මං නපුරාව කසාද බැඳලා දැන් මාස අටක් විතර වෙනවා. අර වැඩයි මේ වැඩයි කියලා.එක සැරයක් නුවර ගිහින් දළදා මාලිගාව වැඳලා ආවා එච්චරයි.අනුරාධපුරයේ එක්කන් යන්න කියලා දැන් මාසයක් විතර ඇති. ඒත් තාම එක්කන් ගියේ නෑ. වෙලාවකට මට මේ නපුරු යකාත් එක්ක ඇති වෙන්නෙ පුදුම තරහක්. එයාට ඉතින් බිස්නස් වැඩ තමයි අංක එක වෙලා තියෙන්නෙ.

“ජාන්වී……………”

මතක් වුනා විතරයි නපුරා ගෙදර ඇවිත්.

“ඇයි?………….”

“මොනවද තමුසෙ ඔච්චර කල්පනා කරන්නෙ?මං ඇවිත් දැන් පැයකටත් වැඩියි.වොශ් එකකුත් දාගෙන තේත් බිව්වා…………..”

“මොකුත් නෑ.මං නිකන් මෙතෙන්ට වෙලා හිටියෙ……………”

“කෝ මට පේන්නෑනෙ……………”

“ඇයි මේ ඉන්නෙ මං……………”

“ඇයි තමුසෙ නිකන් ඉන්නවා කිව්වෙ මේ ඇඳුම් ඇඳගෙනනෙ ඉන්නෙ…………..”😆🤣

“පිස්සා.මං තරහයි…………….”😠😠

එයාගෙ වැඩේම මට කේන්ති ගිය වෙලාවට මාව අවුස්සන එක.බොහොම අමාරුවෙන් මං කේන්තිය පාලනය කරගෙන ඉන්නෙ.එතනින් යන්න හැදුවත් ශිවන්ත මගෙ අතේ බාහුවකින් ඇදලා එයාගෙ තුරුලට ගත්තා.මගේ මුහුණට පාත් වෙලා ඇස් වලින් ඇයි කියලා ඇහුවා.මං රවලා අහක බලා ගත්තා.

“රවන්න නම් ලෑස්ති වෙන්න එපා.ඔය සුදු මූණ කැත කර ගන්න තමයි ඔය හදන්නෙ…………”

“අනේ ශිවන්ත අයියෙ අතාරින්න මාව……………”

මම ඔහුගේ ග්‍රහණයෙන් මිදෙන්න උත්සහ කරත් එයා මාව තව තවත් ඇඟට තියලා තද කර ගත්තා හෙලවෙන්නවත් බැරි වෙන්නම.

“අතාරින්න හිතෙන්නෙම නෑ තමුසෙව. මේ ඒක නෙවෙයි අම්මා උදේ මොකද කිව්වෙ?…………”

“මොකුත් කිව්වෙ නෑ…………”😠😠

“ඇත්ත කියනවා මං තමුසෙගෙන් හොඳින් අහන්නෙ?………….”😠😠

“ඒක තමයි කිව්වෙ.මොකුත් කිව්වෙ නෑ…………..”😠😠

“මොකද තමුසෙ මේ ගහගන්න වගේ කතා කරන්නෙ?ආ කියනවා තමුසෙට මොකද වෙලා තියෙන්නෙ?අම්මා බැන්නද?…………..”😡😡

එවර ශිවන්තගේ හඬ මදක් දැඩි විය. මගේ අත් දෙක මිරිකගෙන නපුරු වූ ඇස් දෙකෙන් මදෙස බලන්නට විය. මගේ ඇස් වලට කඳුලු පිරෙන්නට විය.

“අම්මා බැන්නෙ නෑ ශිවන්ත අයියෙ. ඔයා බොරුවට කලබල වෙලානෙ………….”

“එහෙනම් මොකද මේ තමුසෙගෙ ඇස් වල කඳුලු?…………..”

“මොකුත් නෑ අයියෙ.අම්මා ඇහුවා දරුවෙක් හදන්න පරක්කු ඇයි කියලා?…………..”

“ඉතිං තමුසෙ මොකද කිව්වෙ?…………..”

“මං මොනවා කියන්නද?සද්දෙ නැතුව ඉන්නවා…………….”

“මේ අහන්නකො මැණික මං මුලින්ම කිව්වනෙ රත්තරං අවුරුද්දක් දෙකක් විතර ඉඳලා දරුවෙක් හදමු කියලා. එහෙම කිව්වෙ දරුවෙකුට ආදරේ නැතුව නෙවෙයි.ඔයා ගැන හිතලයි මැණික මං එහෙම කිව්වෙ.අපි කසාද බඳිද්දී ඔයාට අවුරුදු දහඅට ලැබුවා විතරයි.ඉස්කෝලෙන් අවුට් වෙලා අවුරුද්දක්වත් නෑ.ආදරේ කරන්න ඕනි ජීවිතේ විඳින්න ඕනි මේ වගේ පුංචි වයසකදී දරුවෙක් හදාගෙන ඔයාට ඒ වගකීම් බර වැඩියි මැණික……………”

පව් ශිවන්ත අයියා මං ගැන ගොඩාක් හිතනවා.මං හිතුවෙ එයා දරුවන්ට කැමති නෑ කියලා.මං එයා ගැන හිතුවෙ වැරදියටනෙ.

“මට සමාවෙන්න අයියෙ.මං ඔයා ගැන වැරදියට හිතුවෙ.මං හිතුවෙ ඔයා දරුවන්ට කැමති නෑ කියලා……………”

“මං කැමතියි මැණික ගොඩාක්…………..”

“එහෙනම් හදමුකෝ නපුරෝ.මං හරිම ආසයි ඔයා ඔයා වගේ පුතු පැටියෙකුට……………”

ශිවන්තගේ නහයට තට්ටුවක් දාලා ඒ මුහුණට එබෙමින් මං එහෙම කිව්වා. එයා මාව අනික් පැත්තට පෙරලගෙන මගේ ඇඟට බර වෙලා මගේ දෙතොල් මත හාදු තැවරුවා.මගේ දෑත් ඔහුගේ නිරුවත් පිට පුරා එතී ගියේ තව තවත් ඔහුව මවෙතට ලං කරගනිමින්. උරහිසින් පැන්නූ මගේ රෑ ඇඳුම ඇඟෙන් ඉවත් කරපු එයා මගේ නිරුවත් සිරුර පුරාම එයාගෙ දෙතොල් වලින් දඟකාරකම් කරා.මගේ මුවින් පිට වූ සිහින් කෙඳිරිලි හඬවල් වලින් කියා පෑවේ ඒ සිරුරේ උණුසුමයි.මගේ හැඟීම් තේරුම් ඔහු ඇඳ උන් සරම උනා දමා මගේ සිරුර මතට පැමිණියා. මොහොතින් මොහොත ගෙවී ගියා. අනුරාගී හෝරාවක අපි අතරමං වුනා. එයාගේ දෑත් වලින් පොඩි වුනු මගේ ළමැදෙන් වේදනාවක් දැනුනා.ඒ දෙතොල් වල පහසින් මගේ සිරුර මත් වුනා.එන්න එන්නම ඔහුගේ ස්පර්ශයන් රළු වුනා.වේදනවක් නොදැනුනාම නොවේ.හෝරාවකට පසු මගේ සිරුර මතින් ඈත් වූ එයා මට සීට් එක පොරවා එයත් පොරව ගත්තා.

“ශිවන්ත අයියේ ඔයා තරහින්ද ඉන්නෙ?………….”

“නෑ පිස්සියෙ.තමුසෙත් එක්ක ඔට්ටු අල්ලලා මට මහන්සියි ඕයි………….”

“එහෙනම් නිදා ගන්න…………”


“ඒයි මැට්ටියේ මොකෝ මේ තාමත් නිදි. නැගිටිනවා………….”

“අනේ මට තව ටිකක් නිදා ගන්න දෙනවකෝ අයියෙ.මට නිදි මතයි………….”

“නැගිටපන් යකෝ.උඹ ඔහොම ඉඳලා උදේ පාන්දරම මාව අවුස්සගන්නද හදන්නෙ?………….”

උවමනාවෙන් ඇස් ඇරලා බලද්දියි මට තේරුණේ ඇඟෙන් බාගයක්ම එලියෙ කියලා.මං ශිවන්තට රවලා සීට් එකෙන් ඇඟ වහගත්තා.එයා කට කොනකින් මනමාල විදියට හිනා වෙලා කබඩ් එක ඇරලා ඇඳුමක් අරන් මගෙ ඇඟට දැම්මා.

“ඕක ඇඳගෙන එනවා පල්ලෙහාට. තමුසෙ අඳුරන කෙනෙක් ඇවිත් ඉන්න්වා…………..”

මං බාතෲම් එකට ගිහින් ලෑස්ති වෙලා ශිවන්ත දීපු ඇඳුමත් ඇඳගෙන පල්ලෙහාට ආවා.කළු කෝට් එකයි කලිසමයි ඇඳ ගත්තු අවුරුදු පනහක විතර පිරිමි කෙනෙක් සාලෙ පුටුවක වාඩි වෙලා ශිවන්තත් එක්ක කතා කර කර හිටියා.

“ජාන්වි මෙයාව දන්නවද?………….”

මං නෑ කියලා ඔලුව වැනුවා.මං කොහොමද මේ මනුස්සයව දන්නෙ?දැක්කෙත් අදමයි.

“දුවේ….මං හසන් ගෝවින්ද්.ඔයාගෙ තාත්තා……………”

මොකක්??මගෙ තාත්තා😱😱ඒත් මෙයාගෙ නමේ හැටියට නම් මෙයා ලංකාවෙ කෙනෙක් වෙන්න බෑ.ඒත් මෙයා කොහොමද මාව හොයා ගත්තෙ. කිසිම දෙයක් හිතා ගන්න බැරුව මං ශිවන්ත අයියා ගාවට ගියා.

“ශිවන්ත අයියෙ මොනවද මෙතන සිද්ද වෙන්නෙ?මේ ඇත්තටම මගෙ තාත්තද?අනේ මට නම් මේ මොකුත්ම තේරෙන්නෙ නෑ………….”

“රිලැක්ස් ජාන්වි.මෙයා ඔයාගෙ තාත්තා කියලා මං දැන ගත්තෙත් දැන්.මේ ගෝවින්ද් සර් මෙහෙ ආවෙ බිස්නස් වැඩක් ගැන කතා කර ගන්න.අතන අපි දෙන්නගෙ වෙඩින් ෆොටෝ එක දැකලා ගෝවින්ද් සර් ටිකක් අමුතු වුනා.ඔයත් ඔයාගෙ අම්මා වගේමයි.සර්ට ඔයාගෙ අම්මව මතක් වෙලා.එයා ගාව තිබුනු ඔයාගෙ අම්මගෙයි එයාගෙ ෆොටෝ එකක් මට පෙන්නලා විස්තර ඇහුවා. එතකොටයි මං දන්නෙ මේ ඔයාගෙ තාත්තා කියලා………….”

“අනේ මගෙ තාත්තද මේ ?තාත්තෙ………….”

මං තාත්තගෙ දෙපා අල්ලලා වැන්දා. එයා මගෙ ඔලුව අත ගෑවා.ඒත් මට එක දෙයක් ගැන හිතා ගන්න බෑ.ඇයි මගෙ තාත්තා අම්මව දාලා ගියේ?මං ඒ ගැන තාත්තගෙන් ඇහුවා.තාත්තා ඉන්දියානු ජාතිකයෙක් වුනාට එයාට සිංහල අපිට වගේම හොඳට පුලුවන්.

“මට සමාවෙන්න දූ.අපෙ අම්මයි තාත්තයි මාලිනිට කැමති වුනේ නෑ. එයාගෙ ආගම ජාතිය වෙනස් නිසා අපි අතර ගොඩාක් ප්‍රශ්ණ ඇති වුනා.මං මාලිනිගෙන් ඈත් වුනේ අපෙ අම්මයි තාත්තයි එයාගෙ ජීවිතේට අනතුරක් කරයි කියන බයටයි.ඒත් මං දැනන් හිටියෙ නෑ මාලිනිට මගෙන් දරුවෙක් ඉන්නවා කියලා.එයා සමහර විට මට ඒ දේවල් කියන්න නැතුව ඇත්තෙ දරුවට මගේ දෙමව්පියන්ගෙන් අනතුරක් වෙයි කියන බයට වෙන්න ඇති…………..”

“අම්මා……අම්මා ජීවතුන් අතර නෑ තාත්තෙ……………”😭😭

“මට ඒ හැම දෙයක්ම ශිවන්ත පුතා කිව්වා දූ.මං හින්දා තමයි මාලිනීට මෙහෙම අපරාධයක් වුනේ………..”😢😢

“පරණ දේවල් මතක් කරලා දැන් දුක් වෙන්න එපා අංකල්.ඔයාට දුවත් හම්බුනානෙ……………”

“තාත්තා කෙනෙක් විදියට මාත් කැමතියි මගෙ දූ ගාවට වෙලා ඉන්න. ඒත් මට ඉන්දියාවලට යන්න වෙනවා පුතා.ඔයා මගෙ දූව හොඳින් බලා ගන්න.නෙක්ස්ට් ඉයර් මං ආපහු මෙහෙ එනවා…………….”

මාස කිහිපයකට පසුව👇👇👇

“ශිවන්ත අයියේ අනේ එන්නකෝ චුට්ටක්…………..”

“මොකද බන් බෙරිහන් දෙන්නෙ?තව ඩිංගෙන් මාව බාතෲම් එකේ ලෙස්සලා වැටෙනවා.උඹ හදන්නෙ මගෙ අතක් පයක් කඩන්නද?………….”

“බලන්නකෝ අනේ මෙයා පයින් ගහනවා.මට හරිම අමාරුයි.කොන්දත් කැක්කුමයි…………….”

ශිවන්ත මගේ කුසට අත් දෙකම තියලා බැලුවා.තාත්තිව දැනිලාද කොහෙද පැටියා හොඳටම දඟලනවා.එයා දඟලනවා බඩ හරියෙ ගැස්සෙනවා හොඳට පේනවා.

“තාත්තා වගේම දඟකාරයෙක්ද කොහෙද.මට ඉන්න දෙන්නෙම නෑ. හරිම අමාරුයි………….”

“අම්මි වගේ කටුස්සියක් නම් වෙන්න එපා පැටියෝ.මගෙ පැටියා තාත්ති වගේ අහිංසක කොලු පැටියෙක් වෙන්න…………”

“අම්මෝ මංනෙ දන්නෙ මෙයාගෙ අහිංසකකම.නපුරා නපුරු කොටියෙක් ඔයා…………..”

ශිවන්තගේ කම්මුල් දෙකම මිරිකලා මං එහෙම කිව්වා.එයාටත් හිනා මගේ දඟකාරකම් වලට.එයා ඉන්නෙ ගොඩාක් සන්තෝශෙන්.තව මාසෙකින් අපේ පුතු පැටියා අපි ගාව.මට කිසිම දේකට මහන්සි වෙන්න දෙන්නෑ.මගේ හැම වැඩක්ම කරන්නෙ ශිවන්ත අයියා.මාව නාවන්නෙත් එයා.මගෙ ඇඳුම් එහෙම හෝදලා දෙන්නෙත් එයා. කකුල් ඉදිමිලා තියන වෙලාවට තවන්නෙත් එයාමයි.මාව ගොඩාක් පරිස්සමට එයා බලා ගන්නවා. ශිවන්තගේ අම්මාත් අපිට උදව් කරනවා.මං කන්න ආස හැම දෙයක්ම හදලා දෙනවා.මාව පන්සල් එක්කන් යනවා.පැටියා වෙනුවෙන් බෝධි පූජා එහෙම තියනවා.හැමදාම උදේටයි හවසටයි ගෙදර පිරිත් දානවා.

වසරකට පසුව👇👇👇

අපේ පුතාට දැන් අවුරුද්දයි.එයා නම් ශිවන්ත වගේමයි.ඉස්සරහට නම් ශිවන්ත වගේම නපුරු වෙයි.කොයි වෙලේ බැලුවත් අඬනවාමයි වැඩේ. අතටම හුරු වෙලා.ශිවන්තගෙ වැඩේම එයාව හුරතල් කරන එකමයි. පුතාගෙන් තොර ලෝකයක් එයාට නෑ.

“ඔයා දැන් මට ආදරේ නෑ ශිවන්ත අයියෙ.පුතාට විතරයි නේද ආදරේ?………….”

“ඒයි තමුසෙට පිස්සුද ඕයි?තමුසෙට ආදරේ නොකරා නම් මට මෙයාව කොහින්ද?තමුසෙට ජෙලස් වගේ නේද දැන්?…………..”

“එනවකො එහෙනම් රෑට පුතා නිදා ගත්තට පස්සෙ මැණිකේ ගාගෙන. දෙන්නෙ පයින් එකක් උඩින් යන්න…………..”😁😉😠

“ආ එහෙමද මැඩම්?ඉන්නවකො මං අල්ල ගන්නම් තමුසෙව………….”

පුතා නිදාගත්තට පස්සෙ ශිවන්ත මං ගාවට ඇවිත් මගේ මගේ කර වටේට අත යවලා තුරුල් කර ගත්තා.ඔය එන්නෙ නපුරාට දැන් තමයි මාව ඕනි.

“මොකෝ පිස්සි තරහයිද?…………”

මං තරහයි වගේ හිටියා.එයා මාව එයාගෙ පැත්තට හරෝගෙන මගේ කම්මුල අත ගෑවා.

“මං තරහ නෑ ශිවන්ත අයියෙ………….”

“මං දන්නවා මැණික උඹට මාත් එක්ක තරහ වෙලා ඉන්න බෑ.මටත් බෑ මැණිකෙවයි පුතාවයි නැතුව ඉන්න.ආ දෙයක් තියනවා කියන්න.මට අමතක වුනානෙ.ලබන මාසෙ තාත්තා එනවා කිව්වා ඉන්දියාවෙ ඉඳන් එයාගෙ මුණුපුරාව බලන්න………….”

“අනේ ශෝක්නෙ අප්පා.ඔයාට ගොඩාක් පිං මහත්තයෝ.එදා මං ගෙදරින් පැනලා ආපු වෙලාවෙ ඔයාව හම්බ වුනේ නැත්නම් මට මොනවා වෙයිද කියලා හිතා ගන්න බෑ.හිතුවෙ නෑ මෙහෙම ජීවිතයක් ලැබෙයි කියලා. ඔයාලා දෙන්නා හින්දා මං අද ගොඩාක් සතුටින් මහත්තයෝ……………….”

👩‍👦👨‍👦😘😘

අවසානයි