සැන්ඩ්‍රාගෙ අම්මා පුතාව ප්‍රභර්ෂට භාර දීලා රෑ තිබුනු ෆ්ලයිට් එකේම ආයෙමත් ඇමරිකාවට ගියා.ඉස්සරහට මොන මොන දේවල් වලට මුහුණ දෙන්න වෙයිද කියලා මට හිතා ගන්න බෑ.පුතා ප්‍රභර්ෂ ගාව නතර වුනු එකට ප්‍රභර්ෂගෙ අම්මයි තාත්තයි නම් ඒ තරම් කැමැත්තක් තිබ්බෙ නෑ.ප්‍රභර්ෂ පුතාව අරන් කාමරේට ගියා.ප්‍රභර්ෂ ඒ දරුවට දෙන ආදරෙන් අබ මල් රේණුවක තරම්වත් ආදරයක් මගෙ කුසේ ඉන්න දරුවට දෙන්නෑ.
“දුවේ…..ඔයා ඕවා ගනන් ගන එපා. ඔයාට අපි ඉන්නවනේ.ඔයා කාමරේට යන්න……………”
පඩිපෙළ නැගලා මාත් හිමිහිට කාමරේට ආවා.ප්‍රභර්ෂ ඇඳේ වාඩි වෙලා පුතාව හුරතල් කර කර හිටියෙ. සැන්ඩ්‍රා විදෙස් ජාතික කාන්තාවක් වුනත් පුතාට හොඳට සිංහල කතා කරන්නත් පුලුවන්.සැන්ඩ්‍රා මැරුණේ මොනවා වෙලාද දන්නෑ.එයාගෙ අම්මා කියපු විදියට නම් කැන්සර් එකක් වගේ ලෙඩක් තියෙන්න ඇති.මට පේන්නම ප්‍රභර්ෂ පුතාගෙ කම්මුලට හාදු දෙනවා. එයාව වඩා ගන්නවා.ඔලුව අත ගානවා.ප්‍රභර්ෂටත් ඕනි මට රිද්දන්න.
“නෙතූ පොඩ්ඩක් මෙහාට එනවා…………”
පුතාව නිදිකරවලා ඉවර වෙලා ප්‍රභර්ෂ මට කතා කරා.
“ඇයි ප්‍රභර්ෂ?……………”
“පුතාට දැන් අවුරුදු හතරාමාරක් වෙනවා.ලබන සතියෙ ඉඳන් එයාව මොන්ටිසෝරි දානවා.එතකල් මං වැඩට ගියාට පස්සෙ තමුසෙට පුලුවන්ද පුතාව බලා ගන්න?……………”
එදා කිව්වා පුතාට අවුරුදු තුනාමාරයිලු. අද කියනවා හතාරමයිලු.මේ මිනිහා කට ඇරියොත් කියන්නෙම බොරුනෙ.
“හා මං බලා ගන්නම්…………..”
“පුතා හොඳට කියන දේ අහන ළමයෙක්.එහෙම මුරණ්ඩු නෑ එයා. හැබැයි පුතාව හොඳට බලා ගන්න ඕනි. එයාට කිසිම දෙයක් වෙන්න බෑ.ළමයා තුවාලයක් එහෙම කරගෙන තිබ්බොත් මං තමුසෙව හමගහනවා…………”😡😡
ළමයට තියෙන්නෙ අම්මගෙ ගතිගුණ වගේ.සැන්ඩ්‍රා ගොඩාක් හොඳ අහිංසක කෙනෙක් වෙන්න ඇති.මොනවා වුනත් ප්‍රභර්ෂගෙ ගතිගුණ නම් පිහිටලා නෑ වගේ.
“මොනවද තමුසෙ කල්පනා කරන්නෙ? මං නැති අතරෙ පුතාගෙ ජීවිතේට අනතුරක් කරන්නද කල්පනා කරන්නෙ?මතක තියා ගන්නවා නෙතූ තමුසෙ එහෙම දෙයක් කරොත් එහෙම ඔය බඩේ ඉන්න ළමයට මේ ලෝකෙ එළිය දකින්න ඉඩ තියන්නෑ……………”😠😠
“මේ ප්‍රභර්ෂ,මං මෙච්චර දවසක් තමුසෙ කියන හැම දෙයක්ම ඉවසගෙන හිටියා.ඇත්තටම තමුසෙට හිතක් පපුවක් කියලා දෙයක් නැද්ද ප්‍රභර්ෂ.මේ දරුවාට තමුසෙ මෙච්චර ආදරෙයි නම්,ඇයි මගෙ බඩේ ඉන්න දරුවට ඒ ආදරෙන් බිඳක්වත් ලැබෙන්නෙ නැත්තෙ?මේ දරුවත් ඔයාගෙනෙ ප්‍රභර්ෂ…………..”😠😥
“මං කැමති නෑ කියලා දැන දැනත් තමුසෙ ළමේක් හදාගත්තෙ මේ දේපළ වලට විදින්න කියලා මං හොඳටම දන්නවා නෙතූ.මගෙ පුතාට අයිති වෙන්න තියන දේවල් තමුසෙගෙ ළමයටනෙ දෙන්න හදන්නෙ.සැන්ඩ්‍රා මැරුණා කියලා හිතන්න එපා මං උඹට ආදරේ කරයි කියලා………….”😠😠
“තමුසෙ මගෙ ජීවිතේ කෑවා ප්‍රභර්ෂ.ඒ ගෙදර ඉන්නැද්දී මං මොන තරම් දුක් වින්දද?ඔයාව කසාද බැඳලා මේ ගෙදරට ආවට පස්සෙ සතුටින් ඉන්න ලැබෙයි කියලා මං කොච්චර හීන දැක්කද.ඒ හැම දෙයක්ම ඔයා විනාශ කරා ප්‍රභර්ෂ.මං හිතුවෙ ඔයා මට ආදරේ නොකලට අඩුම තරමෙ දරුවටවත් ආදරේ කරයි කියලා.තමුසෙ මහ තිරිසනෙක් ප්‍රභර්ෂ…………….”😭😭
මගෙ කොණ්ඩෙන් අල්ලලා ඇදපු ප්‍රභර්ෂ මට ගහන්න අත ඉස්සුවත් ගැහුවෙ නෑ.මට බයටම කෑ ගැස්සුනා. මාව අතෑරපු ප්‍රභර්ෂ කාමරෙන් එළියට ගියා.බාතෲම් එකට ගිහින් නා ගත්තු මං රෝස පාට ගව්මකුත් ඇඳගෙන කණ්ණාඩිය ඉස්සරහට වෙලා කොණ්ඩෙ පීරමින් හිටියා.ප්‍රභර්ෂගෙ පුතා ඇවිත් මගෙ අතේ එල්ලුනා.
“ආන්ටිග නම් මොකක්ද්?…………..”
“මගෙ නම නෙතූ.පුතාගෙ නම මොකක්ද?…………..”
“මග් නම් ශේන්……………”
පුතාට හොඳට සිංහල කතා කරන්න පුලුවන්.එයාගෙ ආච්චි සිංහලනෙ. ආච්චි වෙන්න ඇති සිංහල උගන්නන්න ඇත්තෙ.
“ආන්ටි…..මගෙ මමී නේද?…………..”
පුතා එහෙම අහනකොටම ප්‍රභර්ෂ කාමරේට ආවා.මගෙ අත අතෑරපු පුතා ප්‍රභර්ෂ ලඟට දුවලා ගියා.
“ඩැඩී මේ අන්ටි නේද මගෙ මමී?…………..”
“නෑ පුතේ.එයා ඔයාගෙ මමී නෙවෙයි. ඔයාගෙ මමී ගොඩාක් හොඳ කෙනෙක්. එයා හරිම ලස්සනයි.ඔයාට ගොඩාරියක් ආදරෙයි……………”
“නෑ ඩැඩී.මමීට වැඩිය ආන්ටි ලස්සනයි. මමී මං ගාව ඉන්නෙත් නෑ.එයා මට ආදර් නෑ.ආන්ටි නම් මට ආද්රෙයි.ඩැඩී නපුරුයි වුනාට් ආන්ටි හොදයි…………..”
කට උල් කර කර පුතා කියපුවාට ප්‍රභර්ෂගෙ මූණ දෙක වුනා.හොඳ වැඩේ.ආවා මෙතන මගෙ නැති වැරදි හොයාගෙන.මේ පොඩි එකාට වුනත් තේරෙනවා එයාගෙ තාත්තගෙ තියන නපුරුකම.
“පුතා ගිහින් ටීවි බලන්නකෝ………….”
කියපු පමාවට පුතා දුවලා ගියා ටීවි බලන්න.මං ගාවට ආපු ප්‍රභර්ෂ මගේ අත මිරිකලා අල්ල ගත්තා.
“අනේ මගෙ අත අතාරින්න ප්‍රභර්ෂ. රිදෙනවා අනේ…………….”
“මට රිද්දන්නද ළමයව තමුසෙගෙ පැත්තට හරවගන්නෙ?ලැජ්ජ නැද්ද අර පොඩි දරුවගෙ ඔලුවට විශබීජ දාන්න?………….”😡😡
“විකාර කියවන්න එපා ප්‍රභර්ෂ.මට උවමනාවක් නෑ පුතාව මගෙ පැත්තට ගන්න.ඒ දරුවා මගෙන් ඇහුවෙ මං එයාගෙ අම්මා නේද කියලා.ඔයාගෙ තියන නපුරු ගති,දුෂ්ඨ ගති දරුවට හොඳට දැනෙනවා ප්‍රභර්ෂ.ඔයාට රිද්දන්න මට කොහෙත්ම උවමනාවක් නෑ.
මගෙ හිතේ පුතා ගැනවත් සැන්ඩ්‍රා ගැනවත් කිසිම වෛරයක් තරහක් නෑ. ඔයා තමයි මගෙ නැති වැරදි හොයාගෙන මට රිද්දන්න හිතාගෙන ඒ පොඩි දරුවගෙ ඔලුවට විශබීජ දාන්නෙ……………..”
ප්‍රභර්ෂ පුතාවත් තුරුල් කරගෙන ඇඳේ නිදාගෙන හිටියා.ඒ ඇඳේ පැත්තකින් මාත් නිදාගන්න හැදුවත් ඉඩ නැති හින්දා සීට් එකක් එලාගෙන මං බිමින් නිදා ගත්තා.රෑට ඉවසගන්න බැරි තරම් බිම සීතලයි.ඒත් මං ඒ සීතල දරා ගත්තා.
“මොකද තමුසෙ ඊයෙ බිමින් නිදාගත්තෙ?…………..”
“පුතා එහාට මෙහාට දඟලනකොට කකුලක් හරි අතක් බඩේ වැදෙයි කියලා හිතුණු බය හින්දයි බිමින් නිදා ගත්තෙ……………”
“හ්ම්ම්.මං යනවා පුතාව හොඳට බලා ගන්නවා…………..”
“හා.බුදු සරණයි ප්‍රභර්ෂ……………”
💔💔
“මමී සෙල්ලං කරමූ……………”
පුතා ලොකු බෝලයක් අරන් මං ගාවට ආවා සෙල්ලම් කරන්න.මං හිනා වෙලා පුතාව මගෙ ඔඩොක්කුවෙන් වාඩි කරගෙන ඔලුව අත ගෑවා.
“ඩැඩී පුතාට කිව්වද මට මමී කියන්න කියලා………….”
“ඔව්.ඩැඩී තමයි කිව්වෙ එහෙම කිය්න්න කිය්ලා…………”
මං පුතාත් එක්ක මිදුලට ගිහින් සෙල්ලම් කරා.පුතා නම් මාත් එක්ක හරිම සතුටින් සෙල්ලම් කරනවා.එයා මගෙන් දකින්නෙ එයාගෙ අම්මව.මං පුතාට ආදරේ කරද්දී එයාගෙ තාත්තා ඒක දකින්නෙ මං පුතාව එයාගෙන් ඈත් කරන්න හදනවා කියලා.ටික වෙලාවකින් ප්‍රභර්ෂගෙ අම්මා අපි ගාවට ආවා.
“පුතේ…..අම්මාට බෑ ඔයත් එක්ක සෙල්ලම් කරන්න.එයාට මහන්සි වෙන්න හොඳ නෑ.දුවේ ඔයා ඇවිත් ගේ ඇතුලෙන් වාඩි වෙලා ඉන්න.ඔය බෝල පාරක් එහෙම බඩේ වැදුනොත් එහෙම………….”😠😠
“අනා මමී………….”
“මමී මොන මමියක්ද?මමී නෙවෙයි අම්මා කියන්න………….”😠😠
අම්මා බනිද්දී පුතා මුහුණ ඇඹුල් කර ගත්තා.එයා බෝලෙත් අරන් ඔංචිල්ලාවෙන් වාඩි වුනා…………..”
“අම්මෙ මොනවා වුනත් ඒ දරුවා පව්නෙ.ප්‍රභර්ෂගෙ වැරදි වලට ඒ දරුවා පලි නෑනෙ…………..”
“ඔයාගෙ හිත ගැන මට ආඩම්බරයි දුවේ.ඔය හිත ඉක්මනට ප්‍රභර්ෂ පුතා තේරුම් ගනියි.ඔයා මේ ළමයට ආදරේ කරනවා වගේ ඔයාට ලැබෙන්න ඉන්න දරුවට ප්‍රභර්ෂ පුතා ආදරේ කරයි……………”
“එහෙම වෙනවා නම් කොච්චර දෙයක්ද අම්මෙ……………”
“ආ…………”
එකපාරටම පුතාගෙ ඒ සද්දෙට මං ඔංචිල්ලාව දිහා බැලුවා.එයා ඔංචිල්ලාව පල්ලට වැටිලා.අම්මයි මායි ඉක්මනට දුවලා ගිහින් පුතාව නැගිට්ටෙව්වා.එයාගෙ නලල හරියෙ ටිකක් තුවාල වෙලා.මං ඉක්මනට ප්‍රථමාධාර පෙට්ටිය ගෙනත් පුතාගෙ නලලට බෙහෙත් දැම්මා.දැන් ප්‍රභර්ෂ ආවම මට හොඳටම බැනුම් අහන්න වෙයි පුතාව හරියට බලා ගත්තෙ නෑ කියලා.එයාගෙ වැඩේ ඉතිං මට බන්න එකනෙ.
💔💔
“පුතා නිදා ගන්නකෝ.තුවාලෙට අම්මා බෙහෙත් දාපු නිසා ඉක්මනට සනීප වෙයි…………”
මං පුතාගෙ ඇඟ හෝදවලා වෙන ඇඳුමක් ඇන්දෙව්වා.බත් කවලා පුතාව නිදි කරවලා කාමරේ දොර වහලා අපේ කාමරේට ආවා.ටික වෙලාවක් යද්දී ප්‍රභර්ෂත් ආවා.එයා කෙලින්ම පුතාගෙ කාමරේට ගිහින් අපේ කාමරේට ආවෙ.
“තමුසෙ ශෝක් එකට ළමයාව බලා ගත්තා නේද?මක් වෙලාද ලමයගෙ නලල තුවාල වුනේ?…………”😠
“අනේ ඔහොම කෑ ගහන්න එපා ප්‍රභර්ෂ.පුතා ඔංචිල්ලාව පල්ලට වැටුනා.චුට්ටයි තුවාල වුනේ.මං බෙහෙත් දැම්මා………….”
“ළමයව බලා ගන්න දීලා එක දවසයි ගියේ.එයා තුවාල කරගෙන.ඇත්ත කියපන් නෙතූ,උඹ මාත් එක්ක තියන තරහට ළමයව ඔංචිල්ලාව පල්ලට තල්ලු කරා නේද?…………..”😡😡
“හෙන ගහන කතා කියන්න එපා මනුස්සයො.තමුසෙත් එක්ක තියන තරහට මට ඒ පුංචි එකාගෙන් පලි ගන්න උවමනාවක් නෑ.පුතාව තුවාල වෙච්චි එකට මටත් දුකයි………….”😡😡
කාලය හෙමින් හෙමින් ගත වුනා.දැන් වෙනදාටත් වඩා ප්‍රභර්ෂගෙ පුතා මාත් එක්ක ලෙංගතුයි.එයා කට පුරාම මට අම්මා කියලා කතා කරනවා.එයා ඉගන ගන්නෙ සිංහල මොන්ටිසෝරියක.
මං පුතාට සිංහල උගන්නනවා.පුතා මට හරිම ආදරෙයි.එයා හැම වෙලේම මගෙන් අහන්නෙ අම්මේ මල්ලියාව ගේන්නෙ කවද්ද කියලයි හැබැයි ප්‍රභර්ෂ නම් තාම ඒ විදියමයි.මාත් එක්ක හරියට කතා කරන්නෙත් නෑ.
“අම්මා…..මට බත් කවන්නකෝ………….”
“එන්න මං පුතාට බත් කවන්නම්.කෝ තාත්තා?………….”
“තාත්තා නිදි………….”
නිවාඩු දවසට ප්‍රභර්ෂ නැගිටිනකොට උදේ දහය විතර වෙනවා.පුතාට කවල ඉවර වෙලා මාත් කෑම කෑවා.මේ කාලෙ නම් එක එක කෑම ජාති කන්න ආස හිතෙනවා.ප්‍රභර්ෂගේ අම්මා හදලා දීපු අලුවා කෑල්ලක් කාපු මං පුතාගෙ මොන්ටිසෝරියෙ පොත් වගයක් බැලුවා.පුතා හොඳට ඉගන ගන්නවා. එයාගෙ සිංහල අත් අකුරුත් ගොඩාක් හොඳ මට්ටමක තියනවා.එයාගෙ හෝදන්න තියන යුනිෆෝම් ටික වොශින් මැෂින් එකට දාලා මං කාමරේට ඇවිත් ප්‍රභර්ෂට කතා කරා.
“ප්‍රභර්ෂ නැගිටින්නකො අනේ.දැන් දහයත් පහු වෙලා.බඩගිනි නැද්ද?………….”
“පුතා කෝ?………….”
“එයා පල්ලෙහා සාලෙ වාඩි වෙලා චිත්‍රයක් අඳිනවා……………”
“පුතා කෑවද?………….”
“ඔව්.මං එයාට බත් කැව්වා……………”
“ඔයා කෑවද?……………”
😱😱😳මොකක්??මං මේ දකින්නෙ හීනයක්ද?ප්‍රභර්ෂ මාව කසාද බැඳලා අවුරුදු එකහමාරක් විතර වෙනවා.එයා පළවෙනි වතාවටයි මගෙන් “කෑවද” කියලා ඇහුවෙ.මට පුදුමත් හිතුණා.
“හ්ම්ම්……………”
එහෙම කියලා මං නෙට් එක අකුලලා ගැට ගැහුවා.ප්‍රභර්ෂ බාතෲම් එකට ගිහින් මූණ කට හෝදගෙන ආවට පස්සෙ මං කිරි එක හදලා ගෙනත් දුන්නා.
“අම්මා මං ච්‍රිතෙ ඇන්දා.මේ බලන්න ලස්සනයිද?…………..”
“ශා හරිම ලස්සනයිනෙ.කව්ද මේ?…………”
පුතා ඇඳලා තිබ්බෙ පොඩි ළමයි දෙනෙකුගෙ පින්තූරයක්.
“මේ ඉන්නෙ මම.මේ ඉන්නෙ මල්ලියා…………”
“හරිම ලස්සනයි පුතේ.තව මේ වගේ ලස්සන චිත්‍රයක් අඳින්න……………”
පුතා පොතත් අරගෙන පල්ලෙහාට ගියා.
“නෙතූ………….”
“ඇයි ප්‍රභර්ෂ?………….”
“මාත් එක්ක තරහද?……………”
“ඒ මොකටද?………….”
හිස් වීදුරුව මේසෙ උඩින් තියපු ප්‍රභර්ෂ මං ගාවට ආවා.මට බය හිතුණා ප්‍රභර්ෂගෙ මේ හැසිරීම ගැන.අඩියෙන් අඩිය මං පිටි පස්සට ගිහින් ඇඳේ ඉන්දුනා.මං ගාවින් වාඩි වුනු ප්‍රභර්ෂ මගේ අත් දෙකෙන්ම අල්ලගෙන ඇස් වලට එබුනා.
“අනේ එහාට යන්න ප්‍රභර්ෂ.මට බයයි අනේ.ඔයාට මොකද මේ වෙලා තියෙන්නෙ?…………”😭😭
මගෙ පපුව ගැහෙන්න ගත්තා ප්‍රභර්ෂ මං ගාවට කිට්ටු වෙද්දී.දෑතින්ම කොට්ටෙ තද කරලා අල්ල ගත්තු මං හිටියේ හොඳටම බය වෙලා.
“අනේ මට මොකුත් කරන්න එපා ප්‍රභර්ෂ.අනේ වදින්නම් දෙයියනේ අහකට වෙන්න………….”
“නෙතූ…..පිස්සියෙ මොකෝ මේ අඬන්නෙ?මං තමුසෙට මොකුත් කරන්නෑ.අඬන්න එපා ඕයි…………”
මං ටක්ගාලා ප්‍රභර්ෂවත් තල්ලු කරගෙන කාමරෙන් එලියට ආවා. එකපාරටම ප්‍රභර්ෂට මොකද වුනේ?එයාගෙ හැසිරීම ගොඩාක් අමුතුයි.මං දිහා බලාගෙන හිටපු විදියට මට ගොඩාක් බයත් හිතුණා.
මතු සම්බන්දයි