නපුරු සිතක් ළඟ😡

😘නපුරා ගෙදර නැති වෙලාවට හරිම පාලුයි කම්මැලියි.හිටියා නම් මොනවහරි කියලා අවුස්සන්න තිබ්බා. කම්මැලි හින්දා පොතක් අරන් බැල්කනියට යද්දී මගෙ ෆෝන් එකට කෝල් එකක් ආවා අප්පච්චිගෙන්. ආන්සර් නොකර ඉන්නවා කියලා හිතුවත් මොකක්ද කියන්නෙ කියලා බලන්න ආන්සර් කරා.

“හෙලෝ…..අප්පච්චි……………”📲

“ජාන්වී…..මං කියපු දේ ගැන තමුන් මොකද කියන්නෙ?මොකක්ද තමුන්ගෙ තීරණේ?…………..”📲

“මොකක් ගැනද අප්පච්චි අහන්නෙ?……………”📲

“මේ අහපන් ජාන්වී.ශිවන්ත උඹේ මිනිහා වුනාට මම උඹේ අප්පච්චී.ඔය කසාදෙට මං පොඩ්ඩක්වත් කැමති නෑ. උඹ මාසයක් ඇතුළත උගෙන් ඩිවෝස් වෙන්න ඕනි………….”📲

එහෙනම් අප්පච්චි මාවයි ශිවන්තවයි වෙන් කරන්න උත්සහ කරන එක තාම නතර කරලා නෑ.දේපල ටික කොල්ල කන්න උවමනාවට තමයි අප්පච්චිකම මතක් වෙලා තියෙන්නෙ.දරුවො කසාද බැන්දට පස්සෙ දෙමව්පියන්ට එයාලගෙ ජීවිත ගැන තීරණ ගන්න අයිතියක් නෑ.

“අප්පච්චි මං ඔයාට එකදවසකුත් කිව්වා මං කවදාවත් ශිවන්තගෙන් ඈත් වෙන්නෑ කියලා.ඔයා ගොඩාක් දේවල් කරානෙ මාවයි ශිවන්තවයි වෙන් කරන්න.ඔයාගෙ අනියම් බිරිඳක්ව දාලා කරපු සෙල්ලම අපි දන්නවා.ඔයාට මගෙ ජීවිතේ ගැන තීරණ ගන්න අයිතියක් නෑ…………….”😠📲

“ඇයි නැත්තෙ?මං උඹේ තාත්තා………….”😠📲

“ආ…..දැන්ද මතක් වුනේ තාත්තා කියලා.කලින් ඔයාට එහෙම දෙයක් මතක් වෙලා තිබ්බෙ නෑනෙ.ඔයා මට තාත්තා කෙනෙක් වගේ සැළකුවා නම් කවදාවත් මට ගෙදරින් පැනලා එන්න උවමනාවක් ඇති වෙන්නෑ.ඔයාට ඕනි අර යක්ෂණීගෙ මල්ලිට මාව කසාද බන්දලා දීලා මගෙ අම්මගෙ දේපළ ටික ලියා ගන්න……………”😠📲

“ඔව් යකෝ ඔව්.උඹට ශිවන්තගෙන් ඩිවෝස් වෙන්න බැරි නම් උඹේ මහ එකී උඹේ නමට ලියපු දේපළ ටික මගේ නමට ලියලා දීපන්.නැත්නම් උඹේ මිනිහා ජීවත් වෙන්නෙ බොහොම ටික කාලයයි………….”😡📲

“අප්පච්චී😡😡ශිවන්තටගෙ ජීවිතේට අනතුරක් කරන්න හිතන්නවත් එහෙම එපා.ඔයාට අමතක වුනාද එයා මොන වගේ කෙනෙක්ද කියලා……………”😠📲

“දේපළ ටික මට එන්න ඕනි එච්චරයි…………..”😡📲

තව දුරටත් අප්පච්චිත් එක්ක කතා කරන එක තේරුමක් නෑ කියලා මට තේරුණා.ෆෝන් එක ඕෆ් කරලා මේසෙ උඩින් තියපු මං බැලකනියට ගිහින් කල්පනා කරා.අප්පච්චි ඇත්තටම ශිවන්තගෙ ජීවිතේට අනතුරක් කරයිද?ශිවන්තත් එක්ක හැප්පෙන්න ගියොත් එහෙම එයා මගෙ අප්පච්චි කියලා බලන එකක් නෑ.අප්පච්චිගෙ ජීවිතේට අනතුරක් වෙනවා මට බලාගෙන ඉන්නත් බෑ.මේ ප්‍රශ්න නවතින්න කියලා හිතලා අම්මගෙ දේපළ ටික අප්පච්චිගෙ නමට ලියලා දෙන්නත් බෑ.මට බෑ මගෙ මැරිච්ච අම්මට එහෙම අසාදාරණයක් කරන්න. එයා ඒ දේවල් මගේ නම ලියන්න ඇත්තෙ මං ගැන ලොකු විශ්වාසෙකින්.

නවකතා පොත අතට ගත්තත් ඒක කියවන්න හිතේ සැනසීමක් නෑ.පොත පැත්තකින් තියලා කාමරේට එන්න හදනකොටම මං දැක්කා කලු පාට කාර් එකක් ගේට්ටුවෙන් ඇතුලට එනවා. මේක ශිවන්තගේ කාරෙක නම් නෙවෙයි.

ඒ කාරෙකෙන් බැහැලා ආවෙ ශිවන්තගේ වයසෙ විතර ගෑණු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි පොඩී ළමයි දෙන්නෙකුයි.මං බැල්කනියෙන් කාමරේට ඇවිත් සාලෙට ආවා කව්ද ආවෙ කියලා බලන්න.ඒ ආපු අයත් එක්ක ශිවන්තගේ අම්මා කතා කර කර හිටියා.

“ආනේ…..කව්ද පුංචි අම්මෙ මෙයා?………….”

ඒ ගෑණු කෙනා මාව පෙන්නලා ශිවන්තගෙ අම්මගෙන් එහෙම ඇහුවා.

“මේ මගේ ලේලි ජාන්වි.දුවේ මේ මගේ අක්කගෙ දුවයි එයාගෙ මහත්තයයි දරුවො දෙන්නයි…………..”

“පුංචි අම්මෙ ශිවන්ත මල්ලි මැරි කරාද?අපි දන්නෙත් නෑනෙ…………..”😲😲

“කාටවත්ම කිව්වෙ නෑ දුවේ.වෙඩින් එකක් ගත්තෙ නෑ.පොඩියට ගෙදර පාටියක් ගත්තා විතරයි……………”

ශිවන්තගේ අම්මා එහෙම කිව්වා.

“ඔයා ගොඩාක් පුංචි කෙල්ලෙක් වගේ නේද දමිත්?ඔයාගෙ වයස කීයද නංගි?……………”

“දහ අටයි…………..”

“ඕන් පටන් ගත්තා ඕපදූප හොයන්න. හංසි…..මේ ළමයා හිතයි වට්ටි අම්මා කෙනෙක් කියලා…………..”

දමිත් අයියා හංසි අක්කට විහිලු කරන්න පටන් ගත්තා.

“බබාලාට වයස කීයද අක්කෙ?………….”

හංසි අක්කගෙ අතේ හිටපු චූටි දෝණිව වඩාගෙන මං එහෙම ඇහුවා.

“පුතාට අවුරුදු හයයි.දුවට නම් මාස අටයි……………”


ගෙදරට ආපු අමුත්තෝ තව දවස් දෙකක් ඉඳලයි යනවා කිව්වෙ.දවල් නාලා ඉවර වෙලා මං හංසි අක්කගෙ දුවව වඩාගෙන අපේ කාමරේට ආවා. කෙල්ල හරිම හුරතල්.චූටි අත පය හොලව හොලව එක එක ඒවා කියෝනවා.සුදුයි බෝල ගෙඩියක් වගේ. මං දුවව ඇඳේ තියාගෙන හුරතල් කරා. චූටි කම්මුල් දෙක අල්ලලා තට්ටු දැම්මා.විකාර ගොඩායි ඉතිං.මං ෆෝන් එක අරගෙන දූගෙයි මගෙයි සෙල්ෆි ෆොටෝස් ගොඩාක් ගත්තා.ෆොටෝස් ගන්නකොට කෙල්ල චූටි දත් පෙන්නලා ලස්සනට හිනා වෙනවා.මං කෙල්ලට කුචු කවනකොට කෙල්ල දඟල දඟල හිනා වෙනවා.

ජාන්විගෙයි දෝණිගෙයි මේ කෝලං දිහා ශිවන්ත කාමරේ දොරකඩ ගාවට වෙලා අත්දෙක බැඳගෙන හිනා වෙවී බලාගෙන ඉන්නවා.ජාන්වි ඇඳේ වාඩි වෙලා ඉන්නෙ ශිවන්තට පිටු පාලා නිසා ඇය ශිවන්තව දැක්කෙ නෑ.ඇය මෙතරම් පුංචි දරුවන්ට ආදරෙයි කියලා ශිවන්ත දැනගෙන හිටියෙ නෑ. පිස්සු කෝලමක් මේ හාල්මැස්සි. වෙලාවකට දෝණිගෙ කම්මුලක් ඉඹිනවා.කුචු කවලා හිනා ගස්සනවා.ඇඟිල්ලක් කටේ තියලා හපන්න වගේ හදනවා.මේ දෙන්නා දිහා බලාගෙන හිටපු ශිවන්තත් හෙමින් සීරුවෙ ඇඳේ පැත්තකින් වාඩි වුනා.

“ආනේ…..ශිවන්ත අයියෙ ඔයා කොයි වෙලාවෙද ආවෙ?මං දැක්කෙත් නෑ………….”

“මං ඇවිල්ලා පැය කාලක් විතර වෙනවා.දෙන්නගෙ කෝලං දිහා බලාගෙන හිටියෙ මං………….”

“ශිවන්ත අයියෙ මෙයා ශෝක් අනේ. බෝලයක් වගේ.මාත් පොඩි කාලෙ මේ වගේ ඉන්න ඇති……………”

ටිකක් වෙලා යද්දී දෝණි ඈනුම් අරින්න වුනා.පව් කෙල්ලට බඩගිනි ඇති දැන්. හංසි අක්කට ගිහින් දෙන්න ඕනි කෙල්ලව.

“මෙයාට දැන් බඩගිනි වෙලා වගේ.කෝ එන්න අපි අම්මි ගාව්ට යමූ මැණික…………..”

“ඉතිං තමුසෙගෙ කිරි ටිකක් දෙනවකො ළමයට…………….”😆😀

“ඒයි නපුරො,පිස්සුද මන්දා මෙයාට.මට කොහෙන්ද කිරි?………….”☺️☺️

“ළමයට දෙන්න බැරි නම් මට දෙනවකො ටිකක්………….”😆😉

“ශිවන්ත අයියෙ ඔයා නම්.මේ පොඩි එකා ඉන්න ඉන්න තැන කියන කතා. මාමා නෝටියි නේද දෝණී…………”😊😊

“ආ…..ලැජ්ජ හිතුනද මෙයාට?………….”😉😉

“ලැජ්ජ හිතෙන්නැතුවයැ පොඩි එකෙක් ඉන්න තැන ඔහොම කියනකොට……………”

“මේකිට තේරෙන්නෙ නෑ අපි කියන ඒවා නේද චූටි මැණිකේ😚😚.නැන්දිගෙ කුක්කු ඔයාට දෙන්නෙ නැතිලු.මාමට විතරයිලු දෙන්නෙ…………..”😊😉☺️

“ඔයා නම් ශිවන්ත අයියෙ😠☺️ඉන්නවකො මං මේ ළමයව හංසි අක්කට දීලා එනකල්………….”

මං කෙල්ලව හංසි අක්කට දීලා ආවා. උදේ අප්පච්චි කතා කරපු වෙලාවෙ ඉඳන් මං හිටියෙ හිත ගොඩාක් කලකිරීමෙන්.අර චූටි දෝණිත් එක්ක ඉන්නැද්දී තමයි සැනසීමක් කියලා දෙයක් හිතට දැනුනෙ.මං කල්පනා කර කර ඉන්නැද්දී ශිවන්ත පිටි පස්සෙන් මං ළඟට ඇවිත් මාව තුරුල් කරගත්තා.

“මොනවද මේ ළමයා අහස පොලව ගැටගහන්න වගේ කල්ප්නා කරන්නෙ?………….”

“ම්…..මො…..මොකුත් නෑ ශිවන්ත අයියෙ…………..”

“මොකුත් නෑ කියලා බොරු කියන්න එපා.උදේ අප්පච්චි කෝල් කරා නේද?ඒක ගැනනෙ මේ කල්පනා කරන්නෙ?………….”

දෙයියනේ😱ඒක කොහොමද ශිවන්ත දන්නෙ?

“ඔ…..ඔයා කොහොමද ඒක දන්නෙ ශිවන්ත අයියෙ?…………..”

“එයා මටත් කෝල් කරා…………..”

“අප්පච්චි ඔයාට මොනවද කිව්වෙ?……………”

“ඔයාව ඩිවෝස් කරන්නලු.ඒක කරන්න බැරි නම් ඔයාගෙ අම්මගෙ දේපළ ටික එයාගෙ නමට ලියන්න කියන්නලු………….”

“මටත් ඒ ටිකම තමයි කිව්වෙ ශිවන්ත අයියෙ.මට බයයි අප්පච්චි ඔයාගෙ ජීවිතේට අනතුරක් කරයි කියලා………….”

“මට කියනවා…..අලහප්පෙරුමකාරයා වෙන මොනවද කිව්වෙ?……………”😠😠

“ඒ දේපළ ටික මං එයාට නොදුන්නොත් ඔයාගෙ ජීවිතේට අනතුරක් කරනවා කිව්වා……………”😥😥

“මොකක්……ඌ හැප්පෙන්න හදන්නෙ වැරදි මිනිහත් එක්ක ජාන්වි.මං මේ තරම් ඉවසුවේ ඌ තමුසෙගෙ තාත්තා හින්දා.ඌ උගෙ සීමාව පනින්න හදනවා නම් මට අමතක කරන්න සිද්ද වෙයි ඌ තමුසෙගෙ තාත්තා කියලා…………”😡😡

“අනේ ප්ලීස් ශිවන්ත අයියෙ…..මොන දේ කරත් ඒ මගෙ තාත්තා.එයාව මරන්න නම් එපා.එයා ඔයාගෙ ජීවිතේට අනතුරක් කරනවා කිව්වෙ මාව බය කරන්න මිසක් ඇත්තටම ඔයාට අනතුරක් කරන්න නෙවෙයි.මට බෑ ඔයාව නැති කරගන්න.මං හින්දා ඔයා අප්පච්චිත් එක්ක පැටලෙන්න එපා.මං තීරණයක් ගත්තා…………”😭😭

උදේ ඉඳන් කල්පනා කරලා කරලා මං ගත්තු තීරණේ ශිවන්තට කියන්න හැදුවා.

“මොකක්ද තමුසෙ ගත්තු තීරණේ?…………..”

“මං…..මං අම්මගෙ දේපළ ටික අප්පච්චිගෙ නමට ලියනවා.ඒත් ඔක්කොම ටික නෙවෙයි…………….”

“මේ අහනවා ජාන්වි,තමුසෙ ඔය තීරණේ ගත්තෙ තාත්තා මගෙ ජීවිතේට අනතුරක් කරයි කියලා හිතලනෙ.ඌට බෑ මට මොකුත් කරන්න.ඒ හින්දා තමුසෙ ඔය ගත්තු තීරණේ වෙනස් කරනවා.ඔය දේ කරොත් තමුසෙගෙ තාත්තා හිතයි මං ඌට බය වුනා කියලා.මේ ශිවන්ත ජයවර්ධණ කියන්නෙ කිසිම කෙනෙකුට බය කෙනෙක් නෙවෙයි.මාව බය කරන්න ඌට කවදාවත් බෑ…………..”😡😡

“නෑ ශිවන්ත අයියෙ.මං මේ තීරණේ ගත්තෙ ඒ හින්දා නෙවෙයි.මේක මං ගොඩ කාලෙක ඉඳලා හිතාගෙන හිටපු දෙයක්.මං අප්පච්චිගෙ නමට ලියන්නෙ එයාලා ඉන්න ගේයි ඉඩමයි, නුවරඑළියෙ බංගලාවයි විතරයි. වත්තල තියන ඉඩමෙ අනික් මායිමේ තියෙන්නෙ පන්සල.මං ඒ ඉඩම පන්සලට ලියනවා දහම් පාසල හදන්න.අනික් ඉඩකඩම් ටික සේරම විකුණලා සල්ලි ළමා නිවාසෙකටයි වැඩිහිටි නිවාසෙකටයි පූජා කරනවා අම්මා වෙනුවෙන්…………”

“තමුසෙ කරන්න හදන දේ නම් ගොඩාක් හොඳයි ජාන්වි.ඒත් අප්පච්චිට නුවරඑලියෙ බංගලාවයි ඒගොල්ලො දැන් ඉන්න ගේයි දෙකම දෙන්න ඕන්නෑනෙ.නුවරඑලියෙ බංගලාවත් විකුණනවා……………”

“මොන දේ වුනත් දේපළ වලට තණ්හාවෙ හරි මාව අවුරුදු දහ අටක් කන්න බොන්න දීලා අතපය නොකඩා හැදුවනෙ.ඒ හින්දා තමයි මං ඒවා එයාට දෙන්න තීරණේ කරේ.ඔයා අකමැතියි නම් මං ඒ තීරණේ වෙනස් කරන්නම්………….”

“කමක් නෑ ජාන්වි.මොනවා වුනත් එයා තමුසෙගෙ තාත්තනෙ.ඒ ඉඩකඩම් වල ඔප්පු තියෙන්නෙ කොහෙද?………….”

“ඒවා ඔක්කොම මං එදා කුඩම්මාට හොරෙන් අරන් ආවෙ…………”

“අපි එයාලට හොරෙන් ඒ වැඩ ටික කරමු.තමුසෙ බය නැතුව ඉන්නවා…………..”

“දැනුයි මගෙ හිතට සැහැල්ලුවක් දැනුනෙ………….”

“පිස්සි තමුසෙ ඕනවටත් වඩා හැම දෙයක් ගැනම හිතනවා.මං ඉන්නවනෙ තමුසෙට………….”

❤️❤️

“නංගී………….”

“ආ එන්න හංසි අක්කෙ.කෝ දුව නිදිද?…………”

“ඔව් නංගි එයා හොඳටම නිදි.දෙන්නා හොරෙන්ම කේක් කෑවා නේද?…………..”

“කරන්න දෙයක් තිබ්බෙ නෑ අක්කෙ. අම්මා කියන්න ඇතිනෙ ඔයාට විස්තරේ.ඒකයි වෙඩින් එකක් නොගත්තෙ………….”

එහෙම කිව්වෙ ශිවන්ත.

“වෙඩින් එකක් නොගත්තට මොකෝ. ඔයාලා දෙන්නා සන්තෝශෙන් ඉන්න. මෙයා නම් හරිම අහිංසකයි මල්ලි.ඔයා වගේ නපුරු නෑ…………..”😁😆

“ආ…..ඒ අක්කා දන්න තරම තමයි. මේකි යක්ෂණියක් වගේ අක්කෙ. පොඩ්ඩ ඇතනම් මාව කන්න හදනවා…………..”😁😁

“ඔය බොරු අක්කෙ.මං එහෙම නෑ………….”😊😊

“හරි හරි.ගුඩ් නයිට් දෙන්නටම…………”😃😃

හංසි අක්කා කාමරෙන් ගියාට පස්සෙ මං දොර ලොක් කරලා ශිවන්ත දිහා රවලා බැලුවා.එයා මට ඇද කර කර හිනා වෙනවා.නපුරා😠😠.

“ඔය ඉතිං මගෙන් කන්න තමයි හදන්නෙ ඔහොම රවලා නම්………….”

හිටපන්කෝ නපුරාට හොඳ වැඩක් කරන්න මං.එහෙම හිතපු මං ඇඳට නැගලා එයාව ඇඳේ පෙරලගෙන ඒ සිරුරට බර වෙලා වගේ බෙල්ල හැපුවා.

“ඌයි අම්මේ…..මොකක්ද හු### යේ තෝ ඒ කරේ?රිදෙනවා ගෑණියෙ.අද මං උඹට……………”😡😆

“අනේ එපා ශිවන්ත අයියෙ අනේ…………..”

මං ඇඳෙ නැගිටලා දුවන්න හැදුවත් ශිවන්ත මාව ඇඳට පෙරලගෙන මගේ අත දෙකම ඇඳට තියලා තද කරගත්තා.

“බලපිය මගෙ බෙල්ලෙන් ලේ එන්වද දන්නෑ………….”😠😆

“ලේ එන්නෙ නෑ අනේ.මං ලාවට වගේනෙ හැපුවෙ.ඔයා මොකටද හංසි අක්කට කිව්වෙ මං යක්ෂනියක් වගේ කියලා…………..”

“අනේ ඉතිං සොරි මැණික.මං විහිලුවක්නෙ කරේ වස්තුවේ………….”

“එහෙනම් මං කරපු දේටත් සොරි නපුරෝ………….”😚😉😊

මතු සම්බන්දයි

Advertisment