පතිනිය ඇයයි💔
💘”අනේ අම්මි මල්ලියව ගෙනල්ලා……. යේ……අම්මී මල්ලී චූටියිනෙ ගොඩාක්……………”
“එහෙම තමයි පුතේ තාම මල්ලි චූටියි. එයා ඔයා වගේ ලොකු වෙන්න තව ගොඩාක් කල් තියනවා……………”
අද තමයි මගේ පුංචි පුතාව අරන් ගෙදර ආපු පළවෙනි දවස.මාවයි පුතාවයි හොස්පිටල් එකේ ඉඳන් ගෙදර එක්කන් ආවෙ ප්රභර්ෂගෙ අම්මා. ප්රභර්ෂ නම් හොස්පිටල් එකට දෙපාරක් ආවා එච්චරයි.එයාට නම් පුතා ගැන කිසිම ආදරයක් සෙනෙහසක් නෑ.මං පුතාවත් අරන් කාමරේට ගියා.
පුතාගෙ බඩු ටික සේරම ප්රභර්ෂගෙ අම්මා කාමරේට ගෙනත් දුන්නා.පුතාට නම දැම්මෙත් මමයි. පුතාගෙ නම දෙනෙත් ප්රභාෂ්වර.ශේන් පුතා නම් දෙනෙත් පුතාට ගොඩාක් ආදරෙයි.මල්ලි ගාවින් අහකට යන්නෙම නෑ එයා.මං පුතාට කිරි දීලා එයාව නිදි කරවලා පොඩි නෙට් එක දැම්මා.
“අම්මි මල්ලිට බත් කන්න බැරිද?………….”
“බෑ පුතේ.මල්ලියගෙ කටේ තාම දත් ඇවිල්ලා නෑනෙ………….”
“එතකොට එයා කන්නෙ මොනවද?…………..”
“එයාට දැන්ම මොකුත් කන්න බෑ පුතේ. අම්මා කුක්කු විතරයි බොන්න පුලුවන්…………..”
“අම්මා කුක්කු රසයිද?පිටි කුක්කු වගේද?…………..”
“පුතා අම්මා කුක්කු බීලා නැද්ද පොඩි නැද්ද පොඩි කාලෙ?…………..”
“නෑනෙ………….”
අනේ දෙයියනේ සැන්ඩ්රා මේ ළමයට පුංචි කාලෙදිවත් එයාගෙ කිරි දීලා නැද්ද?සැන්ඩ්රා මේ දරුවට ආදරේ කරලා නැද්ද?සමහර විට දරුවා පුංචි කාලෙදි මව් කිරි බීලා ඇති මතක නැති වුනාට.
ශේන් පුතාට ප්රශ්න කෝටියයි දෙනෙත් පුතා ගැන.ඇයි අම්මෙ මල්ලි අතේ ඇඟිලි සේරම නමාගෙන ඉන්නෙ?ඇයි මල්ලිට අපි වගේ කතා කරන්න බැරි?ඇයි මල්ලි එකම විදියට ඉන්නෙ?
ඇයි එයා නැපි විතරක් අඳින්නෙ?ඒ ප්රශ්න වලට උතතර දීලාම මට පිස්සු වගේ. හෝදලා වේලෙන්න බැල්කනියෙ වැලට දාපු පුතාගෙ රෙදි වගයක් අරන් මං කාමරේට එද්දි ප්රභර්ෂ ගෙදර ඇවිත්. එයා පුතාව වඩාගෙන නළවනවා. පුදුමයි එයාට දරු කැක්කුමක් තිබුනා දෙනෙත් පුතා ගැන.
ටිකක් වෙලා යද්දී ශේන් පුතා බෝලයක් අරන් කාමරේට ආවා.
“ශේන් කාමරේ බෝල සෙල්ලම් කරන්න එපා.මල්ලිගෙ ඇඟේ වදියි.ඕක අරන් යන්න ඔයාගෙ කාමරේට…………..”😠
ප්රභර්ෂ එහෙම කියලා ශේන් පුතාට සැර කරා.පුදුමයි එයා දෙනෙත් පුතා වෙනුවෙන් ශේන් පුතාට සැර කරපු එක.හොරාට මං දිහා බලන් හිටපු ප්රභර්ෂ බාතෲම් එකට ගියා.තාත්තයි නංගියි ඇවිත් මාවයි පුතාවයි බලලා ගියාට කුඩම්මා නම් පැත්ත පළාතකවත් ආවෙ නෑ.එහෙම ආපු නැති එක ගැන මට පුදුමයකුත් නෑ.මට තාම සනීප නැති හින්දා පුතාගෙ හැම දේකටම උදව් කරන්නෙ ප්රභර්ෂගෙ අම්මා.
“නෙතූ……………”
“ඇයි ප්රභර්ෂ?…………….”
“තමුසෙ මාත් එක්ක තරහයිද?…………..”
“මම නෙවෙයිනෙ ප්රභර්ෂ ඔයානෙ මාත් එක්ක තරහ වෙලා හිටියෙ……………”
“මං හිතුවෙ සැන්ඩ්රා මැරුණා කියලා දැන ගත්තම ඔයා සතුටු වෙයි කියලා…………..”
“මනුස්සයෙක් මැරුණම සන්තෝශ වෙන්න තරම් මං දරුණු හිතක් මට නෑ ප්රභර්ෂ.ඔයාගෙ හිතේ සැන්ඩ්රාට තියන ආදරේ ගැන මට කියද්දී මගෙ හිතට දුකක් පුංචි ඉරිසියාවක් දැනුනා තමයි.
ඒත් මං කවදාවත් සැන්ඩ්රාට ඔය වගේ විනාශයක් වෙන්න කියලා පැතුවෙ නෑ. මට පස්සෙ සැන්ඩ්රා ඔයාගෙ ජීවිතේට ඇවිත් ඊට පස්සෙ ඔයා මට වෙනස්කම් කරා නම් මගෙ හැසිරීම මීට වඩා වෙනස් වෙන්න තිබුනා.ඔයා වැරදි නෑ ප්රභර්ෂ මමයි වැරදි.අන්සතු හදකට ආදරේ කරපු මමයි වැරදි…………..”
එහෙම කියලා පුතාට සීට් එක පොරවලා මාත් නිදා ගත්තා.රෑට සමහර වෙලාවට පුතා නිදා ගන්නෙම නෑ.ඇහැරිලා නවත්තන්නෙ නැතුව හොඳටම අඬනවා.ඒ වෙලාවට මායි ප්රභර්ෂයි ඇහැරිලා පුතාව නළවගන්නවා.මට නිදිමත නම් නිදා ගන්න කියලා ප්රභර්ෂ පුතාව වඩාගෙන කාමරේ පුරාම ඇවිදිනවා.මට ආදරේ නැති වුනාට ප්රභර්ෂ දරුවට ආදරෙයි.
“කෝ දෙන්න ප්රභර්ෂ පුතාව මට.ඔයා දැන් ගොඩාක් වෙලා ඇහැරිලා හිටියනෙ නිදිමතත් ඇතිනෙ…………”
මං එහෙම කිව්වම මං දිහා රවලා බලපු ප්රභර්ෂ පුතාව තුරුල් කරගෙන කාමරේ පුරාම ඇවිද ඇවිද නැලෙව්වා. රවන්න තරම් දෙයක් කිව්වයැ මම.
💔💔
පුතාට තිබුනෙ ප්රභර්ෂගෙ පෙනුමමයි. ලොකු වෙනකොට තාත්තා වගේ වෙයිද දන්නෑ.අනේ එහෙම නම් වෙන්න එපා පුතේ.ඔයාගෙ තාත්තගෙ වැඩ හින්දා මං නොසෑහෙන්න දුක් වින්දා.ඔයා හොඳ ගතිගුණ ඉගනගෙන හොඳ මනුස්සයෙක් වෙන්න.කවදාවත් කාටවත් දුකක් දෙන්න නම් එපා…………………..මං පුතාගෙ සිනිඳු කම්මුල් පෙති අතගාමින් එහෙම මිමිණුවා.
“මොනවද මගෙ කොල්ලත් එක්ක කුටු කුටු ගාන්නෙ?…………..”
පුතා ගාවින් වාඩි වෙමින් ප්රභර්ෂ එහෙම ඇහුවා.
“මොකුත් නෑ……………”
හිනා වෙලාම මං එහෙම කිව්වා.ප්රභර්ෂ පුතාව එයාගෙ ඔඩොක්කුවෙන් තියාගෙන නළවනවා.පුතා කටේ ඇඟිල්ලක් තියාගෙන බලාගෙන ඉන්නවා.නොතේරෙන භාෂාවෙන් මොනවදෝ කියෝනවා.
“මොනවද අප්පේ මෙයා මේ කියවන්නේ පණ්ඩිතයා වගේ.මට නම් මෙලෝ සසරක් තේරෙන්නෙ නෑ…………..”
“නෙතූ……………”
ප්රභර්ෂ,පුතාව ඇඳෙන් තියලා මං ගාවට ඇවිත් වාඩි වුනා.එයා බලන් හිටියේ මගෙ ඇස් දිහාමයි.මට ඒ ඇස් දිහා බලාගෙන ඉන්න බැරි අපහසුවක් දැනුනා.මම මගේ දෑස් බිමට යොමු කරා.ප්රභර්ෂ එයාගෙ ඇඟිලි තුඩු වලින් මගෙ මගේ මුහුණ එයාගෙ පැත්තට හරව ගත්තා.
“මට සමාවෙන්න නෙතූ.මං ඔයාට ආදරෙයි………….”
එහෙම කියලා ප්රභර්ෂ මාව එයාගෙ උරහිසට වාරු කරගෙන මගෙ ඔලුව අතගෑවා.ප්රභර්ෂ මට ආදරෙයි කිව්වෙ ඇත්තටමද?නැත්නම් මට ඒ ඇහුනු හැටිද?මං ඔලුව උස්සලා එයාගෙ මුහුණ දිහා බැලුවා.සඳ එලියට එයාගෙ ඇස් දිලිසෙනවා.
“මගෙ මූණෙ පෙරහැරක් යනවද?………….”😉😆
දඟකාර සිනහවක් පාමින් ප්රභර්ෂ එහෙම අහද්දී මට හිනා ගියා.මගෙ නලලත මත හාදුවක් තැවරූ ප්රභර්ෂ ඇඳේ දිගෑවෙලා මගේ ඔඩොක්කුවෙන් පරිස්සමට ඔලුව තියා ගත්තා.
“ඔහොම බලන්න එපා බං.මට මොකක්ද වගේ වෙනවා.මොනවහරි කියන්නකෝ…………..”
“කියන්න ගොඩාක් දේවල් තියනවා ප්රභර්ෂ…………….”
“කියන්න ඉතිං.රෑ එලිවෙනකල් හරි මං අහගෙන ඉන්නම්.බැන්නත් කමක් නෑ මං ඉවසන්නම්.මං හින්දා ඔයා ගොඩාක් දුක් වින්දනේ.ඔයාට කැමති දඬුවමක් දෙන්න…………….”
“සැන්ඩ්රා මැරුණෙ මොනවා වෙලාද ප්රභර්ෂ?……………”
“එයාට කැන්සර් එකක් තිබුණා නෙතූ. පුතා ඉපදෙන්න මාසයක් විතර තියෙද්දී තමයි දැනගත්තෙ.එයාට මැරෙන්න බයක් තිබ්බෙ නෑ.පුතා ඉපදුනාට ඩොක්ටර්ලා සැන්ඩ්රාට කිව්වා මව්කිරි දෙන්න එපා කියලා දරුවට.සැන්ඩ්රාගෙ ඇඟ පුරාම කැන්සර් එක පැතිරිලා කියලා.ඇමරිකාවෙ හොඳම ඩොක්ටර්ලාට මං සැන්ඩ්රාව පෙන්නුවා. ඒත් එයාව හොඳටම සනීප කර ගන්න බැරි වුනා.බෙහෙත් වලින් එයා අවුරුදු
තුනහමාරක් විතර හොඳට හිටියා. ආයෙමත් ලෙඩේ වැඩිවෙන්න පටන් ගත්තා.දෙවෙනි පාර නම් එයාව ගොඩ දා ගන්න බැරි වුනා.අන්තිම මාස හයම එයා හිටියෙ හොස්පිටල් එකේ.එයා ලෙඩ වෙලා හිටපු කාලෙ මට කිව්වා එයා වෙනුවෙන් බලන් ඉන්නැතුව මට වෙන කෙනෙක්ව මැරි කරන්න කියලා. ඒත් මගෙ හිතෙන් එයාව ඈත් කරන්න මට බැරි වුනා…………..”
“පව්.මටත් දුකයි සැන්ඩ්රා ගැන…………..”
“අපි දැන් මේ කතාව නවත්තමු නෙතූ.ඒ ගැන තවත් හිත රිද්දගන්න බෑ…………..”
“මට සමාවෙන්න ප්රභර්ෂ ඔයාගෙ හිත රිද්දුවට………….”
මගෙ ඔඩොක්කුවෙන් නැගිටපු ප්රභර්ෂ ඇඳ වියලෙ දෙපැත්තට දෑත් තියාගෙන මගේ මුහුණට එබුනා.මට බයකුත් දැනුනා.තාම මට හරියට සනීපත් නෑ.
“අනේ පොඩ්ඩක් අහකට වෙන්නකො ප්රභර්ෂ…………….”
“ඒ ඇයි මං අහකට යන්නෙ?මං ඔයාගෙ මහත්තයනෙ.මං ලඟට එද්දි බය වෙලා වෙව්ලනවා……………”
නෝක්කාඩු ස්වරයෙන් ප්රභර්ෂ එහෙම කිව්වා.
“අනේ එපා ප්රභර්ෂ.මට තාම සනීප නෑනෙ.ඉවසන්න පුරුදු වෙනවා මෝඩයො……………”😁😉
නහයට තට්ටු කරලා මං එහෙම කියද්දී ප්රභර්ෂ හිනා වෙලා මගෙ කොණ්ඩෙ අවුල් කරා.පිස්සු කෝලමක් මේ මෝඩයා නම්.
“හරි එහෙනම්.ඉක්මනට සනීප වෙනවකො මැඩම්.මං අල්ල ගන්නම්………….”
“පිස්සු කෝලමක් ඔයා නම්…………..”
කාලය ගත වුනේ ප්රභර්ෂගෙ සිතේ මං ගැන ඇති ආදරය තව තවත් වැඩි වෙමින්.අයියගෙයි මල්ලිගෙයි පුංචි පුංචි රණ්ඩු බේරලා ඉවරයක් නෑ.රණ්ඩු වුනාට අයියා මල්ලිට පණ වගේ ආදරෙයි.ප්රභර්ෂගෙ වැඩේම මේ දෙන්නට සැර කරන එක.කියන දේ නම් බිංදුවක්වත් අහන්නෑ සමහර වෙලාවට.
අයියගෙයි මල්ලිගෙයි රණ්ඩු නැවතුනේ එයාට පුංචි නංගියෙක්ව ගෙනාවට පස්සෙ.හැබැයි නංගියාව බෙදා ගන්න බැරුව දෙන්නා රණ්ඩු වෙනවා.රණ්ඩු වෙලා විනාඩි පහක් යන්නෑ දෙන්නා ආයෙමත් යාලු වෙනවා. තුන් දෙනාගෙම කෝලම් දිහා බලාගෙන ප්රභර්ෂයි මායි සතුටින් කල් ගෙව්වා.
නිමි💔❤️