රාත්‍රිය උදා වී ඇත.පාර දෙපස ඇත්තේ ඝන අන්දකාරයක් වුවත් ඒ අඳුර පරයා පාරේ ඇති කණු වලින් නිකුත් වන ආලෝකය දසත විහිදී ඇත.
ජනාකීර්ණ පෙදෙසක් වූ මෙම පාරේ මධ්‍යම රාත්‍රිය තෙක් මිනිසුන් එහා මෙහා ගමන් කරයි.
ඈතින් පෙනෙන රේල් පාරේ රාත්‍රී අටයි කාලට ගමන් කරන උඩරට මැණිකේ දුම්රිය හොස් හඬ නංවමින් ඉදිරියට ඇදෙයි.
මහ පාරේ නොයෙක් මාදිලියේ වාහන ගමන් කරයි.කාර්,ලොරි,බස් රථ,බයිසිකල්,බයික්,වෑන් ලක්ෂ ගානක් දිනකට මෙම මාර්ගයෙන් එහා මෙහා ගමන් කරයි.
සෑම දිනකම පාහේ පහල විශාල නුග ගස යට ඇති වඩේ කරත්තය අද නැත.එම කරත්තයේ වඩේ විකුණුවේ වයසක පුද්ගලයෙකි.
අද ඔහු නැත්තේ ඔහුට අසනීපයක් වන්නට ඇත.සෑම දිනකදීම වාගේ මා ඔෆිස් එකේ නිවසට පැමිණෙන විට එම ඔහුගෙන් වඩේ කිහිපයක් මිලට ගන්නෙමි.
ඔහු මා ඇමතුවේ පුංචි නෝනා යනුවෙනි.එතරම් ඒ පුද්ගලායාට මා හුරු පුරුදුය.සමහර දින වලදී මා ඔහුට රාත්‍රී ආහර පාර්සලයක් ලබා දෙන්නෙමි.
සීතල සුළං රැල්ලක් මගේ ගත වෙලා ගනු ලැබූ නිසා මා දෙවුර හකුලුවා ගත්තෙමි.අද රාත්‍රියේදී නම් වැසි වසින සළකුණු ඇත. කාමරේට පැමිණ දොර වසා දැමූ මා ජනේල් සියල්ල වසා දමා කර්ටන් දැමුවෙමි.බාතෲම් එකට ගොස් මූණ අත පය සෝදාගෙන සැහැල්ලු පටි සහිත නිදන ඇඳුමක් ඇන්දෙමි.
දුරකථයත් රැගෙන ඇඳට පැමිණ අම්මාට ඇමතුමක් ලබා ගත්තෙමි.ඇය මේ වෙලාවට රාත්‍රී ආහාරය ලබා ගන්නවා විය යුතුය.
“හෙලෝ දෝණි කොහොමද පුතේ?මං මේ දැනුයි කන්න හැදුවෙ……………..”📲
“මං හොඳින් ඉන්නවා අම්මෙ.අම්මා කෑම කන්න.මං පස්සෙ ගන්නම්………………”📲
“එපා පුතේ.ඔහොම ඉන්න.ඔයා කටහඬ අහන එකත් මට ලොකු සැනසීමක්……………..”📲
“අම්මා දුකින් වගේනෙ.මොකක් හරි ප්‍රශ්නයක්ද?……………..”📲
“අනේ එහෙම ප්‍රශ්නයක් නෑ පුතේ. කොහොමද ඔෆිස් එකේ වැඩ එහෙම?අප්පච්චි කතා කරාද?……………….”📲
“ඔෆිස් එකේ වැඩ නම් හොඳින් කරන් යනවා අම්මි.කිසිම ප්‍රශ්නයක් නෑ. අප්පච්චිත් ඊයෙ කතා කරා.දේවිකා ආන්ටිගෙ බර්ත්ඩේ එකනෙ ඊයෙ. හිල්ටන් එකේ රෑ ලොකු පාර්ටියක් තිබුනා………………..”📲
“ඉතින් ඔයත් ගියාද පාර්ටියට?………………”📲
“අම්මා දන්නවනෙ මං ඔය පාර්ටි වලට කැමති නෑ කියලා.දේවිකා ආන්ටිට ප්‍රසන්ට් එකක් හවස ගිහිල්ලා දීලා විශ් කරලා ආවා………………”📲
“හ්ම්ම් ඒක හොඳයි.ඔයා ඔය හොටෙල්ස් ගානෙ පාර්ටි වලට රෑ තිස්සෙ තනියම යන්න එපා.ඔයා ගෑණු ළමයෙක්නෙ.මේ සමාජෙ හරිම කුරිරුයි හැම තිස්සෙම පරිස්සමින් ජීවත් වෙන්න ඕනි………………..”📲
“අම්මා චුට්ටක්වත් බය වෙන්න එපා.මං පරිස්සමින් ඉන්නවා.අයිරා ආන්ටිත් ඉන්නවනෙ ඉතින්………………..”📲
“අයිරාත් ඉන්න නිසා තමයි මං මෙහෙමවත් ඉන්නෙ.නැතනම් ඔයා ඔහේ තනියම දාලා මං කොහොමද මෙහෙ ඉන්නෙ…………….”📲
“අම්මි බය නැතුව ඉන්නකො.මං එහෙනම් තියන්නම්.අම්මා කෑම කන්න.බුදු සරණයි.ගුඩ් නයිට්……………”📲
“බුදු සරණයි දූ.ගුඩ් නයිට්…………….”📲
ඇමතුම විසන්ධි කරපු මං ඩේටා ඔන් කර වට්ස්ඇප් බැලුවා.දේවිකා ආන්ටි ඊයේ පාර්ටි එකේ ෆොටෝස් කිහිපයක් එවා ඇත.නිල් පැහැති දිලිසෙන අත් රහිත දිගු ගව්මට ඇය ඉතාමත් ලස්සනය.ආන්ටි යැයි පැවසුවාට ඇය මට වඩා වැඩිමහල් වන්නේ වසර එකොළහක් පමණි.
ආන්ටි යැයි අමතන්නේ ඇය මාගේ පියාගේ දෙවන විවාහයේ බිරිඳ නිසාය.මගේ කුඩම්මා වුවත් ඇය මට වෙනස්කම් කරන්නේ නැත.අප දෙදෙනා විටෙක යහලුවන් සේය.විටෙක ඇය අප්පච්චීටත් වඩා මට ලෙන්ගතු වෙයි.මට ඒ නිවසේ නවතින්නට යැයි කිව්වද මගේ සිතේ එයට කැමැත්තක් ඇති නොවෙයි.
අප්පච්චීගේ නිවසේ සිට මා රැකියාව කරන ආයතනයට කාරෙකෙන් යාමට පැය දෙකක් වත් ගත වේ.එම නිසා මා මේ මහල් නිවාස සංකීර්ණයේ සුපෝගබෝගී නිවසක නතර වූයෙමි. මෙහි කාමර තුනකුත් බාතෲම් එකකුත්,මුළුතැන් ගෙයත්,සාලෙත්, කෑම කාමරයකුත් තිබේ.මෙම නිවාස සංකීර්ණයේ රටේ ප්‍රධාන පෙලේ පෝසතුන් ජීවත් වෙයි.ඔවුන්ගෙන් සමහරු ඩොක්ටර්ලාය.තවත් සමහරුන් ඇමතිවරුන්ගේ දරුවන් වන අතර ව්‍යාපාරිකයින් ඇතුළු විවිධ මාදිලියේ පොහොසතුන් ඇත. ඔවුනොවුන් ඔවුනොවුන්ගේ පාඩුවේ සිටින අතර අනෙකුන්ගේ දෙවල් පිළිඹඳව ඕපාදූප සොයන්නේ නැත.
උදේ පාන්දර පහමාරට පමණ අවදි වන මම ඇඟ සෝදා සූදානම් වී ඔෆිස් යන්නෙමි. වැඩ පටන් ගන්නේ උදෑසන අටටය. හවස පහට ඕෆ් වන අතර අප්පච්චීගේ රියදුරා වන ගීතරතන අංකල් මාව කාරෙකෙන් නිවස අසලටම ගෙනවිත් බස්වයි.උදේට මාව ඔෆිස් එක්කන් යන්නේද ගීතරතන අංකල්ය.
මගේ නම ශනායා දිව්‍යාංජලී සමරසිංහ මගෙ අම්මා සුනේත්‍රා රූපරත්නයි.මගේ පියා රාජිත සමරසිංහ වන අතර ඔහු මේ කෝටිපති ව්‍යාපාරිකයෙකි.ඔවුන් දෙදෙනා විවාහ වී වසර දෙකක් ඉක්මව ගිය විටදී මා ඉපිද ඇත.සුළු සුළු පව්ල් ආරවුල් ඔවුන් දෙදෙනා අතර තිබී ඇති අතර ඒවා එතරම් දුර ගිය බවක් මගේ මතකයේ නැත.එහෙත් යම් යම් ආරවුල් මත ඔවුන් දික්කසාද වන විට මට අවුරුදු දහයකි.මගේ අයිතිය අප්පච්චීට හිමි වූ අතර අම්මාට නිතර නිතර මා බැලීමට අවස්ථාව හිමි විය. අප්පච්චී මෙන් නොව අම්මා ඉතා නිහඬ දිවි පෙවතක් ගත කල තැනැත්තියකි.
එහෙත් අප්පච්චී අම්මාටත් මටත් වඩා ආදරය කරේ ව්‍යාපාර වලටය.එම ව්‍යාපාර දියුණු කිරීමට ඔහු රෑ දවල් නොබලා මහන්සි වුනා.ඔහුගේ ලොවේ ව්‍යාපාර අංක එක වද්දී අම්මාත් මමත් දෙවෙනි තැනට පත් විය.එම නිසාම අම්මාත් අප්පච්චීත් අතර නිතර දෙවේලේ රණ්ඩු ඇති විය.
ඒ කාලේ අම්මා නිතර නිතර අසනීප වූ නිසා මාව උසාවියේදී අප්පච්චීට භාර විය.කොළඹ ප්‍රධාන පෙලේ බාලිකා පාසලක ඉගන ගත් මා සාමාන්‍ය පෙළත් උසස් පෙළත් සමත් වී විශ්ව විද්‍යාල වරම් ලැබීය.නමුත් මා විශ්ව විද්‍යාලයට ඇතුලත් වූයේ නැත.එයට අම්මාගේත් අප්පච්චීගේත් විරුද්ධත්වයක් තිබුනේ නැත.මිල මුදල් වලින් මට අඩු පාඩුවක් නොවුවත් මා මේ රැකියාව කරේ ඉතා ආශාවෙනි.අම්මා සිටින්නේ ඇගේ ගම වන කළුතරය.
“ශනූ බේබි,තාම නිදි නැද්ද?…………….”
කාමරේ අසළට පැමිණ අයිරා ඇන්ටි එසේ ඇසුවාය.
“නින්ද ගියේ නෑ ඇන්ටි.මං මේ පත්තරයක් කියව කියව හිටියෙ.හෙට ඔෆිස් නිවාඩු හින්දා ගානක් නෑ ටිකක් වෙලා ඇහැරිලා හිටියා……………….”
“හෙට සඳුදානෙ බේබි.හෙටත් ඔෆිස් නිවාඩුද?……………….”
“ඔව් ආන්ටි.බදාදා වෙනකල් නිවාඩු. ඔෆිස් එකේ කට්ටිය ට්‍රිප් එකක් යනවා. මට බෑ කියලා හිතුණා යන්න.ඒ හින්දා මං බෑ කිව්වා යන්න……………..”
“බේබි එහෙනම් නිදා ගන්න…………….”
එසේ පවසා අයිරා ඇගේ කාමරෙන් නික්ම ගියා.
නිවාඩු දිනක් වූ නිසා මං ටිකක් දවල් වෙනකල් නිදා ගත්තා.දවල් කිව්වට දවල්ම නෙවෙයි.නවයහමාරට විතර නැගිටලා දත් මැදලා මූණ කට හෝදගෙන උදේ කෑමත් කාලා ටීවි එක දාගෙන බැලුවා.චන්දෙ ළඟ නිසා දේශපාලන රැස්වීම් හැම තැනකම තියනවා.ටීවි එකේත් ඒවා පෙන්නවා ඉවරයක් නෑ.ඉන්දියන් චැනල් එකකට දාගෙන ටැමිල් ෆිල්ම් එකක් බැලුවා. ටිකක් වෙලා යනකොට ඒකත් එපා වුනා.
“මොකෝ බේබි ටීවි එකේ මොකුත් නැද්ද බලන්න?……………”
“අනේ නෑ අයිරා ඇන්ටි.දේශපාලන රැස්වීම් විතරයි හැම එකකම.එපා වෙනවා බලන්න ගියාම………………”
“එහෙනම් සිංදු අහන්න බේබි…………….”
“ඒක නම් හොඳ අදහස……………..”
ෆෝන් එකත් අරගෙන හෑන්ඩ් ෆ්‍රී එකත් ගහගෙන බැල්කනියට ඇවිත් පුටුවක වාඩි වුනා.ගීතයක් රස විඳින අතරතුරදී එක්වරම පාරෙන් වෙඩි හඬක් ඇහුනා. හෑන්ඩ් ෆ්‍රී එකත් ගලවලා දාලා පුටුවෙන් නැගිටලා මං ඒ වෙඩි හඬ ඇහුනු පාර දිහා බැලුවා.නිවාස සංකීර්ණයේ හිටපු හැමෝම වගේ මිදුලට පිරුණා.පාරේ යන වාහන සියල්ලක්ම නවතලා බලාගෙන ඉන්නවා.මං ඉක්මනට කාමරේට ඇවිත් පඩිපෙළ බැහැලා අයිරා ඇන්ටිත් එක්කම නිවාස සංකීර්ණයේ මිදුලට ආවා.
“මොකක්ද එකපාරටම වුනේ අයිරා ඇන්ටි.මොකුත්ම පේන්නෑනෙ මෙතන මිනිස්සු ගොඩාක් පිරිලා……………”
“හිතා ගන්න බෑ බේබි.මං හිතන්නෙ කාටහරි මනුස්සයෙකුට වෙඩි තියලා වගේ.අර පොලීසියෙනුත් ඉන්නෙ……………….”
සෙනඟ අතරෙන්ම මං ගේට්ටුව අයිනට ගිහිල්ලා බැලුවා.වෑන් එකක ඉදිරිපස වීදුරුවක් කුඩු වෙලා තිබුනා වෙඩි වැදිලා.ඒක කාගෙහරි දේශපාලකයෙකුගෙ වාහනයක්.වෑන් එකේ වීදුරුවල දේශපාලකයෙකුගෙ පෝස්ටර් අලවලා තිබුනා.එතනට පිරුනු සෙනඟ පොලීසියෙන් එලෙව්වා. පෙනුනු හැටියට නම් ඒ වෙඩිල්ල කාටවත් වැදිලා තිබුනෙ නෑ.හැමෝම තම තමන්ගෙ නිවාස තුලට ආවා.මායි අයිරා නැන්දයිත් ගෙට ඇවිත් වාඩි වුනා.
“අද රෑට අනිවාර්යෙන්ම ප්‍රවෘත්ති වලට පෙන්නයි මේක……………..”
“ඒක නම් ඇත්ත තමයි.විරුද්ධ පක්ෂෙ වැඩක් කියලා කියයි.ඒකනෙ කොහොමත් කියන්නෙ……………..”
අම්මයි දේවිකා ඇන්ටියි දෙන්නම මට කෝල් කරලා ඒ වෙඩි තැබීමේ සිද්දිය ගැන ඇහුවා.මං දන්න තරමින් ඒ ගැන විස්තර කිව්වා.රෑට ප්‍රවෘත්ති වලටත් ඒ ගැන විස්තර පෙන්නුවා.එයාලා දෙන්නම බය වෙලා ඉඳලා තියෙන්නෙ. මීට කලින් කවදාවත් මේ නිවාස සංකීර්ණය අසල මේ වගේ දෙයක් සිදු වෙලා නෑ.
“වෙඩි තියපු මිනිහා අහු වෙලාද බේබි?……………..”
“ඔව් අයිරා ඇන්ටි.අර ආණ්ඩුවෙ ඇමති කෙනෙක් ඉන්නෙ විජිත් ගජධීර කියලා. ඒ ඇමතිගෙ ගෝලයෙක් වෙඩි තියලා තියෙන්නෙ.හැබැයි කාටවත් තුවාල වෙලා නෑ……………….”
“ඒ ඇමති මේ පාරත් චන්දෙ ඉල්ලනවලු නේද?අනේ මොකට ඔය හැටි සල්ලි හම්බකරනවද මන්දා………………”
“ඒක නම් ඇත්ත තමයි.ඒවායෙන් ඉතින් ඒ අයගෙ පව්ල් උදවිය සැප විඳියි.එයාලගෙ දරුවො එහෙම………………”
“ඒ ඇමතිව පොලීසියෙන් අල්ලගෙනද බේබි?……………..”
“වෙඩි තියපු කෙනාව ඇරෙස්ට් කරලා. ඇප දීලා නිදහස් කරලා තියෙන්නෙ……………..”
“ලොකු ලොකු මිනිස්සුන්ට ඉතින් නීතියක් කියලා දෙයක් නෑනෙ බේබි. මතකද ගිය අවුරුද්දෙ ඔය ඇමතිගෙ පුතාගෙ වාහනේට හැප්පිලා මිනිහෙක්ව තුවාල වුනා ශැන්ග්‍රිලා හෝටලේ ගාවදි……………..”
“අනෙ අම්මෝ ඔව් ඇන්ටි.මතක් කරන්න එපා. ඒක මං මගෙ ඇස් දෙකෙන්ම දැක්කා.ඒ මිනිහා හැප්පිලා උඩින් විසික් වුනේ.මතක් වෙද්දිත් ඇඟත් එක්ක සීතල වෙනවා………………”
මට ඒ සිද්දිය අද වගේ මතකයි.ගිය අවුරුද්දෙ මමයි මගෙ යාලුවො කීප දෙනෙකුයි බීච් ගියා.එයාලා බීච් එකේ වොලිබෝල් ගගහා නටද්දී මං කොට්ටම්බා ගස් සෙවනේ වාඩි වුනා. පාර පැත්ත බලාගෙන අයිස් එකකුත් කකා හිටියා.එක පාරටම පාරේ ගිය වාහන පේලියක මැද හරියෙ ගිය වාහනයකට මිනිහෙක් හැප්පිලා උඩින් විසික් වෙලා මහ පාර මැද්දකට වැටුනා.
ඒ මිනිහගෙ මූන අත පයෙන් හොඳටම ලේ ආවා තුවාල වෙලා.ඒ කාරෙක ඩ්‍රයිව් කරේ ආණ්ඩුවෙ ප්‍රධාන පෙලේ බලවත් අමාත්‍යවරෙකු වූ විජිත් ගජධීරගෙ එකම පුතා කේසර රන්දිව් ගජධීර. පාරෙ ගිය වාහනයක් කතා කරලා ඒ හැප්පුනු මනුස්සයව හොස්පිටල් ගෙනියන්න කියපු කේසර රන්දිව් ගජධීර ඒ වාහෙනේම නැගලා ගියා.මට නම් පුදුමත් හිතුණා මනුස්සයෙක්ව එහෙම හප්පලා එහෙම කිසිම ගානක් නැතුව වාහනේ නැගලා ගිය එක ගැන.