ශිවන්තගේ අම්මා මට ලස්සනට සාරිය ඇන්දෙව්වා.හිතාගන්නවත් බැරි තරමට මට ඒ සාරිය ලස්සනට තිබුනා.

“ඇස් වහක් කටවහක් නෑ දුවේ.ඔයා මේ සාරියට ගොඩාක් ලස්සනයි…………”

සාරියත් ඇඳගෙන මං කාමරේට ආවා. ශිවන්තත් ලෑස්ති වෙලා ඉවරයි.අම්මෝ මගෙ කුමාරයගෙ ලස්සන.😱😘කලු කලිසමටයි කෝට් එකටයි එයා හිතා ගන්නවත් බැරි තරම් ලස්සනයි.

“දැන් ඇතිද මැඩම් මගෙ හැඩ බැලුවා. කොහොමද කොල්ලා හැන්ඩ්සම් නේද?………….”😀😀

“අම්මෝ ඔව් ඔව්.මගෙ මහත්තයා ගොඩාක් ලස්සනයි.ඔහොම ඇඳගෙන අහල පහල කෙල්ලන්ට එහෙම පේන්න යන්න…………”

“හිතේ පුංචි ඉරිසියාවකුත් තියනවා එහෙනම්?………….”

“නැතුව?කිසිම ගෑණියෙක් කැමති නෑ තමන්ගෙ මිනිහා දිහා වෙන කෙල්ලො බලනවට………….”

“මට වෙන කෙල්ලො ඕන්නෑ.මැණික මං ගාව ඉන්නවනේ.යමු පල්ලෙහාට දෑ නැකතටත් වෙලාව හරි…………”

ශිවන්ත මගෙ අතිනුත් අල්ලගෙන පල්ලෙහාට ආවා.අම්මයි ශිවන්තගෙ යාලුවො හතර දෙනෙකුයි රෙජිස්ටාරුයි ඇවිත් හිටියා.හැමෝගෙම ඇස් යොමු වෙලා තිබුනෙ අපි දිහාවට.මට නම් ඉතිං ලැජ්ජයිත් එක්ක.නැකතට මායි ශිවන්තයි නීතියෙනුත් බැඳුනා.අම්මා අපිට ආශිර්වාද කරා.අම්මගෙ ඇස් වල සතුටු කඳුලු.

“අනේ අම්මෙ අඬන්න එපා.පුතාව බලා ගන්න මං ඉන්නවනේ…………”

“මං හිතුවෙ මං නැති දවසක මගෙ පුතා තනි වෙයි කියලා.දැන් නම් මට සැනසීමෙ ඇස් පියා ගන්න පුලුවන්.දුව ඉන්නවනෙ මගෙ පුතාව බලා ගන්න………….”😢😢

“අනේ අම්මෙ එහෙම කියන්න එපා. අම්මා අපේ ආයුෂත් අරගෙන ජීවත් වෙන්න ඕනි………….”

“ඔන්න මචං දෙන්නටම අපේ සුභ පැතුම්…………”🤝🤝

ශිවන්තගෙ යාලුවො හතර දෙනාත් අපිට සුභ පැතුවා.නිවසෙ තිබුනු බෝජන සංග්‍රයටත් සහභාගී වුනු එයාලා දවල් එක විතර වෙද්දී ගියා. ශිවන්ත නම් හිටියේ ටිකක් වෙරිමතින්. වැඩිය ඩ්‍රින්ක් අරගෙන නෑ වගේ.

“ජාන්වී……….”

“ඇයි?…………”

“මොකෝ මේ මූණ එල්ලගෙන?ලාවට වගේ චුට්ටක් ගත්තට මට කෙලින් ඉන්න පුලුවන්………..”

ශිවන්ත හිතුවේ එයා ඩ්‍රින්ක්ස් ගත්තට මං තරහින් ඉන්නෙ කියලා.

“ඒ ඔයාට පේන හැටි.මං මූණ එල්ලගෙන නෑ අනේ.බිව්වට පස්සෙ විකාර පේනවා වගේ………..”

“පොඩ්ඩක් ඔහොම ඉන්නවකෝ සද්දෙ නැතුව.කෑ ගහන්නැතුව මේක අහගෙන ඉන්නවා………..”

එහෙම කියපු ශිවන්ත එයාගෙ ෆෝන් එකෙන් කාටදෝ මන්දා කෝල් එකක් අරන් ස්පීකර් ඔන් කරා.🔉

“හෙලෝ මිස්ටර් අලහප්පෙරුම මං ශිවන්ත………..”📲

දෙය්යනේ ශිවන්ත අප්පච්චිට කෝල් කරන්නෙ අපි කසාද බැඳපු බව කියන්නද?අනේ මට නම් බයයි වගේ.

“ආ මිස්ටර් ශිවන්ත කියන්න.මගේ දුව ගැන ආරංචියක් ආවද?………..”📲

“නෑ මිස්ට අලහප්පෙරුම.මං මේ පොඩි ආරාධනාවක් කරන්න කතා කරේ.අද රෑට වයිෆ් එක්ක අපේ ගෙදර ඩිනර් එකට එන්න ඕනි…………”📲

“ආ……මොකක්ද විශේෂත්වය?………..”📲

අප්පච්චිගෙ කටහඬින්ම මට තේරෙනවා එයාට මං නැති එක ගැන නම් කිසිම ගානක් නෑ කියලා.මාව හොයන්නෙ අම්මගෙ දේපළ ටික කොල්ල කන්න.

“මං අද මැරි කරා මිස්ටර් අලහප්පෙරුම.වෙඩින් එකක් නම් ගත්තෙ නෑ.පොඩියට පාර්ටියක් ගත්තා…………”📲

“ශා…..කව්ද ඒ වාසනාවන්තිය මිස්ටර් ශිවන්ත?………..”📲

“අද රෑට මං අඳුන්වලා දෙන්නම්කො. දෙන්නම අනිවාර්‍යෙන්ම එන්න ඕනි…………”📲

“ඕකේ මිස්ටර් ශිවන්ත………..”📲

ෆෝන් එක ඕෆ් කරපු ශිවන්ත මං දිහා බැලුවා.එයා හදන්නෙ අප්පච්චිට හැම දෙයක්ම කියන්න.අනේ අප්පච්චි මොනවා කියයිද දන්නෑ.

“අනේ මට බයයි ශිවන්ත අයියෙ.ඔයා ඇයි අප්පච්චිටයි කුඩම්මයි මෙහෙ එන්න කිව්වෙ?එයාලා ඇවිත් මොනවා කරයිද දන්නෑ…………”😢😢

“පිස්සියෙ,බොරුවට බය වෙන්න එපා. එයාලට දැන් මොකවත්ම කරන්න බෑ. තමුසෙව දැන් නීත්‍යානුකූලවවම අයිති මට.නැතුව අප්පච්චිට නෙවෙයි…………”

“අප්පච්චි ඔයාටයි මටයි බැන්නොත්?………….”

“බැන්නොත් මාත් බනිනවා.විකාර කියවන්නෙ නැතුව ඉන්නවා පිස්සි.තාම රෑ වුනේ නෑනෙ.එයාලා ආවම බලමුකො………….”

“මං නාගෙන එන්නම්.උදේ ඉඳන්ම සාරිය ඇඳගෙන ඉඳලව එපා වෙලා වගේ දාඩියයි………..”

සාරිය ගලවලා ටවල් එක ගත දවටා ගත්තු මං බාතෲම් එකට යන්න හැදුවා.

“ඔහොම ඉන්නවා මටත් වොශ් එකක් දා ගන්න ඕනි………..”

මං රවලා බැලුවා ශිවන්ත දිහා.මූත් එක්ක වොශ් දාන්න ගියොත් වරුවක් විතර යයි.

“මොකෝ මැඩම් රවන්නෙ ආ?මැරි කරලා දවසක් ගියේ නෑ මට රවන්නත් පටන් ගත්තද?ඔය සුදු මූණ කැත කරගන්න තමයි ඔය හදන්නෙ. මිරිකනවා…………”

“මිරිකයි ගස් හිවලා………….”😆😂

“මොකක්ද කිව්වෙ?කියන දෙයක් ඇහෙන්න කියනවා………….”

අපොයි හොඳ වෙලාවට මූට ඒක ඇහිලා නෑ.ඇහුනා නම් එහෙම මෙතන හොඳ වන්නමක් නටයි මගෙ නපුරා.😁😆😄

“ඉස්සෙල්ලා ඔයා නාලා ඉන්න ශිවන්ත අයියෙ.මට නම් සීතලයි වගේ.මං උණු වතුරෙන් නාන්නම්………….”

දෙවුර හකුලුවා ගනිමින් මං එහෙම කිව්වා.

“මෙන්න මෙහෙ එනවා ඕයි තමුසෙගෙ තියන කුණු කම්මැලිකම.නාන්නෙත් බාගෙට.මලපෙරේති වගේ ඉන්නවා………….”

“අනේ මේ බොරු කියන්න එපා ශිවන්ත අයියෙ.මං හොඳට නානවා.ඔයා හොඳට නා ගන්න අරක්කු ගඳයි ළඟ…………”

“ඉතිං එනවා මෙහාට…………”

මාව ඇදලා ලඟට ගත්තු ශිවන්ත මගෙ ටවල් එක ගලෝලා පැත්තකට දාලා ශවර් එක ඇරියා.මූට නම් කිසිම ලැජ්ජාවක් නෑනෙ අම්මපා🤭😁ආයෙ නම් මේකා ගෙදර නැති වෙලාවට නානවා.සීතල වතුර ඇඟට වැටෙද්දී නම් ඉවසන්න බෑ සීතලයි. හෙලවෙන්නවත් බැරි විදියට මාවත් තුරුල් කර ගත්තු ශිවන්ත සීතලෙන් වෙව්ලන මගේ දෙතොල් ඒ දෙතොල් වලින් ග්‍රහණය කර ගත්තා.

“අරක්කු ගඳයි මෝඩයෝ දැන් මගේ කටත්………….”😆😄

“ඉන්නවකෝ ඔහොම පොඩ්ඩක්.හැම වෙලේම බොන්නෙ නෑනෙ.බීපු නැති වෙලාවට මං තමුසෙව අල්ල ගන්නම්කො.එදාට ඔය කට රතු වෙන්නම හපනවා………….”😁😁😉

කොහොමින් කොහොමහරි මේ නපුරාගෙ සෙල්ලමුත් එක්ක පැය එකහමාරක් විතර ගියා නා ගන්න.

💏

“ඩබලම ආවා වගේ ජාන්වි.තමුසෙ උඩට වෙලා ඉන්නවා මං කතා කරාම එනවා……………”

අප්පච්චියි කුඩම්මයි ආපු කාරෙකේ සද්දෙ ගේට්ටුව ගාවින් ඇහුනා.මට නම් දැන් තියෙන්නෙ ලොකු බයක්.අප්පච්චි මොනවා කියයිද දන්නෑ.

“අනේ මට බයයි ශිවන්ත අයියෙ…………”

“බය වෙන්න එපා ඕයි.තමුසෙ දැන මගෙ කසාද ගෑණි.එයාලට මොකුත් කරන්න බෑ………….”

එහෙම කියලා ශිවන්ත අයියා පල්ලෙහාට ගියා.මං උඩට වෙලා හොරෙන් බලාගෙනයි හිටියෙ. අප්පච්චියි කුඩම්මයි ශිවන්තත් එක්ක කතා කරනවා.

“ඇයි මිස්ටර් ශිවන්ත හදිස්සියෙන්ම මැරි කරේ කාටවත්ම නොකියා?වෙඩින් එකක් ගත්තෙත් නැතුව?අනික මෙච්චර ලොකු කෝටිපති බිස්නස්මන් කෙනෙක්…..අපි හිතුවෙ ගලදාරි එකේ හරි හිල්ටන් එකේ හරි වෙඩින් එක ගනියි කියලා………….”

“තිබිච්ච තත්වෙ අනුව වෙඩින් එකක් ගන්න වුනේ නෑ මිස්ටර් අලහප්පෙරුම…………”

“කෝ ඉතිං මිස්ටර් ශිවන්තගෙ වයිෆ්? අපිට අඳුන්වලා දෙන්නකො…………”

“ඉන්න මං එයාව එක්කන් එන්නම්…………”

එහෙම කියපු ශිවන්ත කාමරේ හිටපු ජාන්වි ගාවට ආවා.

“එනවා ජාන්වි…………”

“අනේ මට බයයි ශිවන්ත…………”

“බය වෙන්න එපා ඕයි.තමුසෙට ඔය බයයි කියන වචනෙ ඇරෙන්න වෙන වචනයක් නැද්ද කියන්න.එනවා මෙහාට………..”😠😠

මගේ අතින් අල්ලගෙන ශිවන්ත සෙමින් සෙමින් පඩිපෙළ බහින්න ගත්තා.අපිට පිටුපාලා හිටපු අප්පච්චියි කුඩම්මයි අපේ සද්දෙට පිටිපස්ස හැරිලා බැලුවා.එයාලා දෙන්නම අපි දෙන්නා දැකලා පුදුම වෙලා බය වෙලා වගේ බලාගෙන හිටියා.

“මිස්ටර් අලහප්පෙරුම,මේ ඉන්නෙ මගෙ වයිෆ් ජාන්වි ශවීන්ද්‍රා ජයවර්ධන…………..”

“මො…..මොකක් මේ…..මේක වුනේ කොහොමද?මෙච්චර කාලයක් මගේ දුවව හංගගෙන හිටියෙ තමුංද?අපිට බොරු කර කර මගෙ දුවව රවට්ටගෙන කසාද බැඳලා කෙල්ලව හොයලා දෙන්නම් කියලා තමුසෙ අපිව රැවැට්ටුවා…………..”😡😡

අප්පච්චිගෙ කටහඬ කෝපයටත් වෛරයටත් පෙරලෙන්නෙ වැඩු වෙලාවක් ගියේ නෑ.එයා අපිට හොඳටම බැන්නා.ඒ හැම දෙයක්ම ශිවන්ත සද්දෙ නැතුව අහගෙන හිටියා.

“පුංචි කෙල්ලෙක්ව රවට්ටගෙන.තමුං තමුංගෙ වයසට ගැළපෙන ගෑනියෙක්ව හොයා ගන්නෙ නැතුව මගෙ දුවව කසාද බැන්දෙ මොන බලාපොරොත්තුවකින්ද?මං මේක ලේසියෙන් අතාරින්නෙ නෑ.මං උසාවි යනවා…………..”😡😡

“මිස්ටර් අලහප්පෙරුම,මං මෙච්චර වෙලා සද්දෙ නැතුව හිටියෙ තමුං ජාන්විගෙ තාත්තා හින්දා.මේක හොඳට අහ ගන්නවා.මං ජාන්විව කසාද බැන්දෙ එයාගෙ කැමැත්තෙන්.

මං එයාව බලෙන් මෙහෙ තියාගෙන හිටියෙ නෑ.ජාන්වි මට වඩා අවුරුදු දා හතරයි බාල.ඒත් තමුසෙ එයාගෙ අම්මගෙ දේපළ ටික කොල්ල කන්න මේ ගෑනිගෙ මල්ලිට තමුන්ගෙ දුවව කසාද බන්දලා දෙන්න හද්දදී තමුසෙට උගෙ වයස ප්‍රශ්නයක් වුනේ නැද්ද?අවුරුදු හතළිහත් පැනපු මිනිහෙක්නෙ ඌ.

තමුසෙට දැන්ද මතක් වුනේ ජාන්වි තමුසෙගෙ දුව කියලා.මෙච්චර කාලයක් තිස්සෙ තමුන්ගෙ මේ ගෑණි මේ අහිංසකීට දීපු වද හිංසා දුක් ගින්දර තාත්තා කෙනෙක් විදියට තමුසෙට පෙනුනෙ නැද්ද?දැන් අර මැරිච්ච ගෑණිගෙ දේපල ටික කොල්ල කන්න තමංගෙ දුවට බොරු ආදරයක් පෙන්නනවා.ජාන්වී තමුසෙ ගාව ඉන්න කාලෙ තමුසෙ එයා ගැන පොඩ්ඩක්වත් හොයලා බැලුවද?දැන් එනවා මෙතන් පිය සෙනෙහස පෙන්නගෙන…………..”😡😡

“ජාන්වී…..තමුසෙ එදා ගෙදරින් පැනලා ආවෙ මූත් එක්ක යන්නද?පාහර බැල්ලි. තෝ අපිව කෑවා………….”😡😡

“මිස්ටර් අලහප්පෙරුම කරුණාකරලා කතා කරන්න ඉගන ගන්නවා.මං මෙච්චර වෙලාවක් සද්දෙ නැතුව හිටියෙ තමුං ජාන්විගෙ තාත්තා හින්දා. මං කවුද කියලා තමුං හොඳට දන්නවනෙ.මගෙ ඉවසීමෙ සීමාව පැන්නොත් තමුසෙගෙ මළ කඳ තමයි මේ ගෑණිට මෙතනින් අරන් යන්න වෙන්නෙ…………..”😡😡

ශිවන්ත හිටියෙ ඉවසීමේ සීමාවෙ රතු කට්ටත් පැනලා කියලා මට හොඳටම තේරුණා.එයා මෙච්චර ඉවසනවා මං ඔය දැක්කමයි.

“ජාන්වී…..තමුසෙ මේ මිනිහගෙන් ඩිවෝස් වෙයන්.නැත්නම් උඹට අම්මගෙ දේපළ වලින් කිසිම දෙයක් දෙන්නෙ නෑ………….”😡😡

“ඒක නම් කොහෙත්ම සිද්ද වෙන්නෙ නෑ අප්පච්චි.මං කවදාවත් ශිවන්තගෙන් ඈත් වෙන්න හිතන්නෙවත් නෑ. අම්මගෙ දේපළ කොහොමත් තියෙන්නෙ මගේ නමටනෙ.ඒවා මට අප්පච්චි දෙන්න ඕන්නෑ.වෙලාවට මං දේවල් නීත්‍යානුකූලවම මගේ ගාවට ගන්නම්.මෙච්චර කාලෙකට නැති වෙච්චි දරු සෙනෙහසක් අප්පච්චිට දැන් පහල වුනේ ඇයි කියලා මං හොඳටම දන්නවා.මගෙ අම්මගෙ දේපළ වලට ඔයාලා දෙන්නම ඇහැ ගහගෙන ඉන්නෙ.

ඒ දේවල් කොල්ල කන්නනෙ මාව අර රංජිත් කියන නාකියාට කසාද බන්දලා දෙන්න හැදුවෙ.ඔයා නමට විතරයි මට තාත්තා වුනේ.ඔයා කවදාවත් මට තාත්තා කෙනෙක් විදියට සැළකුවෙ නෑ.එහෙම සැලකුවා නම් දේපල වලට තණ්හාවෙ මගෙ ජීවිතේ විනාශ කරන්න හදන්නෑ. පුංචි කාලෙ මගෙ අහිංසක අම්මව ඔයා මේ ජරා ගෑණි හින්දා මරා ගත්තා.ඔයා මගෙ අම්මව කසාද බැන්දෙ ඇයි කියලා මං හොඳටම දන්නවා අප්පච්චි.ඔයා එකක් හොඳට මතක තියා ගන්න.මගෙ අම්මා වෙනුවෙන් එයාගෙ හැම දෙයක්ම මං ගාවට ගන්නවා……..”😡😡

“උඹේ අම්මා මැරුනේ සියදිවි හානි කරගෙන.ඒකට මංවත් මේ ගෑණිවත් පලි නෑ…………..”😡😡

“ආ ඇත්තද අප්පච්චී.කිසිම කෙනෙක් හේතුවක් නැතුව සුවිසයිඩ් කරගන්නෙ නෑ.මගෙ අම්මට සියදිවි නසා ගන්න තැනට වැඩ සිද්ද කරේ ඔයාලා දෙන්නා. ගුණ යහපත් අවංක බිරිඳක් ඉන්නැද්දී මේ වේ## ගෑණිගෙ පහස හොයපු ඔයා වගේ ජරා මිනිහෙක්ට අප්පච්චි කියන්නත් මට ලැජ්ජයි.මේ ගෑණි හින්දා මගෙ අහිංසක අම්මා මොන තරම් දුක් විඳින්න ඇත්ද?එයා මොන තරම් කඳුලු හලන්න ඇත්ද?උඹ මගෙ අම්මව මරා ගත්තා මං අද උඹව ඉතුරු කරන්නෑ පාහර බැල්ලි…………”😡😡

කෝපයෙන් වියරු වැටී සිටි ජාන්වී රෝෂිනීගේ බ්ලව්ස් එකෙන් ඇද ඇයගේ කම්මුලට පහර පිට පහර එල්ල කලාය. කිසිම කෙනෙකුට ඇයව නවතාලන්නට නොහැකි විය.ඉතා අපහසුවෙන් ශිවන්ත ජාන්විව පැත්තකට ඇද ගත්තාය.

“මේ කරපු දේට මං උඹෙන් පලි ගන්නවා.හොඳට මතක තියා ගනිං…………”😡😡

“ඇයි උඹ ජාන්විට මොනවා කරන්නද?උඹ ගෑනියෙක් හින්දයි මං ඉවසුවෙ………….”😡😡

අප්පච්චියි කුඩම්මයි යන්න ගියා. මාවත් අල්ලගෙන ශිවන්ත කාමරේට ආවා.

“රිලැක්ස් ජාන්වි.දැන් ඒ ගැන හිතන්න එපා.අම්මගෙ දෙපළ ටික ඔයාට ගන්න මං උදව් කරන්නම්.ඒ ටික අපි අනාථ නිවාසෙකට දෙමු.එතකොට ඔයාගෙ අම්මගෙ මැරිච්ච ආත්මෙට සැනසීමක් ලැබෙයි.දැන් බය නැතුව ඉන්න මැණික. ඔයාට මං ඉන්නවනෙ.අප්පච්චිටයි කුඩම්මටයි කරන්න පුලුවන් දෙයක් නෑ…………..”

ශිවන්ත මගෙ හිතට ලොකූ ශක්තියක් වුනා.එයා හිටියෙ නැත්නම් මට මොනවා වෙයිද කියලා හිතා ගන්න බෑ.

මතු සම්බන්දයි