කොහොමහරි මේ නපුරාව යාලු කර ගන්නම ඕනි.ලේසි නම් නෑ මේ පාර.මූ ඉන්නෙ ගොඩාක් කේන්තියෙන්.මං සමාව ඉල්ලලත් මේකා මාත් එක්ක යාලු වෙන්නෑනෙ.ටිකක් අවුස්සලා බලන්නත් හිතයි.ඒත් බෑ අප්පා.ආයෙත් මේකාට කේන්ති ගියොත් එහෙම මට ගුටි කන්න වෙයි.

“ආ…..නැගිටලා කාලා ඉන්නවා………….”

ශිවන්ත මට බත් පිඟානයි වතුර එකකුයි ගෙනත් දුන්නා.ශිවන්තගෙ අම්මා එයාගෙ අක්කගෙ ගෙදර ගිහිල්ලා.දවස් හතරකට පහකට ගෙදර නෑ.එයා හිටියා නම් මේ නපුරාට සැර කරවන්න තිබ්බා මාව මෙහෙම තුවාල කරාට.මං හිතුවෙ ශිවන්ත මට කවයි කියලා.නෑ ඒ නපුරා මට පිඟාන දීලා ෆෝන් එක ඔබ ඔබ හිටියා.අනේ නපුරෝ කවන්නකෝ කියන්නත් හිතුණා.

“මොකෝ කන්න බැරිද?…………..”😠😠

“කවන්නකො…………..”

මං දිහා රවලා බලලා ෆෝන් එක පැත්තකින් තියපු ශිවන්ත බාතෲම් එකෙන් අත හෝදගෙන ඇවිත් පිඟාන අතට අරගෙන බත් කටක් අනලා කැව්වා.

“ආයි…..අම්මෝ දැවිල්ලයි…..වතුර දෙන්නකෝ අනේ……………”😭😭

වතුර වීදුරුව අතට ගත්තු මං ඒක බීගෙන බීගෙන ගියා.ඉන්න බෑ කට දැවිල්ලයි.

“මොකද ඕයි තමුසෙට වුනේ?පොඩි එකෙක් වගේ දැවිල්ලයි කියලා කෑ ගහන්නෙ…………..”😠😠

දැවිල්ල වැඩිකමට මගෙ ඇස් වලට කඳුලුත් පිරුනා.

“මොකද කියලා අහන්නෙ?ඔයා හින්දා තමයි මේ සේරම.පොල් මිරිකනවා වගේ මගෙ කට මිරිකලා තුවාල වෙලා දැන් මිරිස් ගෑවෙන්න බෑ දැවිල්ලයි. අනේ මට නම් කන්න බෑ මගෙ කට දනවා…………..”😭😠

ශිවන්තට ඇය ගැන දැනුනේ දුකකි. තමාට මීට වඩා ඉවසන්න තිබුනා.මේ පුංචි අහිංසකීට තමා පහර දුන්නේ තිරිසනෙක් ගානට.බත් පිඟාන රැගෙන කුස්සියට ගිය ශිවන්ත මෙහෙකාරිය ලවා රොටී සාදාගෙන ආවාය.

“ආ…..සීනිත් එක්ක රොටී කමු.මේක දැවිල්ල නෑ………….”

අනේ නපුරා මට ආදරෙයි.ඒකනේ මට සැර කන්න බෑ කිව්වම රොටී අරන් ආවෙ සීනිත් එක්ක.😀😚

“ඔයා කෑවද ශිවන්ත අයියෙ?………..”

“හ්ම්ම්………….”

ශිවන්ත කීවෙ බොරුවකි.එය ජාන්වි දන්නේ නැත.ඇයට රොටී සියල්ලම කැවූ ශිවන්ත අත හෝදගෙන ඇය අසලට පැමිණියේය.

“කකුල් දෙකම රිදෙනවද?………….”

“ඔව් අප්පා අඩිය තියන්න බෑ රිදෙනවා. එක කකුලක් විතරක් කැපුනා නම් කමකුත් නෑ.කකුල් දෙකම කැපුනනෙ…………..”😥😥

“තමුසෙගෙ කට හින්දා තමයි සේරම. පොඩ්ඩක් මං කියන දේ විශ්වාස කරලා ඉවසුවා නම් ඔහොම වෙන්නෑනෙ. කොහෙද මේ ලබ්බි කියන්නෙ අර වේ## මගෙ හොර ගෑණිලු.මට ඉතිං කේන්ති ගියා.එහෙම හොර ගෑණු නෑ මට මගේ ගෑණි හොඳටම ඇති………….”

“ඒ ෆොටෝස් ටික දැක්කම ඕනම කෙනෙකුට සැකයක් හිතෙන එක සාධාරණයිනෙ ශිවන්ත අයියෙ.මං කැමති නෑ කිසිම ගෑණියෙක් ඔයාට ලං වෙනවාවත් දකින්න.ඔයාට තියන ආදරේ හින්දයි මං එච්චර කලබල උනේ.මට සමාවෙන්න අයියෙ……………”😥😥

අනේ නපුරෝ යාලු වෙයන්කෝ.මං දැන් ඉතිං සමාවත් ඉල්ලුවනේ.😆😀

“හරි හරි මැණික.මං තරහ නෑ………….”

අම්මෝ ඇති යාන්තං නපුරා යාලු වුනා. මං ශිවන්තගේ පපුව උඩින් ඔලුව තියා ගත්තා.එයා හිමිහිට මගෙ ඔලුවයි පිටයි අත ගාන්න වුනා.

“ඊයෙ අප්පච්චි මොකද කිව්වෙ?………….”

“එයා මට බැන්නා ගෙදරා ආවා කියලා. ඔයාගෙන් ඩිවෝස් වෙන්නලු.නැත්නම් අම්මගෙ දේපළ ටික මට දෙන්නෙ නැතිලු………….”

“ඉතිං මැණික මාව ඩිවෝස් කරනවද?………….”

“මොලේ හොඳ නැති වීගෙන එනවද?………….”😡😡

ශිවන්ත හිනා වෙලා මාව ඇඳේ අනෙක් පැත්තට පෙරලගත්තා.මගේ පිස්සු නපුරා හිනා වෙනකොට හරිම ලස්සනයි.හපන්න හිතෙනවා කට.😁

“මේ දවස් ටිකේම මාව ඇඳේ තනි කරලා මෙයා බිමින් නිදා ගත්තා. දන්නවද මං හිටියෙ ගොඩාක් දුකින්. සීතලට තුරුල් කරගන්නත් දුන්නෙ නෑ. මාව දැක්කම රවනවා විරිත්තනවා………….”

මගේ කනට ලං වෙලා ශිවන්ත එහෙම කිව්වා.එයාට එහෙම කරත් මාත් හිටියෙ දුකින්නෙ.රෑට සීතලේම බිමින් නිදා ගත්තට මොකද එයාව තුරුල් කරගන්නැතුව මට නින්ද යන්නෙම නෑනෙ.ශිවන්තගේ පිට වටේට අත් දෙකම යවලා මං එයාව තුරුල් කර ගත්තා.මගෙ දෙකම්මුල් වලට ඒ සීතල දෙතොලේ පහස එක් කල ශිවන්‍ත මං ඇඳන් හිටපු ටී ෂර්ට් ගලෝලා දාලා මගේ නිරුවත් පපුවට කම්මුල් තියාගෙන හිටියා.මට නම් හිනා මේ නපුරාගෙ මේ කෝලං වැඩ වලට.මගේ ඇස් දිහා බලලා මනමාල විදියට හිනා වුනු ශිවන්ත ඒ දත් වලට මගේ පපුවේ එක් පැත්තක් ග්‍රහණය කර ගත්තා.

“ඌයි හපන්නෙ එහෙම නෑ රිදෙනවා…………”

මං එහෙම පුංචි තරවටුවක් කරා.ඒ පාර මට ඇහැක් ගහලා කට කොනකින් හිනා වුනු ශිවන්ත ඒ මත දෙතොල් තැබුවා.මට නම් ලැජ්ජයි කිචිත් එක්ක. එහාට මෙහාට ඇඹරුණු මං ඒ බෙල්ල වටේට අත් දෙක යවලා ඔලුව අතගෑවා.

“මහත් වෙනවා ඕයි.තමුසෙ ගොඩාක් කෙට්ටුයි.බලනවා ඇඟේ හැටි. ප්‍රෙග්නන්ට් වෙච්චි කාලෙක අපේ පැටියාට එහාට මෙහාට දඟලන්නවත් ඉඩ මදි වෙයි මේක ඇතුලෙ…………”

“අනේ ඔයා හිතලා තියන දුර ශිවන්ත අයියෙ…………”

“ඇයි දුර කිව්වෙ?………….”

“ඇයි අනේ ඔයානෙ කිව්වෙ තව අවුරුදක් දෙකක් ඉඳලා බබෙක් හදමු කියලා…………..”

“ඉතිං හාල් මැස්සියෙ දැන්ම ඉඳන්ම හොඳට කාලා බීලා ඉන්නවා.එතකොට ඒ කාලෙ වෙද්දි තමුසෙ මහත් වෙයි. නැත්නම් ඔය දෙකේ කිරි මදි වෙලා ළමයට පිටි කිරි දෙන්නත් වෙයි…………”😉😚

“අනේ ඔයා කියන කතා.මට ලැජ්ජයි ශිවන්ත අයියෙ………….”🙈🤭

“ආ තමුසෙට එහෙම එකකුත් තියනවද?කියද්දි විතරයි ලැජ්ජ. ඔහොම ඇරගෙන ඉද්දියි කරද්දියි ලැජ්ජ නැද්ද?………….”

“අනේ ශිවන්‍ත ඔයා නම්…………..”

මං කොට්ටෙ අරගෙන ශිවන්ත අයියට දමලා ගැහුවා.

“ඒයි හාල් මැස්සි,ගහන්න ඔට්ටු නෑ හොඳේ………….”

“ආව්….අනේ මගෙ කකුල…………..”😥😥

ශිවන්තගේ අත තුවාලෙ වැදිලා රිදුනා. අනෙ අම්මපා මට එක විදියක ඉන්නත් බෑ මූට එක විදියක ඉන්නත් බෑ.කකුල් දෙකම තුවාල වෙලා තියෙද්දිත් නටනවා මෙතන.

“අනේ සොරි මැණික ගොඩාක් රිදෙනවද?…………..”

“නෑ අයියෙ.කැක්කුමයි තුවාලෙ………….”

“කෝ දැන් නිදා ගන්න…………”

මට ටී ෂර්ට් එක අන්දෝලා එයා සීට් එක පෙරෙව්වා.හරිම සීතලයි.එයා මගෙ හිස එයාගෙ පපුව හරියෙ ගෑවෙන විදියට තුරුල් කරගෙන එක කකුලක් මගේ ඇඟ උඩින් දා ගත්තා. එක අතක් මගෙ ටී ෂර්ට් එක ඇතුලෙන් දාගෙන මගෙ කම්මුලක් සිප ගත්තා.

“ඒයි කොහෙද ඔය අත දාගෙන ඉන්නෙ?ගන්නයි කිව්වෙ අත අහකට…………..”😁😉

“මට බෑ.මේක අස්සට අත දාගෙන හිටියෙ නැත්නම් මට නින්ද යන්නෑ…………”😊😚

“එතකොට පහුගිය දවස් ටිකේ නින්ද ගියේ කොහොමද?………..”

“ඒ දවස් ටිකේ හරියකට නින්ද ගියේ නෑ.මට හිතුණා තමුසෙට නින්ද ගියාට පස්සෙ ළඟට එන්නත්…………”

“ඉතිං එන්න තිබ්බනෙ.මට නින්ද ගියාට පස්සෙ කවුරු හරි ඇවිල්ලා උස්සගෙන ගියත් මට ඇහැරෙන්නෙ නෑ…………”


ශිවන්තගෙ අම්මත් ගෙදර නැති නිසා මං උදෙන්ම නැගිටලා බාතෲම් එකට ගිහින් දත් මැදලා මූණ කට හෝදගෙන් තේ හදන්න කුස්සියට යන්න ලෑස්ති වුනා.එතකොටයි කණ්ණාඩියෙන් මං දැක්කෙ නපුරාගෙ සෙල්ලම්.පපුව පුරාම රතු වෙච්චි පැල්ලම්.

“මොනවද මැඩම් උදේ පාන්දර කණ්ණාඩිය දිහා බලාගෙන කල්පනා කරන්නෙ?………….”

ඇඳේ ඉඳගෙනම ශිවන්ත මගෙන් එහෙම ඇහුවා.මං මොකුත් නොකියා එයා ගාවින් වාඩි වෙලා ඒ කම්මුලක් රතු වෙන්නම මිරිකුවා.

“ඌයි ගෑණියෙ මොකක්ද ඒ කරේ?උදේ පාන්දරම උඹට මොනවහරි ඕනි වෙලාද?…………..”

“ආ රිදුනා නේද මගෙ මහත්තයට?අනේ පාරත් හිටලා…………..”😉😄

“යනවා යන්න අහකට.මිරිකලා අහනවා රිදුනද කියලා?…………..”😠😠

“තරහ ගන්න එපා මගෙ මහත්තයා ඉක්මනටම නාකි වෙයි…………..”😉😉

“පල ගස් ගෙම්බි………….”🤣😂

ශිවන්තට විරිත්තලා මං කුස්සියට ගියා අපි දෙන්නට තේ හදාගෙන එන්න.

Advertisment