දින හතරක් හොස්පිටල් එකේ ඉඳලා සොනාල්ව ගෙදර එක්කන් ආවා. කාලයක් යනකල් එයාට තනියම ඇවිදගන්න බැරි වෙයි කියලයි ඩොක්ටර්ලා කිව්වෙ.සොනාල් ඉන්නෙ මාත් එක්ක එච්චර හිත හොඳකින් නෙවෙයි.එයාට දොස් කියන්න බෑ.හැම වැරැද්දක්ම කරේ මං.සොනාල්ගෙ අම්මයි තාත්තයිත් ගෙදරට ආවා සොනාල්ව බලන්න.
“මට ටික දවසක් මෙහෙ ඉන්න තිබ්බා. දුවට වුනත් පුතාගෙ වැඩ ටික තනියම කරගන්න අමාරුයිනෙ.ඒත් අක්කට දරුවා ලැබෙන්න ළඟ හින්දා හෙට අපේ ගෙදරට එනවා………..”
“අම්මා බය වෙන්න එපා.මට පුලුවන් සොනාල්ව බලා ගන්න.අම්මා අක්කව හොඳට බලා ගන්න.අක්කට දරුවා ලැබුනාම මාත් එන්නම් එයාව බලලා යන්න…………”
“මගෙ පුතාව හොඳට බලා ගන්න දුවේ. වෙලාවකට මෙයා හරිම හිතුවක්කාරයි.කියන කිසිම දෙයක් අහන්නෙ නෑ.කියන දේ අහන්නැතුව ඇවිදින්න හදයි.ඒ හින්දා කල්පනාවෙන් හොඳ ප්‍රවේසමෙන් ඉන්න…………”
“හරි අම්මෙ…………”
සොනාල්ගෙ අම්මයි තාත්තයි ගෙදර ගියා.ගෙට්ටුව වහලා කුස්සියට ගිහින් බත් පිඟානකුත් බෙදාගෙන මාත් කාමරේට ආවා.
“මට ආදරෙයි වගේ ලස්සනට රඟපෑවා නේද අම්මලා ඉස්සරහා?නියම ඇක්ටිං පාර.සම්මානයක් දෙන්න වටිනවා තමුසෙට…………”
සොනාල්ගෙ ඒ වචන මගෙ හිත කෑලි කෑලි වලට කැඩුවා.මගෙ හිත ගොඩාක් රිදෙව්වා.ඒත් මං ඉවසනවා.මං සොනාල්ට මේ මාස ගානට දුන්නෙ සුළු පටු ගින්දරක් නෙවෙයි.මං එයාට ගොඩාක් දුක් දුන්නා.කෑ ගහලා අඬන්න හිතුනත් කඬුලු පාලනය කරගත්තු මං කැම එක ස්ටූල් එක උඩ තියලා ඇඳෙන් වාඩි වෙලා සොනාල්ව නැගිට්ටවලා ඇඳේ ඉන්දෙව්වා.
“මට කන්න පුලුවන්…………”
මං සොනාල්ට බත් කවන්න හැදුවත් එයා තනියම කන්න පුලුවන් කියලා පිඟාන අතට ගත්තා.එයා කාලා ඉවර වුනාට පස්සෙ බාස්කට් එකකට වතුර දාගෙන ඇවිත් අත හේදෙව්වා.ඇඳේ පැත්තකින් වාඩි වුනු මං එයාගෙ මුහුණ දිහා බැකුවත් එයා අහක බලා ගත්තා.කමක් නෑ සොනාල් මං හින්දා ඔයා ගොඩාක් දුක් වින්දා.මෙහෙම මගෙ හිත රිද්දෝලා හරි ඔයාට සැනසීමක් ලැබෙනවා නම් කමක් නෑ සොනාල්.
“මං…..මං ඔයාට ගොඩාක් දුක් දුන්නා සොනාල්.ඔයාට පුලුවන් නම් මට සමාව දෙන්න.ඔයා ගොඩාක් ඉවසුවා.මට දැන් හැම දෙයක්ම තේරෙනවා.මං ඔයාට ගොඩාක් වැරදි කරා.මට සමාවෙන්න සොනාල්………….”😭😭
“ඔය බොරු කඳුලු නවත්තගන්න සඳසි. ඕවට මං රැවටෙන්නෙ නෑ………..”
“අනේ මාව විශ්වාස කරන්න සොනාල්. මං ඔයාට බොරුවක් නෙවෙයි කරන්නෙ.ඔයාම නේද කිව්වෙ දවසක මං ඔයාගෙ ආදරේ තේරුම් ගනියි කියලා.මට ඔයාගෙ ආදරේ තේරෙනවා.අනේ මට සමාවෙන්න. මං…….මං ඔයාට ආදරෙයි සොනාල්. අනේ මගෙන් ඈත් වෙන්න හදන්න එපා.මට එච්චර ලොකු දඬුවමක් නම් දෙන්න එපා.ඔයා කැමති විදියෙ දඬුවමක් මට දෙන්න.මං ඒක සතුටින් බාර ගන්නම්………..”😭😭
සොනාල්ගෙ කකුල් දෙක අල්ලගෙන කඳුලු හලමින් මං ඇඬුවා.ඒත් සොනාල් මාව තේරුම් ගත්තෙ නෑ.
“අර කබඩ් එක ඇරලා ඒකෙ යට තට්ටුවෙ තියන නිල් පාට ෆයිල් එක අරන් දෙන්න………….”
මං ටක්ගාලා ඉක්මනට ඒ තට්ටුවෙ තිබුනු ෆයිල් එක අරගෙන සොනාල්ට දුන්නා.
“පෑනක් දෙන්න………..”
ලාච්චුවේ තිබුනු පෑනත් මං සොනාල්ගෙ අතට දුන්නා.සොනාල් මොනවද මේ කරන්න හදන්නෙ?🤔🤔
“ආ……මේක සයින් කරලා දෙන්න.ඊට පස්සෙ මං සයින් කරන්නම්.ඔයා අකමැති නෑනෙ මේකට.මේක ඔයා මගෙන් බලාපොරොත්තු වෙච්චෙ දේ…………”
මොකුත් හිතා ගන්න බැරිව මං ඒ ෆයිල් එක අතට අරගෙන බැලුවා.දෙයියනේ😱😱ඩිවෝස් පේපර්…..අනේ සොනාල් මාව ඩිවෝස් කරගන්නද හදන්නෙ?අනේ මං එයාට දීපු දුක් ගින්දර වලට මට මෙච්චර ලොකු දඬුවමක්?😢😢අනේ මං කොහොමද සොනාල්ගෙන් ඈත් වෙන්නෙ?😭😭මං එයාට ලං වෙන්න හදද්දී එයා මගෙන් ඈත් වෙන්න හදනවා.මගෙ පපුව පිච්චෙන්න වගේ ආවා.
“හිත හිතා ඉන්න දෙයක් නෑනෙ සඳසි. මේක ඔයා මගෙන් බලාපොරොත්තු වුනු දේ.ඔයා මාව කසාද බැන්දෙ අකමැත්තෙන්නෙ.ඉතිං මාත් එක්ක තව දුරටත් පව්ල් කන එකේ තේරුමක් නෑනෙ.මං තව දුරටත් ඔයාව මගේ වයිෆ් විදියට තියාගෙන ඉන්නෑ.ඔයාට කැමති විදියට ඔයා ගැන තීරණයක් ගන්න පුලුවන්.ඕකට අත්සන් කරන්න………….”
මට බෑ……මට බෑ……මට බැහැ සොනාල්ගෙන් ඈත් වෙන්න.එයා තාමත් මං ඩිවෝස් පේපර් වලට සයින් කරයි කියලා බලාගෙන ඉන්නවා.සොනාල්ට පේන්නම ඒ ඩිවෝස් පේපර් ටික කෑලි කෑලි වලට ඉරලා ඩස්බින් එකට දැම්මා.එයා සද්දෙ නැතුව මං දිහා බලාගෙන ඉන්නවා.මං ඇඳේ වාඩි වෙලා එයාගෙ මූණ දිහාම බලාගෙන හිටියා.එයාටවත් හිතන්නවත් වෙලාවක් නොදී මං එයාගෙ දෙතොල් තද කරලා සිප ගත්තා.විනාඩියක් දෙකක් ගෙවෙන්න ඇති.ඒ දෙතොල් වලින් ඈත් වුනු මා ඒ කට දෙපැත්තෙන් නොරිදෙන්න අල්ල ගත්තා.
“මගෙන් ඈත් වෙලා යන්න හිතන්නවත් එපා තේරුණාද?ආයෙ එහෙම කරන්න හැදුවොත් මං බලා ගන්නම්………”😠😠
සොනාල්ගෙ කට අතෑරපු මං එයාට රවලා කුස්සියට ගියා රෑට උයන්න. හෙට දවල්ට සොනාල්ව නාවන්න ඕනි. බත් උයලා අල තෙල් දාලා බිත්තර බැදලා බණ්ඩක්කා හදපු මං බාතෲම් එකට ගිහින් මූණ කට හෝදගෙන සැහැල්ලු කලිසමකුයි ටී ෂර්ට් එකකුයි ඇඳගෙන කාමරේට ආවා.සොනාල්ට නම් නින්ද ගිහින්.මං ඒ මුහුණ දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා.පව් මේ අහිංසකයගෙ හිත මං මොන තරම් රිද්දෙව්වද?ඒ ආදරේ තේරුම් ගන්න මට මෙච්චර කාලයක් ගියේ ඇයි?කමක් නෑ මහත්තයෝ ඔයා මට කැමති දඬුවමක් දෙන්න මං තරහ නෑ.
“සොනාල් කෝ එන්න අපි නාමු……….”
සොනාල් මාත් එක්ක තරහ නෑ.ඒත් එයා මට වෙනදා වගේ ආදරෙන් කතා කරන්නෙ නෑ.මං දිහා ආදරෙන් බලන්නෙ නෑ.හරිම නපුරු විදියට මං දිහා බලන්නෙ.මං ජිනදාස මාමට කතා කරලා සොනාල්ව අල්ලගෙන බාතෲම් එකට එක්කන් ඇවිල්ලා පුටුවකින් වාඩි කෙරෙව්වා.
“මහත්තයව නාවලා ඉවර වෙලා මට කතා කරන්න නෝනෙ මං එන්නම් උදව් කරන්න…………”
එහෙම කියලා ජිනදාස මාමා එතනින් ගියා.මං සොනාල්ගෙ කමිසයයි සරමයි ගලෝලා ටවල් එක ඇන්දෙව්වා.
“මට ලැජ්ජයි ඕයි…………”😊☺️
“ලැජ්ජ වෙන්නෙ මොකටද?මං ඔයාගෙ නෝනනෙ.කෝ…කකුල මේ බංකුව උඩින් තියන්න.නැත්නම් තෙමෙයි………….”
සොනාල්ගෙ කකුල හෙමින් උස්සලා බංකුවෙන් තියලා බේසමට වතුර පුරවලා එයාව නෑව්වා.
“අම්මෝ සීතලයි………..”
දෙවුර හකුලුවා ගනිමින් සොනාල් කෑ ගැහුවා.යකෝ මේකා මෙච්චර ලොකු තුවාලයක් දරාගෙන ඉන්න පුලුවන්කමක් තියෙද්දි මේ සීතල දරා ගන්න බැරිද?
“කෑ ගහන්න එපා සොනාල් බබෙක් වගේ.සීතලයි තමයි.ඔහොම ඉන්නවා කෑ ගහන්නැතුව නාවනකල්………”😠😠
සොනාල්ට සැර කරලා මං එයාව නෑව්වා.නාවලා ඉවර වෙලා ටවල් එක අරගෙන ඔලුවයි ඇඟයි පිහදාලා සරමකුයි කමිසෙකුයි ඇන්දෙව්වා. ජිනදාස මාමට කතා කරලා සොනාල්ව කාමරේට අරන් ආවා.
“මට හිතෙනවා මේ ඇක්සිඩන්ට් එක වුනේ මගේ වාසනාවකට කියලා………….”
“මොකක්??ඔයාට පිස්සුද සොනාල්?…………..”😠😠
“නෑ ඉතිං.මං එහෙම කිව්වෙ මේකෙන් පස්සෙනෙ ඔයා මාව තේරුම් ගත්තෙ. නැත්නම් ඉතිං ඔයා මං දිහා හිනා වෙලාවත් බලන්නෙ නෑනෙ………….”
“මට සමාවෙන්න සොනාල්.ආයෙ කවදාවත් මං ඔයාට ඒ වගේ වැරදි කරන්නෙ නෑ…………..”
“මං හිතුවෙ නෑ ඔයා වෙනස් වෙයි කියලා………..”
“මාව වෙනස් කරේ ඔයාගෙ ආදරේ සොනාල්.මං හිතුවෙ නෑ ඔයා මට මෙච්චර ආදරේ කරයි කියලා.ඔයා ඉවසපු ඉවසීම ගැන මට ගොඩාක් පුදුමයි………..”
“මට අපේ පුංචි කාලෙ මතක් වුනා සඳසි.ඒ කාලෙ අපි එකට සෙල්ලම් කරපු හැටි එහෙම හරිම ශෝක්.මට හොඳට මතකයි මං ඔයාව වඩාගෙන ඇවිද්දා.ඔයා එතකොට චුට්ටක්වත් බර නෑ………..”
“හ්ම්ම්.මටත් හොඳට මතකයි ඒ කාලෙ. ඔයා දවසක් මාව තල්ලු කරලා තුවාල වෙලා මගෙ දණිස්සෙන් හොඳටම ලේ ආවා.මේ බලන්න තාම ඒ තුවාල කැලල දණිස්සෙ තියනවා………..”
කලිසම් කකුල ටිකක් උස්සලා මං සොනාල්ට එහෙම කිව්වා.
“අම්මෝ මට හොඳට මතකයි එදා මං අම්මගෙනුයි තාත්තගෙනුයි හොඳටම ගුටි කෑවා………..”
“හොඳ වැඩේ………….”😁😁
“ආ ඇත්තද පිස්සි.ඉන්නවකෝ ඔහොම ටික කාලයක්………..”😉😊
“ආ…..ඒ ඇයි?………..”
“මේ කකුල සනීප වුනාට පස්සෙ මං තමුසෙව අල්ල ගන්නම්.එතකල් ඔහොම ගෑස් පෙන්න පෙන්න ඉන්නවකො………..”😃😆
“ආ ඇත්තද මහත්තයෝ.ම්ම් එහෙනම් ඉක්මනට සනීප වෙන්නකෝ……..”😊😊
“ටිකක් ළඟට එනවකෝ………..”
“ඒ පාර මොකද?……….”
“කිස් එකක් දෙන්නකෝ……….”
දඟකාර විදියට සොනාල් එහෙම කියද්දී මට ලැජ්ජත් හිතුණා.මං පාත් වෙලා එයාගෙ කම්මුලට කිස් එකක් දුන්නා.
සොනාල්ව බලන්න එයාගෙ යාලුවොයි අපේ අම්මයි අප්පච්චියි මල්ලියිත් ඇවිල්ලා ගියා.තව සතියක් විතර යද්දී සොනාල්ට තනියම ඇවිදගන්න පුලුවන් වෙයි කියලා ඩොක්ටර් කිව්වා. සොනාල්ගෙ හැම වැඩක්ම මමයි කරේ. එයාව නෑව්වෙ කැව්වෙ ඇවිද්දෙව්වෙ මං.සොනාල්ගෙ අම්මා නිතරම ටෙලිෆෝන් කරලා සොනාල්ගෙ දුක සැප අහනවා.සොනාල්ගෙ අක්කට දරුවා ලැබිලා ඉන්න නිසා අම්මට සොනාල්ව බලන්න එන්න නිසා අමාරුයි.
“අක්කගෙ දුව බලන්න යන්න ආසයි සඳසි.කවදා යන්න පුලුවන් වෙයිද දන්නෑ………..”
“ඔයාට හරියට සනීප වෙනකල් ඉන්නකෝ.ඊට පස්සෙ යමු………..”
“මට සනීප වුනාට පස්සෙ අපි දෙන්නා නුවර යමු.අපිට කොහෙවත් යන්නත් බැරි වුනානෙ………..”
“හ්ම්ම් යමුකො.මටත් ආසයි නුවර යන්න…………”
“වෙන මොකටවත් ආස හිතෙන්නැද්ද?…………”
“පිස්සා….ඔයා මාව ලැජ්ජ කරනවා………”☺️☺️
“ආ…..මෙයාට ලැජ්ජාවකුත් දැනෙනවද? කෝ එනවා ලඟට………..”
සොනාල් මගෙ අතින් ඇදලා පෙරවගෙන හිටපු සීට් එක අහකට ඇදලා දැම්මා.ඊට පස්සෙ මං ඇඳන් හිටපු බ්ලව්ස් එක ටිකක් උස්සලා කලිසමේ බටන් එක ගැලෙව්වා.
“අනේ……සොනාල් මේ ඇයි?………..”
“ආ…..මොකෝ මේ ලැජ්ජ හිතුනද?බට්න් එක විතරයිනෙ ගැලෙව්වෙ.මං ඕවා ඔක්කොම දැක්කනෙ………..”😁😉
“ආ…..ඒ කොහොමද?…………”
“පිස්සියෙ මං කිව්වෙ පොඩි කාලෙ මං දැක්කා කියලා.ඒ කාලෙ තිබ්බ දේවල්මනෙ දැන් තියෙන්නෙත්. අමුතුවෙන් දෙයක් හැදිලා නෑනෙ………..”😁☺️😆
“අනේ සොනාල් මට ලැජ්ජයි අනේ…………”🙈😜🤭
“ඔහොම හිටපන්කො මං උඹේ ලැජ්ජාව ඇරලා ගන්නම්කො………..”😁😃😄
මතු සම්බන්දයි