අනේ එපා වෙනවා මේ කකුල හින්දා.
අඩිය තියලා පොඩ්ඩක්වත් ඇවිදින්න බෑනෙ.යටි පලු දෙකම කැපිලනෙ.මේ නපුරා හින්දා මට ඇඳටම වෙලා ඉන්න වුනානෙ.එපා වෙනවා මෙහෙම ඉන්න ගියාම.
“අනේ ශිවන්ත අයියෙ………….”
“ඇයි මොකෝ?…………..”
“එපා වෙනවා අප්පා මෙහෙම ඉන්න ගියාම………….”
“හොඳ වැඩේ.තමුසෙගෙ බ්‍රේක් නැති කට හින්දා තමයි සේරම.මට නිකරුනේ ජරා ගෑනුන්ව පාවලා දුන්නනෙ. තමුසෙට ඔහොම වෙලා මදි.මට තිබුනෙ කකුල් දෙක කඩන්න තමුසෙගෙ…………..”
“කඩන්න බෝංචි මෑකරල් කියලා හිතුවද?ඔයාට නම් මං ගැන චුට්ටක්වත් දුක නෑ ශිවන්ත අයියෙ. ඔයා හරිම නපුරුයි…………..”
ඒ පාර නම් ශිවන්තට මං ගැන ටිකක් විතර දුක හිතුණා වගේ.මං ගාවට ඇවිත් මගේ ළඟින්ම වාඩි වුනා.මං අහක බලා ගත්තා.මූට පාඩමක් උගන්නන්න ඕනිමයි.
“දැන් තමුසෙ තරහයිද මාත් එක්ක?………….”
“හ්ම්ම්………….”
ඒ පාර මූ මගෙ අතින් ඇදලා මාව හරහට වඩා ගත්තා.මේ මොකද මේකා කරන්න හදන්නෙ?මාව බැල්කනියෙන් පල්ලෙහාටවත් අතාරින්න හදනවද?
“අනේ ශිවන්ත අයියෙ ඔයා මොකද මේ කරන්න හදන්නෙ?අනේ මාව බිමින් තියන්න………….”
අත පය හොලවමින් මං කෑ ගැහුවා.
“මරන්න නෙවෙයි ගෑණියෙ හදන්නෙ. තමුසෙව නාවන්න.ඊට පස්සෙ හොස්පිටල් එකට යමු බෙහෙත් දාන්න………….”😠😠
“මට තනියම නා ගන්න පුලුවන්………….”
“ඔව් ඔව්.තුවාලෙ තෙමාගෙන තව වැඩි කරන්නවකො.තමුසෙ පණ්ඩිතයි ඕයි………….”
මාව බාතෲම් එකට අරන් ගිය ශිවන්ත මාව පුටුවකින් වාඩි කෙරෙව්වා.අත් දෙක උස්සලා මං ඇඳන් හිටපු ටී ෂර්ට් එක ගලෝලා දාලා බාස්කට් එකකට වතුර අරන් මාව නෑව්වා.
“කෝ මාව අල්ලගෙන නැගිටිනවා. බලනවා ඕයි තමුසෙ මේ හිර මගුල් මොකට ඇඳන් ඉන්නවද?ඇඳුම් නැත්නං කියනවා.මං අරන් දෙන්නම්………….”😡😡
මං එපා කියද්දිම බලෙන්ම වගේ මං ඇඳන් හිටපු කලිසමත් ගලෝලා මාව හොඳට නෑව්වා.නාවලා ඉවර වෙලා ටවල් එක අන්දෝලා මාව උස්සගෙන කාමරේට එක්කන් ඇවිත් ඇඳෙන් වාඩි කෙරෙව්වා.
“මං බරයිද ශිවන්ත අයියෙ?………”😃😉
“ඔව් ඔව්.කිලෝ හැත්තෑවක් අසූවක් විතර බරයි…………..”😂😁
“බුදු අම්මෝ………….”😱😱
“හාල්මැස්සියෙ,තමුසෙ බර නෑ ඕයි.මට දවසෙම වුනත් වඩාගෙන ඉන්න පුලුවන්…………..”
ශිවන්ත කබඩ් එක ඇරලා මට කළු පාටයි සුදු පාටයි දණිස්ස ගාවට තියන ගව්මක් අරන් දුන්නා.ඒකත් ඇඳගෙන මං ඔලුව පීර ගත්තා.
“ශිවන්ත අයියේ හොස්පිටල් ගිහින් එන ගමන් අපි මගදි කොත්තු කමුකො………….”
“හ්ම්ම් කමු කමු………….”
හරි පුදුමයි මේ නපුරා මං ඉල්ලපු දෙයකට හා කිව්ව එක.
මාවත් උස්සගෙන කාරෙකට දාගෙන හොස්පිටල් එකට එක්කන් ආවා. ඩොක්ටර් තුවාලෙ බැන්ඩේජ් ගලවලා සේලයින් වතුරෙන් තුවාලෙ හේදුවා. අම්මෝ ඉන්න බෑ දැවිල්ලයි.
“තව දෙපාරක් තුවාලෙට බේත් දැම්මම ඇති මිස්ටර් ශිවන්ත.තුවාලෙ පාර ගන්න එහෙම එපා………..”
බෙහෙත් දාලා ඉවර වුනාට පස්සෙ මායි ශිවන්තයි මධාරා හොටෙල් එකට ආවා කොත්තු කන්න.බොහොම අමාරුවෙන් අඩිය තියලා මං ආවෙ.ශිවන්ත මාව උස්සගෙන යන්න හැදුවත් මං එපා කිව්වා.ලැජ්ජාවෙ බෑ මෙතන මිනිස්සුත් ඉන්නවනෙ.කොත්තු ඕඩර් කරලා මායි ශිවන්තයි කතා කර කර ඉන්නකොට මං දැක්කා අපිට එහා මේසෙ ඉන්න මනුස්සයෙක් අපි දෙන්නා දිහා බලාගෙන ඉන්නවා.දෙයියනේ😱රංජිත්
මගේ වෙනස ශිවන්තට තේරෙන්න ඇති.
“ඇයි ජාන්වි?මොකෝ තමුසෙ එකපාරටම වෙනස් වුනේ?…………”
“අර මේසෙ ඉන්නෙ අර………..”
මං එහෙම කියනකොට ශිවන්තත් හැරිලා රංජිත් දිහා බැලුවා.ශිවන්ත නම් රංජිත්ව අඳුරන්නෙ නෑනෙ.
“කව්ද ඒ මිනිහා?…………”
“රංජිත්.කුඩම්මගෙ මල්ලි…………”
“ආ…..ඌද ඒ?අපොයී තමුසෙගෙ අප්පච්චි නම් කියල වැඩක් නෑ ඕයි.මේ වගේ මිනිහෙකුටද තමුසෙව බන්දලා දෙන්න හැදුවෙ?………….”
අපි දිහා බලාගෙන හිටපු රංජිත් ලඟ හිටපු මනුස්සයට මොනවද මන්දා කියලා අපි ඉන්න දිහාට ආවා.
“ආ…..ජාන්වි කොහොමද?මේ කව්ද හස්බන්ඩ්ද?…………”
ශිවන්තව පෙන්නලා රංජිත් එහෙම ඇහුවා.
“ආ ඔව්.මේ මගෙ මහත්තයා ශිවන්ත.
ශිවන්ත මේ ඉන්නෙ අපේ කුඩම්මගෙ මල්ලි රංජිත්…………..”
දෙන්නට දෙන්නා අතට අත දීලා අඳුරගත්තා.
“මට අක්කා කිව්වා ඔය දෙන්නා මැරි කරා කියලා………….”
“ඇන්ටි අංකල්ට වෙන මොකුත් කිව්වෙ නැද්ද?……………”😁😂🤣
ශිවන්ත රංජිත්ට කතා කරේ අංකල් කියලයි.රංජිත්ගෙ මූණ නිකන් දෙක වුනා.මට නම් හිනා.😆😄
“මම යන්නම්………….”
වේටර් කෙනෙක් කොත්තුයි කොකා කෝලයි ගෙනත් ටේබල් එකෙන් තිබ්බා.අම්මෝ කොත්තු සුවඳට මගෙ කටට කෙලත් ඉනුවා.😋😋
“ම්…දැන් කනවා හොඳට………….”
ශිවන්ත මගෙ පිඟානට කොත්තු හැඳි කිහිපයක් බෙදුවා.මාත් ඒකට සෝස් දාගෙන කෑවා.දැන් බඩ හොඳටම පිරිලා.
“ආ මේ ටිකත් කනවා…………..”
“අනේ දැන් හොඳටම ඇති ශිවන්ත අයියෙ බඩ පිරිලා………….”
“බඩ පිරුනට කමක් නෑ.මේ ටිකත් කනවා.බලනවා තමුසෙගෙ ඇඟේ හැටි. වැඩිපුර කාලා ඇඟ හදා ගන්නවා හාල් මැස්සි වගේ ඉන්නැතුව…………”😠😠
අමාරුවෙන්ම ශිවන්ත පිඟානට බෙදපු කොත්තු හැඳි කිහිපයත් කාලා කොකා කෝලා බිව්වා.අම්මෝ………දැන් නම් ඉස්මුරුත්තාවට වගේ.බඩ බෝලයක් වගේ.පුදුම කෑමක්නෙ කෑවෙ.බඩත් අත ගගා මං කාරෙකට නැග්ගා.
“මොකෝ කාලා වැඩි වුනාද?………….”
“ඔයා මට ගොඩාක් කැව්වනෙ ශිවන්ත අයියෙ.බඩ ගොඩාක් පිරිලා ගල වගේ. හුස්ම ගන්නත් අමාරුයි…………..”
“ගෙදර ගිහිල්ලා නිදාගෙන ඉන්නවා එතකොට හරි යයි…………..”
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
“අනේ දුවේ මොකද වුනේ කකුලට?………..”
ගෙදර ආපු ගමන්ම ශිවන්තගෙ අම්මා මගෙන් එහෙම ඇහුවා.
“අත ලිස්සලා වීදුරුව බිම බැටුනා අම්මෙ.ඒකෙ කටු වලට කකුල් දෙකම කැපුනා…………”
“ගොඩාක් කැපුනද දුවේ.කොහොමද ඔයා ඇවිදින්නෙ?…………”
“ශිවන්ත අයියා මාව බලාගන්නවා අම්මෙ.දැන් ඇවිදින්න පුලුවන්.තුවාලෙ සනීපයි දැන්……………”
පව්නෙ ඉතිං මගෙ හබියා.එයාගෙ වැරැද්දෙන් මගෙ කකුල් දෙකම තුවාල වුනත් මං අම්මට ඇත්ත කිව්වෙ නෑ. මොනවා වුනත් එයා මාව බලා ගත්තනෙ.මාව වඩාගෙන බාතෲම් එකට එක්කන් ගිහින් නෑව්වා.මට කෑම කැව්වා.නපුරුකම් පෙන්නුවට ශිවන්ත හරිම හොඳයි.එයා මට ගොඩාක් ආදරෙයි.
“පිස්සු කෙල්ල මොනවද කල්පනා කරන්නෙ?මං හිතුවෙ අම්මට කියයි කියලා මං පොලවෙ ගහපු වීදුරුවට ඇනිලා කකුල් දෙක කැපුනෙ කියලා…………”
“අනේ ඉතිං මට බෑ එහෙම කියන්න.මං ඔයාව සැක කරත් ඔයාගෙ වැරැද්දක් නෑනෙ.මගෙනෙ වැරැද්ද මං ඔයාව සැක කරානෙ.ඔයා මගෙ මහත්තයනෙ………”
“මට එච්චර ආදරෙයිද මැණික?…………”
“හ්ම්ම්.ගොඩාක් ආදරෙයි නපුරෝ………….”
“මං අපේ අලුත් හොටෙල් එකට යනවා. එන්න ටිකක් රෑ වෙයි………….”
“වෙන කොහෙවත් යන්නෑනෙ?…………..”😁😉
“හොර ගෑණිව බලන්න යන්නත් ඕනි……………”😆😆
“මරනවා තමුසෙවයි ඒකිවයි. පරිස්සමින් ඉන්නවා…………”😠😠
“අනේ පණ්ඩිත කෙල්ල.මං විහිළුවක් කරේ……………”
“හ්ම්ම්…………..”
මතු සම්බන්දයි