පුතේ නැකැත නම් හරි.හාමුදුරුවෝ හොඳ නැකතක් හදලා දුන්නා………….”
“කවද්ද අම්මෙ දිනේ තියෙන්නෙ?…………”
“ලබන මාසෙ අට වෙනිදා.තව දවස් දහයයි………….”
ඒ කියන්නෙ තව දවස් දහයකින් මේ නපුරව නීතියෙනුත් අයිති වෙන්නෙ මට.ඒත් ඉතිං මං තාම මෙයා ගැන දන්නෙ ටිකයිනෙ.ශිවන්තගෙ තාත්තා ඉන්නවද කියලා දන්නෙත් නෑ. මේකගෙ වයස කීයද කියලාවත් දන්නෙ නෑ.
“ශිවන්ත අයියේ…………”
“ම්ම් ඇයි?…………”
“ඔයා මං ගැන හැම දෙයක්ම වගේ දන්නවනෙ………….”
“ඔව්………….”
“ඔයාගෙ තාත්තා කෝ?…………”
“මගෙ තාත්තා මැරුනෙ අවුරුදු දහයකට විතර කලින්.හාට්ටැක් එකක් හැදිලා.අම්මට දරුවෙකුට ඉන්නෙ මම විතරයි.තාත්තා කරපු බිස්නස් මෙච්චර දුරකට ගෙනාවෙ මං.මං ගොඩාක් දුක් වින්දා ජාන්වි මේ තැනට එන්න…………”
එයා ඒ ටික කිව්වෙ දුකින් වගේ.පව් මගෙ නපුරාට ඉඳලා තියෙන්නෙ අම්මා විතරයි.
“ඔයාගෙ බර්ත්ඩේ එක කවද්ද?ඔයාගෙ වයස කීයද කියලා දන්නෑනෙ මං………..”
“මට දැන් හතලිස් දෙකක් වෙනවා………….”
“මොකක්?අනේ බොරු කියන්න එපා ශිවන්ත අයියෙ.ඔයාට හතලිස් දෙකක් නම් පේන්නෑ.කෝ මට ඔයාගෙ අයිඩින්ටි කාඩ් එක දෙන්න…………”
මං එහෙම කියද්දී නපුරාගෙ මූණෙන් හිනාවක් මතුවෙලා ආවා.එයා මට එයාගෙ අයිඩින්ටි කාඩ් එක දුන්නා. ශිවන්ත ජයෂාන් ජයවර්ධන.උපන් දිනය 1989.05.10.ඒ කියන්නෙ නපුරාට දැන් අවුරුදු තිස් දෙකක් වෙනවා.මට වඩා අවුරුදු දා හතරක් වැඩි මහල්.ඒත් එච්චර වයස පේන්නෑනෙ.දැන් ඒක කිව්වොත් එහෙම උඩින් යයි.😁😆
“ජාන්වී…..තමුසෙ මට වඩා අවුරුදු දා හතරක් බාලයි.තමුසෙට හිතෙනවද මේ නාකියාත් එක්ක ජීවත් වෙන්න බෑ කියලා.මාව දාලා යන්න හිතෙනවද තමුසෙට?කියපං මගෙ මැණික මගෙ ඇස් දෙක දිහා බලාගෙන?………….”
එයා එහෙම කියලා මගෙ මුහුණ එයාගෙ දෝතින්ම අල්ල ගත්තා.ඒ ඇස් වල ලොකු දුකක් තිබුනා.පව් එයාට හිතෙනවා ඇති මං එයාව දාලා යයි කියලා.
“ශිවන්ත අයියෙ,ඔයා මොනවද මේ කියන්නෙ?අනේ මං කවදාවත් ඔයාව දාලා යන්න හිතන්නෑ.ඔයාගෙ වයස මට ප්‍රශ්නයක් නෙවෙයි.ඔයාට තිස් දෙකක් පේන්නෑ.ආදරේට වයස බාදාවක් නෙවෙයි…………”
“මං හිතුවෙ අයිඩී කාඩ් එක දිහා බලාගෙන කල්පනා කරපු විදියට මාව දාලා යන්න හදනවා කියලා………..”
“පිස්සා මං ඔයාව දාලා යන්නෑ මෝඩයො………….”
කම්මැලි හිතුණු නිසා මං ෆෝන් එක අරගෙන අරුණිට කෝල් එකක් ගත්තා. අරුණි කියන්නෙ ඉස්කෝලෙ මගෙ හොඳම යාලුවෙක්.
“හෙලෝ අරුණි මං ජාන්වි කතා කරන්නෙ…………”📲
“ජාන්වී😱ඔයා කොහෙද ඉන්නෙ?ඔයාට මොකද වුනේ?ඔයාගෙ තාත්තත් අපේ ගෙදර ආවා ඔයාව හොයන්න.එයාලා කිව්වෙ ඔයා ගෙදරින් පැනලා ගිහිල්ලා කියලා.ඇත්ත කියන්න ජාන්වි ඔයා කොල්ලෙක් එක්කවත් පැනලා ගියාද?ඒත් ඔයාට එහෙම එෆෙයාර් එකක් තිබුනෙ නෑනෙ………….”📲
මං හිතුවා හරියටම හරි.අප්පච්චී හැම තැනකම මාව හොයලා එහෙනම්. තාමත් එයාලා මාව හොයන අදහස අතෑරලා නැතුව ඇති.
“මං…..මං කොල්ලෙක් එක්ක පැනලා ගියේ නෑ අරුණි.ඔයා හොඳටම දන්නවනෙ එයාලා මට සළකපු විදිය. ඉතිං මං කොහොමද ඒ ගෙදර ඉන්නෙ. කුඩම්මටයි අප්පච්චිටයි ඕනි කරන්නෙ මගෙ අම්මගෙ දේපළ ටික ඩැහැ ගන්න…………”📲
“මං දන්නවා ජාන්වි.දැන් ඔයා කොහෙද ඉන්නෙ?ඔයාගෙ තාත්තා ඔයාව හොයන එක අතෑරලා නෑ.අර බිස්නස්මන් කෙනෙක් ඉන්නෙ ශිවන්ත කියලා.අර සමනල හොටෙල්ස් ගෲප් එකේ අයිතිකාරයා………….”📲
“ඔ…..ඔව්………….”📲
“අන්න ඒ මනුස්සයට ඔයාගෙ තාත්තා කියලා ඔයාව හොයලා දෙන්න කියලා. ඒ මනුස්සයගෙ මැරයො ටිකගෙන් නම් ඔයා හැංගිලා කියන්නෙ බොරු ජාන්වි. කොහේ හිටියත් කමක් නෑ ඔයා පරිස්සමින් ඉන්න…………”📲
ඒ ශිවන්ත කියන මනුස්සයම තමයි මාව ආරක්ෂා කරන්නෙ කියලා මට කියන්නත් හිතුණා.ඒත් දැන්ම මේ ගැන කාටවත්ම කියන්න බෑ.
“මං ඉන්නෙ ගොඩාක් පරිස්සම් තැනක අරුණි.ඒක නෙවෙයි මං මේ ඔයාට ගත්තෙ බඩුවක් අහන්න.ඕලෙවල් රිසාල්ට් අවුට් වෙන්නෙ කවද්ද?මේ පාරවත් පාස් වෙලා ඇති නේද?………..”📲
“ප්‍රවෘත්ති වලට ඊයෙ කිව්වා අද හවස් වෙනකොට රිසාල්ට් අවුට් කරනවා කියලා.මේ සැරේත් ෆ්‍රේල් වෙලා තිබ්බොත් මං ආයෙ නම් ට්‍රයි කරන්නෑ ජාන්වි.ඔයා කොහොමද කරන්නෙ?…………”📲
“මං ඒ ගැන මොකුත් හිතුවෙ නෑ අරුණි. මේ වතාවෙත් ෆ්‍රේල්ම ඇති.දෙවෙනි පාර කරේත් උවමනාවටම නෙවෙයි.අර යස්සනීත් එක්ක ගෙදර ඉන්න බැරි නිසා…………”📲
“බලාපොරොත්තු අතෑරගන්න එපා ජාන්වි.කොහොම හරි ජීවිතේට හොඳින් මුහුණ දෙන්න.මං එහෙනම් තියන්නම් බුදු සරණයි…………”📲
“බුදු සරණයි………….”📲
“කාටද කතා කරේ?…………”😠😠
එවලෙම තමයි ශිවන්තත් කාමරේට ආවෙ.මට හිතුණා නපුරාව ටිකක් අවුස්සන්න.😁😄
“කොල්ලෙක් කතා කරේ ඇයි අහන්නෙ?……….”😁😁
“කව්ද කොල්ලා?…………”😠😠
“බෑ.කියන්නෙ නෑ…………”😠😠
නපුරා කේන්තියෙන්ම මං ගාවටම කිට්ටු වුනා.අම්මෝ මූණෙ තියන නපුරු පාට.මගෙ කණින් මිරිකලා ඇල්ලුවා.
“ආව්….😢😢ශිවන්ත අයියෙ මගෙ කණ අතාරින්න.අනේ කොල්ලෙක් නෙවෙයි කතා කරේ.මගෙ යාලුවා අරුණිට මං කතා කරේ………….”
නපුරා එතකොටයි මගෙ කණ අතෑරියෙ.අම්මෝ ආයෙ නම් මේ වගේ විහිළු කරන්නෑ මූට.මගෙ කණ ගලෝලා අතට ගනියි මූ.
“දත් නැතුව බත් කන්න ආසයි වගේ නම් ඔය වගේ විහිළු කරනවා.දන්නෑ තමුසෙ තාම මගෙ හැටි. හාල්මැස්සි………..”
චික්…..ඒක කියපු හැටි රිලා මොටා.ඔව් ඉතිං මේ සද්ධන්තයත් එක්ක බලද්දි නම් මං හාල්මැස්සියක්ම තමයි. ඉන්නවකො මාත් මහත් වෙයිනෙ කවදා හරි.😃😃
🌹🌹
“දුවේ වැඩක්ද?…………”
“නෑ අම්මෙ එන්න…………”
ශිවන්තගේ අම්මා ඇවිත් මං ගාවින් වාඩි වුනා.
“හෙට උදේ නවයයි තිස්පහට නැකත තියෙන්නෙ.දුවගෙ සාරිය එහෙම පුතා හවස ගෙනත් දෙයි………..”
“ඔව් අම්මෙ.අයියා මට ඒක ගෙනත් දෙන්නම් කිව්වා…………”
“මං හිතුවෙ මගෙ පුතා කවදාවත් කසාදයක් නොබැඳ ඔහොම්මම ඉඳියි කියලා.දුව හින්දා මගේ පුතාගෙ හිත වෙනස් වුනා.මට ගොඩාක් සතුටුයි දුවේ.ඔයාට තාම මේ දේවල් ගැන තේරුමක් නැතුව ඇති.මගෙ පුතා ඔයාව සන්තෝශෙන් තියයි.එයා ටිකක් නපුරු වුනාට හිත හොඳයි………..”
“ටිකක් නෙවෙයි අම්මා එයා වෙලාවකට ගොඩාක් නපුරුයි.හැබැයි එයාගෙ හිත හොඳයි.මට ගොඩාක් ආදරෙයි………….”
“පිරිමියෙක් වුනාම එහෙම තමයි දුවේ. ගෑණු අපි වගේ අඬාගෙන දොඩාගෙන බොළඳව ඉඳලා බෑ.ටිකක් සැරට නපුරට ඉන්න ඕනි.පුතාගෙ තාත්තත් ඉස්සර එහෙම්මමයි.හරිම සැරයිඑයා දෙයක් කිව්වොත් කිව්වම තමයි.මේ ව්‍යාපාර එහෙම එයා දියුණු කරගන්න එයා සෑහෙන මහන්සියක් ගත්තා. අන්තිමට එයාට ඒ දේ කරගන්න බැරි වුනා.එයා මැරෙද්දී පුතාට අවුරුදු විසි එකක් විතර වගේ ඇති.රෑ දවල් නොබලා මහන්සි වෙලා නොකා නොබී පුතා මේ ව්‍යාපාර දියුණු කරේ. කසාදයක් බඳින්නත් බෑ කිව්වා හිතට හරියන ගෑණු ළමේක් හම්බුන්නෑ කියලා………….”
“ඉතිං,අම්මා ශිවන්ත අයියට ගෑණු ළමේක්ව බැලුවෙ නැද්ද?…………”
“මොකද නැත්තෙ?කී දෙනෙක්ව බැලුවද.ඒ හැම කෙල්ලෙක්ගෙම මොකාක් හරි අඩුවක් මෙයා කියනවමයි.එක්කො උස වැඩියි කියයි. එක්කො මහතයි කියයි.අඳින පළඳින විදිය ගැන හරි මෙයා වරදක් හොයාගෙන කියනවා………….”
පුදුමයි මේ නපුරාට මගෙ අඩුවක් නොපෙනුන එක.කෙල්ලො පේන්නම බැරි වෙලා අන්තිමට මාව දැකලා සීලෙ බිඳුනා.😄😃
“එයා දුවට හරි ආදරෙන් සළකයි.ඔය දුවට සැර කරලා නපුරුකම් පෙන්නුවට එයා දුවට හරිම ආදරෙයි.එදා දුවව මෙහෙන් යැව්වට පස්සෙ හරියට කියෙව්වා මං ගාවට ඇවිත්…………”
“ඒ මොනවද අම්මෙ?…………”
“මං මුලින්ම පුතාට කිව්වා දුවව අපි මේ ගෙදරම තියා ගම්මු අනුරාධපුරේ යවන්න එපා කියලා.පුතා ඒක ඇහුවෙ නෑ.දූ යන්න ඕනි කියන නිසා යවමු කියලා කිව්වා.පුතාගෙ හිතේ දුව ගැන ආදරයක් තිබුනට දූගෙ හිතේ එයා ගැන කිසිම අදහසක් තිබිලා නෑනෙ.ඔයාව බස් හෝල්ට් එකට ඇරවලා ඇවිත් එයා ඔයාගෙ ෆෝන් එකට කිහිප සැරයක්ම කෝල්ස් ගත්තා.ඒත් ඔයා ෆෝන් එක ආන්සර් කරලා නෑනෙ.පුතා හොඳටම බය වෙලානෙ හිටියෙ.මං ගාවට ඇවිත් මගෙ ඔඩොක්කුවෙ ඔලුව තියාගෙන ඇඬුවා ඔයාට මොකක් හරි කරදරයක් වෙලා ඇති කියලා.මටම පුදුමයි කවදාවත් මං පුතාගෙ ඇස් වල කඳුලු දැකලා නෑ.අන්තිමට දුව ඉන්නවා කියලා දැන ගත්තම පුදුම විදියට එයා සන්තෝශ වුනේ.හරියට පුංචි එකෙක් වගේ………….”
අනේ මේ නපුරා මට මෙච්චර ආදරෙයිද?මගෙ ඇස් වලට කඳුලුත් පිරුනා.
“අනේ එච්චර ආදරයක්.මට දරා ගන්න බෑ අම්මෙ………….”😥😥
මං අම්මගෙ උරහිසට හේත්තු වුනා.මට දැනුනෙ මගේ අම්මා ගාව ඉන්නවා වගේ හැඟීමක්.
“මං එදා පුතාට ටිකක් සැර වුනා.දුව තාම පුංචි කෙල්ලෙක්.අවුරුදු දහ අටක් කියන්නෙ ඒතරම් තේරුමක් තියන වයසක් නෙවෙයිනෙ.මං හිතුවෙ තව මාස පහක් හයක් විතර ඉදලා කසාදෙ ගන්න.ඒත් ඉතිං දැන් මේ දේවල් කල් දාලා තේරුමක් නෑනෙ.පුතාමයි මං ගාවට ඇවිත් ඉල්ලීමක් කරේ ඉක්මනට මේ කසාදෙ කරලා දෙන්න කියලා………….”
කඳුලුත් පිහදාගෙන මං කාමරේට ආවා. හිතාගන්නවත් බෑ මේ නපුරා මට මෙච්චර ආදරෙයි කියලා කිව්වම. ඉන්නෙ නම් මට බැන ගත්තු ගමන්මයි. රවලා නපුරු විදියටයි මං දිහා බලන්නෙත්.අද ගෙදර ආවම අල්ල ගන්නම්කෝ මගෙ අල බෝලෙව😃😚
🌹🌹
මල් මල් සිහිනේ කුමරෙකු ඉන්නේ
රහසේ සැංගීලා🎶
මල් මංගල්ලෙදි අත හිත දෙන්නේ තුරුලේ ලං වීලා🎶
සෙනෙහස විඳිනට මා පතා එනවලු සතුටින් පියාසලා🎶
මා මාත් කල මගෙ පෙමවතා🎶
ගීතයක් මුමුණමින්ම මං බාතෲම් එකට ගිහින් හොඳට නා ගත්තා.හෙට මගෙයි ශිවන්තගෙයි කසාදෙ.වෙඩින් එකක් ගන්න නැති එකට නම් හිතට දුකයි තමයි.ඒත් කමක් නෑ.වෙඩින් එකක් ගත්තොත් එහෙම අප්පච්චිට ආරංචි වෙයි.එයා කොහොමත් තාම දන්නෑනෙ මං ශිවන්තව කසාද බඳින්න යන බවක්.දැන ගත්තු දවසට මොනවා වෙයිද කියලා හිතා ගන්නවත් බැරි වෙයි.
සිතුවිල්ලේම කාමරේට ඇවිත් අත් හීනි පටි තියන ගව්මක් ඇඳ ගත්තා. එතකොටම තමයි ශිවන්තත් කාමරේට ආවෙ.එයාගෙ අතේ ලොකු පාර්සලයක් තිබ්බා.
“බලනවා මේ සාරිය ලස්සනයිද කියලා………”
රතුයි සුදුයි මිශ්‍ර වෙච්චි ඉන්දියන් සාරියක්.අම්මෝ හරිම ලස්සනයි.ඒත් මං කවදාවත් සාරියක් ඇඳලා නෑනෙ.ඒ හින්දා බයයි කඩන් වැටෙයි කියලා.
“අනේ ගොඩාක් ලස්සනයි ශිවන්ත අයියෙ.අනේ ඒත් මට බයයි සාරියක් අඳින්න කඩන් වැටුනොත් එහෙම……….”
“කඩන් වැටෙන්නෙ නෑ ඕයි.අම්මා අන්දවයි හරියට.බය නැතුව ඉන්නවා. මං වොශ් එකක් දාගෙන එන්නම්………..”
එයා ටවල් එකත් අරගෙන බාතෲම් එකට ගියා.මං සාරිය ඇඟට තියලා හැඩ වැඩ බැලුවා.ඇත්තටම ඒක ගොඩාක් ලස්සනයි.මං මේක ඇන්ඳාම ගොඩාක් ලස්සනට ඉඳියි.සාරිය නවලා පැත්තකින් තියලා මං කොණ්ඩෙ පීරගත්තා.හෙට මං කසාද බඳිනවා. කව්ද හිතුවෙ දෙයියනේ මෙච්චර ඉක්මනට කසාද බඳින්න වෙයි කියලා.
“මොනවද කල්පනා කරන්නෙ?හෙට ඉදන් තමුසෙ නීතියෙනුත් අයිති මට.අපි හිමිහිට තමුසෙගෙ තාත්තට කියමු මේවා ගැන………..”
“අනේ මට බයයි ශිවන්ත අයියෙ.එයා මොනවා කියයිද දන්නෑ………….”
“තමුසෙ බය වෙන්නැතුව ඉන්නවකෝ. යුතුකමක් වශයෙනුයි එයාට කියන්නෙ. එයාට බෑ මාත් එක්ක හැප්පෙන්න.අදත් ඇහුවා තමුසෙ ගැන ආරංචියක් ආවද කියලා………….”
“ඉතිං ඔයා මොකද කිව්වෙ?…………”
“තාම නෑ කියලා කිව්වා.ඉක්මනට ආරංචියක් දෙන්නම් කියලා කිව්වා………..”
“එයාලා මාව හොයන උත්සහය තාම අතෑරලා නෑ එහෙනම්………….”
“දැන් ඔය කතාව නවත්තමු අප්පා. සීතලයි අනේ…………”
එයා මගේ පිටි පස්සෙ ඉදන් ඉන වටේට අත් දෙක යවලා මාව තුරුල් කර ගත්තා.මෝඩයා නෑවට හරියට ඔලුව පිහදාගෙනවත් නෑ.ඔලුවෙන් වතුර බේරෙනවා.මං රැක් එකේ තිබිච්ච මගේ ටවල් එක ගත්තා.
“කෝ මෙතනින් වාඩි වෙන්න.ඔලුව පිහදාගෙනවත් නෑ හරියට.වතුර බේරෙනවා.ඉතිං සීතල නැතුව තියෙවියැ.හදාගන්නවකො හෙම්බිරිස්සාවක් බාගෙට පිහදාලා………….”😠😠
මං එයාව ඇඳෙන් වාඩි කරවලා ඔලුව පිහ දාන්න පටන් ගත්තා.ටිකක් වෙලා යද්දී එයා මගෙ බඩ වටේට අත් දෙක යවලා මාවතුරුල් කරගෙන මගෙ පපුවට එයාගෙ ඔලුව තියා ගත්තා.
“ඇයි මහත්තයෝ?…………..”
මං හරිම ආදරෙන් එයාගෙන් එහෙම ඇහුවා.එයා කතාවක් නෑ.මගෙ පපුවට එයාගෙ කම්මුලක් තෙරපවගෙන ඉන්නවා.
“ආදරේ හිතුණා මැණිකට…………”
රහසින් වගේ එහෙම කියලා එයා මාව එයාගෙ ඔඩොක්කුවෙන් වාඩි කරවගෙන මගේ ගව්මෙ පටි දෙක පාත් කරලා මගේ ළමැද සිප ගත්තා.එයාගෙ ගෙල වටේට දෑත් යවපු මං ඒ සීතල කම්මුල් සිප ගත්තා.මාවත් තුරුල් කරගෙන සයනය මතට වැටුනු ඔහු ඒ දෙතොල් වලින් මගේ දෙතොල් තද කරලා ඇල්ලුවා.ඒ පාර නම් මට ටිකක් රිදුනා.ඒ හැඩි දැඩි දෑත් වලට අසු වී මගේ ළමැද පොඩිවෙද්දී නම් මට කෑ ගැස්සුනා.
“කෑ ගහන්න එපා ගෑනියෙ.අම්මට ඇහුනොත් හිතයි මං තමුසෙව මරන්න හදනවා කියලා………….”
“සොරි ඉතිං.රිදුනනෙ මට ඒකයි කෑ ගැස්සුනෙ………….”
“මෙහෙම රිද්දන්නෙ ආදරේ වැඩිකමටනෙ මැණික………….”
“මං දන්නවා මහත්තයෝ…………”
මොහොතින් මොහොත දවසින් දවස අපේ ආදරේ තව තවත් වැඩි වුනා. හෝරාවක් පමණ අනුරාගයෙහි ගිලුණු පසු ඔහු මගේ සිරුරෙන් ඈත් වූයේ මටත් සීට් එක පොරවමිණි.හෙට උදෙන්ම අවදිව යුතුව ඇත.එනිසා අප දෙදෙනා ඉක්මනට නින්දට වැටුනි.
❤️🌹
වෙනදා උදැසනින්ම මා අවදි වූවත් අද අවදි වී ඇත්තේ ශිවන්ත ය.
“නැගිටිනවා ඕයි.තමුසෙ හදන්නෙ දවල් වෙනකල්ම නිදා ගන්නද?කසාද බඳින්න ඕන්නැද්ද තමුසෙට?…………”
බැන බැනම ජාන්විව නැගිට්ටවූ ශිවන්ත ඇයට ටවල් එක ඇන්දෙව්වා.
“දැන් වෙලාව කීයද අයියෙ?…………”
“පහයි විස්සයි…………..”
නැකත තියෙන්නෙ නවයයි ගානකටනෙ.මෙච්චර කලින් මොකද නැගිට්ටෙව්වද මන්දා මේ යකා මාව.මං නැගිට්ටා බාතෲම් එකට යන්න. කොන්දත් රිදෙනවා.ඊයෙ රෑ තිස්සෙ මගෙ චූටි ඇඟ උඩ නටලා නටලා දැන් මගෙ මුලු ඇඟම රිදෙනවා.
“මොකද ඕයි කොන්දත් අල්ලගෙන කල්පනා කරන්නෙ?ගිහින් ඉක්මනට ලෑස්ති වෙනවා.තමුසෙට සාරිය ඇඳගන්න වරුවක් විතර යයි…………..”
“මගෙ ඇඟ රිදෙනවා අප්පා…………”
“ඔව් ඉතිං බලනවා තමුසෙගෙ ඇඟේ හැටි.හාල්මැස්සියෙක් වගේ.මගේ ඇඟෙන් බාගයක්වත් නෑ තමුසෙ. ගෙදරදී තමුසෙට කුඩම්මා කන්න දුන්නෙ නැද්ද?…………”
“දු…..න්…..නා………….”
“ඒ හින්දා වෙන්න ඇති ඔච්චර මහත. බලනවා මං වගේ උස මහත මනුස්සයෙකුගෙ ඇඟකට මේ වගේ චූටි ඇඟක් යට වුනාම රිදෙන්නැද්ද?ඉකමන්ට කාලා මහත් වෙනවා. නැත්නම් මං නොකා ඉඳලා කෙට්ටු වෙන්නම්………….”
මතු සම්බන්දයි