“සංදීප් විතානආරච්චිගේ මරණයට සැක පිට අපිට තමුසෙව අත්තඩංගුවට ගන්න සිද්ද වෙනවා…………….”

ඒ පොලිස් නිළදාරියා එහෙම කියද්දී මගෙ ඇස් උඩ ගියා.සංදීප්ගෙ මරණෙට කොහොමද සොනාල් වැරදිකාරයෙක් වෙන්නෙ.

“අනේ සර්,සොනාල් කොහොමද සංදීප්ගෙ මරණෙට වැරදිකාරයෙක් වෙන්නෙ?සංදීප් මැරුනෙ බයික් එක ඇළට පෙරලිලානෙ.අනේ සර් මගෙ මහත්තයව ගෙනියන්න එපා.එයා මොකුත් කරේ නෑ……………”😭😭

මං සොනාල්ගෙ අතේ එල්ලිලා කෑ ගැහුවත් ඒ පොලිස් නිළදාරීන් මාව පැත්තකට කරලා සොනාල්ව ජීප් එකට දා ගත්තා.මං කෑ ගහලා ඇඬුවා.😭😭

“ඔයා බය වෙන්න එපා සඳසි.මං සංදීප්ව මැරුවෙ නෑ.මං කොහොම හරි නිදහස් වෙන්නම්.ඔයා පරිස්සමින් ඉන්න……………”

සොනාල්ව ඇතුලට දමා ගත් පොලිස් ජීප් රිය ඉදිරියට ඇදුනා.මං බිම වැතිරිලා කෑ ගහලා ඇඬුවා.ජිනදාස මාමයි ලතා නැන්දයි මං ගාවට ආවා.

“අනේ දෙයියනේ මේ මොනවද සිද්ද වුනේ?කාටවත්ම වරදක් නොකරපු අපේ මහත්තයව මේ මිනීමැරුමකට පැටලුනේ ඇයි දෙයියනේ.අනේ නැගිටින්න නෝනා.දැන් අඬන්න එපා. අපි කොහොමහරි මහත්තයව බේර ගන්න බලමු…………..”

ලතා නැන්දා මාව කාමරේට එක්කන් ආවා.අඬලා අඬලා මං දෙවියන්ගෙන් ඉල්ලුවේ සොනාල්ව බේරලා දෙන්න කියලයි.මට හොඳටම විශ්වාසයි සොනාල් සංදීප් එක්ක මොන තරම් වෛරෙකින් හිටියත් එයා මේ වගේ දෙයක් නම් කරන්නෙ නෑ.කවුරු හරි මේක සොනාල්ව අමාරුවෙ දාන්න කරපු වැඩක්.මං කුසට අත තියාගෙන සොනාල්ව මතක් කර කර ඇඬුවා.

අනේ මගෙ පැටියෝ ඔයා අපි ගාවට ඇවිත් කියලා ඔයාගෙ අප්පච්චි දැනගෙන ඒ සතුට එක පැයක් විඳගන්න ලැබුනද?අනේ එයාට මොන තරම් වේදනාවක් ඇත්ද මේ වෙච්චි දේ ගැන😭😭😭

මං අපේ ගෙදරටයි සොනාල්ගෙ ගෙදරටයි කෝල් කරලා සොනාල් ගැන කිව්වා.එයාලා ඉක්මනට ගෙදර ආවා.

“අනේ අම්මෙ මට සොනාල්ව බේරලා දෙන්න.එයා සංදීප්ව මැරුවෙ නෑ අම්මෙ…………..”😭🙏

“අපේ පුතාට සංදීප් එක්ක තියන ප්‍රශ්නෙ මොකක්ද නෝනෙ මෙහෙම ප්‍රශ්නෙක පැටලෙන්න තරම්.අපිට කියන්න දුවේ මොකක්ද සිද්ද වුනේ?……………”

“ඔය සංදීප් කියන කාලකණ්ණියා මගෙ දුවගෙ පස්සෙන් ආවා.උගේ අවලං යෝජනා වලට දුව අකමැති වෙච්ච හින්දා ඌ මෙයාට නිතරම කෝල් කරලා තර්ජනේ කරලා තියනවා. සොනාල් පුතාව අතෑරලා ඌ ගාවට එන්න කියලා කීප වතාවක්ම දුවට කියලා තියනවා.ඌට විරුද්ධව පොලීසි ගියත් ඌ වෙනස් වෙලා නෑ……………”

මං සංදීප් තිබුණු සම්බන්දෙ අපෙ අම්මා සොනාල්ගෙ දෙමව්පියන්ට කිව්වෙ නෑ.එහෙම කිව්වා නම් එයාලා දෙන්නා අනිවාර්යෙන්ම කියයි සංදීප් හින්දා මං සොනාල්ව හිරේ යවන තැනට වැඩ සිද්ද කරා කියලා.

“මහ කාලකණ්ණි බල්ලෙක්නෙ ඌ. අනුන්ගෙ ගෑණු පස්සෙන් යන අවලං බල්ලා.මැරිලත් වරදක් නොකරපු අහිංසක මිනිස්සුන්ට ඉන්න දෙන්නෑ.දුව අඬන්නෙ නැතුව ඉන්න.මං පුතාව කොහොමහරි බේර ගන්නවා…………..”

අපේ අම්මා මාත් එක්ක ගෙදර නැවතුනා.සොනාල්ගෙ තාත්තයි අපේ අප්පච්චියි එයාව බේර ගන්න සෑහෙන්න උත්සහ කරා.උසාවියෙදි සංදීප්ගෙ බිරිඳ කිව්වා මගෙයි සංදීප්ගෙයි සම්බන්දෙ නතර නොකරපු හින්දා සොනාල් සංදීප්ට මේ දේ කරේ කියලා.ඒත් මං ඒ චෝදනා ප්‍රතික්ෂේප කරලා කිව්වා මගෙයි සංදීප්ගෙයි අතර කිසිම සම්බන්දයක් තිබ්බෙ නෑ කියලා.

සොනාල් වුනත් කිව්වෙ මං කවදාවත් සංදීප් එක්ක සම්බන්දයක් ඇති කරගෙන හිටියෙ නෑ කියලා.උගෙයි මගෙයි අතර තිබුනු සම්බන්දෙ දැනගෙන හිටියෙ අපේ ගෙදර මිනිස්සු විතරයි.ඒක පිට කිසිම කෙනෙක් දැනගෙන හිටියෙ නැති හින්දා අපිට වාසියක් වුනා.

“තමා මේ මිනී මැරුම සිද්ද වෙන වෙලාවෙ කොහෙද හිටියෙ?සංදීප් කියන තැනැත්තාට තමා ඉතා අමානුෂික විදියට පහර දීලා තියනවා කියලා පිලි ගන්නවද?………….”

“ඔව් ස්වාමීණී.මං සංදීප්ට පහර දුන්නා. ඒත් ඔබතුමා කියන විදියට අමානුෂික විදියට පහර දුන්නෙ නෑ.එදා මං වැඩ ඇරිලා එන වෙලාවෙ මට මගදි සංදීප්ව මුණ ගැහුනා.ඒ වෙලාවෙ සංදීප් හිටියෙ හොඳටම බීමතින්.ඒ හින්දා මං සංදීප්ට මොකුත් නොකියා එතනින් පිටවෙලා එන්නයි හැදුවෙ.

සංදීපුයි එයාගෙ යාලුවයි දෙන්නා මග හරස් කරලා මට පහර දුන්නා ස්වාමීණී.සංදීප්ගෙ යාලුවා බීමතින් හිටියත් සංදීප් තරම් ඔහුට වෙරි ගතියක් තිබුන්නෑ.සංදීප් මට තර්ජනේ කරා මගෙ බිරිඳව අත් හැරියෙ නැත්නම් මාව මරනවා කියලා. ඉතිං මට කේන්ති ගියා ස්වාමීණි මං ඔහුට පහර දීලා එතනින් ආවා.ඊට පස්සෙ මොනවා වුනාද කියලා මං දන්නෑ ස්වාමීණී……………”

මාස තුනකට පසුව👇👇👇

මාස තුනකට කලින් සංදීප්ගෙ යාලුවා මධුරංගව අපි හැම තැනකම හෙව්වා. සොනාල් නිර්දෝෂියි කියලා කියලා ඔප්පු කරන්න පුලුවන් මධුරංගට විතරයි.සංදීප්ගෙ මරණෙණ් පස්සෙ මධුරංග අතුරුදහන් වෙච්චි එක ගැන පොලීසියට සැකයක් ඇති වුනා.සංදීප්ව මැරුවේ මධුරංග කියලා හැමෝටම සැක හිතුවා.

ඒත් තමන්ගෙ යාලුවව මරන්න තරම් මොකක්ද මධුරංගට තිබ්බ ප්‍රශ්නෙ?මධුරංගව හොයා ගන්නකල් සොනාල්ට ඇප දීම උසාවියෙන් ප්‍රථික්ෂේප වුනා.මං දවස් ගත කරේ ඇඬූ කඳුලින්මයි.

දින සති මාස ගනන් ගෙවිලා ගියා.දැන් මගේ කුසට මාස අටයි.සොනාල්ගෙ අහිංසක මුහුණ මට හැම වෙලේම මැවිලා පේනවා.දරුවා දඟලන හැම වෙලාවකම මට සොනාල්ව මතක් වෙලා හොඳටම ඇඬෙනවා.සොනාල්ව බලන්න අපේ අම්මලායි සොනාල්ගෙ අම්මලායි ගියත් සොනාල් මට එයාව බලන්න එන්න එපා කිව්වා.මට එයා ඉන්න විදිය දැක්කම දරා ගන්න බැරි වෙයි කියලා එයා කැමති වුනේ නෑ මං එයාව බලන්න එනවට.

මාසයකට පසුව👇👇👇

සංදීප්ගෙ යාලුවා මධුරංගව කඩුවෙල නිවසක හැංගිලා ඉන්නැද්දී පොලිසියට අහු වුනා.කර කියා ගන්නට දෙයක් නොමැතිව සිදූ වූ සියල්ලම උසාවියේදී මධුරංග පාපොච්චාරනය කරා. මධුරංගගේ නැගණිය වූ මධුරි සමඟ පැවැත්වූ අනියම් සම්බන්දතාවය නිසා සංදීප් සමඟ මත්පැන් සප්පායම් වී ඔහු සමඟ ඇල අසලට පැමිණ තිබ්බේ ඔහුව මරා දැමීමටය.

නමුත් රාත්‍රියේ එතනින් නිවසට ගිය සොනාල් සමඟ ඇති වූ රණ්ඩුව නිසා සංදීප් සිටියේ දැඩි කේන්තියෙනි.සංදීප්ටත් තමාටත් පහර දුන් සොනාල් සිය රථයේ නැග එතනින් ගිය බවත් ඉන් පසු තමා බිම වැටී සිටි සංදීප්ට හොඳ හැටි පහර දී ඔහුගේ බයික් එකේ බ්‍රේක් ගැලවූ බවත් එය පාලනය කර ගත නොහැකිව සංදීප් ඇලේ ගැට්ටේ රිය හැප්පී මියගිය බවත් මධුරංග ප්‍රකාෂ කරේය.

අද සොනාල් ගෙදර එන දවස. අපේ චූටි පුතාට අදට සති දෙකයි.මං චූටි පුතාව නාවලා ලස්සන නිල් පාට ඇඳුමක් ඇන්දෙව්වා.පුතා සොනාල් වගේමයි.ඒ චූටි අත පය ඇස් කට නහය සොනාල්ගෙ වගේමයි.මං බැල්කනියට ගිහින් සැරින් සැරේ බැලුවා සොනාල් එනවද කියලා.ගේට්ටුවෙන් ඇතුලට වාහනයක් එන සද්දෙ ඇහුනා.

අනේ……මගෙ සොනාල් ඇවිත්.මං පුතා ගාවට ගිහින් එයාව වඩාගෙන මුහුණ් සිප ගත්තා.මගෙ සත්තලංගෙ තාත්ති ආවා පැටියෝ.

කාමරේ දොරකඩට ආපු සොනාල් අපි දෙන්නා දිහා බලාගෙන හිටියේ උතුරා යන තරමේ ආදරයකින්.ඇස් දෙකේ කඳුලු පුරවගෙන පුතාව දෑතට ගත්තු සොනාල් එයාගෙ චූටි මුහුණ සිප ගත්තා.

“සඳසි…..ඔයා ගොඩාක් දුක් වින්දා නේද මැණික මං හින්දා.අපේ පැටියා ඔයාගෙ බඩේ ඉන්න කාලෙ මට ඔයා ගාව ඉන්න බැරුව ගියානෙ.මට සමාවෙන්න රත්තරං……………”😢😢

“ඔයා සමාව ඉල්ලන්න එපා සොනාල්. මමයි වැරදි.නොදන්න කමට සංදීප් වගේ මිනිහෙකුට ආදරේ කරපු හින්දනේ මේ සේරම වුනේ.මට සමාවෙන්න සොනාල් මං හින්දා……………”😭😭

“අපි දැන් ඒ හැම දෙයක්ම අමතක කරලා දාමු සඳසි.අපේ පැටියටයි අපි තුන් දෙනාටමයි දැන් සතුටින් ප්‍රශ්නයක් නැතුව ඉන්න පුලුවන්……………”

“ඔයා නැතුව මං හිටියෙ ගොඩාක් පාලුවෙන් හිටියෙ සොනාල්…………..”

“දැන් ඉතිං මං ඉන්නවනෙ මැණිකෙගෙ පාලු කපන්න.අපේ පැටියගෙ නම මොකක්ද?………….”

“සොහාන් සහිල්ක……………”

මං ආසාවෙන් පුතාව වඩාගෙන තුරුල් කර ගත්තා.පුතාට නින්ද ගිහින් හිටියෙ. මං පුතාව නෙට් එක යටින් තිබ්බා.

“සඳසි…….අපි පුතාව අරගෙන තව මාස දෙකකින් විතර නුවර යමු…………”

මං හිටියෙ සොනාල්ගෙ පපුවට තුරුල් වෙලා.මාස ගානකට පස්සෙ ලැබිච්ච මේ උණුසුමෙන් ඈත් වෙන්න මගෙ හිත ඉඩ දුන්නෙ නෑ.මං තව ටිකක් ඒ පපුතුරුලට ලං වුනා.