ඇඳුම් ගත්තද සමනලී?…………….”

“ඔව් නෝනා.ගිම්හාන් මහත්තයා මට ගොඩාක් ඇඳුම් අරන් දුන්නා.මං කවදාවත් ඒ වගේ ලස්සන ඇඳුම් ඇඳලා නෑ……………”

“දවල්‍ට වොශ් එකක් දාගෙන ඒවයෙන් ඇඳුමක් ඇඳ ගන්න…………..”

“හා නෝනා……………”

ගිම්හාන් මහත්තයා අරන් දීපු ඇඳුම් ටික අල්මාරියට අහුරගෙන මගදි ගත්තු කාන්තා පත්තරේ කියවන්න ගත්තා.වෙලාව එකොලහයි හතලිහ හින්දා මං පත්තරේ පැත්තකින් තියලා නෝනව නාවන්න ලෑස්ති කරා.වතුර උණු කරලා බාතෲම් එකට එක්කන් ගිහිල්ලා තමයි නෝනව නෑව්වෙ.

“සමනලීවත් තෙමෙනවා මාව නාවන්න ගිහින්.මාව නාවලා ඉවර වුනාට පස්සෙ ඔයත් නාන්න දරුවො……………”

“හා නෝනා……………”

නෝනව නාවලා ඇඳුම් ඇඳ ගන්න උදව් කරලා කාමරේට එක්කන් ආවා.ඔලුව පීරලා ඉවර වෙලා කෑමත් කැව්වා.

“සමනලී අර බෙහෙත් බෝතලේ ගන්නකෝ…………..”

“ආ නෝනා…………..”

මං ඒ බෙහෙත් බෝතලෙ අරන් නෝනට දුන්නා.

“මේකෙ බෙහෙත් අදින් ඉවරයි සමනලී. මේකෙ නම කොලේක ලියලා පුතාට දෙන්න.එයා ෆාමසියෙන් මේ බෙහෙත් එක ගෙනත් දෙයි……………”

“හා නෝනා මං ලියලා දෙන්නම්…………..”

මං කොල කෑල්ලක ඒ බෙහෙත් එකේ නම ලියලා ගිම්හාන් මහත්තයට දෙන්න කාමරේ ලඟට ගියා.

“මහත්තයා………….”

මං ගිම්හාන් මහත්තයගෙ කාමරේ දොරට තට්ටු කරා.විනාඩි පහක් විතර ගියා දොර අරින්න.

“මොකද?…………..”😠

“මහත්තයා මේක මේ…………..”

“ලව් ලෙටර් එකක්ද?…………..”😁😆

මට පිස්සුයැ මේකාට ලව් ලෙටර් එකක් දෙන්න.මගෙ දෙයියනේ මට නම් මේ වගේ යස්ස පැටියෙක්ව නම් මුණ ගැහෙන්න එපා.ඊට වැඩිය හොඳයි සදා කාලිකවම තනිකඩවම ඉන්නවා.

“නෑ මහත්තයා.නෝනගෙ බෙහෙත් බෝතලේ ඉවරයි.මේක ෆාමසියෙන් ගෙනත් දෙන්න………….”

“හ්ම්ම්.අම්මට වෙන මොකුත් ඕනි දේවල් තියනවද?…………..”

“නෑ මහත්තයා………….”

“තමුසෙට මොනවහරි ඕනි දෙයක් තියනවද?……………”

“මට මොකුත් එපා මහත්තයා……………”

රේණුකා නෝනාට හොඳටම නින්ද ගිහින්.මං මගේ කාමරේට ඇවිත් අර පත්තරේ කියවන්න පටන් ගත්තා. සතිපතා පලවෙන නවකතාවක් කියවලා ඉවර වෙලා ඊළඟ පිටුව බලද්දී ඒකෙ තිබුනු දේ මං ටිකක් උවමනවෙන් බැලුවා.ඒකෙ තිබ්බෙ සිංහල හෙළ වෙදකම ගැන ලිපියක්.පාරම්පරික හෙළ සිංහල වෙදකම් කරන අනුරාධපුරේ ස්ථානයක් ගැන දීර්ඝ විස්තරයක් ඒ ලිපියෙ තිබුණා.ඇවිදින්න බැරුව එක්තැන් වෙලා ඉන්න ලෙඩ්ඩුන්ව සනීප කරපු හැටියි,දෙපා අත් වල දීර්ඝ කාලීන රෝගාබාධ නිට්ටාවටම සුව කරපු හැටි එහෙම ඒ ලිපියෙ තිබුණා.

කොන්දෙ අමාරුව කැඬුම් බිඳුම් වැනි දේවල් එහෙම ඒ බණ්ඩාර වෙද මහත්තයා සුව කරලා තියනවා.සම්පූර්ණ ලිපියම කියවපු මට හිතුණා රේණුකා නෝනව මේ බණ්ඩාර වෙද මහත්තයා ගාවට එක්කන් ගියොත් සනීප කරගන්න පුලුවන් වෙයි කියලා.ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ නෝනගෙ කකුල් දෙකම පණ නැති වෙලානෙ තියෙන්නෙ.

එතෙන්ට එක්කන් ගිහිල්ලා තෙල් බෙහෙත් ගාලා එහෙම කාලයක් ගිහිල්ලා සනීප කර ගන්න පුලුවන් වෙයි.මං පත්තරේ ඒ කොටස අරන් වෙනම තියා ගත්තා. රේණුකා නෝනට කියන්න කලින් මේ ගැන ගිම්හාන් මහත්තයට කියලා ඉන්න ඕනි.

රේණුකා නෝනත් නිදි හින්දා කරන්න වැඩකුත් නෑ.ඒ හින්දා මං කුස්සියට ගිහින් චිත්‍රාට රෑ කෑම උයන්න උදව් කරා.ඒ ගෑණු කෙනාත් රේණුකා නෝනගෙ වයසෙම විතර ඇති.මාත් එක්ක හොඳට කතා බහ කරා.මිදුලෙ මල් පැළ වලට වතුර දාලා මං ලොකු නෝනට තේ එකක් අරන් ගියා.ඒ වෙලාවෙ නම් ලොකු නෝනා ඇහැරිලා හිටියෙ.

“පුතා තාම ආවෙ නැද්ද සමනලී?………….”

“මහත්තයා ආවෙ නෑ නෝනා තාම………….”

“අනේ මන්දා පුතා ගැන නම් මට හරිම බයයි අප්පා……………”

“ඒ ඇයි නෝනා?……………”

“මාත් දැන් වයසයි.මෙහෙම ඉඳලා තව කී කාලයක් ජීවත් වෙයිද දන්නෑ.මගෙ ඇස් දෙක පියවෙන්න කලින් පුතා පිළිවෙලක් වෙනවා දකින්නයි මට ඕනි. කොහෙද මේ ළමයගෙ කිසිම උනන්දුවක් නෑනෙ කසාදයක් කර ගන්න…………..”

උදේ ඇඳුම් ගන්න යද්දී හම්බෙච්ච ඉරේෂා කියන ගෑණු ළමයා ගිම්හාන් මහත්තයගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් කියලා කිව්වනෙ.සමහර විට ඒ ගැන ලොකු නෝනා දන්නෙ නැතුව ඇති.

“ඉතින් නෝනා ගිම්හාන් මහත්තයට හොඳ ගෑණු ළමයෙක්ව හොයලා දෙන්නකො.මහත්තයා කැමති වෙයි……………”

“එයා ඉරේෂා කියලා ගෑණු ළමේක්ව නම් ආශ්‍රය කරනවා.කිහිප දවසක්ම මෙහෙත් එක්කන් ආවා.අනේ මන්දා ඒ දෙන්නා ගැලපෙයිද කියලා මට හිතා ගන්න බෑ…………..”

ආ….ඒ කියන්නෙ ඉරේෂා ගැන රේණුකා නෝනා දන්නවා.ඒත් නෝනා ඉරේෂා කියන ගෑණු ළමයට එච්චර කැමති නෑ වගේ.එයාගෙ පෙනුමෙ හැටියට නම් නරක කෙනෙක් වෙන්න නම් බෑ.මට ඒ දේවල් ගැන විස්තර අහන්නත් බෑ.මං නෝනව බලා ගන්න ආපු කෙනානෙ. මට මේ පව්ලෙ විස්තර ගැන අහන්න අයිතියක් නෑනෙ.

“නෝනා දුක් වෙන්න එපා.මහත්තයා නෝනට හොඳ ලේලි කෙනෙක්ව ගෙනත් දෙයි……………”

නෝනගෙ හිත හදන්න මං එහෙම කිව්වා.පුංචි කාලෙ ඉඳන් දිවා රෑ නොබලා දුක් මහන්සි වෙලා දරුවන්ව උස් මහත් කරලා කන්න බොන්න දීලා මේ සමාජෙට යහපත් පුරවැසියො කරපු ආදරණීය දෙමව්පියන්ගෙ හිත් වලට සැනසීම ගෙනත් දෙන එක දරුවන් සතු යුතුකමක්.දරුවන්ව උස් මහත් කරලා එයාලාව කසාද බන්දලා දෙනකල් දෙමව්පියෝ දුක් විඳිනවා.

“ඉරේෂා දුව හරිම අහිංසකයි.ඒකයි මට බය.මේකාත් එක්ක කොහොම ජීවත් වෙයිද දන්නෑ ඒ කෙල්ල.පොඩ්ඩ ඇත්නම් කේන්ති ගන්නවා පුතා.එයත් එක්ක ජීවත් වෙනා එක නම් ලේසි නෑ. හොඳ ඉවසීමක් කැපවීමක් තියන්න ඕනි.මුලින්ම මාව බලාගන්න ආපු ගෑණු කෙනා ගියේත් පුතා හින්දා.එයාගෙ වැඩ පොඩ්ඩක් අතපසු වුනොත් එහෙම පුතා බනිනවා.ඒ බැනුම් අහගන්න බැරිවමයි එයා යන්න ගියේ……………”

අනේ දෙයියනේ මටත් ඒ වගේ බැනුම් අහන්න වෙයිද අර වසවර්තියගෙන්. වරදක් කරලා බැන්නොත් එහෙම නම් ඉතිං බැනුම් අහගෙන ඉන්නවා සද්දෙ නැතුව.නිකන් එහෙම බැනගෙන ආවොත් මාත් බනිනවා.ඔය වගේ අයට සෙකන්ඩ් වෙලා ඉන්න බෑ.

හවස පහට විතර ගිම්හාන් මහත්තයා ගෙදර ආවා.හැබැයි ඒ තනියම නෙවෙයි ඉරේෂා නෝනත් එක්ක.මාව දැක්ක ගමන් ඉරේෂා නෝනා කට පුරා සුහදව හිනා වුනා.

“ආන්ටි නිදිද සමනලී?…………..”

“නෑ නෝනා.කාමරේ ඉන්නවා………….”

ඉරේෂා නෝනා රේණුකා නෝනගෙ කාමරේට ගියා.මං කුස්සියට ගිහින් ඉරේෂා නෝනට කූල් ඩ්‍රින්ක් එකක් හදාගෙන් ආවා.

“ඒයි ඔහොම ඉන්නවා…………..”

කාමරේ ළඟට යද්දිම ගිම්හාන් මහත්තයා මාව නැවැත්තුවා.

“ඇයි මහත්තයා?…………”

“තමුසෙව මෙහාට එක්කන් ආවෙ අම්මගෙ වැඩ කරන්න මිසක් එක එකාට කූල් ඩ්‍රින්ක්ස් බෙදන්න නෙවෙයි………….”😠

එක එකාට🤔මූට මොංගල්ද?නැත්නම් ඔලුව කොහේ හරි හප්පගෙනද?එකා එකා කියලා කියන්නෙ තමන්ගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ට.

“එක එකාට නෙවෙයි මහත්තයා මේක ගෙනියන්නෙ?නෝනගෙ ලේලි වෙන්න ඉන්න කෙනාට……………”

ටිකක් සැරෙන් එහෙම කියලා මං කූල් ඩ්‍රින්ක් එක කාමරේට ගිහින් ඉරේෂා නෝනට දුන්නා.ඒක දීලා මං එතන ඉන්නැතුව මගේ කාමරේට ආවා.ටිකක් වෙලා ගියාම ඉරේෂා නෝනා යන්න හදන සද්දෙ ඇහුනා.ගිම්හාන් මහත්තයා ඉරේෂා නෝනට බනින සද්දෙත් ඇහුනා.මේ යකාට පිස්සුද ගෙදරට ආපු කෙනාටත් මෙහෙම බනින්නෙ?ඇරත්,තමන්ගෙ අනාගත බිරිඳ වෙන්න ඉන්න කෙනාට.මං කාමරේ දොර ගාවට ගියා.බැරි වෙලාවත් මේකා ඉරේෂා නෝනට ගැහුවොත් එහෙම?එහෙම ගහන්න දෙන්න බෑනෙ ගෑණු ළමේකුට.

“අනේ මේ තමුසෙ කියන්න විදියට නටන්න බෑ ඕයි මට.යන දේවාලෙක යනවා ඕයි මට පව් නොදී.උඹට ඕනි විදියට නටවන්න වෙන කෙනෙක්ව හොයා ගනින්.ඉන්න පුලුවන් නම් හිටපන් නැත්නම් පලයන්………….”😡😡

මට ඇහුනා ඉරේෂා නෝනා ඉකි බිඳින සද්දෙ.අර යකා ආවේෂ වෙලා.අනේ අම්මපා මට හිතයි මූට දෙකේ දෙකේ පොල්ලක් අරන් ඔලුවට පත බාන්න.අර අහිංසක කෙල්ලට මෙහෙම බනින්නෙ මූට හිතක් පපුවක් නැද්ද අම්මපා.මං වගේ එකියක් නම් අම්මපා හොඳ පා පහරක් එල්ල කරනවා බිමටම පතබෑවෙන්න.😁🤣😉😆😀

“ප්ලීස් ඇයි ඔයා මාව තේරුම් ගන්නෙ නැත්තෙ ගිම්හාන්.මට බෑ ඔයාව නැතුව ඉන්න…………..”😭😭

“මගෙ යකා අවුස්සන්න එපා ඉරේෂා.මං තමුසෙට මෙච්චර වෙලා හොඳින් කිව්වෙ.දැන් එනවා මං තමුසෙ ගේ ගාවින් බස්සන්නම්.මට පව් නොදී යන මගුලක යනවා…………..”😡😡

පව් ඉරේෂා නෝනා.මේ යකාට නම් පොඩ්ඩක්වත් මනුස්සකම ගෑවිලා. දෙවියො මූව මවනකොට මූසලකම, නපුරුකම,දුෂ්ඨකම,කේන්තිය,වෛරය, මුරණ්ඩුකම ඔක්කොම දාලා.හැබැයි මනුස්සකම දාන්න අමතක වෙලා.හරියට ලුණු නැති හොද්දක් වගේ.මිරිස් තුනපහ හැමදේම හොඳට තිබ්බත් ලුණු නැත්නම් හොද්දෙ රසක් නෑනෙ.මූත් ඒ වගේම තමා මෙලෝ රහක් නෑ.😁😊😠

ඉරේෂා නෝනව ගිහින් දාලා ගිම්හාන් මහත්තයා ගෙදර ආවා.රේණුකා නෝනා රෑට කන්නෙ අටහමාරට විතර වගේ නිසා මං අර පත්තරේත් ගිම්හාන් මහත්තයා ගාවට ගියා.

“මහත්තයා?…………”

“ඇයි?…………”😠

“මේ…..පොඩි දෙයක් කියන්න තියනවා…………..”

“එනවා ඇතුළට දොර ඇරලා තියෙන්නෙ…………..”

මං දොර ඇරගෙන ඇතුලට ගියා. ගිම්හාන් මහත්තයා හිටියෙ ලැප් එකේ වැඩක් කර කර.මං ලඟට ගිහින් හිටගෙන හිටියා.

“මොකද ආවෙ?කියන්න තියන දෙයක් කියනවා.මට වැඩ තියනවා……….”😠😠

“එහෙනම් මං පස්සෙ එන්නම් මහත්ටයට වැඩ නැති වෙලාවට………….”

එහෙම කියලා මං යන්න හැදුවා.

“ඔහොම ඉන්නවා……………”

ගිම්හාන් මහත්තයා ලැප් එක වහලා පැත්තකින් තියලා ඇඳේ වාඩි වුනා.

“දැන් කියනවා කියන්න ආපු දේ?………….”

“මහත්තයා මට නෝනගෙ අසනීපෙ ගැන කතා කරන්න ඕනි.ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ නෝනට කරපු බෙහෙත් වලින් පොඩ්ඩක්වත් ගුණයක් තිබ්බෙ නැද්ද?…………..”

“බාහිර තිබ්බ තුවාල නම් අඩු වුනා.ඒත් කකුල් දෙක පණ නැති වුනා කවදාවත් ඇවිදින්න බැරි විදියටම.කොච්චර බෙහෙත් කරත් අඩු වුනේ නෑ.ඊට පස්සෙ අම්මටම එපා වුනා බෙහෙත් කරන එක.ඒකයි අපි නැවැත්තුවෙ………….”

“අපි නෝනව සිංහල බෙහෙත් කරන තැනකට ගෙනිහින් බලමුද මහත්තයා?…………..”

“වැඩක් නෑ සමනලී.අම්මා ඇවිදින්න තියන ආශාව අතෑරලා තියෙන්නෙ.එයා කියන්නෙ මොනවා කරත් කකුල් දෙක සනීප වෙන්නෙ නැතිලු………….”

“එහෙම කියන්න එපා මහත්තයා.අපිට පුලුවන් හොඳ සිංහල වෙදකම කරන කෙනෙක් ගාවට ගිහිල්ලා ප්‍රථිකාර කෙරෙව්වොත් නෝනගෙ කකුල් දෙක සනීප කරගන්න.මේ බලන්න මේ පත්තරේ ඉන්න බණ්ඩාර වෙද මහත්තයා.මේ වෙද මහත්තයා නම් හොඳ දක්ෂ වෙදෙක් වගේ.එයාගෙන් බෙහෙත් ගත්තු අය කියලා තියන දේවල් බලන්නකො.අවුරුදු ගානක් අසනීප වෙලා එක්තැන් වෙච්චි මනුස්සයින්ව ඒ වෙද මහත්තයා නිට්ටාවටම සනීප කරලා ඇවිද්දෝලා තියනවා.

මං නම් කියන්නෙ මහත්තයා අපි නෝනව මේ වෙද මහත්තයා ගාවට එක්කන් යමු කියලා.අපි මහන්සි වෙලා උත්සහ කරොත් අපිට නෝනව සනීප කරගන්න පුලුවන්.බෑ කියන මතයෙම ඉන්න එපා මහත්තයා හිතට කොහොම හරි පුලුවන් කියලා හිතලා අපි මේ වැඩේ කරලා බලමු…………..”

“මං අම්මත් එක්ක කතා කරලා බලන්නම්……………”

“බල බලා ඉන්න නෙවෙයි මහත්තයා කොහොමහරි නෝනව එහාට එක්කන් යන්න කැමති කරව ගන්න………….”

මං ටිකක් තදින් එහෙම කිව්වම මේකා ඇස් ලොකු කරන් මං දිහා බැලුවෙ.ඒ බැල්මට මට බයක් නොහිතුනාම නෙවෙයි.ඇයි යකෝ පිට කෙනෙක් වෙලත් මට රේණුකා නෝනව සනීප කරගන්න තියන උවමනාව එයාගෙ පුතා වෙච්චි මූට නෑනෙ.මේ වගේ පුතෙක් හදපු වෙලාවෙ රේණුකා නෝනට තිබ්බෙ හරක් පට්ටියක් දාගන්න.

“මොකෝ තමුසෙ මට තර්ජනේ කරනවද ආ?…………..”

“මහත්තයා කැමති විදියකට හිතා ගන්න.තර්ජනේ කරත් ඉතිං මහත්තයගෙ අම්මා වෙනුවෙන්නෙ. දරුවෙකුට දෙමව්පියො කියන්නෙ දෙවිවරු වගේ මහත්තයා…………..”

මතු සම්බන්දයි