ඇත්තටම ඊයෙ තමුසෙට මොකද වුනේ?මං හිතුවෙ කාලි මෑණියො වැහුනා කියලා…………”😁😆

“ඔයා මාව පැත්තකට ඇදලා ගත්තනෙ ශිවන්ත අයියෙ.නැත්නම් මං ඔය ගෑනිගෙ අණ්ඩක් කඩලයි පස්ස බලන්නෙ………….”

“මගෙ නෝනා හරිම නපුරු වෙලානෙ දැන්………….”

“එහෙම තමයි ඉන්න ඕනි.මට නම් ඊයෙ පුදුමත් හිතුණා ඔයා ඉවසපු හැටියට.අප්පච්චි ඔයාට මොන තරම් බැන්නද?…………..”

“ඇත්තටම නමට හරි එයා මගෙ මාමණ්ඩියා නිසායි ඉවසුවෙ.තමුසෙ හින්දයි මං සද්දෙ නැතුව හිටියෙ. නැත්නම් අලහප්පෙරුම කාරයට යන්න වෙන්නෙ ගෙදරට නෙවෙයි කනත්තට…………..”😠😠

“කලබල වෙන්න එපා ශිවන්ත අයියෙ. මට බයයි එයාලා ඔයාව මගෙන් වෙන් කරන්න හදයි කියලා…………”

“මෝඩියෙ,එයාලට බෑ තමුසෙව මගෙන් උදුර ගන්න.බය නැතුව ඉන්නවා.හොඳ වෙලාවට අම්මා ඊයෙ පුංචිලාගෙ ගෙදර ගිහින් හිටියෙ…………..”

“ඒක නම් ඇත්ත තමයි…………..”

“මේ ඒක නෙවෙයි.කියන්නත් බැරි වුනා තමුසෙට.හෙට මට හදිස්සියෙන්ම ගාල්ලෙ යන්න වෙලා තියනවා.දවස් දෙකකින් තමයි ආපහු ගෙදර එන්නෙ…………”

“දැන්ද ඒකත් කියන්නෙ?😠තව ටිකක් රෑ වෙලා කියන්න තිබ්බෙ.ඇයි ගාල්ලෙ යන්නෙ?…………”😠😠

මං ඇහුවෙ ටිකක් තරහින්.හෙට යන්න තියන ගමන මූ මට කියන්නෙ අද රෑ.

“දවස් ගානක ඉඳන් ප්ලෑන් කරපු ගමනක් නෙවෙයි ඊරියෙ.පෙරේදා තමයි තීරණේ කරේ.ඊයෙ කියන්න බැරි වුනානෙ වෙච්චි දේත් එක්ක.බිස්නස් වැඩකට යන්නෙ.ගාල්ලෙ තියන කම්පැනි එකේ පොඩි පොඩි වැඩ වගයක් තියනවා.මීටින්ස් වගේකුත් තියනවා………….”

“හ්ම්ම්…………”

“මොකෝ හ්ම්ම් විතරක්?තරහද මාත් එක්ක?නැත්නම් මං නැතුව පාලුයි වගේද?…………”

මගේ කණ ලගටම ලං වෙලා ශිවන්ත රහසින් වගේ මගෙන් එහෙම ඇහුවා. කොච්චර නපුරු කම් කරත් මේ නපුරා නැතුව මට ගොඩාක් පාලු හිතෙයි. එයාගෙ පැත්තට හැරිලා තුරුල් වෙලා ඇඟ උඩින් කකුලකුත් දාගෙන අනික් අතින් එයාගෙ පපුව පිරි මැද්දා.

“ගොඩාක් පාලු හිතෙයි නපුරෝ………..”

“හරි මැණික ඉතිං.දවස් දෙකයිනෙ.ඊට පස්සෙ මේ අහිංසකයා ඔයා ගාවනෙ…………”😆😁

“අහිංසක😱😱හොඳ අහිංසකායා.ඔයා අහිංසක නෑ නපුරුයි කොටියෙක් වගේ………….”

“හරි ඉතිං.දැන් නිදා ගම්මුකො.හෙට උදෙන්ම මට යන්නත් තියනවා…………”


“ඔයා ගියාට පස්සෙ මට කෝල් එකක් දෙන්න අයියෙ.මං බලාගෙන ඉන්නවා…………”

“හරි මං කෝල් එකක් දෙන්නම්.අම්මත් ඉන්නවනෙ.තමුසෙ බය නැතුව ඉන්නවා.මං අනිද්දා රෑ වෙනකොට බැරි වුනොත් ඊට පහුවදා උදෙන්ම එනවා………….”

උදෙන්ම ලෑස්ති වෙලා ශිවන්ත ගාල්ලෙ යන්න පිටත් වුනා.මට නම් හරිම පාලුවක් දැනෙනවා.ඒ උණුසුම නැතුව දවස් දෙකක් කොහොම ඉන්නද මන්දා. ශිවන්ත ගියාට පස්සෙ මට ලොකූ පාලුවක් දැනුනා.මං බැල්කනියට වෙලා පොතක් කියව කියව හිටියා.ෆෝන් එකට කෝල් එකක් ආපු හින්දා පොත පැත්තකින් තියලා ගියා කාගෙන්ද කෝල් එක කියලා බලන්න.

“හෙලෝ………..”📲

“ජාන්වි මං අරුණි………….”📲

“අනේ අරුණි මං ඔයාට කෝල් එකක් දෙන්නමයි හිටියෙ.කොහොමද මගෙයි ඔයාගෙයි ඕලෙවල් රිසාල්ට්?…………”📲

“සුබ පැතුම් මගෙන්.උඹයි මමයි දෙන්නම පාස්.මං ඒලෙවල් කරනවා බං.උඹත් වරෙන් මේ ස්කූල් එකටම ඒලෙවල් කරන්න…………”📲

දැන් ඉතිං ආපහු මට ස්කෝලෙ යන්න බෑනෙ.ඒ හින්දා ඕලෙවල් පාස් කියලා සතුටක් දැනුනෙ නෑ.

“මගේ සුබ පැතුම් අරුණි.උඹ හොඳට ඉගනගෙන ඒලෙවලුත් ගොඩ දා ගනිං. මට ආපහු ස්කෝලෙ යන්න බෑ බං.මං මැරි කරා…………”📲

“මොකක්😱උඹ මැරි කරා?අපි දන්නෙවත් නෑනෙ බං.අපිට වෙඩින් කිව්වෙත් නෑනෙ.කාවද උඹ මැරි කරේ?………..”📲

“උඹ එයාව දන්නවා අරුණි………..”📲

“කව්ද ඒ?………..”🤔📲

“ශිවන්ත ජයෂාන් ජයවර්ධන………..”📲

“මොකක්??අර බිස්නස්මන් නේද?උඹලගෙ තාත්තා එයාට නේද බාර දීලා තිබ්බෙ උඹව හොයන්න………..”📲

“ඔව් අරුණි.ශිවන්ත අයියා තමයි මාව බේර ගත්තෙ.ඒක දිග කතාවක්.මං උඹට පස්සෙ කියන්නම්.මං තියනවා බායි…………”📲

දුරකථනය විසන්ධි කරපු මං බැල්කනියට වෙලා දුර ඈත පේන කඳු වැටිය දිහා බලාගෙන හිටියා.හිතට මොකක්දෝ මන්දා අමුතු නොවැටහෙන බියක් වගේ හැඟීමක් ඇතුල් වුනා. වෙනදා සතුටින් ගෙවන අද දවසම මං ගෙව්වේ පාලුවෙන් කාන්සියෙන් කම්මැලිකමෙන්.රෑට කන්නෙම නැතුව මං නිදා ගත්තා.ශිවන්තගෙ අම්මා මට කන්න කියලා බල කරත් මං කෑවෙ නෑ. වතුර වීදුරුවක් බීලා කාමරේටඇවිත් ඇඳට වැටුනා.මට ශිවන්තව මතක් වුනා.ඇඳට ආවත් නින්ද අහලකටවත් ආවෙ නෑ.ඇඳේ ඒ මේ අත පෙරලි පෙරලි හිටියා.අනේ මේ වෙලාවට ශිවන්ත ළඟ හිටියා නම්.අනේ ඒ කටහඬවත් අහන්න තිබුනා නම්.එහෙම හිතපු මං ෆෝන් එක අරගෙන ශිවන්තට කෝල් එකක් ගත්තා.රින්ස් ගියත් එයා ෆෝන් එක ආන්සර් කරේ නෑ.දෙතුන් වතාවක්ම ගත්තා ඒත් වැඩක් නෑ. අන්තිම පාරට එක සැරයක් ගත්තා.ඒ පාර නම් ආන්සර් කරා.

“හෙලෝ ශිවන්ත අයියෙ ඔයා කොහෙද ඉන්නෙ?ඇයි ෆෝන් එක ආන්සර් නොකරෙ?………..”📲

“කව්ද ඔයා?ශිවන්තගෙ වයිෆ්ද?………..”📲

කතා කරේ ශිවන්ත නෙවෙයි.වෙන කව්ද මන්දා ගෑණු කෙනෙක්.මට බියකුත් දැනුනා.මේ මහ රෑ වෙලා ශිවන්ත ගෑණු කෙනෙක් එක්ක මොකද කරන්නෙ?🤔

“මං එයාගෙ වයිෆ්.කරුණාකරලා ශිවන්තට ෆෝන් එක දෙන්න………..”📲

“ඩාලිං ඔයාගෙ නෝනා කතා කරනවා.බලන්නකො අනේ අපි දෙන්නට එන්ජෝයි කරන්නවත් දෙන්නෑ එයා.මහ කරදරයක් අනේ එයා…………”📲

දෙයියනේ මොනවද මේ සිද්ද වෙන්නෙ? ඒ ගෑණි ඩාලිං කියලා කතා කරේ මගෙ ශිවන්තට නේද?දෙයියනේ ශිවන්ත මට බොරු කිව්වද ගාල්ලෙ යනවා කියලා. නෑ නෑ…..ශිවන්ත මට බොරු කියන්නෙ නෑ.ඒත් මේ මහ රෑ වෙලා ශිවන්ත මොනවද මේ ගෑණිත් එක්ක කරන්නෙ? එයා මේ වෙලාවෙ ඉන්න ඕනි හොටෙල් එකේනෙ.

“කරුණාකරලා ශිවන්තට ෆෝන් එක දෙන්න.උඹ මොනවද මේ මහ රෑ වෙලා මගෙ මිනිහාත් එක්ක කරන්නෙ?………..”😡📲

“මේ…..මේ මිසිස් ජාන්වී…..ශිවන්තව මං දන්නෙ තමුසෙ එයාව මැරි කරන්නත් කලින් ඉඳලයි.ශිවන්ත අයිති මට.එයා දැන් ඉන්නෙ මාත් එක්ක.අපිට ඩිස්ටප් කරන්න එපා…………..”📲

එහෙම කියලා ඒ ගෑණි ෆෝන් එක පැත්තකින් තිබ්බා කියලා මට දැනුනා. ඒත් කෝල් එක කට් කරේ නෑ.මං අහන් හිටියා මොනවද කියන්නෙ කියලා. හයියෙන් හුස්ම ගන්නවා වගේ සද්දෙකුත් ඇහුනා.තව පිරිමි කටහඬකුත් ඇහුනා.අනේ දෙවියනේ ඇත්තටම ශිවන්ත ඉන්නෙ මේ ගෑණිත් එක්කමද?😢😢

කෝල් එක කට් කරලා මං කල්පනා කරේ මොනවද මේ සිද්ද වෙන්නෙ කියලා.ශිවන්ත එහෙම කෙනෙක් නෙවෙයි කියලා මට හොඳටම විශ්වාසයි.එයා කවදාවත් මට ද්‍රෝහි වෙන විදියෙ වැඩක් කරන්නෙ නෑ.ඒත් ඒ කව්ද ගෑණි?ඒ ගෑණි මොකටද ශිවන්ත ගාවට ආවෙ?මේකත් ශිවන්ත මගෙන් වෙන් කරන්න අප්පච්චියි කුඩම්මයි ගහපු ප්ලෑන් එකක්ද?හොඳයි බලමුකො කොයි වෙලේ හරි ශිවන්ත ගෙදර එයිනෙ.😠😠

එදා රෑ මට හරිකයකට නින්ද ගියේම නෑ.විටින් විට එක එක භයානක හීන පෙනිලා ගැස්සිලා ඇහැරුනා.පාන්දර ටිකක් විතර නින්දත් ගියා.පහුවදා උදේ නවයට විතර ශිවන්ත කෝල් කරා.ඒත් මං ඊයෙ රෑ සිද්ද වෙච්චි දේ එයාගෙන් ඇහුවෙ නෑ.ගෙදර ආවම අහන්න ඕනි. කිසිම වෙනසක් නොපෙන්වාම ශිවන්ත මාත් එක්ක කතා කරා.අනේ මන්දා මට නම් මේ මොකුත්ම හිතා ගන්න බෑ. මගෙ හිත කිව්වෙම මේක කුඩම්මගෙයි අප්පච්චිගෙයි ප්ලෑන් එකක් කියලා.

දවස් දෙකක් ගෙව්නා.අද රෑට බැරි වුනොත් හෙට උදෙන්ම ශිවන්ත ගෙදර එයි.එයා ආවම මේකෙ ඇත්ත නැත්ත දැන ගන්න ඕනි.

“නෝනා මේ නෝනාට ලියුමක් ඇවිත්………..”

නිවසේ මෙහෙකාරිය මගෙ නමට ඇවිත් තිබුනු ලියුමක් දීලා ගියා.කව්ද මට ලියුම් එවන්නෙ🤔කවදාවත් මගේ නමට මේ ගෙදරට ලියුමක් ඇවිත් නෑනෙ.ලියුමක් කියලා හිතුවත් ඒ ලියුම් කවරෙ ටිකක් බරට දැනුනා.මං ඉක්මනට ඒක කඩලා බැලුවා.ඒකෙ තිබුනෙ ෆොටෝස් වගයක්.

දෙයියනේ😱😱මේ ඉන්නෙ ශිවන්ත නේද?ඒ ෆොටෝස් ටික දැකපු මගෙ ඔලුව මැද්දට අකුණක් වැදුනා වගේ දැනුනා.එකක් නෑරම මං හොඳින් බැලුවා.මට වැරදුනේ නෑ.ඒ ෆොටෝස් වල හිටියෙ ශිවන්තයි තව ගෑණු කෙනෙකුයි.අනේ දෙයියනේ😭😭මේ මොනවද සිද්ද වෙන්නෙ?ශිවන්තයි ඒ ගෑණියි එකට තුරුල් වෙලා ඒ මදිවට ඇඟේ එක නූල් පොටක්වත් නෑ.😭😭

ඒ කියන්නෙ මේ ගෑණි තමයි මට එදා මට කෝල් කරේ.ශිවන්තට මොකක්ද මේ ගෑණිත් එක්ක තියන සම්බන්දෙ.ඒ ෆොටෝස් ටික අතේ තියන මං හොඳටම ඇඬුවා.මං හිතුවෙ නෑ ශිවන්ත මට මෙහෙම කරයි කියලා.මං අඬන සද්දෙ ඇහිලා අම්මත් කාමරේට ආවා.

“මොකෝ දුවේ මේ අඬන්නෙ?මොකද වුනේ?………….”

මොකුත් නොකියා මං ඒ පින්තූර ටික අම්මගෙ අතට දුන්නා.

“අපොයි දෙයියනේ පුතා නේද මේ ඉන්නෙ?කව්ද මේ ගෑණි?ඔයාට කව්ද දුවේ මේ ටික දුන්නෙ?………..”

“තැපෑලෙන් කවුරු හරි මගෙ නමට එවලා තියෙන්නෙ අම්මෙ…………”😭😭

එදා ඒ ගෑණි කෝල් කරපු එකයි අප්පච්චියි කුඩම්මයි මෙහෙ ඇවිත් වෙච්චි සිද්දියයි මං ශිවන්තගේ අම්මට කිව්වා.අම්මත් හිටියෙ ශිවන්ත ගැන කේන්තියෙන්.

“ශික්…..මොන ලැජ්ජ නැති එකෙක්ද? කිසිම ලැජ්ජාවක් බයක් නැතුව කොහෙවත් යන ගෑණියෙක් එක්ක මෙහෙම ඉන්නෙ මූට ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද?මගේ එකෙක් ලැජ්ජයි මට මූව………..”😡😡

“අම්මෙ මට බයයි ශිවන්ත ගැන. මේකත් කුඩම්මගෙයි අප්පච්චිගෙයි ප්ලෑන් එකක්ද දන්නෑ.මේ ෆොටෝස් ටික අපි ධනුක අයියට පෙන්නලා බලමුද එඩිට් කරපුවද කියලා…………”😭😭

“හොඳයි ඔයා ධනුක පුතාට කතා කරලා කියන්නකෝ.මූ අපේ නම්බුව කනවා එක එක ජරා ගෑණුත් එක්ක ඉඳලා………….”😡😡

ශිවන්තගෙ යාලුවා ධනුකට ෆොටෝග්‍රැෆික් ගැන හොඳ දැනීමක් තියනවා.මං ධනුකට කෝල් කරලා ඒ ෆොටෝස් ටික යැව්වා.විනාඩි විස්සකින් විතර ධනුක ආපහු කෝල් කරා.

“අනේ ධනුක අයියෙ ඒ ෆොටෝස් එඩිට් කරපුවා නේද?අනේ මට නම් බයයි ශිවන්ත ගැන………..”😢📲

“නංගි…..ඒ ෆොටෝස් එඩිට් කරපුවා නෙවෙයි.ඒවයෙ ඉන්නෙ ශිවන්තම තමයි.ඒත් මට නම් මූ ගැන හිතා ගන්න බෑ.ශිවන්ත කව්දාවත් එහෙම කෙනෙක් නෙවෙයි නංගි.ඌ ගැන මං පුංචි කාලෙ ඉදන්ම දන්නවා.ඒත් ඉස්සෙලාම හොයා ගන්න වෙනවා ශිවන්තත් එක්ක ඉන්න මේ ගෑණි කව්ද කියලා.මට දැනුත් ශිවන්තයා කෝල් කරා.දැන් ඌ ගෙදර එන ගම්න්ලු ඉන්නෙ…………”📲

“ඔයා මේ ෆොටෝස් ගැන කිව්වද අයියෙ ශිවන්තට?…………”📲

“මං කිව්වෙ නෑ නංගි.ඔයා ඌ ආවම කතා කරලා බලන්න…………..”📲

“හා අයියෙ…………”📲

ඒ ෆොටෝස් එඩිට් කරපුවා නෙවෙයි නම් දෙයියනේ ශිවන්ත ඇයි මෙහෙම කරන්නෙ?මං කවදාවත් එයාට මගෙන් කිසිම අඩුවක් කරලා නෑ.තවත් ගෑණියෙක් ලගට යන්න තරම් ඇයි ශිවන්ත මේ තරම් පහත් තත්වෙට වැටුනේ.මං ශිවන්තව මොන තරම් විශ්වාස කරාද?ඇයි එයා මට මෙහෙම කරන්නෙ?දැන් ඇවිත් රටේ නැති බොරු කියයි.

රෑ හත විතර වෙනකොට ශිවන්ත ගෙදර ආවා.අම්මා නම් කලින්ම මට කිව්වා කෑ ගහලා ගහ මරාගන්නෙ නැතුව හොඳින් මේ ප්‍රශ්නෙ විසඳගන්න කියලා.වොශ් එකක් දා ගන්න ඕනි කියලා ශිවන්ත බාතෲම් එකට ගියා. මගෙ හිත නම් තිබුනෙ තරහින් පිරිලා. දැන් මෙතන සුද්දවන්තයා වගේ රඟපානවා.වේ## ගෑනියෙක් එක්ක නිදි වැදලා.

“මොකෝ තමුසෙ නිකන් දාහට අරන් සීයට දීලා වගේ?………..”

“මොකුත් නෑ…………”😡😡

කොට කලිසමකුත් ඇඳගෙන ඔලුව පිහදදා ශිවන්ත මං ගාවට අමුතු බැල්මකුත් දාගෙන.වෙනදා වගේ එයාගෙ ඒ බැල්ම ඉස්සරහ මං ලැජ්ජා වුනේ නෑ.මගෙ හිත පුරාම පැතිරී ගියේ ශිවන්ත අර ගෑණිත් එක්ක හිටපු හැටි මතක් වෙලායි.

“මොකෝ මේ තරහින් වගේ?මං දවස් දෙකයිනෙ ලඟ හිටියෙ නැත්තෙ……….”

එහෙම කියපු ශිවන්ත හැදුවෙ මාව එයා ගාවට ඇදලා තුරුලට ගන්න.මං එයාගෙ කපටිකම් වලට මායම් වලට අහු වුනේ නෑ.අත දිගෑරලා හොඳ කම්මුක් පාරක් දුන්නා.ඒ පාරට ශිවන්තව ඇඳටම වැටුනා.ලාච්චුවේ තිබුනු ෆොටෝස් ටික අරන් මං ශිවන්ත ගාවට විසික් කරා.ෆොටෝස් ටික අතට අරගෙන එයා මං දිහා බැලුවෙ කෝපයෙන් වියරු වැටුනු කොටියෙක් වගේ.මුලු මූණම තරහින් වෛරයෙන් දිලිසෙනවා.ඇඟිලි පහම කම්මුලේ හිටලා රතු වෙලා.දත් මිටි කාගෙන මං ගාවට කිට්ටු වෙච්චි ශිවන්ත මගේ හිසකෙස් අතරින් ඇගිලි යවලා තද කරලා අල්ල ගත්තා.

“පට්ට වේ## තොට කොහෙන්ද යකෝ හයියක් මට අත උස්සන්න?කියපිය පර බැල්ලි.මං කවුරු කියලද උඹ හිතාගෙන ඉන්නෙ?තොට අද මං…………”😡😡

එහෙම කියපු ශිවන්ත මගෙ කොණ්ඩෙන් අල්ලලා ඇදගෙන මගෙ කම්මුලට ගහගෙන ගහගෙන ගියා.

“අතෑරපං මාව.උඹට ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද මිනිහො.වැරැද්ද උඹේ අතේ තියාගෙනත් මට ගහන්නෙ?දවස් දෙකක් හොර ගෑණියෙක් තියාගෙන ඉඳලා ඇති වුනාට පස්සෙද ගෙදර ගෑණිව හොයාගෙන ආවෙ?මං හිතුවෙ නෑ ශිවන්ත අයියෙ තමුසෙ මේ වගේ ජරා මිනිහෙක් කියලා.මං හිතුවෙ තමුසෙ ඇත්තටම ඔෆිස් එකේ බිස්නස් වැඩකට ගියේ කියලා. මට බොරු කියලා වේ## ගෑනියෙක් එක්ක අවලමේ ගිහිල්ලා.ලැජ්ජ නැතුව ඉන්න හැටි ඒ වේ## එක්ක.තමුසෙට හෙන ගහලත් මදි මේ කරන අවලං වැඩ වලට.ඔය ජරා අත් දෙකෙන් මීට පස්සෙ මගෙ ඇඟටවත් අත තියන්න එපා………….”😡😡

තරහින් කෝපයෙන් මං එහෙම කියද්දී ශිවන්ත මං දිහා බලාගෙන හිටියෙ ඇස් ලොකු කරගෙන පුදුමයෙන් වගේ.එයා හිතන්න නැතුව ඇති මං මෙහෙම කතා කරයි කියලා.ෆොටෝස් ටික විසික් කරලා මං ගාවට ආවෙ අත මිට මොලෝගෙනයි.මගෙ හදගැස්මත් වැඩි වුනා.බිය වැඩි කමට මගෙ පපුවත් ගැහෙන්න වුනා.

“උඹේ ඇඟට අත තියන්න මට උඹෙන් අවසරයක් ගන්න ඕන්නෑ යකෝ. හිටපිය පට්ට වේ## අද මං උඹව ඉතුරු කරන්නෑ බැල්ලි………….”😡😡

“අනේ ගහන්න එපා ශිවන්ත අයියෙ. රිදෙනවා අනේ.ආ….ව් එපා.අනේ අම්මේ අනේ මාව බේර ගන්න අම්මේ………..”😭😭

බොහොම අමාරුවෙන් මං කාමරේ දොර ඇර ගත්තා.ශිවන්තගේ අම්මා කාමරේ දොර ගාව.

“උඹ ගෙදර එනකල් තමයි මාත් බලාගෙන හිටියෙ පුතේ.බිස්නස් වැඩකට යනවා කියලා බොරු කියලා අවලං ගෑණියෙක් එක්ක රවුම් ගහලා දැන් ඒ වැරදි පෙන්නලා දෙන්න ආවම ගෙදර ගෑණිටත් අත උස්සන්න ආවද? උඹේ කෙරුවාවල් පින්තූරත් පිටින් අපිට ලැබුනා………..”😡😡

“මේ අම්මෙ කරුණාකරලා මේ ප්‍රශ්නෙට අත දාන්නැතුව ඉන්නවද?මෙතන සිද්ද වෙච්චි දේ ඔයාලා දන්නෙ නෑනෙ.කිසිම දෙයක් නොදැන මගේ පිටට වැරැද්ද පටවන්න ලෑස්ති වෙන්න එපා……….”😡😡

“උඹ තව මොනවා කියන්න්ද පුතේ. ඇත්ත කියපන් මොකක්ද උඹට මේ ගෑණිත් එක්ක තියන සම්බන්දෙ?……….”😡😡

“මෙයාගෙන් තව මොනවා අහන්නද අම්මෙ?සාක්කිත් එක්කම ඔප්පු වෙලානෙ තියෙන්නෙ මේ මෙයාගෙ හොර ගෑණි කියලා………..”

“මොකක්ද යකෝ තෝ කිව්වෙ?තෝ හිතුවද මාත් තොගෙ මහ එකා වගේ කියලා.හිතිච්ච හිතිච්ච වෙලාවට ගෑණු මාරු කරන්න?……….”😡😡

මතු සම්බන්දයි