නපුරු සිතක් ළඟ😡
❤️”අනේ අරුණියෝ මට නම් බෑ යකෝ ස්ට්රේජ් එකට යන්න.මට හිනාව නතර කර ගන්න බෑ බං………….”😆😁😂
“ජාන්වි පලයන් බං පිස්සු නටන්නෙ නැතුව ගිහින් සහතිකෙයි තෑග්ගයි ගනිං යකෝ…………..”😠😠
අරුණිගේ බල කිරිල්ලටම මං හිනාව තද කරගෙන පුටුවෙන් නැගිටලා ස්ට්රේජ් එකටත් ගියා.ශිවන්තගේ ඇස් තිබුනේ මං ගාවමයි.අනෙ අම්මපා මට දැන්😁😁😁ප්රින්සිපල් සරුයි ටීචස්ලායි මං දිහා බලනවා.කිසිම් දෙයක් නොදන්න ගානට මං ශිවන්ත මැතිතුමාට දණ ගහලා වැඳලා සහතිකේයි තෑග්ගයි ගත්තා.😁😉😂ඊට පස්සෙ අඩියට දෙකට හිටපු පුටුවටම ඇවිත් වාඩි වුනා.අම්මෝ ලොකූ බරකින් නිදහස් වුනා වගේ දැනුනෙ😉😁😃
“මොකුත් වුනේ නෑනෙ බං………….”😁😉
“අම්මෝ නෑ නෑ බං…………”😁😉
කොහොමින් කොහොම හරි තෑගි බෙදා දීමේ උත්සවේත් ඉවර වුනා.ප්රින්සිපල් සර් එක්ක ශිවන්ත එක්ක මොන මොනවදෝ කතා බහ කරමින් ඔෆිස් එක පැත්තෙ හිටියා.මායි අරුණියි අපේ සෙට් එකේ කෙල්ලො ටිකයි එලියට ආවා.මං දැක්කා සමහර කෙල්ලො ශිවන්ත දිහා අමුතු අමුතු බැල්ම දානවා.
“ජාන්වියෝ උඹේ හබියා දිහා මුන් ඕනවටත් වඩා බලනවා වැඩියි. කොල්ලව පරිස්සම් කරගනින්.මේකෙ කෙල්ලො සත පහකට ශුවර් නෑ…………”😉😁
“ජාන්වී,උඹට කුමාරි මිස් කතා කරනවා…………”
දිනූෂි ඇවිත් එහෙම කිව්වා.මං අරුණිත් එක්ක ඒ පැත්තට ගියා.කුමාරි ටීචර් මේන් හෝල් එක ගාව තව ටීචර් කෙනෙක් එක්ක හිටියා.
“මං මෙහෙන් ඉන්නම්.උඹ ගිහින් බලපං………..”
අරුණිගෙන් මිදුණු මං කුමාරි ටීචර් ගාවට ගියා.
“ආ…..කොහොමද ජාන්වි?………..”
“හොඳයි මිස්…………”
“ජාන්විගෙ රඟපෑමට නම් ඔස්කාර් සම්මානෙ දෙන්න වටිනවා………..”
“මෙ….මේ මොන රඟපෑමටද මිස්?…………”
“ජාන්වි මැරි කරලා ඉන්නෙ අර තෑගි දෙන්න ආපු ශිවන්ත සර්වනෙ………….”
අයියෝ දෙයියනේ🤦🤦කුමාරි ටීචර් කොහොමද ඒක දැන ගත්තෙ?අපොයි අම්මේ දැන් මං මොකද කරන්නෙ?
“මෙ….මේ…………”
“මේකයි දරුවො අපිට ඔයාගෙ පව්ල් ජීවිතේට ඇඟිලි ගහන්න අයිතියක් නෑ. ඒත් ඇයි මෙච්චර පුංචි වයසකදි කසාද බැන්දෙ?තාම ඔයාලට අවුරුදු දහ අට ලැබුවා විතරයි.බලන්න,ඔයා විභාගෙත් ඉහලින්ම පාස්.ඒලෙවල් කරලා කැම්පස් ගිහින් හොඳ ඉහල රස්සාවක් කරන්න පුලුවන් කම තියෙද්දි ඇයි කසාදයක් බැන්දෙ?මේ වගේ වයස් වලදි හැඟීම් වලට වහල් වෙලා ගන්න තීරණ හින්දා ජීවිතේදි පසු තැවෙන්න වුනත් සිද්ද වෙයි…………”
“මට සමාවෙන්න මිස්.මට කරන්න දෙයක් තිබ්බෙ නෑ.මිස් මගෙ ජීවිතේ ගැන කිසිම දෙයක් දන්නෙ නෑනෙ. අම්මාත් නැතුව මං හිටියෙ ගොඩාක් අසරණ් වෙලා.කුඩම්මා මට සැළකුවේ ගොඩාක් පහත් විදියට.අප්පච්චි හිටියෙ නමට විතරයි.එයාලා දෙන්නා එකතු වෙලා මාව කුඩම්මෙ මල්ලිට කසාද බන්දලා දෙන්න හැදුවා මගෙ අම්මගෙන් මට අයිති වෙච්චි දේපළ ටික කොල්ල කන්න.ඌ මගෙ අප්පච්චිට වැඩිය චුට්ටයි බාල.එයාලා ගන්න තීරණේ වෙනස් නොකරපු හින්දා මං ගෙදරින් ගිය වෙලාවෙ තමයි ශිවන්තව හම්බුනේ.එයා නොහිටින්න මගෙ ජීවිතේට මේ වෙද්දී මොනවා වෙලාද කියලා හිතා ගන්න බෑ මිස්………….”😭😭
වෙච්චි දේවල් මං කෙටියෙන් කුමාරි මිස්ට කිව්වා.එයා බොහොන නිහඬව ඒවා අහගෙන හිටියා.
“වෙච්චි දේවල් වලට දැන් කරන්න දෙයක් නෑනෙ.දෙමව්පියෝ හින්දා දරුවො මොන තරම් අසරණ වෙනවද? ජාන්විට දැන් ඒලෙවල් කරන්න ආපහු ස්කෝලෙ යන්නත් බෑනෙ.දැන් යන්න යාලුවො ගාවට…………”
කුමාරි මිස්ට වැඳලා මං අරුණි ගාවට දුවගෙන ආවා.
“මොකද බන් වුනේ?………..”
“කුමාරි මිස් සේරම දැනගෙන බන්………..”
“අම්මටසිරි මොකද වුනේ?………….”
“වෙච්චි දේවල් මං කෙටියෙන් එයාට පැහැදිලි කරලා දුන්නා………….”
“එහෙනම් දැන් උඹ ශිවන්ත එක්ක ගෙදර පලයන්.නැත්නම් උඹට උගෙ කැල්ලක්වත් හොයා ගන්න බැරි වෙයි. අර බලපන්කො අපේ කෙල්ලො සෙට් එක ඌට බැල්ම දාන හැටි.වරෙන්කො යන්න උන් ගාවට…………”😉😃
අරුණි මගෙ අතිනුත් ඇදගෙන අපේ සෙට් එක ගාවට ගියා.
“හායි මචං ජාන්වි,අරුණි කොහෙද බන් උඹලා දෙන්නා හිටියෙ?මාස ගානකට පස්සෙ කට්ටිය සෙට් වෙලා උඹලා දෙන්නා නෑ ලඟකවත්………….”
“ඒක නෙවෙයි තරුෂි උඹල සෙට් එක මොකද මෙතෙන්ට වෙලා අර මිනිහව ඇස් දෙකෙන් කන්න හදන්නෙ?යකෝ ඔය මිනිහා කසාද බැඳලා.ඒ මිනිහගේ ගෑණිගෙන් දැන් උඹලාට අම්බානෙකට කන්න වෙයි………..”😁😁😉
“එයා බැඳලාද?අයියෝ මගෙ හීන මාලිගාවම බිමට සමතලා වුනානෙ. වයිෆ් නම් හරි ලකී ඇති බං……….”😃😃
“අනිවාර්යෙන්ම බං නේද ජාන්වි?……….”😉😉
අරුණි ඇහැක් වහලා මට එහෙම කිව්වා.මාත් ඔව් කිව්වා.
“ඒයි අපි ගිහින් එයත් එක්ක කතා කරමුද?…………”
එහෙම යෝජනා කරේ නිරාශා.අම්මපා මට මේකිට අනින්න හිතෙනවා හිල් වෙන්න ටොක්කක්.😆😆
“දැන් උඹ මොකක්ද එයාගෙන් අහන්නෙ?………..”
මං නිරාශාගෙන් එහෙම ඇහුවා.
“අයියෙ කොහොමද ඉතිං කියලා අහනවා.එයාට අංකල් කියන්න බෑනෙ………..”😄😄
“නිරාශා උඹට එයාගෙ වයිෆ්ගෙන් ලොරියකට කන්න වෙයි.ඒ හින්දා පැත්තකට වෙලා ඉඳපන්………..”
“ඈ……එයාගෙ වයිෆුත් ආවද?කෝ එයා?…………”
“පේන්න ඉන්නැද්දිත් අහනවා කෝ කියලා………..”
“පේන්න ඉන්නවා??කෝ බං අරුණි?මට නම් පේන්නෑ.මෙතන ඉන්නෙ ස්කෝලෙ ළමයි ටික විතරයිනෙ…………”
“මේ ඉන්නෙ එයාගෙ සුහච කීකරු ආදරණීය භාර්යාව…………..”
එහෙම කියපු අරුණි මගේ කරට අත දාගෙන පෙන්නුවා.කෙල්ලො සෙට් එක හොල්මන් වුනා වගේ.කට ඇරගෙන ඇස් ලොකු කරගෙන ඔලුවෙ අත තියාගෙන මං දිහා බලන් හිටියෙ. අම්මෝ කලින් කියපු දේවල් ටික ආපස්සට ඇදගන්න පුලුවන් නම් මුන් ඒකත් කරයි.😄😄
“අම්මපා බන් උඹ මැරි කරාද ජාන්වි?ඒත් මේ වගේ මනුස්සයෙක්ව?උඹට කොහොමද මෙයාව හම්බුනේ?………….”
“ඒක දිග කතාවක් බං.කියන්න ගියොත් අද දවසත් මදි වෙයි.මං දැන් යන්න ඕනි බං.දැන් දෙකටත් කිට්ටුයිනෙ.අපි සෙට් එක ආයෙ දවසක හම්බවෙමු………….”
“උඹ තනියමද යන්නෙ මෙයාව මෙහෙ දාලා?…………..”😆😁
“එයා ආපු විදියට එයා එයි.මං ආපු විදියට මං යනවා බං…………..”😁😆
ත්රීවිලර් එකකින් මං ගෙදර ආවා.ගව්ම ගලෝලා හෝදලා දාලා නාගෙන කොට කලිසමකුයි ටීෂර්ට් එකකුයි ඇඳ ගත්තා.ටිකක් වෙලා යද්දී ශිවන්තත් ගෙදර ආවා.මං හිතුවෙ එයා ආපු ගමන්ම වොශ් එකක් දාන්න යයි කියලා.ඒත් එයා ආවෙ මං ගාවට.
“තමුසෙට ඒලෙවල් කරන්න ඕන්නම් කියනවා.මං තමුසෙව ශේප් එකේ වෙන ස්කෝලෙකට දාලා දෙන්නම්………..”
“ඔයාට පිස්සුද ශිවන්ත අයියෙ මට පුලුවන්ද ආයෙ ස්කෝලෙ ගිහින් ඉගන ගන්න.මට ඒලෙවල් කරන්න ඕන්නෑ………..”😠😠
උදේ ඉඳන් සතුටෙන් හිනා වෙලා හිටියත් අර ෆොටෝස් ටික මතක් වෙද්දී ඒ සතුට එහෙම් පිටින්ම හේදිලා ගියා වගේ දැනෙනවා.ශිවන්ත නම් හැසිරෙන්නෙ එහෙම දෙයක් නොවිච්ච ගානට.ඒත් මට ඒක අමතක කරන්න බෑ.මගෙ හිත පුරාම පැතිරිලා ගියේ ශිවන්ත අර ගෑණිත් එක්ක එකට හිටපු හැටි දකිද්දියි.ඒ ගෑණි කව්ද කියලා දන්නෙ නැති වෙන්නම ශිවන්තට සිහියක් තිබුනෙ නෑ කියන එක නම් මට කොහෙත්ම විශ්වාස කරන්න බෑ.
“මොනවද තමුසෙ දැන් කල්පනා කරන්නෙ?………..”
“කල්පනා කරන්න දේවල්ද නැත්තෙ?………..”
“ඒ තරමටම මොනවද තමුසෙට කල්පනා කරන්න තියෙන්නෙ?………..”😠😠
“මේ ෆොටෝස් ටික ගැන මං කල්ප්නා කරන්නෙ.ඔයා මට ඇත්ත කියන්න ශිවන්ත අයියෙ.කව්ද මේ ගෑණි?………..”😠😠
“මං දන්නෑ යකෝ.ටික දවසක් ඉවසලා හිටපං.ධනුකයා හොයා ගනියි මේකි කව්ද කියලා………..”😡😡
“එයා හොයන්න එයා නෙවෙයිනෙ මේ ගෑණිත් එක්ක බුදියගෙන හිටියෙ ඔයානෙ.ඔයාට ඒ දේවල් මතක නෑ කියන එක නම් මට කොහෙත්ම විශ්වාස නෑ…………..”😡😡
“මගේ යකා අවුස්සන්නෙ නැතුව හිටපං ජාන්වී.මං උඹට සුද්ද සිංහලෙන් කිව්වා. මේක කාගෙ හරි ප්ලෑන් එකක්.කාගෙ හරි නෙවෙයි.උඹේ තාත්තගෙ…………..”😡😡
“මගෙ අප්පච්චි වැරදිකාරයෙක් තමයි. ඒත් ඔයාගෙ තියන කුපාඩිකමට එයා පලි නෑ.මාව මදි වෙලාද හොර ගෑණියෙකුත් හොයා ගත්තෙ?…………..”😡😡
අතේ තිබුනු වීදුරුව කෑලි කෑලි වලට කුඩු වෙලා යන්න පොලවෙ ගහපු ශිවන්ත මගෙ කොණ්ඩෙන් ඇදලා අල්ල ගත්තා.
“මොකක්ද හු#### යෙ තෝ කිව්වෙ?පට්ට වේ## මං උඹට එදත් කිව්වා.වර මෙහාට………….”😡😡
“අනේ මගෙ කොණ්ඩෙ අතාරින්න ශිවන්ත.අනේ රිදෙනවා අප්පා.අයියෝ අනේ එපා රිදෙනවා……………”😭😭
මගෙ කොණ්ඩෙන් ඇදගෙන ශිවන්ත මාව කාමරේ ඇතුලට ඇදගෙන ගියා. බිම වැටිලා තිබුනු වීදුරු කටු ඇනිලා මගෙ කකුල කැපුනා.
“ආව් මගෙ කකුල ආ………….”😭😭
වීදුරු කටු ඇනිලා මගෙ කකුල දෙකම කැපිලා ලේ ගලන්න ගත්තා.මාව ඇදලා පැත්තකට ගත්තු ශිවන්ත මට හොඳටම ගැහුවා.අනේ දෙයියනේ මෙහෙම ගුටි කනවට වඩා හොඳයි මාව එකපාරටම මරලා දැම්මා නම්.
“මං කවුරු කියලද හිතාගෙනද තෝ ඔහොම කතා කරන්නෙ?තොගෙ ඔය කටට බෑ මාව මට්ටු කරන්න.උඹේ කට අඩු කරගනිං. නැත්නම් මං උඹේ දත් ඇන්දම ගලෝලා අතට දෙනවා බල බල ඉන්න.පට්ට වේ##…………..”😡😡
“මං නෙවෙයි වේ##.තමුසෙගෙ හොර ගෑණි තමයි වේ##.ඒ ගෑණිව ලොකු කරගෙන එනවා මෙතන මට ගහන්න. පුලුවන් ඔප්පු කරලා පෙන්නනවකො තමුං වැරදි නෑ කියලා මෙච්චර දඟලන්නෙ නැතුව…………..”
මාව ඇඳට තල්ලු කරපු ශිවන්ත මගෙ කට දෙපැත්තෙන් මිරිකලා අල්ල ගත්තා.ඒ මිරිකපු පාරට තොල හැපිලා ලේ එන්න ගත්තා.මගෙ වේදනාව ඉදිරියේ ශිවන්ත හැසිරුනේ තිරිසනෙක් ගානට.
“මං…..මේ උඹට කියන අවසාන වතාව
ජාන්වි.උඹේ මහ එකාව මනින මිම්මෙන්ම මාව මනින්න ලෑස්ති වෙන්න එපා.මට හොර ගෑණු නෑ. පොඩ්ඩක් ඉවසලා හිටපං මං උඹට සාක්කිත් එක්කම ඔප්පු කරලා පෙන්නන්නම්………….”😡😡
එහෙම කියලා ශිවන්ත මගෙ කට අතෑරියා.තොලෙන් ගලපු ලේ පිටි අත්ලෙන් පිස දමා ගත්තා.කකුල් දෙකම වීදුරු කටු වලට කැපිලා ඉවසගන්න බැරි තරම් වේදනවක් දැනුනා.මං කෑ ගහලා ඇඬුවා.ශිවන්ත ෆෝන් එක අරන් කාටදෝ මන්දා කෝල් කරලා එලියට ගියා.කකුලේ ඇමිණිලා තිබුනු වීදුරු කටු එකින් එක ගැලෙව්වා.ලේ එන එක නවත්තගන්න බැරි වුනා.ටික වෙලාවකින් මෙහෙකාරිය කාමරේට ඇවිත් බිම තිබුනු වීදුරුකටු අයින් කරලා සුද්ද කරාට පස්සෙ ශිවන්ත ඩොක්ටර් එක්කන් ආවා.
“කෝ ඔහොම කකුල හොල්ලන්නෙ නැතුව ඉන්න.ටිකක් වැඩිපුර කැපිලා වගේ…………”
වීදුරු කටු අයින් කරපු ඩොක්ටර් මගෙ කකුල් දෙකටම බෙහෙත් දැම්මා. ඉවසගන්න බැරුව මං කෑ ගහද්දී ශිවන්ත මාව අල්ල ගත්තා.
“ඇඳටම වෙලා ඉන්න.කකුල බිම තියලා ඇවිදින්න එහෙම එපා………….”
ඩොක්ටර් ගියාට පස්සෙ ශිවන්ත මං ගාවට ආවා.එයා මට මොකක් හරි කියන්න හදනකොටම කෝල් එකක් ආවා.එයා ෆෝන් එක ආන්සර් කරලා බැල්කනියට ගියා.කව්ද දන්නෑ කතා කරන්නෙ🤔සමහර විට අර ගෑණිද දන්නෑ.ඇඳෙන් නැගිටින්න හැදුවත් කකුල බිම තියලා ඇවිදින්න බෑනෙ.
“හෙලෝ ධනුක කියපං බං………….”📲
“උඹේ සැකේ හරි බං.මේ වැඩේ කරලා තියෙන්නෙ අලහප්පෙරුම කාරයා. මෑන්ගෙ හොර ගෑණියෙක් දාලා තමයි උඹේ ඩ්රින්ක් වලට මත්පෙති කලවම් කරලා තියෙන්නෙ.ඌට ඕනි වෙලා තියෙන්නෙ ජාන්විගෙන් උඹව වෙන් කරලා උගෙ මස්සිනා ඒ කියන්නෙ ජාන්විගෙ කුඩම්මගෙ මල්ලිට ජාන්විට බන්දලා දීලා දේපළ ටික ගන්න.ඒ සීන් එක උඹ කොහොමත් දන්නවනෙ. සුදත්ට ඒ ගෑණිව හම්බෙලා තියනවා ගාල්ලෙදි.ඌ කොහොමහරි ඒකිව දැලේ දාගෙන සීන් එක මුල ඉඳලම දැනගෙන. මං උඹට ඒකෙ වීඩියෝ එකකුයි ඒ ගෑනිගෙයි අලහප්පෙරුම කාරයගෙයි ෆොටෝ වගේකුයි එවන්නම් වට්සැප් එකට.උඹ ඒ ටික ජාන්විට පෙන්නපන්…………”📲
“උඹට කොහොම ස්තූති කරන්න මන්දා මේ කරපු උදව්වට.හෙට රෑට වරෙන් සුදතුයි කට්ටියත් එක් සෙට් වෙමු………….”📲
“හරි මචං.මේ ඒක නෙවෙයි කෝ ජාන්වි?ඒකි හොඳින් නේද?………….”📲
“නෑ බං…………”📲
“ඇයි උඹ ඒකිට මොකද කරේ?…………..”📲
“පුදුම කටක් තමයි බං මේකිට තියෙන්නෙ?වීදුරු කටු වලට කකුල් දෙකම කැපිලා දැන් ඇඳට වෙලා ඉන්නවා මටත් ඔරව ඔරව.අම්මපා තව දවස් දෙක තුනක් ගියා නම් මේක හොයා ගන්න එක්කො මේකි මාව කාලා නැත්නම් මං මේකිව බාගෙට මරලා.කියන්නෙම අරකි මගෙ හොර ගෑනිලු………….”📲
“ගනං ගන්න එපා බං.ඒකි උඹට ආදරෙයි.කිසිම ගෑනියෙක් කැමති නෑ තමන්ගෙ මිනිහා වෙන ගෑනියෙකුට තුරුල් වෙලා ඉන්නවා දකින්න.දැන් උඹ ඔය වීඩියෝ එක ඒකිට පෙන්නපං………..”📲
ජාන්විට පෙන්නන්න කලින් ශිවන්ත ඒ වීඩියෝ එක බැලුවා.ඒ වීඩියෝ එකේ පැහැදිලිව තියනවා ඒ ගෑණි ශිවන්ත බාතෲම් එකට ගියාට පස්සෙ කාමරේට හොරෙන් ඇවිත් ඩ්රින්ක් එකට පෙති කලවම් කරනවා.බාතෲම් එකේ ඉඳන් කාමරේට ආපු ශිවන්ත ඒ ඩ්රින්ක් එක බිව්වට පස්සෙ මත් වෙලා යනවා.ඊට පස්සෙ තමයි ඒ ගෑණි ශිවන්ත ගාවට එන්නෙ.
“ජාන්වි………..”
“ඇයි?…………”😠😠
ශිවන්ත ෆෝන් එක අරන් මං ගාවින් වාඩි වුනා.මං හිටියෙ අහක බලාගෙනයි.ඇඳට ඇවිල්ලා මං ගාවට කිට්ටු වුනු ශිවන්ත ෆෝන් එක මගෙ අතට දුන්නා.
“ආ…..මේ වීඩියෝ එක හොඳට බලනවා.මේ ඉන්නෙ තමුසෙගෙ තාත්තගෙ හොර ගෑණි.බලපිය ඕක………….”😡😡
ශිවන්ත මගෙ අතට බලෙන්ම ෆෝන් එක දුන්නා.ඒකෙ වීඩියෝ එකක් ඔන් කරලා මට පෙන්නුවා.මාත් ඒක උවමනාවෙන් බැලුවා.මුල ඉඳන්ම බැලුවා.😱😱😱😳😳😲😲😢😰😟😞
අනේ දෙවියනේ ශිවන්ත මට කියපු සේරම දේවල් ඇත්තද එතකොට.අනේ මං නිකරුනේ ශිවන්තව සැක කරලනෙ.අනේ මේ නපුරා මට සමාවක් නම් දෙන එකක් නෑ.මගෙ ඇස් දෙකට කඳුලුත් ඉනුවා.
“පොඩ්ඩක් ඉන්නවා තව දෙයක් තියනවා.මේ ජරා ගෑණි තමුසෙගෙ තාත්තගෙ අනියම් බිරිඳක්.තමුසෙගෙ තාත්තා තාමත් උත්සහ කරන්නෙ තමුසෙවයි මාවයි වෙන් කරලා තමුසෙට රංජිත්ව කසාද බන්දලා දෙන්න.ඒකයි මේ වගේ නාඩගමක් නැටුවෙ.ආ මේ ෆොටෝස් ටික බලනවා…………..”😡😡
ශිවන්ත පෙන්නපු ඒ ෆොටෝස් වල හිටියෙ මගේ අප්පච්චියි අර කලින් ෆොටෝස් වල හිටපු ගෑණියි.මට ඒ පින්තූර දැකලා පුදුම කේන්තියක් ආවෙ අප්පච්චි ගැන.
“අනේ මට සමාවෙන්න ශිවන්ත අයියෙ…………”😥😥
“බෑ.මං තමුසෙට සමාව දෙන්නෑ.තමුසෙ මට සෑහෙන වද දුන්නා.මගෙ කම්මුලටත් ගැහුවා.අම්මගෙන් ඇරෙන්න මං කාගෙන්වත් ගුටි කාලා නිකන් ඉඳපු එකෙක් නෙවෙයි…………”😠😠
“ඉතිං ඔයත් මට ගැහුවෙ.බලන්න ඔයා හින්දා මගෙ කකුල් දෙකම කැපිලා.මට අඩිය තියලා ඇවිදින්නත් බෑ.මගෙ කම්මුල් දෙකම රිදෙනවා.තොලත් පැලිලා ලේ එනවා…………..”😥😥
“ඉතිං?…………”😁😁
“ඉතිං කියන්නෙ ඔයාට පොඩ්ඩක්වත් දුක නැද්ද නැද්ද මං ගැන?………….”😥😥
“නෑ.මට තමුසෙ ගැන දුක නෑ…………..”
මං ශිවන්තට රවලා අහක බලා ගත්තා. පව් මං එයා ගැන සැක කරානෙ.ඒත් ඉතිං ඒ ෆොටෝස් දකිද්දි මට සැක හිතෙන එක සාධාරණ නැද්ද?
“මොකෝ තමුසෙ මට රවන්නෙ?ආයෙ කන්න ඕනි වෙලාද?……………”😠😠
“නෑ මේ කාපුවා හොඳටම ඇති………….”😠😠
මතු සම්බන්දයි