සඳසි………..”😠😠
“ඇයි අප්පච්චී?…………”
“මං තමුන්ට හොඳ හිතින් කියන්නෙ සඳසි.අර ජරා මිනිහව අමතක කරලා දානවා.අම්මයි මායි මේ දැනුත් සොනාල් පුතාගෙ අම්මයි අප්පච්චියි හම්බෙන්න ගිහින් ආවෙ.එයාලා කසාදෙට ලගදීම දිනයක් දාගෙන අපිටත් කියයි.ලෑස්ති වෙනවා සොනාල්ව කසාද බඳින්න. තමුන්ට ඕනි විදියට නටන්න ලැබෙන්නෙ නෑ අපෙන්………….”😡😡
අප්පච්චී කියාගෙන කියාගෙන ගිය විදියට මගේ හදගැස්මේ වේගයත් වැඩි වුනා.එයාලා මාව සොනාල්ට කසාද බන්දලා දෙන්න හැදුවත් මෙච්චර ඉක්මන් වෙයි කියලා හිතුවෙ නෑ.මං සංදීප්ට කොයි තරම් වැඳ වැටිලා කිව්වත් එයා මාව තේරුම් ගත්තෙම නෑ.එයා කියන්නෙ දෑවැද්දක් නැතුව මාව බාර ගන්න බෑ කියලා.
මට දැන් හොඳටම තේරෙනවා.සංදීප් ආදරේ කරලා තියෙන්නෙ මට නෙවෙයි මගෙන් ලැබෙන දෑවැද්දට.ඒත් මට බෑ සොනාල්ට ආදරේ කරන්න.සංදීප්ව අමතක කරත් මට බෑ සොනාල්ට ලං වෙන්න.වෙන හැම දෙයක් දිහාවම ඔහේ බලාගෙන මඩේ හිටවපු ඉන්නක් වගේ මං හිටියා.
“ඔයා ඔහොම සද්දෙ නැතුව හිටියා කියලා ඔයාට ඕනි දේවල් සිද්ද වෙන්නෑ දූ.අර සංදීප් කියන බේබද්දා ඔයාව රවට්ටනවා.ඔයාට මොලයක් කියලා දෙයක් නැද්ද ඒක තේරුම් ගන්න………….”😡😡
“අනේ අම්මා😭😭මං සංදීප්ව අමතක කරලා ඉන්නෙ.තවත් මට ඒ ගැන මතක කරන්න එපා.ඒත් මට බෑ අම්මා සොනාල්ව කසාද බඳින්න.මේ කසාදෙ නවත්තන්න අම්මෙ………….”😭😭
“විකාර කතා කරන්න එපා දූ.ඔයාට සොනාල් වගේ හොඳ මනුස්සයෙක් ආයෙ ලැබෙන්නෙ නෑ.හොඳ හිතින් මං මේ කියන්නෙ.මේ කසාදෙට කැමති වෙන්න.ළමයින්ට ඕනි විදියටම වැඩ කරලා බෑ………….”😡😡
“මෙච්චර කාලයක් වැඩ සිද්ද වුනේ අම්මටයි අප්පච්චිටයි ඕනි විදියටනෙ. ඔයාලට මගේ සතුට වටින්නෙ නැද්ද? ඇයි මං අකමැති දෙයක් බලෙන් කරන්න කියන්නෙ?මං සොනාල්ට කැමති නෑ අම්මෙ………….”😭😭
“මොකක්ද ඔයා සොනාල්ට අකමැති වෙන්න තියන හේතුව?………….”😡😡
“මගෙ හිතට සොනාල් ගැන ආදරයක් දැනෙන්නෙ නෑ අම්මෙ………….”😭😭
“එහෙනම් ඔයාගෙ හිතේ ආදරයක් දැනෙන්නෙ අර සංදීප් ගැනද?………..”😡
“අනේ අම්මා මට සංදීප්ව මතක් කරන්න එපා.ඌට ඕනි වුනේ මගේ දෑවැද්ද විතරයි.මං දැන් සංදීප් ගැන හිතන්නෙ නෑ………….”😭😭
“මේ අහන්න දුවේ ඔයාගෙ අප්පච්චිවත් මං කසාද් බඳිනකොට මගෙ හිතේ එයා ගැන ආදරයක් තිබ්බෙ නෑ.මාත් ඒ කාලෙ ඔයාගෙ ආච්චියි සීයයි ගාව ඇඬුවා මට ඔයාගෙ අප්පච්චිව කසාද බඳින්න බෑ කියලා.එයාලා මට මේ කසාදෙ කරල දුන්නෙ බලෙන්මයි. පස්සෙ කාලෙදි තමයි මට තේරුනේ එයාලා ගත්තෙ හරිම තීරණේ කියලා. ඔයාටත් පහු වෙනකොට තේරෙයි සොනාල් පුතා කොච්චර හොඳ මනුස්සයෙක්ද කියලා………….”
තව දුරටත් අම්මයි අප්පච්චියි එක්ක කතා කරලා තේරුමක් නෑ කියලා මට තේරුණා.මං සොනාල්ටත් කීප වතාවක්ම කිව්වා මං එයාට කැමති නෑ කියලා.
එහෙම කැමති නෑ කියලා, කියලා තියෙද්දිත් එයා ඒවා ඇහුවෙ නෑ. පුංචි කාලෙ ඉඳන්ම මං සොනාල්ව හොඳට අඳුරනවා.ඒත් සංදීප් මගේ ලෝකයෙන් ගියේ මගෙ හිත ආයෙ කවදාවත්ම හදා ගන්නවත් බැරි වෙන්නම කෑලි කෑලි වලට කඩලා දාලා. මට සොනාල්ට පුද කරන්න ආදරයක් ඉතුරු වෙලා නෑ.
කාලය ගෙවිලා ගියේ හිතා ගන්නවත් බැරි තරම් ඉක්මනින්.සොනාල්ගෙ ගෙදරිනුයි අපේ ගෙදරිනුයි විවාහයට දිනත් නියම කර ගත්තා.ඒත් මං හිටියේ මේ මැදි වෙලා කර කියා ගන්න දෙයක් නැතුවයි.දෛවය අනුව මට සොනාල්ගෙ බිරිඳ වෙන්න සිද්ද වෙන බව නම් මට මේ වෙනකොටත් දැනුනා.
විවාහයෙන් පස්සෙ අපි දෙන්නාට පදිංචි වෙන්න සිද්ද වෙන්නේ සොනාල්ට අයිති කොළඹ තියන එයාගෙ දෙමහල් නිවසෙයි.සොනාල්ගෙ ඔෆිස් එක තියෙන්නෙ කොළඹ නිසා අපිට එහෙ පදිංචි වෙන එක පහසුයි කියලා සොනාල් කිව්වෙ.ඒ හැමදේකටම හා කියලා ඔලුව වනපු එකයි මං කරේ. මගේ ජීවිතේ හැම දෙයක්ම සිද්ද වුනේ අනික් අයගේ කැමැත්තට මිසක් මගේ කැමැත්තට නෙවෙයි.
“අක්කෙ සොනාල් අයියා ඇවිත්………..”
මල්ලි කාමරේට ඇවිත් එහෙම කිව්වා. සොනාල්ව දකින එකත් මට වදයක් කියලයි හිතුනෙ.මං එලියට ගියා.මල්ලි සොනාල්ට තේ හදලා දීලා තිබුනා.
“සඳසි….වෙඩින් එකට තව දවස් හයයි තියෙන්නෙ.අපිට තාම හරියකට කතා කරගන්නවත් බැරි වුනානෙ………..”
මොනවා කතා කරන්නද?කියනවනම් කියන්න තියෙන්නෙ මේ කසාදෙ නවත්තන්න කියලා තමයි.ඒත් ඒක දැන් කොහොමටත් සිද්ද වෙන්නෑනෙ. හූල්ල හූල්ල ඉන්නවා ඇරෙන්න දැන් කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ.
“ඔයා දුක් වෙන්න එපා සඳසි.ටික කාලයක් යනකොට ඔයා මට අදරේ කරයි.මං ඔයාගෙ හිතට බලෙන් ඇතුලු වෙන්න උත්සහ කරන්නෑ.ඔයා හිමිහිට මං ගැන හිතන්න………….”
තව මොනවා හිතන්නද?මගෙ හිතේ සොනාල් ගැන වෛරයක් නෑ.ඒත් ආදරයක් දැනෙන්නෙත් නෑ.ඒකට මං මොනවා කරන්නද?සංදීප් මට මුලු පිරිමි සංහතියම ගැන කලකිරෙව්වා.
“කොළඹ ගෙයි හැම වැඩක්ම ඉවරයි. අපේ තාත්තා එහෙට මුරකාරයෙකුයි ගෙදර වැඩට ගෑණු කෙනෙකුයි ගෙනත් දාලා තියෙන්නෙ.මං වැඩට ගියාම ඔයාට පාලුවක් දැනෙන එකක් නෑ…………”
සොනාල් හැම දෙයක්ම තීරණය කරලා ඉවරයි.කිසිම කෙනෙක්ට මගේ කැමැත්ත ගැන වැඩක් නෑ.පැයක් විතර කතා කර කර හිටපු සොනාල් යන්න ගියා.මම සුසුමක් හෙලලා කාමරේට ආවා.
දින කිහිපයකට පසු👇👇👇
සොනාල්ගෙයි මගෙයි විවාහය කොළඹ තරුපහේ හෝටලේකදී පැවැත්වුනා. එකම දවසකින් විවාහයේ වැඩ කටයුතු ඉවර කරලා අපි වෙනත් හොටෙල් එකකට ආවා මධු සමයට.මගෙ හිත භීතියෙන් වෙලිලා ගියා.සීතලෙන් ඇලී ගිය මන්දාරම් සිරි පොද ඇදහැලෙන රාත්‍රියක ගිලුනු මේ රාත්‍රියේ මගේ හිතට නම් කිසිඳු සතුටක් ලැබුනේ නෑ.
“සඳසි………”
මං ගාවට ආපු සොනාල් මගේ කර වටේට අත් දෙක යවලා මගෙ උරහිසට හේත්තු වුනා.මං සොනාල්ගෙන් ඈත් වෙලා ටිකක් එහාට ගියා.එයා ටිකක් වෙලා මං දිහා බලාගෙන ඉඳලා සුසුමක් හෙලමින් ඈත කඳුවැටිය දෙස බලන් හිටියා.
“යමු නිදා ගන්න.දැන් ගොඩාක් රෑ වෙලා………….”
ජනේලය වහලා කර්ටන් ටික දාපු සොනාල් මාවත් ඉස්සර කරගෙන කාමරේට ආවා.සීට් එකත් අතට අරන් මං සොනාල් දිහා බැලුවා.සොනාල්ට දැනෙන්න ඇති මං ගැන.ඇඳේ තිබුනු කොට්ට දෙක ඈත් කරපු මං අනික් පැත්තට හැරිලා නිදා ගත්තා.සොනාල් මොකුත්ම කිව්වෙ නෑ.මට පුදුමත් හිතුණා සොනාල් ගැන.
මොකට මාව කසාද බැඳ ගත්තද මන්දා.එයාට මට වැඩිය හොඳ,එයාට ආදරේ කරන කෙනෙක් හොයා ගන්න පුලුවන් කම තියෙද්දීත් ඇයි මාවම කසාද බැඳ ගත්තෙ.පොඩි කාලෙ අපි එකට සෙල්ලම් කරලා තියනවා.ගොඩාක් ලඟින් ආශ්‍රය කරලා තියනවා.
ඒත් ඒ විදියට දැන් ලං වෙන්න බෑ.ආදරයක් දැනෙන්නෙ නැති තැන රාගයක් උපදින්නෙ කොහොමද?
අපි සොනාල්ගෙ කොළඹ තියන ගෙදරට ආවා.හිතුවටත් වඩා ඒ ගෙදර ගොඩාක් ලස්සනයි.ගෙයි මුරට හිටියෙ ජිනදාස කියලා වයසක මනුස්සයෙකුයි එයාගෙ නෝනා ලතා යි.එයාලා අපිව හොඳට පිළිගත්තා.මට අම්මයි අප්පච්චිවයි මල්ලිවයි මතක් වෙලා හිත දුකින් පිරීලා ගියා.
“වොශ් එකක් දාගෙන කෑම කන්න එන්න සඳසි.ලතා ඇන්ටි රසට කෑම උයනවලු………..”
“හෙට ඉඳන් මාත් උයන්නම්…………”
මං එහෙම කිව්වෙ බිරිඳකගෙ අතින් ඉටු වෙන්න ඕනි යුතුකම් කොටසක් තියන හින්දා.ඒ ගැන මට අම්මා කියලා දීලා තියනවා.මං සොනාල්ට ආදරේ නොකරත් එයා වෙනුවෙන් බිරිඳක් විදියට හැම යුතුකමක්ම ඉශ්ට කරන්න ඕනි.ඒත් මට කවදාවත් එයාගෙ අයිතිය දෙන්න බෑ.මේ හැම දෙයක්ම මං බෑ කියද්දියි සිද්ද වුනේ.
“හා.අද ලතා ඇන්ටි උයපු කෑම කමු………..”
ලතා නැන්දගෙ කෑම වේල ගොඩාක් රසට තිබුණා.සොනාල් ලබන සතියෙ ඉදන් ඔෆිස් යනවා කියලා කිව්වා.ඒක වත් අහන්න මට උවමනාවක් තිබුනෙ නෑ.
“ඔයාට ඕනි වෙලාවකට මේ පැත්තෙ ඇවිදලා බලන්න.තනියම යන්න එපා. ලතා ඇන්ටිත් එක්ක යන්න……….”
මං ඒකට හා කියලා ඔලුව වැනුවා විතරයි.
දින කිහිපයක් ගෙවිලා ගියා.සොනාල් හෙට ඉදන් වැඩට යනවා.මං හෝදන්න තියන රෙදි ටික වොශින් මැෂින් එකට දාලා මිදුල අතුගාලා දැම්මා.සොනාල් හිටියෙ ෆෝන් එකෙන් කාත් එක්කදෝ කතා කර කර.එයා හිටියෙ බරපතල සාකච්චාවක වගේ.මං ඒ ගැන හොයන්න ගියේ නෑ.මට මොකද එයා මොකා එක්ක කතා කරත්.
මතු සම්බන්දයි