නපුරු සිතක් ළඟ😡
“පුතා වැරැද්ද ඔයාගෙ අතේ තියාගෙන මේ දරුවට බනින එක නවත්තන්න.මේ පින්තූර බොරු ඒවා නෙවෙයිනෙ………….”😡😡
“අනේ අම්මෙ😠😠මං එක සැරයක් කිව්වා මේ පින්තූර වල මං හිටියට ඔයාලා හිතනවා වගේ දෙයක් මෙතන වුනේ නෑ කියලා.මේක අනිවාර්යෙන්ම මෙයාගෙ තාත්තගෙයි කුඩම්මගෙයි ප්ලෑන් එකක්.උන් දෙන්නට ඕනි මාවයි ජාන්විවයි වෙන් කරන්න………….”😡😡
“නිකන් බොරු කියන්න එපා ශිවන්ත අයියෙ.අප්පච්චිටයි කුඩම්මටයි ඕනි අපි දෙන්නව වෙන් කරන්න තමයි. හැබැයි ඔයා මේ ජරා ගෑණිත් එක්ක නිදිවැදපු එකට ඒ දෙන්නා පලි නෑ.ඒක ඔයාගෙ තියන අවලංකම…………”😡😡
ශිවන්තට ජාන්වි ගැන දැනුනේ උතුරා යන තරමේ කෝපයකි.ඇයට පහර දීමට අත එසෙව්වද තම මව ඇය හරහා සිටගෙන තමාව වැලැක්කුවාය.
“දැන් මේක නවත්තන්න.ඔයාලා දෙන්නා ගහ බැනගෙන මේ ප්‍රශ්නෙ විසඳන්න බෑ.හෙට උදේට කතා කරගන්න දෙයක් කතා කරගන්න.දැන් නිදා ගන්න…………”
එසේ පවසා ශිවන්තගේ අම්මා කාමරෙන් ගියා.ශිවන්ත මං දිහා බැලුවෙ උතුරලා යන තරමේ කේන්තියකින්.එයා වරදක් කරේ නෑ කියලා කියනවනම් මොන එහෙකටද මෙච්චර කේන්ති ගන්නෙ?වැරැද්දක් කරපු හින්දනේ මෙහෙම හැසිරෙන්නෙ.
වේදනාවෙන් පුපුරු ගසන කම්මුලට වැටුනු කඳුලු නිසා කම්මුල දැවිල්ල ගත්තා.බාතෲම් එකට ගිහින් මුහුණ හෝදගෙන මං කාමරේට ආවා.ශිවන්ත මං දිහා බැලුවත් මං අහක බලාගත්තා. කබඩ් එක ඇරලා ලොකු සීට් එකක් ගත්තු මං ඒක දෙකට නවලා බිමින් එලලා ඇඳ උඩ තිබ්බ මගෙ කොට්ටෙයි සීට් එකයි අරගෙන බිමින් නිදා ගන්න ලෑස්ති වුනා.
“ජාන්වි………….”😡😡
ශිවන්ත මට කතා කරත් මං බැලුවෙ නෑ.ඇඳෙන් නැගිටපු ශිවන්ත මං ගාවට ඇවිත් බිම දණ ගහගෙන මගෙ කට මිරිකලා අල්ල ගත්තා.
“මේක හොඳට අහගන්නවා ජාන්වි. තමුසෙ හිතනවා වගේ දෙයක් මෙතන වුනේ නෑ.මං කියන දේ පොඩ්ඩක් අහනවා…………..”😠😠
“තව මොනවා අහන්නද හැම දෙයක්ම ඇස් දෙකට දැක්කට පස්සෙ?…………..”😠😠
බොහොම අමාරුවෙන් අත අහකට කරලා මං එහෙම කිව්වා.
“යකෝ මට කතා කරලා දීලා හිටපං. එල්ලුම් ගහට නියම වෙච්චි වැරදිකාරයෙකුට වුනත් උසාවියෙදි නිදහසට කාරණා කියන්න දෙනවා………….”😡😡
“ඉතිං කියන්න.මං අල්ලගෙන හිටියෙ නෑනෙ………….”😠😠
“ඒ ගෑණිව මං මීට කලින් අඳුරන්නෙ නෑ.එවලෙ මං හිටියෙ හොටෙල් එකේ. මං ගත්තු ඩ්‍රින්ක්ස් වලට මොනවහරි හරි කලවම් කරලා තියනවා කියලා මට හිතෙනවා.වෙච්චි කිසිම දෙයක් ගැන මට මතක නෑ ජාන්වි.මාව නිකන් මත් වෙලා වගේ හිටියෙ.උදේ ඇහැරිලා බලද්දී මට මහ අමුත්තක් දැනුනා.මයෙ අම්මපා ජාන්වී මං ඕනම දෙයක් මත දිවුරන්නම් මං මෙතන වැරැද්දක් කරලා
නෑ………….”😡😡
අනෙ අම්මපා මූට ලැජ්ජාවක් නැතුව මෙතන ටොන් ගනන් බොරු කියන හැටි.
“දැන් එතකොට ශිවන්ත අයියෙ ඔයා කියන්නෙ මෙච්චර දෙයක් සිද්ද වුනේ ඔයා දන්නෙ නැතුව කියලද?තවත් මෙතන පච හලන්න ලෑස්ති වෙන්න එපා.ඔයා කියන බොරු තවත් මං විශ්වාස කරන්නෑ……………”😡😡
“උඹ පිලිගත්තත් නැතත් මීට වඩා ඇත්තක් කියන්න මං දන්නෑ ජාන්වි…………..”😡😡
එහෙම කියපු මං අනික් පැත්ත හැරිලා නිදා ගත්තා.ශිවන්ත ඇඳෙන් නිදා ගත්තත් එයා මට ඇඳට කතා කරේ නෑ. කතා කරත් මං යන්නෙත් නෑ.
ටිකක් වෙලා යද්දී ජාන්විට නින්ද ගිහින් තිබුනා.ශිවන්ත කල්පනා කරේම සිද්ද වෙච්චි දේ ගැනමයි.මොන වේ## ද මං ගාවට ආවෙ?අනිවාර්යෙන්ම මගෙ ඩ්‍රින්ක්ස් වලට මත්පෙති දාන්න ඇත්තෙ ඒකි තමයි.මේකත් අලහප්පෙරුම කාරයගෙයි උගෙ ගෑණිගෙයි ප්ලෑන් එකක්.උන් දෙන්නට ඕනි කරන්නෙ ජාන්විව මගෙන් ඈත් කරලා අර මැරිච්ච ගෑණිගෙ දේපල ටික ලියා ගන්නනෙ.උන් දන්නෑ උන් දෙන්නා කාත් එක්කද හැප්පෙන්න හදන්නෙ කියලා.
ඔක්කොටම කලින් හොයා ගන්න ඕනි ඒ වේ## කව්ද කියලා.ඒකි හැප්පෙන්න ආවෙ වැරදි කෙනත් එක්ක.😡😡😡
ටිකක් වෙලා කල්පනා කරපු ශිවන්ත ධනුකට කෝල් එකක් ගත්තා.
“හෙලෝ ධනුකයා උඹ වැඩක්ද බං?………….”📲
“න්….නෑ බං කියහන්…………..”📲
වෙලා තිබ්බ හැම දෙයක්ම ශිවන්ත ධනුකට කිව්වා.
“මට ඔක්කොටම කලින් හොයලා දීපන් ඒ වේ# ගෑණි කව්ද කියලා.අම්මාවත් ජාන්විවත් මං කියන කිසිම දෙයක් විශ්වාස කරන්නෑ………….”📲
“මට කියපන් ශිවන්තයා වෙච්චි කිසිම දෙයක් උඹට මතක නැද්ද?අඩුම තරමෙ මොකෙක් හරි උඹ ඩ්‍රින්ක්ස් ගන්න තැනට ආවා කියලාවත් උඹට මතකයක් නැද්ද?………….”📲
“මට ලාවට වගේ මතකයි බං නවයට විතර කව්ද මන්දා රූම් එකට ආවා.මං හිතුවෙ ඩ්‍රින්ක්ස් ගේන්න කියලා යවපු එකා වෙන්න ඇති කියලා.බීපු ඒවයෙ මොකක් හරි අවුලක් තියනවා කියලා මට තේරුණා බන්………….”📲
“මොකා වුනත් හොඳට ප්ලෑන් කරලා මේ වැඩේ කරලා තියනවා.අපි ඔක්කොටම කලින් හොයා ගන්න ඕනි ඔය ගෑණි කව්ද කියලා.අනික උඹ ගාල්ලෙ යනවා කියලා හොඳටම දන්න කෙනෙක් ඔය වැඩේ කරන්න ඇත්තෙ…………”📲
“කොහොම හරි කමක් නෑ මේක කරපු එකාව මට හොයලා දීපන්.ඊට පස්සෙ ඌ ගැන මං බලා ගන්නම්……………”📲
“හරි බං ඒක අවුලක් කර ගන්න එපා. සතියක් ඇතුලත මං උඹට මේක හොයලා දෙන්නම්.ජාන්විගෙන් අවුලක් නෑනෙ?………….”📲
“ඒ හු## ති ඔක්කොටම හපන් බං. කොටි දෙන වගේ මං දිහා බලන් ඉඳලා දුන්නෙ නැතෑ මගෙ කම්මුලට එකක් ඇඳට විසික් වෙන්න.මට මාරයා වැහුනා.අම්මපා,අම්මා ආපු හින්දා ඕකි මගෙන් බේරුනා.නැත්නම් මං ඕකිගෙ අණ්ඩක් කඩනවා අද…………”😡📲
“කලබල නැතුව හිටපන් බං.ඒකි උඹට ආදරෙයි.ඒකි විශ්වාස කරේම නෑ ඒ ෆොටෝස් වල ඉන්නෙ උඹ කියලා.ඒකි හිතුවෙ ඒවා එඩිට් කරපුවා කියලා………….”📲
“කොහොම හරි උඹ මට මේ ගෑණි කව්ද කියලා හොයලා දීපන්කො.මං තියන්නම්………….”📲
කෝල් එක කට් කරපු ශිවන්ත බැලුවෙ බිම නිදාගෙන හිටපු ජාන්වි දිහා. කලබල වෙලා කේන්තියෙන් වෛරයෙන් ඇයට පහර දුන්නත් දැන් නම් ඔහුට පුංචි දුකක් ඇති වෙනවා ඇය ගැන.දෙකට තුනට උන්ඩි වෙලා බෙල්ල ගාවටම එනකල් සීට් එක පොරවගෙන සීතලේම නිදාගෙන ඉන්න ඇයගෙ කම්මුල් දෙපැත්තෙම රතු වෙලා තඩිස්සි වෙලා.ටයිල් පොලවෙ නිසා රෑට සීතලයි.ඇයව දෝතට අරගෙන ඇඳෙන් තියලා ඒ සීතලට ගැහෙන පුංචි ඇඟ උණුසුමෙන් මුසපත් කරන්න ඔහුට ආශාවක් දැනෙනවා.ඒත් ඔහු ඒ හැඟීම ආසාවෙන් යටපත් කරගන්නවා.
පාන්දර සීතල දැනුන නිසා මට නින්ද හරියකට නින්ද ගියෙත් නෑ.උදේට ඇහැරෙනකොටත් හතට විතර ඇති. ශිවන්තට නම් හොඳටම නින්ද ගිහින්. සීට් එක නවලා පැත්තකින් තියලා කොට්ටෙ ඇඳෙන් දලා බාතෲම් එකට ගිහින් දත් මැදලා මූණ කට හෝදගත්තා.මං ආපහු කාමරේට එද්දි ශිවන්ත ඇහැරිලයි හිටියෙ.මම නම් එයාව ගනං ගත්තෙ නෑ.මෙහෙකාරිය වූ චන්ද්‍රා ගෙනා තේ කෝප්පය බිවු මං ජනේල් ටික ඇරලා දැම්මා.
ශිවන්ත වැඩට ගියාට පස්සෙ මං ඇඳට වැටිලා කල්පනා කරා මේ ප්‍රශ්නෙ කොහොමද විසඳගන්නෙ කියලා. මගෙ අතින් කවදාවත් ශිවන්තට කිසිම වරදක් වෙලා නෑ.හැමදේම මගෙන් අඩුවක් නැතුව ලැබෙද්දිත් ඇයි එයා වෙන ගෑණියෙක් ගාවට ගියේ?එකපාරටම මගෙ කල්පනා දැහැන බිඳුනෙ මගෙ ජංගම දුරකථනය නාද වූ නිසා.කෝල් එක ආවෙ අරුණිගෙන්.මං ආන්සර් කරා.
“හෙලෝ අරුණි………..”📲
“ජාන්වී මං කතා කරේ උඹට පණිවිඩයක් දෙන්න.අනේ මන්දා උඹ එයිද දන්නෑ මැරි කරලා ඉන්න නිසා. හෙට උදේ නවයට ඉස්කෝලෙට එන්න කියලා කුමාරි මිස් හැමෝටම පණිවිඩේ දෙන්න කිව්වා.දිස්ත්‍රික්කෙන්ම සාමාන්‍ය පෙළ බෙස්ට් රිසාල්ට් තියෙන්නෙ අපේ ඉස්කෝලෙනෙ.සහතිකෙයි තෑග්ගයි ගන්න උඹ හෙට එනවද?හැබැයි යුනිෆෝම් වලින් එන්න ඕනි………..”📲
“මං එනවා අරුණි.කාලෙකින් පස්සෙ ඉස්කෝලෙට එන්නත් ආසයි……….”📲
“උඹේ හස්බන්ඩ් එන්න දෙයිද බන්?………..”📲
“එයාගෙ කැමැත්තෙන් මට වැඩක් නෑ බං.මම එනවා………..”📲
“හරි හරි වරෙන් බං.අපේ සෙට් එකම එනවා බන්.උඹ හත විතර වෙද්දීවත් ඇවිල්ලා හිටපන්……….”📲
“හරි බන් මම එනවා……….”📲
අරුණිට ඉස්කෝලෙට එනවා කියලා පොරොන්දු වුනත් මට ඇඳන් යන්න යුනිෆෝම් එකක් කෝ?ඔක්කොම ඇඳුම් යුනිෆෝම් සේරම ගෙදරනෙ. කොහොමද ඒ ටික ගන්නෙ?🤔මං දහ අතේ කල්පනා කරලා අන්තිමට මං තීරණයක් ගත්තා ඇඳුම් ටික අරන් එන්න ගෙදරට යන්න.ශිවන්තගේ අම්මා එක්ක ගෙදර තියන කාරෙකේම මං අපේ ගෙදරට ගියා.මට බයකුත් දැනුනා.මේ වෙලාවට අප්පච්චි නම් ගෙදර නැතුව ඇති.ඒත් අර යස්සනී නම් ගෙදර ඇති.ඒත් මං මොකටද බය වෙන්නෙ ඒ ගෙදරට යන්න.ඒක මගේ අම්මගෙ ගෙදරනෙ.ගේ ගාවින් කාරෙක නතර කරා.අම්මා ඉන්නැද්දී මං කාරෙකෙන් බැස්සා.
“කලබල වෙලා රණ්ඩු සරුවල් ඇති කර ගන්න එපා දුවේ.ඔයාට ගන්න ඕනි ඇඳුම් පැළඳුම් ටික අරගෙන ඉක්මනට එන්න………….”
“හරි අම්මෙ.මං ඉක්මනට එන්නම්. අම්මා බය වෙන්නැතුව ඉන්නකො…………”
ගේට්ටුව ඇරගෙන මං කිසිම බයක් සැකක් නැතුව ගේ ඇතුලට ගියා. කුඩම්මා සාලෙ වාඩි වෙලා තේ බිබී හිටියා.මං එයාව ගනං ගන්නෙ නැතුව මගේ කාමරේට යන්න පඩිපෙළ නැග්ගා.
“ආ කුමාරිහාමි ලැජ්ජ නැතුව ආපහු ආවද මේ වහලෙ යටට?උඹව හම්බෙනකල් තමයි මං බලාගෙන හිටියෙ………….”😡😡
“අනේ පලයං ගෑණියෙ යන්න.උඹත් එක්ක මට කතාවක් නෑ.මං ආවෙ මගෙ ඇඳුම් ටික අරන් යන්න.මේක මගෙ අම්මගෙ ගෙදර.මට මේ ගෙදරට එන්න තහනම් කරන්න උඹටවත් මගෙ අප්පච්චිටවත් බෑ…………”😡😡
එහෙම කියපු මං මගෙ කාමරේට ආවා.
අල්මාරිය ඇරලා මගෙ ඇඳුම් ටිකයි ඉස්කෝලෙ සහතික ටිකයි තවත් අවශ්‍ය දේවල් ටිකකුයි බෑග් එකකට දාගෙන පල්ලෙහාට එද්දී අප්පච්චිත් ගෙදර ඇවිත්.කුඩම්මා කියන්න ඇති මං ගෙදර ආවා කියලා.
“උඹ මොකටද මෙහෙ ආවෙ?………….”😡😡
“මං ආවෙ මගෙ ඇඳුම් ටික අරන් යන්න. ඇයි අහන්නෙ?………….”😠😠
මගෙ අප්පච්චි වුනත් එයා හොඳ මනුස්සයෙක් නෙවෙයි.ඒ හින්දා මං එයාට බය වුනේ නෑ.
“උඹට මෙහෙ එන්න අයිතියක් නෑ…………”😡😡
“අයිතියක් නැත්තෙ මටද ඔයාලා දෙන්නටද?අමතක වුනාද මේ ගෙදර තියෙන්නෙ මගෙ අම්මගෙ නමට. ඔයාලා දෙන්නට මේ වහලෙ යට ඉඳලා ඇති වෙලාද මට මෙහෙම කතා කරන්නෙ?……………”😠😠
“අම්මගෙ දේවල් වුනත් උඹට ඒ දේවල් අයිති වෙන්න මං ලේසියෙන් ඉඩ තියන්නෙ නෑ. උඹට ඒවා ඕනි නම් අරූගෙන් දික්කසාද වෙලා වරෙන්…………”😡😡
“ඒවා හීන විතරමයි අප්පච්චී.මේ දේවල් මං ලගඳීම මං ගාවට ගන්නවා. මං යනවා…………”😠😠
කුඩම්මා මොනවා හරි දෙයක් කියන්න හැදුවත් අප්පච්චි එයාව නැවැත්තුවා. මං බෑග් එකත් අරගෙන ශිවන්තගේ අම්මත් එක්ක ගෙදරට ආවා.
උදේ පාන්දර හයට විතර මං නැගිටලා යුනිෆෝම් එකත් ඇඳගෙන ලෑස්ති වුනා ස්කූල් යන්න.කණ්ණාඩිය ගාවට වෙලා කොණ්ඩෙ පීරමින් ඉන්නැද්දී ශිවන්තත් නැගිටලා ආවා.මං දිහා බලන් හිටපු ශිවන්ත ඇස් පිහදාලා ආයෙමත් බැලුවා.
“තමුසෙ මේ ස්කූල් යුනිෆෝම් එකත් ඇඳගෙන කොහෙ යන්නද ලෑස්ති වුනේ?…………..”
“ස්කූල් යුනිෆෝම් එක ඇඳගත්තෙ ස්කෝලෙ යන්න මිසක් අවලමේ යන්න නෙවෙයි.මං ඕලෙවල් පාස්.ඒකෙ සහතිකෙයි තෑග්ගයි ගන්න අද ස්කෝලෙට එන්න කියලා කිව්වා…………”😠😠
එහෙම කියපු මං ස්කූල් බෑග් එකත් කරේ දාගෙන ශිවන්තගේ අම්මටත් වැඳලා ස්කෝලෙට ආවා.මං ස්කෝලෙට යද්දී ගොඩාක් යාලුවෝ ඇවිත් හිටියා. මාස ගානකට පස්සෙ යාලුවො දැකපු නිසා ලොකු සතුටක් හිතට දැනුනා.
“හලෝ මචං ජාන්වී කොහොමද බං?උඹව දැක්ක කල්.අතට මොකද වුනේ?………….”
“පොඩි තුවාලයක් සෙව්මි…………”
ස්කෝලෙ යුනිෆෝම් එක ඇන්ඳත් මංගල මුද්ද ගලෝලා තියලා එන්න මට හිතුණෙ නෑ.ඒ හින්දා මුද්ද වැහෙන්න අතේ බැන්ඩේජ් එකක් එතුවා.
“ඒක නෙවෙයි බං දෙවනි පාර හරි ට්‍රයි කරලා කොහොම හරි එක්සෑම් එක ගොඩ දා ගත්තනෙ.දැන් ඉතිං කොහොම හරි ඒලෙවල් කර ගන්නයි තියෙන්නෙ.අපේ ස්කෝලෙන් බෙස්ට් රිසාල්ට් තියෙන්නෙ ජාන්විටනෙ.උඹ ආට්ද බන් කරන්නෙ නැත්නම් කොමස්ද?…………..”
“කොමස්…………”
උත්තරයක් දෙන්න ඕනි හින්දයි මං කොමස් කියලා කිව්වෙ.ඒලෙවල් කරන්නෙ නෑ කියලා කිව්වා නම් මෙයාලා දාහක් ප්‍රශ්න අහයි.
කාලෙකට පස්සෙ යාලුවො දැකපු හින්දා අපි සෙට් එකම හිටියෙ ගොඩාක් සතුටිනුයි.ස්කෝලෙ කැන්ටිමට ගිහින් බිත්තර පානුයි ක්‍රීම් සෝඩායි බීපු අපි සෙට් එක ප්‍රධාන ශාලාවෙ තිබුනු උත්සවේට වාඩි වුනා.පාසලේ ගුරුවර ගුරුවරියන් විදුහල්පතිතුමා ඇතුලු සමාන්‍ය පෙළ සමත් වුනු සියලූම ශිෂ්‍ය ශිෂ්‍යාවන් උත්සවේට සහභාගී වුනා. ආරාධිත අමුත්තන් ශාලාවට පැමිණි පසු උත්සවේ වැඩ කටයුතු ආරම්භ වුනා.කසු කුසුවෙන් තොරතුරු හුවමාරු කරගත් මමයි අරුණියි ජාතික ගීය ගයද්දී නිශ්ශබ්ද වුනා.
“ඒයි ජාන්වී අර බලපන් යකෝ අර…………”
අරුණි මට රහසින් වගේ එහෙම කිව්වා.ඒ පාර මේකිට මොකද වුනේ?
“යකෝ කෑ ගහන්න එපා බං.ජාතික ගීය කියන්නෙ.මොකද උඹට වුනේ?………….”
“මට මොකුත් වුනේ නෑ යකෝ.බලපන් ස්ට්‍රේජ් එක දිහා කව්ද ඉනෙ කියලා…………”
අරුණි රහසින් එහෙම කියද්දී මං හිමිහිට ඔලුව උස්සලා ස්ට්‍රේජ් එක දිහා බැලුවා.අපොයි😱😱දෙයියනේ ශිවන්ත කොහොමද මෙතෙන්ට ආවෙ?එයා මොකටද මේ උත්සවේට ඇවිත් ඉන්නෙ?ජාතික ගීය ඉවර වෙලා පාසල් ගීයත් ඉවර වුනත් මං තාම හිටගෙන. අරුණි මාව ඇද්දා.එතකොටයි මං වාඩිවුනේ.
“උඹ දන්නැද්ද බං ශිවන්ත අද උත්සවේට එනවා කියලා?…………”
“අනේ නෑ බං අරුණි.මේ මනුස්සයා මට මොකුත්ම කිව්වෙ නෑනෙ.මට බයේ බෑ. ටීචස්ලා දැන ගත්තොත් එහෙම අපි දෙන්නා ගැන………..”
“බය වෙන්නැතුව හිටපන්කො.උඹට දැන් අවුරුදු දහඅට ලබලනෙ……….”
උත්සවේ වැඩ කටයුතු ආරම්භ කරා. විදුහල්පතිතුමා නියෝජ්‍ය විදුහල්පතිතුමන්ලාගෙ කතාවත් පැවැත්තුවා.
🔊🔊උත්සව සභාව ඇමතූ ගෞරවනීය විදුහල්පතිතුමා නියෝජ්‍ය විදුහල්පතිතුමන් හට අපගේ ස්තූතිය පුද කර සිටිනවා.මීලඟට උත්සව සභාව ඇමතීමට අපි ආරධනා කර සිටින්නේ මෙම අවස්ථාව සඳහා ත්‍යාග ලබා දුන් සුප්‍රසිද්ධ ව්‍යාපාරික ශිවන්ත ජයෂාන් ජයවර්ධන මහතා හටයි. ඔබතුමන්ට අපි ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා වචන කිහිපයකින් මේ උත්සව සභාව ආමන්ත්‍රණය කරන ලෙසට🔊🔊
කෙලියා තාප්පෙට🤦🤦🤭හපොයි මූ මොනවා කියයිද දැන්?😆අම්මෝ මට බෑ සාන්ත😁😂🤣මං දැක්කා අරුණි මං දිහා බලාගෙන කට තද කරගෙන හිනා වෙනවා.මං ඒකිගෙ ඉන කෙනිත්තුවා රිදෙන්නම.හිනාවෙයන් ඇති තරම් ගොං වැස්සි.😁😆😃🤣
🔊සභාවෙන් අවසරයි.ගෞරවනීය විදුහල්පතිතුමා නියෝජ්‍ය විදුහල්පතිතුමා ඇතුලු ආචාර්‍ය මණ්ඩලයෙන් අවසරයි.ආදරණීය දුවේ පුතේ
(හපොයි🤭🤣මූ දුවේ කිව්වෙ මටත් එක්කද දන්නෑ)🤣😁😁
මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සමත් වූ ඔබ සියලූම දෙනාට මං සුබ ප්‍රාර්ථනා කරනවා.ඉගෙනීම තමයි අපිට තියන ලොකුම ධනය.ජීවිතේ එක් කඩ ඉමක් තමයි මේ ඕලෙවල් විභාගෙ කියන්නෙ. අද ඔය දරුවන් සියලූම දෙනා ඒ කඩඉම සමත් වෙලා තියනවා…………….
……………………………………………………………………………………………………………………..
ශිවන්ත තව මොන මොනවදෝ කියනවා.අම්මපා මට නම් මේකා දිහා බලාගෙන හොඳටම හිනා😁🤣😃😀මං හිටියෙ ඉස්සරහ පුටුවෙ ඇන්දට ඔලුව තියාගෙන.බඩ කොරවෙලා හිනා වෙලාම😆😉😂😁
“ජාන්වී ඔලුව උස්සලා හිටපන් යකෝ. ප්‍රින්සිපල් සර් දකියි.ඇති වෙන්න ගෙදර ගියාට පස්සෙ දෙන්නත් එක්ක හිනා වෙයන්………..”😁😆
ශිවන්තගේ කතාව ඉවර වුනා.හෝල් එක දෙදරලා යන තරමෙ අත්පුඩි සද්දෙ.සමහර කෙල්ලො ශිවන්ත දිහා බලාගෙන එක එක ඒවා කියෝනවා.
“අනා😆😆ලස්සන අයියා කෙනෙක්.මැරි කරලද දන්නෑ ඉතිං.බලපන්කෝ ශාරුක් කාන් වගේ.කොහේ හරි ලස්සන කෙල්ලෙක් ඇති………..”
ඒ කෙල්ලො ටික දන්නවා නම් ශිවන්ත මැරි කරලා ඉන්නෙ මං කියලා මොනවා වෙයිද දන්නෑ.😆😆🤭
ළමයින්ට තෑගි දීමේ අවස්ථාවත් උදා වුනා.මුලින්ම තෑගි දුන්නෙ විදුහල්පතිතුමා අතින් පලමු වරට සාමාන්‍ය පෙලට පෙනී සිටිමින් සමත් වූ සිසු දරු දැරියනුයි.
“මීළඟට ත්‍යාග සහ සහතික පත් ලබා දීමට ආරාධනා කරන්නෙ ගරු ශිවන්ත ජයෂාන් ජයවර්ධන මැතිතුමාටයි. එතුමා අතින් ත්‍යාග සහ සහතික පත් ලබා ගන්නෙ මේ පාසලේ විශිෂ්ඨතම සමාන්‍ය පෙළ ප්‍රථිඵල වාර්තා කල ජාන්වි ශවීන්ද්‍රා අලහප්පෙරුම ශිශ්‍යාවයි………..”🔊🔊📢
සන්තානං මෑණියනේ මට නම් බෑ දෙයියනේ😁😂🤣😉☺️අයියෝ සාන්ත😉😀😁🤣මම දුවනවෝ.මට නම් බැරියෝ