හෙට ඉඳන්ම නෝනට ප්‍රත්‍රිකාර කරන්න පටන් ගන්න පුලුවන්.හැබැයි සතියක් විතර නෝනට මෙහෙ නවතින්න වෙයි…………..”

“කමක් නෑ වෙද මහත්තයා කොහොම හරි නෝනව සනීප කරගන්න තියනවා නම් ලොකූ දෙයක්.අවුරුදු අටක්ම එක්තැන් වෙලානෙ හිටියෙ…………..”

වෙද මහත්තයා නෝනව සනීප කරලා දෙන්න පොරොන්දු වුනා.සතියක් විතර නෝනට වෙද ගෙදර නවතින්න සිද්ද වෙයි කියලා කියපු නිසා නෝනගෙ සාත්තුවට මං නෝනා ළඟ නවතින්න හැදුවත් වෙද මහත්තයා කිව්වා නවතින්න අවශ්‍ය නෑ කියලා.වෙද මහත්තයගෙ නෝනා රේණුකා නෝනට වෙද ගේ ඇතුලෙම කුඩා කාමරයක් සූදානම් කරලා දුන්නා.මායි ගිම්හාන් මහත්තයයි නෝනා ලඟටම වෙලා කතා කරමින් හිටියා.ටික වෙලාවකින් වෙද මහත්තයා අපි ලඟට ආවා.

“එහෙනම් තවත් රෑ බෝ වෙන්න කලින් ඔය මහත්තයයි නෝනයි ගෙදර යන්න. සතියක් ගත වුනාට පස්සෙ ආපහු එන්න………….”

එහෙම කියලා වෙද මහත්තයා අපි ගාවින් ගියා.

“පුතා සමනලී දූත් එක්කරගෙන ඔයා දැන් ගෙදර යන්න.මං ගැන බය වෙන්න එපා.ගිය ගමන් කෝල් එකක් දෙන්න………….”

රේණුකා නෝනට වැඳලා අපි දෙන්නා ගෙදර එන්න පිටත් වුනා.දැන් නම් හොඳටම හවස් වෙලා.හයටත් කිට්ටුයි. ගෙදරට යද්දී දහයවත් වෙයි.මට නම් බයයිත් වගේ.ඒත් කමක් නෑ තනියම නෙවෙයිනෙ යන්නෙ මේ යකාත් එක්කනෙ.

“තමුසෙ මොනවද කල්පනා කරන්නෙ?වෙද මහත්තයා කියපු දේද?…………..”

“ඔව් මහත්තයා…………..”

“තමුසෙ ඔය ප්‍රාර්ථනා කරන්නෙ ඒක හැබෑ වෙන්න කියලද?…………..”

“ඔව් මහත්තයා.ඒක අනිවාර්යෙන්ම හැබෑ වෙන්න ඕනි.ඉක්මටනම නෝනට ඇවිදින්න පුලුවන් වෙයි……………”

“මොංගලියෙ,මං ඇහුවෙ ඒක නෙවෙයි. අම්මගෙ කකුල් දෙක සනීප කර ගන්න පුලුවන් කියන විශ්වාසෙ දැන් නම් මටත් තියනවා.මං ඇහුවෙ වෙද මහත්තයා අර…..තමුසෙ මගෙ නෝනා කියලා හිතලා කියපු කතාව ගැන?……………”

අපොයි අම්මේ…..මූ ඒ ගැනද මගෙන් ඇහුවෙ?🤦🤦මූ දැන් ඒකටත් මට බනියිද?

“මං…..මං ඒ ගැන ඇත්ත කියන්න හදනකොටම නෝනා මට ඒක කියන්න දුන්නෑනෙ……………”

“ඒකට කමක් නෑ.ඒක නෙවෙයි තමුසෙට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉඳලාම නැද්ද?…………..”

“අපොයි නෑ මහත්තයා.මට තාම අවුරුදු දහ අටයිනෙ………….”

“අම්මව සනීප කර ගත්තට පස්සෙ තමුසෙට හොඳ කොල්ලෙක්ව හොයලා බන්දලා දෙන්නම්…………”

“අනේ මහත්තයා මට නම් කසාද බඳින්න බෑ දැන්ම……………”

“කව්ද ඕයි තමුසෙව දැන්ම බන්දලා දෙනවා කිව්වෙ?මං කිව්වෙ අම්මව සනීප වුනාට පස්සෙ…………..”😠

මේ පෝරිසාදයා මගෙ අනාගතේ ගැනත් හිතනවා.නපුරු දුෂ්ඨයෙක් වුනත් මෙයාගෙ හිත හොඳයි.වාහනේ ඩ්‍රයිව් කරන ගමන් සැරින් සැරේට මගෙ දිහා බලනවා.මාත් ඉතිං හොරෙන් හොරෙන් එයාගෙ මුහුණ දිහා බැලුවා.මූ මටත් වැඩිය සුදුයිද මන්දා.මට හිතෙනවා රතු වෙනකල් මේකාගෙ කම්මුල් දෙක මිරිකන්න……….අනෙ අම්මෝ මටත් හිතෙන දේවල්.😁😉

එලියෙ වහින්න වගේ.යාන්තං වගේ පොද වැටෙනවා.දැන් නම් බඩගිනියිත් එක්ක.මේකා මාව ගෙදර එක්කන් යනකල් බඩගින්නෙම ඉන්න වෙයිද?

“වහිනවා වගේ අප්පා.බඩගිනියි දැන් නම්.තමුසෙ ඔහොම ඉන්නවා වාහනේට වෙලා.මං මොනවහරි කන්න අරන් එන්නම්.තමුසෙට කන්න මොනවද ඕනි?…………..”

“කොත්තු කමුකො මහත්තයා………….”😋😋

මං හරිම ආසාවෙන් එහෙම කිව්වා.මං හිතුවෙ මේකා මං කොත්තු ඉල්ලුවම මට බනියි කියලා.බැන්නෙ නෑ හිනා වෙලා කාරෙකෙන් බැහැලා කඩේ ඇතුලට ගියා.දැන් නම් හොඳටම වැස්ස.විනාඩි පහලවක් විතර යද්දී ගිම්හාන් මහත්තයා කොත්තු පාර්සලක් අරන් කාරෙකට නැග්ගා. එයාව හොඳටම තෙමිලා.

“තමුසෙ හොඳ චූන් එකේ කාරෙකට වෙලා හිටියා නේද මාව එලියෙ තෙමෙද්දී………….”

“අනේ සමාවෙන්න මහත්තයා.මට ඒක එච්චර මතක් වුනේ නෑ.ගොඩාක් තෙමිලා නේද මහත්තයව?…………..”

“ඔව් ඕයි හොඳටම තෙමුනා.ඇඟිල්ලෙ තුවාලෙත් තෙමුණා………….”

“අතන ෆාමසිය නම් ඇරලා වගේ.මං ගිහින් බෙහෙත් ටිකක් අරන් එන්නම් මහත්තයගෙ ඇඟිල්ලට දාන්න…………”

“දැන් එපා.කමක් නෑ………….”

“ඔහොම ඉන්නකො මහත්තයා මං අරන් එන්නම්………….”

ගිම්හාන් මහත්තයා එපා කියද්දිම මං කාරෙකෙන් බැහැලා ෆාමසියට දුවලා ගියා.තුවාලෙට දාන්න බෙහෙත් අරන් වැස්සෙම ඉක්මනට කාරෙකට දුවලා ආවා.දුවපු දිවිල්ලට තව පොඩ්ඩෙන් මාව ලිස්සලාත් වැටෙනවා.

“බෑග් එකේ කුඩේ තියෙද්දීත් පණ්ඩිතකමට තෙමි තෙමීම ගියා නේද?………….”

යකෝ මුගෙ උවමනාවටනෙ මං තෙමි තෙමී හරි ෆාමසියට බෙහෙත් ගේන්න ගියේ.ඒකටත් මට බනිනවා මේකා.පුදුම ලොකු කමක් තියෙන්නෙ මේකගෙ. අනේ ඉතිං අර අහිංසක ඉරේෂා මිස්ට වෙනම ගානක් දෙන්න ඕනි මුගෙ ගෑස් බලනවට.😁😀😆

“මහත්තයා,ඇඟිල්ලට බෙහෙත් දාලා ඉම්මු නේද?………….”

“හ්ම්ම්…………..”

තෙමිච්ච ප්ලාස්ටර් එකයි බැන්ඩේජ් එකයි ගලෝලා තුවාලෙ පිහදාලා සර්ජිකල් වලිනුත් පිහදැම්මා.

“ඌයි…..දැවිල්ලයි යකෝ රිදෙනවා. හිමින් අතුල්ලපන්………….”

මට හිනා ගිම්හාන් මහත්තයා අතත් තද කරගෙන කෑ ගහන විදියට. තුවාලෙට බෙහෙත් දාලා ඉවර වෙලා ප්ලාස්ටර් දෙකකුත් ඇලෙව්වා.

“දැන් කමු ඕයි.ඉන්න බෑ බඩගිනියි……………”

දොර ඇරලා එලියට අත හෝදගත්තා. කමුයි කිව්වට මූ දැන් කන්නෙ කොහොමද තුවාල වෙලා තියෙන්නෙත් දකුණු අතේ ඇඟිල්ලනෙ.හැන්දක්වත් නෑනෙ මූට මේක කන්න.

“මෙ……..මෙ…….මහත්තයාගෙ ඇඟිල්ල තුවාල වෙලා තියෙද්දි කොහොමද කන්නෙ?…………..”

“ඇඟිල්ලෙ තුවාලයක් කියලා බඩගින්නෙ ඉන්න බෑනෙ.තමුසෙ කවනවා……………”

“මෙ…..මං………….”

“ඔව්.ඇයි බැරිද?තමුසෙ කැව්වෙ නැත්නම් මට බඩගින්නෙ ඉන්න වෙයි. එතකොට තමුසෙට පව් සිද්ද වෙයි…………..”

අම්මෝ මුගෙ තියන කපටිකම.මට කියලා කවාගන්න තියන ආසාව. පව්නෙ ඉතිං දුෂ්ඨයා වුනාට හිත හොඳයි ගිම්හාන් මහත්තයගෙ. කොත්තු පාර්සලේ ලෙහලා මං ගිම්හාන් මහත්තයට කැව්වා.ඒ අතරේ මාත් කෑවා.

“මෙච්චර ලොකු කටවල් කවන්න එපා බන්.ටික ටික කවපන් මගෙ කට ඔච්චර ලොකු නෑ………….”😀😆

කොත්තු පාර්සලේ වැඩි හරියක්ම මං කැව්වෙ ගිම්හාන් මහත්තයට.අතත් හෝදගෙන වතුර බිව්වා.දැන් නම් බඩගින්න නිවුනා.වැස්ස නම් දැන්ම අඩුවෙන පාටක් නම් නෑ.හයියෙන් හුලං අල්ල අල්ල අකුණු ගගහා වහිනවා.

“තව පැය හතරක්වත් යයි ගෙදර යන්න.වැස්ස හින්දා හයියෙන් යන්නත් බෑ.ඉස්සරහ ලොකු ට්‍රැපික් වගේ…………..”

එහෙම කියපු ගිම්හාන් මහත්තයා කාරෙකේ වේගෙ ටිකක් අඩු කරා. සෑහෙන දිග වාහන පෝලිමක් තිබුනෙ. මේ විදියට ගියොත් හෙට උදේ වෙයි ගෙදර යනකොට.වාහනේ වීදුරුව පාත් කරලා පාරෙ අයිනෙ ගිය කෙනෙක්ට ගිම්හාන් මහත්තයා කතා කරා.

“අංකල්,මෙච්චර ට්‍රැෆික් එකක් ඇයි මේ?………….”

“ඉස්සරහ වංගුවෙ ලොකු ගහක් කඩන් වැටිලා පුතේ.ඒකයි මෙච්චර වාහන පෝලිම.ඔය ළමයින්ට අද නම් යන්න හම්බෙනේකක් නෑ.තව ගොඩාක් දුරට පෝලිම තියනවා…………..”

එහෙම කියලා ඒ මනුස්සයා කුඩේත් ඉහලගෙන ඉස්සරහට ඇවිදගෙන ගියා.දෙයියනේ අපි කොහොමද දැන් ගෙදර යන්නෙ?මේ වැස්සයි ට්‍රැෆික් එකයි තව ගොඩාක් වෙලා තියෙයි වගේ.දැනටමත් වෙලාව රෑ හතයි දහයයි.

“අනේ මහත්තයා දැන් මොකද කරන්නෙ?අපි කොහොමද ගෙදර යන්නෙ?………….”

“තමුසෙ බය වෙන්නැතුව ඉන්නවකො. ශික්……මේ මඟුලෙ ගහ මේ වෙලාවෙම කඩන් වැටුනනෙ.එලි වෙනකල් මෙහෙමම ඉන්න වෙයිද දන්නෑ…………..”

එන්න එන්නම වැස්සත් වැඩි වුනා. වාහන පෝලිමත් වැඩියි.පොලීසියෙන් පාරත් වහලා.ගිම්හාන් මහත්තයා කාරෙක ආපස්සට හරෝගෙන වෙන පාරකින් ආවා.

“මගෙ යාලුවෙක් ඉන්නවා මේ ලඟ ගෙදරක.තමුසෙගෙ අකමැත්තක් නැත්නම් අපි අද එහෙ නැවතිලා හෙට උදෙන්ම යමු.එතකොට යාගන්න පුලුවන් වෙයි…………..”

මගෙ හිතට බයක් නොදැනුනාම නෙවෙයි.ඒත් ගිම්හාන් මහත්තයා ලඟ ඉන්න නිසා බයක් නෑ.ඒත් ඒ ගෙදර මිනිස්සුන්ට ගිම්හාන් මහත්තයා මං කවුරු කියලා කියයිද?

“මේ…..ඒ…..ගෙදර වෙන කව්ද ඉන්නෙ මහත්තයා?…………..”

“මගෙ යාලුවයි උගෙ වයිෆුයි ළමයයි විතරයි.තමුසෙ බය වෙන්න එපා.උන් දෙන්නට කියමු අපි දෙන්නා මැරි කරලා ඉන්නෙ කියලා.එහෙම නැත්නම් හොඳ නෑනෙ.එළි වෙනකල් වාහනේට වෙලා ඉන්නත් බෑනෙ……………”

විනාඩි විස්සක් විතර යනකොට ගිම්හාන් මහත්තයයි මමයි ඒ ගෙදරට ආවා.තනි තට්ටුවෙ කුඩා නිවසක් වුනාට ඒ නිවස හරිම ලස්සනයි.වාහන සද්දෙට කවුරු හරි ලයිට් එකත් දාගෙන දොර ඇරගෙන එලියට ආවා.කාරෙකේ දොරත් ඇරලා මගෙ අතිනුත් අල්ලගෙන ගිම්හාන් මහත්තයා ඉක්මනට ගේ දොරකඩට ආවා.

“හලෝ මචං මේ උඹද බං?මං ඒත් මේ බැලුවෙ කව්ද මේ වැස්සෙ මෙහාට ආවෙ කියලා…………..”

“මාර වැඩේනෙ බං වුනේ අම්මව වෙද ගෙදර නවත්තලා මායි සමනලීයි ගෙදර යන්න ගියේ.පාරෙ ගහක් කඩන් වැටිලා යන්න බෑ ට්‍රැෆික් එක.පොලීසියෙන් පාරත් වහලා.උඹලාට කරදරයක් නැත්නම් අපි දෙන්නා හෙට එළි වෙනකල් විතරක් මෙහෙ ඉන්නද?අපි උදෙන්ම යනවා………….”

“ඕක අහන්නත් දෙයක්ද ප්‍රසන්නයා. මෙන්න මෙහෙ වරෙන් දෙන්නත් එක්ක ගේ ඇතුලට……………”

අපි ගේ ඇතුලෙන් වාඩි වුනා.ගිම්හාන් මහත්තයගෙ යාලුවා සනුකගෙ නෝනත් අපි ඉන්න දිහාට ආවා.

“ඒක නෙවෙයි මචං උඹ මැරි කරා කියලා අපි දැනන් හිටියෙ නෑනෙ. කොහොම වුනත් සතුටුයි බං අවුරුදු පහකට විතර පස්සෙනෙ අපි මුණ ගැහුනෙ……………”

“අපි මැරි කරලා දැන් මාසයක් විතර ඇති බන්…………..”

ගිම්හාන් මහත්තයා එයාගෙ යාලුවට අපි දෙන්නා ගැන බොරු ටොන් ගනන් අතෑරියා.සීතලට මාව වෙව්ලනවා ඉන්න බෑ.

“තෙනුජි,මේ දෙන්නට අර කාමරේ ලෑස්ති කරලා දෙන්නකො.මචං දෙන්නම බාතෲම් එකට ගිහින් චේන්ජ් කර ගනින්.හොඳටම තෙමිලනෙ.උඹලා දෙන්නට ඇඳුම් දෙකක් දෙන්නම්………….”

ටවල් එකක් දීලා අපි දෙන්නවම බාතෲම් එකට ඇරියා.අනේ මං කොහොමද මේකා ඉන්න තැන ඇඳුම් මාරු කරන්නෙ.මට පපුවත් ඩග් ඩග් ගානවා.🙄😕😩

“මං ඉක්මනට නාගෙන එලියට යන්නම්.ඊට පස්සෙ තමුසෙ නාගෙන එනවා…………….”

මං හිමිහිට බාතෲම් එකේ දොර ඇරගෙන කාමරේට ආවා.කාමරේ ඇඳ උඩ සරමකුයි ටීෂර්ට් එකකුයි නයිට් ඩ්‍රෙස් එකකුයි තිබුනා.ඒ ඇඳුමෙ අත් වෙනුවට තිබ්බෙ චූටි රැලි පටි දෙකක් විතරයි.මං කොහොමද දෙයියනේ මේ වගේ ඇඳුමක් ඇඳගෙන මේ යකා ගාව ඉන්නෙ.ශික්…..ලැජ්ජාවෙ බෑ අප්පා. ඇඳුමත් අතේ තියාගෙන මං කල්පනා කරන්න පටන් ගත්තා.විනාඩි දහයක් විතර යද්දී ගිම්හාන් මහත්තයා කාමරේට ආවා.

“ගිහින් නා ගන්නවා…………..”

මං ඇඳුමත් අරගෙන බාතෲම් එකට යන්න හැදුවා.

“ආ මේ ටවල් එක අරන් යනවා………….”

ගිම්හාන් මහත්තයා සරම ඇඳගෙන මට ටවල් එක දුන්නා.ඒකත් අරගෙන බාතෲම් එකට ගිහින් නාගෙන නයිටිය ඇඳ ගත්තා.ඒ ඇඳුම මට ගොඩාක් ලොකුයි.පපුව හරියෙ හුඟක් නිරාවරණය වෙලා.ශික්…..මේ ඇඳුම් ටිකත් සේරම තෙතයිනෙ තාම.දැන් මොකද කරන්නෙ?වෙන ඇඳුමක් ඉල්ල ගන්නත් බෑ.අයියෝ සංසාරේ මට මුලු රෑම මේ බාතෲම් එක අස්සට වෙලාම ඉන්න වෙයිද?😳😕😟😞

‘මේකි තාම බාතෲම් එකට වෙලා මොනවා කරනවද?දැන් පැය බාගයක් විතර ඇති’

සමනලී බාතෲම් එකට ගිහින් එලියට එන්න පරක්කු නිසා ගිම්හාන් බාතෲම් එකේ දොරට තට්ටු කරලා බැලුවා.

“මොනවද ඕයි තමුසෙ ඕක ඇතුලෙ පැල වෙනවද?……………”😠

“හරි මහත්තයා මේ එනවා………….”

දොර යාන්තං වගේ ඇරලා සමනලී ගිම්හාන් දිහා බැලුවා.සමනලී හිටියෙ නයිට් ඩ්‍රෙස් එකේ පපුව හරියෙ අතින් වහගෙන කටත් නිකන් ඇඹරිලා කරත්තෙට අහු වෙච්චි කජු ලෙල්ල වගේ.ගිම්හාන්ට හිත යටින් හොඳටම හිනා.😄😀😆😁

“මොකද වුනේ?…………”

“අනේ මහත්තයා මේක මේ………….”

“ඇයි මොකද වෙලා තියෙන්නෙ.සතෙක් වත් කෑවද ඔතන?……………..”😁😉🤣

“නෑ මහත්තයා මේ…..මේ…….ම………….”

“එහෙනම් එනවා එලියට.නැත්නම් ඕක ඇතුලටම වෙලා ඉන්නවා……………”

එහෙම කියලා සමනලීත් එක්කම ගිම්හානුත් කාමරේට ආවා.

අනේ දෙයියනේ දැන් මොකද කරන්නෙ? මේ ඇඳුම ඇඳගෙන මං කොහොමද ගිම්හාන් මහත්තයත් එක ඇඳේ නිදා ගන්නෙ?එලියෙ වහිනවා තාමත්.බිමින් නිදා ගන්නත් බෑ සීතල හින්දා.මගෙ පපුවත් ගැහෙනවා.අත් දෙකත් වෙව්ලනවා.

ගිම්හාන්ට තේරෙනවා ඇයි සමනලී ඇඳුමත් අල්ලගෙන මෙහෙම ඇඹරෙන්නෙ කියලා.දුහුල් නයිටියෙන් ඇගේ වත ඕනාවටත් වඩා කැපිලා පේනවා.ඒ දෙස බලා ඔහු අහක බලාගත්තා. තව දුරටත් බලන් හිටියොත් ඔහුට ඔහුවම පාලනය කරගත නොහැකි වෙයි.

“ඇවිල්ලා නිදා ගන්නවා ඕයි.මොනවද කල්පනා කරන්නෙ?මං තමුසෙට මොකුත් කරන්නෑ.බය නැතුව මෙතනින් නිදා ගන්නවා……………”

තව කොච්චර කල්පනා කරත් මට මේකා ලඟ තමයි නිදා ගන්න වෙන්නෙ. එහෙම හිතපු මං එහා පැත්තෙන් ඇඳට නැගලා අනික් පැත්ත හැරිලා සීට් එක බෙල්ල ගාවටම එනකල් පොරව ගත්තා.අනේ දෙයියනේ කව්ද හිතුවෙ මේ වසවර්තියත් එක්ක එක ඇඳක නිදා ගන්න වෙයි කියලා.

“මහත්තයා,නෝනා කිව්වා නේද ගෙදර ගිය ගමන් කෝල් එකක් දෙන්න කියලා…………..”

“මං අම්මට කතා කරා…………..”

“මොකද කිව්වෙ?…………..”

“හෙට උදෙන්ම පරිස්සමට ගෙදර යන්න කිව්වා.තමුසෙව හොඳට පරිස්සමින් බලා ගන්න කිව්වා…………”

ටිකක් වෙලා යද්දී ගිම්හාන් මහත්තයට හොඳටම නින්ද ගියා.මටත් නින්ද යාගෙන ආපු නිසා නිදා ගන්න හදනකොටම මේ යකා මගෙ ඇඟට අතකුයි කකුලකුයි දැම්මා.මං බොහොම අමාරුවෙන් සීට් එක පපුව ගාවටම පොරව ගත්තෙ.නින්දෙන්ම සීට් එක එහාට මෙහාට වෙලා.මං ගිම්හාන් මහත්තයව ටිකක් එහාට කරත් මේ යකා එන්නෙම මගෙ ඇඟටමයි.මගෙ බඩ මැද්දෙන් කකුලක් දාගෙන මාව හිර කර ගත්තා.

අයියෝ දෙයියනේ තව ටිකකින් මාව චප්ප වෙලා මැරෙයි මේ යකා මාව මෙහෙම මිරිකගත්තොත්.එහාට කරන්න කරන්න එන්නෙම මගෙ ඇඟටමයි.අලියෙක් වගේ හොල්ලන්නවත් බෑ.ටිකක් වෙලා යද්දි මටත් නින්ද ගියා.

සමනලීට හොඳටම නින්ද ගිහින්. පාන්දර දෙකට විතර එකපාරටම ගිම්හාන්ට ඇහැරුනා ෆෝන් එකේ එලාම් සද්දෙට.එලාම් එක ඕෆ් කරලා ගිම්හාන් සමනලී දිහා බැලුවා.

පිස්සු කෙල්ල ඒක තමයි එහෙනම් ඉස්සෙලා ඇඳුමෙ පටි දෙක අල්ලගෙන හිටියෙ.ඒ ඇඳුම සමනලීට ගොඩාක් ලොකුයි.ඒ හින්දා පපුවෙන් බාගයක් විතර එලියට විවෘත වෙලා.වහගන්න ඕනි හරිය ඔක්කොම එලියෙ.ගව්මෙ එක පටියක් උරහිසෙන් එලියට පැනලා. ඒ දුටු ඔහුට සිතුනා ඇයගේ ළමැද රතු වෙනකල් සිප ගන්න.ආයාසයෙන් ඔහු ඒ හැඟීම් මැඩගෙන හිටියෙ.සීට් එක පොරවන්න හදනකොටම ඇය නින්දෙන්ම තමා ඉන්න පැත්තට හැරිලා තමාගේ නිරුවත් පපුවට තුරුල් වුනා. එහාට මෙහාට දඟලමින් තමාගෙ පපුවෙන් හිස තබා ගත්තා.ඇගේ ඇඟේ උඩුකයෙන් බාගයක්ම සම්පූර්නයෙන්ම එලියෙ.තම හැඟීම් අමාරුවෙන් මැඩගෙන ඉන්න ගිම්හාන් ඇයටත් තමාටත් සීට් එකන් පෙරෙව්වා.තම පපු තුරුල මත හිස තබාගෙන නිදා සිටින ඇයව තම දෑතට තුරුල් කරගෙන නිදා ගත්තා.

සමනලීට කලින් ගිම්හාන්ට පාන්දර පහමාරට විතර ඇහැරුනා.සමනලී තාමත් ගිම්හාන්ගේ පපුව මතම හොඳට නිදි.ඇයව ඇහැරවන්න ගිම්හාන්ට ලෝබ හිතුණා.ඔහු ඇගේ මුහුණ දෙසම බලාගෙන හිටියා.එක්වරම ක්ෂණික සිතුවිල්ලක් ඔහුට පහල වුනා.ඔහු තමාගේ ජංගම දුරකථනය රැගෙන ඇයවත් තමාත් හිටින සේ සෙල්ෆි චායාරූපයක් ගත්තා.ටිකක් වෙලා යනකොට ගිම්හාන් දැක්කා සමනලී අවදි වීගෙන එන බව.ඔහු නිදාගෙන වගේ ඇස් පියාගෙන හිටියා.යාන්තං හොරාට වගේ ඔහු බැලුවා.

🤦අනේ දෙයියනේ මං ඊයෙ මේකාගෙ පපුව උඩට නිදාගෙන ඉඳලා තියෙන්නෙ.අපොයි අම්මේ…..හොඳ වෙලාවට මේකාට නින්ද ගිහින් තියෙන්නෙ.ඇහැරිලා හිටියා නම් එහෙම මං මේකාගෙන් හොඳවයින් දෙක තුනක් අහගන්නවා ශුවර්.හිමින් හිමින් ගිම්හාන් මහත්තයගෙ පපුව මතින් නැගිටපු මං අහකට වුනා.සීට් එක අහක් කරලා නැගිටින්න හදපු මං ඊළඟට දැකපු දෙයින් මට තරු පෙනුනා. මං ඇඳන් හිටපු නයිට් ඩ්‍රෙස් එක උරහිසෙන් පහලට වැටිලා ඔක්කොම එලියෙ.අනේ දෙවියනේ මේ යකා දැක්කොත් එහෙම මං ඉවරයි ලැජ්ජාවෙ බෑ.බිත්තිය පැත්තට හැරිලා මං ඇඳුම හදා ගත්තා.

සමනලීගේ මේ වැඩ දිහා බලාගෙන හිටපු ගිම්හාන්ට තනියම හිනා.😆😀ඔහුට සිතුණා ඇයව ටිකක් ලැජ්ජ කරන්න.ඇඳෙන් නැගිටපු ගිම්හාන් සමනලී ලඟට කිට්ටු වුනා.

“ගුඩ් මෝනින්…………..”☺️😉😜

අපොයි දෙයියනේ මූ නිදාගෙන නෙවෙයිද හිටියෙ.🤦🤦😩

“අ……මෙ…..ම…..අ…………..”

“මොකෝ මේ?😜😆ගොලු වෙලාද?ගුඩ් මෝනිං කියලා කිව්වෙ?………….”

ඇයට තම අතේ වැලමිටෙන් සෙමින් පහරක් එල්ල කල ගිම්හාන් සිනා සුනා. ඇඳුමේ පපු පෙදෙස අතින් අල්ලගෙන ඇය ගිම්හාන්ට ගුඩ් මෝනින් කිව්වා.

“දැන් ඕක වහගත්තට වැඩක් නෑ.මං පාන්දර ඔය ටික හොඳට දැක්කා…………”😜🤭

අපොයි🤭මට නම් දැන් වලක් කපාගෙන මෙතනම වැලලෙන්න හිතෙනවා.මට ඇති වුනේ සුලු පටු ලැජ්ජාවක් නෙවෙයි.ගිම්හාන් මහත්තයවත් අහකට තල්ලු කරගෙන මං ඇඳෙන් නැගිටලා බාතෲම් එකට ගියා.


උදේ හතට විතර මායි ගිම්හාන් මහත්තයයි ගෙදර යන්න පිටත් වුනා. කාරෙකේ යන ගමන් ගිම්හාන් මහත්තයා කිහිප වතාවක්ම මං දිහා බැලුවා.මං ලැජ්ජාවෙන්ම අහක බලාගෙන හිටියා.

“මොකෝ තමුසෙ අහක බලාගෙන ඉන්නෙ?ලැජ්ජද උදේ මං කියපුවට.මං නිකන් කිව්වෙ නෑනෙ ඉතින්.තමුසෙනෙ ඔක්කොම ඇරගෙන එලියෙ දාගෙන මගෙ ඇඟ උඩ නිදාගෙන හිටියෙ.මට එහාට හැරෙන්නත් බෑ මෙහාට හැරෙන්නත් බෑ.මගෙ ඇඟ හැම තැනකම නියපොතු වලින් හූරලා දාලා තමුසෙ මට හොඳටම රිද්දෙව්වා……………”

“අනේ බොරු කියන්න එපා මහත්තයා……………”🤭🤫☹️

මං එහෙම කිව්වෙ උපරිම ලැජ්ජාවෙන් කන් දෙකත් වහගෙන අහක බලාගනිමින්.🙉🙉

“බොරු නෙවෙයි මං කියන්නෙ ඇත්ත. බලනවා තමුසෙගෙ ඇඟිලි වල තියන නියපොතු.කොටි දෙනක් වගේ මගෙ ඇඟ උඩ නැගලා හැම තැනකම හීරුවා.නින්දෙන් හින්දා මං ඉවසුවේ නැත්නම් මං දනී කරන වැඩේ.මට නිදාගන්න දුන්නෙත් නෑ.එක වෙලාවක මූණ අතුල්ලනවා මගෙ බෙල්ලෙ.තව වෙලාවක මගෙ අහවල් #$&**## උඩ කකුල තියාගෙන ඉන්නවා………….”

“අයියෝ……අනේ ඇති මහත්තයා දැන් ඕක නවත්තන්න……………”😁🤭🙈🙊🤦😁😜

“මොකෝ තමුසෙට ලැජ්ජ හිතුනද ආ?……………”😁😉😄

ලැජ්ජාව වැඩි කමට මගෙ ඇස් වලට කඳුලුත් පිරුණා.චික්……මං මොන ලැජ්ජ නැති වැඩක්ද මේ කරලා තියෙන්නෙ?🤭🤭

“ඉන්නවකො.අම්මා ආවට මං අම්මට කියනවා තමුසෙ මට කරදර කරන්න හැදුවා කියලා…………”

අපි ගෙදරට ලඟා වෙනකොට වෙලාව උදේ එකොලහට විතර ඇති.ගේ ඇතුලට යනකොට ඉරේෂා නෝනා ඇවිත් හිටියා.

“ගිම්හාන් කෝ ආන්ටි?…………..”

“අම්මව වෙද ගෙදර නැවැත්තුවා…………”

“එතකොට ඔයාලා ඊයෙ කොහෙද හිටියෙ?වෙද ගෙදරද?………….”

මතු සම්බන්දයි