අම්මගෙ දේපළ ටික විකුණන්න මට ශිවන්ත උදව් කරා.බලාපොරොත්තු වෙච්චි විදියටම ප්ලෑන් කර ගත්තු විදියටම ඒ හැම දෙයක්ම ශිවන්තයි මායි අප්පච්චිටයි කුඩම්මටයි හොරෙන් කරා.එයාලා ඉන්න ගේ විතරක් එයාගෙ නමට ලිව්වා.

“මේ වෙලාවෙ ඔක්කොම කට්ටිය ගෙදර ඇති ජන්වි.අපි ගිහිල්ලා බලමු.මං කියලා දීපු විදියටම වැඩේ කරනවා තේරුණාද?…………..”

“ඔව් අයියෙ…………..”

ගෙදර ඔප්පුව අරගෙන මායි ශිවන්ත අයියයි එහාට යන්න පිටත් වුනා.

“අංකල්,අප්පච්චි ගෙදර ඉන්නවද?…………..”

මං ගේට් එකේ මුරකාරයගෙන් එහෙම ඇහුවා.ඒ මනුස්සයා ටිකක් කලබල වුනා.

“බය වෙන්න එපා අංකල්.හැම දෙයක්ම මං දන්නවා.මං අද ආවෙ ඒ දේවල් බේරුමක් කරගන්න…………..”

ඊට පස්සෙ ඒ මුරකාරයා ගේට් එක ඇරියා.මායි ශිවන්තයි කාරෙකෙන් බැහැලා ගේ ඇතුලට ගියා.කුඩම්මයි අප්පච්චියි එයාලගෙ පුතායි සාලෙ කතා බහ කරමින් හිටියා.මාව දැක්ක ගමන් ඔක්කොම ගල් ගැහිලා වගේ බලාගෙන හිටියා.

“උඹ මොකටද මෙහෙ ආවෙ?මං උඹට එදත් කිව්වා ජාන්වි මුගෙන් ඩිවෝස් වෙලා මිසක් උඹට මෙහාට එන්න එපා කියලා…………….”😡😡

“ඒක නම් කවදාවත් සිද්ද වෙන්නෑ මිස්ටර් අලහප්පෙරුම.මෙච්චර හොඳ ගුණ යහපත් හස්බන්ඩ් කෙනෙකුගෙන් ඩිවෝස් වෙන්න මට පිස්සු කියලා හිතුවද?…………….”

අප්පච්චිට අප්පච්චි නොකියා නම කියනකොට එයාගෙ මූණ ටිකක් අමුතු වුනා.ඒත් තාම එයා දන්නෙ නෑ මම හැම දෙයක්ම දන්නවා කියලා.අතේ තිබුනු ෆයිල් එක මං ස්ටූල් එක උඩින් තිබ්බා.

“මේ ගෙදර මං තමුන්ගෙ තාත්තගෙ නමට ලිව්වා.එයා මගෙ අම්මගෙ දේපළ වලට ඇහැ දාගෙන හිටියෙ තමුන් නිසානෙ…………..”

කුඩම්මගෙ පුතා ළඟට ගිහින් මං එහඅ කිව්වා.ඌ නම් එක වචනයක්වත් කතා කරේ නෑ.ඒත් අප්පච්චී නම් හිටියේ හොඳටම කේන්තියෙන්.

“කියපං අනික් දේපළ වලට උඹ මොකද කරේ?…………..”😡😡

“කලබල වෙන්න එපා මිස්ටර් අලහප්පෙරුම.පන්සල ගාව තිබුනු ඉඩම මං පන්සලට ලියලා දුන්නා. අම්මගෙ අනික් හැම දේපලක්ම මං විකුණුවා.ඒ සල්ලි ළමා නිවාස දෙකකටයි වැඩිහිටි නිවාසෙකටයි දුන්නා.දුප්පත් පාසලකට පිට්ටනියකුයි පුස්තකාලෙකුයි හදලා දුන්නා.ඒ හැම දෙයක්ම මං කරේ මගෙ මැරිච්ච අම්මා වෙනුවෙන් එයාට පිං පිණිස.මේ ගේ මං ඔහේට ලිව්වෙ ඔහේ මගෙ ඇත්ත තාත්තා නොවුනත් අවුරුදු දහ අටක් මට කන්න බොන්න දීලා මගෙ දේපල ටික බලාපොරොත්තුවෙන් හරි මං ඉපදුනු වෙලාවෙ උප්පැන්නෙට තත්තගෙ නමත් දුන්නනෙ…………”😡😡

“අවජාතක බැල්ලි.තෝ අපිව කෑවා යකෝ.අවුරුදු ගානක් තිස්සෙ මං ප්ලෑන් කරපුවා උඹ එක දවසකින් විනාශ කරා.පාහර බැල්ලි………….”😡😡

එයා මට ගහන්න අත ඉස්සුවා.ඒත් ශිවන්ත ඒ අත අල්ලගෙන ඒ පහර වැලැක්කුවා.ශිවන්ත හිටියෙත් හුඟාක් කේන්තියෙන්.කවුරු හරි මට බනිනවා එයාට ඉවසන්න බෑ.

“මෙච්චර වෙලා මං ඉවසුවා අලහප්පෙරුම.තව එක වචනයක් හරි උඹ මගෙ ගෑණිට කියලා තිබ්බොත් මං උඹලා මරලා දානවා.උඹ ජාන්විගෙ තාත්තා කියලා හිතලයි මං මෙච්චර කාලයක් ඉවසුවෙ……………..”😡😡

එහෙම කියපු ශිවන්ත අත දිගෑරලා එයාගෙ කම්මුලට ගැහුවා සෙටිය උඩටම වැටෙන්න.කුඩම්මා නම් හිටියෙ කර කියා ගන්න දෙයක් නැතුව වගේ. ඉනේ තිබ්බ පිස්තෝලය ඇදලා ගත්තු අප්පච්චි ශිවන්තට වෙඩි තියන්න හැදුවා.මං ශිවන්ත්ගේ හරහා හිට ගත්තා.කලබල වෙච්චි කුඩම්මයි එයාගෙ පුතායි පිස්තෝලෙ තිබ්බ අතේ එල්ලුනා.

“අනේ තාත්තෙ ඕක නවත්තන්න. මෙතන හැම වරදක්ම කරලා තියෙන්නෙ ඔයානෙ.ජාන්විට ස්තූති කරන්න ඔයාව එයාට පිට මනුස්සයෙක් වෙලත් කෝටි පහක හයක ගෙයක් ඔයාගෙ නමට ලියලා දුන්නට.ප්ලීස් දැන් ඔයාලා මෙතනින් යන්න.ආයෙ මෙහෙ එන්න එපා…………..”


“පුදුමයි අර කොල්ලා එහෙම කතා කරපු එක………….”

“ඒක තමයි.දැන් නම් හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා………….”

“ඒක නෙවෙයි තමුසෙ මොනවද මට ඊයෙ රෑ කියන්න හැදුවෙ?………….”

“මොකක්ද?🤔🤔මට මතක නෑනෙ………….”

“ඇයි ඕයි තමුසෙ කිව්වෙ එක්කො ඕන්නෑ පස්සෙ කියන්නම් කියලා. නින්දෙන්ද තමුසෙ කියෙව්වෙ?…………..”

“මට මතක නෑ ශිවන්ත අයියෙ.මතක් වුනාම කියන්නම්………….”

“ඔව් ඉතිං තමුසෙට චුට්ටක්වත් සිහි කල්පනාව නෑනෙ………….”

ඒත් මට ඒ ගැන ශිවන්ත අයියට කියන්න හිතුන්නෑ.පස්සෙ දවසක හිමීට අහනවා.එතකල් සද්දෙ නැතුව ඉන්නවා.අපි දෙන්නා කෙලින්ම ගෙදරට යන්නෙ නැතුව බීච් එකට ආවා.හිතට හරිම සැහැලුවක් නිදහසක් දැනුනෙ මුහුදු වෙරලට ආවට පස්සෙ.අපිට ටිකක් එහායින් අධ්‍යාපන චාරිකාවක් ආපු ළමුන් පිරිසකුත් හිටියා. උවමනාවෙන් බලද්දියි දැක්කෙ ඒ අපේ ස්කෝලෙ ගිය අවුරුද්දෙයි ඊට කලින් අවුරුද්දෙයි හිටපු ඕලෙවල් සෙට් එක කියලා.සන්තානං මෑණියනේ🤭🙈🙉🙊🤦අර යක්ෂ සෙට් එක අපිව දැක්කා නේද?අපොයි අම්මේ🙈🤭🤦

“මොකද ඕයි තමුසෙට වෙලා තියෙන්නෙ අර ස්කෝලෙ ළමයි ටික දිහා බලාගෙන ගල් ගිල්ලා වගේ ඉන්නෙ?තමුසෙට ආයෙ ස්කෝලෙ යන්න ආසාවක් ආවද?………….”

ශිවන්ත අයියා රැල්ල පාගමින් මගෙන් එහෙම ඇහුවා.ඒ කෙල්ලො කොල්ලො සෙට් එක අපි ඉන්න පැත්තට ආවා. අයියෝ අම්මේ මුහුදු රැල්ලක් ඇවිල්ලා අපි දෙන්නව ගහගෙන ඉන්දියාවටවත් යනවා නම් දැන්😀😁😂🙈🙈🤦

“අඩෝ ජාන්වි කොහොමද බන්?ආ මේ ශිවන්ත සර්නෙ…………..”

මුලින්ම කතාවට බැස්සෙ අපේ ක්ලාස් එකේ හිටපු නසරානියා අමල්.

“කොහොමද ළමයි ට්‍රිප් එකක් ආවද?…………”

ශිවන්ත එහෙම ඇහුවා.

“ඔව් සර්.ඒලෙවල් ලං වෙද්දී මෙහෙමවත් නිදහසක් නෑනෙ.මේ ටික කාලෙ විතරයි මෙහෙම ෆන් එකේ ඉන්න පුලුවන්.නේද මචංලා………….”

“ඒක නෙවෙයි සර්,සර් කොහොමද ගෙදර කනක් ඇහිලා නිදහසේ පාඩුවෙ ඉන්නෙ?………….”😁🤣

මාව පෙන්නලා ශම්මි ශිවන්තගෙන් එහෙම අහද්දී කෙල්ලො කොල්ලො කට්ටියම එකට හිනා වුනා.මට නම් මුන්ට දෙකක් කියා ගන්න බැරුවයි හිටියෙ.😆😄😃

“කනක් ඇහිලා නම් ඉන්නම නෑ දරුවනේ.කනේ ඇඟිලි ගහගෙන තමයි ඉන්නෙ………….”😁😉

“දැන් කරන්න දෙයක් නෑ සර්.සර්ට මීට කලින් මේවා හිතන්න තිබ්බෙ.දැන් ඉතිං බැඳගත්තු බෙරේ ගහන්නයි වෙන්නෙ…………..”😆🤣😁😉🙉

“අනේ මේ අමල්………….”😠😆

එයාලගෙන් සමු අරන් අපි යන්න පිටත් වුනා.කාරෙකට නැගලා මං අහක බලාගෙන හිටියා.ශිවන්තට නම් තාමත් හිනා.මං දිහා බල බල හිනා වෙනවා ගස් ගෙම්බා.

“ඒයි මොකෝ තරහ ගියාද මගෙ නෝනට?…………..”

මගේ මුහුණ එයාගෙ පැත්තට හරව ගනිමින් ශිවන්ත එහෙම ඇහුවා.මං තරහයි වගේම හිටියා.

“තරහ ගියේ නෑ ආවා…………..”😠😠

“මං විහිලුවක්නෙ කරේ මැණික.කෝ මේ පැත්ත බලන්න.තාම තරහයිද වස්තුවේ……………”😊😚

මගේ කම්මුලක් මිරිකන ගමන් ශිවන්ත එහෙම ඇහුවා.

“ඌයි…..ඒක නම් රිදුනා ශිවන්ත අයියෙ. ඔයාගෙ වැඩේම එක්කො මගෙ කම්මුල මිරිකනවා,නැත්නම් මගෙ කට හපනවා,එක්කො මගෙ කණ හපනවා. මං තරහයි………….”😔😞😠

“කෝ සත්තලනේ රිදුනද මගෙ වස්තුවට.ආයෙ එහෙම කරන්නෑ මගෙ මැණිකට සොරි පැටියෝ.කෝ ඔහොම ඉන්න………….”😚😊😉

මගෙ කම්මුල අතගාපු ශිවන්ත එතන සිප ගත්තා.මේ නපුරාගෙ කෝලං වැඩ වලට මට නම් හිනා ඉතිං.පිස්සු නපුරානෙ මගේ.තරහයි වගේ පෙන්නුවට මට බෑ මේ නපුරාත් එක්ක තරහ වෙලා ඉන්න.

“තරහ නෑ නපුරෝ.අපි දැන් ගෙදර යමුද?මට නම් හරි මහන්සියි වැල්ලෙ නටලා…………..”


“ජාන්වි මං පොඩ්ඩක් එලියට ගිහින් එනවා……………”

“කොහෙද යන්නෙ?…………..”😠😉

“ගෑණියෙක් බලන්න……………”😁😆

“කාටද?…………..”😠😠

“මට………….”😆😉

“මොකක්ද කිව්වෙ ආයෙ කියපන් බලන්න?…………..”😠😠

මං ශිවන්තගෙ කනක් කොනිත්තගෙන රිදෙන්නම ඇල්ලුවා.

“ඌයි…..අතෑරපං ගෑණියෙ.මං විහිලුවක් කරේ.ඔෆිස් එකට යන්නෙ. අද ඒ මිනිස්සුන්ගෙ පඩි දෙන දවස…………..”

“ඔය වගේ විහිලු කරලා මගෙන් එකක් කන්න හදන්නෙ මහත්තයෝ.දෙනවා කන පැලෙන්න………….”😁😁

“එහෙනම් දෙනවකො බලන්න ආ…………”

එහෙම කියලා ශිවන්ත අයියා එයාගෙ කන මගේ පැත්තට හැරෙව්වා.අනේ මගෙ පිස්සු නපුරා.ඒ කම්මුලට කිස් එකක් දීලා මං එයාව එලියට දාලා දොර වැහුවා.

😘😘😘

“දුවේ……………”

“අම්මෙ එන්න…………..”

“පුතා කොහෙද ගියේ?…………..”

“එයා ඔෆිස් එකට ගියේ අම්මෙ…………..”

“මගෙ පුතා දැන් දුව හින්දා ගොඩාක් සන්තෝශෙන් ජීවත් වෙන්නෙ.දුවට ගොඩාක් පිං මගෙ පුතාව බලා ගන්නවට……………”

ඇය සැබැවින්ම ආදරණීය නැන්දම්මෙකි.මා ඇගේ ලේලිය වුවද ඇය මට සැළකුවේ දුවෙකුට සේය.අපි අතර කවදාවත් රණ්ඩු සරුවල් වී නැත.

“ඔයාලට ගොඩාක් පිං අම්මෙ මට මෙහෙම ජීවිතයක් දුන්නට.ඉස්සර මං ජීවත් වුනේ රණ්ඩු සරුවල් වලින් පිරිච්ච ගෙදරක.කුඩම්මයි අප්පච්චියි මට නොසෑහෙන්න වෙනස්කම් කරා. ශිවන්ත අයියා මගෙ ජීවිතේට ආවට පස්සෙ ඒ හැම දුකක්ම නැති වෙලා ගියා.ඔයාලා දෙන්නා තරම් වටින දෙන්නෙක් මට කොහෙවත් නෑ අම්මෙ. ඔයාලා හින්දා තමයි මං සතුටින් ඉන්නෙ…………..”

“මං දැන් වයසයිනෙ ඉතිං.තව කී කාලයක් ඉඳීද කියලා කව්ද දන්නෙ…………..”😫😫

“අනේ අම්මා…..එහෙම කියන්න එපා. අම්මා අවුරුදු සීයක් ජීවත් වෙන්න ඕනි………….”

“මැරෙන්න කලින් මටත් මුණුපුරෙක් හරි මිණිපිරියක් හරි දකින්න තිබ්බොත් කොයි තරම් දෙයක්ද?…………”

නපුරා වගේම චූටිම චූටි පැටියෙකුට මාත් ආසයි.ඒ කිරි සිහිනේ කවදා හැබෑ වෙයිද කියලා හිතා ගන්න බෑ.අම්මා ගියාට පස්සෙ මාත් කල්පනා කරේ ඒ ගැනමයි.මට හංසි අක්කගෙ දුවව මතක් වුනා.ඒ වගේ හුරතල් කෙලි පැටික්කියෙකුට මං හරිම ආසයි.ඒත් නපුරාට දැන්ම උවමනාවක් නෑනෙ තාත්තියෙක් වෙන්න.

මතු සම්බන්දයි