ඔයා මාව සනීප කර ගන්න ගොඩාක් මහන්සි වෙනවා සමනලී.ඔයා මගේම දුවෙක් වෙලා ඉපදෙන්න තිබ්බෙ………….”

ඇස් දෙකේ කඳුලු පුරවගෙන රේණුකා නෝනා සිනහවෙමින් මගේ හිස අතගෑවා.රේණුකා නෝනව සනීප කරගන්න මං ගොඩාක් උනන්දු වුනා. ගිම්හාන් මහත්තයා හැම දෙයක්ම සූදානම් කරලයි තියෙන්නෙ හෙට රේණුකා නෝනව අනුරාධපුරයෙ සිංහල බෙහෙත් කරන වෙද ගෙදර එක්කන් යන්න.

හෙට පාන්දර පහටයි අපි එහෙ යන්න පිටත් වෙන්නෙ. නෝනත් එක්ක මායි ගිම්හාන් මහත්තයයි විතරයි යන්නෙ.

“සමනලී,දරුවො ඔයා දැන් ගිහින් නිදා ගන්න.හෙට පාන්දරම නැගිටින්නත් තියනවනෙ……………”

“නිදිමතක් නෑ නෝනා.නෝනගෙ තව මොනවා හරි බඩු තියනවද සූදානම් කර ගන්න?………….”

“වෙන බඩු මොකුත් නෑ දරුවො.සේරම හරි…………..”

මං නෝනව ඇඳෙන් තියලා සීට් එකත් පෙරවලා ලයිට් එක ඕෆ් කරලා ටේබල් ලෑම්ප් එක විතරක් ඔන් කරලා කාමරේ දොර වහලා එළියට ආවා.

“සමනලී…..පොඩ්ඩක් එනවකො………….”

“ඇයි මහත්තයා?…………..”

“මගෙ ටීෂර්ට් දෙකක් තියනවා.අයන් කරලා දෙනවකො.තමුසෙට පුලුවන්ද?………….”

“හා මහත්තයා.මට පුලුවන්…………..”

“එහෙනම් මේ ටීෂර්ට් දෙකයි මේ කලිසමයි අයන් කරලා මෙතනින් තියනවකො.මං ගිහින් වොශ් එකක් දාගෙන එන්නම්…………….”

“හා මහත්තයා…………….”

මං ගිම්හාන් මහත්තයගෙ ටී ෂර්ට් දෙකයි කලිසමයි අයන් කරන්න පටන් ගත්තා.මේ යකා නම් කිව්වෙ මාවා ගෙනාවෙ රේණුකා නෝනගෙ වැඩ ටික කරන්න විතරමයි කියලා.එදා ඉරේෂා නෝනට කූල් ඩ්‍රින්ක් එක අරන් ගිය වෙලාවෙත් බැන්නා වෙන වෙන වැඩ කරනවා කියලා.දැන් මේකගෙ ඇඳුමුත් අයන් කරන්න වුනානෙ මට.

කොහොම හරි බොහොම පරිස්සමින් ඇඳුම් ටික අයන් කරා.අයන් කරලා ඉවර වෙනකොටම බාතෲම් එකේ දොර ඇරගෙන මූ එළියට ආවා.මහත්තයා ඇඳුම් ටික අයන් කරා කියලා කියන්න මං පිටි පස්ස බැලුවා.බලපු ගමන්ම ටක් ගාලා මං අහක බලා ගත්තා.

මේකාට ලැජ්ජාවක් නැද්ද මන්දා මං මෙතන ඉන්නැද්දී මෙහෙම කොටට කොටේ ටවල් එකක් ඇඳන් ඉන්නෙ.

“මොකෝ තමුසෙ බය වුනාද?බය වෙන්න ඕනි මං මේකත් නැතුව ආවනම්නෙ…………..”😁😉😅

“ම…මඑ…..මහත්තයා ඇඳුම් ටික මැදලා ඉවරයි.වෙන මොකුත් වැඩක් තියනවද කරලා දෙන්න?…………..”

මං අහක බලාගෙනම එහෙම ඇහුවා.

“නෑ.තමුසෙ දැන් ගිහින් නිදා ගන්නවා. ආ…..මට සාමාන්‍යෙන් ඔය වගේ වෙලාවල් වලට ඇහැරෙන්නෑ.තමුසෙ නැගිට්ටම මටත් කතා කරනවා…………..”

“හා මහත්තයා…………..”

කාමරේට ඇවිත් මාත් ඔරලෝසුවේ එලාම් එක තියාගෙනම නිදා ගත්තා.


පහුවදා පාන්දර තුනයි හතලිස් පහට මං ඇහැරුනා.බාතෲම් එකට ගිහින් මුහුණ කට හෝදගෙන එහෙම ඇවිත් රේණුකා නෝනව ඇහැරවලා සූදානම් කරවලා කිරි එකක් හදලා හදලා දුන්නා.ඊට පස්සෙ ගිම්හාන් මහත්තගෙ කාමරේ ගාවට ගිහින් දොරට තට්ටු කරලා කතා කරා.කොච්චර කතා කරත් ගිම්හාන් මහත්තයා නැගිට්ටෙ නෑ.මූ නැගිටින්න පරක්කු වුනොත් ඒකටත් මූ මටම බනියි.ඕන එකක් වෙච්චාවෙ කියලා මං දොරේ අගුල කැරකෙව්වා. මේකා දොර ලොක් කරලා නෑ.දොර ඇරගෙන මං කාමරේට යද්දිත් මූ කට කපලා හොඳටම නිදි.පොරවගෙන ඉඳපු සීට් එකේ බාගයක් බිම.එක කකුලක් ඇඳෙන් පල්ලෙහා.අලියා පොලේ ගහලා වගේ මුනින් අතට පතබෑවිලා බුදි.

“මහත්තයා…..මහත්තයා නැගිටින්නකො.අපිට පරක්කු වෙයි යන්න…………..”

යකෝ මූ කොච්චර කතා කරත් නැගිටින්නෙ නෑනෙ.දැන් වෙලාවත් හතරයි දහයයි.පහ වෙද්දි අපි යන්නත් ඕනි.කල්පනා කරලා කරලා මට හොඳ අයිඩියා එකක් ආවා මේ යකාව නැගිට්ටවන්න.😁😜🤫ස්ටූල් එක උඩ තිබුනු වතුර බෝතලේ අතට අරන් ඒකෙන් වතුර ටිකක් හැලුවා මේ යකාගෙ මූණට.එතකොටයි මූ නැගිට්ටෙ.

“මොන හු#### ද යකෝ උඹ ඒ කරේ?උදේ පාන්දර මාව නාවන්නෙ උඹට මොංගල්ද?…………..”😡😡

“මට මොංගල් නෑ මහත්තයා.කතා කරන්න ඉගනගෙන ඉන්න ඔක්කොටම කලින්.මං කී සැරයක් කතා කරාද. මහත්තයා නැගිට්ටෙ නෑනෙ.ඒකයි වතුර ඉස්සෙ මූණට.දැන් වෙලාව හතරයි විස්සයි වෙලාව.අපි පහ වෙද්දි යන්න ඕනිනෙ.ඉක්මනට ලෑස්ති වෙන්න…………….”😠😠

තරහින්ම එහෙම කියලා මං ඉක්මනට කාමරේට ඇවිත් ලෑස්ති වුනා.නිල් පාට ඩෙනිම් කලිසමකට දම්පාට ශල්වාර් ටොප් එකක් ඇඳ ගත්තා.කොණ්ඩෙ තනි කරලකට ගොතා ගත්තා.හෑණ්ඩ් බෑග් එකත් අරගෙන නෝනගෙ කාමරේට ආවා.

“සමනලී ලෑස්ති වුනාද?………….”

“ඔව් නෝනා.දැන් පහට කිට්ටුයි.මං බුදු පහන පත්තු කරා.ඉන්න මං නෝනගෙ ඔලුවෙ තෙල් ටිකක් ගාන්නම්…………..”

බුදු පහනෙන් තෙල් චුට්ටක් අරගෙන රේණුකා නෝනගෙ ඔලුවෙ ගෑවා. නෝනගෙ බෑග් එක කාරෙකෙන් දාලා වීල් චෙයාර් එක තල්ලු කරගෙන කාරෙක ගාවට අරන් ආවා.එතකොටයි ගිම්හාන් මහත්තයා ආවෙ.නිල් පාට ඩෙනිම් කලිසමකට ලා නිල් පාට අත් දිග ටීෂර්ට් එකක් ගිම්හාන් මහත්තයා ඇඳලා හිටියෙ.කමිසෙ අත් දෙක වැලමිට ගාවටම නවලා.ඇත්තටම මේ වසවර්තියා මෙහෙම ඇන්දමටත් මාර හැන්ඩ්සම්.

“අනේ පුතේ මාව පිටි පස්සෙන් වාඩි කරවන්න.දුවේ ඔයා ඉස්සරහයින් වාඩි වෙන්න…………..”

ගිම්හාන් මහත්තයා රේණුකා නෝනව පිටි පස්සෙ සීට් එකෙන් වාඩි කරවලා වීල් චෙයාර් එකත් අකුලලා පිටි පස්සෙන් දැම්මා.මං බෑග් එකත් අරගෙන ඉස්සර්හ සීට් එකෙන් වාඩි වුනා.

ටික දුරක් යද්දී රේණුකා නෝනට හොඳටම නින්ද ගියා.මටත් ටිකක් වගේ නිදිමත වුනත් නිදාගත්තෙ නෑ.පැය දෙක තුනක්වත්‍ යයි අනුරාධපුරේට යන්න.උදේ කෑම ගත්තෙ කාරෙකේ ඉඳන්මයි.කොහොමින් කොහොම හරි දවල් වෙන්න කලින් අපිට ඒ වෙද ගෙදරට යන්න පුලුවන් වුනා.

“ගොඩාක් සෙනඟ ඉන්නවා වගේ නේද පුතේ?…………..”

“ඒක තමයි.අපි මෙහාට වෙලා ටිකක් ඉම්මුකො…………..”

වීල් චෙයාර් එකත් තල්ලු කරගෙන මං වෙද ගෙදර ලොකු ගහක් යට සෙවනකට ආවා.ගිම්හාන් මහත්තයත් අපි ගාවින්ම හිටියා.සමහර මිනිස්සු අපි දිහා හොඳට හොඳට බලනවා.

“හරිම සුන්දර පරිසරයක් නේද සමනලී?සනීපයි මේ හුලඟ………….”

“ඔව් නෝනා.මේ හරිම ලස්සන සුන්දර පලාතක් වගේ.හිතටත් හරිම සැහැල්ලුයි මේ වගේ තැනක ඉන්නකොට…………..”

“අම්මෙ ඔයාලා දෙන්නා ඔහොම ඉන්නකො.මං වෙද මහත්තයව හම්බෙලා එන්නම්.නම්බර් පිළිවෙලටද දන්නෑ ගන්නෙ…………..”

ගිම්හාන් මහත්තයා වෙද මහත්තව හම්බෙන්න ගියා.මායි රේණුකා නෝනයි වෙද ගෙදර වටපිටාව දිහා බලමින් හිටියා.වටපිටාවම බෙහෙත් තෙල් සුවඳයි.මනසට හරිම සැහැල්ලුවක් දැනෙන්නෙ.විනාඩි දහයකට විතර පස්සෙ ගිම්හාන් මහත්තයා අපි ඉන්න තැනට ආවා.

“වෙද මහත්තයා මොකද කිව්වෙ පුතේ?……………”

“අම්මව එක්කන් එන්න කිව්වා යමුකො……………”

ගිම්හාන් මහත්තයගෙ ඇඟිල්ලක් තුවාල වෙලා තියන නිසා එයාට වීල් චෙයාර් එක තල්ලු කරන්න බෑ.මං වීල් චෙයාර් එක තල්ලු කරන් ගියා.ගිම්හාන් මහත්තයා මගෙ හෑණ්ඩ් බෑග් එක අතට ගත්තා.

“හරිම හොඳ මහත්තයෙක්.ඒ නෝනා නම් හරිම වාසනාවන්තයි මේ වගේ සැමියෙක් ලබන්න…………..”

එක ගෑණු කෙනෙක් අපි දෙන්නා දිහා බලලා එහෙම කිව්වා.ඒක රේණුකා නෝනට ඇහුනෙ නෑ.හැබැයි ගිම්හාන් මහත්තයට නම් ඇහුනා.අනේ සන්තානං මෑණියනේ එහෙම දෙයක් නම් වෙන්න එපා.😁😜😅මංනෙ දන්නෙ මේකාගෙ තියන නසරානිකම.

පැයක් විතර ගියාට පස්සෙ වෙද මහත්තයා රේණුකා නෝනව පරීක්ෂා කරා.වෙද මහත්තයගෙ නෝනත් මේ වෙදකමට ගොඩාක් දක්ෂයිලු.පැය බාගයක් විතර වෙද මහත්තයා රේණුකා නෝනව බැලුවා.ඊට පස්සෙ කණ්ණාඩිය ගලවලා අපි දිහා බැලුවා.

“ඔය මහත්තයයි නෝනයි කිසිම දේකට බය වෙන්න එපා.අවුරුද්දක් ඇතුලත මේ නෝනව සනීප කරලා දෙන්න පුලුවන්.මේටත් වඩා ලොකු අසනීප මං නිට්ටාවටම සනීප කරලා තියනවා.ඇයි මෙච්චර කාලයක් බලන් හිටියෙ?මීට කලින් මෙහාට එක්කන් ආවා නම් මේ නෝනා මේ වෙනකොට හොඳට ඇවිදිනවා.

“අපි හිතුවෙ අම්මව සනීප කරගන්න බැරි වෙයි කියලා.ඒකයි අම්මත් කකුල් දෙක සනීප වෙන එක ගැන අතෑරලා දාලා තිබුනෙ.මේ ලඟදි පත්තරේක ඔබ තුමා ගැන විස්තරයක් දාලා තියනවා සමනලී දැක්කෙ.එයා තමයි අම්මව මෙහාට එක්කන් එමුයි කිව්වෙ……………”

“මේ නෝනා හරිම වාසනාවන්තයි මේ වගේ ලේලි කෙනෙක් ලබන්න. හැමෝටම මේ වගේ ලේලිලා ලැබෙන්නෑ……………..”

එහෙම කියපු වෙද මහත්තයා බුලත් විට කොටන්න පටන් ගත්තා.මං ඒ වැරැද්ද හරි ගස්සන්න කට අරින්න හදනකොටම රේණුකා නෝනා මගෙ අත අල්ලා හිනාවකින් මාව නැවැත්තුවා.අර පෝරිසාදයා නම් තොලත් හපාගෙන අහක බලන් ඉන්නවා.මූට දැන් කේන්ති ඇති අම්මව බලා ගන්න ආපු වැඩකාරි තමන්ගෙ බිරිඳ කියලා අනික් අය හිතනවට.😆😁😊😃අනේ අම්මපා වැරදිලාවත් එහෙම නම් වෙන්න එපා.🤫😉😆

මතු සම්බන්දයි

Advertisment