නපුරු සිතක් ළඟ
ගැහෙන හදවතින් මං ශිවන්ත ළඟට ගියා.එයාගෙ මූණෙ තියන නපුරු පාට නම් තාම එහෙම්මමයි.මේකා මට මේ මාලිගාව ලගදිත් කුණුහරපෙන්ම බනීද?මට බයත් හිතුණා.
“ස….සර් දැන්ද ආවෙ?………..”
“නෑ දැන් පැය බාගයක් විතර වෙනවා. යමු ගෙදර………..”
“අපේ හාමුදුරුවො හම්බෙන්න යමු.උන් වහන්සෙ මට කිව්වා උදෙන්ම ඇවිල්ලා හම්බෙන්න කියලා…………”
“අපේ හාමුදුරුවො කියන්නෙ ඇයි?………..”
“ඒ ගිහි කාලෙ මගෙ අම්මගෙ මල්ලි………..”
“තමුසෙ කිව්වෙ තමුසෙට නෑදෑයො කවුරුවත් නෑ කියලා.තමුසෙ එතකොට මට බොරුද කියලා තිබුනෙ?……..”😠😠
“අනේ සර්…….අම්මට මල්ලි කෙනෙක් හිටියා කියලා දන්නවා.එයා මහණ වුනාට පස්සෙ අපිට නෑදෑකම් කියන්න අයිතියක් නෑනෙ.එයා මහණ වුනේ ගිහි ජීවිතයේ තියන හැම බැඳීමකටම තිත තියලා.අනික මං මාමව පුංචි කාලෙ දැකලා තිබ්බට එච්චර ලොකු මතකයක් තිබ්බෙ නෑ…………..”
“හ්ම්ම්.දැන් එනවා මාමව හම්බෙන්න යන්න…………”
“මාමා?…………”
“ආ…නෑ නෑ.සොරි.අපේ හාමුදුරුවන්ව…………”
අනේ මන්දා මේ මනුස්සයට මෙලෝ සිහි කල්පනාවක් නෑනෙ.
අපි දෙන්නා මාලිගාව ඇතුළට ගිහින් මල් පූජා හාමුදුරුවන්ව මුණ ගැහෙන්න ගියා.මං හාමුදුරුවන්ට ශිවන්තව අඳුනවලා දුන්නා.
“දැන් එතකොට මේ මහත්තයා මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නෙ?………….”
“හාමුදුරුවනේ මං කැමතියි ජාන්වී ව කසාද බඳින්න.මං එයාව දැන් අපේ ගෙදරට එක්කන් යනවා.එහෙ මගෙ අම්මත් ඉන්නවා.මං අම්මට කියලයි ආවෙ අද ජාන්විව එක්කන් එනවා කියලා…………..”
“මේ වගේ දෙයක් මේ දරුවගෙ තාත්තට නොකියා කරන එක හොඳද?………….”
“හාමුදුරුවනේ ශ්‍රියන්ත අලහප්පෙරුම කියන්නෙ මොන වගේ මනුස්සයෙක්ද කියලා ඔබ වහන්සෙ දන්නවා ඇතිනෙ. එයාට ඕනි කරන්නෙ ජාන්විව එයාගෙ දෙවෙනි වයිෆ්ගෙ මල්ලිට විවාහ කරලා දෙන්න.ඒ මනුස්සයට අවුරුදු හතලිහත් පැනලා.තාත්තා ඉඳලත් ජාන්විට තාත්තගෙ ආදරේ ලැබිලා නෑ.
එයාට ඕනි ජාන්විගෙ අම්මගෙ ඒ කියන්නෙ ඔබ වහන්සේගෙ අක්කගෙ දේපළ ටික එයාලගෙ නමට ලියවගන්න.දේපල සල්ලි තණ්හාව නිසා එයා තමන්ගෙ දුවගෙ ජීවිතේ විනාශ කරන්නයි හදන්නෙ.එහෙම කෙනෙක් ගාවට කවදාවත් ජාන්විව යවන්න මට බෑ හාමුදුරුවනේ…………”
අපේ හාමුදුරුවෝ මටයි ශිවන්තටයි මටයි ගොඩාක් උපදෙස් දුන්නා.පැයක් විතර මාලිගාවෙ හිටපු අපි එලියට ආවා.
“මට කියනවා ඊයෙ තමුසෙට මොකද වුනේ?…………”😠😠
“ම…..මං ගියේ අපේ අම්මගෙ නැන්දා කෙනෙක්ගෙ ගෙදරට.එයාට අපි කියන්නෙ පොඩි ආච්චි කියලා.ඒත් එයා මැරිලා කියලා දන්නෙ මං එහෙට ගියාට පස්සෙයි.එහෙ හිටියෙ පොඩි ආච්චිගෙ දුව…………”
“ඉතිං එයා කැමති වුනේ නැද්ද තමුසෙව එහෙ නතර කර ගන්න?…………”😠😠
ඒ ගෑනි මට කරන්න හදපු අපරාධෙ මං ශිවන්තට කිව්වොත් එයාට කේන්ති යයි හොඳටම.ඒත් ඒක නොකියා බෑ.
“කැමති වුනා…………”
“ඉතිං ඇයි තමුසෙ එහෙ ඉන්නෙ නැතුව ඇයි ආරාමෙකට ගියේ?මේ බලනවා ජාන්වී තමුසෙ මට ඇත්ත කියනවා………….”😡😡
“මට තේ එකක් හදාගෙන එන්නම් කියලා ඒ ගෑණු කෙනා කුස්සියට ගියා. එයා එන්න පරක්කු වෙච්චි හින්දා මාත් කුස්සිය පැත්තට ගියා.මට ඇහුනා ඒ ගෑණු කෙනා කාටදෝ මන්දා ප්‍රියන්ත කියලා මනුස්සයෙකුට කෝල් මාව විකුණන්න හදනවා.
මට හොදටම බය හිතුණා.මං ටක්ගාලා බෑග් එකත් එතනින් පාරට දුවලා ඇවිල්ලා මාලිගාවට ආවා.එතනදි තමයි මට අපේ හාමුදුරුවන්ව හම්බුනේ. අපේ හාමුදුරුවේ තමයි මාව ඒ ආරාමෙට යැව්වෙ…………..”
මං හිතුවා වගේම ශිවන්තගෙ ඇස් කෝපයෙන් තරහින් දිලිසුනා.මගෙ අතින් ඇදගෙන ඇවිත් මාව කාර් එකට තල්ලු කරපු ශිවන්ත ඉස්සරහ සීට් එකට ගොඩ වුනා.
“කොහෙද ඒ ගෑණිගෙ ගෙවල් තියෙන්නෙ?………….”
“අනේ මහත්තයා ප්‍රශ්ණ ඇති කරගන්න එපා.මට බයයි.අපි ගෙදර යමු…………”😥😥
“මං අහපු දේට උත්තරේ දෙනවා. කොහෙද ඒ ගෑනිගෙ ගෙවල්?………….”😠😠
ඒ පාර ශිවන්තට හොඳටම කේන්ති ගියා.මං දිහා බලපු බැලිල්ලට මට බයකුත් දැනුනා.
“මෙ අහපං ශිවන්තයා,අපි දැන් ඒ ගෑනිගෙ ගෙදර ගිහිල්ලා ප්‍රශ්නයක් ඇති කර ගත්තොත් ඒකෙන් අපිටමයි අවාසියක් වෙන්නෙ.අපි කොහොමද පොලීසියට ඔප්පු කරන්නෙ ඒ ගෑණි වැරදිකාරයා කියලා?…………”
ධනුක ඒ කියපු කතාව ශිවන්ත ටිකක් වෙලා කල්පනා කරා.
“හරි මට කල්පනා වුනා වැඩේ.අපි ජාන්විව ආපහු ඒ ගෙදරට යවමු. හැබැයි ඊට කලින් අපි පොලීසියට ගිහිල්ලා සේරම විස්තරේ කියලා ඉම්මු………..”
ශිවන්ත කියලා දීපු විදියටම මං ඇඳුම් බෑග් එකත් අරගෙන ඒ ගෙදරට ගියා. මට බයක් දැනුනෙ නෑ මොකද ශිවන්තයි පොලීසියෙනුයි අපිව ෆලෝ කරන නිසා.මට ශිවන්තව හොඳටම විශ්වාසයි.මං බෑග් එකත් කරේ එල්ලගෙන ඒ ගෙයි දොරට තට්ටු කරා.
විනාඩියක් දෙකක් විතර ගත වෙද්දී ඊයෙ හිටපු ඒ ගෑණු කෙනාම දොර ඇරගෙන එලියට ආවා.
“ආනේ…..ඔයා කොහෙද ළමයො ඊයෙ ගියේ?තේ එක හදාගෙන මං එළියට එද්දී ඔයා හිටියෙ නෑ.මං හැම තැනකම ඔයාව හෙව්වා.මොකද ඔයාට වුනේ?එන්නකො ගේ ඇතුළට?………….”
“මේකයි නැන්දෙ එකපාරටම මට මොනවා වුනාද කියලා හිතා ගන්න බැරි වුනා.මගෙ ෆෝන් එකට මැසේජ් එකක් ආවා අප්පච්චි මාව හොයන්න නුවර ඇවිල්ලා කියලා.මට බය හිතුණා නැන්දෙ ඒකයි මං ඔයාට නොකියාම ගියේ.මට සමාවෙන්න නැන්දෙ………..”
කඳුලු බේරෙමින් මං අඬ අඬාම එහෙම කියද්දී ඒ ගෑණි ඒක විශ්වාස කරා.මට වාඩි වෙන්න කියලා ඒ ගෑණු කෙනා කුස්සියට ගියා.අනිවාර්යෙන්ම ඒ ගියේ අර මිනිහට කෝල් කරන්න වෙන්න ඇති මං ආවා කියලා.ටක්ගාලා ෆෝන් එකෙන් ශිවන්තට මැසේජ් එකක් දාපු මං මොකුත් නොදන්න තාලෙට සාලෙ ටීපෝ එක උඩ තිබ්බ පත්තරේ කියවන්න පටන් ගත්තා.
විනාඩි දහයක් විතර ගියාට පස්සෙ ඒ ගෑණු කෙනා තේ කෝප්පෙකුත් අරන් ආවා.මේකට මොනවා දාලද දන්නෑ.ඒ හින්දා මං ඒ තේ එක බිව්වෙ නෑ.ඒ ගෑනු කෙනා එහාට මෙහාට වෙද්දී මං ඒක ලග තිබිච්චි මල් පෝච්චියකට හැලුවා.
“ඔය දරුවා හැමදාම වුනත් මෙහෙ ඉන්න.මට ප්‍රශ්නයක් නෑ.මං ඕන්නම් රස්සාවකුත් හොයලා දෙන්නම්………..”
“අනේ ඒක කොච්චර හොඳද නැන්දෙ. රස්සාවක් කරන්න තියනවා නම් ගොඩාක් හොඳයි…………”
“මං අඳුරන තැනක් තියනවා එතන දුවට ජොබ් එක කරන්න පුලුවන්. හොඳට කාලා බීලා ඇඳලා සැපට ජීවත් වෙන්න පුලුවන්.දවසට රුපියල් හය හත්දාහක් විතර හොයා ගන්නත් පුලුවන්………….”
“අනෙ අම්මෝ නැන්දෙ එක දවසට රුපියල් හය හත්දාහක් හොයන්න පුලුවන් නම් මොනවද කරන්න බැරි? මොකක්ද ඒ රස්සාව නැන්දෙ?………….”
“ඔහොම ඉන්නකෝ කලබල නොවී.හය හත්දාහක් නෙවෙයි ඊට වැඩිය වුනත් හොයන්න පුලුවන්.දැන් ප්‍රියන්ත කියලා මහත්තයෙක් එයි.එයා කියයි දුවට කරන්න ඕනි දේ…………”
අවලං විදියට හිනා වෙලා ඒ ගෑණි එහෙම කියද්දී මගෙ පපුවට බියකුත් නොදැනුනා නොවෙයි.ශිවන්තයි පොලීසියෙනුයි ඇත්තෙ මේ හරියෙ හොඳ සෝදිසියෙන්.විනාඩි විස්සක් විතර යද්දී කාර් එකක් ගෙයි මිදුලෙන් නතර කෙරුවා.ඒකෙන් බැහැලා ආවෙ අවුරුදු හතලිහක හතලිස් පහක විතර පෙනුම තියන මිනිහෙක්.මෙයා වෙන්න ඇති ප්‍රියන්ත කියන්නෙ.කෙලින්ම ගේ ඇතුලට ආපු ඒ මනුස්සයා මං දිහාම බලාගෙන ඒ ගෑනු කෙනාට කතා කරා.
“මෙයා ගැන තමයි මං කිව්වෙ ප්‍රියන්ත………….”
“පට්ට කෑල්ලනෙ රම්‍යා.කොහෙන්ද හොයා ගත්තෙ මේ බෝනික්කිව?…………”
“කොහොමද කෙල්ල?මං කිව්වෙ නැද්ද මෙයාව වැඩේට ගැළපෙනවා කියලා…………”
“දැන් රම්‍යා කිව්වද මෙයාට වෙන්න ඕනි දේවල්?………..”
ප්‍රියන්ත ඒ ගෑනිත් එක්ක කතා කරත් උගෙ ඇස් තිබ්බෙම මං ගාවමයි.තොල කට ලෙව කමින් ඌ මං දිහා බැලුවෙ හරියට ගොදුරක් දිහා බලන කොටියෙක් වගේ.
“ප්‍රියන්තම කියන්නකො ඉතිං.මං හිතන්නේ……මෙයාට දැනටමත් තේරිලා ඇති අපේ වැඩපිලිවෙල ගැන. මං ඔයාලා දෙන්නට පොඩි පාර්ටියක් ලෑස්ති කරා.දෙන්නම එන්ජෝයි කරන්න.මං එතකල් ටව්න් එකට ගිහින් එන්නම්………….”
ඒ ගෑණි එහෙම කියලා පුටුවෙන් නැගිටලා ගියා.ප්‍රියන්ත කියන මිනිහා මං ගාවට ඇවිත් වාඩි වුනා.
“කමෝන් ඩාලිං.කම් කම්…………”
ඌ මගෙ අතින් අල්ලගෙන කාමරේට එක්කන් යන්නයි හැදුවෙ.මං ඊට කලින් ඉස්සර වුනා.අත මිට මොලෝලා උගෙ කම්මුලට වැරෙන් පහරක් එල්ල කරා. ඒ කම්මුලත් අල්ලගෙන කෝපයෙන්ම මං දිහා බලපු ඒ මිනිහා ලෑස්ති වුනේ මාව බලෙන්ම ඌ ගාවට ගන්න.මං ඌව පැත්තකට තල්ලු කරලා කෑ ගහගෙන එලියට දිව්වා.
ඌ මගෙ පස්සෙන් පන්නගෙන එද්දී මිදුල ඉස්සරහින්ම නතර කරේ පොලීස් ජීප් එක.ක්ෂණිකව ඒකෙන් බැහැලා ආපු පොලිස් නිළදාරීන් කිහිප දෙනෙක් ඒ මිනිහව අල්ලලා අත් දෙකට මාංචු දා ගනිද්දී තවත් පොලිස් කාන්තාවකුයි කිහිප දෙනෙක්ම ගේ ඇතුලට පැනලා අර ගෑණු කෙනාව අල්ලගෙන ආවා.මං දිහා කන්න වගේ බලාගෙන හිටපු ඒ ගෑණිවයි මිනිහවයි ජීප් එකට නග්ග ගත්තා.
පොලීසියටත් ගිහින් අපි ආපහු එන්න ලෑස්ති වෙද්දී දවල් දෙකහාමර විතර වුනා.දවල්ට කෑවෙ මගදී නතර වෙලා. අනේ මන්දා ඉස්සරහට මගෙ ජීවිතේට මොනවා වෙයිද කියලා.ශිවන්ත මාව කසාද බඳිනවා කියලා කිව්වට කසාදයක් ගැන හිතන්න මං තාම පුංචි වැඩි නැද්ද?ඉස්කෝලෙන් අවුට් වෙලා තාම අවුරුද්දක්වත් නෑ.කසාද ජීවිතේක වගකීම් උසුලන්න මට පුලුවන් වෙයිද? ඒ ගැන හිතෙත්දීත් මට නොවැටහෙන බියක් ඇති වුනා.
“මොනවද තමුසෙ කල්පනා කරන්නෙ?………….”
“ම්…..මොකුත් නෑ සර්………….”
මං එහෙම කිව්වම ශිවන්ත හිනා වුනා.
“මට සර් කියන්න ඕන්නෑ.තමුසෙ කැමති විදියකට කතා කරනවා.කැමති නම් අයියා කියනවා.එහෙම බැරි නම් ශිවන්ත කියලා කියනවා………….”
“මං…..එහෙනම් ශිවන්ත අයියා කියලා කියන්නම්………….”
“හ්ම්ම්.එහෙම කියනවකො.තමුසෙ දැන් මොකක්ද කරන්න බලාපොරොත්තු වෙන්නෙ?………….”
“මට තේරෙන්නෙ නෑ මොනවා කරන්නද කියලා ශිවන්ත අයියෙ…………”
“කසාඳ බඳිමුද?…………..”
එයා ඒක ඇහුවෙ මගෙ කන ලඟට ලං වෙලා රහසින් වගෙයි.මගෙ මුලු ඇඟම හිරි වැටිලා සීතල වෙලා ගියා වගේ දැනුනා.නොවැටහෙන අමුතු බියකින් වගේ මොකක්දෝ මන්දා හැඟීමකින් හිත පිරීලා ගියා.මගෙ අතින් අල්ලපු එයා ඒ අත මුවට තියලා සිප ගත්තා. මාව නිකන් වෙව්ලන්න වගේ පටන් ගත්තා.
“අයි ලව් යූ ජාන්වි…………..”
අනේ දෙයියනේ එයා ඇත්තටම මට ආදරෙයිද?ඒත් මට තාම මේක හීනයක් වගේ.ශිවන්ත වගේ උස මහත කෙනෙක් මං වගේ අවුරුදු දහ අටක පුංචිම පුංචි කෙල්ලෙකුට ආදරේ කරනවා කියලා හිතා ගන්න බැරි වුනා. මගේ කම්මුල් දෝතින්ම අල්ලපු එයා මගේ නලල සිප ගත්තා.මගේ දෑස් දිහා කෙලින්ම බලපු ශිවන්ත මගෙ නිකටෙන් එසෙව්වා.
“ඇයි තමුසෙ සද්දෙ නැතුව ඉන්නෙ ආ?
තමුසෙ මට කැමති නැද්ද?………….”
ඒත් මට කෙලින්ම කියන්න බෑ මං ශිවන්තට ආදරෙයි කියලා.ඒක කියා ගන්න තරම් ශක්තියක් මට නෑ. ආදරෙයි කියන හැඟීම මට මුලින්ම දැනුනේ ශිවන්ත නිසා.එයා මට ආදරේ කරනවා විතරක් මාව ගොඩාක් පරිස්සම් කරනවා.මං ගැන ගොඩාක් හිතනවා.
“ඕකේ.තමුසෙ මට කැමති නෑනෙ. ඒකනෙ ගල් ගිල්ලා වගේ සද්දෙ නැතුව ඉන්නෙ…………..”
එයා ඒක කිව්වෙ හිතේ ගොඩාක් ලොකු වේදනාවක් හංගගෙන වගෙයි.මට පව් කියලත් හිතුණා ශිවන්ත ගැන.ඇයි මට මෙච්චර ආදරේ කරන ශිවන්තට ආදරෙයි කියන්න මට බැරි?මගේ හිත මගෙන්ම ප්‍රශ්න කරන්නට වුනා.තාමත් එයා අහක බලාගෙන ඉන්නවා.මං හිමිහිට එයාගෙ ලගට කිට්ටු වෙලා ඒ උරහිසට හේත්තු වුනා.ඒත් එයා සද්දයක්වත් නෑ.
“මාත්……ආදරෙයි……ශිවන්ත අයියෙ…………..”
එකපාරටම මං දිහාට හැරුනු ශිවන්ත මාව ඒ සීට් එකට පෙරලගත්තා.මගෙ පපුව බියෙන් ගැහෙන්න වුනා.මනමාල හිනාවකින් මුව සරසා ගත් ශිවන්ත මගෙ මුහුණට එබුනා.
“අනේ එපා ශිවන්ත අයියෙ.අනේ මට බයයි………….”
“ඔ…..ශිට්…..මට තමුසෙව මුල ඉඳලම හදලා ගන්න වෙයි වගේ.මොකද ඕයි ඔච්චරම බය?……………”
එයා මගේ ඉන වටේට අත් දෙක යවලා මාව තුරුල් කර ගත්තා.මේක මගේ පළමු ආදරේ.පලමු වැලඳ ගැනීම.ඉතිං බය නොවී තියේවිද?ඒක මේ ගොං වස්සාට තේරෙන්නෙ නෑනෙ.😆😁
“මං දන්නෑ.මං කවදාවත් කාටවත් ආදරේ කරලා නෑ.මේ දේවල් මට පුරුදු නෑ.මේ හැම දෙයක්ම මට ආගන්තුකයි. ඒකයි බයක් දැනෙන්නෙ………….”
“හ්ම්ම්.කමක් නෑ.තමුසෙ හිමිහිට මේ දේවල් වලට පුරුදු වෙයි.මං ළගට එද්දී ඔහොම බය වෙන්න එපා.මොකද මං තමුසෙව කන්නෑනෙ………….”
“ශිවන්ත අයියෙ මට එක උදව්වක් කරනවද?…………..”
“ඒ මොකක්ද?…………..”
“මගෙ අම්මට අයිති වෙලා තියන දේපල ටික මට ගන්න ඕනි………….”
“ඉතිං ඒවා තියෙන්නෙ තමුසෙගෙ නමටනෙ………….”
“ඔව්.ඒවගෙන් දැන් සැප විඳින්නෙ අප්පච්චියි කුඩම්මයි.ඒ දේවල් මගේ පැත්තට ගන්න ඕනි………….”
“තමුසෙගෙ තියන තණ්හාව. මොකටද ඔච්චර සල්ලි?ඔය වගේ හත් අට ගුණේකටත් වඩා සල්ලි මට තියනවා. ඔන්න ඕක අතෑරලා දානවා………….”
“තණ්හාවට නෙවෙයි ශිවන්ත අයියෙ මං කියන්නෙ.මේ හැම දෙයක්ම මගෙ අම්මගෙ දෙමපියො දහඩිය මහන්සියෙන් හම්බු කරපු දේවල්. එයාලා ඒ දේවල් මගෙ අම්මට ලිව්වා.ඒ දේවල් මංකොල්ල කන්නයි අප්පච්චී අම්මව කසාද බැඳලා තියෙන්නෙ.අර ජරා ගෑනි හින්දා මගෙ අම්මා මොන තරම් දුක් විඳින්න ඇත්ද?අන්තිමට හැම දෙයක්ම දරා ගන්න බැරුව මගෙ අම්මා බැල්කනියෙන් බිමට පැනලා මැරුණා.අම්මට ජීවිතේ නැති කරගන්න සිද්ද වෙන තැනට වැඩ කරේ අප්පච්චී.
ඒ කාලකණි ගෑනිත් එක්ක එකතු වෙලා අප්පච්චි අම්මව මරාගෙන දැන් එයාගෙම දේපල වලින් සැප විඳිනවා.මගෙ අම්මට සාදාරණයක් ඉශ්ට වෙන්න නම් මට ඒ ගෑනිව ඒ ගෙදරින් එලවලා දේපළ ටික මගේ පාලනේට ගන්න ඕනි.අප්පච්චී වුනත් මට කරන්න දෙයක් නෑ.මට ඕනි මගෙ අම්මා වෙනුවෙන් යුක්තිය ඉශ්ට කරන්න……………”
දැඩි ස්ථීර හඬකින් මං එලෙස පැවසුවා.මං දිහා නෙත් යොමා සිටි ශිවන්ත මගේ හිස අත ගෑවා.
“මං ඔයාට උදව් කරනවා ජාන්වී.ඔයා කිසිම දේකට බය වෙන්න එපා මං ඔයත් එක්ක හැමදාම ඉන්නවා.තව ටික කාලයක් ඉවසමුකෝ…………”
මතු සම්බන්දයි