ආන්ටි මං අප්පච්චිව බලලා එන්නම්
දවල් වෙන්න කලින් එනවා…………….”
“තනියමද යන්නෙ බේබි?…………….”
“ත්‍රීවිලර් එකක යනවා.ගීතරතන අංකල්ට කෝල් කරත් එයා එන්න පැයක්වත් යයි………………”
“හා බේබි එහෙනම්.පරිස්සමින් ගිහින් එන්නකො………………”
හෑන්ඩ් බෑග් එකත් කරේ දමාගෙන පඩිපෙළ බැස මිදුලට විත් මහ පාරට ආවා.හංදියේ ත්‍රීවිලර් රථයකට ගොඩ වී අප්පච්චීගේ නිවසට පැමිණෙන විට වේලාව දහය පමණ විය.ගේට්ටුව ඇරගෙන මම ගාඩ්න් එකට ගියා. අප්පච්චීත් දේවිකා ආන්ටීත් කතා බහක නිරත වී සිටිනු මං ඈතටම දුටුවා.මාව දුටු දේවිකා ආන්ටි සිනා සීම මා වෙත පැමිණ මාව වැලඳ ගත්තා.
“කොහොමද ශනූ?………………”
“හොඳින් ඉන්නවා ආන්ටි.කොහොමද ඔයාලට?………………”
“අපිත් හොඳින්.නේද රාජිත.ඒක නෙවෙයි ඔයා අද ඔෆිස් ගියේ නැද්ද?……………….”
“මේ දවස් ටිකේ නිවාඩු ආන්ටි.ඔෆිස් එකේ කට්ටිය ට්‍රිප් එකක් ගිහිල්ලා.මං ගියේ නෑ කම්මැලි හිතුණා………………”
“චේන්ජ් එකකටත් එක්ක ඉඳලා හිටලා ට්‍රිප් එකක් යන එක හොඳයි ශනූ………………”
අප්පච්චීත් මමත් දේවිකා ආන්ටිත් නිවස තුලට පැමිණියා.මෙහෙකාරිය වූ ලතා තේ සහ පෑන් කේක් පිරවූ බන්දේසියක් ගෙන මා අසලින් තැබුවා.
“කාලා බලන්න රසද කියලා.මං හැදුවෙ. ඔයාගෙ අප්පච්චි හරිම ආසයි මේවට………………”
“මං ආස හින්දා නෙවෙයි දේවි දන්නෙ පෑන් කේක් හදන්න විතරයිනෙ…………….”🤣😁😉
අප්පච්චී දේවිකා ආන්ටිට එහෙම කියලා විහිළු කරා.තේ බීලා පෑන් කේක් දෙක තුනක්ම මං කෑවා.සැබවින්ම දේවිකා ආන්ටි කෑම හදන්න ඉතාමත් දැක්ෂයි.කේක්,පුඩිං,කප් කේක් වර්ග වැනි විවිධ මාදිලියේ කෑම හැදීමට ඇය දනී.මා මේ නිවසේ උන් කාල සීමාවේ ඇය මට විවිධ වර්ගයේ කෑම සෑදීමට ඉගැන්වුවා.විවේකයෙන් සිටිනා අවස්ථා වල්දී මා එවැනි කෑම සාදමි.
“ඔෆිස් එකේ වැඩ කොහොමද දූ?අමාරුවක් නැතුව කරගෙන යනවනෙ……………..”
“ඔව් අප්පච්චි.මුලදි නම් ටිකක් අමාරු වුනා.ඒත් දැන් ගානක් නෑ.වැඩ ටික ගානට අල්ලගෙන යනවා………………”
“මං ෆැක්ට්‍රියට යනවා දේවි.එන්න පරක්කු වෙයි.මං යනවා දූ……………..”
අප්පච්චී ගිය පසු දේවිකා ආන්ටීත් මමත් මිදුලට පැමිණ ඔන්චිල්ලාවේ හිඳ ගත්තෙමි.අප්පච්චී වැනි තරුණ විය ඉක්මවූ පුද්ගලයෙකු සමඟ ඇය විවාහ වුවත් දේවිකා ආන්ටි තාමත් තරුණියකි.ඇයගේ වයස අවුරුදු තිස්දෙකකි.මගේ වයස අවුරුදු විසි එකකි.පෙනුමෙන් ඇයත් මමත් අක්කාත් නංගීත් වැනිය.
“අර ඊයෙ වෙඩි තියපු කේස් එක ආරංචි වුනාම මං බයත් වුනා.ඔයාලගෙ ෆ්ලැට් එක ලඟමනෙ……………..”
“එවලෙ මං හිටියෙ බැල්කනියෙ හෑන්ඩ් ෆ්‍රී එකත් ගහගෙන සිංදු අහ අහා.වෙඩි සද්දෙට මාත් එකපාරටම බය වුනා.ඔය වගේ දේවල් මේ කාලෙ සුලු දේවල් ආන්ටි.චන්ද කාලෙනෙ.තමන්ගෙ චන්ද ගාන වැඩි කරගන්න ඒ අය ඕනම දෙයක් කරයි………………..”
“ඔයාට මං කියන්නමයි හිටියෙ ශනූ. අප්පච්චි ඒ විජිත් ගජධීර ඇමතිගෙ පුතාත් එක්ක බිස්නස් වැඩකට හව්ල් වෙලා.අනේ මන්දා මේ මනුස්සයා මොකට ඔය වගේ මිනිස්සු ආශ්‍රය කරනවද කියලා.පැය විසි හතරෙම බිස්නස් වලටම ඇලිලා ඉන්නවා. ආසාවට ගෙදර ඇවිත් බත් කටක් කන්නෙ නෑ.රාජිත කියන්නෙ බිස්නස්මන් කෙනෙක් වුනත් කේසර රන්දිව් කියන්නෙ ආශ්‍රය කරන්න හොඳ මිනිස්සුද?උන් පාතලයේ චන්ඩි මැරයො ආශ්‍රය කරනවා.වටේටම මැර බොඩිගාඩ්ලා.මෙයාගෙ අතින් මොකක් හරි ප්‍රශ්නයක් එහෙම වුනොත් මෙයාගෙ ජීවිතෙත් නැති කරලා දායි. අපි කිව්වට අහන්නෙත් නෑ……………….”
කේසර ගැන මතක් කරනකොට මට මතක් වුනේ ගිය අවුරුද්දෙ ශ්‍රැන්ග්‍රිලා හොටෙල් එක ගාව වුනු ඇක්සිඩන්ට් එක.ඒ වගේ මනුස්සයෙක් එක්ක බිස්නස් කරන එක නම් ලොකු අවදානම් වැඩක්.පොඩ්ඩ මිස් වුනොත් උන් අප්පච්චිගෙ ජීවිතේට වුනත් හානියක් කරයි.අපි කවුරුවත් කියන දෙයක් අප්පච්චි අහන්නෙ නෑ.එයාගෙ හිතුමනාපෙටමයි වැඩ කරන්නෙ.
“අප්පච්චි හරිම හිතුවක්කාරයි ආන්ටි. එයා අපි කියන කිසිම දෙයක් අහන්නෑනෙ.අපි පෝසත් මිනිස්සු වුනත් කේසරලා වගේ ධනවත් බලවත් මිනිස්සු ආශ්‍රය කරන එක නම් හරිම අවදානම්.ඒ වගේ එවුන්ට මිනිස් ජීවිතේක වටිනාකමක් දැනෙන්නෙ නෑ. නීතිය වුනත් තියෙන්නෙ උන්ගෙ පැත්තෙ.උන්ට විරුද්දව කවුරු හරි කතා කරොත් අන්තිමට ඒ කතා කරපු කෙනාට ගෙදර යන්න වෙන්නෙ පෙට්ටියෙන්.ඒ බව දැනගෙනත් අප්පච්චී මෙහෙම කරනවනෙ…………….”
“අපි මොනවා කරන්නද ශනූ.එයා කරන දේවල් දිහා ඇස් කන් පියාගෙන බලන් ඉන්නයි වෙලා තියෙන්නෙ……………….”
“මං ගිහින් එන්නම් ආන්ටි.දවල් වෙන්න කලින් යන්නත් ඕනි………………”
“අයියෝ ශනූ මං හිතුවෙ ඔයා ලන්ච් එකටත් ඉඳලා යයි කියලා……………….”
එසේ පවසා දේවිකා ආන්ටි දුක් වූවාය.
ඇය මා ගැන නිතරම වෙහෙසේ.දිනකට දෙකකට වරක් මා හට දුරකථන ඇමතුමක් ලබා දී මගේ තොතතුරු අසයි.
“අනේ බෑ ආන්ටි.මං වෙනින් දවසක එන්නම්කො.ඔයාගෙ පෑන් කේක් කාලා දවල්ට කන්නත් ඕන්නෑ.බඩ පිරිලා………………”
“එහෙනම් පරිස්සමින් යන්න.ඩ්‍රයිවර් හිටියා නම් ඔයාව ඩ්‍රොප් කරන්න කියන්න තිබුනා.ඒ මනුස්සයා බණ්ඩාරවෙළ ගියානෙ……………..”
“කමක් නෑ ආන්ටි.මං ත්‍රීවිලර් එකක යන්නම්…………….”
එසේ පවසා මා ගෙට්ටුවෙන් පිටතට පැමිණ මහපාර දෙසට ඇවිදගෙන ආවෙමි.එක්වරම විරුද්ධ පසින් පැමිණි ජීප් රථයක මා ගැටී පාර අයිනට විසික් වුනි.මා වැටුනේ තණකොළ ගාලකට නිසා තුවාලයක් වූයේ නැත.පසෙකට විසික් වුනු අත් බෑගයත් රැගෙන නැගිට ගත් මම ජීප් රථයේ රියදුරා දෙස බැලුවෙමි.වරද ඔහුගේ වුවත් ඔහු බැන වැදුනේ මා හටය.පෙනුමෙන් අවුරුදු තිස් පහක් පමණ වන ඔහු මදක් කළු උස මහත පුද්ගලයෙකි.වටපිටාවේ එකිනෙකා අප දෙසට රොක් වෙද්දී මා හට ඇති වූයේ ලැජ්ජාවකි.
“ඇස් පේන්නෙ නැද්ද තමුසෙගෙ?උඩ බලාගෙනද පාරෙ යන්නෙ?………..”😡😡
දත් මිටි කාගෙන මට ඇඟිල්ලක් දිගු කරගෙන බැන වැදුනු ඔහු ගැන මට ඇති වුනේ කෝපයකි.ඔහු නොව මායි ඔහුට බැන වැදිය යුත්තෙ.අවට සිටි මිනිසුන් නිසා මට බැනුම් අසාගෙන සිටිය නොහැකිය.අත දිග හැර ඔහුට කම්මුල් පාරක් එල්ල කර මං අසල තිබූ ගලක් රැගෙන ජීප් රථයේ පැති කණ්ණාඩියට දමා ගැසුවෙමි. පැති කණ්ණාඩිය කුඩු වී යද්දී පුදුමයෙන් මා දෙස බැලූ ඔහු යමක් කීමට සැරසුනි. ඊට ඉඩ නොතබා මම ඉස්සර වූයෙමි.
“මට නෙවෙයි ඕයි ඇස් පේන්නෙ නැත්තෙ තමුසෙට.උඩ බලාගෙනද වාහන එළවන්නෙ?පොඩි එකෙක් එහෙම පාරෙ ගියා නම් ඉවරයි. තමුසෙට ලයිසන් දුන්නෙ බාප්පද?………………”😡😡
එසේ පවසා බැන වැදුනු මම තවත් එතන නොරැඳි ත්‍රීවිලර් එකක නැගී නිවසට ආවා.
දවාලෙ දිය නා ඉවර වී කොට කලිසම සහ අත් රහිත ටීෂර්ට් එකකින් සැරසුනු කේසර සිය ජංගම දුරකථනයත් රැගෙන සාලෙ සෝෆාවකට වී සිටියාය. මද වේලාවකින් ජංගම දුරකථනය පැත්තකට දමා රූපාවාහිනියේ ඉංග්‍රිසි චිත්‍රපටියක් නරඹින් සිටියා.
“බොස්……………..”
“ආ එනවා වික්‍රම්.මොකෝ ගිය වැඩේ හරිද?……………..”
“වැඩේ නම් හරි බොස්.ඒත්…………….”
“ඇයි මොකෝ ඒත්?…………….”
“බොස් මගදි මාර වැඩක්නෙ උනේ…………….”
වික්‍රම් සිදූ වූ සියල්ලම කේසර හට පැවසුවා.ඔහු සිටියේ තදබල කෝපයකින්.ටීවි එකේ රිමෝට් එක සෝෆාව උඩට දමා ඔහු මිදුලට ගොස් තමා පෙරේදා අලුතින් මිලට ගත් ජීප් රථයේ පැති කණ්ණාඩිය දෙස බැලුවා. එය සම්පූර්ණයෙන්ම කුඩු වී ඇත.
“වික්‍රම්,කව්ද ඒ කෙල්ල.කියපන් කව්ද වාහනේ කණ්ණාඩිය කුඩු කරේ?…………….”😡😡
“ඒ කෙල්ලව මං මීට කලින් නම් දැකලා නෑ බොස්.කොහේ හරි හොඳ ෆැමිලි එකක කෙල්ලෙක්.කරේ හොඳ චේන් එකකුත් තිබුනා………………”
“මොකා වුනත් කමක් නෑ.පැය විසි හතරක් ඇතුළත ඒ කෙල්ල කව්ද කියලා හොයා ගනින්.මේ කණ්ණාඩියත් හදාගෙන වරෙන්……………”😡😡
“ඕකෙ බොස්…………….”
එසේ පවසා වික්‍රම් වාහනෙත් රගෙන ගිය අතර කෝපයෙන් පසු වූ කේසර සිටියේ ව්‍යාග්‍රයෙකු ලෙසය.ඔහුට ගෑනුන් පෙනෙන්නට බැරිය.එයට හේතුව සිය මවය.කේසරට දැන් වයස අවුරුදු තිහකි.ඔහු කුඩා කාලයේදී තම මව මිය ගියාය.ඒ ඇගේ අනියම් සම්බන්දයක් නිසාය.තම මව පිරිමින් කිහිප දෙනෙකු සමඟම අනියම් සම්බන්දතා පවත්වාගෙන ගියාය.තම පියා කිහිප වරක්ම ඇයට එම සම්බන්දතා නතර කරන ලෙස කියා සිටියත් එවකට දාහතර හැවිරිදි වියෙහි පසු වූ තමා ගැන වත් නොසිතා ඇය එම පිරිමින් සමඟ හෝටල් කාමර වල දින ගනන් ගත කලාය.
මවගේ අනියම් සඹඳතා නිසා කේසර සිටියේ දැඩි මානසික පීඩනයකිනි.තමාට අවුරුදු දා හතේදී මව මිය ගියේ ඇගේ පෙම්වතෙකු සමඟ වාහනයෙන් ගමන් කරමින් සිටියදී රිය අනතුරක් සිදු වීය. එදා පටන් කේසරට ගැහැනුන් පෙනෙන්නට බැරිය.තවමත් තිස් හැවිරිදි වියෙහි පසු වූවත් කේසරට පෙම්වතියක් සිටියේ නැත.ඔහු ගැහැණු ඇඟක උණුසුමවත් විඳ නැත.තම මව නිසා ඔහුට ගැහැණුන් පෙනෙන්නට බැරිය.
නැවත හමුවෙන තුරු විරාමයක්