“දුවේ මේක ගිහින් විමලාවතී නැන්දලාගෙ ගෙදරට ගිහින් දීලා එන්නකෝ…………”

“මොනවද අම්මෙ මේකෙ තියෙන්නෙ?………….”

“මේ වැලිතලප වගයක්.හෙටනෙ එහෙ පොඩි කෙලීගෙ කොටහළු උත්සවේ.අද රෑට ගොඩාක් වැඩ තියෙයි………….”

“ඉතිං අම්මා අද රෑට එහාට යනවද?…………..”

“රෑට නම් එන්න ඕන්නැති වෙයි පුතේ. දවාලෙ ගිහිල්ලා උදව් කරලා දීලා ආවනෙ………….”

“මං එහෙනම් මේක ගිහින් දීලා එන්නම්කෝ………….”

ඒ වැලිතලප පාර්සලේත් අරගෙන මං පොඩි පඩිපෙල බැහැලා කන්ද දිගේම ගිහිල්ලා ඇළෙනුත් එගොඩ වෙලා ඉක්මනට ඉක්මනට විමලාවතී නැන්දලාගෙ ගෙදරට ගියා.

“නැන්දෙ මේ වැලිතලප ටික අම්මා දෙන්න කිව්වා………….”

“අනේ ගොඩාක් ස්තූතියි දුවේ.එන්න තේ එකක් බොන්න………….”

“දැන් බෑ නැන්දෙ.ගොඩාක් හවස් වෙලානෙ.මං යන්නම්………….”

“එහෙනම් හෙට හැමෝම එන්න ඕනි හොඳේ…………”

“හා නැන්දෙ…………..”

අඩිය ඉක්මන් කරලා මං ආපු පාර දිගේම එන්න ආවා.ඇළ ගාව පාලම උඩදී මං දැක්කා බයික් එකක් නතර කරලා තියනවා.කව්දෝ මන්දා කොල්ලෙක් ඒ බයික් උඩ ඉඳගෙන කැමරාවක් අල්ලගෙන හිටියා.ඒ කැමරාව තිබ්බෙ මගෙ පැත්තට වෙන්න.මං එතනින් අයින් වෙලා එන්න හදද්දී ඒ කොල්ලා මට කතා කරා.

“එක්ස්කියුස් මී…..ඔයා මේ පැත්තෙ කෙනෙක්ද?………..”

“ඔව්…..ඇයි?………..”

“ඔයා අර වීරසිංහ අංකල්ගෙ දුවද?………….”

🤔🤔මේ මනුස්සයා කොහොමද අප්පච්චිව අඳුරන්නෙ?මම මීට කලින් මේ මනුස්සයව දැකලා නෑනෙ.කව්ද මේ?

“ඔ…ඔයා කව්ද?…………”

“මම සොනාල්.රත්නවර්ධනගෙ පුතා. මතක නැද්ද මාව?…………..”

සොනාල්😱😱දැනුයි මතක් වුනේ ගමේ ඉන්න රත්නවර්ධන මහත්තයගෙ එකම පුතා සොනාල් රත්නවර්ධන. අවුරුදු දහයකට දොළහකට විතර පස්සෙයි මං සොනාල්ව දැක්කෙ.ඉස්සර වගේ නෙවෙයි සොනාල් දැන් ගොඩාක් වෙනස් වෙලා අඳුරගන්නත් බැරි තරමට.

“මතකයි මතකයි.කවද්ද ලංකාවට ආවෙ?………….”

“ඊයෙ රෑ ආවෙ.කොහොමද ඉතිං?කෝ අම්මයි තාත්තයි එහෙම?මල්ලි දැන් ගොඩාක් ලොකු ඇති?………….”

“අම්මයි අප්පච්චියි හොඳින් ඉන්නවා. මල්ලි නම් ලබන අවුරුද්දෙ ඒලෙවල් කරනවා…………”

“මැරි කරේ නෑ තාම?…………”

“අම්මෝ……තාම අවුරුදු දහනවයනෙ. මැරි කරන්න තව කොච්චර කල් තියනවද?ඒක නෙවෙයි කෝ සොනාල්ගෙ නෝනා?………….”

“අනේ අම්මෝ මං තාම මැරි කරේ නෑ. ඒවට මටත් තාම කල් තියනවා. කොහෙද ඉතිං මේ ගෑණු ළමයින්ගෙ කිසිම උනන්දුවක් නෑනෙ…………..”😆😆

සොනාල් ඒක කියද්දී මට නම් හිනාත් එක්ක.මං හිතුවෙ සොනාල් මැරි කරලත් ඇති කියලා.දැන් අවුරුදු විසිඅටක් විතර ඇතිනෙ.

“මං යන්නම් සොනාල්.දැන් රෑ වෙන්නත් ළගයිනෙ…………”

“හා එහෙනම්.මං එන්නම් කොහෙට දිහාට ගෙවල් පැත්තෙ…………”

ගෙදර ආපු ගමන්ම මං ඇඟ හෝදගෙන ඇවිත් ගෙදර හැමෝටම තේ හැදුවා. අම්මා හදපු වැලිතලපත් තිබුනා.ඒවත් බන්දේසියක දාගෙන තේ මේසෙට ගෙනාවා.

“රත්නවර්ධන මහත්තයගෙ පුතා ලංකාවට ඇවිත්ලු.අද මට මහත්තයා හම්බෙච්චි වෙලාවෙ කිව්වා.මං හිතන්නෙ දැන් හෙන ලොකු ඉලන්දාරියා…………”

තේ මේසෙදි අප්පච්චිගෙයි අම්මගෙයි මාතෘකාව වුනේ ඒක.අද මට සොනාල්ව මගදි මුණ ගැහුනා කියලා කියන්නත් හදලා නොකියා හිටියා.

“ඒකනේන්නම් මට මතකයි ඉස්සර ඔය ළමයා හෙන වලිකාරයා.මතකද දුවේ ඔයාලත් එක්ක සෙල්ලම් කරන්න ගිහිල්ලා එක වතාවක් ඔයාව තල්ලු කරලා වෙච්චි හදියක්…………..”

අම්මා ඒක මතක් කරද්දීයි මට ඒ සිද්දිය මතක් වුනේ.ඉස්සර සොනාලුයි මමයි සොනාල්ගෙ අක්කයි සෙල්ලම් කරනවා ගමේ ළමයි එක්ක.දවසක් මගෙ අතින් සොනාල් හදපු කෝම්පිට්ටුවක් කැඩුනා කියලා සොනාල් මාව තල්ලු කරා.ඒ තල්ලු කරපු පාරට මාව වැටිලා දණිස්ස ගලක වැදිලා වෙච්චි තුවාල කැලල අවුරුදු පහලවක් තිස්සෙ තාම මගෙ දණිස්සෙ තියනවා.

“අනෙ අම්මෝ මට හොඳට මතකයි.ඒ තුවාල කැලල තාම මගෙ දණිස්සෙ තියනවා…………..”

“වීරසිංහ මහත්තයා……වීරසිංහ මහත්තයා………….”

“අම්මෙ කව්ද කතා කරනවා වගේ…………”

අම්මා දොර ගාවට ගිහින් බැලුවා කව්ද ආවෙ කියලා.

“මේ……රත්නවර්ධන මහත්තයයි නෝනයි ඇවිල්ලා.එන්න ඇතුලට ඇවිත් වාඩි වෙන්න………….”

ඒ ඇවිත් හිටියෙ සොනාල්ගෙ අම්මයි තාත්තයි.එයාලා මහ රෑ වෙලා මෙහෙ ආවෙ මොකටද?මාත් තේ කෝප්ප ටික අරගෙන මේසෙත් අස් කරලා කුස්සියට ගිහින් කෝප්ප ටික හෝදලා සාලෙට එන්න හදද්දී මල්ලි කඩාගෙන බිඳගෙන කුස්සියට ආවා.

“අක්කෙ අක්කෙ එයාලා ඇවිත් ඉන්නෙ මොකටද දන්නවද?…………..”

“මං කොහොමද දන්නෙ?…………”

“ඔයාට මඟුලක් කතා කරන්න…………”

“මට?ඒ කාවද?…………”

“කාවද කියලා අහන්නෙ?රත්නවර්ධන අංකල්ට පුතාලා දුසිමක් නෑනෙ.ඉන්න එකම පුතාව තමුසෙට කසාද බන්දලා දෙන්න අහන්න ඇවිත් ඉන්නෙ………….”

අනේ දෙවියනේ මේ මොනවද මේ වෙන්නෙ?මං කොහොමද සොනාල්ව කසාද බඳින්නෙ?එතකොට සංදීප්ට මොකද වෙන්නෙ?සංදීපුයි මායි ආදරේ කරන්න පටන් අරගෙන දැන් මාස අටකටත් කිට්ටුයි.අනේ දෙවියනේ මේක නම් සිද්ද වෙන්න එපා.මට නම් බෑ සොනාල්ව කසාද බඳින්න.

“අක්කේ…..අම්මා කතා කරනවා………..”

මල්ලි ඇවිත් මගෙ අතින් ඇදගෙනම සාලෙට ගියා.කිසිම දෙයක් කරකියාගන්න බැරුවයි මං හිටියෙ. මගෙයි සංදීප්ගෙයි සම්බන්දෙ අම්මලාට කියන්න වෙයි වගේ.මෙච්චර කාලෙකට මං මේ ගැන අම්මලාට නොකියා හිටියෙ සංදීප්ගෙ කීමටයි.ඒත් දැන් නම් නොකියා බෑ.

“ආ…..සඳසි දුවේ මොකද මේ අපිව අඳුරන්නෙ නෑ වගේ?අපි ආවෙ දුවට අපේ සොනාල් පුතාව කසාද බන්දලා දෙන්න කැමතියි කියන්න.දුව ඉතිං පුංචි කාලෙ ඉඳන්ම සොනාල්ව දන්නවනේ…………”

මොනවා කියන්නද මොනවා කරන්නද කියලා මට හිතාගන්න බැරි වුනා. අම්මගෙයි අප්පච්චිගෙයි මුහුණු වලින් නම් පෙනුනෙ එයාලා මේ කසාදෙට කැමතියි වගේ.අනේ දෙයියනේ අනේ මම නම් මේකට කැමති නෑ.මට එහෙම කියලා කෑ ගහන්න හිතුණා.

“අපේ දූට ඉතිං තාම අවුරුදු දහනවයයිනෙ.එයාට තාම මේ දේවල් ගැන තේරුමක් නෑ රත්නවර්ධන මහත්තයා………..”

“අපේ පුතාටත් දැන් අවුරුදු විසිහතක්. මෙයාලා දෙන්නා හොඳට ගැළපෙනවා. එහෙනම් අපි යන්නම්.ඉක්මනට අපිට පණිවිඩයක් එවන්නකො එහෙනම්…………”

එහෙම කියලා සොනාල්ගෙ අම්මයි තාත්තයි ගියා.එයාලා ගිය හැටියෙම මං අම්මයි අප්පච්චියි ගාවට ගියා.

“අනේ අම්මෙ මම නම් සොනාල්ව බඳින්න කැමති නෑ.අනේ එයාලට හෙටම පණිවිඩයක් යවන්න මං කැමති නෑ කියලා…………..”😥😥

“දුවේ…..ඔයා ඇයි එකපාරටම මෙහෙම කියන්නෙ?සොනාල්ව ඔයා පුංචි කාලෙ ඉඳන්ම දන්නවනෙ.එයා හොඳ මනුස්සයෙක්නෙ.ඇයි ඔයා එයාව කසාද බඳින්න අකමැති?…………”

අම්මා මගෙන් එහෙම අහද්දී තව දුරටත් මට සංදීප් ගැන නොකියා ඉන්න බැරි වුනා.

“මං ආදරේ කරන්නෙ සංදීප් ට අම්මෙ. අනේ මට බෑ සොනාල්ව කසාද බඳින්න. අනේ අම්මෙ අනේ අප්පච්චි මේ කසාදෙ නම් වෙන්න දෙන්න එපා………….”😥🙏

“කව්ද සංදීප් කියන්නෙ?………….”😠😠

එවර අප්පච්චීගෙ හඬ තරමක් සැර විය.මගේ දෑසට කඳුලු උනන්නට විය.

මොකුත් නොකියා මං සංදීප්ගෙ ෆොටෝ එකක් අම්මටයි අප්පච්චිටයි පෙන්නුවා.ඒක දැකලා අප්පච්චිටයි අම්මටයි කේන්ති එන්න වැඩි වෙලා ගියේ නෑ.

“දූ…..මේ අර ආතක් පාතක් නැති රස්තියාදුකාරයා නේද?තමුං මේ බේබද්දටද ආදරේ කරන්නෙ?ඊට වඩා හොඳයි ගොං ඊරියෙ ගඟේ මුහුදෙ පැනලා මැරෙන එක.තමුංට මොලේ කලඳක්වත් නැද්ද මේ වගේ බේබද්දෙකුට ආදරේ කරන්නෙ?මූ ගංජා ගහනවා කුඩු ගහනවා.ඒ විතරක්ද මූට හැම තැනකම කෙල්ලො…………”😡😡

ඒ හැම දෙයක්ම අම්මයි අප්පච්චියි දැකලා කියපුවා නෙවෙයි.එක එක්කෙනාගෙ කතා අහලා කියපුවා. සංදීප් මට ගොඩාක් ආදරෙයි.ඒ ආදරේ මට හොඳටම ඇති.මට සංදීප්ගෙන් තොර ලෝකයක් ගැන හිතන්න බෑ.ඒ තරමටම මං සංදීප්ට ආදරෙයි.

“අනේ අප්පච්චී සංදීප් කියන්නෙ නරක මනුස්සයෙක් නෙමෙයි.එයා මට ගොඩාක් ආදරෙයි.මං එයාට කියන්නම් ඇවිත් අම්මයි අප්පච්චියි එක්ක කතා කරන්න කියලා…………”😥😥

“නෑ…..ඌ මෙහෙ එන්න ඕන්නෑ.මං ඌට දෙකක් කියන්නම්කො.මේ අහනවා සඳසි උඹ ඌත් එක්ක තියන සම්බන්දෙ මේ දැන්මම නවත්තන්න ඕනි.ඌ උඹව රවට්ටනවා.උඹත් එළදෙන වගේ ඌට රැවටෙනවා…………”😡😡

“අනේ අම්මා මට බෑ සංදීප්ව අමතක කරන්න.එයා හොඳ මනුස්සයෙක් අම්මෙ………..”😥😥

“හොඳ මනුස්සයෙක්😠😠ඔයාගෙ මොලේ හොඳ නැති වීගෙන එනවද දුවේ?කුඩු ගහන ගංජා ගහන වටේටම ගෑණු තියාගෙන ඉන්න එකා කොහොමද හොඳ මනුස්සයෙක් වෙන්නෙ?මගෙ යකා අවුස්සන්න ලෑස්ති වෙන්න එපා.අපි කවදාවත් ඔයාව ඒ වගේ ජරා මිනිහෙකුට නම් බන්දලා දෙන්න ලෑස්ති නෑ.අන්න ඒක හොඳට මතක තියා ගන්නවා………….”😡😡

“අපි මෙයාලට ඕනවටත් වඩා නිදහස දුන්නා වැඩියි.ඒකයි මේ නොගැළපෙන මිනිස්සුත් එක්ක සම්බන්දකම් තියාගන්නෙ.මෙච්චර ඉගනගෙන උස් මහත් වෙලා මොලේ කියලා නාමයක් නැද්ද දූ මේ වගේ ජරා මිනිහෙකුට රැවටෙන්නෙ?ඌ උඹේ දෑවැද්දට වෙන්න ඇති ඇහැ ගහන්නෙ…………”😡😡

අම්මයි අප්පච්චියි දෙන්නා මාරුවෙන් මාරුවට මට බනින්න පටන් ගත්තා. කඳුලු පාලනය කරගත නොහැකිව මං දෑතින්ම මුහුණ වසාගෙන කාමරේට ආවා.කොට්ටෙත් බදාගෙන ඉකි ගගහා ඇඬුවේ මට මගේ ආදරේ අහිමි වෙන්න යන නිසා.පැයක් විතර අඬපු මං සංදීප්ට කෝල් එකක් ගත්තා.

“සංදීප් මං සඳසි………..”😭📲

“සඳසි ඇයි ඔයා අඬන්නෙ?………”📲

“අනේ මට ඔයාව නැතුව ඉන්න බෑ සංදීප්………..”😭📲

“මට ඉස්සෙල්ලා කියන්න සඳසි ඔයාට මොකද වුනේ කියලා?ඇයි ඔයා ඔහොම අඬන්නෙම්…………”📲

“අම්මලා මාව ප්‍රපෝසල් එකක් ගෙනල්ලා සංදීප්.අනේ මට එයාව කසාද බඳින්න බෑ.අනේ මාව එක්කන් යන්න සංදීප්………..”😭📲

“ක….කව්…..ද ඒ කෙනා?…………”📲

“රත්නවර්ධන මහත්තයගෙ පුතා සොනාල්…………”😭📲

“දැන් මොකද කරන්නෙ?ඔයා අම්මලාට කියන්න එපා දැන්ම අපි ගැන…………”📲

“මං ඔයා ගැන කිව්වා සංදීප්.එයාලා අපේ සම්බන්දෙට කැමති නෑ.මට හොඳටම බැන්නා.අනේ මාව කොහාට හරි එක්කම් යන්න සංදීප්………….”😭📲

“මගෙන් අහන්නැතුව ඔයා මොකටද මේ ගැන අම්මලාට කිව්වෙ?මේ හදිස්සියෙ මං කොහොමද ඔයාව මං ගාවට ගන්නෙ?…………”📲

“අනේ මට ඉන්නෙ ඔයා විතරයි සංදීප්. ප්ලීස් මාව ඔයා ළඟට ගන්න.අනේ මට බැ සොනාල්ව කසාද බඳින්න……..”😭📲

“මට හරිහමන් රස්සාවක් නෑ.ගේ වැඩත් තාම ඉවර නෑ.බිත්තිය බඳින්න එන බාස්ලට දෙන්න සල්ලිත් නෑ.මං කොහොමද එකපාරටම ඔයාව තනිකැමැත්තට මං ගාවට ගන්නෙ?………….”📲

“මට ඔයා විතරක් ඉන්නවා නම් හොඳටම ඇති සංදීප්.අපි දෙන්නා හිමීට ගේ හදා ගම්මු.මාත් ඔයත් එක්ක ඉන්නවනෙ………….”😭📲

“විකාර කතා කරන්න එපා සඳසි.ඔයාව මං ගාවට ගත්තා කියලා ගේ හැදෙන්නෑනෙ.ඔයාගෙ අම්මයි තාත්තයි අපි දෙන්නට එකතු වෙන්න දෙන්නෑ…………”😠📲

“එයාලගෙ කැමැත්තක් ඕන්නෑ සංදීප්. මං කැමතියි මේ හැම දෙයක්ම දාලා ඔයා ගාවට එන්න………….”😭📲

“දෑවැද්දක් නැතුව ගෑනියෙක්ව බාර ගන්න මට බෑ.රස්සාවක්වත් නැතුව මං කොහොමද තමුසෙට කන්න අඳින්න දෙන්නෙ?මාව අමතක කරලා තමුං ඔය කසාදෙ කර ගන්නවා සඳසි.ආයෙ මට කතා කරන්න එපා………….”😠📲

එහෙම කියපු සංදීප් ෆෝන් එක කට් කරා.මං ආයෙමත් ඒ නම්බරේට ගත්තත් වැඩ කරේ නෑ.දෙයියනේ සංදීප් ආදරේ කරලා තියෙන්නෙ මට ලැබෙන සල්ලි වලටද?අනේ මං කොහොමද දෙයියනේ සංදීප්ව අමතක කරන්නෙ?😭😭

මතු සම්බන්දයි