“නෙතූ…..නෙතූ…..නැගිටපන් යකෝ………….”😡😡

ප්‍රභර්ෂගේ කටහඬට මං උඩ විසික් වෙලා ඇහැරුනා.එයා ක්‍රෝධය වෛරය පිරුණු දෑසින් මං දිහා දත් මිටි කාගෙන බලාගෙන හිටියා.මං ඇස් පොඩි කරන් නැගිට්ටා.නිරුවත් ලමැද බෙඩ්ශීට් එකෙන් වහගෙන මං ප්‍රභර්ෂ දිහා බලාගෙන හිටියේ අසරණ දෑසින්.ඊයෙ සිද්ද වෙච්චි දේවල් දැන් ප්‍රභර්ෂට මතක් වෙනවා ඇති.මගේ කෙස් වැටියෙන් අල්ලා ඇදපු ප්‍රභර්ෂ මගෙ කම්මුලට ගැහුවා.

“අනේ ගහන්න එපා ප්‍රභර්ෂ.මං වැරැද්දක් කරේ නෑ දෙයියනේ.පොඩ්ඩක් මං කියන දේ අහන්න………….”😭😭

“කියපිය පර බැල්ලි මොකක්ද ඊයෙ වුනේ?……………..”

“ඔ…..ඔයා ගොඩාක් බීලා හිටියෙ ප්‍රභර්ෂ.ඔයා හැසිරුනේ තිරිසනෙක් ගානට.මං ගොඩාක් උත්සහ කරා ප්‍රභර්ෂ ඔයාගෙන් ගැලවෙන්න.ඒත් ඔයා මාව අතෑරියෙම නෑ……………”😭😭

අත් දෙක එකතු කරලා වැඳගෙන කඳුලු පිරි දෑසින් මං ප්‍රභර්ෂට එහෙම කිව්වා.ඒත් ප්‍රභර්ෂ මං කියපු දේවල් එතරම් විශ්වාස කරපු බවක් පෙනුනෙ නෑ.

“උඹට…..උඹ කියන්නෙ බොරු නෙතූ. කියපන් උඹ මගෙ ඩ්‍රින්ක්ස් වලට මොනවද දැම්මෙ.කව්දාවත් මං ඩ්‍රින්ක් ගත්තා කියලා මෙහෙම වෙන්නෑ.උඹට ඕනි කොහොම හරි මාව උඹේ මිනිහා කරගන්න…………….”😡😡

“මෙතන ඔයාට ඔය තරම් කේන්ති ගන්න දෙයක් උනේ නෑ ප්‍රභර්ෂ.මං ඔයාගෙ බිරිඳ.ඉතිං මං මොකටද ඊයෙ ඔයාගෙන් ගැලවෙන්න උත්සහ කරන්නෙ?…………….”

“ඒ කියන්නෙ උඹ මට මත් වෙලා හිටපු වෙලාවෙ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තා.මේ අහපං නෙතූ. උඹට කව්දාවත් බෑ සැන්ඩ්‍රාගෙ තැන ගන්න.මගෙ හිතේ ඉන්නෙ සැන්ඩ්‍රා විතරයි.මේ කසාදෙ සිද්ද වුනා කියලා උඹට බෑ ස්‍රැන්ඩ්‍රාව මගෙන් අයින් කරන්න.සැන්ඩ්‍රා තමයි මගෙ බිරිඳ…………….”😡😡

“මට ඔයාගෙයි සැන්ඩ්‍රගෙයි අතරට එන්න ඕන්නෑ ප්‍රභර්ෂ.ඔයාට කවදාවත් මාව තේරුම් ගන්න බෑ ප්‍රභර්ෂ…………..”😭😭

දෑතින්ම ඔලුවෙ හිසකෙස් ඇදගනිමින් ප්‍රභර්ෂ ඇඳේම වාඩි වුනා.කඳුලුත් පිහදා ගත්තු මං ටවල් එකත් ගත දවටාගෙන බාතෲම් එකට ගියා.මූණ කට හෝදගෙන දත් මැදලා කාමරේට එද්දී ප්‍රභර්ෂ කාමරේ හිටියෙ නෑ.එයා හිටියෙ බැල්කනියෙ.

ඇඳුමක් ඇඳගෙන ඇඳ සීට් එක අරගෙන බලද්දියි මං දැක්කෙ ඒකෙ සටහන් වෙච්චි මගේ පිරිසිදුකමේ සටහන.ඒක ප්‍රභර්ෂත් දකින්න ඇති.ඇඳ ඇතිරිල්ල වොශින් මැෂින් එකට දාපු මං ප්‍රභර්ෂගෙ තේ එක හදාගෙන කාමරේටම ගෙනත් දුන්නා.

“ඇයි නෙතූ තමුසෙ මෙච්චර මෝඩ වුනේ?…………..”

“මොකක්ද මං කරපු මෝඩකම?ඔයා මගේ කසාද මනුස්සයා.මේක මගෙ අයිතිය.මං ඒ අයිතිය ඔයා දෙනකල් බලන් හිටියෙ නෑ.මට සමාවෙන්න ප්‍රභර්ෂ…………….”

කට වහපිය බැල්ලි.යකෝ සැන්ඩ්‍රා මගේ කසාද ගෑණි.මගෙ අයිතිය තියෙන්නෙ උඹට නෙවෙයි.හිටපන් මං උඹව දික්කසාද කරනවා.උඹව ආයෙමත් අර අපායට යවනවා……………”😡😡

“තමුසෙට මාව එහෙම ලේසියෙන් යවන්න බෑ ප්‍රභර්ෂ.උඹ මට බොරු කරලා මාව රවට්ටලයි කසාද බැන්දෙ. මං උඹට විරුද්දව පොලීසි ගියොත් උඹට මිනිස්සු මූණටම කෙල ගහයි………….”😡😡

ප්‍රභර්ෂ හීනෙකින්වත් හිතන්න නැතුව නැතුව ඇති මං එයාට මෙහෙම කතා කරයි කියලා.ඇස් ලොකු කරගෙන ප්‍රභර්ෂ මං දිහා බලාගෙන හිටපු විදියට මට චුට්ටක්වත් බයක් දැනුනෙ නෑ.මේ හැම දෙයක්ම සිද්ද වුනේ ප්‍රභර්ෂ නිසා. එයා මට කසාදෙට කලින් මේ දේවල් කියලා තිබ්බා නම් මං කියටවත් එයාව කසාද බඳින්නෙ නෑ.

“උඹට මෙච්චර හයියක් මගේ ගෙදර ඉඳන් මටම මෙහෙම කතා කරන්න.මං තොට අනුකම්පා කරා වැඩියි බැල්ලි………….”😡😡👋

“අනේ ගහන්න එපා ප්‍රභර්ෂ.අනේ එපා දෙයියනේ.රිදෙනවා ප්‍රභර්ෂ.අනෙ අම්මේ…………”😭😭

මගේ කෑගැහිල්ලට ප්‍රභර්ෂගෙ අම්මා කාමරේට දුවගෙන ආවා.හොඳ වෙලාවට අම්මා ආවෙ.එයා ඇවිල්ලා ප්‍රභර්ෂව පැත්තකට ඇදලා එයාගෙ කම්මුලට පාරක් ගැහුවා.

“උඹට ලැජ්ජ නැද්ද යකෝ වරදක් නොකරපු මේ අහිංසකීට ගහන්න.උඹේ අර ලංසි වේ## බඩුව හින්දද මේ අහිංසකීට අත උස්සන්නෙ?මේ උඹේ කසාද ගෑණි.උඹ එක දෙයක් දැන ගනිං පුතේ මේ දේපල වලින් එක සතයක්වත් උඹට දෙන්නෑ.උඹ ඔය සැන්ඩ්‍රා කියන ගෑණිව දික්කසාද කරපන්.නැත්නම් මේ අම්මා මැරුණා කියලා හිතා ගනින්………….”😡😡

“නැන්දම්මයි ලේලියි දෙන්නා එකතු වෙලා වෙන්න ඇති මේ දේවල් කරන්නෙ.අම්මෙ සැන්ඩ්‍රා කියන්නෙ මගෙ නීත්‍යානුකූල බිරිඳ.ඔය දෙන්නා උසාවි ගියත් කවදාවත් සැන්ඩ්‍රාව මගෙන් ඈත් කරන්න බෑ.

මේ දේවල් සිද්ද වුනේ ඔයාගෙ වැරැද්දෙනුයි අම්මෙ.මං ඔයාට කිව්වා මට නෙතූව බඳින්න බෑ කියලා.ඒත් ඔයා බලෙන්ම මේ ගෑණිව මගේ කරේ එල්ලුවා…………..”

කාලය වේගයෙන් ඉගිල ගියේ බලාපොරොත්තු වූ පරිදිම ප්‍රභර්ෂගේ දරුපැටියෙකු මගේ කුස තුල වැඩෙමින්. ඒ ආරංචිය ඇසූ ප්‍රභර්ෂ නම් සතුටු වුනේ නැහැ.හැබැයි දුක් වුනෙත් නෑ. වෙනදා මට පුංචි දේටත් පහර දීලා මගෙ හිත රිද්දපු ප්‍රභර්ෂ අද මට එහෙම කරන්නෑ.එක කාමරේ එක ඇඳක නිදා ගත්තත් උවමනාවකට ඇරෙන්න එයා මාත් එක්ක කතා කරන්නෙ නෑ.

මේ කාලෙදි මට හරියකට කෑමක් කන්න බෑ.පුදුම අප්පිරියාවක් දැනෙන්නෙ.වමනෙ යනවා හරිම අමාරුයි.මං ආස හැම කෑම බීමක්ම මට ගෙනත් දෙන්නෙ ප්‍රභර්ෂගෙ අම්මා. ප්‍රභර්ෂ මං ගැන බලන්නෙ නෑ.වමනෙ යන වෙලාවට මගෙ පිට අතගාලා ආදරෙන් මට එක වචනයක් ප්‍රභර්ෂ කතා කරන්නෙ නෑ.මං ක්ලිනික් යන්නෙත් ප්‍රභර්ෂගෙ අම්මත් එක්ක.

“ප්‍රභර්ෂ………..”

“ඇයි?…………”

“ලබන සතියෙ ඔයා මාව ක්ලීනික් එක්කන් යනවා නේද?අනේ එක පාරක් මාත් එක්ක ක්ලිනික්‍ යන්න එන්න ප්‍රභර්ෂ………….”

“මේ නෙතූ මට ඕවට යන්න වෙලාවක් යන්නෑ. තමුසෙටනෙ ළමේක් හදාගන්න උවමනා වුනේ.තමුසෙම යනවා අම්මත් එක්ක.ලබන සතියෙ මම ඇමරිකාවට යනවා.ආයෙ එන්නෙ මාස හතරකින්…………..”

අනේ එක සැරයක් ආසාවට ප්‍රභර්ෂ මට ආදරෙන් කතා කරලා නෑ.මං විඳින දුක දිහා ප්‍රභර්ෂ බලන් හිතක් පපුවක් නැති විදියට.එකපාරටම මගෙ ඇඟ සීතල වෙලා බඩ කලතගෙන ඔක්කාරෙට වගේ ආවා.මං ඉක්මනට කටයි බඩයි අල්ලගෙන බාතෲම් එකට දිව්වා.මං හිතුවෙ මං ගැන ප්‍රභර්ෂගෙ හිතේ පුංචිම හරි අනුකම්පාවක් ඇති වෙලා මං ලඟට ඇවිත් මගෙ පිට අතගාලා මට කතා කරයි කියලා.උදේට කාපු සේරම ටික වමනෙ ගියා.

ඇඟට පණත් නෑ.මං බොහොම අමාරුවෙන් ටැප් එක ඇරලා මූණ කට හෝදගෙන කාමරේට ගියා.ප්‍රභර්ෂ මං දිහා බලලා අහක බලා ගත්තා.බොහොම අමාරුවෙන් ඇඳට ඇවිත් ටිකක් ඇල වෙලා හිටියා.මට හරිම ආසාවක් දැනුනා අඹ ගැටයක් ලුණුත් එක්ක කන්න.ගෙදර ගහේ අඹ තියෙන්නෙ ගොඩාක් උඩ.අම්මට නම් කඩන්න බැරි වෙයි.

ප්‍රභර්ෂට කියන්න හිතුනත් කිව්වෙ නෑ.මං අමාරුවෙන් වමනෙ දදා ඉන්නැද්දී ඇහැක් ඇරලා බලපු නැති මිනිහා මං කන්න ආස දෙයක් ගෙනත් දෙයිද?

“හෙලෝ මචං අචින්ත මං ප්‍රභර්ෂ.මට උඹෙන් පොඩි උදව්වක් ඕනි බං………….”📲

ප්‍රභර්ෂ ඇඳේම වාඩි වෙලා කාට හරි කෝල් එකක් ගත්තා හරියට නිකන් මට ඇහෙන්න වගේ.

“ඔව් බං ඔව්.ලබන සතියෙ මං ඇමරිකාවට යනවා.ආයෙ එන්නෙ මාස හයකින්.පුතායි සැන්ඩ්‍රායි මං එනකල් බලාගෙන ඇත්තෙ.ඔව් බන් කොල්ලට දැන් අවුරුදු තුනහමාරක් වෙනවා.මට කියලා ඉන්නෙ එච්චරයිනෙ බං………….”📲

අනේ දෙයියනේ මේ මනුස්සයට මෙහෙම අහස පොළව නුහුලන අපරාධ කතා කියන්න පුලුවන්ද?එදා අම්මා නම් කිව්වෙ සැන්ඩ්‍රාගෙ දරුවා ප්‍රභර්ෂගෙ නෙවෙයි කියලා.

ඒක ඇත්තක් නම් අනුන්ගෙ දරුවෙකකුට මෙච්චර ආදරේ කරන මේ මනුස්සයා ඇයි දෙයියනේ තමන්ගෙ ලෙයින් උපදින්න දරුවට ආදරේ කරන්න බැරි?මෙතරම් දුක් විඳින්න වෙයි කියලා හිතුණා නම් මං කීයටවත් එදා මෙහෙම තීරණයක් ගන්නෙ නෑ.

දින කිහිපයකට පසුව👇👇👇

දවසින් දවස ප්‍රභර්ෂ සීමාවක් නැතුව මගෙ හිත රිද්දන්න පටන් ගත්තා. දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් නේද කියලා හිතලාවත් එයා මට බිඳක්වත් අනුකම්පා කරේ නෑ.මට පේන්නම එයාගෙ පුතාගෙ ලස්සන ලොකු ෆොටෝ එකක් ගෙනල්ලා බිත්තියේ එල්ලලා තිබ්බා.ඇත්තටම ඒ දරුවා ගොඩාක් ලස්සනයි.ළමයට තිබුනෙ සැන්ඩ්‍රාගෙ පෙනුම.

දවසක් මං සාලෙ වාඩි වෙලා ටීවි බලද්දී කව්දෝ මන්දා දොරට තට්ටු කරන සද්දයක් ඇහුනා.මං නැගිටලා බලන්න හදද්දී ප්‍රභර්ෂ ගිහින් දොර ඇරියා.

“ඩැඩී…………..”

ඩැඩී කියාගෙන ප්‍රභර්ෂගේ තුරුලට පැන්නේ වෙන කවුරුවත් නෙවෙයි එයාගෙයි සැන්ඩ්‍රාගෙයි පුතා.අවුරුදු තුනයි කිව්වට ඒ ළමයට තිබුනේ අවුරුදු පහක විතර පෙනුම.මගෙ හිත හීල්ලිලා ගියා ඒ දරුවව දකිද්දි. සැන්ඩ්‍රාව හොයන්න ඇස් ඒ මේ අත කැරකෙව්වත් සැන්ඩ්‍රා පේන්න හිටියෙ නෑ.

ප්‍රභර්ෂ පුතාව වඩාගෙන එයාව හුරතල් කරනවා.ඒත් එක්කම සාලෙට ආවෙ අවුරුදු පනහක හැටක විතර ගෑණු කෙනෙක්.එයා ඇඳලා හිටියේ කලු කලිසමකුයි නිල් බ්ලව්ස් එකකුයි.

පෙනුමෙන් නම් එයා සැන්ඩ්‍රාගෙ අම්මා වෙන්න ඇති කියලා මට හිතුණා.ඒ ගෑණු කෙනා ප්‍රභර්ෂට ලියුමක් දුන්නා. පුතාව බිමින් තියලා ප්‍රභර්ෂ ඒ ලියුම කියෙව්වා.පුතාව අතේ තියාගෙන ඉන්නැද්දී සතුටින් පිරිලා තිබ්බ ප්‍රභර්ෂගේ මුහුණ ඒ ලියුමත් එක්ක වෙනස් වෙන්න ඒ හැටි වෙලාවක් ගියේ නෑ.ලියුම අතේ තියාගෙන දෑතින්ම හිස අල්ලගෙන ප්‍රභර්ෂ සෙටියෙ වාඩු වුනා.

“අනේ ප්‍රභර්ෂ ඔයාට මොකද වුනේ ඇයි මේ?………..”

මං ගිහින් ප්‍රභර්ෂ ගාවින් වාඩි වුනා.අර ගෑණු කෙනා මං දිහා හොඳට හොඳට බැලුවා.

“ප්‍රභර්ෂ පුතා,මේ ගර්ල් කව්ද?…………”

ඒ ගෑණු කෙනා ප්‍රභර්ෂගෙන් එහෙම අහද්දී මං උත්තර දුන්නා මං ප්‍රභර්ෂගෙ වයිෆ් කියලා.ඒ ගෑණු කෙනා කලබල වුනා.

“වට්?ප්‍රභර්ෂ ඔයා ලංකාවට ඇවිත් තවත් කෙනෙක්ව කසාද බැන්ද්ද?මගෙ දුව ජීවත් වෙන්නෙ තව ටික කාලයයි හින්ද්ද ඔයා ආයෙමත් කසාදයක් කර ගත්තෙ?ඒ අහිංසකී මැරෙන්නත් කලින් ඔයා කොහොමද පුතා තවත් ගෑණියෙක්ව බැන්දෙ?………….”

දෙයියනේ මේ ගෑණු කෙනා මොනවද මේ කියන්නෙ?සැන්ඩ්‍රා මැරිලද?එතකොට ඇත්තටම මේ දරුවාගෙ තාත්තා ප්‍රභර්ෂද?මට මේ කිසිම දෙයක් ගැන හිතා ගන්න බෑ.

“මේ ගෑණි බලෙන්ම මගෙ කරේ එල්ලුනේ?මගෙ දරුවගෙ අම්මා,මගෙ සැන්ඩ්‍රා මැරුණා නෙතූ.උඹට සතුටුද දැන්?පර බැල්ලි තෝ මේක නේද බලාපොරොත්තු වුනේ?…………….”😡😡

ප්‍රභර්ෂ මට ගහන්න අත උස්සද්දිම ප්‍රභර්ෂගේ අම්මා ඒක නැවැත්තුවා. අම්මා ආවෙ නැත්නම් ප්‍රභර්ෂ ගහන්න හදපු පාර වදින්නෙ මගෙ බඩට.

මතු සම්බන්දයි