ජාන්වී…. පොඩ්ඩක් මෙහාට එනවකෝ…………..”

“පොඩ්ඩක් ඉන්න ශිවන්ත අයියෙ මං ඇඳගෙන එන්නම්……………”

“ඉක්මනට එනවා ඕයි.තමුසෙට වැදගත් දෙයක් තියනවා කියන්න………….”

මොකක්ද දන්නෑ ශිවන්තට මට කියන්න තියන වැදගත් දේ.එයා හරි කලබලේකින් වගේ ඉන්නෙ.හීනි අත් තියන ගව්මක් ඇඳ ගත්තු මං ඉක්මන්ට ශිවන්ත ගාවට ගියා.එයා මං දිහා බැලුවේ අමුතු බැල්මක්.

“ඇයි ශිවන්ත අයියෙ?………….”

මං එහෙම අහද්දී ශිවන්ත අයියා මගෙ අතින් අල්ලලා මාව ඇඳෙන් වාඩි කෙරෙව්වා.එයාගෙ අතේ මොකක්දෝ මන්දා පාර්සලයක් තිබ්බා.

“තමුසෙට කියන්න දෙයක් තියනවා. මේක අහලා තමුසෙ කලබල වෙන්න එපා.මං මේ ගැන හොයන්න පටන් ගත්තෙ එදා තමුසෙගෙ අප්පච්චියි කුඩම්මයි මෙහෙ ආපු දවසෙ.ඊට කලින් ඉඳන් මගෙ හිතට පොඩි සැකයක් ආවා මේ ගැන.මං හිතපු දේ හරි.පෙරේදා තමයි මට හරියටම දැන ගන්න ලැබුනෙ……………”

“මොකක් ගැනද ශිවන්ත අයියෙ ඔයා මේ කියන්නෙ?අනේ……..මට නම් බයත් හිතෙනවා.අප්පච්චි ආයෙමත් ඔයාට කතා කරලා බැන්නද?……………”

“අප්පච්චි……………”

එහෙම කියලා කට කොනකින් හිනා වුනු ශිවන්ත තව ටිකක් මං ගාවට ලං වුනා.හිතා ගන්න බැරි වුනා මොකද ශිවන්තට මේ වුනේ කියලා.වෙනදා වගේ නෙවෙයි එයා අද හරිම වෙනස්.

“මට කියන්න ශිවන්ත අයියෙ අද ඔයා හරිම අමුතුයි.මොකක්ද ඔයාට වුනේ?අප්පච්චිගෙන් මොකක් හරි ප්‍රශ්නයක්ද?…………..”

“එයා…..එයා ඔයාගෙ තාත්තා නෙවෙයි ජාන්වි………….”⚡⚡

“මොකක්??………….”

“මේක බොරුවක් නෙවෙයි මැණික. ශ්‍රියන්ත අලහප්පෙරුම කියන්නෙ ඔයාගෙ ඇත්තම තාත්තා නෙවෙයි.මට සාක්කිත් එක්කම් ඔප්පු කරලා පෙන්නන්න පුලුවන් එයා ඔයාගෙ තාත්තා නෙවෙයි කියලා…………..”

“අනේ ශිවන්ත අයියෙ ඔයා මොනවද මේ කියන්නෙ?අනේ මට නම් මේක විශ්වාස කරන්න බෑ.එයා මට ගොඩාක් වෙනස්කම් කරා තමයි.ඒත් ඒ මගෙ තාත්තා………….”😥😥

“රිලැක්ස් ජාන්වි රිලැක්ස්.මං දන්නවා ඔයාට මේක එකපාරටම විශ්වාස කරන්න බෑ කියලා.ඒත් මැණික මේක බොරුවක් නෙවෙයි.මාස හතරක් පහක් තිස්සෙ මං මේ ගැන හෙව්වෙ. පෙරේදා ඇත්ත හරියටම හොයා ගත්තත් මං කල්පනා කරේ තමුසෙට කොහොමද මේ ගැන කියන්නෙ කියලා. මෙතන ඔයා නොදන්න ලොකූ දිග කතාවක් තියනවා ජාන්වී.ඔයා කවදාවත් විශ්වාස කරන එකක් නෑ. ඒත් ඒක තමයි ඇත්ත…………”

අනේ දෙයියනේ ශිවන්ත මොනවද මේ කියන්නෙ?ශ්‍රියන්ත අලහප්පෙරුම කියන්නෙ මගෙ ඇත්තම තාත්තා නෙවෙයි කියන්නෙ කොහොමද?එයා මට මොන තරම් වෙනස්කම් කරත් මගෙ හිතට කවදාවත් දැනිලා නෑ එයා මගෙ තාත්තා නෙවෙයි කියලා.ශිවන්ත බොරුවක් කරනවා කියලා හිතන්නත් බෑ.එයාට මට එහෙම බොරුවක් කියන්න උවමනාවකුත් නෑ.මට නම් මේ මොකුත්ම තේරෙන්නෙ නෑ.මං නොදන්න ශිවන්ත හොයා ගත්තු ඇත්ත මොකක්ද මේ?

“මට කියන්න ශිවන්ත අයියෙ මොකක්ද ඔයා හොයා ගත්තු ඇත්ත?මට තේරෙන්නෙ නෑ ඔයා මේ කියන කතාව?…………..”😫😫

“මේක කොතනින් කොහොම පටන් ගන්නද කියලා මටත් හිතා ගන්න බෑ ජාන්වි.ඔයාගෙ අම්මගෙයි අප්පච්චිගෙයි අතර ඔය කුඩම්මා ගැන ප්‍රශ්න ඇති වුනේ කොයි කාලෙ විතරද?………….”

“මං පුංචි කාලෙ ඉඳන්ම අම්මගෙයි අප්පච්චිගෙයි අතර ප්‍රශ්න ඇති වුනා. එයාලා සතුටින් සමගියෙන් ඉන්නවා මං කවදාවත්ම දැකලා නෑ.ඉස්කෝලෙ උත්සවේකදි විතරයි එයාලා දෙන්නා සමගියෙන් ඉන්නවා මං දැක්කෙ.ඒත් ඒක බොරු මවාපෑමක් රඟපෑමක් විතරයි.මතක ඇති කාලෙ ඉඳන් අපේ ගෙදර මං දැක්කෙ රණ්ඩු සරුවල් විතරමයි……………”

“ඒ හැම ප්‍රශ්නයක්ම ඇති වුනේ ඔයාගෙ කුඩම්මා හින්දා කියලා නේද ඔයා හිතන්නෙ?…………..”

“ඔව් ඒක තමයි ඇත්ත………….”

“ඒක සම්පූර්ණයෙන්ම ඇත්ත නෙවෙයි ජාන්වි.මේ හැම ප්‍රශ්නෙකටම මුල ඔයාගෙ අප්පච්චි.කුඩම්මාත් වැරදියි තමයි.ඒත් ඔයාගෙ අම්මාත් මේ ප්‍රශ්න වලදි වැරදි කරලා තියනවා…………”

“මගෙ අම්මා කරපු වැරැද්ද මොකක්ද? එයා ගොඩාක් අහිංසකයි ශිවන්ත අයියෙ.කුඩම්මා,අප්පච්චියි අම්මයි අතරට ඇවිල්ලා එයාලගෙ ජීවිත වල ප්‍රශ්න ඇති කරා.ඒවා දරා ගන්න බැරුව අම්මා ජීවිතේ නැති කර ගත්තා.ඒ දේවල් සිද්ද වෙච්චි හැටි මට හොඳට මතකයි…………..”😥😥

“ඔයාට ඒ දේවල් ගැන මතක වුනාට ඒ දේවල් ගැන ඇත්ත ඔයා තාම දන්නෙ නෑ ජාන්වි.ඒවා දැන ගත්තම ඔයා ගොඩාක් දුක් වෙයි…………..”

ශිවන්ත මට මොකක් හරි ලොකූ දෙයක් කියන්න හදන්නෙ කියලා මට තේරුණා.මට බයකුත් දැනුනා මේ වෙන දේවල් එතරම් හොඳ දේවලුත් නෙවෙයි.

“ශිවන්ත අයියෙ,මං නොදන්න ඔයා දන්න ඇත්ත ගැන මට කියන්න.මට මහා අමුතු බයක් දැනෙනවා…………..”

“ඔයාගෙ අප්පච්චියි කුඩම්මයි අතර සම්බන්දයක් ඇති වෙලා තියෙන්නෙ මීට අවුරුදු විසිපහකට විතර කලින්.ඒ වෙනකොට ඔයාගෙ අම්මව අප්පච්චිට මුණ ගැහිලා නෑ.කුඩම්මා ගොඩාක් දුප්පත් ගෑනියෙක්.ඒ හින්දා එයාට ඔයාගෙ අප්පච්චිගෙ දෙමව්පියෝ කැමති වෙලා නෑ.එයාලා ඒ සම්බන්දෙ නතර කරන්න ගොඩාක් උත්සහ කරලා තියනවා.එත් එයාලා දෙමව්පියෝ කියන දේ අහන්නැතුව ඒ සම්බන්දෙ දුර දිග යන තැනටම වැඩ සිද්ද කරගෙන. ඊට අවුරුදු පහකට හයකට විතර පස්සෙ ඔයාගෙ අම්මගෙ දෙමව්පියෝ ඔයාගෙ අප්පච්චිට විවාහ යෝජනාවක් ගෙනල්ලා.ඔයාගෙ අප්පච්චිගෙ ගෙදරින් එකපයින්ම මේකට කැමති වෙලා තියෙන්නෙ ඔයාගෙ අම්මා ලොකූ දේපලක හිමිකාරියක් හින්දා.පරම්පරා හත අටකට ඇති වෙන්න තරම් ලොකූ බූදලයක් ඔයාගෙ අම්මට තිබිලා තියෙන්නෙ.අප්පච්චි මේකට කැමති වෙලා තියෙන්නෙත් ඒ දේපල හින්දයි. එයයි ඔයගෙ කුඩම්මයි කතා වෙලා තියෙන්නෙ කසාදෙන් පස්සෙ ඒ දේපල ටික කොහොම හරි එයාලට ලියවගෙන ඔයාගෙ අම්මව ඩිවෝස් කරලා දාන්න………….”

“ඒත් ශිවන්ත අයියෙ ඔයා තාම මං නොදන්න ඇත්ත කතාව කිව්වෙ නෑනෙ……………”

“ජාන්වි,ඔයාගෙ අම්මා ඒ කාලෙ කව්ද මන්දා කොල්ලෙක් එක්ක යාලු වෙලා ඉඳලා.ඒ කොල්ලා අම්මව අමාරුවෙ දාලා පැනලා ගිහිල්ලා.සිද්ද වෙච්චි දේවල් අම්මගෙ ගෙදර අය දැන ගන්නකොට ඔයා බඩට ඇවිත් මාස දෙකකුත් ගත වෙලා.කරන්න දෙයක් නැති කොට දහ අතේ කල්පනා කරලා ඔයාගෙ අම්මගේ දෙමව්පියෝ අප්පච්චිගෙ ගෙදරට ඇත්තම කියලා විවාහ යෝජනාවක් ගෙනල්ලා.දේපල වලට තියන කෑදර කමට අප්පච්චිගෙ පැත්තෙන් මේකට කැමති වෙලා. අම්මව බැන්දා කියලා අප්පච්චි කුඩම්මාත් එක්ක තියන සම්බන්දෙ නැති කරගෙන නෑ.ඒ සම්බන්දෙ හින්දා හැමදාම ඒ දෙන්නා අතර ප්‍රශ්න ඇති වෙලා තියෙන්නෙ.උප්පැන්න සහතිකේට තාත්තා විදියට අලහප්පෙරුම ඔයාට නම දීලා තියෙන්නෙත්,ඌ ඔයාගෙ අම්මව කසාද බැන්දෙත්…..මේ ඔක්කොම කරේ දේපල නිසා.ඔයා අප්පච්චි කියලා කතා කරන ඒ මිනිහා අම්මව ඩිවෝස් කරන්න හදලා තියෙන්නෙ ඔයාට අවුරුදු අටේදි. අම්මා ඩිවෝස් එක දෙන්න බෑ කියපු හින්දා එයාව මරන්න ප්ලෑන් කරලා. ඒත් ඒක කරගන්න වුනේ නෑ. එතකොටත් ඔයාගෙ අම්මා සියදිවි හානි කරගෙන ඉවරයි.එයා මැරෙන්න කලින් එයාගෙ හැම දෙයක්ම ඔයාගෙ නමට ලියලා……………”

“අනේ දෙයියනේ…..මං කවදාවත් මෙහෙම දෙයක් ගැන දැනගෙන හිටියෙ නෑ ශිවන්ත අයියෙ.මං හිතුවෙ එයා මගෙ තාත්තා කියලා.කොච්චර වෙනස් කම් කරත් මං කවදාවත් හිතුවෙ නෑ මෙහෙම දෙයක්……………”😭😭

මං ශිවන්ත අයියගෙ උරහිසට වාරු වෙලා හොඳටම ඇඬුවා.එයා මගෙ ඔලුව අතගෑවා.මට මහා ලොකු අසරණ කමක් දැනුනා.හැම දෙයක්ම සිද්ද වෙලා මගේම අවාසනාවට කියලා මට හිතුණා.අවුරුදු දහ අටක් තිස්සෙ මං ලොකු රැවටීමකටයි ලක් වෙලා තියෙන්නෙ.ඒ දුක ගැන කියන්න මට වචන නැති වුනා.

“දන්නවද ජාන්වි ඔයාගෙ කුඩම්මටයි ඔයා අප්පච්චි කියන ඒ මිනිහටයි මේ වෙද්දි අවුරුදු විසිතුනක පුතෙක් ඉන්නවා.ඒ දෙන්නගෙ ප්ලෑන් එක වෙලා තියෙන්නෙ ඔයාගෙ ඔයාව රංජිත්ට කසාද බන්දලා දීලා ඒ දේපල ටික කුඩම්මගෙ පුතාට ගන්න.මේ ඉන්නෙ ඒ ළමයා…………..”

මට ශිවන්ත කුඩම්මගෙයි අප්පච්චිගෙයි එකම පුතාගෙ පින්තූරයක් පෙන්නුවා.අප්පච්චි වගේමයි.කිසිම වෙනසක් නෑ. අප්පච්චිගෙ කපාපු පලුවමයි.ඇස් නහය කට ඒ විදිහමයි.ඒත් එක දෙයක් ගැන මට හිතා ගන්න බෑ.මං ඒ ගැන ශිවන්තගෙන් ඇහුවා.

“මේකයි ශිවන්ත අයියෙ,එයා මගෙ අප්පච්චි නෙවෙයි කියලා මං අදනෙ දැන ගත්තෙ.මීට කලින් මං එහෙම දෙයක් ගැන දැනගෙන හිටියෙ නෑනෙ…………..”

“හ්ම්ම්………….”

“ඒ දෙන්නා මගෙ දේපල ටික ගන්නනෙ මාව රංජිත්ට කසාද බන්දලා දෙන්න හැදුවෙ.කුඩම්මගෙ පුතාගෙ තාත්තා මගෙ අප්පච්චි කියන රහස මගෙන් හංගලා ඉතිං ඊට වැඩිය එයාලට ලේසියෙන් පහසුවෙන් පුලුවන්නෙ මාව කුඩම්මගෙ පුතාට කසාද බන්දලා දෙන්න.ඒ පුතාටනෙ මේ දේපල ටික එයාලා ලියන්න ප්ලෑන් කරේ. කුඩම්මටයි අප්පච්චිටයි ඒ ගැන හිතුන්නැත්තෙ ඇයි?………….”

“මොංගල් ඊරි.ගොං වැස්සි.එළදෙන තොට ඇඟ විතරයි මොලේ කලඳක් නෑ. බලපිය මේ ෆොටෝ එක දිහා……………”😁😂😆🤣

මං ඒ ෆොටෝ එක දිහා බැලුවා.ඒත් මගේ ප්‍රශ්නෙට පිලිතුරක් හම්බුනේ නෑ.

“මට තේරෙන්නෙ නෑ ශිවන්ත අයියෙ………….”

“තමුසෙ හිතන් හිටියෙ අලහප්පෙරුම තමුසෙගෙ තාත්තා කියලනෙ. බලනවා……..මේ කොල්ලා තමුසෙගෙ තාත්තාගෙ අච්චුවක් වගේනෙ.ඉතිං කොහොමද ඕයි තමුසෙලා දෙන්නව කසාද බන්දලා දෙන්නෙ?තමුසෙට ප්‍රශ්නයක් වුනේ නැති වුනාට,ගෙදර එවුන්ට ප්‍රශ්නයක් ආවෙ නැති වුනාට දකින මිනිස්සුන්ට පේනවනෙ ඕයි මේ දෙන්නා එක වගේ කියලා.ඊට පස්සෙ මුන් දෙන්නා තාත්තයි පුතායි කියලා දැනගෙන තමුසෙ කැමතිද ඒ දේපළ මුන්ට දෙන්න……………”

ඔව්නෙ.ශිවන්ත කියපු කතාවත් ඇත්තනෙ.මට එහෙම දෙයක් මතක් වුනේම නෑනෙ.

“ශිවන්ත අයියෙ…………..”

“ඇයි මැණික?…………..”

“මට අම්මත් නෑ තාත්තත් නෑ…………..”😥😥

“ඇයි රත්තරං ඔයාට මං ඉන්නෙ.මගෙ අම්මා ඉන්නෙ……………”

“ඔයාලා දෙන්නා තරම් මට කාවවත් වටින්නෑ ශිවන්ත අයියෙ.මං නුවරඑලියෙ බංගලාව අප්පච්…..න්….. නෑ…..ඒ මනුස්සයට දෙන්නෑ.ඒකත් විකුණණවා.එයාලා ඉන්න ගේ විතරක් එයාලට දෙනවා.මොනවා වුනත් මොන බලාපොරොත්තුවකින් වුනත් ඒ මනුස්සයා අවුරුදු දහ අටක් තිස්සෙ කන්න බොන්න දුන්නනේ……………”

“ඔයා මේ දේවල් දන්න බවක් දැන්ම එයාලට කියන්න යන්න එපා.තව සති දෙකක් ඔහොම ඉන්න.ඒ සති දෙක ඇතුලත අපි දේපල ටික විකුණමු……………..”

“ඔයාට ගොඩාක් පිං මහත්තයෝ.ඔයා මාව මේ හැම රැවටීමකින්ම ගලව ගත්තට……………”

“පිං එපා කිස් එකක් දීපන්………….”😉😚

මං ශිවන්තගේ බෙල්ල බදාගෙන කම්මුකක් තද කරලා සිප ගත්තා.එයා මාව එයාගෙ පැත්තට හරවගෙන ඇඳට පෙරලගත්තා.කකුලක් මග එහා පැත්තෙන් දාගෙන මගේ ඇඟට බර වුනා.

“තමුසෙ ගාව බේබි සබන් සුවඳයි…………..”

මගේ කම්මුලක් සිපගෙන ශිවන්ත එහෙම කිව්වා.වෙනදා වගේම මං ඇඳන් හිටපු ගව්මේ පටිය පාත් කරලා මගේ පපුවේ එක පැත්තකට අත දාගෙන මගේ අනික පසින් ඇල වුනා.

“ශිවන්ත අයියෙ මං දෙයක් කියන්නද? මට බනින්නෙ නෑ නේද?………….”

“නෑ.කියපන්………….”

“නෑ එක්කො ඕන්නෑ.පස්සෙ කියන්නම්…………..”

“හ්ම්ම්………….”

මතු සම්බන්දයි