උදෙන්ම නැගිටපු මං මුලින්ම කරේ දත් මැදලා මූණ කට හෝදගෙන රේණුකා නෝනගෙ කාමරේට ගිය එක. මං යනකොට නෝනා හොඳටම නිදි. ඊයෙ ගිම්හාන් මහත්තයා කිව්වනෙ නෝනගෙ උදේ කෑම එක හතාමාරට විතර දෙන්න කියලා.මං කුස්සියට ගිහින් නෝනගෙ කිරි එක හදාගෙන ආවා.ඊට පස්සෙ නෝනව ඇහැරෙව්වා.

“ගුඩ් මෝනිං නෝනා.මේ මං නෝනගෙ කිරි එක හදාගෙන ආවා.අපි දත් මැදලා මූණ කට හෝදගෙන කිරි එක බොමු………….”

පොඩි බේසමක් ගෙනල්ලා නෝනගෙ අතට දත් බෙහෙත් දාලා බුරුසුව දුන්නා.

“මේ බේසමට කෙල ගහන්න නෝනා.මං නෝනට කට හෝදන්න වතුර එකක් අරන් එන්නම්………….”

වතුර කෝප්පයක් අරන් ඇවිත් නෝනගෙ මූණ කට හෝදන්න උදව් කරලා කිරි වීදුරුව නෝනගෙ අතට දුන්නා.නෝනා කිරි වීදුරුව බීලා මගෙ අතට දුන්නා.

“ඔය දරුවත් ගිහිල්ලා කිරි එකක් හදාගෙන බීලා මොනවහරි කන්න…………..”

“පස්සෙ කන්නම් නෝනා.දැන්ම බඩගින්නක් නෑ…………”

පනාවක් අරගෙන නෝනගෙ ඔලුව පීරලා කොණ්ඩයක් ගෙතුවා.ගිම්හාන් මහත්තයා වගේ නෙවෙයි එයාගෙ අම්මා හරිම හොඳයි.හරිම කරුණාවන්තයි.නෝනව වීල් චෙයාර් එකෙන් තියලා මං ඇඳ සීට් අයින් කරලා අලුත් සීට් දාලා කොට්ට වලටත් අලුත් උර දැම්මා.මං කරන ඒ වැඩ දිහා රේණුකා නෝනා ආසාවෙන් බලාගෙන හිටියා.

“ඉස්සර හිටපු කෙනා නම් ඔය වගේ කඩිසරව වැඩ කරන්නෑ දරුවො. දෙතුන් සැරයක් කිව්වොත් විතරයි දෙයක් කරන්නෙ.ඇඳ සීට් මාරු කරන්නෙත් මාස දෙකකට වගේ සැරයක්.එයා කිසිම පිළිවෙලක් නෑ……………”

“එහෙම බෑ නෝනා.සතියකට වතාවක් වත් මේ ඇඳ ඇතිරිලි හෝදන්න ඕනි. අසනීප වුනු කෙනෙක්ව බලා ගන්න ඕනි බොහොම පරිස්සමට.හැම දෙයක්ම හොඳ පිරිසිදුවට තියන්න ඕනි…………..”

කාමරේ අතුගාලා අස් කරලා දැම්මා.ඊට පස්සෙ ජනේලෙ ඇරලා දැම්මා හුළං වදින්න.

“නෝනව ඇඳෙන් තියන්නද?…………”

“එපා දරුවො.මං මෙහෙම ඉන්නම්. ඇඳේ ඉන්නම ගියාමත් එපා වෙනවා…………..”

“නෝනාට දැන්ම උදේ කෑම අරන් එන්නද?………….”

“දැන්ම එපා දරුවො.අට විතර වෙද්දි කමු.තාම බඩගිනි නෑ.ඔහෙන් වාඩි වෙන්නකො……………”

නෝනා ඇඳ පෙන්නලා එහෙම කිව්වා. ඒත් මං ඇඳෙන් වාඩි වුනේ නෑ.නෝනා ගාව බිමින් වාඩි වුනා.

“අනේ දරුවො මොකද බිමින් වාඩි වුනේ?ඇඳෙන් වාඩි වෙන්නකො………….”

“කමක් නෑ නෝනා මෙහෙම හොඳයි…………”

“සමනලීට අම්මා තාත්තා ගැන මතකයක් නැද්ද?…………”

“නෑ නෝනා.මං එයාලව කවදාවත් දැකලා නෑ.මං හැදුනෙ වැඩුනෙ ආච්චි ගාව.එයා මට අවුරුදු අටේදී මැරුණට පස්සෙ මං හිටියෙ ළමා නිවාසෙ………….”

“සමනලී දුක් වෙන්න එපා.අපි ඔයාගෙ අනාගතේ ගැන බලනවා………..”

නෝනා මගෙ ඔලුව අතගාලා එහෙම කිව්වා.කණ්ණාඩි මේසෙ උඩ තිබුනා ලස්සන ගෑණු ළමේකුගෙ පරණ පින්තූරයක්.නෝනා තරුණ කාලෙ වෙන්න ඇති.හරිම ලස්සනයි.

“මේ ෆොටෝ එකේ ඉන්නෙ නෝනද?………….”

“ආ…..ඔව් සමනලී.ඔය මං අවුරුදු දහනවයෙදි ගත්තු පින්තූරයක්.ඒ කාලෙ මං හරිම හැඩට හිටියා.මගෙ කොණ්ඩෙත් දණිස්ස ගාවටම ලං වෙන්න තිබුණා.ඒ කාලෙදි තමයි මං හැරිස් එක්ක යාලු උනෙත්.හරිම සුන්දරයි ඒ අතීතෙ…………..”

රේණුකා නෝනා එයාගෙයි එයාගෙ මහත්තයගෙයි අතීතෙ සුන්දර මතකයන් මාත් එක්ක කිව්වා.හරිම සතුටින් සැහැල්ලුවෙනුයි ඒ දේවල් කිව්වෙ.

“ඒ කාලෙ හැරිස්ගෙ තාත්තයි අපේ තාත්තයි දෙන්නා හරිම ගජ යාලුවො. මාව හැරිස්ට යෝජනා කරනකොට මට යාන්තං අවුරුදු දාසයක් වුනා විතරයි. හැරිස් හරිම සැරයි.එයා සෑහෙන නීති කාරයා……………”

එහෙනම් තාත්තාගෙ ගතිගුණ තමයි පුතාටත් පිහිටලා ඇත්තෙ.ගිම්හාන් මහත්තයත් හරිම නපුරු පාටයිනෙ.

“අපි කසාද බඳිද්දී මං සමනලීගෙ වයස. මට පුතාව හම්බෙනකොට අවුරුදු දහනවයයි.ගිම්හාන් පුතා ඉපදිලා අවුරුදි අටක් යද්දී මට දුවෙක් ඉපදුනා……………”

ගිම්හාන් මහත්තයට නංගි කෙනෙකුත් ඉන්නවා මං දන්නෑනෙ.සමහර විට එයා කසාද බැඳලා මහත්තයගෙ ගෙදර ඇත්තෙ.

“දුව ඉපදිලා දවස් එකහමාරෙන් එයා කිරි හිරවෙලා මැරුණා.මගෙ අහිංසකීව අදටත් මතක් වෙනවා. හිටියා නම් දැන් ළමිස්සියෙක්………….”😢😢

රේණුකා නෝනා ඒ ටික කිව්වෙ ඇස් වල කඳුලු පුරවගෙන ලොකූ දුකකින්. මටත් හරියට දුක හිතුණා නෝනගෙ දුව ගැන.

“දැන් අඬන්න එපා නෝනා.ඒ දරුවා හොඳ ආත්මෙක ඉපදිලා ඇති.නෝනට පුතා ඉන්නවනෙ…………..”

“මට සමනලීව දැක්කම මගෙ දුවව මතක් වුනා.එයා හිටියා නම් ඔයා වගේම ලොකුයි.ඔයා වගේ අහිංසකව ඉඳියි.පුතා නම් තාත්තා වගේමයි………….”

“හැරිස් මහත්තා වගේ සැරයිද නෝනා ගිම්හාන් මහත්තයත්?…………..”

“අප්පේ ඔව් සමනලී.ගිම්හාන් පුතා හරිම මුරණ්ඩුයි.පුදුම විදියට හිතුවක්කාරයි.කියන දෙයක් නම් ලේසියෙන් අහන්නෙ නෑ.එයාගෙම හිතුමතේට වැඩ කරන්නෙ.මං කියන දෙයක්වත් අහන්නෙ නෑ…………..”

“ඉතිං නෝනා ගිම්හාන් මහත්තයට කසාදයක් කරලා දෙන්නකො. එතකොට ඔය මුරණ්ඩු ගති නැති වෙලා යයි.නෝනා කෙනෙක් ගෙනාවට පස්සෙ නපුරු මහත්තයලා හීලෑ වෙනවනෙ…………..”

“මේ කෙල්ල දන්න දේවල්…………..”😀😀

නෝනා එහෙම කිව්වෙ හිනා වෙලා මගෙ කණ හෙමින් වගේ මිරිකන ගමන්.මටත් හිනා ඉතින්.😆😊

“කසාදයක් කරලා දෙන්න තිබ්බා.මේ ගෙදරට එන ලේලිට ගුටි කාලා මැරෙන්නයි වෙන්නෙ…………..”

“කාලයක් යද්දි ඔය නපුරුකම් මගෑරිලා යයි නෝනා……මං නෝනට කෑම අරන් එන්නම්කො…………….”

මං නැගිටලා කාමරෙන් එලියට ආවා. මගේ කාමරේට ළඟට යද්දී කොහෙදෝ ඉඳන් එකපාරටම මං ඉස්සරහට කඩන් පැනපු ගිම්හාන් මහත්තයා මගෙ අතින් අල්ලලා පිටි පස්සට හරෝලා තියා ගත්තා.

“ආව්…….අනේ මහත්තයා මගෙ අත අතාරින්න රිදෙනවා අනේ.මං නෝනට කියනවා………….”😭😭

“මං අහන දේට උත්තර දෙනවා.තමුසෙ මේ ගෙදරට ආවෙ මොකටද?…………..”😡

“අනේ මං උත්තර දෙන්නම්.ඉස්සෙලා මගෙ අත අතාරින්න.අත කැඩෙයි අනේ රිදෙනවා………….”😭😭

ඊට පස්සෙයි ගිම්හාන් මහත්තයා මගෙ අත අතෑරියෙ.රේණුකා නෝනා කියපු දේ නම් සහතික ඇත්ත.මේකා පුදුම ගල් මූසලයෙක්.

“දැන් කියනවා තමුසෙ මෙහාට ආවෙ මොකටද?………….”😡

“මහත්තයගෙ අම්මව බලා ගන්න………….”

“එහෙනම් මොකටද අම්මට කිව්වෙ මට කසාදයක් කරලා දෙන්න කියලා. තමුසෙ අම්මව බලා ගන්නවකො හරියට.මං ගැන හොයන්නැතුව. තමුන්ට අදාළ වැඩේ විතරක් කරනවා……………”😡😡

අපොයි දෙයියනේ මං ඉස්සෙල්ලා රේණුකා නෝනාත් එක්ක කියපුවා ගිම්හාන් මහත්තයා අහගෙන ඉඳලාද? මට බයත් හිතුණා.මට ඇඟිල්ල දික් කරලා ගිම්හාන් මහත්තයා බැන්නෙ. මට නම් දැනුනෙ ලොකු බයක්.මං අතේ වැලමිට අත ගගා කුස්සියට ගිහින් බත් එකක් බෙදාගෙන ගෙනල්ලා නෝනාට දුන්නා.

“පුතා කොහෙ හරි යන්නද?…………..”

“ඔව් අම්මෙ.චුට්ටක් එළියට ගිහින් ටක්ගාලා එන්නම්…………….”

“අනේ පුතා මේ දරුවාව එක්කන් ගිහිල්ලා ඇඳුම් ටිකක් අරන් දෙන්නකො.පරණ ඇඳුම්නෙ ඇඳන් ඉන්නෙ.පව් මේ කෙල්ල………….”

මාව පෙන්නලා නෝනා ගිම්හාන් මහත්තයට එහෙම කිව්වා.මේ දුෂ්ඨයත් එක්ක ඇඳුම් ගන්න ගියොත් එහෙම හොඳට හිටියි.ඉස්සෙල්ලා කියපු දේවල් වලට මට හොඳටම දෙහි කපයි.පුදුම නපුරු දුෂ්ඨ කමක්නෙ තියෙන්නෙ.

“අනේ නෝනා මට ඇඳුම් ඕන්නෑ දැන්ම…………”

“කමක් නෑ සමනලී.ගිහින් වෙන ඇඳුමක් ඇඳන් එන්නකෝ.පුතාත් එක්ක ගිහින් හොඳ ඇඳුම් ටිකක් ගන්න………….”

බෑම කිව්වොත් එහෙම නෝනා හිතයි මගෙ ලොකුකම කියලා.මං කාමරේට මට තියන හොඳම ඇඳුම ඇඳගෙන කොණ්ඩෙ පීරගෙන ආවා.

“හරි මහත්තයා………….”

“එහෙනම් නගිනවා…………..”

මං කාරෙකේ ඉස්සරහ සීට් එකෙන් වාඩි වුනා.මට නම් බයත් හිතුණා ගිම්හාන් මහත්තයගෙ මූණ දිහා බලන්නත්.දැන් බනියි දැන් බනියි කියලා මට හිතුණා.

“තමුසෙ නම් මාරයි.ඇවිල්ලා එක දවසයි ගියේ.මාව ලොකු අමාරුවක දාන්න නේද හැදුවෙ?………….”

“අනේ මට සමාවෙන්න මහත්තයා.මං ආයෙ එහෙම දේවල් කියන්නෙ නෑ.මං නිකමට වගේ කිව්වෙ…………”

“නිකමටවත් ඔහොම දේවල් කියන්න එපා.මට දැන්ම බඳින්න අදහසක් නෑ…………..”

යකෝ මූ තවත් නාකි වෙනකල් ඉන්නවද කසාද බඳින්න.දැනටමත් තිහක් විතර පේනවා.හැබැයි තිස් දෙකක් විතර ඇති.

“මොනවද තමුසෙ කල්පනා කරන්නෙ? මගෙ වයසද?පුලුවන් නම් කියනවා බලන්න මට වයස කියද කියලා………….”

“තිස්……..එකක්……………”

“තමුසෙ කොහොමද ඕයි ඒක හරියටම කිව්වෙ?අම්මා කිව්වවත්ද?…………..”

“අනේ නෑ මහත්තයා.මං නිකමට වගේ කිව්වෙ……………”

ගිම්හාන් මහත්තයා මාව එක්කරගෙන ලොකු ඇඳුම් සාප්පුවකට ආවා.අම්මෝ 😱😱පිස්සු හැදෙනවා.පාට පාට එක එක ජාතියෙ නවීන මාදිලියේ ඇඳුම්.මං වටපිට හොඳට බැලුවා.

“බලනවා මේවා හොඳද කියලා.මේක නම් තමුසෙට ගානට………….”

ගිම්හාන් මහත්තයා මට ඇඳුම් ගොඩාක් අරන් දුන්නා.

“දැන් ඇති මහත්තයා.මෙච්චර ඇඳුම් ගත්තා කියලා මං මේවා ඇඳගෙන කොහෙ යන්නද?නෝනාව බලාගෙන ගෙදරනෙ ඉන්නෙ…………..”

“මං මාස දෙකකට වතාවක් විතර අම්මව එක්කරගෙන ට්‍රිප් එකක් යනවා.දැන් තමුසෙත් ඉන්න නිසා තමුසෙත් අපිත් එක්ක යමු……………”

“මේ ඇති මහත්තයා…………..”

“අරවයෙනුත් ගන්නවා………….”

“එපා මහත්තයා මේ ඇති………….”

“එතකොට තමුසෙ යටට අඳින්නෙ නැද්ද?හුලං වැදි වැදිද ඉන්නෙ?ගන්නවා ඕයි තමුසෙගෙ සයිස් එක බලලා දෙක තුනක්.ඒකත් මට තෝරලා දෙන්නද කියන්නෙ?………….”

අයියෝ මේකා කියන විලි ලැජ්ජ නැති කතා.🤭😳මට ලැජ්ජාවෙ බෑ.මං ලැජ්ජාවෙන්ම ගිහින් එතනින් ඇඳුම් දෙක තුනක් අරන් ආවා.

“තව මොකුත් ඕනිද?…………..”

“එපා මහත්තයා…………..”

“එහෙනම් දැන් යමු…………..”


“හායි ගිම්හාන් කව්ද මේ ගර්ල්?………….”

ඇඳුම් සාප්පුවෙන් එළියට එනකොටම කව්ද මන්දා ගෑණු කෙනෙක් අපි ගාවට ඇවිත් මාව පෙන්නලා ගිම්හාන් මහත්තයෙගෙන් එහෙම ඇහුවා.

“මෙයා සමනලී.අපෙ අම්මව බලා ගන්න ආපු කෙනා.මෙයාට ඇඳුම් ටිකක් අරන් දෙන්න කියලා අම්මා කිව්වා ඒකයි ආවෙ……………”

ගිම්හාන් මහත්තයා රචනාවක් කියෝනවා වගේ එහෙම කියෝගෙන කියෝගෙන ගියා.

“අනේ සමනලී හරිම ලස්සන නමක්නෙ. නම වගේම ඔයත් හරිම ලස්සනයි……………”

ඒ ගෑණු කෙනා කෙනා එහෙම කිව්වා. වැඩි වයසක් පේන්නෑ.අවුරුදු විසිපහක් විතර ඇති එයාට වයස.එයා ගිම්හාන මහත්තයත් එක්ක කතා කරන අතරේ මං ටිකක් එහාට වෙලා හිටියා.

“නගිනවා කාරෙකට.දැන් යමු………….”

“කව්ද මහත්තයා ඒ නෝනා?හරිම හොඳයි………….”

“ඒ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඉරේෂා.ඇයි අහන්නෙ?…………..”😡

“න්…..නෑ නිකන් මහත්තයා……………”

ඒ කෙල්ල නම් හරිම අහිංසක පාටයි. මේ වසවර්තියාව කසාද බැඳලා කොහොම ජීවත් වෙයිද දන්නෑ.පව් අහිංසකී.මෙයාට අහුවෙන්න තිබ්බෙ හොඳ කට නපුරු ගෑණු ළමේක්ව.

මතු සම්බන්දයි👹️😡👊

යාළුවනේ,සමහරු කියනවා මගේ කතා ඔක්කොම එකම තේමාවල වලට ලියපු කතාලු.ඔක්කොම එක වගේලු. එපා වෙනවලු කියවන්න.මගෙ හිතට එන අදහස් මං මෙහෙම ලියන්නෙ. මගේ කතා කියවලා ඔයාලා සතුටක් රසවින්දනයක් ලබනවා.ඔයාලගෙ ලයික්ස් කමෙන්ට් බලලා මං ලොකූ සතුටක් ලබනවා.මං ලියන මේ තේමා වල කතාවල් වලට තමයි වැඩිපුරම ලයික්ස් කමෙන්ට්ස් ලැබුනෙ.ඒවට ලයික් 700 – 800 ට වඩා ලැබිලා තියන්වා.1K ,1.3K ත් ලයික්ස් ලැබිලා තියනවා.වෙනස් තේමාවකට කතාවක් ලිව්වොත් ලයික් වැටෙන්නෙ අඩුවෙන්.

ඒවට ලයික්150ක්වත් නෑ සමහර වෙලාවක් වලට.කතාවක් ගොඩාක් වෙලා ගත වෙනවා.මහන්සි වෙලා ලිව්වට පස්සෙ ලයික්ස් කමෙන්ට්ස් අඩු වෙනකොට දුකයි අෆ්ෆා.කමක් නෑ ඉතිං ඔයාලගෙ කැමැත්තනෙ.මං ඊළඟ කතාවෙ ඉඳන් වෙනස් විදියකට ලියන්නම්.✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️ හැමදාම මට ලයික්ස් කමෙන්ට් කරම ඔයාලා හැමෝටම ගොඩාරියක් ස්තූතියි

Advertisment