එන්න එන්නම සංදීප්ගෙන් එල්ල වන කරදර වැඩි වුනා.නිතර නිතරම ටෙලිෆෝන් කරලා මට තර්ජනේ කරන්න පටන් ගත්තා.ඉවසගන්න බැරිම තැන මං පොලීසි ගියා සංදීප්ට විරුද්ධව.සංදීප් මාස දෙකක් හිරේ ගිහින් නිදහස් වෙලා ආවත් ඌ වෙනස් වුනේ නෑ.හැම වෙලේම මට තර්ජනේ කරන්න පටන් ගත්තා සොනාල්ව මරනවා කියලා.මට සොනාල්ගෙ ජීවිතේ ගැන දැනුනේ ලොකු බයක්.ඒත් සොනාල් නම් කිව්වෙ සංදීප් කියන ඒවා ගනං ගන්න එපා එයාට බෑ අපිට මොකුත් කරන්න කියලා.

උදේට සොනාල් වැඩට ගියාට පස්සෙ එයා ආපහු ගෙදර එනකල් මං හිටියේ බයෙන් වගේ.කොයි වෙලේ හරි සංදීප් සොනාල්ගෙ ජීවිතේට අනතුරක් කරයි කියන සිතුවිල්ල මගේ හිතේ තිබුනා.

“සඳසි,බය වෙන්න එපා ළමයො සංදීප්ට බෑ මට මොකුත්ම කරන්න.ඌ කව්ද මට?ඔහොම ඉන්නකෝ මං ළඟදීම ඕකට වැඩක් දෙනවා………….”

“මිනී මරන වැඩ නම් කරන්න එපා සොනාල්.ඊට පස්සෙ ප්‍රශ්න වැඩි වෙන එකයි වෙන්නෙ.මට ඔයාව නැති වෙයි කියලා බයක් දැනෙනවා…………..”

“ඒ ගැන මං බලා ගන්නම්.ඔයා තනියම කොහෙවත් යන්න එහෙම එපා. උවමනාවක් වුනොත්,මොනව හරි ඕනි වුනොත් ජිනදාස මාමට කියලා ගෙන්න ගන්න………….”

“හ්ම්ම්.කාටවත්ම බෑ අපි දෙන්නව වෙන් කරන්න.සංදීප්ව මරන්නෙ නැතුව ඌට හොඳ පාඩමක් උගන්නන. ඌව මැරුවොත් ඔයා හිරේ යයි සොනාල්. මගෙ මහත්තයව මේ කොහෙවත් යන මිනිහෙක් හින්දා මිනීමරුවෙක් කරන්න බෑ………….”

සොනාල් මාව එයාගෙ පපුවට තුරුල් කරගෙන නලල සිප ගත්තා.

“ඔයාට මාව නැති වෙන්නෙ නෑ සඳසි. සංදීප්ගෙ ප්‍රශ්නෙ මං ළඟදීම ඉවර කරනවා.මගෙ නෝනා බය නැතුව ඉන්නකෝ…………..”

දින කිහිපයකට පසුව👇👇👇

“සඳසී………..”

“ඇයි සොනාල් මේ බොරුවට කෑ ගහන්නෙ?මං බාතෲම් එකේ හිටියෙ. මට හරියට නා ගන්නත් නෑ.මොකද වුනේ?…………”

“සංදීපෙ ප්‍රශ්නෙ ඉවරයි.සදහටම ඉවරයි……………”

“එ…..ඒ කොහොමද?ඌට මොකද වුනේ?…………..”

“සංදීප් ඊයෙ රෑ හොඳටම බීලා යද්දී බයික් එක ඇළට පෙරලිලා කොන්ක්‍රීට් තට්ටුවෙ ඔලුව වැදිලා.හොස්පිට්ල් එකට ගෙනියනකොටත් මැරිලා………….”

“නිකරුනේ මිනිස්සුන්ගෙ ජීවිත වලට සංදීප් ගොඩාක් ප්‍රශ්ණ ඇති කරා සොනාල්.අසරණ ගෑනු ළමයි කී දෙනෙක් නම් එයට රැවටෙන්න ඇත්ද? මනුස්සයෙකුට කරදරයක් වුනාම හිනා වෙන්න හොඳ නෑ.ඒත් සංදීප්ට එයා කරපු පව් පල දුන්නා……………”

“දැන් අපි සංදීප් ගැන අමතක කරලා දාමු සඳසි.ආයෙ අපිට උගෙන් කරදරයක් ඇති වෙන්නෑනෙ………….”

“ගිහින් වොශ් එකක් දාගන්න.මං කෑම ලෑස්ති කරන්නම්………….”

“ම්ම්…..සුවඳයි ඔයා ගාව………….”

“ඒ මං ගාපු සබන් සුවඳ………….”

“ඉඹින්න හිතෙනවා තුරුල් කරගෙන…………”☺️😚

“ඉතිං එපා කිව්වෙ නෑනෙ…………”😉😊

මගෙ ඉන වටේට අතක් යවපු සොනාල් අනිත් අතින් මගෙ ටවල් ගැටේ බුරුල් කෙරුවා.

“ඒයි මේ මොකද කරන්න හදන්නෙ?…………..”

“ඇයි දැන් හා කිව්වෙ?………….”

“මං හා ඉඹින්න හිතෙනවා කියපු හින්දා.හැම තිස්සෙම බෑ මෝඩයො. යනවා ගිහිල්ලා නා ගන්නවා දාඩිය ගඳේ බෑ ලඟ…………..”

මං බලෙන්ම වගේ ටවල් එක දීලා සොනාල්ව බාතෲම් එකට යැව්වා.දම් පාට අත් හීන් ගව්මක් ඇඳගෙන කුස්සියට ගිහින් සොනාල්ට තේ එකක් හදලා දුන්නා.ගෙදර වැඩට හිටපු ගෑණු කෙනා මේ දවස් වල නෑ.

“සඳසි……….”

“ම්ම්……….”

“ආදරේ හිතුණා මැණිකෙට…………”

සොනාල් මගේ පිටිපස්සෙන් ඇවිත් මගෙ උරහිස් දෙකට අත්දෙක තියාගෙන ඒ කම්මුලක් මගේ කම්මුලේ පිරිමදින්න ගත්තා.

“මාත් ආදරෙයි මහත්තයෝ. චුට්ටක් එහාට යනවද සත්තලං මට උයන්න තියනවා…………”

“කෝ දෙනවා මං ඔය කැරට් ටික කපන්නම්………..”

සොනාල් මගෙ අතින් කැරට් ටික ගත්තා.

“පිහියෙන් කපන්න එපා සොනාල්. මේකෙන් ගාන්න………..”

සොනාල් කැරට් ටික ගානකල් මං ඇඹරැල්ලා මාළුව හැදුවා.බත් උයලා පපඩම් බැදලා කැරට් සම්බෝලෙ හැදුවා.


“සොනාල් ඔයා අද හරිම අමුතුයි.ඇයි මේ?මොකක් හරි ප්‍රශ්නයක්ද ඔයාට?………….”

මේ දවස් ටිකේම සොනාල් හරිම අමුතුයි.එයාගෙ වැඩේම කල්පනා කරන එක.ඔෆිස් එකේ මොකක් හරි ප්‍රශ්නයක්ද දන්නෑ.මං ඇහුවට කියන්නෙත් නෑ.

“එහෙම ප්‍රශ්නයක් නෑ සඳසි.ටිකක් ඔලුව රිදෙනවා වගේ…………”

“පෙනඩෝල් දෙකක් ගෙනත් දෙන්නද?…………”

“එපා.මට ටිකක් නිදහසේ ඉන්න දෙන්න සඳසි.කච කච ගාන්නැතුව………..”😠😠

දෙයියනේ සොනාල්ට මොකද මේ වෙලා තියෙන්නෙ?එයා කවදාවත් මෙහෙම හැසිරිලා නෑ.ඔලුව රිදෙනවා කිව්වෙ බොරුවක් කියලා මට තේරුණා.උදේට කන්න කතා කරත් කෑවෙ නෑ.එයා කන්නැතුව මට කන්නත් බෑ කියලා හිතුණු නිසා මං කෑවෙත් නෑ.

ගේ අතුගාලා ඉවර වෙලා කුස්සියට ඇවිත් වලං ටික හෝදලා දැම්මා.ඇඟට පණ නෑ වගේ දැනුන නිසා කලන්තෙට වගේ ආපු නිසා බිත්තිය අල්ලගෙන බිමින් වාඩි වුනා.ටිකක් වෙලා ගියාට පස්සෙ අමාරුවෙන්ම නැගිටලා කුස්සියේ සින්ක් එකෙන්ම මුහුණ හෝදගත්තා.ඇඟ නිකන් සීතල වෙලා ගියා වගේ දැනුනා.එකපාරටම වමනෙ යන්න වගේ ආපු නිසා බඩයි කටයි අල්ලගෙන මං කුස්සිය පැත්තෙන්ම එලියට දුවගෙන ගියා.උදේ බීපු කිරි ටික සේරම වමනෙ ගියා.ටැප් එකෙන් මූණ හෝදගෙන මං අමාරුවෙන්ම ඇවිදගෙන කාමරේට ආවා.

“ඇයි සඳසි මොකද වුනේ?…………..”

සොනාල් ඇවිත් මං ගාවින් වාඩි වුනා.

“සොනාල් එයා ඇවිත්………….”

“ක….කව්ද?…………..”

මං සොනාල්ගෙ අතක් අරගෙන මගේ කුස මතින් තිබ්බා.එයා ප්‍රශ්නාර්ථය රැඳි දෑසින් මං දිහා බලාගෙන හිටියා.ඒ ඇස් සතුටින් දිලිසුනා.මොකුත්ම නොකියා මාව ඒ පපු තුරුලට ගත් සොනාල් මගේ පිට අත ගෑවා.

“අපි ඩොක්ටර් කෙනෙක් ගාවට යමු මැණික…………”

“දැන්ම ඕන්නෑ සොනාල්.හවසට යමු…………..”

ඇඳේ මාව හාන්සි කරවපු සොනාල් මං ඇඳන් හිටපු බල්ව්ස් එක උස්සලා මගෙ කුස සිප ගත්තා.ගේට්ටුවෙන් ඇතුලට
වාහනයක් එන සද්දෙ ඇහුනු නිසා සොනාල් ඇඳෙන් නැගිටලා එලියට ගියා.මාත් සොනාල්ගෙ පිටි පස්සෙන්ම එලියට ගියා.

පොලීසියෙන්???පොලීසියෙන් මොකටද මෙහෙ එන්නෙ?

“තමුන්ද සොනාල් කියන්නෙ?………….”

“ඔ…ඔව් සර්.ඇයි?…………”

මතු සම්බන්දයි…….

අවසන් කොටසින් හෙට හමුවෙමු