ඔයාට තෙරේසා මැඩම් කතා කරනවා”…………..”

නිවාසයේ ප්‍රධාන සේවිකාව පැමිණ මට එසේ පැවසුවාය.ඇඳුම් බෑගය සූදානම් කර ගත් මා එය ඇඳ මත තබා තෙරේසා මැඩම්ගේ කාමරය වෙත දුව ගියෙමි.

“මැඩම්………….”

“මේ මහත්තයා ගැන තමයි මං සමනලීට කිව්වෙ.සමනලී කිසිම දේකට බය වෙන්න එපා.මං මේ මහත්තායව හොඳට අඳුරනවා.අපි මෙතන ඉන්න දරුවන්ව මේ සමාජෙට භාර දෙන්නෙ හොඳට හොයලා බලලා.සමනලීව මේ ළමා නිවාසෙට භාර දීලා දැන් අවුරුදු දහයක් වෙනවා.එයාට දැන් අවුරුදු දහ අටයි.අවුරුදු දහ අටක් කියන්නෙ ජීවිතේ ජීවිතේ තමුන්ට තීරණ ගන්න පුලුවන් වයස.හැබැයි අපි ගන්න හැම තීරණේම නිවැරදි වෙන්න ඕනි.

ඔහේ යන්නන් වාලෙ අපි මෙතන දරුවන්ව සමාජෙට යොමු කරන්නෑ.හැම දෙයක්ම හොඳට හොයලා බලලා විශේෂයෙන් ආරක්ෂාව ගැන මේ දරුවන්ගෙ අනාගතේ ගැන විශේෂයෙන් බලලා අපි මේ දරුවන්ව සමාජෙට යොමු කරන්නෙ.දැන් ඔය දරුවගෙ තරුණ වයස ආරම්භ වෙලා තියෙන්නෙ.මේ ජීවිතේදි තමන්ට තනියම නිවැරදි තීරණ ගන්න අවස්ථාවක් ලැබුනා කියලා එකපාරටම ක්ෂණික තීරණ වලට එළඹෙන්න එපා.සමනලීට තේරෙනවා නේද මම කියන දේ?……………”

“ඔව් මැඩම්.මට තේරුණා……………”

“සමනලීගෙ භාරකාරයා විදියට මේ මහත්තයා මේ ලියකියවිලි වලට අත්සන් කරනවා.මේක රස්සාවක් නෙවෙයි සේවයක් කියලා හිතලා කරන්න.මේකට සුදුසුම කෙනා සමනලී කියලා හිතුණු නිසායි මම ඔයාව තෝර ගත්තෙ…………..”

“තෙරේසා මැඩම් කිසිම දේකට බය වෙන්න එපා.මේ නිවාසෙට අගෞරවයක් වෙන විදියෙ කිසිම දෙයක් මම කරන්නෙ නෑ…………….”

“මට සමනලීව විශ්වාසයි.දැන් මේ පේපර්ස් වලට සයින් කරන්න…………..”

ඒ පේපර් වලට අත්සන් කරලා තෙරේසා මැඩම්ට වැඳලා මං ඒ මහත්තයාත් එක්කම එළියට ආවා.ඊට පස්සෙ මගේ කාමරේට ගිහිල්ලා ඇඳුම් බෑග් එකත් අරගෙන මිදුලට ආවා. මිදුලට ඇවිත් මං නිවාසෙ දිහා බැලුවා. පුරා වසර දහයක් මං හැදුනෙ වැඩුනෙ මේ අනුත්තරා ළමා නිවාසෙ.මාව මෙහාට එක්කන් එද්දී මට අවුරුදු අටයි.ඒ වසර අට පුරාවටම මං හිටියෙ මගෙ ආච්චි අම්මා ගාව.අම්මා තාත්තා ගැන කියන්න මං දන්නෑ.

එයාලා මං පුංචි කාලෙම මාව ආච්චි අම්මාට දාලා ගිහිල්ලා කියලා විතරයි දන්නෙ.උපන්න දා ඉඳලම මට කන්න බොන්න දීලා මාව දරුවෙක් වගේ බලා ගත්තෙ ආච්චී.අපි ගොඩාක් දුප්පත් මිනිස්සු.මට නෑදෑයෙකුට දෙමව්පියන්ට කියලා හිටියේ ආච්චි අම්මා විතරයි.රබර් කිරි කපලා,වත්තෙ පලා ටික පොළට විකුණලා තමයි ආච්චි අම්මා මාව බලා ගත්තෙ.

මට අවුරුදු අටේදී ආච්චි අම්මා මැරුණේ කිරි කට්ටියේදී නයෙක් දෂ්ඨ කරලා.ආච්චි අම්මාගෙ මරණෙන් පස්සෙ කාත් කවුරුවත් නැතුව තනි වුනු මාව ගමේ ග්‍රාම සේවක නෝනා මේ අනුත්තරා ළමා නිවාසෙට භාර දුන්නා. එතනින් තමයි මාව ඉස්කෝලෙ යැව්වෙ.අවුරුදු දහ අටෙන් පස්සෙ අපිට ළමා නිවාසෙ ඉන්න බෑනෙ.අවුරුදු දහ අට සම්පූර්ණ වුනාම හොඳ රැකියාවක් හොයලා දීලා අපිට තනියම ජීවත් වෙන්න එයාලා පුරුදු කරනවනවා.

මට අවුරුදු දහ අට ලැබුවේ ගිය මාසෙ පහලව.නිවාසෙ භාරව ඉන්න තෙරේසා මැඩම් මට රස්සාවක් හොයලා දුන්නා. එක්තැන් වෙලා ගෑණු කෙනෙක්ව බලා ගන්න.මට එතන නැවතිලාම ඉන්න පුලුවන් කියලත් කිව්වා.ඒ එක්තැන් වෙලා ඉන්න ගෑණු කෙනා තෙරේසා මැඩම්ගේ හොඳ යාලුවෙක්.ඒ නිසා මට බයක් දැනුනේ නෑ.

ඒත් අවුරුදු දහයක් තිස්සෙ මං ජීවත් වෙච්චි අනුත්තරා ළමා නිවාසෙ දාලා එන්න සිද්ද වුනු එක ගැන මට හරිම දුකයි.

“අපි යමුද?පරක්කු වෙනවා………….”

“අහ්…..යමු මහත්තයා…………..”

ඒ මහත්තයා මට කාරෙකේ ඉස්සරහ දොර ඇරලා දීලා මගෙ ඇඳුම් බෑග් එක පිටි පස්සෙ සීට් එකෙන් තිබ්බා.

“තමුසෙගෙ නම මොකක්ද කිව්වෙ?මට මතක නෑ…………..”

තමුසෙ🤨🙄මේ මනුස්සයා කතා කරන්නවත් දන්නෑනෙ ගෑණු ළමේකුට.

“සමනලී………….”

“අර ඉගිලෙන එවුන්ද?…………..”😂🤣

“මට ඉගිලෙන්න බෑ මහත්තයා…………..”

“සම්පූර්ණ නම මොකක්ද?………….”

“සමනලී සහන්‍යා………….”

“හ්ම්ම්………….”

“මහත්තයගෙ නම මොකක්ද?………….”

“මගෙ නම ප්‍රසන්න ගිම්හාන් එදිරිසිංහ……………”

නම ප්‍රසන්න වුනාට මූණෙ නම් කිසිම ප්‍රසන්න ගතියක් නෑ.හරිම දුෂ්ඨ පෙනුමක් තියෙන්නෙ.නපුරු පාටයි.

“මොනවද තමුසෙ කල්පනා කරන්නෙ? බය වෙන්න එපා.තමුසෙට තියෙන්නෙ මගෙ අම්මව බලා ගන්න.මං විස්තර ගෙදරට ගියාම කියන්නම්කො.තමුසෙ දවල්ට කාලද ඉන්නෙ?…………”

“ඔව් මහත්තයා…………..”

“දැන් හතරාමරයි වෙලාව.තමුසෙට බඩගිනියිද?…………..”

“නෑ මහත්තයා………….”

“පොඩ්ඩක් ඉන්නවකො…………..”

මට කාරෙකේම ඉන්න කියලා ඒ මහත්තයා කාරෙක පාරෙ අයිනක නවත්තලා කඩේට ගිහින් මොකක්දෝ පාර්සලයක් අරන් ආවා.

“ආ මේක කනවා.කිරි පැකට් එකක් ඇති ඒක බොනවා…………”

“බොහොම ස්තූතුයි මහත්තයා…………”

ඒ පාර්සලේ ඇතුලෙ චිකන් සැන්වීච් පැකට් දෙකකුයි උළුදු වඩේ දෙකකුයි මයිලෝ එකකුයි තිබුනා.මං සැන්වීච් පැකට් දෙකම කාලා මයිලෝ එක බිව්වා.

“බඩගිනි නෑ කිව්වෙ බොරුවට නේද තමුසෙ?……………”

ඒකට මං හිනා වුනා විතරයි.ඇත්තටම මං හිටියෙ බඩගින්නෙ තමයි.ඒත් ඉතිං මේ මනුස්සයා බඩගිනියිද කියලා ඇහුවම එකපාරටම බඩගිනියි කියලා කියන්න බෑනෙ.

“තව ගොඩාක් දුරයිද මහත්තයා?…………..”

“ඇයි තමුසෙට නිදිමතයිද?…………..”

“අපොයි නෑ මහත්තයා.මං නිකන් ඇහුවෙ…………..”

“තව පැය බාගයක් විතර යද්දි ගෙදරට යන්න පුලුවන්.තමුසෙට සිංදු කියන්න පුලුවන්ද?……………”

“සිංදු කියන්න නම් බෑ මහත්තයා.මට හොඳට කෑම උයන්න නම් පුලුවන්……………”

“මං තමුසෙව එක්කන් යන්නෙ අම්මව බලා ගන්න මිසක් කෑම උයන්න නෙවෙයි…………..”

“ඔය සීට් බෙල්ට් එක දාගන්නවා. ඉස්සරහ හයිවේ එකේ යද්දි පොලීසියෙන් අල්ලයි…………..”

සීට් බෙල්ට් එක……ඒත් මේක දාන්නෙ කොහොමද?මං ඒ පටිය අතින් අල්ලගෙන මහත්තයා දිහා බයෙන් වගේ බලාගෙන හිටියා.

“මං මූණ දිහා බලාගෙන ඉන්න නෙවෙයි කිව්වෙ.ඕක දා ගන්නවා. තමුසෙ හදන්නෙ පොලීසි යන්නද ඕයි…………..”😠😠

“අනේ……මහත්තයා මේක කොහොමද දාන්නෙ?මං දන්නෙ නෑනෙ…………”😫😫

“ඔහ් ශික් තමුසෙ මහ මැන්ටලයක්නෙ ඕයි.සීට් බෙල්ට් එකවත් දා ගන්න දන්නෑනෙ.කෝ ඔහොම ඉන්නවා මැන්ටලේ…………..”😠😠

මං කොහොමද මේ වගේ සැප පහසු වාහනේක සීට් බෙල්ට් එක දාන්න දැන ගන්නෙ?ජීවිතේ පළවෙනි පාරටයි අද මේ වගේ වාහනේකට නැග්ගෙ.මේ මනුස්සයට මොංගල්ද මන්දා මට මෙහෙම බනින්නෙ.කාරෙක අයිනක නවත්තලා මගෙ සීට් බෙල්ට් එක ඒ මනුස්සා දැම්මා.සීට් බෙල්ට් එක දාන්න මං ගාවට කිට්ටු වෙද්දි එයාගෙ කම්මුල මගෙ මූණෙ වැදුනා.මං ටක්ගාලා මූණ පිටි පස්සට වුනා.

“මොකෝ තමුසෙට කරන්ට් එකවත් වැදුනද?……………”

“න්…..නෑ මහත්තයා……………”

හවස පහමාර විතර වෙද්දි අපි ඒ මහත්තයගෙ ගෙදරට ආවා. කාරෙකෙන් බැහැලා බෑග් එකත් කරේ එල්ලගෙන මං ඒ මහත්තයා පස්සෙන්ම ගේ ඇතුළට ආවා.අනෙ අම්මෝ😱😱මේක ගෙයක් නෙවෙයි මාලිගාවක්ද කොහෙද.තට්ටු තුනක හරිම ලස්සන ගෙයක්.තරු පහේ හෝටලයක් වගේ.මීට කලින් කවදාවත් මං මේ වගේ ගෙයක් දැකලා නෑ.මේ මනුස්සයා කෝටිපතියෙක් වගේ.අනේ මන්දා මට පුදුමයි මේ වගේ ගෙයක් හැබහින් දකින්න ලැබුනු එකත්.මං ඒ ගෙයි හතර වටේටම ඇස් යැව්වා.පිස්සු හැදෙනවා.

“මොනවද ඕයි හතර වටේට බෙල්ල කරකව කරකව හොයන්නෙ?ඔහොම බලන්න එපා.ගේ බිමට සමතලා වෙයි. එනවා මාත් එක්ක……………”

ඒ මනුස්සයා මාවත් එක්කරගෙන පහල තට්ටුවෙ එක කාමරේකට ගියා.ඒ කාමරේ ඇඳක හිටියා අවුරුදු පනස් පහක විතර ගෑණු කෙනෙක්.ඒ ගෑණු කෙනා හිටියෙ නිදාගෙන.ඒ මහත්තයා ඇඳෙන් වාඩි වෙලා ඒ ගෑණු කෙනාට කතා කරා.

“අම්මේ…..අම්මේ…………..”

“ආ…..පුතා ආවද?ක…..කව්ද මේ දරුවා?………….”

මාව පෙන්නලා ඒ ගෑණු කෙනා ඒ මහත්තයගෙන් එහෙම ඇහුවා.

“අම්මෙ මෙයා හිටියෙ අනුත්තරා ළමා නිවාසෙ.මෙයාගෙ නම සමනලී.මිස් තෙරේසා තමයි මේ ගෑණු ළමයව අඳුන්වලා දුන්නෙ.මීට පස්සෙ මෙයා තමයි අම්මව බලා ගන්නෙ…………..”

“අනේ පුතේ මේ දරුවා ගොඩාක් පුංචියිනෙ.අනේ මට පුලුවන් තනියම මගෙ වැඩ ටික කරගන්න.නිමලා ත් ඉන්නවනෙ……………”

“මෙයා පුංචි නෑ අම්මෙ.ගිය මාසෙ තමයි අවුරුදු දහඅට ලබලා තියෙන්නෙ.අම්මා මහන්සි වෙන්න එපා.සමනලී අම්මව හොඳට බලා ගනියි.ඩොක්ටර් කිව්වා මතකයිනෙ මහන්සි වෙන්න එපා විවේකයෙන් ඉන්න කියලා……………”

“මෙහාට එන්නකෝ දරුවො…………..”

ඒ නෝනා හරිම හොඳයි කියලා මට හිතුණා.මං ළඟට ගියා.එයා මගෙ අතින් අල්ල ගත්තා.අහේතුවකටද මන්දා ජීවිතේ කවදාවත්ම නොදැකපු අම්මාව මගේ හිතේ ඇඳුනා.

“දුවට පුලුවන්ද මාව බලා ගන්න?බය වෙන්න එපා.මාව බලා ගන්න කෙනෙක්ව එක්කන් එනවා කිව්වට හිතුනෙ නෑ මෙහෙම පුංචි කෙල්ලෙක්ව එක්කන් එයි කියලා……………”

“මට පුලුවන් නෝනව බලා ගන්න. අම්මා අප්පා නැති මං නෝනව මගේම අම්මා කියලා හිතලා මගෙ ඇස් දෙක වගේ බලා ගන්නම්…………..”

මං එහෙම කියද්දී ඒ නෝනගෙ ඇස් වලට කඳුලු පිරුනා.එයා මගෙ අත් දෙකම අල්ල ගත්තා.

“පුතා……මේ දරුවට කාමරයක් පෙන්නන්න.දරුවො,ඔයා නාලා කාලා එහෙම විවේක ගන්න.ගොඩාක් දුර ඉඳන්නෙ එන්නෙත්.මහන්සිත් ඇති ගොඩක්……………”

මං බෑග් එකත් අරන් කාමරෙන් එළියට ආවා.

“එනවා මාත් එක්ක…………..”

“මේ කාමරේ තමුසෙගෙ පාවිච්චියට ගන්නවා.ඔය බෑග් එකේ තියන ඇඳුම් ටික අර අල්මාරියට දා ගන්නවා.මේ පැත්තෙ බාතෲම් එක තියනවා.බය නැතුව ඉන්නවා.මෙහෙ හොල්මන් එහෙම නෑ…………..”

“මෙහෙ වෙන කව්ද ඉන්නෙ මහත්තයා?…………..”

“මමයි අම්මයි ඉන්නවා.තව වැඩට ගෑණු දෙන්නෙක් ඉන්නවා.වත්තෙ වැඩට මුර වැඩට කිහිප දෙනෙක් ඉන්නවා……………”

“එතකොට මහත්තයගෙ නෝනා කෝ?…………..”

මං එහෙම ඇහුවෙ මේ මනුස්සයගෙ වයසෙ හැටියට කසාද බැඳලා කියලා හිතුණු හින්දයි.

“මං මැරි කරලා නෑ.තමුසෙට ඕන්නැති දෙයක් නෑනෙ ඕයි…………….”

“අනේ සමාවෙන්න මහත්තයා.මං මේ නිකන් ඇහුවෙ………….”

“හ්ම්ම්.දැන් වොශ් එකක් දාගෙන ඇඳුම් මාරු කරගෙන ඉන්නවා.හෙට ඉඳන් අම්මව බලා ගන්නවා.අද මෙහෙම නිකන් ඉන්නවා…………..”

“හා මහත්තයා………….”

“මේක හොඳට මතක තියා ගන්න. තමුසෙව මෙහාට ගෙනාවෙ අම්මව බලා ගන්න.ඒ හින්දා ඒ වැඩේ හොඳට කරනවා.ගෙදර අනික් වැඩ වලට කට්ටිය ඉන්නවා.මීට කලිනුත් අම්මව බලා ගන්න දෙතුන් දෙනෙක් ආවා.ඒ අය පඩිය බලාගෙන වැඩ කරම උන් විතරයි.අම්මව බලා ගන්නවා වෙනුවට දවසෙම කාමරේට වෙලා නිකන් ඉන්නවා.මට අවශ්‍ය කරන්නෙ තමන්ගෙම කෙනෙක් හිතලා අම්මව බලා ගන්න කෙනෙක්ව.මේක සේවයක් කියලා හිතන්න එපා………….”

“මහත්තයා බය වෙන්න එපා.මං නෝනව මගෙ ඇස් දෙක වගේ බලා ගන්නම්…………..”

“සමනලී,පඩිය කීයක් විතර බලාපොරොත්තු වෙනවද?………….”

“එහෙම පඩියක් කියන්න බෑ මහත්තයා.මහත්තයට හිතෙන ගානක් දෙන්න.ඒක නෙවෙයි,නෝනට මෙහෙම වුනේ කොහොමද?…………..”

“අවුරුදු අටකට විතර කලින් ඇක්සිඩන්ට් එකක් වුනා.ඒකෙන් තාත්තා මැරුණා.අම්මගෙ කකුල් දෙක දණිස්සෙන් පල්ලෙහා පණ නැති වුනා. එදා ඉඳන් අම්මා එක්තැන් වෙලා හිටියෙ.කොච්චර බෙහෙත් කරත් පලක් නෑ.සමනලී දැන් රෙස්ට් කරන්න…………….”

එහෙම කියලා ගිම්හාන් මහත්තයා පඩිපෙළ නැගලා ගියා.මං මට පෙන්නපු කාමරේට ඇවිත් රෙදි ටික අල්මාරියෙන් දාලා නාන කාමරේට ගිහින් නාගෙන ඇවිත් ඇඳුමක් ඇඳ ගත්තා.

මතු සම්බන්දයි