දැන් නම් සොනාල්ගෙ කකුල ගොඩාක් දුරට සනීපයි.තනියම ඇවිදින්නත් පුලුවන්.තව සතියයි එයාට නිවාඩු තියෙන්නෙත්.ඊට පස්සෙ ඔෆිස් යන්න පුලුවන්.තුවාලෙ සනීප නිසා කකුලෙ කැක්කුමට එයාට වෙද ගෙදරින් බෙහෙත් තෙල් ගෙනත් කකුලෙ ගානවා.

“සඳසි නාවනවකො හලෝ…………..”

“ඔයාට දැන් තනියම නාන්න පුලුවන්නෙ සොනාල්…………..”

“බෑ වගේ.අනේ…………”

“බබෙක් වෙන්න හදන්න එපා සොනාල්. දැන් ඔයාගෙ කකුල සනීප එකේ තනියම නා ගන්න.මට මේ රෙදි ටික අස් කරන්නත් තියනවා.වැඩ ගොඩයි අප්පා………….”

මං එහෙම කිව්වම සොනාල් බාතෲම් එකට ගියා නා ගන්න.කබඩ් එක අස් කරලා ඒකට කපුරු දාලා රෙදි ටික නවලා දැම්මා.ඇඳ සීට් මාරු කරලා දාලා හෝදන්න තියන රෙදි ටික අරන් පැත්තකට දැම්මා.ටවල් එකෙන් ඔලුව පිහදදා සොනාල් කාමරේට ආවා.

“මොකෝ හොරෙන් හොරෙන් බලන්නෙ?එලි පිටම බලා ගන්නවා ඕන්නම් ආ?…………”😁😉

එහෙම කියලා සොනාල් ටවල් එක ගැලෙව්වා.මං ටක්ගාලා අහක බලා ගත්තා.අනේ අම්මපා මේ මනුස්සයට ලැජ්ජාවක් නැද්ද?

“අනේ ඔය මොකද සොනාල්.අනේ ඔය ටවල් එක ඇඳගන්නකො.ලැජ්ජ නැද්ද?………….”

“ලැජ්ජ වෙන්නෙ මොකටද බං?උඹ මගේ ගෑණිනෙ.ආහ්…….සොරි.තාම කෙල්ලෙක්නෙ.ඒකනෙ මෙච්චර ලැජ්ජ වෙන්නෙ නේද?………….”

මගේ ගාවට පිටු පසින් ඇවිත් සොනාල් ඒ සීතල දෑත් මගේ කම්මුල් මත තිබ්බා. මං නම් එයා දිහා බැලුවෙ නෑ.මට ලැජ්ජයි.

“අනේ සොනාල් ඇඳුමක් ඇඳගන්නකො අනේ…………”

“කෙල්ලට හුඟාක් ලැජ්ජ හිතිලා වගේ. ඇයි මාව නාවද්දි ඔක්කොම දැක්කනෙ………..”

“සොනාල්………..”😠😠

“හරි හරි ඔහොම ඉන්නවකෝ………..”

සරමකුයි කමිසෙකුයි ඇඳගෙන සොනාල් මං ගාවට ආවා.හෝදන්න තියන රෙදි ටික සේරම වොශින් මැෂින් එකට දාන්න මං බාතෲම් එකට යන්න හැදුවා.සොනාල් මගෙ අතින් අල්ලලා එයා ගාවට ඇදලා ගත්තා.

“ඇයි මේ?………….”

මං හඬ පහත් කරලා එහෙම ඇහුවා.

“අද මැණික මගේම වෙනවද සත්තලං………….”

එයා මගේ කනට කරලා එහෙම අහද්දී මගේ මුලු ඇඟම හිරි වැටිලා ගියා වගේ දැනුනා.මගෙ පපුවත් ගැහෙන්න ගත්තා.මාව වෙව්ලන්න වගේ ආවා.

“ඔයාගෙ කකුල තාම හරියට සනීප නෑනෙ සොනාල්.හොඳටම සනීප වෙනකල් ඉම්මු………….”☺️☺️

“මගෙ කකුල හින්දද පරක්කු කරන්නෙ?නැත්නම් කෙල්ලට ලැජ්ජ හිතුනද?…………..”😁😉

“දෙකම…………..”😊

“හරි හරි.මගෙ කකුල හොඳටම සනීප වෙනකල් ඔය ගෑස් පෙන්න පෙන්න ඉන්නවකො………….”😁😁


ඒ නිවාඩු සතියත් ඉක්මනට ගෙවිලා ගියා.දැන් සොනාල් ඔෆිස් යන්න පටන් ගත්තා.කාරෙක ලැබුනු නිසා එයාට යන්න ලේසියි.සොනාල්ගෙ අම්මත් කිහිප වතාවක්ම ඇවිත් ගියා.අපෙ අම්මයි මල්ලියි අප්පච්චියිත් ඇවිල්ලා ගියා.

“නෝනා,ඔයාව හොයාගෙන කව්ද ඇවිල්ලා…………”

ජිනදාස මාමා කාමරේ දොර ගාවට ඇවිත් එහෙම කිව්වා.මාව හොයාගෙන කව්ද මේ ගෙදරට එන්නෙ?එහෙම හිත හිතාම මං සාලෙට ගියා ආවෙ කව්ද කියලා බලන්න.සාලෙ පුටුවක වාඩි වෙලා හිටපු කෙනා දැකලා මාව ගැස්සුනා.

“සංදීප්………..”😠😠

“සංදීප් ඔයා මොකටද මෙහෙ ආවෙ?………..”😠😠

සංදීප්ව දැක්කම මට කේන්තියකුත් ආවා.එයා මොන මගුලකටද මාව හොයාගෙන ආවෙ?

“කෝ ඔයාහෙ හස්බන්ඩ්?………….”

“සොනාල් ඔෆිස් ගියා.ඇයි අහන්නෙ?…………”😡😡

“පොඩ්ඩක් එලියට යමුද කතා කරන්න…………”

“ඔයාට මොනවද මාත් එක්ක කතා කරන්න තියෙන්නෙ?කරුණාකරලා සොනාල් ගෙදර ඉන්න වෙලාවකට එන්න…………”😡😡

“මහත්තයට බයයි වගේ…………”

“කරුණාකරලා ඔයා මෙහෙන් යන්න සංදීප්.මට ඔයත් එක්ක කිසිම කතාවක් නෑ…………”😡😡

“ඒ වුනාට මට ඔයත් එක්ක කතාවක් තියනවා සඳසි.මං ඔයාට ගොඩාක් වැරදි කරා.මං මැරි කරා.මනීෂා මහ නපුරු ගෑනියෙක්.ප්ලීස් ආපහු මං ගාවට එන්න සඳසි.මං මනීෂාව ඩිවෝස් කරනවා.මට ඔයාගෙන් කිසිම දෙයක් ඕන්නෑ.මාව තේරුම් ගන්න…………”

“තමුසෙට පිස්සුද සංදීප්.තමන්ගෙ පව්ල රැක ගන්න බැරිව මගේ පව්ල කඩන්න හදන්නෙ උඹට හෙන ගහනවා යකෝ. උඹ හිතුවද සොනාල් වගේ රත්තරං මිනිහෙක් ඉන්නැද්දී මං උඹ වගේ ජරා මිනිහෙක් ගාවට එයි කියලා. කරුණාකරලා යනවා මෙතනින් මට තවත් පව් නොදී………..”😡😡

“හරි මැඩම්.මං යන්නම්.හැබැයි මේකත් හොඳට මතක තියා ගන්නවා.මං තමුසෙව කොහොම හරි ගන්නවා.අර සොනාල්ව මං ඉවරයක් කරලා දානවා………..”😡😡

“ඇයි තමුසෙ සොනාල්ට මොනවා කරන්නද?………..”

“කරන දේ කරාට පස්සෙම බලා ගන්නවා.මං යනවා…………”

එහෙම කියලා සංදීප් යන්න ගියා.මගෙ තුන් සිතම බියෙන් වෙලිලා ගියා සංදීප් සොනාල්ට අනතුරක් කරයි කියලා. නෑ……..ඌට බෑ මගෙ සොනාල්ට මොකුත්ම කරන්න.

හවස සොනාල් ගෙදර ආවට පස්සෙ මං සේරම විස්තරේ කිව්වා.

“ආ……ඌට කොහෙන්ද එච්චර මගේ ගෙදරටම ඇවිල්ලා එහෙම කියන්න. ඔයාට තිබ්බෙ එවලෙම මට කෝල් කරන්න………….”

“ඔයා කලබල වෙයි කියලයි එවලෙ මං කෝල් නොකරෙ.මට බයයි සොනාල් ඔයා ගැන.සංදීප් මහා ජරා මිනිහෙක්………….”

“සඳසි,ඔයා පොඩ්ඩක්වත් බය වෙන්න එපා මැණික.සංදීප් කියන්නෙ මොකෙක්ද?ඌට බය වෙන්න වෙන නැතුවට.පිස්සියේ බය නැතුව හිටපන් යකෝ……………”

“මං ගොඩාක් බයෙන් හිටියෙ සොනාල්. ඉන්න මං ඔයාට තේ හදාගෙන එන්නම්………….”

“හ්ම්ම්…………”

සොනාල්ට තේ හදලා දීලා මං කෑම උයලා මේසෙට යැව්වා.එලියෙ වහින්න වගේ තියන හින්දා ජනේල් ටිකත් වහලා දැම්මා.

“සොනාල් එන්න කෑම කන්න………….”

“සීතලයි ඕයි.එලියෙ වහිනවා හොඳටම.බඩගිනියි ගොඩාක්………….”

“ඒක තමයි මේ උයලා තියෙන්නෙ. කන්න……………”

සොනාල්ට බත් බෙදලා දීලා මාත් කෑවා. කෑම මේසෙ අස් කරලා බාතෲම් එකට ගිහින් උණු වතුරෙන් ඇඟ හෝදගෙන කාමරේට ආවා.සොනාල් පේන්නවත් හිටියෙ නෑ.මං දැක්කා සොනාල් කාටදෝ මන්දා කෝල් කරනවා හදිස්සියෙන් වගේ.බැල්කනියට ගිහින් මං එලියෙ බලාගෙන හිටියා.වැස්ස නම් එන්න එන්නම වැඩි කරනවා වගේ. දොරත් වහලා මං කාමරේට ආවා. සීතල හින්දා සීට් එක බෙල්ල ගාවටම පොරවා ගත්තා.බාතෲම් එකේ ඉඳන් කාමරේට ආපු සොනාල් මං දිහා බැලුවෙ ඇස් දෙක ලොකු කරන් පුදුමයෙන් වගේ.

“මොකෝ සීතලයිද මැණිකෙට?………..”

“හ්ම්ම් ඔව් අනේ…………”

සරාගී බැල්මක් හෙලමින් මං එහෙම කිව්වා.කාමරේ විදුලි බුබුල නිවා දැමූ සොනාල් සයනය මත වාඩි වී මා පොරවා උන් සීට් එක පැත්තකට ඇදලා දාලා මගේ දෙතොල් වලට බර වුනා.මං හිටියේ බියෙන් ගැහි ගැහී ලැජ්ජාවෙන් ඇඹරී ඇඹරී.

“අනේ මට බයයි සොනාල්………….”

“බය වෙන්න එපා.රිද්දන්නෙ නෑ මං මගෙ මැණිකෙට……………”

සොනාල්ගේ දෙතොල් වල උණුසුම මගේ මුහුණත් ගෙල පුරාත් විදුලියක් සේ රැගෙන ගියා.සත්තයි මගෙ තුන් සිතම ලැජ්ජාවක් වගේ අමුතු හැඟීමකින් පිරිලා ඉතිරිලා ගියා. සයනය මත ඉඳගත් මා පිටු පසින් සිටි සිටි සොනාල් මගේ දිගු කෙස් වැටිය ඉරියට කරමින් මගේ ගෙල මත සිප ගත්තා.

“ආදරෙයි……සඳසි………..”

“මාත්…….ආදරෙයි……..සොනාල්…………”

කෙඳිරිලි හඬකින් මං එලෙස පවසද්දී මගේ ඉන මත දෑත් තබාගෙන සිටි සොනාල් සෙමින් සෙමින් මගේ මා ඇඳ උන් රෑ ඇඳුමේ පටි වෙත දෑත් ගෙන එම පටි උරහිසින් පන්නා දැමුවා.ඒ කම්මුල් මගේ නිරුවත් පිට මත තබාගෙන ඒ දෑගිලි අසු වුනු මගේ ළමැද පොඩි වී ගියා.

“කෝ අනික් පැත්තට හැරෙන්න මැණික.මෙහෙම ඉන්න ගියොත් මගෙ කකුලට රිදෙයි…………..”

අනෙක් පසට හැරුනු මාව සයනය මත සැතෙපෙවූ සොනාල් මගේ ඉන පෙදෙසේ තිබූ ඇඳුම ඇඟෙන් ඉවත් කරා.ඒ ගත දවටා තිබූ ටවල් එක පැත්තකට පැත්තකට දැමූ සොනාල් මගෙ දෑස් දෙස බලා සිටියා.මට ඇති වූයේ සුලු පටු ලැජ්ජාවක් නම් නොවෙයි.ජීවිතේ පළමු වතාවට විඳින මේ සුන්දර මොහොතෙන් විඳින මේ මිහිර මගේ හදවත තුලටම කා වැදුනා. මං තද කරලා දෑස් පියා ගත්තා.🙈

“ඒයි මොකෝ මේ ඇස් පියාගෙන?ලැජ්ජයිද මගෙ නෝනට?………..”😚😊

“අනේ ඔයා මාව ලැජ්ජ කරනවා සොනාල්.මට ලැජ්ජයි අනේ……….”🙈🙈

මොහොතින් මොහොත ගත වුනා.අපි දෙන්නා අපේම ලෝකෙක තනි වුනා.මං සෙවූ මිහිර සැපත සුවය මට ලැබුනා. සොනාල්ගෙ උණුසුමෙන් මාව මත් වෙලා ගියා වගේ දැනුනා.එලියේ තාමත් වහිනවා.සැරින් සැරේට අකුණු ගහනවා.සීතල සුළං රැලි ගත දවටාගෙන යද්දී සිරුරේ රෝම කූප පවා අවදි වනු දැනුනා.තප්පරෙන් තප්පරේ විනාඩියෙන් විනාඩිය ගෙවිලා ගියේ අපි අපේම වෙමින්.මගේ සිරුර මතින් ඈත් වූ සොනාල් මට පොරෝනය පෙරෙව්වා.

“මැණිකට ගොඩාක් රිදුනද?………..”

මං හිස දෙපසට වනලා නෑ කිව්වා.

“දැන් නිදා ගම්මු සොනාල්.මට නිදි මතයි…………”

💞💞

“සඳසි…..රත්තරං මං වෙනුවෙන් හැම දෙයක්ම පරිස්සම් කරගෙන ඉඳලා.මට මේක හීනයක් වගේ.මට මේක හීනයක් වගේ…………”

මාව තුරුලට අරන් සොනාල් එහෙම පැවසුවේ ඇද ඇතිරිල්ල මත තිබූ පිරිසිදුකමේ සටහන දකිද්දී.දෙයියනේ සොනාල් හිතලා තියෙන්නෙ මං සංදීප්ට ආදරේ කරපු හින්දා මීට කලින් ඌත් එක්කත් මෙහෙම හිටියා කියලද?

“සොනාල්….මං සංදීප්ට ආදරේ කරපු එක ඇත්ත.මං ඌට ආදරේ කරේ මගේ සීමාවෙ ඉඳන්.ඒ ආදරේට මං රැවටුනත් කවදාවත් මං ඌත් එක්ක මේ විදියට ඉඳලා නෑ…………..”😥😥

මගේ නෙතින් කඳුලු වෑහුනා.සොනාල් මගේ කදුලු පිස දාලා මාව එයාගෙ පපුවට තියලා තුරුල් කර ගත්තා.

“මට සමාවෙන්න රත්තරං.මං ඔයා ගැන වැරදියට හිතුවෙ නෑ.මේක හීනයක් වගේ කිව්වෙ මං හිතුවෙ නෑ ඔයා කවදාවත් මට ආදරේ කරයි කියලා.මට ඔයාව විශ්වාසයි සඳසි…………”

මතු සම්බන්දයි