගියානෙ.බෑග් එකේ තිබුනු නවකතා පොත අරගෙන ඇඳට වෙලා ඒක කියවන්න ගත්තා.අද මෙහෙටත් වහිනවා වගේ.මේ කාලෙ කොහොමත් වහින කාලෙ කියලා ප්‍රේමා නැන්දා කිව්වා.වහින එකත් හොඳයි අප්පා.
රෑ නවයහමාර වෙනකල් මං නවකතා පොත කියෙව්වා.එහෙම ලොකුවට නිදිමතක් දැනුනෙ නැතත් පුදුම සීතලක් දැනුනෙ.ඒ එලියෙ හොඳටම වහින නිසා වෙන්න ඇති.කාමරේ ලයිට් එකත් නිවලා ටේබල් ලෑම්ප් එක ඔන් කරලා සීට් එක පපුව ගාවටම එනකල් පොරව ගත්තා.
ෆෝන් එකත් අරගෙන ඇඳට වැටුනත් ගිම්හාන්ට නින්ද ගියේම නෑ.ඔහුට සිහිපත් වුනේ ගෙවී ගිය පෙරදා රාත්‍රියයි.ඒ රාත්රියේදී ඇයගේ උණුසුමට ගුලි වී තුරුල් වෙලා නිදාගත්තු හැටි ගිම්හාන්ට මතක් වුනා.නින්දෙන් වුවත් සමනලී ඒ වැසි වසිනා රාත්‍රියේ තමාගේ පපු තුරුලේ උණුසුම සොයමින් තමාට තුරුල් වී සිටි අයුරු ඔහුගේ මනසේ ඇඳුනා.දුරකථනයේ තිබුනු ඇගේත් තමාගේත් සෙල්ෆි චායාරූපය දෙස ගිම්හාන් මදක් වෙලා බලා සිටියා.ඇය තමාව බදාගෙන සිටින්නේ කවුරුන් හෝ තමන්ව ඇගෙන් උදුරාගෙන යාවිදෝ කියා බියෙන් මෙනි.මේ වැසි වසිමින් ගිගුරුම් දෙන රාත්‍රියේ ඇගේ තුරුලට වී ඒ උණුසුමේ ගුලි වෙන්න ඔහුට ආසාවක් දැනෙනවා.ඒ හැඟීමට ඉඩ දී ඔහු තමාගේ කාමරේ දොර ඇරගෙන ඇගේ කාමරේ අසලට ගියා. ඇගේ කාමරේ දොරේ අගුල කැරකෙව්වත් ඇය ඇතුලෙන් දොර ලොක් කරලයි තිබුනෙ.
“පිස්සු කෙල්ල.බය වුනාද දන්නෑ රෑට මං එයි කියලා”
එහෙම හිතපු ගිම්හාන් නැවතත් ඔහුගේ කාමරේට ගිහින් නිදා ගත්තා. ඇයව තමාගේ සිතට මෙතරම් වද දෙන්නේ ඇයි?තමාගේ සිතේ ඇය ගැන ආදරයක් ඇති වෙලාද?ගිම්හාන් තමාගේ සිතින්ම ප්‍රශ්න කරා.ඔහුට දැන් හොඳින්ම වැටහෙනවා තමා මේ පුංචි සමනලියට ආදරේ කරන බව.ඇය තමාට වඩා වසර දහතුනක් බාලයි. ඉතිං ඇය තමාට ආදරේ කරාවිද?දිවියේ කෙදිනක හෝ ඇයට තමාට වඩා බාල කඩවසම් පිරිමියෙකු හමු වූවොත් ඇය ඔහු වෙත යාවිද?
නෑ…..මං සමනලීට ආදරෙයි.එයත් මට ආදරේ කරයි.ඒත් දැන්ම සමනලීට මගෙ හිතේ තියන ආදරේ ගැන කියන්න බෑ.එයා බය වෙලා අම්මවයි මාවයි දාලා ගියොත් එහෙම.
සතියකට පසුව👇👇👇
අද තමයි රේණුකා නෝනව වෙද ගෙදර ඉඳන් එක්කන් එන්නෙ.උදෙන්ම මායි ගිම්හාන් මහත්තයයි ලෑස්ති වුනා වෙද ගෙදර යන්න.
“නෝනට කෝල් කරාද මහත්තයා?………….”
“උදේ කතා කරා.ගෙදර එක්කන් එන එක ගැන ශුවර් නෑ හැබැයි……………”
“අනේ ඒ ඇයි?…………….”
“පෙරේදා ඉඳන් අම්මගෙ කකුල් දෙකටම මොනවද මන්දා බෙහෙත් වගයක් බැන්දලු.කෝකටත් අපි ගිහිල්ලම බලමුකො.හැබැයි අම්මා ගෙදර එක්කන් ආවට පස්සෙ තමුසෙට ගොඩාක් මහන්සි වෙන්න වෙයි. අවුරුද්දක්ම බෙහෙත් කරන්න වෙයි කිව්වනෙ අම්මව ඇවිද්දවන්න……………”
“ඒ ගැන සැකයක් හිතන්න එපා මහත්තයා.මං නෝනව හොඳට බලා ගන්නම්.මහත්තයා කිසිම දේකට බය වෙන්න එපා………….”
“මට තමුසෙව විශ්වාසයි…………….”
“මං ඒ විශ්වාසෙ රකිනවා මහත්තයා…………..”
උදේ කෑම අපි මගදි කෑවා.තව පැය දෙක තුනක්වත් යයි වෙද ගෙදරට යන්න.මට නම් නිදිත් මතයි වගේ දැන්.
“මොකෝ තමුසෙ ඈනුම් අරින්නෙ?නිදි මතයි වගේද?…………..”😴
“ටිකක් විතර නිදිමතයි වගේ මහත්තයා…………..”😴
“ඒ මොකෝ නිදිමත?තමුසෙට ඊයෙ රෑ නින්ද ගියේ නැද්ද?කලින් බදාගෙන නිදා ගත්තු කොල්ලෙක්වත් මතක් වුනාද?……………”😁😉😜
“චී……අනේ මහත්තයා ඔහොම බොරු කියන්න එපා……………”
“ඈ…..මං කොහෙද යකෝ බොරු කිව්වෙ?……………”😀😆
“බොරු තමයි කියන්නෙ…………..”☺️😊
අම්මෝ මුගෙ මූණෙ තියන පැණි හිනාව.එදා මාව තුරුල් කරගෙන බදාගෙන නිදාගෙන ඉඳලා දැන් මං එහෙම කරපු සයිස් එකට කියනවා.
“බොරු නෙවෙයි මං කියන්නෙ.ආ මේක බලනවකො………….”
එහෙම කියපු ගිම්හාන් මහත්තයා මට එයාගෙ ෆෝන් එකේ තිබ්බ ෆොටෝ එකක් පෙන්නුවා.🤭🤭අපොයි අම්මේ. ඒ ෆොටෝ එක දැකපු මගෙ ඇස් උඩ ගියා.එදා මං නින්දෙන්ම ගිම්හාන් මහත්තයගෙ පපුව උඩ ඔලුව තියාගෙන නිදාගෙන ඉන්නැද්දී ගිම්හාන් මහත්තයා ෆොටෝ එකක් අරන්.මට බය හිතුණා.
“අනේ මහත්තයා ඔය ෆොටෝ ඩිලිට් කරන්න.අනේ කවුරුහරි දැක්කොත් එහෙම මට හොඳ නෑනෙ.රේණුකා නෝනා දැක්කොත් එහෙම මං ගැන වැරදියට හිතයි………….”
“කවුරුවත් දකින්නද ඕයි මගෙ ෆෝන් එකේ තියන ෆොටෝ?කවුරුවත් මගෙ ෆෝන් එක බලන්නෙ නෑ.මේක මං ඩිලිට් කරන්නෑ……………”
“අනේ මහත්තයා වඳින්නම්.ඔය ෆොටෝ එක ඩිලිට් කරන්න…………..”
“එහෙනම් කිස් එකක් දෙනවා. එතකොට ෆොටෝ එක ඩිලිට් කරලා දාන්නම්…………….”😉😚
අනෙ අප්පච්චියේ මේ යකා මොනවද මේ ඉල්ලන්නෙ.මගෙ බඩ පපුවත් එක්ක දනවා.මූට ලැජ්ජාවක් නැද්ද අම්මපා මගෙන් කිස් එකක් ඉල්ලන්නෙ. මගෙ බඩත් රත් වුනා මූ ඒක කිව්වම.☺️😊
“අනේ අම්මෝ මට නම් බෑ මහත්තයා……………”
“ඔව් තමුසෙට කිස් එකක් ඉල්ලුවම තමයි දෙන්න බැරිව ලැජ්ජ හිතෙන්නෙ. මාව බදාගෙන මගෙ ඇඟ උඩ නිදා ගන්න තමුසෙට ලැජ්ජාවක් දැනුනෙ නැද්ද?……………”😁😆😊
එහෙම කිව්වට ගිම්හාන් දැක්කා සමනලී ලැජ්ජාවෙන් රතු වෙන හැටි. ඔහුට නම් හොඳටම හිනා.ඇයගේ කම්මුල්,නහය හොඳටම රතු වෙලා ලැජ්ජාවට.
“ඇයි මං විතරක්යැ මහත්තයනෙ මුලින්ම මගෙ ඇඟ උඩින් අත් දෙකයි කකුලයි දාගෙන මාව චප්ප වෙන සයිස් එකට බදා ගත්තෙ……………”
මතු සම්බන්දයි