මේ අහන්න සඳසි,අපි දෙන්නා අතර කිසිම සම්බන්දයක් නෑ කියලා කාටවත් දැනෙන්න ඉඩ අරින්න එපා.අපි අතරෙ මොන ප්‍රශ්න තිබ්බත් ඒවා බාහිර ලෝකයට දැන ගන්න ඉඩ තියන්න එපා.මොන දේ සිද්ද වුනත් ඒවා අපි දෙන්නා විසඳගම්මු…………..”

ගොඩාක් නිවුනු ස්වරයෙන් සොනාල් එහෙම කිව්වෙ අද එයා වැඩට යන්න හදද්දී යනවා කියලා මට කිව්වත් මං ඇහුනෙ නෑ වගේ හිටියා.ඒක ජිනදාස මාමටත් ඇහුනා.එයාලා හිතනවා ඇති අපි දෙන්නා අතර ප්‍රශ්න ඇති කියලා.

සොනාල් කියපු දේවල් වලට කිසිම උත්තරයක් නොදී මං කුස්සියට ගිහින් තේ එකක් හදාගෙන සොනාල්ට දුන්නා. සොනාල් මාත් එක්ක කොයි තරම් කතා කරත් මං දවසට එයත් එක්ක වචන දහයකට විස්සකට වඩා කතා කරේ නෑ. එයා කියපු දේවල් වලට හා,ඔව් කිව්වා විතරයි.

රෑ හොඳටම වහින්න පටන් ගත්තා.අපි මේ ගෙදරට ආවට පස්සෙ මේ වගේ හයියෙන් වැස්සක් වැස්සාමයි.ගොරව ගොරව හයියෙන් අකුණු ගගහා වහින්න පටන් ගත්තා.සොනාල්ට නම් හොඳටම නින්ද ගිහින්.මට නින්ද යන්නෙ නෑ.කියා ගන්න බැරි තරම් හිත අසරණ වෙලා.කිසිම වැඩකට නැති බැඳීමකින් ජීවිතේම හිර වෙලා.

සොනාල් මට මොන තරම් ආදරේ කරත් මට ඒ හිතට ලං වෙන්න බැරි කමක් දැනුනා.නින්දෙන්ම එහාට මෙහාට හැරෙමින් හිටපු සොනාල් අතකුයි කකුලකුයි මගෙ ඇඟ උඩින් දා ගත්තා. ඒ අතයි කකුලයි අහකට කරපු මං නිදා ගන්න හැදුවත් ආයෙමත් සොනාල් මගෙ පපුව උඩින් එයාගෙ ඔලුව තියා ගත්තා.ඇත්තටම සොනාල් ඉන්නෙ නින්දෙන්ද?නැත්නම් නිදි වගේ බොරුවට රඟපානවද?එයාව පැත්තකට කරලා ඇඳ මැද්දෙන් කොට්ටයක් තිබ්බා.

🌼🌼🌼

“සඳසි අම්මා කතා කරා ඊයෙ………..”

උදේ පාන්දර තේ එක බොන ගමන් සොනාල් මට එහෙම කිව්වා.

“මොකද කිව්වෙ?…………”

“මොකුත් නෑ.අපි හොඳින් සන්තෝශෙන් ඉන්නවද කියලා ඇහුවා එච්චරයි………..”

“හ්ම්ම්…………”

“සංදීප් කසාඳ බැඳලා සඳසි.උගෙ අතින් අමාරුවෙ වැටිච්ච කෙල්ලෙක්.ඒ කෙල්ලගෙ තාත්තා ඌට හොඳට නෙලලා තියනවා.හොඳ වැඩේ අහිංසක කෙල්ලන්ගෙ ජීවිතත් එක්ක සෙල්ලම් කරනවට…………..”😠😠

මට වදින්න වෙන්න ඇති සොනාල් සංදීප්ට බැන්නෙ.ඇත්තටම සංදීප් ගුටි කාපු එක නම් ගොඩාක් හොඳයි.මගෙ ආදරේත් එක්ක ඌ කරේ ලොකු සෙල්ලමක්.මට සංදීප් ගැන තියෙන්නෙ තරහක් වෛරයක්.

“සඳසි….ඔයා තාම ඌ ගැන හිතනවද?……….”

මගෙ මූණ දිහා එක එල්ලයේම බලාගෙන සොනාල් එහෙම ඇහුවා.

“නෑ සොනාල් නෑ.පින් සිද්ද වෙයි සංදීප් ගැන මට කියන්න එපා.මං ඌව අමතක කරේ අපි කසාද බඳින්න කලින් ඉඳලමයි.ඌ මොන වගේ එකෙක්ද කියලා මං දන්නවා…………”😢😢

“එහෙනම් ඇයි කසාද බැඳලා මාස හතරක් වෙලත් මට තමුසෙගෙ ලඟටවත් කිට්ටු වෙන්න දෙන්නැත්තෙ?
කසාද මිනිහා විදියට මටත් අයිතියක් තියනවා සඳසි.මට තමුසෙගෙන් බලෙන් කිසිම දෙයක් ඕන්නෑ.එහෙම ඕන කමක් තිබ්බා නම් මට මෙච්චර කාලයක් ඉවසන්න ඕනෙත් නෑ………..”

සොනාල් කියන දේ ඇත්ත තමයි.එයා මාව කසාද බැන්දෙ මගේ කැමැත්තෙන් නෙවෙයි.මාස හතරක් ගෙවිලා ගියත් මට බෑ සොනාල්ට ලං වෙන්න.මගෙ හිතේ සොනාල් ගැන කිසිම ආදරයක් ඇති වෙන්නෙ නෑ.සොනාල්ගෙන් මට ලැබෙන් ආදරෙන් අංශු මාත්‍රයක්වත් මගෙන් එයාට ලැබෙන්නෙ නෑ.එයා ගොඩාක් ඉවසනවා.මං කරන හැම වෙනස්කමක්ම එයා විඳ දරාගෙන ඉන්නවා.ඒ ඉවසීම ගැන මට වෙලාවකට මට පුදුමයකුත් ඇති වෙනවා.

“මට සමාවෙන්න සොනාල්.මාත් එක්ක ජීවත් වෙලා ඔයා ඔයාගෙ ජීවිතේ නිකරුනේ කාලකණ්ණි කර ගන්න එපා.මං ඔයාගෙන් ඈත් වෙලා යන්නම්……….”

“මගෙන් මොකුත් අහගන්නැතුව ඉන්නවා සඳසි.මට තමුසෙගෙන් ඈත් වෙන්න ඕන්නෑ.තමුසෙ මට ආදරේ කරේ නැති වුනාට මං තමුසෙට ආදරෙයි.දවසක උඹට තේරෙයි…………”

එහෙම කියපු සොනාල් කාමරෙන් එළියට ගියේ දුක හිතේ පුරවගෙන කියලා මට හොඳටම තේරුණා.ටික වෙලාවකින් සොනාල්ගෙ බයික් එක ස්ටාට් වෙන සද්දෙ ඇහුනා.උදේට කන්නෙත් නැතුව මේ මනුස්සයා කොහේ ගියාද මන්දා.කොහේ ගියත් මට මොකද එයාට ඕනි වෙලාවට එන්නෙ නැතෑ.එහෙම හිතපු මං රෙදි ටික හෝදලා නාගෙන ලතා ඇන්ටිත් එක්ක දවල්ට කෑම ඉව්වා.පැය ගානක් ගත වුනත් සොනාල් තාම ගෙදර ආවෙ නෑ.මගෙ හිතට අමුතු බියකුත් ඇති වුනා.එයාගෙ හිතේ තියන දුකටයි මාත් එක්ක තියන තරහටයි මොනවා හරි කර ගත්තාවත්ද?

“නෝනා……පොලීසියෙන් ඇවිත්?පොඩ්ඩක් ඇවිත් බලන්නකො…………”

අනේ දෙයියනේ පොලීසියෙන් මොකටද මෙහාට එන්නෙ?ටක්ගාලා කාමරෙන් එලියට ගියපු මං මිදුලට ගියා.පොලිස් නිලදාරියෙක් අපේ මිදුලෙ හිටියා.

“මේ මිස්ටර් සොනාල්ගෙ වයිෆ්ද?………..”

“ඔ…ඔව් සර්.ඇයි?………..”

“මිස්ටර් සොනාල්ගෙ බයික් එක හයිවේ එකේදි ඇක්සිඩන්ට් වෙලා තියනවා. දැන් එයාව අයිසීයූ එකට ඇතුලත් කරලා තියෙන්නෙ.මම ආවෙ පණිවිඩේ දෙන්න…………”

අනේ දෙයියනේ සොනාල්ට මොකද මේ වුනේ?මං අඬාගෙනම ගේ ඇතුලට ආවා.මං සොනාල්ට ආදරේ නොකලත් එයා ගැන කිසිම හැඟීමක් නැති වුනත් එයා ඇක්සිඩන් වෙලා කිව්වම මට ඒක දරා ගන්න බැරි වුනා.මං හොඳටම ඇඬුවා.මං ඉක්මනට ලෑස්ති වෙලා ත්‍රීවිලර් එකකින්ම හොස්පිටල් එකට ආවා.අනේ දෙයියනේ සොනාල්ට කිසිම කරදරයක් වෙන්න නම් එපා.එහෙම වුනොත් කවදාවත් මට මගෙන්ම සමාවක් ලැබෙන එකක් නෑ.මං මහ පව්කාරියක්.

මං හින්දා තමයි සොනාල්ට මෙහෙම වුනේ.මං එයාට මොන තරම් වෙනස්කම් කරාද?ඒත් එයා කවදාවත් මගෙ හිත රිද්දලා නෑ. හැම වෙලේම මාව ආරක්ෂා කරා. සොනාල් හිතාමතාමද මේ දේ කරගත්තෙ?😢😢අනේ එයාට ජීවිතේ එපා වෙන්න තරම්ම මං දුක් දුන්නද?

දැඩි සත්කාර ඒකකයේ දොරින් මං දැක්කා සොනාල්ගෙ රුව.මැෂින්ස් වලට හිර වෙලා එයා ජීවිතෙත් මරණෙත් අතර ලොකු සටනකයි හිටියෙ.අනේ දෙවියනේ සොනල්ව බේරලා දෙන්න. මගෙ ජීවිතේට මොනවා වුනත් කමක් නෑ.කාටවත් වරදක් නොකරපු සොනාල්ගෙ ජීවිතේට අනතුරක් වුනොත් මං ඉඳලා වැඩක් නෑ.😭🙏දැඩි සත්කාර ඒකකයේ දොරත් ඇරගෙන ඩොක්ටර් එලියට ආවා.

“අනේ ඩොකටර් මගෙ මහත්තයට කොහොමද?අනේ එයාව බේරලා දෙන්න ඔබ තුමාට පින් සිද්ද වෙයි……….”😭🙏

“රිලැක්ස් මිසිස් සඳසි.මිස්ටර් සොනාල්ගෙ තත්වෙ එතරම් බරපතළ නෑ.එයාගෙ කකුලටයි අතටයි තමයි ටිකක් ඩැමේජ් වෙලා තියෙන්නෙ.අපි හිතුවෙ මිස්ටර් සොනාල් ඩ්‍රින්ක්ස් අරගෙන වාහනේ ඩ්‍රයිව් කරලා කියලා. මට පුදුමයි හොඳ සිහියෙන් ඉන්නැද්දීත් මෙහෙම ඇක්සිඩන්ට් එකක් වුනා කිව්වම………..”

“මට සොනාල්ව බලන්න පුලුවන්ද ඩොක්ටර්?………..”

“දැන්ම යන්න එපා.එයාට තාම සිහිය ආවෙ නෑ.එයාට දැන් අවශ්‍ය විවේකය. දැන් ගෙදර ගිහින් හෙට උදේට එන්න…………”

මං ගෙදර ආවෙ හොඳ සිහියෙන් නම් නෙවෙයි.මගෙ හිත පුරාම පැතිරිලා ගියේ රෝහලේ ඇඳක් උඩ සොනාල් මැෂින්ස් අතර අමාරුවෙන් හිටපු හැටියි.ඒක දකිද්දි නම් මගෙ පපුව පිච්චිලා ගියා වගේ දැනුනා.

පහුවදා උදෙන්ම මං හොස්පිටල් එකට ගියා.මං යද්දී සොනාල්ට සිහිය ඇවිත් තිබුනා.එයා හිටියේ ගොඩාක් අමාරුවෙන්.මාව දැකලා සොනාල් අමාරුවෙන් වගේ හිනා වෙන්න උත්සහ කරා.

“අනේ සොනාල් ඔයාට මොකක්ද දෙයියනේ වුනේ?………….”😭😭

“ඔයා…..ඇ…..ඇයි මේ අඬන්නෙ සඳසි?…………”

අමාරුවෙන් වගේ සොනාල් මගෙන් එහෙම ඇහුවා.

“ඔයාට මෙහෙම වෙලා තියෙද්දී මං කොහොමද හිනා වෙලා ඉන්නෙ?මට ඇත්ත කියන්න සොනාල් මගෙන් පලි ගන්නද ඔයා මෙහෙම දෙයක් කර ගත්තෙ?………….”

මං එහෙම ඇහුවම සොනාල් හිනා වුනා.

“ඔයාගෙන පලි ගන්න මට උවමනාවක් නෑ සඳසි.මේක ඇක්සිඩන්ට් එකක් මිසක් හිතා මතා කරගත්තු දෙයක් නෙවෙයි…………”

“මං හිටියෙ ගොඩාක් බය වෙලා සොනාල්.අනේ ඔයාට ගොඩාක් අමාරුයිද?………….”

“ඇයි ඔයා දුක් වෙන්නෙ?මට මොනවා වුනත් ඔයා දුක් වෙන්න එපා.මට අමාරුවක් නෑ…………”

සොනාල්ගෙ ඒ වචන මගේ පපුවට පිහි තුඩකින් අනිනවා වගේ දැනුනා.මගෙ හිත ගොඩාක් හීල්ලුනා.

“කමක් නෑ සොනාල්.ඔයා සනීප වුනාම මට කැමති දඬුවමක් දෙන්න.මං ඔයාට ගොඩාක් දුක් දුන්නා.මං ඔයත් එක්ක තරහ නෑ.අනේ ඔහොම කියන්න එපා සොනාල්………….”😭😭

“ඇයි මං ගැන දුක හිතුනද?…………”

“ඔයා ඉක්මනට සනීප වෙන්න සොනාල්.මං ඔයාව බලා ගන්නම්…………”😢😢

“මට පුලුවන් මං ගැන බලා ගන්න.ඔයා දැන් ගෙදර යන්න.බොරුවට අඬන්න එපා…………”

මතු සම්බන්දයි